[{"id":1,"verses":[{"id":1,"translation":"අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි."},{"id":2,"translation":"සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය."},{"id":3,"translation":"අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය."},{"id":4,"translation":"විනිශ්චය දිනයේ රජු ය."},{"id":5,"translation":"ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු."},{"id":6,"translation":"අපට ඍජු මඟ පෙන්වනු මැනව."},{"id":7,"translation":"ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව."}]},{"id":2,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්.[1]","footnotes":"[1] මෙම සූරතයේ ආරම්භයේ ඇති මෙම තනි අකුරු පෙළ අල් කුර්ආනයේ ආශ්චර්යමත් ස්වභාවය පෙන්නුම් කරයි. එය බහුදේවවාදීන්ට අභියෝග කරන්නක් වශයෙන් තිබුණි. එයට විරුද්ධ වීමට ඔවුන්ට නොහැකි විය. මෙය අරාබි අක්ෂරවලින් සමන්විත වේ. අරාබිවරුන්ට, (ඔවුන් කථිකත්වයෙන් චතුර මිනිසුන් වුවද) එවැනි කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම අල්කුර්ආනය අල්ලාහ්ගෙන් වූ හෙළිදරව්වක් බවට කදිම සාක්ෂියකි."},{"id":2,"translation":"එයයි පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන්හට (එය) මඟ පෙන්වන්නකි."},{"id":3,"translation":"ඔවුහු කවරහු ද යත් අදෘශ්‍යමාන දෑ පිළිබඳව විශ්වාස කරති. තවද සලාතය විදිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති."},{"id":4,"translation":"තවද ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති."},{"id":5,"translation":"ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ."},{"id":6,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට නුඹ අවවාද කළ ද, නැතිනම් අවවාද නො කළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති."},{"id":7,"translation":"අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද, ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබී ය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත."},{"id":8,"translation":"තවද ජනයා අතරින් \"සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු\" යැයි පවසන ඇතැමුන් සිටිති. එහෙත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නො වෙති."},{"id":9,"translation":"ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන්ට වංචා කරති. (සත්‍ය වශයෙන් ම) ඔවුහු තමන්ට ම මිස වංචා නො කරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත."},{"id":10,"translation":"ඔවුන්ගේ හදවත් තුළ (සැකයෙන් පිරිණු) රෝගයක් ඇත. එබැවින් අල්ලාහ් ඔවුනට රෝගය වර්ධනය කළේ ය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":11,"translation":"තවද නුඹලා භූමියෙහි දූෂිතකම් නො කරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට \"සැබැවින් ම අපි මය සංශෝධකයෝ\" යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":12,"translation":"අවධානයට ගනු! සැබැවින් ම ඔවුන් මය දූෂිතයින් වන්නේ. එහෙත් ඔවුහු (ඒ බව) වටහා නො ගනිති."},{"id":13,"translation":"තවද \"(දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු\" යැයි ඔවුනට කියනු ලැබූ කල්හි \"අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ?\" යි විමසති. අවධානයට ගනු! සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. එහෙත් ඔවුහු (ඒ බව) නො දනිති."},{"id":14,"translation":"තවද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට \"අපි විශ්වාස කළෙමු\" යැයි පවසති. එහෙත් ඔවුහු ඔවුන්ගේ ෂෙයිතානුන් (ප්‍රධානීන්) සමඟ තනි වූ විට \"සැබැවින් ම අපි නුඹලා සමඟ ය, නිසකව ම අපි (විශ්වාස කළවුන් සමඟ) සමච්චල් කරන්නෝ වෙමු\" යැයි පැවසුවෝ ය."},{"id":15,"translation":"අල්ලාහ් ඔවුන්ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන්ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත."},{"id":16,"translation":"ඔවුහු මය යහ මඟ වෙනුවට මුළාව මිලට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන්ගේ ව්‍යාපාරය ලාබදායී නො වීය. තවද ඔවුහු යහ මඟ ගිය අය නො වූහ."},{"id":17,"translation":"ඔවුනට උපමාව වන්නේ (අඳුර මකා ලීමට) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උපමාවක් මෙනි . එය ඒ අවට ඇති දෑ ආලෝකමත් කළ විට විට අල්ලාහ් ඔවුන්ගේ එළිය ඉවත් කළේ ය. තවද ඔවුනට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන්හි ඔවුන්ව අත හැර දැමී ය."},{"id":18,"translation":"බිහිරි ය, ගොළු ය, අන්ධ ය. එබැවින් ඔවුහු (යහමඟ ට) නො හැරෙනු ඇත."},{"id":19,"translation":"නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. ගිගුරුම් හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන් තුළ ඔබා ගනිති. තවද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය."},{"id":20,"translation":"අකුණු එළිය ඔවුන්ගේ බැල්ම පැහැර ගනන්නට යයි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඒ මත ඇවිදින්නෝ ය. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගේ ශ්‍රවණය ද ඔවුන්ගේ බැල්ම ද ඉවත් කරන්නට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අතිබලවත් ය."},{"id":21,"translation":"අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස."},{"id":22,"translation":"ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බවට ද අහස වියනක් බවට ද නිර්මානය කළේ ය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමඟින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වී ය. එබැවින් දැනුවත්ව ම නුඹලා අල්ලාහ්ට සමානයන් නො තබනු."},{"id":23,"translation":"අපගේ ගැත්තාට අප පහළ කළ දෑහි නුඹලා සැකයෙහි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තවද අල්ලාහ් හැර නුඹලාගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදිහු නම්."},{"id":24,"translation":"එහෙත් නුඹලා (එසේ) නො කළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකි ය. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්නට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත."},{"id":25,"translation":"තවද විශ්වාස කොට යහකම් කළවුනට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇතැයි සුබාරංචි දන්වනු. එහි පලතුරුවලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තවද එකිනෙකට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තවද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":26,"translation":"නියත වශයෙන් ම කෝඳුරුවකුගේ හෝ ඊට වඩා ඉහළින් ඇති දෙයක උපමාවක් ගෙන හැර පෑමට අල්ලාහ් ලැජ්ජා නො වන්නේ ය. එවිට විශ්වාස කළවුන් වූ කලි, සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනිති. ප්‍රතික්ෂේප කළවුන් වූ කලි, අල්ලාහ් මෙම උපමාවෙන් කුමක් අපේක්ෂා කළේ දැ? යි විමසති. එමඟින් බොහෝ දෙනා නොමඟ හරී. තවද එමඟින් බොහෝ දෙනා යහ මඟට යොමු කරයි. ඔහු දුෂ්ඨයින් හැර අන් කිසිවෙකු එමඟින් නොමඟ නො හරී."},{"id":27,"translation":"ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ."},{"id":28,"translation":"නුඹලා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවීව සිටිය දී නුඹලාට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසුව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය."},{"id":29,"translation":"නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසුව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය."},{"id":30,"translation":"තවද නුඹගේ පරමාධිපති මලක්වරුන් (දේව දූතයින්) අමතා \"සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්නට යමි\" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබව ඔබගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තවද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැ?\" යි ඔවුහු පැවසූහ. \"නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි\" යැයි ඔහු පැවසුවේ ය."},{"id":31,"translation":"ආදම්ට සියලු නාමයන් ඔහු ඉගැන්වී ය. පසුව ඒවා මලක්වරුන් වෙත ගෙන හැර පා \"නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙහි නාමයන් මට දැනුම් දෙනු\" යි ඔහු පැවසී ය."},{"id":32,"translation":"\"ඔබ සුපිවිතුරු ය. ඔබ අපට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අපට නැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත\" යැයි (මලක්වරුන්) පැවසූහ."},{"id":33,"translation":"\"අහෝ ආදම්! ඒවායෙහි නාමයන් ඔවුනට දන්වනු\" යැයි ඔහු පැවසී ය. ඔවුනට ඔහු ඒවායෙහි නාමයන් දැන් වූ කල්හි \"අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තවද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නො කීවෙමි ද? \" යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේ ය."},{"id":34,"translation":"පසුව අපි මලක්වරුන්ට \"ආදම්ට සිරස නමනු\" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝ ම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තවද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය."},{"id":35,"translation":"තවද අහෝ ආදම්! නුඹ ද නුඹගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තවද නුඹලා දෙදෙනා මෙම ගසට ළං නො වනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු."},{"id":36,"translation":"එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනාව බැහැර කළේ ය. තවද \"නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු ය. නුඹලාට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත\" යැයි අපි පැවසුවෙමු."},{"id":37,"translation":"පසුව ආදම් තම පරමාධිපතිගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේ ය. පසුව ඔහු ඔහුට පාප ක්ෂමාව දුන්නේ ය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය."},{"id":38,"translation":"\"නුඹලා සියල්ලෝ ම එයින් පහළට බසිනු. මාගෙන් නුඹලාට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන්ට බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත\" යැයි අපි පැවසුවෙමු."},{"id":39,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වන ඔවුහු මය නිරා ගින්නෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":40,"translation":"අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තවද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලාගේ ගිවිසුම ඉටු කරමි. තවද නුඹලා මට ම බිය වනු."},{"id":41,"translation":"නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳව නුඹලා විශ්වාස කරනු. තවද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නාගෙන් පළමුවැන්නා නො වනු. තවද මාගේ වදන් අල්ප මිලකට නො විකුණනු. තවද මට ම නුඹලා බිය බැතිමත් වනු."},{"id":42,"translation":"තවද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නො කරනු. තවද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නො කරනු."},{"id":43,"translation":"තවද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් (හෙවත් අනිවාර්ය බද්ද) ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු."},{"id":44,"translation":"නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලාව අමතක කර දමා ජනයාට යහපත විධානය කරන්නෙහු ද? (ඒ බව) නුඹලා වටහා නො ගන්නෙහු ද?"},{"id":45,"translation":"තවද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන්ට හැර සෙසු අයට බැරෑරුම් ය."},{"id":46,"translation":"ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපතිව මුණ ගැසෙන්නන් බවත්, තවද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති."},{"id":47,"translation":"ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තවද සැබැවින් ම මම නුඹලාව සියලු ලෝවැසියනට වඩා උසස් කළෙමි."},{"id":48,"translation":"තවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළිගනු නො ලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නො ලබන දිනයකට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නො ලබන්නෝ ය."},{"id":49,"translation":"නුඹලාට දැඩි වධ වේදනා දී හිංසා කරමින් ද, නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින් ද, නුඹලාගේ ගැහැනු දරුවන්ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන්ගේ පරපුරෙන් නුඹලාව අපි මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඒවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ."},{"id":50,"translation":"තවද අපි නුඹලාට මුහුද දෙබෑ කර, පසුව එයින් නුඹලාව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන්ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු."},{"id":51,"translation":"තවද අප මූසාට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. අනතුරුව නුඹලා ඔහුගෙන් පසුව (ඔහු ගිය පසු ව) වසු පැටවාව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝ ම ය."},{"id":52,"translation":"පසුව නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස, ඉන් පසුවද අපි නුඹලාට සමාව දුනිමු."},{"id":53,"translation":"තවද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසාට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":54,"translation":"\"මාගේ ජනයිනි! සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලාගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එසේනම් නුඹලා (සීමාව ඉක්මවූවන් ව) නුඹලා ම ඝාතනය කරනු. එය නුඹලාගේ උත්පාදකයා අබියස නුඹලාට \nශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලාට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය\" යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":55,"translation":"තවද \"අහෝ මූසා! අප අල්ලාහ්ව එළිමහනේ දකින තුරු ඔබව අප විශ්වාස නො කරන්නේ ම\" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දී ම අකුණු සැර නුඹලාව ග්‍රහණය කළේ ය."},{"id":56,"translation":"පසුව නුඹලා කෘතවේදී වනු හැකි පිණිස නුඹලාගේ මරණයෙන් පසු අපි නුඹලාව අවදි කළෙමු."},{"id":57,"translation":"තවද අපි නුඹලාට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තවද \"මන්නු, සල්වා\" (නම් ආහාර) ද අපි නුඹලාට පහළ කළෙමු. අප නුඹලාට ආහාර වශයෙන් ලබා දුන් දැයින් යහපත් දෑ නුඹලා අනුභව කරනු. ඔවුහු අපට අපරාධ නො කළෝ ය. එහෙත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෝ ය."},{"id":58,"translation":"\"නුඹලා මෙම නගරයට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. 'හිත්තතුන්' (අපට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලාගේ වැරදිවලට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන්ට අපි අධික කරන්නෙමු,\" යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":59,"translation":"එවිට අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ නො වන වෙනත් වදනක් වෙනස්කර පැවසූහ. එවිට අපරාධ කළවුන්ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතුවෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු."},{"id":60,"translation":"තවද මූසා තම ජනයා වෙනුවෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹගේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තවද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා නො සැරිසරනු."},{"id":61,"translation":"\"අහෝ මූසා! අපට එක ම (ආකාරයේ) ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැකි ය. එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග, කැකිරි, සුදු ලූනු, පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු\" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කී ය. \"කවර දෙයක් ශ්‍රේෂ්ඨ ද, ඒ වෙනුවට කවර දෙයක් පහත් ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයකට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලාට හිමි වේ.\" තවද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබී ය. ඔවුහු අල්ලාහ්ගේ කෝපයට ලක් වූහ. මෙය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හා යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරමින් සිටි හේතුවෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි."},{"id":62,"translation":"නියත වශයෙන් ම විශ්වාස කළ වුන් ද, යුදෙව් වූවන් ද, කිතුනුවන් ද, සාබිඊන්වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අයට තම පරමාධිපති අබියසින් වූ ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඇත. ඔවුනට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තවද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුකට පත්වන්නේ ද නැත."},{"id":63,"translation":"\"නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලාට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස \nග්‍රහණය කර ගනු. තවද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු\" යනුවෙන් අපි නුඹලාට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු."},{"id":64,"translation":"අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහු ය. එවිට නුඹලාට අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි."},{"id":65,"translation":"සෙනසුරාදාවෙහි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳව නුඹලා මැනවින් දැනගෙන සිටින්නෙහු ය. එවිට අපි \"නුඹලා අවමානයට ලක්වූවන් ලෙසින් වඳුරන් වනු\" යැයි පැවසුවෙමු."},{"id":66,"translation":"මෙය (එවකට) ඔවුන් අවට සිටියවුන්ට හා පසුව පැවත එන්නන්ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන්ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු."},{"id":67,"translation":"\"නුඹලා එළදෙනකු කැපිය යුතු යැයි නිසකව ම අල්ලාහ් නුඹලාට අණ කරන්නේ\" යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. \"නුඹ අපව විහිළුවට ගන්නෙහි ද?\" යැයි ඔවුහු පැවසූහ. \"අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි\" යැයි ඔහු (මූසා) කී ය."},{"id":68,"translation":"\"එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ\" යි ඔවුහු පැවසූහ. \"නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබවින් ම එය (වයසින්) මුහුකුරා නො ගිය ළපටි ද නො වූ ඒ අතර මැදිවියේ පසු වන එළදෙනකි\" යැයි නිසකව ම ඔහු පවසයි. \"එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු\" යැයි ඔහු (මූසා) පැවසී ය."},{"id":69,"translation":"\"එහි වර්ණය කෙබඳුද යන්න අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ\"යි ඔවුහු පැවසූහ. \" 'නියත වශයෙන් ම එය, දකින්නන් සතුටට පත් කර වන කහ පැහැති, එම වර්ණය ද වඩා පැහැදිලි එළදෙනක යැයි' සැබැවින් ම ඔහු පවසයි\" යනුවෙන් (මූසා) පැවසුවේ ය."},{"id":70,"translation":"\"එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබවින් ම අපට සියලු ම එළදෙන්නු එකිනෙකට සමාන බව පෙනේ. තවද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු\" යැයි ඔවුහු පැවසූහ."},{"id":71,"translation":"\"සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිමට ජලය සපයන්නට හෝ පුහුණු නො කළ, වර්ණයෙහි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ\" යැයි පැවසී ය. “දැන්ය ඔබ සත්‍යය ගෙන ආවේ\" යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නො සිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ."},{"id":72,"translation":"තවද නුඹලා ආත්මයක් ඝාතනය කොට පසුව එම විෂයෙහි නුඹලා එකිනෙකා අතර (වරද පටවා) වාද කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා වසන් කරමින් සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නා ය."},{"id":73,"translation":"එවිට \"එහි (කපන ලද එළදෙනගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහුට ගසනු\" යැයි අපි කීවෙමු. මියගියවුන්ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලාට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලාට ඔහුගේ සාධකයන් පෙන්වන්නේ ය."},{"id":74,"translation":"අනතුරු ව, ඉන් පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් ය. එසේ නොමැති නම් ඊටත් වඩා දැඩි ය. ගල් අතුරින් පිපිරී එමඟින් ගංගාවන් ගලන දෑ ඇත. සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමඟින් ජලය පිට කරන දෑ ද ඇත. සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ්ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානියෙකු නො වේ."},{"id":75,"translation":"(විශ්වාස කළවුනි!) නුඹලාව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිකරන්නෙහු ද? තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ්ගේ වදන්වලට සවන් දී අනතුරුව එය වටහා ගත් පසුව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කළහ."},{"id":76,"translation":"ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට \"අපි විශ්වාස කළෙමු\" යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන්ව ගිය විට \"ඒ මඟින් නුඹලාගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස, අල්ලාහ් නුඹලාට නිරාවරණය කළ දැය නුඹලා ඔවුනට දන්වන්නෙහු ද? (මේ ගැන) නුඹලා දැන ගත යුතු නො වේ ද? යැයි පැවසූහ."},{"id":77,"translation":"සැබැවින් ම ඔවුන් සඟවන දැය ද, තවද ඔවුන් හෙළි කරන දැය ද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?"},{"id":78,"translation":"ඔවුන් අතුරින් ලිවීමට කියවීමට නොහැකි (දේව ග්‍රන්ථ නො ලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර දේව ග්‍රන්ථය පිළිබඳ නො දනිති. තවද ඔවුන් අනුමාන කරනවා මිස නැත."},{"id":79,"translation":"එබැවින් තම දෑත්වලින් ග්‍රන්ථය ලියා පසුව එය සුළු මිලකට විකුණනු පිණිස, \"මෙය අල්ලාහ් වෙතින්\" යැයි පවසන අයට විනාශය අත් වේවා! එබැවින් ඔවුන්ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුනට විනාශය අත් වේවා!"},{"id":80,"translation":"තවද \"නිරා ගින්න සීමිත දින ගණනකට මිස අපව ස්පර්ශ නො කරන්නේ ම ය\" යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. \"(ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ප්‍රතිඥාවක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කිසි විටක කඩ නො කරන්නේ ම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?\""},{"id":81,"translation":"එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහුගේ වැරදි ඔහුව වෙළාගෙන ඇත්තේ ද ඔවුහු මය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":82,"translation":"තවද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහු මය ස්වර්ග උයනෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":83,"translation":"තවද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නො කරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන්, අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තවද ජනයාට යහ වදනින් අමතනු. තවද සලාතය ස්ථාපිත කරනු. zසකාත් (අනිවාර්ය බද්ධ) ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන්ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසුව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නො සලකා හරින්නන් ලෙසින් එයට පිටු පෑවෙහු ය."},{"id":84,"translation":"තවද නුඹලා නුඹලාගේ රුධිරය නො හළනු. තවද නුඹලා අතුරින් වූවන්ව නුඹලාගේ නිවෙස්වලින් බැහැර නො කරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහු ය."},{"id":85,"translation":"පසුව (මෙසේ ප්‍රතිඥා දීමෙන් පසු) නුඹලා නුඹලාව ම ඝාතනය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක්ව ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා බැහැර කරන්නෙහු ය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුනට එරෙහිව නුඹලා එකිනෙකා උදව් කරගන්නෙහු ය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන්ව මුදවා ගන්නෙහු ය. එසේ නුඹලා ඔවුන්ව බැහැර කිරීම පවා තහනම්ව තිබී ය. නුඹලා දේව ග්‍රන්ථයෙන් කොටසක් විශ්වාස කර තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන්හට මෙලොව ජීවිතයේ අවමානය මිස වෙනත් ප්‍රතිඵලයක් නොමැත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාවට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නො සලකා හරින්නෙකු නො වේ."},{"id":86,"translation":"ඔවුහු මය මතු ලොව වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත්තෝ. එබැවින් ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු උදව් කරනු ද නො ලබති."},{"id":87,"translation":"තවද නියත වශයෙන් ම අපි මූසාට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද ඔහුගෙන් පසුව ධර්ම දූතයින්ව අනුපිළිවෙළින් යැව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තවද පිවිතුරු ආත්මයෙන් ඔහුව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නො කරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහු ය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහු ය."},{"id":88,"translation":"අපගේ හදවත් ආවරණය වී ඇතැ'යි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි."},{"id":89,"translation":"ඔවුන් සමඟ වූ දැය සත්‍ය කර වන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් ඊට පෙර සිටියේ ප්‍රතික්ෂේප කළවුන්ට එරෙහිව ජය පතමිනි. පසුව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල්හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් විය."},{"id":90,"translation":"අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අයට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් යුතුව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ ආත්මාවන් මිලට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපයට භාජනය වූහ. තවද (මෙවැනි) දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දා සහගත දඬුවම් ඇත."},{"id":91,"translation":"\"අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු\" යැයි ඔවුනට පවසනු ලැබූ විට \"අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු\" යැයි ඔවුහු පවසති. එයට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේ ය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින්ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ්ගේ නබිවරුන්ව ඝාතනය කළේ මන්දැ” යි අසනු."},{"id":92,"translation":"නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරුව නුඹලා ඔහු(ගියා)ට පසුව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තවද නුඹලා අපරාධකරුවෝ ම ය."},{"id":93,"translation":"නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද සවන් දෙනු යැයි අප නුඹලාගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. (එවිට) \"ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු\" යැයි පැවසූහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් වසු පැටවා (නැමදීම) ඔවුන්ගේ සිත් තුළ පොවනු ලැබී ය. “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලාගේ විශ්වාසය කවර කරුණක් පිළිබඳ නුඹලාට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි (නබිවරය) පවසනු."},{"id":94,"translation":"“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලාට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු."},{"id":95,"translation":"තවද ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කොට ඇති දෑ හේතුවෙන් කිසිවිටක එය(මරණය) ඔවුහු ප්‍රිය නො කරන්නේ ම ය. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්වඥානී ය."},{"id":96,"translation":"ඔවුන් අන් මිනිසුන්ට වඩා, තවද (විශේෂයෙන්) ආදේශ කළවුනට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන්ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන්ට වසර දහසක් ආයුෂ දෙනු නො ලබන්නේ දැ? යි ආශා කරයි. එහෙත් ඔහුට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නො වෙයි. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය."},{"id":97,"translation":"කවරෙක් ජිබ්රීල්ට සතුරු වන්නේ ද ඔහුට පවසනු. සැබැවින් ම (ජිබ්රීල් වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද, මඟ පෙන් වීමක් ලෙස ද, විශ්වාස කළවුන්ට සුබාරංචියක් ලෙස ද, එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය."},{"id":98,"translation":"කවරෙක් අල්ලාහ්ට ද ඔහුගේ දේව දූතයින්ට ද ඔහුගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල්, මීකාල් (නම් දේව දූතයින් ට) ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින්ට සතුරාය (යන වග දැන ගනු)."},{"id":99,"translation":"තවද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා \nප්‍රතික්ෂේප නො කරති."},{"id":100,"translation":"ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නො වේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නො කරති."},{"id":101,"translation":"ඔවුන් සතුව ඇති දැය තහවුරු කරන ධර්ම දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි, \nග්‍රන්ථය දෙනු ලැබූ අයවලුන් අතුරින් පිරිසක්, ඔවුන් නොදන්නවුන් මෙන් අල්ලාහ්ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටු පසට විසි කළහ."},{"id":102,"translation":"ඔවුහු සුලෙයිමාන්ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ අනුගමනය කළෝ ය. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නො කළේ ය. එහෙත් ප්‍රතික්ෂේප කළේ ෂෙයිතානුන් ය. ඔවුහු ජනයාට හූනියම ද, බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක්වරුන් දෙදෙනාට පහළ කරනු ලැබූ දෑ ද ජනයාට ඉගැන් වූහ. එහෙත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නො කරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකුට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර වෙන් කර වන දෑ ඔවුහු ඉගෙන ගනිති. අල්ලාහ්ගේ අනුබලයෙන් මිස කිසිවෙකුට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නො වූහ. තවද ඔවුනට හානි පමුණු වන ඔවුනට ප්‍රයෝජනවත් නො වන දෑ ඉගෙන ගනිති. තවද එය මිලට ගත් අයට පර ලොවෙහි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්."},{"id":103,"translation":"නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් \nශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්."},{"id":104,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නො පවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තවද නුඹලා (ඔවුන්ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවමක් ඇත."},{"id":105,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම ගැන, දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නො කරති. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ කරුණාව නියම කරයි. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයේ හිමිකරු ය."},{"id":106,"translation":"අප යම් වදනක් වෙනස් කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අතිබලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?"},{"id":107,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට අහස්හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ්ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලාට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?"},{"id":108,"translation":"එසේ නොමැති නම් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා ද නුඹලාගේ ධර්ම දූතයාණන්ගෙන් ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන්නෙහු ද? තවද කවරෙක් විශ්වාසය වෙනුවට \nප්‍රතික්ෂේපය හුවමාරු කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියේ ය."},{"id":109,"translation":"පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන්ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලාගේ විශ්වාසයෙන් පසුව ඔවුහු නුඹලාව ප්‍රතික්ෂේපකයින් බවට නැවත පත් කරන්නට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අතිබල සම්පන්න ය."},{"id":110,"translation":"තවද නුඹලා සලාතය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකයා ය."},{"id":111,"translation":"\"යුදෙව්වෙකුව හෝ කිතුනුවෙකුව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයනට පිවිසෙන්නේ නැතැ\" යි ඔවුහු පැවසූහ. එය ඔවුන්ගේ මනඃකල්පිතය යි. \"(නබිවරය) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එන්නැ\" යි පවසනු."},{"id":112,"translation":"එසේ නොව කවරෙක් දැහැමියෙකුව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ්ට අවනත කළේ ද එවිට ඔහුට ඔහුගේ ප්‍රතිඵල ඔහුගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත."},{"id":113,"translation":"\"කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව\" යුදෙව්වෝ පවසති. \"යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව\" කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථය කියවමින් සිටිය දී. ඔවුන්ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත."},{"id":114,"translation":"අල්ලාහ්ගේ මස්ජිදයන්හි ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තවද එය විනාශ කිරීමට වෑයම් කරන අයට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බියට පත් වූවන් ලෙස ම මිස එහි පිවිසීමට ඔවුනට සුදුසු නො වීය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද පරලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත."},{"id":115,"translation":"තවද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසකට හැරුණ ද එහි අල්ලාහ්ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය."},{"id":116,"translation":"තවද \"අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි\" ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ ය."},{"id":117,"translation":"(අල්ලාහ්) අහස්හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය."},{"id":118,"translation":"තවද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නො වේ ද? නැතිනම් අප වෙත \nප්‍රාතිහාර්යයක් පැමිණිය යුතු නො වේ දැ?”යි අසති. ඔවුනට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙකට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිසට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු."},{"id":119,"translation":"නියත වශයෙන් ම අපි නුඹව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳව නුඹ ප්‍රශ්න කරනු නො ලබන්නෙහි ය."},{"id":120,"translation":"යුදෙව්වෝ ද, කිතුනුවෝ ද ඔවුන්ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තියට පත් නො වෙති. (නබිවරය) පවසනු. \"සැබැවින් ම අල්ලාහ්ගේ යහ මග, එය මය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙහි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹට නොමැත."},{"id":121,"translation":"කවරෙකුට අප දේව ග්‍රන්ථය පිරිනැමුවේ ද ඔවුන් එය පාරායනය කළ යුතු නියම අයුරින් පාරායනය කරති. ඔවුහු එය විශ්වාස කරති. තවද කවරෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවැන්නන් වන ඔවුහු මය අලාභවන්තයෝ."},{"id":122,"translation":"අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය මෙනෙහි කරනු. තවද සැබැවින් ම මම නුඹලාව ලෝ වැසියන්ට වඩා උසස් කළෙමි."},{"id":123,"translation":"තවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු වන්දියක් පිළිගනු නො ලබන, එයින් කිසිදු මැදිහත් වීමක් ප්‍රයෝජනවත් නො වන ඔවුන් (එදින) උදව් කරනු නො ලබන දිනයකට නුඹලා බිය වනු."},{"id":124,"translation":"ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ප්‍රතිඥාව හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය."},{"id":125,"translation":"තවද සිහිපත් කරනු. එම නිවස (මක්කාවේ පිහිටි කඃබාව) ජනයාට සක්මන් කරන ස්ථානයක් ලෙස ද, අභයදායී ලෙස ද අපි පත් කළෙමු. තවද නුඹලා ඉබ්රාහීම්ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. මාගේ නිවස තවාෆ් (කඃබාව වටා ගමන්) කරන්නන්ට ද, ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන්ට ද, රුකූඋ කරන්නන්ට ද, සුජූද් කරන්නන්ට ද පවිත්‍ර කර තබන මෙන් ඉබ්රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනාගෙන් අපි පොරොන්දු ලබා ගත්තෙමු."},{"id":126,"translation":"“මාගේ පරමාධිපතියාණනි! මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ්ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන්ට බවභෝගවලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තවද කවරෙකු \nප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලකට ඔහුට බුක්ති විඳින්නට ඉඩ හරිමි. පසුව ඔහුව මම නිරා ගින්නේ දඬුවමට යොමු කරන්නෙමි.\" එම පිවිසුම් ස්ථානය නපුරු විය."},{"id":127,"translation":"ඉබ්රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එසවූ අවස්ථාව සිහිපත් කරනු. “අපගේ පරමාධිපතියාණනි! (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළිගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබ ම ය.”"},{"id":128,"translation":"“අපගේ පරමාධිපතියාණනි! අපව ඔබට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බවට පත් කරනු මැනව! තවද අපගේ පරපුරින් ද ඔබට අවනත වන සමූහයක් ඇති කරනු මැනව! අපගේ (හජ්) වත්පිළිවෙත් අපට පෙන්වා දෙනු මැනව! තවද අප වෙත පාප ක්‍ෂමාව පිරි නමනු මැනව! සැබැවින් ම අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබ ම ය.”"},{"id":129,"translation":"“අපගේ පරමාධිපතියාණනි! තවද ඔබගේ වැකි ඔවුනට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ඔවුනට උගන් වන, ඔවුන්ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතරට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබ ම ය.” (යනුවෙන් ඉබ්රාහීම් නබිතුමා ප්‍රාර්ථනා කළහ.)"},{"id":130,"translation":"තමන්ව අඥාන භාවයට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම්ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තවද සැබැවින් ම මෙලොවෙහි අපි ඔහුව තෝරා ගත්තෙමු. තවද සැබැවින් ම ඔහු පරලොවෙහි දැහැමියන් අතර සිටින්නේ ය."},{"id":131,"translation":"ඔහුගේ පරමාධිපති “නුඹ අවනත වනු” යැයි ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “මම ලෝ වැසියන්ගේ පරමාධිපතිට අවනත වූයෙමි” යැයි ඔහු පැවසී ය."},{"id":132,"translation":"මෙය ම ඉබ්රාහීම් තම පුතුන්ට ද, (එසේ ම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝ මාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලාට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණයට පත් නො වනු.”"},{"id":133,"translation":"නැතහොත් යඃකූබ්ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසුව නුඹලා නමදිනුයේ කුමක් දැ?” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබගේ දෙවියා වූ ද, ඔබගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක්ගේ දෙවියා වූ ද එක ම දෙවියාව අපි නමදිමු. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ."},{"id":134,"translation":"එය ඉකුත්වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එයට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලාට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නො ලබන්නෙහු ය."},{"id":135,"translation":"“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ”යි ඔවුහු (යුදෙව්වන් හා කිතුනුවන්) තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්රාහීම්ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය” යැයි පවසනු."},{"id":136,"translation":"“අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබිවරුන්ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකුව අපි වෙන් නො කළෙමු තවද අපි ඔහුට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු."},{"id":137,"translation":"එබැවින් නුඹලා මෙය (ධර්මය) ගැන විශ්වාස කළාක් මෙන් ඔවුන් ද විශ්වාස කළේ නම් නියතව ඔවුන් ද යහ මඟ ලබන්නෝ ය. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹට ප්‍රමාණවත් වේ. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය."},{"id":138,"translation":"(අපව වර්ණවත් කරවන) අල්ලාහ්ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ්ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තවද අපි ඔහුට යටහත් වන්නෝ වෙමු."},{"id":139,"translation":"“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අපගේ ක්‍රියාවන් අපටය නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. තවද අපි ඔහුට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු."},{"id":140,"translation":"“නැතහොත් සැබැවින් ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ?” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ්ගේ සාධකයක් වසන් කරන්නන්ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ."},{"id":141,"translation":"එය ඉකුත්වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එයට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලාට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නො ලබන්නෙහු ය."},{"id":142,"translation":"ඔවුන් කවර දෙයක් මත සිටියෝ ද එවන් ඔවුන්ගේ දිශාවෙන් ඔවුන්ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන්හට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ඇතැයි (නබිවරය) පවසනු."},{"id":143,"translation":"නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත්, ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, අප නුඹලාව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ එලෙස ය. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන්ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් දිශාව අපි පත් නො කළෙමු. එය අල්ලාහ් මඟ පෙන්වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට අල්ලාහ්ට (අවශ්‍ය) නො වීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාට ම සෙනෙහෙවන්ත ය, අසමසම කරුණාවන්ත ය."},{"id":144,"translation":"නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන දිශාව දෙස සැබැවින් ම අපි නුඹව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි!) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන් ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ."},{"id":145,"translation":"තවද දේව ග්‍රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක් ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ දිශාව අනුගමනය නො කළෝ ය. එසේ ම නුඹ ද ඔවුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නෙකු නො වේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ දිශාව අනුගමනය කරන්නන් නො වෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන් ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහි ය."},{"id":146,"translation":"දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත."},{"id":147,"translation":"සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නො වනු."},{"id":148,"translation":"තවද සෑම කෙනෙකුට ම ඔහු ඒ වෙත හැරෙන දිශාවක් ඇත. එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා කොතැනක සිටිය ද අල්ලාහ් නුඹලා සියල්ල ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":149,"translation":"තවද නුඹ කොතැනක සිට පිටව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. සැබැවින් ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයක් ම ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ."},{"id":150,"translation":"තවද නුඹ කොතැනක සිට පිටව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. තවද ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර නුඹලාට එරෙහිව ජනයිනට සාධකයක් නො වනු පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසට ම හරවනු. නුඹලා ඔවුනට බිය නො වනු. මට ම බිය වනු. තවද මම මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි. නුඹලා යහ මඟ ලබන්නට හැකි ය."},{"id":151,"translation":"නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන, නුඹලාව පිවිතුරු කරන, නුඹලාට දේව \nග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින් ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි එවා ඇත්තෙමු."},{"id":152,"translation":"එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලාව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්‍රතික්ෂේප නො කරනු."},{"id":153,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය."},{"id":154,"translation":"තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නුඹලා නො පවසනු. ඔවුන් ජීවමාන ය. එනමුත් නුඹලා (ඒ ගැන) වටහා ගන්නේ නැත."},{"id":155,"translation":"තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග හිඟ කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලාව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු."},{"id":156,"translation":"ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින් ම අප අල්ලාහ් සතු ය. සැබැවින් ම අපි ඔහු වෙත ම නැවත යොමුවන්නන් වෙමු යැයි පවසන්නෝ වෙති."},{"id":157,"translation":"තම පරමාධිපතිගෙන් වූ ආශිර්වාද ද කරුණාව ද තමන් වෙත ඇත්තෝ මොවුන් ය. මොවුන් මය යහමඟ ලැබූවෝ."},{"id":158,"translation":"නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි. එබැවින් කවරෙකු මෙම ගෘහය වෙත හජ් හෝ උම්රා ඉටු කිරීමට පැමිණෙන්නේ ද එවිට ඒ දෙක අතර සක්මන් කිරීම ඔහුට වරදක් නො වේ. තවද කවරෙකු යම් යහපතක් අමතරව කරන්නේ ද එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් කෘතඥ පූර්වක ය. සර්වඥානී ය."},{"id":159,"translation":"පැහැදිලි සාධක හා යහමඟ තුළින් අප පහළ කළ දෑ ජනයාට දේව ග්‍රන්ථයෙහි අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වනාහි අල්ලාහ් ශාප කරනුයේ ඔවුනට ය. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත."},{"id":160,"translation":"එහෙත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැර ය. මා සමාව දෙන අය ඔවුහු ම ය. තවද මම අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය."},{"id":161,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු මය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ලගේ ද, ශාපය ඔවුන් මත වූවෝ."},{"id":162,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු මය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ලගේ ද, ශාපය ඔවුන් මත වූවෝ."},{"id":163,"translation":"නුඹලාගේ දෙවියා එක ම දෙවියා ය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."},{"id":164,"translation":"නියත වශයෙන් ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහි ද, රාත්‍රිය හා දහවල මාරුවෙහි ද, ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද, අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමඟින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකු ම ව්‍යාප්ත කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත."},{"id":165,"translation":"අල්ලාහ් හැර දමා හවුල්කරුවන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. අපරාධ කළවුන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය යන බව වටහා ගනු ඇත."},{"id":166,"translation":"අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන්වී ඔවුහු වේදනීය දඬුවම දැක තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි වී යන මොහොතක (වටහා ගනු ඇත.)"},{"id":167,"translation":"\"සැබැවින් ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන්වී ගියාක් මෙන් අප ද ඔවුන්ගෙන් වෙන් වන්නෙමු\" යැයි අනුගමනය කළවුන් පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට දුකතියක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැර වන්නන් නො වෙති."},{"id":168,"translation":"අහෝ ජනයිනි! මහපොළොවේ ඇති දැයින් අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි."},{"id":169,"translation":"ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පැවසීම ද වේ."},{"id":170,"translation":"තවද \"අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු\" යැයි ඔවුනට පවසනු ලැබූ විට, \"නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු\" යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නො ගෙන යහමඟ නො ලැබූ තත්වයක වූවත් එසේ ම ද?"},{"id":171,"translation":"ප්‍රතික්ෂේප කළවුනට උපමාව (සතුන් දක්කන විට) ඇමතුම හා කැඳවුම මිස වෙනත් කිසිවක් උන්ට නො ඇසෙන (අර්ථයක් නොමැති) දෙයකින් කෑ ගසන කෙනෙකු මෙනි. ඔවුන් ගොළු ය. බිහිරි ය. අන්ධ ය. එබැවින් ඔවුහු (යථාර්ථය) වටහා නො ගනිති."},{"id":172,"translation":"අහෝ විශ්වාස කළවුනි! අපි නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් සිටියෙහු නම් ඔහුට කෘතඥ වනු."},{"id":173,"translation":"ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කරන ලද දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙකු බල කරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය."},{"id":174,"translation":"දේව ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ කවරෙකු වසන් කර එමඟින් අල්ප මිලක් ලබා ගන්නේ ද ඔවුහු තම කුස තුළ (නිරා) ගින්න මිස වෙනත් කිසිවක් අනුභව නො කරන්නෝ ය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමඟ කතා නො කරයි. තවද ඔවුන්ව පිවිතුරු ද නො කරයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":175,"translation":"ඔවුන් වනාහි, යහමඟ වෙනුවට මුළාව ද සමාව වෙනුවට දඬුවම ද මිලට ගත්තවුන් ය. එබැවින් නිරා ගින්නෙහි ඔවුන් දරා ගන්නට සලස්වනුයේ කුමක් ද?"},{"id":176,"translation":"සත්‍ය සමඟ දේව ග්‍රන්ථය සැබවින් ම අල්ලාහ් පහළ කර තිබීම මෙයට හේතුව වේ. එම දේව \nග්‍රන්ථය සම්බන්ධව මතභේද ඇති කර ගත්තවුන් අන්ත බේදයෙහි සිටිති."},{"id":177,"translation":"නැගෙනහිර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නො වේ. එහෙත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ්, අවසන් දිනය, මලක්වරුන්, දේව ග්‍රන්ථය සහ වක්තෘවරුන්ව විශ්වාස කොට ධනයට තමන් ඇලුම් කළ ද එය ඥාතී අයට ද, අනාථයින්ට ද, දුප්පතුන්ට ද, මගියන්ට ද, යාචකයින්ට ද, වහලුන් විෂයයෙහි ද පිරිනමා; සලාතය ද ස්ථාපිත කොට, zසකාත් ද පිරිනැමූ අය ද; ඔවුන් ගිවිසුමක් කළ විට තම ගිවිසුම ඉටු කරන්නන් ද; දූගී හා පීඩාකාරී අවස්ථාවන්හි ද, අසහනකාරී (යුදමය) අවස්ථාවෙහි ද ඉවසිල්ලෙන් සිටින්නන් ද වෙති. ඔවුන් මය සත්‍ය පැවසූ අය වන්නේ. තවද ඔවුන් මය බියබැතිමත් අය වන්නේ."},{"id":178,"translation":"අහෝ විශ්වාස කළවුනි! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙක් ස්වාධීනයෙකු වෙනුවෙන් ද වහලෙක් වහලෙකු වෙනුවෙන් ද \nස්ත්‍රියක් ස්ත්‍රියක වෙනුවෙන් ද (සමප්‍රතිචාරය) විය යුතු ය. එහෙයින් ඔහුට (ඝාතකයාට) ඔහුගේ සහෝදරයාගෙන් (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ ලේ උරුමක්කාරයාගෙන්) සුලු වශයෙන් හෝ ක්ෂමාවක් ලැබුණොත් යහපත් ලෙස කටයුතු කළ යුතු ය. (ඝාතකයා වන්දි මුදල) නිසි ලෙස ඔවුන් වෙත භාරදිය යුතු ය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. එහෙත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත."},{"id":179,"translation":"(ඝාතනය සඳහා) සමප්‍රතිචාර දැක්වීමෙහි නුඹලාට (ආරක්ෂා සහිත) ජීවිතයක් ඇත. අහෝ බුද්ධිමතුනි! (එමඟින්) නුඹලා බියබැතිමතුන් විය හැකි ය."},{"id":180,"translation":"නුඹලාගෙන් කෙනෙකුට මරණය සමීප වූ විට ඔහු දේපළ හැර දමා යන්නේ නම් දෙමව්පියන්ට ද සමීප ඥාතීන්ට ද යහපත් අයුරින් අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීම නියම කරන ලදි. මෙය බැතිමතුන්හට වූ යුතුකමකි."},{"id":181,"translation":"එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හට ය. සැබැවින් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය."},{"id":182,"translation":"එමෙන්ම අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නාගෙන් යම් වරදක් හෝ පාපයක් ගැන කවරෙකු හෝ බිය වී එවිට ඔහු ඔවුන් අතර (එය) නිවැරදි කළ විට ඔහු කෙරෙහි එය වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය අසමසම කරුණාන්විතය."},{"id":183,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය."},{"id":184,"translation":"(එය) ගණන් කරනු ලැබූ දින ගණනකි. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ ගමනක නිරතව සිටියේ නම් හෝ එවිට ඔහු වෙනත් දින ගණන් ගණනය කර(උපවාසයේ නියැළෙ)ත්වා. එයට හැකියාව ඇති උදවියට (උපවාසය මග හැරීමේ) වන්දිය වනුයේ දුගියෙකුට ආහාර සැපයීම ය. තවද කවරෙකු යම් යහපතක් අමතරව ඉටු කළේ ද එය ඔහුට උතුම් වෙයි. එහෙත් නුඹලා දැන සිටියෙහු නම් උපවාසයේ නිරත වීම නුඹලාට ශ්‍රේෂ්ඨ ය."},{"id":185,"translation":"රමළාන් මාසය වනාහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් එහි අල්-කුර්ආනය පහළ කරනු ලැබී ය. එබැවින් කවරෙකු එම මාසයට ප්‍රවේශ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා. තවද කවරෙකු රෝගියෙකුව හෝ ගමනක නිරතව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා. අල්ලාහ් නුඹලාට පහසුව ප්‍රිය කරයි. අපහසුව ප්‍රිය නො කරයි. (මෙම සහනය) නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහුව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ."},{"id":186,"translation":"තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින් ම මම සමීපත ය. යදින්නා මගෙන් කන්නලව්ව කළහොත්, ඔහුගේ කන්නලව්වට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මගෙන් පිළිතුරු පතත්වා, ඇරයුමට පිළිතුරු දෙත්වා, තවද මා විශ්වාස කරත්වා. එමඟින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු ඇත."},{"id":187,"translation":"උපවාස රාත්‍රියෙහි නුඹලාගේ භාර්යාවන් සමඟ ලිංගික ඇසුර නුඹලාට අනුමත කරනු ලැබී ය. ඔවුන් නුඹලාට වස්ත්‍ර (මෙන්) වේ. නුඹලා ද ඔවුනට වස්ත්‍ර (මෙන්) වේ. සැබැවින් ම නුඹලා නුඹලාව ම රවටා ගනිමින් සිටීම අල්ලාහ් දන්නේ ය. එබැවින් ඔහු නුඹලා වෙත පශ්චාත්තාපය පිරිනැමුවේ ය. නුඹලාගේ (වැරැද්ද) නො සලකා හැරියේ ය. එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු. නුඹලා මස්ජිදයන්හි රැඳෙන්නන්ව (ඉඃතිකාෆ්) සිටිය දී ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත නො වනු. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. එබැවින් නුඹලා ඒවාට සමීප නො වනු. ඔවුන් බැතිමත් විය හැකි වනු පිණිස එලෙසය අල්ලාහ් ඔහුගේ වදන් ජනයාට පැහැදිලි කරනුයේ."},{"id":188,"translation":"තවද නුඹලාගේ වස්තුව නුඹලා අතර අයුක්ති සහගත ලෙස අනුභව නො කරනු. ජනයාගේ වස්තුවෙන් කොටසක් දැනුවත්ව ම නුඹලා භුක්ති විදිනු පිණිස ඒවා පාලකයින් වෙත යොමු නො කරනු."},{"id":189,"translation":"නව සඳ පිළිබඳව ඔවුන් නුඹගෙන් විමසති. එය ජනයාට හා හජ් (වන්දනාවන්)හි කාල නියමයන් ය. තවද නුඹලාගේ නිවෙස් වෙත නුඹලා එහි පිටු පසින් පැමිණීම යහපත් නො වේ. එහෙත් යහපත වනුයේ බියබැතිමත් වන්නා ය. තවද නුඹලා නිවෙස් තුළට එහි (ප්‍රධාන) දොරටුවෙන් පැමිණෙනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු ."},{"id":190,"translation":"තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නො යනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ව ප්‍රිය නො කරන්නේ ය."},{"id":191,"translation":"තවද නුඹලා (යුද බිමේ) ඔවුන්ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදි ම නුඹලා ඔවුන්ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ට ය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නො වදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන්ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ \nප්‍රතිවිපාකය වනුයේ."},{"id":192,"translation":"එහෙත් ඔවුන් (යුද්ධයෙන්) වැළකී සිටියේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලීය අසමසම කරුණාන්විත ය."},{"id":193,"translation":"තවද කලහකම් ඇති නො වී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. එහෙත් ඔවුන් (කලහකම් කිරීමෙන්) වැළකී සිටියේ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි මිස වෙනත් අය කෙරෙහි කිසිදු සතුරුකමක් නො විය යුතු ය."},{"id":194,"translation":"ශුද්ධ මාසය ශුද්ධ මාසයට ම සමාන ය. තවද සියලු තහනම් කරනු ලැබූ දෑ වෙනුවෙන් සමප්‍රතිචාර ඇත. එබැවින් කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ද ඔහු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළා සේම නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනු. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු."},{"id":195,"translation":"තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නො කර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නො හෙළනු. තවද නුඹලා උපකාරශීලීව කටයුතු කරනු. සැබැවින් ම අල්ලාහ් උපකාරශීලීව කටයුතු කරන දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය."},{"id":196,"translation":"තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. එහෙත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතු ය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නො කරනු. එහෙත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතු ය. එහෙත් (හජ් සහ උම්රාව වළක්වන බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වූ විට, යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතු ය. එහෙත් ඔහු (එය) නො ලැබුවේ නම් එවිට හජ්හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළිය යුතුය. එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන් සඳහා නො වේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින් ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු."},{"id":197,"translation":"හජ් වන්දනාව හඳුනන මාසයන්හි ය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් වන්දනාව අනිවාර්ය කරගත්තේ ද, හජ් සමයේ දී ඔහු ලිංගිකව නො හැසිරිය යුතු ය. පාපකම් නො කළ යුතු ය. තර්කයන්හි නිරත නො විය යුතු ය. නුඹලා යම් යහපතක් කරන්නේ නම් එය අල්ලාහ් දන්නේ ය. තවද නුඹලා (හජ් සඳහා අවශ්‍ය දෑ) පොදි බැඳ ගනු. එහෙත් පොදියෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් භාවයයි. තවද අහෝ බුද්ධිය ඇත්තනි! නුඹලා මට බිය වනු."},{"id":198,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එබැවින් නුඹලා අරෆා ප්‍රදේශයන්හි සිට (බැහැර වී) ගලා ආ විට 'මෂ්අරුල් හරාම්' නම් ස්ථානයේ අල්ලාහ්ව සිහිපත් කරනු. ඔහු නුඹලාට මඟපෙන්වූ අයුරින් නුඹලා ද ඔහුව සිහිපත් කරනු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතුරින් සිටියෙහු ය."},{"id":199,"translation":"ජනයා (බැහැර වී) ගලා එන පරිදි ම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැදිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය."},{"id":200,"translation":"නුඹලාගේ (හජ්) වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් සිටියාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ්ව සිහිපත් කරනු. ඒ අනුව ජනයා අතුරින් ඇතැමුන් \"අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අපට පිරිනමනු මැනව!\" යැයි පවසන්නන් වෙති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් හිමි වන්නේ නැත."},{"id":201,"translation":"\"අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අපහට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව!\" යැයි පවසන ඇතැමුන් ද ඔවුන් අතුරින් වෙති."},{"id":202,"translation":"තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන් ම ය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."},{"id":203,"translation":"තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු. නමුත් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන්හට ය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින් ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැන ගනු."},{"id":204,"translation":"මෙලොව ජීවිතයෙහි තම ප්‍රකාශය නුඹව පුදුමයට පත් කර වන හා තම හදවතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ්ව සාක්ෂි වශයෙන් තබන අය ද මිනිසුන් අතුරින් වෙති. තවද ඔහු තර්ක කිරීමෙහි ඉතා දැඩි ය."},{"id":205,"translation":"ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කිරීමටත් උත්සාහ දැරුවේ ය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නො කරන්නේ ය."},{"id":206,"translation":"නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගර්වය ඔහුව ග්‍රහණය කළේ ය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත් ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය."},{"id":207,"translation":"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම ආත්මය මිල කරන්නන් ද මිනිසුන් අතුරින් වෙති. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය."},{"id":208,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා සාමය (නම් ඉස්ලාමය) තුළට මුළුමණින් ම පිවිසෙනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි."},{"id":209,"translation":"නුඹලාට පැහැදිලි සාධක පැමිණි පසු නුඹලා (ඉන් මිදී) ලිස්සී යන්නෙහු නම් එවිට සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්ත බව නුඹලා දැන ගනු."},{"id":210,"translation":"වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද ඔවුන් වෙත පැමිණ කටයුත්ත තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය."},{"id":211,"translation":"කෙතරම් පැහැදිලි සාධක අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු දැ? යි ඉස්රාඊල් දරුවන්ගෙන් (නබිවරය) නුඹ විමසනු. තමන් වෙත අල්ලාහ්ගේ ආශිර්වාදය පැමිණි පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය."},{"id":212,"translation":"ප්‍රතික්ෂේප කළවුනට මෙලොව ජීවිතය අලංකාර කරනු ලැබී ය. ඔවුහු විශ්වාස කළවුන්ට අපහාස කරති. තවද දේව බිය හැඟීම් ඇති කර ගත් අය වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුනට ඉහළින් සිටිති. තමන් අභිමත කරන අයට අල්ලාහ් ගණනයකින් තොරව පෝෂණය කරන්නේ ය."},{"id":213,"translation":"ජනයා එක ම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන්ව එවී ය. තවද කවර දෙයක් මත ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ සත්‍යයෙන් යුත් දේව ග්‍රන්ථ ද පහළ කළේ ය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර ගත්තේ නැත. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වී ය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ වෙත මඟ පෙන්වන්නේ ය."},{"id":214,"translation":"නුඹලාට පෙර ඉකුත්ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නො පැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්නට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන්ව ග්‍රහණය කළේ ය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ්ගේ ජයග්‍රහණය කවදා දැ? යි අසන තරමට ම ඔවුහු කම්පනයට පත් කරනු ලැබූහ. සැබැවින් ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු."},{"id":215,"translation":"‘තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ?’ යි ඔවුහු නුඹගෙන් විමසති. ‘යහපත් දැයින් නුඹලා වියදම් කළ යුත්තේ දෙමාපියන්, ඥාතීන්, අනාථයින්, දුප්පතුන් සහ මගියන්ට වේ’ යැයි නුඹ පවසනු. තවද නුඹලා සිදු කරන යම් යහපත් දැයක් වුව ද ඒ ගැන සැබැවින් ම අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":216,"translation":"සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදි. නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. එහෙත් එය නුඹලාට යහපතක් විය හැකි ය. නුඹලා යමක් ප්‍රිය කළ හැකි ය. එහෙත් එය නුඹලාට හානිදායක විය හැකි ය. අල්ලාහ් (සියල්ල) දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය."},{"id":217,"translation":"ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස අතිමහත් පාපයක් බව පවසන්න. තවද කලහකම ඝාතනයට වඩා අතිමහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලාව නැවත හර වන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නො වන්නෝ ම ය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහු මය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහු මය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":218,"translation":"නියත වශයෙන් ම විශ්වාස කළවුන් හා දේශය අත හැර දමා ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවන් වන ඔවුහු මය අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන්නෝ. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":219,"translation":"‘(නබිවරය!) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් \nප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අතිමහත් බවත්’ පවසනු. තවද ‘තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ?’ යි ද නුඹගෙන් ඔවුහු විමසති. ‘අතිරේක දෑ (වියදම් කරනු)’ යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ."},{"id":220,"translation":"මෙලොව හා පරලොව තුළ (සිතන්නට හැකි වනු පිණිස) තවද අනාථයින් ගැන ඔවුහු නුඹගෙන් විමසන්නෝ ය. ඔවුන්ට (රැක බලාගනිමින්) යහ අයුරින් කටයුතු කිරීම උතුම් ය. නුඹලා ඔවුන් සමඟ මිශ්‍ර වූ විට ඔවුහු නුඹලාගේ සහෝදරයෝ වෙති. යහ අයුරින් කටයුතු කරන්නාගෙන් කලහකරුවා කවරෙකු දැ? යි අල්ලාහ් හඳුනයි. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව අපහසුතාවට පත් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":221,"translation":"දේව ආදේශ තබන්නියන්ව ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නො ගනු. ඇය නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන්හට ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නො දෙනු. ඔහු නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුන් ඇරයුම් කරනුයේ (නිරයේ) ගින්න වෙත ය. තවද අල්ලාහ් ඔහුගේ අනුභාවයෙන් ඇරයුම් කරනුයේ ස්වර්ගය හා සමාව වෙත ය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු (මෙසේ) පැහැදිලි කරන්නේ ය."},{"id":222,"translation":"තවද ‘ඔසප්භාවය පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ‘එය (වේදනාකාරී) කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නො වනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින් ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් ප්‍රිය කරන අතර ම පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරන්නේය’ යැයි පවසනු."},{"id":223,"translation":"නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙත් බිමකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින් ම නුඹලා ඔහුව මුණ ගැසෙන්නන් බව දැන ගනු. තවද විශ්වාසවන්තයින්ට නුඹ ශුභාරංචි පවසනු."},{"id":224,"translation":"නුඹලා දැහැමි දෑ කිරීම, (අල්ලාහ්ට) බැතිමත් වීම, ජනයා අතර සාමය ඇති කිරීම (වැනි යහකම් නො කිරීමට) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ්ව හේතුවක් බවට පත් නො කරනු. තවද අල්ලාහ් සර්ව \nශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":225,"translation":"පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම්වලදී අල්ලාහ් නුඹලාව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. එහෙත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුව ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉවසිලිවන්ත ය."},{"id":226,"translation":"(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත්ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. එසේ ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":227,"translation":"(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය."},{"id":228,"translation":"දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු ය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝ ය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් අයිතීන් ඇත. එහෙත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":229,"translation":"දික්කසාදය දෙමුරයකි. ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ කාරුණික අයුරින් මුදවා හැරිය යුතු ය. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි දෙදෙනා ම බිය වෙතොත් මිස ඔවුනට පිරිනැමූ කිසිවකින් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නො වේ. එසේ අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි නුඹලා බිය වෙතොත් එවිට ඇය ඔහුට යමක් වන්දි වශයෙන් ලබා දී (වෙන් වීම) නුඹලා කෙරෙහි වරදක් නො වන්නේ ය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවා ඉක්මවා නො යනු. එවිට ඔවුහු මය අපරාධකරුවෝ වන්නෝ."},{"id":230,"translation":"එසේ ඔහු ඇයව දික්කසාද කළේ නම් ඇය වෙනත් සැමියෙකු හා විවාහ වී පසුව ඔහු ඇයව දික්කසාද කරන තෙක් ඇය ඔහුට (පළමු සැමියාට) අනුමත නො වන්නී ය. ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ හැකි යැයි දෙදෙනා ම සිතන්නේ නම් ඔවුන් දෙදෙනා නැවත එක් වීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද මෙය අල්ලාහ්ගේ සීමාවන් ය. වටහා ගන්නා ජනයාට ඒවා ඔහු පැහැදිලි කරන්නේ ය."},{"id":231,"translation":"තවද නුඹලා බිරියන්ව දික්කසාද කොට ඔවුන්ගේ (ඉද්දාහි) අවසන් කාලය ළඟා වූයේ නම් එවිට නුඹලා ඔවුන් යහ අයුරින් රඳවා ගනු. එසේ නොමැති නම් යහ අයුරින් ඔවුන් මුදවා හරිනු. සීමාව ඉක්මවා කටයුතු කිරීම පිණිස පීඩාකාරී ලෙස ඔවුන් රඳවා නො ගනු. කවරෙක් එසේ කරන්නේ ද ඔහු තමන්ට ම අපරාධ කර ගත්තේ ය. තවද අල්ලාහ්ගේ වදන් සරදමට නො ගනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදය ද, දේව ග්‍රන්ථයෙන් හා ප්‍රඥාවෙන් නුඹලා වෙත පහළ කළ දෑ ද මෙනෙහි කරනු. ඔහු එමඟින් නුඹලාට උපදෙස් දෙන්නේ ය. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී බව නුඹලා දැන ගනු."},{"id":232,"translation":"තවද නුඹලා බිරියන්ව දික්කසාද කොට, ඔවුන් ද ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලයට ළඟා වූ විට ඔවුන් අතර යහ අයුරින් කටයුතු කළ හැකැයි ඔවුන් සෑහීමට පත් වන්නේ නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ ඔවුන් නැවත විවාහ දිවියට යෑම පිළිබඳව නුඹලා ඔවුන්ව නො වැළැක්විය යුතු ය. එය නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුනට මෙමඟින් දෙනු ලබන උපදෙසකි. එය නුඹලාට පාරිශුද්ධ ය, වඩා පිවිතුරු ය. තවද අල්ලාහ් දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය."},{"id":233,"translation":"තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝ ය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රයත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නො ලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නො ලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු."},{"id":234,"translation":"නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතු ය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්ත ය."},{"id":235,"translation":"එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින් ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේ ය. එහෙත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගතව ඔවුනට ප්‍රතිඥාවක් නො දෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නො කරනු. තවද සැබැවින් ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේ ය. එබැවින් නුඹලා ඔහු ගැන ප්‍රවේසම් වෙනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු."},{"id":236,"translation":"නුඹලා ඔවුන්ව ස්පර්ශ නො කර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නො කර තිබිය දී හෝ කාන්තාවන්ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) ඔවුනට භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි."},{"id":237,"translation":"ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන්ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන්ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (ඔවුන් විසින් දිය යුතු) ය. එහෙත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. එහෙත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර පවතින මහිමය අමතක නො කරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":238,"translation":"සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිතව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු."},{"id":239,"translation":"නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනිකව හෝ (සලාතය ඉටු) කළ යුතු ය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහුව නුඹලා මෙනෙහි කරනු."},{"id":240,"translation":"නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව (ආහාර ඇඳුම් යනාදිය) භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතු ය. එහෙත් ඔවුන් බැහැරව ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහපත් අන්දමින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; අභිඥානවන්ත ය."},{"id":241,"translation":"දික්කසාද කරනු ලැබූ කාන්තාවන්ට (දික්කසාද කළ අය විසින්) නඩත්තු වියදම් ලබා දිය යුතු වේ. එය බැතිමතුන් කෙරෙහි වූ වගකීමකි."},{"id":242,"translation":"නුඹලාට වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය."},{"id":243,"translation":"ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස්වලින් බැහැරව ගියවුන් දෙස නුඹ නො බැලුවෙහි ද? එවිට ‘නුඹලා මිය යනු’ යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේ ය. පසුව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. එහෙත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නො වෙති."},{"id":244,"translation":"අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් වදිනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක, සර්ව ඥානී බව නුඹලා දැන ගනු."},{"id":245,"translation":"කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් දෙන්නෙකු වන්නේ ද එවිට ඔහු එය ඔහුට අධික වශයෙන් ගුණ කර දෙයි. තවද අල්ලාහ් (එය) හකුළයි. තවද දිගු හරියි. තවද ඔහු වෙත ම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහු ය."},{"id":246,"translation":"මූසාගෙ (කාලයෙ)න් පසුව ඉස්රාඊල් දරුවන්ගෙන් වූ ප්‍රධානීන් පිරිසක් දෙස නුඹ නො බැලුවෙහි ද? ‘අප වෙත රජෙකු එවනු මැනව. අපි අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්නෙමු’ යැයි ඔවුනට අයත් වක්තෘවරයෙකුට පැවසූ අවස්ථාවේ දී ‘නුඹලාට සටන් කිරීම නියම කරනු ලැබුවහොත් නුඹලා සටන් නො කර සිටීමට සිතන්නෙහු ද?’ යැයි ඔහු ඇසී ය. ‘අපව අපගේ නිවෙස්වලින් හා අපගේ දරුවන්ගෙන් අපව බැහැර කරනු ලැබ සිටිය දී අප අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නො වදින්නට අපට කුමක් වී දැ?’ යි ඔවුහු ඇසූහ. එහෙත් සටන් කිරීම ඔවුනට නියම කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් කිහිප දෙනකු හැර (අන් අය) පිටුපෑවෝ ය. තවද අල්ලාහ් අපරාධරකරුවන් පිළිබඳව සර්ව ඥානී ය."},{"id":247,"translation":"තවද ‘සැබැවින් ම අල්ලාහ් තාලූත්ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි’ ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේ ය. ‘අප ඔහුට වඩා පාලනය සමබන්ධයෙන් සුදුස්සන්ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නො ලැබ තිබිය දී අප පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැ?’ යි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේ ය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතරව ලබා දී ඇත්තේ ය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය."},{"id":248,"translation":"තවද, ‘සැබැවින් ම ඔහුගේ රජකමට සලකුණ වනුයේ නුඹලා වෙත මංජුසාවක් පහළ වීමයි. එහි නුඹලාගේ පරමාධිපති වෙතින් ශාන්තිය ද, මූසාගේ පරපුර හා හාරූන්ගේ පරපුර අත හැර දමා ගිය දැයින් ඉතිරිව ඇති දෙය ද ඇත. එය මලක්වරුන් (විසින්) උසුලා ගෙන එනු ලැබේ. නුඹලා විශ්වාස වන්තයින් නම් නියත වශයෙන් ම එහි නුඹලාට සාධකයක් ඇත’, යැයි ඔවුන්ගේ නබි ඔවුන් අමතා පැවසුවේ ය."},{"id":249,"translation":"තාලූත් සේනාව සමඟ පිටත්ව ගිය කල්හි ඔහු (සිය සේනාව අමතා) ‘සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලාව පරීක්ෂාවට ලක් කරනු ඇත. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේ ය. කවරෙක් එහි රස නො වින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. එහෙත් තම දෑතින් අහුරක් ගත් අය හැර’ යැයි ඔහු පැවසුවේ ය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝ ය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත’ යැයි පැවසුවෝ ය. සැබැවින් ම (එක් දිනක) අල්ලාහ්ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය \"අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේ ය.\" යැයි පැවසුවෝ ය."},{"id":250,"translation":"ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම්ව සිටි කල්හි ‘අපගේ පරමාධිපතියාණනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව! \nප්‍රතික්ෂේපිත ජනයාට එරෙහිව අපට උදව් කරනු මැනව!’ යැයි පැවසුවෝ ය."},{"id":251,"translation":"එවිට අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුහු ඔවුන්ව පරාජය කළෝ ය. තවද දාවූද්; ජාලූත්ව මරා දැමුවේ ය. තවද අල්ලාහ් ඔහුට පාලනය හා ප්‍රඥාව පිරිනැමුවේ ය. තවද ඔහු අභිමත කළ දැයින් ඔහුට ඉගැන්නුවේ ය. අල්ලාහ් ජනයාව ඇතැමෙකුගෙන් ඇතැමෙකුව වැළැක්වූයේ නැති නම් මිහිතලය විනාශ වී යන්නට තිබුණි. එහෙත් අල්ලාහ් ලෝවැසියන්හට භාග්‍ය සම්පන්න ය."},{"id":252,"translation":"මේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ නුඹ වෙත පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින් ම නුඹ ධර්ම දූතයින් අතුරින් කෙනෙකි."},{"id":253,"translation":"මෙම ධර්ම දූතවරුන් වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමුන්ව තරාතිරමින් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහුව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුනට පසු පැමිණි අයවලුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මරා නො ගන්නට තිබිණ. එහෙත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් මරා නො ගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් කැමති දේ සිදු කරන්නේ ය."},{"id":254,"translation":"අහෝ විශ්වාස කළවුනි! කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතු දමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. \nප්‍රතික්ෂේපකයෝ වන ඔවුහු මය අපරාධකරුවෝ."},{"id":255,"translation":"අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහුව ග්‍රහණය නො කරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ අසුන අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්තව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නො වේ. තවද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය."},{"id":256,"translation":"දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේ ය. එයට විසන්ධි වීමක් නොමැත. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":257,"translation":"විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේ ය. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන්ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝ ය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":258,"translation":"ඉබ්රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නො බැලුවෙහි ද? ‘මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නාය’ යැයි පැවසූ අවස්ථාවේ ඔහු ‘මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි’ යැයි පැවසුවේ ය. ‘එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේ ය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු’ යැයි ඉබ්රාහීම් පැවසුවේ ය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේ ය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත."},{"id":259,"translation":"එසේ නොමැති නම් එහි වහලවල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නො බැලුවෙහි ද?) ‘ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැ?’ යි විමසුවේ ය. එවිට අල්ලාහ් ‘වසර සියයක් ඔහුව මරණයට පත් කරවා පසුව ඔහුව අවදි කොට නුඹ කොපමණ කලක් රැඳී සිටියෙහි දැ?’ යි විමසුවේ ය. ‘දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි’ යැයි ඔහු පැවසුවේ ය. ‘නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහි ය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක්වී නැත. තවද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තවද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැ? යි බලනු.’ ඔහුට පැහැදිලි වූ කල්හි ‘සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා’ යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":260,"translation":"තවද ‘මාගේ පරමාධිපතියාණනි! මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැ? යි මට පෙන්වනු’ යැයි ඉබ්රාහීම් පැවසූ විට, ‘නුඹ විශ්වාස නො කළෙහි දැ?’ යි ඔහු විමසුවේ ය. ‘එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස’ යැයි ඔහු පැවසුවේ ය. ‘එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසුව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසුව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තවද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.’"},{"id":261,"translation":"තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය."},{"id":262,"translation":"තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නො යන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත."},{"id":263,"translation":"යහ වදන හා සමාව හිංසාව පසුපස හඹා යන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය."},{"id":264,"translation":"විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නො කරන, තම ධනය මිනිසුන්ට ප්‍රදර්ශනය කරමින් වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නො ගනු. තවද ඔහු (සිදු කරන වියදම)ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමී ය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබා ගැනීමට ඔවුහු ශක්තිය නො දරන්නෝ ය. තවද අල්ලාහ් \nප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත."},{"id":265,"translation":"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමාව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි අස්වැන්න දෙගුණයක් බැගින් ගෙන ආවේ ය. එහෙත් එසේ එයට මහා වර්ෂාවක් පතිත නො වූව ද සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":266,"translation":"කෙනෙකුට එහි යටින් ගංඟාවන් ගලා බසින ඉඳි හා මිදි උයනක් ඇත. එහි ඔහුට සියලු වර්ගයේ පලතුරු ද ඇත. ඔහුට දුර්වල පරපුරක් සිටිය දී ඔහුට වයෝවෘද්ධභාවය හට ගනී. එවිට (එම උයනට) ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය ගිනිබත්වී යාමට ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රිය කරන්නේ ද? නුඹලා වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ මෙලෙස ය."},{"id":267,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නො සිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නො වන්නෙහු ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු."},{"id":268,"translation":"ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේ ය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේ ය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානී ය."},{"id":269,"translation":"ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේ ය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින් ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙනත් කිසිවෙකු මෙය) මෙනෙහි නො කරන්නේ ය."},{"id":270,"translation":"නුඹලා කිසියම් වියදමකින් වියදම් කළ ද නැතහොත් කිසියම් භාරයකින් භාරයක් කළ ද එවිට සැබැවින් ම අල්ලාහ් එය දන්නේ ය. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකු නොමැත."},{"id":271,"translation":"නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත් ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන් හට පිරිනමන්නේ නම් එවිට එය ද නුඹලාට උතුම් ය. එය නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":272,"translation":"ඔවුන්ව යහමඟ යොමු කිරීම නුඹගේ වගකීම නො වේ. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අයට මඟ පෙන්වන්නේ ය. තවද යම් යහපතකින් නුඹලා වියදම් කරන්නේ ද එය නුඹලාගේ ආත්මාවන්ට ම ය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නො කරන්නෙහු ය. යම් යහපතකින් නුඹලා වියදම් කළ ද නුඹලාට එය පරිපූර්ණව දෙනු ලබන්නේ ය. තවද නුඹලා අපරාධ කරනු නො ලබන්නෙහු ය."},{"id":273,"translation":"(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ) මහපොළොවේ (ජීවනෝපාය සොයා) ගමන් කිරීමට නොහැකි; අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ට ය. තැන්පත්කම නිසාවෙන් ඔවුන් ධනවතුන් යැයි අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතයි. ඔවුන්ගේ සලකුණු මඟින් නුඹ ඔවුන්ව හඳුනා ගනු ඇත. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නො ඉල්ලති. තවද නුඹලා වියදම් කරන යම් යහපතක් වුව ද සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය."},{"id":274,"translation":"රාත්‍රියෙහි හා දහවලෙහි තම ධන සම්පත රහසිගතව හා එළිපිට වියදම් කරන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. තවද ඔවුන්ට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝ ද නො වෙති."},{"id":275,"translation":"පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝ ය. එය සැබැවින් ම ඔවුහු ‘ඇත්ත වශයෙන් ම ව්‍යාපාරය ද පොලිය මෙනි’ යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය. කවරෙකුට තම පරමාධිපතිගෙන් (ඒ ගැන) උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතු ය. ඔහුගේ විෂය අල්ලාහ් වෙත ම ය. කවරෙකු නැවත (එම පොලිය වෙත) යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":276,"translation":"අල්ලාහ් පොලිය විනාශ කරන්නේ ය. සදකා (පුණ්‍ය ක්‍රියා)වන් වර්ධනය කරන්නේ ය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකු වම අල්ලාහ් ප්‍රිය නො කරන්නේ ය."},{"id":277,"translation":"සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් ද, සලාතය ස්ථාපිත කළවුන් ද, zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති."},{"id":278,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින්ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු."},{"id":279,"translation":"එලෙස නුඹලා කටයුතු නො කළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතු ය. නුඹලා අපරාධ නො කළ යුතු ය. තවද නුඹලා ද අපරාධයට ලක් නො විය යුතුයි."},{"id":280,"translation":"ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. තවද නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපත ය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්."},{"id":281,"translation":"එහි නුඹලාව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන්නේ ය. තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය."},{"id":282,"translation":"අහෝ විශ්වාස කළවුනි! නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනුදෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. නුඹලා අතර ලේඛකයකු එය යුක්ති සහගතව ලියා ගත යුතු ය. තවද ලේඛකයා අල්ලාහ් තමන්ට ඉගැන් වූ අයුරින් ලිවීමට ප්‍රතික්ෂේප නො කළ යුතු ය. එබැවින් (ඒ අනුව) ඔහු ලිවිය යුතු ය. වගකීම පැවරුණු අය එය ලිවීම පිණිස කියවිය යුතු ය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු ය. තවද ඉන් කිසිවකින් වංචා නො කළ යුතු ය. වගකීම පැවරුණු අය අවබෝධයක් නො මැත්තෙකු හෝ දුර්වලයෙකු හෝ ලිවීම සඳහා කියවීමට නොහැකිව හෝ සිටියේ නම් ඔහුගේ භාරකරු සාධාරණ ලෙසින් කියවිය යුතු ය. තවද නුඹලාගේ පුරුෂ පාර්ශවයෙන් සාක්ෂිකරුවන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තබනු. පුරුෂ පාර්ශවයෙන් දෙදෙනෙකු නො වූයේ නම් එක් පුරුෂයෙකු හා සාක්ෂිකරුවන්ගෙන් නුඹලා සෑහීමට පත්වන අය අතුරින් ස්ත්‍රීන් දෙදෙනෙකු විය යුතු ය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැරදුනු විටක ඔවුන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය එය මතක් කර දිය හැකි ය. තවද කවර දෙයක් වෙත කැඳවනු ලබන්නේ ද එවිට සාක්ෂිකරුවන් (එය) ප්‍රතික්ෂේප නො කළ යුතු ය. සුළු හෝ මහා (පරිමාණයේ) දෙයක් වුව ද නියමිත කලක් දක්වා එය ලිවීමට උදාසීන නො වනු. එයයි අල්ලාහ් අබියස ඉතා යුක්ති සහගත, සාක්ෂියට ද වඩා බලවත් එමෙන් ම නුඹලා සැක නො සිතීමට ද වඩා සමීප වන්නේ. නමුත් නුඹලා අතර සිදු වන ක්ෂණික ව්‍යාපාරයක හැර. එවිට එය ලේඛනගත නො කිරීම නුඹලා කෙරෙහි වරදක් නො වන්නේ ය. එහෙත් නුඹලා ගනුදෙනු කරන විට නුඹලා සාක්ෂිකරුවන් නියම කරනු. තවද ලේඛකයා හා සාක්ෂිකරු පීඩාවට පත් නො විය යුතු ය. එසේ නුඹලා සිදු කරන්නෙහු නම් සැබැවින් ම එය මහා පාපයකි. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. අල්ලාහ් නුඹලාට උගන්වන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව ඥානී ය."},{"id":283,"translation":"නුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නො ලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගනු ලැබේ. එහෙත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා. තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා. තවද නුඹලා සාක්ෂිය වසන් නො කරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුගේ හදවත පාපී අයෙකි. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":284,"translation":"අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳව අල්ලාහ් නුඹලාගෙන් පශ්න කරන්නේ ය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේ ය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":285,"translation":"තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව ධර්ම දූතයා විශ්වාස කළේ ය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝ ය.) සියල්ලෝ ම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝ ය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නො කරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි! ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":286,"translation":"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයට ය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයට ය. ‘අපගේ පරමාධිපතියාණනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නො කරනු මැනව! තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නො සලස්වනු මැනව! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නො පටවනු මැනව! (අප කළ වැරදි) අපගෙන් නො සලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරු ය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහිව අපට උදව් කරනු මැනව!’"}]},{"id":3,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය."},{"id":3,"translation":"(නබිවරය) සත්‍යයෙන් යුක්ත වූ මෙම දේව ග්‍රන්ථය මෙයට පෙර පැවති දෑ සහතික කරන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේ ය. තවද තව්රාතය ද, ඉන්ජීලය ද ඔහු පහළ කළේ ය."},{"id":4,"translation":"තවද මීට පෙර (විසූ) ජනයාට මඟ පෙන්වීමක් ලෙස ය. තවද සත්‍යයයෙන් අසත්‍යය වෙන්කර පෙන්වන (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේ ය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට, දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්‍රතිචාර දක්වන්නා ය."},{"id":5,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්(ගේ දැනුම)ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත."},{"id":6,"translation":"ගර්භාෂ තුළ නුඹලාව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත."},{"id":7,"translation":"ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම \nග්‍රන්ථයේ මූලය යි. තවද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නො දන්නේ ය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත."},{"id":8,"translation":"අපගේ පරමාධිපතියාණනි! ඔබ අපව යහමඟ යොමු කළ පසුව අපගේ හදවත් විකෘතිභාවයට පත් නො කරනු මැනව. තවද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ මය මහා ත්‍යාගශීලී."},{"id":9,"translation":"අපගේ පරමාධිපතියාණනි! කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබ ම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නො කරන්නේ ය."},{"id":10,"translation":"නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නො වන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය."},{"id":11,"translation":"(එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝ ය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව (දඬුවමට) හසු කළේ ය. තවද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය."},{"id":12,"translation":"“නුඹලා අබිබවා යනු ලබනු ඇත. තවද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය \nප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය."},{"id":13,"translation":"(යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස, ඔවුන්ව දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටු දේව ප්‍රතික්ෂේපකයෝ ය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) ස්ථීර කරන්නේ ය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත."},{"id":14,"translation":"කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා කෙත්වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකාරවත් කරන ලදි. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තවද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය."},{"id":15,"translation":"මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැ? යි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත. තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":16,"translation":"ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට අපගේ පාපකම් සඳහා සමාව දෙනු මැනව! තවද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව!’ යැයි පවසන්නෝ ය."},{"id":17,"translation":"ඔවුන් ඉවසිලිවන්තයින් ය. තවද සත්‍ය පවසන්නන් ය. තවද යටහත් වන්නන් ය. තවද වියදම් කරන්නන් ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන් ය."},{"id":18,"translation":"සැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත."},{"id":19,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසුව ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නො වූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."},{"id":20,"translation":"එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තවද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝ ය) යැයි නුඹ පවසනු. තවද නුඹලා යටහත් වූයෙහු දැ? යි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නො මැත්තන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝ ය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තවද අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":21,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන, කිසිදු යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරන, ජනයා අතරින් සාධාරණ ලෙස (තීන්දු තීරණ) නියෝග කරන්නන් ඝාතනය කරන අය වනාහි ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු."},{"id":22,"translation":"මෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත."},{"id":23,"translation":"පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝ ය. පසුව ඔවුන් අතුරින් පිරිසක් පිටු දකින්නන් ලෙස හැරී ගියෝ ය."},{"id":24,"translation":"එය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අපව ස්පර්ශ නො කරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගේ දහම තුළ ඔවුන් රවටා දැමුවේ ය."},{"id":25,"translation":"ඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන්ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය."},{"id":26,"translation":"(නබිවරය!) නුඹ පවසනු. සියලු පාලනයන්හි පාලකයා වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය උදුරා දමන්නෙහි ය. තවද ඔබ අභිමත අයව උසස් කරන්නෙහි ය. ඔබ අභිමත අයව පහත් කරන්නෙහි ය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන් ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය."},{"id":27,"translation":"ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහි ය. දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහි ය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහි ය. ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහි ය. තවද ඔබ අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නෙහි ය."},{"id":28,"translation":"දේවත්වය විශ්වාස කළවුන් දේවත්වය විශ්වාස කළවුන්ව හැර දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස නො ගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නො වනු ඇත. එහෙත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. එමෙන් ම ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය."},{"id":29,"translation":"නුඹලාගේ හදවත් තුළ නුඹලා (යමක්) සඟවන්නේ නම් හෝ එය නුඹලා හෙළි කරන්නේ නම් හෝ අල්ලාහ් එය දන්නේ ය. තවද අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු දන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":30,"translation":"සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද තමන් කළ නපුරු දෑ ද (තමන්) ඉදිරියේ දකින දිනයේ දී, එය අතර හා තමන් අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරනු ඇත. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය."},{"id":31,"translation":"නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලාව ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":32,"translation":"(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. එහෙත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින්ව ප්‍රිය කරන්නේ නැත."},{"id":33,"translation":"සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේ ය."},{"id":34,"translation":"ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":35,"translation":"‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන් ම ඔබ සර්ව \nශ්‍රාවක ය; සර්ව ඥානීය’ යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":36,"translation":"පසුව ඇය එය ප්‍රසූත කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම එය ප්‍රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නො වේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි’ යැයි ඇය පැවසුවා ය."},{"id":37,"translation":"එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇයව පිළිගත්තේ ය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේ ය. ඇයව zසකරිය්යාට භාර කළේ ය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේ ය. ‘අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද?’ යැයි ඔහු ඇසුවේ ය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවා ය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නේ ය."},{"id":38,"translation":"එම අවස්ථාවේ දී zසකරිය්යා තම පරමාධිපතිව අයැද සිටියේ ය. ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":39,"translation":"එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන්ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ."},{"id":40,"translation":"‘මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි’ යැයි ඔහු පැවසුවේ ය. ‘එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":41,"translation":"‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව!’ යැයි ඔහු පැවසුවේ ය. ‘ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නො කිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරනු. තවද උදේ සවස පිවිතුරු කරනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":42,"translation":"‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබව තෝරා ගත්තේ ය. ඔබව පිවිතුරු කළේ ය. තවද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබව (ඉහළින්) තෝරා ගත්තේ ය’ යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":43,"translation":"‘අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.’"},{"id":44,"translation":"මෙය අදෘශ්‍යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නො සිටියෙහි ය. එමෙන් ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නො සිටියෙහි ය."},{"id":45,"translation":"‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි."},{"id":46,"translation":"තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද, තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි."},{"id":47,"translation":"‘මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නො කර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ දැ?’ යි ඇය විමසුවා ය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේ ය."},{"id":48,"translation":"තවද ඔහු ඔහුට දේව ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, තව්රාතය ද, ඉන්ජීලය ද උගන්වන්නේ ය."},{"id":49,"translation":"‘ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් ද නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අය ද ළාදුරු රෝගීන් ද සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්‍රාණය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කර තබා ඇති දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.’"},{"id":50,"translation":"‘තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.’"},{"id":51,"translation":"සැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි."},{"id":52,"translation":"ඔවුන්ගෙන් වූ දේව ප්‍රතික්ෂේපය ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?'' යි විමසා සිටියේ ය. ගෝලයෝ ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝ ය."},{"id":53,"translation":"‘අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයාව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!’"},{"id":54,"translation":"තවද ඔවුහු කුමන්ත්‍රණ කළෝ ය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේ ය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය."},{"id":55,"translation":"‘අහෝ ඊසා! සැබැවින් ම මම නුඹව අත්පත් කර ගනිමි. නුඹව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා නුඹව \nප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹව පිළිපැද්දවුන්ව ඉහළින් තබමි. පසුව මා වෙතය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා අතර නුඹලා කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ ගැන තීන්දු දෙමි’ යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":56,"translation":"ප්‍රතික්ෂෙප කළවුන් වූ කලි, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත."},{"id":57,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් වූ කලි, ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු පූර්ණව පිරිනමයි. එමෙන් ම අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නො කරයි."},{"id":58,"translation":"එය, මෙම වදන් හා සියුම් ඥානාන්විත මෙනෙහි කිරීම තුළින් අපි නුඹට කියවා පෙන්වූ දෑ ය."},{"id":59,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහුව ඔහු පසින් මවා පසුව ඔහුට “වනු” යැයි පැවසුවේ ය. එවිට ඔහු ඇති විය."},{"id":60,"translation":"මෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නො වනු."},{"id":61,"translation":"නුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසුව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු."},{"id":62,"translation":"සැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහු මය සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත වනුයේ."},{"id":63,"translation":"එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳව සර්ව ඥානී ය."},{"id":64,"translation":"‘අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නො නමදිමු. ඔහුට කිසිවක් ආදේශ නො තබමු. අල්ලාහ්ගෙන් තොරව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුව දෙවියන් ලෙස නො ගත යුතුය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය!) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු."},{"id":65,"translation":"‘දහම් ලත් ජනයිනි! ඉබ්රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසුව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන) නුඹලා වටහා ගන්නේ නැති ද?’"},{"id":66,"translation":"මෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳව නුඹලා වාද කර ඇත. එහෙත් කවර දෙයක් පිළිබඳව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය."},{"id":67,"translation":"ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නො වීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නො වීය."},{"id":68,"translation":"නියත වශයෙන් ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහුව ද, මෙම නබිවරයාව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තවද අල්ලාහ් විශ්වාස කරන්නන්ගේ භාරකරු ය."},{"id":69,"translation":"‘නුඹලාව නොමඟ යවන්නට ඇත් නම්’ යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන්ව ම මිස වෙනත් කිසිවෙකුව ඔවුන් නොමඟ හැරියේ නැත. එහෙත් ඔවුහු (එය) වටහා නො ගන්නෝ ය."},{"id":70,"translation":"‘අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?’"},{"id":71,"translation":"‘දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත්ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහු ය.’"},{"id":72,"translation":"දහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) “විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු. ඔවුන්(ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැකි” යැයි පවසති."},{"id":73,"translation":"තවද ‘නුඹලාගේ දහම පිළිපදින අයව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ද ඔවුහු පවසති.) ‘සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම’ යැයි (නබිවරය!) නුඹ පවසනු. ‘(තවදුරටත්) නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ ඔවුන් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ඔවුහු පවසති) “සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය” යැයි (නබිවරය නුඹ) පවසනු."},{"id":74,"translation":"තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේ ය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය."},{"id":75,"translation":"දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නො දෙති. එය, ලිවීමට කියවීමට නො දත් අය අතර අපට විරුද්ධව කිසිදු මඟක් නො මැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තවද ඔවුහු දැනදැන ම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරති."},{"id":76,"translation":"එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අයව ප්‍රිය කරන්නේ ය."},{"id":77,"translation":"සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වනාහි මතු ලොවෙහි කිසිදු කොටසක් නො ලබනුයේ ඔවුහු ම ය. එමෙන් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නො කරයි. ඔවුන් දෙස නො බලයි. තවද ඔවුන්ව පිවිතුරු නො කරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත."},{"id":78,"translation":"තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිස ය. එහෙත් එය ධර්ම ග්‍රන්ථයෙන් නො වෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නො වෙයි. තවද ඔවුහු දැනුවත්ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති."},{"id":79,"translation":"කෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබිය දී, ඉන් අනතුරුව අල්ලාහ්ව හැර දමා මට ම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද, නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)"},{"id":80,"translation":"තවද නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නො කරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?"},{"id":81,"translation":"තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කර වන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි \"පිළිගත්තෙමු\" යැයි ඔවුහු පැවසුවෝ ය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි යැයි පැවසුවේ ය."},{"id":82,"translation":"එබැවින් කවරෙකු ඉන් පසුව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය."},{"id":83,"translation":"අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුට ම යටහත් වෙති. තවද ඔහු වෙත ම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝ ය."},{"id":84,"translation":"‘අපි අල්ලාහ්ව ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නො කරමු. තවද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු’ යැයි නුඹ පවසනු."},{"id":85,"translation":"කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නො ලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි."},{"id":86,"translation":"රසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහුව ඔවුන් විශ්වාස කොට ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුවත් ප්‍රතික්ෂේප කළ ජනයාව අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත."},{"id":87,"translation":"සැබැවින් ම ඔවුන් වනාහි ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය ප්‍රතිඵල වශයෙන් හිමි වන්නෝ."},{"id":88,"translation":"එහි (නිරයේ) ඔවුන් සදාතනිකයින් ය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුනට අවකාශය දෙනු නො ලැබේ."},{"id":89,"translation":"එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී තමන් නිවැරදි කර ගත් අය හැර. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":90,"translation":"නියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසුව ප්‍රතික්ෂේප කොට අනතුරුව ප්‍රතික්ෂේපය අධික වූවන් වනාහි ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගනු නො ලබන්නේ ම ය. තවද මුළාවූවෝ ඔවුහු ම ය."},{"id":91,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මිය ගියවුන් වනාහි මහපොළොව රනින් පිරී එය වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද ඔවුන් කිසිවෙකුගෙන් එය පිළිගනු නො ලබන්නේ ම ය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවෙකු ද නොමැත."},{"id":92,"translation":"නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නො ලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":93,"translation":"‘තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර සෙසු ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමතව තිබිණ’ යැයි (නබිවරය!) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු."},{"id":94,"translation":"එබැවින් කවරෙක් එයට පසුව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය."},{"id":95,"translation":"(නබිවරය!) නුඹ පවසනු. ‘අල්ලාහ් සත්‍ය පැවසුවේ ය. එබැවින් නුඹලා අවංක ලෙසින් ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය.’"},{"id":96,"translation":"ලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්‍යක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය බක්කා (හෙවත් මක්කා) වෙහි පිහිටා ඇත."},{"id":97,"translation":"එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහිම් සිට ගත් ස්ථානය ද ඇත. තවද කවරෙකු එයට ප්‍රවේශ වූයේ ද ඔහු සුරක්ෂිතයකු වෙයි. තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය."},{"id":98,"translation":"අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ සඳහා සාක්ෂිකරු ය."},{"id":99,"translation":"ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන්ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන්ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන් දැ? යි (නබිවරය!) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ."},{"id":100,"translation":"අහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසුව නුඹලාව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත."},{"id":101,"translation":"තවද නුඹලාහට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන් ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ්ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබී ය."},{"id":102,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින් ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නො වනු."},{"id":103,"translation":"නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන්ව නො යනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන්ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේ ය. එවිට නුඹලා ඔහුගේ ආශිර්වාදයෙන් සහෝදරයන් බවට පත් වූයෙහු ය. තවද නුඹලා නිරා ගින්නෙන් යුත් අගාධ අද්දරයෙහි සිටියෙහු ය. එවිට ඔහු නුඹලාව එයින් මුදවා ගත්තේ ය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ."},{"id":104,"translation":"හොඳ දෑ වෙත ඇරයුම් කරන, යහපත නියෝග කරන, පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතරින් සිටිය යුතුයි. තවද ජයග්‍රාහකයෝ ඔවුහු ම ය."},{"id":105,"translation":"පැහැදිලි සාධක ඔවුන් වෙත පැමිණි පසුව වෙන්ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නො වනු. තවද ඔවුන් වනාහි (පරලොව) අතිමහත් දඬුවම ඔවුනට ඇත."},{"id":106,"translation":"එදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය කලී, \"නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේප කළෙහු ද, එසේනම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු\". (යැයි කියනු ලැබේ.)"},{"id":107,"translation":"තම මුහුණු සුදු පැහැ ගැන් වූවන් වූ කලී, ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":108,"translation":"මේවා අල්ලාහ්ගේ වැකි වේ. ඒවා අපි නුඹ වෙත සත්‍යයෙන් යුතුව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නො වේ."},{"id":109,"translation":"අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය."},{"id":110,"translation":"ජනයා වෙනුවෙන් බිහි කරන ලද ශ්‍රේෂ්ඨතම ජන සමාජය නුඹලා වූයෙහු ය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහු ය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහු ය. තවද දේව ග්‍රන්ථය ලැබූ ජනයා ද විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක් ම වනු ඇත. ඔවුන් අතරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය."},{"id":111,"translation":"සුළු වේදනාවක් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නො හැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසුව ඔවුහු උදව් කරනු නො ලබති."},{"id":112,"translation":"ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසුන්ගේ රැහැනින් ඔවුහු මිදුණේ නම් මිස. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ද ලක් වූහ. එමෙන් ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපා සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ."},{"id":113,"translation":"ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නො වූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීරව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති."},{"id":114,"translation":"තවද ඔවුහු අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතුවල යුහුසුලුව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති."},{"id":115,"translation":"තවද ඔවුන් යම් යහපතක් කරන්නේ නම්, එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නො ලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැතිමතුන් පිළිබඳව සර්ව ඥානී ය."},{"id":116,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගෙන් වූ කිසිවකට (දඬුවමකට) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":117,"translation":"මෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑට උපමාව නම් තමන්ට ම අපරාධ කර ගත් ජන පිරිසකගේ කෙතට පතිත වී එය විනාශ කර දැමූ අධිසීතල සහිත දැඩි සුළඟක් මෙනි. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එහෙත් ඔවුන් ඔවුනට ම අපරාධ කර ගන්නෝ ය."},{"id":118,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලාගෙන් තොරව වෙනත් අය සමීපත ම මිතුරන් ලෙස නො ගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙහි අඩුවක් නො කරති. නුඹලා පීඩා විඳීම ඔවුහු ප්‍රිය කළෝ ය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණු ය. සැබැවින් ම නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු. නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම්."},{"id":119,"translation":"මෙන්න! නුඹලා ඔවුන්ව ප්‍රිය කරන්නෙහු ය. එහෙත් ඔවුහු නුඹලාව ප්‍රිය නො කරති. තවද නුඹලා ධර්ම ග්‍රන්ථය මුළුමනින් ම විශ්වාස කරන්නෙහු ය. තවද ඔවුන් නුඹලාව මුණ ගැසුණු විට “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ නමුත් ඔවුන් වෙන්ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහිව ඇඟිලි තුඩු විකුවෝ ය. නුඹලාගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානීය යැයි (නබිවරය!) පවසනු."},{"id":120,"translation":"නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් අත් වූයේ නම් එමඟින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නො වෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව ප්‍රකාරයෙන් ම දන්නා ය."},{"id":121,"translation":"(නබිවරය! උහද්) යුද්ධය සඳහා නියමිත ස්ථානයන්හි විශ්වාස කළ අයව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුලෙන් උදෑසන පිටත්ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය."},{"id":122,"translation":"නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත්ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ් ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය."},{"id":123,"translation":"නුඹලා දුබලයින්ව සිටිය දී ඇත්තෙන් ම අල්ලාහ් බද්ර් (සටනෙ)හි නුඹලාට උදව් කළේ ය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු."},{"id":124,"translation":"මලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නො වන්නේ දැ? යි දේව විශ්වාස කළ අයට (නබිවරය!) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":125,"translation":"නොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණිකව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත."},{"id":126,"translation":"නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමඟින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු කළේ නැත. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නො වීය."},{"id":127,"translation":"(එය) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීම සඳහා හා ඔවුන්ව නින්දාවට පත් කර පසුව ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යාම සඳහා ය."},{"id":128,"translation":"ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ නුඹට කිසිදු බලයක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය."},{"id":129,"translation":"අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේ ය. අභිමත කළ අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":130,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය ගුණයෙන් ගුණය වැඩි කර අනුභව නො කරනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු."},{"id":131,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළ වුනට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු."},{"id":132,"translation":"තවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු."},{"id":133,"translation":"නුඹලාගේ පරමාධිපති වෙතින් වූ සමාව වෙත ද දේව බිය බැතිමතුන්හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්‍රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙත ද නුඹලා යුහුසුලු වනු."},{"id":134,"translation":"ඔවුහු වනාහි සැපවත් මෙන් ම දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය."},{"id":135,"translation":"තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ්ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත්ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති."},{"id":136,"translation":"තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් සදාතනිකයින් ලෙස හිමි කරගන්නෝ ඔවුහු ම ය. යහකම් කළවුන්ගේ ප්‍රතිඵල යහපත් විය."},{"id":137,"translation":"නුඹලාට පෙර ද (මෙවැනි) පිළිවෙත් ඉකුත්ව ගොස් හමාර ය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණය කරනු."},{"id":138,"translation":"මෙය ජනයාහට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි."},{"id":139,"translation":"තවද නුඹලා දුර්වල නො වනු. තවද නුඹලා දුක් නො වනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්‍රේෂ්ඨයෝ නුඹලා ම ය."},{"id":140,"translation":"නුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇති වන්නේ නම් දැන ගනු සැබැවින් ම) එවැනි ම තුවාල එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි (ජය හෝ පරාජිත) දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන්ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන්ව ප්‍රිය නො කරයි."},{"id":141,"translation":"එමෙන් ම විශ්වාස කළවුන්ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්‍රතික්ෂේපකයින්ව විනාශ කරනු පිණිසත් ය."},{"id":142,"translation":"(විශ්වාස කළවුනි!) නුඹලා අතරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නො දැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳව ද ඔහු නො දැන, ස්වර්ග උයනට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?"},{"id":143,"translation":"නුඹලා (වීර) මරණය හමු වීමට පෙර සැබැවින් ම එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය අධීක්ෂණය කරමින් සියැසින් ම දුටුවෙහු ය."},{"id":144,"translation":"තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නො වේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නො කරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්‍රතිඵල පිරිනමනු ඇත."},{"id":145,"translation":"නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නො වීය. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්‍රතිඵල පිරිනමන්නෙමු."},{"id":146,"translation":"නබිවරුන්ගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ එක්ව (සතුරන්ට එරෙහි ව) දැහැමියෝ බොහෝ දෙනෙක් සටන් කර තිබේ ද?. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ඔවුහු අධෛර්ය නො වූහ. තවද ඔවුහු දුර්වල ද නො වූහ. එමෙන් ම (සතුරන්ට) යටහත් ද නො වූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්‍රිය කරයි."},{"id":147,"translation":"අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම්වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහිව ද අපට උදව් කරනු මැනව! යනුවෙන් පැවසීම මිස ඔවුන්ගේ වෙනත් වදනක් නො වීය."},{"id":148,"translation":"එවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමී ය. තවද අල්ලාහ් දැහැමියන්ව ප්‍රිය කරයි."},{"id":149,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලාව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා පරාජතයින් ලෙස නැවත හැරෙන්නෙහු ය."},{"id":150,"translation":"එහෙත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා ය."},{"id":151,"translation":"කවර දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නො කළේ ද, එවැනි දෙයක් ඔවුහු ඔහුට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කළවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරුවන්ගේ නවාතැන ඉතා නපුරු ය."},{"id":152,"translation":"ඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන්ව මරා දැමූ අවස්ථාවේදී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේ ය. අවසානයේ දී නුඹලා පරාජයට පත් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ මත භේද ඇති කරගත්තෝ ය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන්වූ පසුව ද නුඹලා පිටුපෑවෝ ය. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසුව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලාව ඔවුන්ගෙන් හැරෙව්වේ ය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේ ය. තවද අල්ලාහ් විශ්වාස කළවුන් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත ය."},{"id":153,"translation":"ධර්ම දූතයා (මුහම්මද්) නුඹලා පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නො බලා නුඹලා (කන්ද ට) නැග ගිය සැටි මෙනෙහි කර බලනු. මේ හේතුවෙන් නුඹලාට ද තැවුලෙන් තැවුල විපාක දුන්නේ ය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය ගැන ද, නුඹලාට හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නො වනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන මහා ප්‍රඥාවන්ත ය."},{"id":154,"translation":"අනතුරුව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේ ය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේ ය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේ ය. ඔවුහු අඥාන යුගයේ සිතුවිලි මෙන් අල්ලාහ් ගැන සත්‍ය නො වන දෑ සිතමින් “මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට ඇත්තේ දැ” යි විමසති. ‘සියලු කරුණු අල්ලාහ්ට’ යැයි පවසනු. නුඹට හෙළි නො කරන දෑ ඔවුහු ඔවුන්ගේ සිත් තුළ සඟවා ගනිති. ‘අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නො වන්නෙමු’ යැයි පවසති. ‘නුඹලා නුඹලාගේ නිවෙස්වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේ ම ය’ යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":155,"translation":"නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉතා ඉවසිලිවන්ත ය."},{"id":156,"translation":"‘අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් හට; මහපොළොවෙහි ඔවුන් ගමන් කළ විට හෝ යුද බටයින් ලෙස සිටින විට ඔවුන් අප සමඟ සිටියේ නම් මරණයට පත් නො වනු ඇත. එමෙන් ම ඝාතනය කරනු නො ලබනු ඇත’ යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද අල්ලාහ් ජීවය දෙයි, මරණයට පත් කරයි. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය."},{"id":157,"translation":"අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑට වඩා අතිඋතුම් ය."},{"id":158,"translation":"තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහු ය."},{"id":159,"translation":"අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදුව කටයුතු කළෙහි ය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත්ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කටයුතුවල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ ස්ථීර කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් (එසේ) භාර කරන්නන්ව ප්‍රිය කරන්නේ ය."},{"id":160,"translation":"අල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලාව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසුව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද? තවද විශ්වාස කළවුන් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය."},{"id":161,"translation":"වංචා කිරීම කිසිදු නබිවරයෙකුට (සුදුසු) නො වීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙනු ඇත. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලැබේ. තවද ඔවුන් අපරාධ කරනු නො ලබනු ඇත."},{"id":162,"translation":"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළේ කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරය ය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය."},{"id":163,"translation":"අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":164,"translation":"තම (අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන, තවද ඔවුන්ව පිවිතුරු කර වන, තවද ඔවුනට ග්‍රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේ ය. විශ්වාස කළවුන් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටියහ."},{"id":165,"translation":"නුඹලාට දුෂ්කර තත්ත්වයක් ඇති වූ කල්හි ඒ හා සමාන දෙගුණයක් (බදිර් හි) නුඹලා අත් වින්දෙහු ය. මෙය කෙසේ දැ? යි නුඹලා ඇසූහ. මෙය නුඹලා(ගේ වරද) තුළින් ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":166,"translation":"තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ (සිදු වූයේ) අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස කළවුන්ව හඳුන්වා දෙනු පිණිස ය."},{"id":167,"translation":"තවද කුහකයින් (කවුරුන් දැ? යි) ඔහු හඳුන්වා දෙනු පිණිස ය. නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් ම යැයි දන්නේ නම් අපි ද නුඹලාව පිළිපදින්නෙමු යැයි පැවසූහ. ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්‍රතික්ෂේප කිරීමට ඉතා සමීපයෙන් එදින සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛවලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳව මැනවින් දන්නා ය."},{"id":168,"translation":"(යුද්ධයට නො ගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින් හමුවෙහි මොවුහු \"අපට අවනත වූයේ නම් ඝාතනය කරනු නො ලබන්නට තිබුණි\" යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් \"මරණය නුඹලාගෙන් වළක්වා ගනු\" යැයි (නබිවරය!) නුඹ විමසනු."},{"id":169,"translation":"අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නො සිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත්ව සිටින්නෝ ය."},{"id":170,"translation":"අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සෙන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත. තවද තමන් දුකට පත්වන්නන් ද නොවෙතැ යි ඔවුහු ප්‍රීතිමත් වෙති."},{"id":171,"translation":"අල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්‍යයන් පිළිබඳව ඔවුහු ප්‍රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කළවුන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරන්නේ ය."},{"id":172,"translation":"ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසුව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත."},{"id":173,"translation":"ඔවුහු වනාහි නියත වශයෙන් ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස්වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේ ය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ."},{"id":174,"translation":"එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නො වීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝ ය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය."},{"id":175,"translation":"සැබැවින් ම එලෙසය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නො වනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු."},{"id":176,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙහි යුහුසුලුව කටයුතු කරන අය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නො හැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නො කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත."},{"id":177,"translation":"නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය මිලට ගත්තවුන් වනාහි අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට ඔවුන්හට නො හැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":178,"translation":"ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නො සිතිය යුතු ය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධිකව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන්හට නින්දා සහගත දඬුවම ඇත."},{"id":179,"translation":"අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින්ව අතහැර දමන්නට නො වීය. එමෙන් ම අදෘශ්‍යමාන දෑ නුඹලාට පෙන්වා දෙන්නට ද අල්ලාහ්ට නො වීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කර; බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත."},{"id":180,"translation":"අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නො සිතිය යුතු ය. එහෙත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්හට ගෙල මාල පලඳවනු ලබන්නේ ය. තවද අහස්හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":181,"translation":"සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේ දී) පවසන්නෙමු."},{"id":182,"translation":"මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නො වේ."},{"id":183,"translation":"ඔවුහු වනාහි කුර්බානයක් (කැපයක්) අප වෙත රැගෙන විත් ගින්න එය ගිල දමන තෙක් කිසිදු ධර්ම දූතයෙකුව අප විශ්වාස නො කරන්නෙමු යැයි අල්ලාහ් අප සමඟ ගිවිසගෙන ඇතැයි පැවසුවෝ ය. මට පෙර ද පැහැදිලි සාධක සමඟ හා නුඹලා පවසා සිටි දෑ සමඟ ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා ඔවුන් ඝාතනය කළේ මන්දැ යි අසනු."},{"id":184,"translation":"එසේ නුඹව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), නුඹට පෙර පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථ සමඟ ද පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ."},{"id":185,"translation":"සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේ ය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත."},{"id":186,"translation":"නුඹලාගේ වස්තු හා නුඹලා තුළ ද සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහු ය. තවද නුඹලාට පෙර විසූ ධර්ම ග්‍රන්ථ පිරිනමනු ලැබූවන් හා ආදේශ කළ අයගෙන් බොහෝ වදවේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය ස්ථීර කරුණු අතුරින් වෙයි."},{"id":187,"translation":"වේද ග්‍රන්ථය දෙනු ලැබූවන්ගෙන් \"නුඹලා ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු. තවද නුඹලා එය වසන් නොකරනු\" යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්‍රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය."},{"id":188,"translation":"(නබිවරය!) තමන් ගෙන ආ දෑ පිළිබඳ සතුටු වන අය ගැන හා තමන් නො කළ දෑ පිළිබඳව ප්‍රශංසා කරනු ලැබීම ප්‍රිය කරනවුන් ගැන නුඹ නො සිතනු. එමෙන් ම දඬුවමින් (මිදී) ජයග්‍රහණය ඔවුනට තිබේ යැයි නුඹ නො සිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත."},{"id":189,"translation":"අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":190,"translation":"නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත."},{"id":191,"translation":"ඔවුහු වනාහි සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැතිවලට ඇල වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ මෙය නිකරුණේ නො මැව්වෙහි ය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව!"},{"id":192,"translation":"අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ කවෙරෙකුව නිරා ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම නුඹ ඔහුව අවමානයට පත් කරන්නෙහි ය. තවද අපරාධ කරුවන්ට උදව් කරුවන් කිසිවෙකු නොමැත."},{"id":193,"translation":"අපගේ පරමාධිපතියාණනි! “නුඹලාගේ පරමාධිපතිව නුඹලා විශ්වාස කරනු” යැයි, දේව විශ්වාසය වෙත කැඳ වන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අපව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!"},{"id":194,"translation":"“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපව දුකට පත් නො කරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නො කරන්නෙහි ය.” (යැයි ප්‍රාර්ථනා කරති.)"},{"id":195,"translation":"එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේ ය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නො කරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස්වලින් බැහැර කරනු ලදුව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන්හි ඔවුන්ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙතය අලංකාර කුසල් ඇත්තේ."},{"id":196,"translation":"විවිධ දේශයන්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹව රවටා නො දැමිය යුතු ය."},{"id":197,"translation":"(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය."},{"id":198,"translation":"එහෙත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වනාහි ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨ ය."},{"id":199,"translation":"තවද නියත වශයෙන් ම ධර්ම ග්‍රන්ථ හිමි අය අතුරින් අල්ලාහ්ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත්ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නො ගනිති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් හිමි කර ගන්නෝ ඔවුහු ම ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."},{"id":200,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසනු. තවද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන් වනු. තවද නුඹලා ස්ථාවරව සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස."}]},{"id":4,"verses":[{"id":1,"translation":"අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේ ය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේ ය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේ ය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය."},{"id":2,"translation":"තවද අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා පිවිතුරු දෑ වෙනුවට කිලිටි දෑ හුවමාරු නො කරනු. තවද ඔවුන්ගේ වස්තුව නුඹලාගේ වස්තුව සමඟ එකතු කර කා නො දමනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි."},{"id":3,"translation":"අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් (ඔවුන් හැර වෙනත්) කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙක හෝ තිදෙනෙක හෝ සිව් දෙනෙක හෝ නුඹලා විවාහ කර ගනු. එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගතව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි (වහල්) කතක් හෝ පමණක් විය යුතු ය. නුඹලා අයුක්තිය ඉටු නො කිරීමට එය වඩා සමීප මාර්ගයයි."},{"id":4,"translation":"තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ (මහර් හෙවත් යුතුකමක් වශයෙන් පිරිනමන විවාහ) පරිත්‍යාග සිත් මනාපයෙන් පිරිනමනු. පසුව ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා (කිසිදු පීඩාවකින් තොරව) පහසුවෙන් අනුභව කරනු."},{"id":5,"translation":"තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවැරූ නුඹලාගේ ධන සම්පත් බුද්ධි හීන වූ අයට නො දෙනු. තවද ඒවායෙන් ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට ප්‍රිය වදනින් කතා කරනු."},{"id":6,"translation":"අනාථයින් විවාහ වියට ළඟා වූ විට ඔවුන් පරීක්ෂාවට ලක් කරනු. එවිට ඔවුන් අතුරින් (වගකීම් දරන) නිසි මඟක් දුටුවෙහු නම් ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇතැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නො කරනු. තවද කවරෙකු පොහොසතෙකු වූයේද ඔහු වැළකී සිටිය යුතු ය. තවද කවරෙකු දිළිඳු වූයේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නෙක් වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":7,"translation":"දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයට ද ඇත. සුළු ප්‍රමාණයක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ වේවා එයින් නියම කරන ලද කොටසක් ඇත."},{"id":8,"translation":"බෙදීමේ දී (වස්තුවට උරුමකම් නො ලබන) ඥාතීන්, අනාථයින්, දුගියන් පැමිණ සිටියේ නම් එවිට නුඹලා එයින් ඔවුන්ව පෝෂණය කරනු. තවද ප්‍රිය වදනින් ඔවුනට කතා කරනු."},{"id":9,"translation":"තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතු ය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතු ය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතු ය."},{"id":10,"translation":"තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතු ය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතු ය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතු ය."},{"id":11,"translation":"අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි, පිරිමියෙකු සතු කොටස කාන්තාවන් දෙදෙනෙකු සතු කොටස මෙන් සමාන විය යුතු යැයි උපදෙස් දෙන්නේ ය. එහෙත් (මිය ගිය අයට) දෙදෙනෙකුට වඩා කාන්තාවන් සිටියේ නම්, එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි නම්, ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතු ය. එහෙත් ඔහුට දරුවෙකු නො වී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. එහෙත් ඔහුට සහෝදරයින් සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නො දන්නෙහු ය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව; ප්‍රඥාවන්ත විය."},{"id":12,"translation":"නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. එහෙත් ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නො සිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. එහෙත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) ‘කලාලා’ නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතු ය. එහෙත් ඊට වඩා අධිකව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසකට හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුමකරුවන් කිසිවෙකුට) හිංසාවක් නො විය යුතු ය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සෙනෙහෙවන්ත ය."},{"id":13,"translation":"මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහුව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඇතුළත් කරයි. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඉමහත් ජයග්‍රහණය එයයි."},{"id":14,"translation":"තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ඔහුව ගින්නට ඇතුළත් කරයි. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත."},{"id":15,"translation":"නුඹලාගේ කාන්තාවන් අතුරින් ඇතැමුන් අශීලාචාර ක්‍රියාවක යෙදුනේ නම් එවිට ඔවුනට එරෙහිව නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට (එම කාන්තාවන්ට) මරණය එළඹෙන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවෙස්හි ඔවුන්ව රඳවා තබනු."},{"id":16,"translation":"නුඹලා අතුරින් අශීලාචාර ක්‍රියාවක යෙදුනු දෙදෙනෙකුට නුඹලා දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා පරම කරුණාභරිත විය."},{"id":17,"translation":"අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව කෙටි කලකින් පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය."},{"id":18,"translation":"ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් ඔවුන් නපුරුකම් කර “දැන් මම පාපක්ෂමාව අයැදිමි” යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද (පාපක්ෂමාව) නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්තෙමු."},{"id":19,"translation":"අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් උරුම කර ගැනීම නුඹලාට අනුමත නො වෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් නුඹලා ගෙන යනු පිණිස (ඔවුන් විවාහයක් සිදු කර ගැනීමෙන්) නුඹලා ඔවුන්ව නො වළක්වනු. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන්ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. (එසේ පිළිකුල් කරන) දෙයෙහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන."},{"id":20,"translation":"භාර්යාවක ස්ථානයේ තවත් භාර්යාවක් මාරු කරන්නට නුඹලා අදහස් කරන්නේ නම් ඔවුන්ගෙන් එක් තැනැත්තියකට නුඹලා ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නො ගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා පැහැදිලි පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?"},{"id":21,"translation":"නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු සමඟ (විවාහ) සබඳතා පවත්වා ගෙන ගොස් තිබිය දී සහ නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ලබා ගෙන තිබිය දී නුඹලා එය (දුන් දෑ) ගත හැක්කේ කෙසේ ද?"},{"id":22,"translation":"නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ නො කරනු. එහෙත් පෙර පැවති සිදුවීම් හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරු ය."},{"id":23,"translation":"නුඹලාගේ මව්වරුන්, නුඹලාගේ දූවරුන්, නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්), නුඹලාගේ මවගේ සහෝදරියන්, (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන්, සහෝදරියගේ දූවරුන්, නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන්, කිරි පෙවීම හේතුවෙන් වූ නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් සහ නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑවරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ දූරුවන් නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදි. එහෙත් නුඹලා ඔවුන් (එම බිරියන්) වෙත ප්‍රවේශ නො වූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑවරුන් (ලේලියන්) ද පෙර පැවති දෑ හැර (මින් පසු), සහෝදරියන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදි. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; පරම කරුණාභරිත ය."},{"id":24,"translation":"(යුධ සිරකාරියන් අතරින්) නුඹලාගේ පාලනය යටතෙහි සිටින (වහල්) කාන්තාවන් හැර සෙසු විවාහක කාන්තාවන් (සමඟ විවාහ වීම ද තහනම් කරන ලදි. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. මොවුන් හැරුණු විට (වෙනත් ස්ත්‍රීන් කාමයේ) වරදවා හැසිරීමකින් තොරව පතිවත රකිමින් නුඹලාගේ සම්පත් (මහර් පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදි. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී (මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර්හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳව නුඹලා එකිනෙකා අතර එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින් ම අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්තය"},{"id":25,"translation":"දේවත්වය විශ්වාස කළ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතුරින් නුඹලා සතු දේවත්වය විශ්වාස කරන වහල් කාන්තාවන්ගෙන් (විවාහය) විය යුතු ය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා ය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නො යෙදන, එමෙන් ම රහසිගතව හෝ දුරාචාරයේ නො යෙදන කාන්තාවන්ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) යහ අයුරින් පිරිනමා නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයට ය. එහෙත් නුඹලා ඉවසිලිමත්ව කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":26,"translation":"නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":27,"translation":"තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. එහෙත් මනෝ ආශාවන් අනුගමනය කරන්නෝ නුඹලා සම්පූරණයෙන් ම (නොමඟට) නැඹුරු වීම අපේක්ෂා කරති."},{"id":28,"translation":"(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත."},{"id":29,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නො කරනු. තවද නුඹලා නුඹලාව ම ඝාතනය නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය."},{"id":30,"translation":"කවරෙකු සතුරුකමින් හා අයුක්ති සහගත ලෙස එය සිදු කරන්නේ ද එවිට අපි ඔහුව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය."},{"id":31,"translation":"කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලාව ගෞරවනීය පිවිසුම් ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු."},{"id":32,"translation":"තවද නුඹලාගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නො කරනු. පුරුෂයින්ට ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන් ම කාන්තාවන්ට ද ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":33,"translation":"(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුට ම, දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට, භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් අය වනාහි ඔවුනට ඔවුන්ගේ කොටස පිරිනමනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සාක්ෂිකරු ය."},{"id":34,"translation":"පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝ ය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. දැහැමි කාන්තාවෝ (සැමියාට) අවනත වන, අල්ලාහ්ගේ ආරක්ෂාවෙන් (සිය සැමියන්) නැති විටක (ඔවුන්ගේ අයිතිවාසිකම්) ආරක්ෂා කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බිය වන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන්ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන් පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නො සොයනු. සැබැවින් ම අල්ලාහ් අතිඋත්තරීතර අතිමහත් ය."},{"id":35,"translation":"තවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද ඇයගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":36,"translation":"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නො කරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලීව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නො වන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (නුඹලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලීව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අයව ප්‍රිය නො කරන්නේ ය."},{"id":37,"translation":"මසුරුකම් කර, මසුරුකම කෙරෙහි මිනිසුනට නියෝග කර, අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන්ට පිරිනැමූ දෑ වසන් කරන අය වනාහි (එවන්) ප්‍රතික්ෂේපකයින්ට අපි නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු."},{"id":38,"translation":"තවද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නො කරන ඔවුන් (ෂයිතාන්වරුන්ගේ මිතුරන් ය) ෂයිතාන් කවරකුගේ මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය."},{"id":39,"translation":"ඔවුහු අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට එරෙහිව පිහිටනුයේ කුමක් ද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳව සර්වඥානී ය."},{"id":40,"translation":"සැබැවින් ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නො කරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු ගුණ කරනු ඇත. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි."},{"id":41,"translation":"සෑම සමූහයකින් ම අප සාක්ෂිකරුවෙකු ගෙන ආ විට මොවුන්ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආවේ නම් (ප්‍රතික්ෂේප කළ වුන්ගේ තත්ත්වය) කෙසේ වන්නේ ද?"},{"id":42,"translation":"(අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කොට, රසූල්වරයාට පිටු පෑ අය වනාහි එදින ඔවුන් මහ පොළොව සමඟ සමතලා කරනු ලැබුවේ නම්! යැයි ප්‍රිය කරති. කිසිදු සිදුවීමක් ඔවුන් අල්ලාහ් හමුවෙහි වසන් නො කරනු ඇත."},{"id":43,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා මත්ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නො වනු. තවද කිලිටි තත්ත්වයේ සිටින්නා ද ස්නානය කරන තෙක් (සලාතයට) ළං නො වනු. එහෙත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේ ම නුඹලා රෝගීව හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නො ලැබූනේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින් ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නො කර) නො සලකා හැර පාපක්ෂමාව පිරිනමන්නා ය."},{"id":44,"translation":"ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්‍රිය කරති."},{"id":45,"translation":"තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳව මැනවින් දන්නා ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":46,"translation":"වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතුරින් වෙති. එමෙන් ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑ වෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන) \"රාඉනා\" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද \"උන්ළුර්නා\" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නො කරති."},{"id":47,"translation":"අහෝ ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවනි! අපි ඔබේ මුහුණු විකෘති කොට ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර හෝ නුඹලා සතුව ඇති දෑ තහවුරු කරමින් අපි නුඹලාට පහළ කළ දෑ විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන් ම සිදු කරනු ලබන්නක් විය."},{"id":48,"translation":"සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නො දෙයි. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ කරන්නේ ද සැබැවින් ම ඔහු මහත් පාපයක් ගෙතුවේ ය."},{"id":49,"translation":"ඔවුන් ඔවුන්වම පිවිතුරු කර ගන්නන් දෙස නුඹ නො බැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත කළ අයව පිවිතුරු කරනුයේ අල්ලාහ් ය. තවද ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ."},{"id":50,"translation":"අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ? යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් වශයෙන් එය ප්‍රමාණවත් විය."},{"id":51,"translation":"ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් දෙනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු මිථ්‍යාවන් සහ නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද “විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි” යැයි ඔවුහු ප්‍රතික්ෂේප කළවුනට පවසති."},{"id":52,"translation":"අල්ලාහ් ශාප කළවුන් මොවුහු ම ය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කරන්නේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු කිසිවිටක නුඹ නො දකින්නෙහි ම ය."},{"id":53,"translation":"එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නො නමති."},{"id":54,"translation":"එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝ ද? සැබැවින් ම ඉබ්රාහීම්ගේ පවුලට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු."},{"id":55,"translation":"ඒ අනුව ඔවුන් අතුරින් එය විශ්වාස කළවුන් ද වෙති. එමෙන් ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති. ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් විය."},{"id":56,"translation":"සැබැවින් ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි මතු දිනයේ දී ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම කලකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":57,"translation":"විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන් ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු බිරින්දෑවරුන් වෙති. තවද අපි ඔවුන්ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු."},{"id":58,"translation":"පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගතව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි. සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය."},{"id":59,"translation":"විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. එහෙත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨ ය. එමෙන් ම (එහි) අවසානය ද වඩා අලංකාර ය."},{"id":60,"translation":"නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන් ම තමන් විශ්වාස කළ බවට සිතමින් සිටි අය දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. සැබැවින් ම එය ප්‍රතික්ෂේප කරන ලෙස ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. තවද ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන්ව මුළා කිරීමට අපේක්ෂා කරයි."},{"id":61,"translation":"තවද අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට, කුහකයින් නුඹෙන් දැඩි ලෙස වැළකී සිටිනු නුඹ දුටුවෙහි ය."},{"id":62,"translation":"ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට ඉන් පසුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නො කරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණි විට කෙසේ වේවි ද?"},{"id":63,"translation":"ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේ ය. එබැවින් ඔවුන්ව නො සලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ සිත් තුළට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු."},{"id":64,"translation":"අල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු. සැබැවින් ම ඔවුන් ඔවුන්ට ම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියදී, රසූල්වරයා (වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් ඔහු දැක ගනු ඇත."},{"id":65,"translation":"එසේ නො ව, නුඹගේ පරමාධිපති මත දිවුරමින්! ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී, ඔවුන් නුඹව විනිශ්චය කරුවෙකු ලෙස පිළිගෙන, පසුව නුඹ දුන් තීන්දුවේ කිසිදු වරදක් ඔවුන් තුළ නො දැක, ඔවුන් පූර්ණව අවනත වන තෙක් ඔවුන් විශ්වාස නො කරනු ඇත."},{"id":66,"translation":"“නුඹලා නුඹලාව ම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස්වලින් බැහැර කරනු” යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නො කරනු ඇත. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත්වයක් වන්නට තිබිණ."},{"id":67,"translation":"එවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි."},{"id":68,"translation":"තවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි."},{"id":69,"translation":"කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුහු මය අල්ලාහ්ගේ ආශිර්වාද කළ නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමඟ සිටින්නෝ. මිතුරකු වශයෙන් යහපත් වනුයේ ඔවුහු ම ය."},{"id":70,"translation":"මෙම භාග්‍යය අල්ලාහ් වෙතිනි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය."},{"id":71,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝ ම එකට හෝ පිටත්ව යනු."},{"id":72,"translation":"තවද සැබැවින් ම නුඹලා අතරින් (යුද්ධයට නො යා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේ දී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට \"මා ඔවුන් සමඟ සහාභාගී නො වීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ\" යි පවසයි."},{"id":73,"translation":"අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් \"අහෝ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත් වූ ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි\" යනුවෙන් නුඹලාටත් ඔහුටත් අතරේ කිසිදු සම්බන්ධයක් නො තිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ."},{"id":74,"translation":"මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා. කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලබන්නේ නම් හෝ ජයග්‍රහණය කරන්නේ නම් හෝ මහත් වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු."},{"id":75,"translation":"“අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් අපව පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!” යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී, අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නො වැද සිටීමට නුඹලාට කුමක් වී ද?"},{"id":76,"translation":"විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන් ම ප්‍රතික්ෂේප කළවුන් නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිනු. සැබැවින් ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය."},{"id":77,"translation":"නුඹලාගේ අත් (සටන් කිරීමෙන්) වළක්වා ගනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණනි! අපහට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලකට අපව ප්‍රමාද කරන්නට තිබුණා නො වේ දැ? යි පවසති. (නබිවරය!) පවසනු මෙලොව වින්ඳනය අල්ප ය. බිය බැතිමතුන්හට මතු ලොව ශ්‍රේෂ්ඨ ය. ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද නුඹලා අපරාධ කරනු නො ලබන්නෙහු ය."},{"id":78,"translation":"නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලා හමුවට ළඟා වනු ඇත. නුඹලා බලවත් බලකොටුවක් තුළ සිටිය ද. (නබිවරය!) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයාට සිදු වී ඇත්තේ කුමක්ද? ඔවුන් (ඔබේ) පුවත අවබෝධ කර ගැනීමට තැත් නො කරති."},{"id":79,"translation":"(නබිවරය!) නුඹට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි. (යැයි පවසනු) තවද අපි නුඹව ජනයාට ධර්ම දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":80,"translation":"කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස යැව්වේ නැත."},{"id":81,"translation":"අපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. එහෙත් නුඹ වෙතින් ඔවුහු බැහැරව ගිය විට ඔවුන් අතරින් පිරිසක් නුඹ නො පැවසූ දෑ ගැන රාත්‍රිය පුරා ම කුමන්ත්‍රණය කරති. ඔවුන් රාත්‍රියේ කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":82,"translation":"අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නො වේ ද? එය අල්ලාහ් නො වන කෙනෙකු වෙතින් වූයේ නම් එහි ඔවුහු පරස්පර වෙනස්කම් බොහෝමයක් ම දකිනු ඇත."},{"id":83,"translation":"(පොදු) ආරක්ෂාව හෝ භීතිය ගැන තොරතුරක් ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය පතුරවා හරිති. තවද ඔවුන් එය (අල්ලාහ්ගේ) දූතයා වෙතටත් ඔවුන් අතරින් කටයුතු භාර උදවිය වෙතටත් යොමු කළේ නම් ඒ ගැන පරිශීලනය කරන්නන් එය දැන ගනු ඇත. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් ස්වල්ප දෙනකු හැර නුඹලා ෂෙයිතාන්ව අනුගමනය කරන්නට තිබිණ."},{"id":84,"translation":"එසේ නම් (නබිවරය!) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. නුඹට මිස වෙනත් කිසිවකුට බල කරනු නො ලැබේ. තවද දේවත්වය විශ්වාස කළවුන්ව දිරි ගන්වනු. දේව ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රහාරය අල්ලාහ් මැඩපවත්වනු ඇත. තවද අල්ලාහ් ප්‍රහාර එල්ල කිරීමෙහි ඉතා දැඩි ය; තවද දඬුවම් දීමෙහි ද ඉතා දැඩි ය."},{"id":85,"translation":"කවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමි ය. එමෙන් ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමි ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය."},{"id":86,"translation":"සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතනු. එසේ නැතහොත් එයම ආපසු ප්‍රතිචාර ලෙස දක්වනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ ගණනය කරන්නා ය."},{"id":87,"translation":"අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු නුඹලාව රැස් කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්‍යවාදී කවු ද?"},{"id":88,"translation":"කුහකයින් විෂයයෙහි නුඹලා දෙපිරිසක් වන්නේ ඇයි? ඔවුන් ඉපැයූ දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව අවමානයට පත් කළේ ය. අල්ලාහ් නොමඟ යන්නට ඉඩ හැරී අයහට මඟපෙන්වීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට නුඹ ඔහු වෙනුවෙන් කිසිදු මඟක් නො දකින්නෙහි ම ය."},{"id":89,"translation":"ඔවුහු ප්‍රතික්ෂේප කළාක් මෙන් නුඹලා ද ප්‍රතික්ෂේප කර නුඹලා (ඔවුන් හා) සමාන වීම ගැන ඔවුහු ප්‍රිය කරති. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන් අතරින් කිසිවකු නුඹලා මිතුරන් ලෙස නො ගනු. ඔවුන් පිටුපෑවේ නම් ඔවුන්ව (සිරකරුවන් ලෙස) නුඹලා හසු කර ගනු. (‍ද්‍රෝහි වී ඉන් මිදීමට තැත් කළ විට) නුඹලා ඔවුන්ව දුටු තැන මරා දමනු. ඔවුන්ගෙන් කිසිවකු භාරකරුවකු වශයෙන් හෝ උදව් කරුවකු වශයෙන් හෝ නො ගනු."},{"id":90,"translation":"එහෙත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් සමඟ සේන්දු වන අය හෝ නුඹලා සමඟ සටන් වැදීමෙන් හා ඔවුන්ගේ පිරිස සමඟ සටන් වැදීමෙන් තම හදවත් මැඩ පවත්වා ගනිමින් නුඹලා වෙත පැමිණි අය හෝ හැර. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන්ව ඔහු පත් කර පසුව ඔවුහු නුඹලා සමඟ සටන් වදින්නට තිබිණ. එබැවින් ඔවුන් නුඹලාගෙන් ඉවත්ව නුඹලා සමඟ සටන් නො වැද නුඹලාට සාමය ඉදිරිපත් කළේ නම් ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට අල්ලාහ් නුඹලාට කිසිදු මගක් ඇති නො කළේ ය."},{"id":91,"translation":"තවත් පිරිසක් නුඹලා මතුවට දකිනු ඇත. ඔවුහු නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්‍රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීමටත් අපේක්ෂා කරති. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩිව නියැළෙති. එබැවින් ඔවුන් නුඹලාගෙන් ඉවත් වී නුඹලා වෙත සාමය ඉදිරිපත් කර, ඔවුන්ගේ දෑත් නුඹලාගෙන් ඉවත් කර නො ගත්තේ නම්, නුඹලා ඔවුන්ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැන්නන්ට එරෙහි වීමට, අපි ප්‍රකට බලයක් නුඹලාට ඇති කළෙමු."},{"id":92,"translation":"වැරදීමකින් මිස දේවත්වය විශ්වාස කළ අයකු ඝාතනය කිරීමට දේවත්වය විශ්වාස කළ අයකුට සුදුසු නො වීය. තවද කවරෙකු දේවත්වය විශ්වාස කළ අයකුව වැරැදීමකින් ඝාතනය කළේ ද එවිට ඔහු දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක් ද පිරිනැමිය යුතු වේ. එහෙත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට සතුරු පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේවත්වය විශ්වාස කරන අයෙකු ලෙස ද සිටී නම් දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු ය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු ය. තවද කවරෙකු (මේවා) නො ලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතු ය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":93,"translation":"කවරෙකු දේවත්වය විශ්වාස අයෙකුව උවමනාවෙන් ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිවිපාකය නිරය වේ. එහි ඔහු සදාතනිකයකු වේ. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප විය. තවද ඔහුට ශාප කළේ ය. තවද ඔහු වෙනුවෙන් අතිමහත් දඬුවමක් පිළියෙල කර ඇත්තේ ය."},{"id":94,"translation":"දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වැදීමට) ගිය විට (සතුරා කවුරුන් දැ? යි) පැහැදිලි කර ගනිවු. නුඹලාට සලාම් (සමාදානය) ඉදිරිපත් කළ අයට නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සොයමින් ‘නුඹ දේවත්වය විශ්වාස කළ අයකු නො වේ’ යැයි නො පවසනු. අල්ලාහ් අබියස බොහෝ සම්පත් ඇත. මීට පෙර නුඹලා ද සිටියේ මෙලෙස ම ය. පසුව අල්ලාහ් නුඹලාට උපකාර කළේ ය. එබැවින් පැහැදිලි කර ගනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":95,"translation":"දේවත්වය විශ්වාස කළ අය අතරින් බාධක කරුණු ඇත්තන් හැර (සටනට නො ගොස්) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන්ට සමාන නො වන්නේ ය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළවුන්ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේ ය. අල්ලාහ් සියල්ලන්හට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැපකළවුන්ව (සටනට නො ගොස්) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් අතිමහත් ප්‍රතිඵලවලින් උසස් කර ඇත."},{"id":96,"translation":"තරාතිරමෙන් ද සමාවෙන් ද ආශිර්වාදයෙන් ද (අල්ලාහ් ඔවුන්ව උසස් කර ඇත). තවද අල්ලාහ් අතික්ෂමාශීලී; මහා කරුණාභරිතය."},{"id":97,"translation":"තමන්ට ම අපරාධ කර ගත්තවුන් ලෙස සිටිය දී ඔවුන්ව මලක්වරු මරණයට පත් කරන විට “නුඹලා කවර තත්ත්වයක සිටියෙහු දැ” යි විමසති. එවිට “මහපොළොවේ අපි දුබලයින් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති. “අල්ලාහ්ගේ මහපොළොව විශාල නො වී ද? එහෙයින් නුඹලා එහි සංක්‍රමණය වීමට තිබුණි” යැයි පවසති. මොවුන් පිවිසෙන ස්ථානය නිරය වේ. එය නවාතැනින් ඉතා නපුරු විය."},{"id":98,"translation":"ඔවුනට කිසිදු උපාය මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති, කිසිදු මාර්ගයක් මඟ පෙන්වනු නො ලැබූ, පිරිමින් අතුරින් දුබලයින් ද කාන්තාවන් ද ළමුන් ද හැර."},{"id":99,"translation":"එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකි ය. තවද අල්ලාහ් සමාව දෙන්නා ය; අතික්ෂමාශීලී ය."},{"id":100,"translation":"අල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු නික්ම යන්නේ ද ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැරව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ කුලිය අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":101,"translation":"නුඹලා භූමියෙහි ගමන් කළ විට, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත්, සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට ප්‍රකට සතුරන් වූහ."},{"id":102,"translation":"(නබිවරය! යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතු ය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතු ය. ඔවුහු සුජූද් කළ විට නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතු ය. සලාතය ඉටු නො කළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතු ය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතු ය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ආයුධ ඔවුන් ගත යුතු ය. දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානීව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන්ව සිටියේ නම් හෝ නුඹලාගේ ආයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එහෙත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතු ය. සැබැවින් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත."},{"id":103,"translation":"නුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද, වාඩිවෙමින් ද, නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරනු. නුඹලා සැනසුනමට පත් වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි."},{"id":104,"translation":"එම (සතුරු) පිරිස සොයා යාමෙහි නුඹලා පසු නො බසිනු. නුඹලා වේදනාවට පත් වුව ද එසේ නුඹලා වේදනාවට පත්වනවාක් මෙන් ම ඔවුන් ද වේදනාවට පත් වනු ඇත. එමෙන් ම ඔවුන් අපේක්ෂා නො කරන දෙයක් නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහු ය. තවද අල්ලාහ් සර්වඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":105,"translation":"(නබිවරය!) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෑ තුළින් ජනයා අතර නුඹ තීන්දු ලබා දීම පිණිස සැබැවින් ම සත්‍යයයෙන් යුතුව අපි නුඹ වෙත අල් කුර්ආනය පහළ කළෙමු. තවද වංචනිකයින් වෙනුවෙන් වාද කරන්නෙකු නො වනු."},{"id":106,"translation":"තවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්ත ය."},{"id":107,"translation":"තමන්ට ම වංචා කරන්නන් ගැන නුඹ වාද නො කරනු. සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහීන් හා පාපතරයින්ව ප්‍රිය නො කරයි."},{"id":108,"translation":"ඔවුන් ජනතාවගෙන් සැඟවිය හැකි ය. එහෙත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි ය. දෙවියන් ප්‍රිය නො කරන කථා රාත්‍රියේ දී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටියේ ය."},{"id":109,"translation":"මෙන්න! නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් ගැන වාද කරන්නෙහු ය. එහෙත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුරු ද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරුවෙකු වනුයේ කවුරු ද?"},{"id":110,"translation":"කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ට ම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ්ව අතික්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකිනු ඇත."},{"id":111,"translation":"කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ට ම එරෙහිව ය. තවද අල්ලාහ් සර්වඥානී; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":112,"translation":"කවරෙකු වරදක් හෝ පාපයක් හෝ උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේ ය."},{"id":113,"translation":"(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නො වී නම් ඔවුන් අතරින් පිරිසක් නුඹව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. එහෙත් ඔවුන්ව ම මිස වෙන කිසිවකු ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නො කරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේ ය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්වී ය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්‍යය අතිමහත් ය."},{"id":114,"translation":"දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කවරෙකු විසින් විධානයක් කළේ ද ඔහුගෙන් හැර ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල මතුවට පිරිනමන්නෙමු."},{"id":115,"translation":"කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල්වරයාට පිටු පා, දේවත්වය විශ්වාස කළවුන්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද, අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහුව යොමු කරන්නෙමු. තවද ඔහුව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය."},{"id":116,"translation":"සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නො දෙන්නේ ය. ඒ හැර (අනෙකුත්) දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් මුලා විය."},{"id":117,"translation":"(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව දේවතාවියන්ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද දූෂිත ෂෙයිතාන්ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත."},{"id":118,"translation":"අල්ලාහ් ඔහුට (ෂෙයිතාන්ට) ශාප කළේ ය. එවිට ඔහු (ෂෙයිතාන්) \"සැබැවින් ම මම නුඹගේ ගැත්තන් අතරින් නියමිත කොටසක් ග්‍රහණය කර ගනිමි\" යැයි පැවැසුවේ ය."},{"id":119,"translation":"සැබැවින් ම මම ඔවුන්ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේ ය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන්ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින් ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේ ය."},{"id":120,"translation":"ඔවුනට ඔහු පොරොන්දු දෙයි. තවද ඔවුනට ආශාවන් ඇති කරයි. ෂෙයිතාන් රැවටීම මිස ඔවුනට පොරොන්දු නො දෙයි."},{"id":121,"translation":"ඔවුහු වනාහි ඔවුන්ගේ නවාතැන නිරයයි. එයින් කිසිදු ගැලවුමක් ඔවුන් නො දකිනු ඇත."},{"id":122,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඊට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තුළට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවක් විය. තවද අල්ලාහ්ට වඩා කියමනෙන් වඩාත් සත්‍යවන්නේ කවරෙකු ද?"},{"id":123,"translation":"නුඹලාගේ ආශාවන් හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් අනුව නො වේ. කවරෙකු නපුරක් කරන්නේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නො ලබනු ඇත."},{"id":124,"translation":"පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකුව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":125,"translation":"දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංකව පිළිපදින්නෙකුට වඩා දහමින් ඉතා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම්ව මිතුරෙකු බවට ගත්තේ ය."},{"id":126,"translation":"අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ට ම හිමි ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වප්‍රකාරයෙන් දන්නා ය."},{"id":127,"translation":"(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු. ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නො දී ඔවුන්ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය."},{"id":128,"translation":"කාන්තාවක් ඇයගේ සැමියාගෙන් යම් පිළිකුලක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතාවකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා මත වරදක් නො වේ. සමතය ශ්‍රේෂ්ඨ ය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥාන වන්ත ය."},{"id":129,"translation":"තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නො දරන්නෙහු ම ය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇයව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නො දමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":130,"translation":"ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, සෑම කෙනෙකුව ම අල්ලාහ් තම පහසුකම් තුළින් අවශ්‍යතා රහිත කරවයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාප්ත ය. සර්ව ප්‍රඥාවන්තය ය."},{"id":131,"translation":"අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමි ය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද, නුඹලාට ද, අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින් ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් පොහොසත් ය; ප්‍රශංසාලාභී ය."},{"id":132,"translation":"අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමි ය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":133,"translation":"අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලාව පහකොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්ත ය."},{"id":134,"translation":"කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතුලොව කුසල් අල්ලාහ් අබියස ය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය."},{"id":135,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි වුව ද දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාට ම වඩාත් උචිත ය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් නො පිළිපදිනු. තවද නුඹලා (සාක්ෂි) විකෘති කළ ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":136,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් නොමඟ ගියේ ය."},{"id":137,"translation":"සැබැවින් ම විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීම හෝ ඔවුනට යම් මඟක් පෙන්වීම අල්ලාහ්ට යුතු නො වීය."},{"id":138,"translation":"සැබැවින් ම තමන්ට වේදනීය දඬුවමක් ඇති බව කුහකයින්ට ශුභාරංචි දන්වනු."},{"id":139,"translation":"දේවත්වය විශ්වාස කළවුන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස ගත්තවුන් ඔවුන් වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින් ම සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය."},{"id":140,"translation":"අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ඒවා සමච්චලයට ලක් කරනු ලැබීම නුඹලාගේ සවනට වැකුණේ නම්, ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නො වනු. (නැතහොත්) නියත වශයෙන් ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි ධර්ම ග්‍රන්ථයේ නුඹලා වෙත පහළ කර ඇත. නියත වශයෙන් ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේපකයින් යන සියල්ලෝ ම නිරයට එක් රැස් කරන්නා ය."},{"id":141,"translation":"ඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නො වේ දැ? යි පවසති. එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලාව අබිබවා යන්නට තිබුණද දේවත්වය විශ්වාස කළවුන්ගෙන් අපි නුඹලාව වැළැක්වූයේ නැති දැ? යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේවත්වය විශ්වාස කළවුන්ට එරෙහිව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට අල්ලාහ් (ඉඩ) නො තැබුවේ ම ය."},{"id":142,"translation":"නියත වශයෙන් ම කුහකයින් අල්ලාහ්ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නො කරති."},{"id":143,"translation":"ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නො වෙති. තවද ඔවුන් වෙත ද නො වෙති. තවද අල්ලාහ් කවරෙකුව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නො දකින්නෙහි ම ය."},{"id":144,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සමීප මිතුරන් ලෙස නො ගනු. (මෙමඟින්) නුඹලාට එරෙහිව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?"},{"id":145,"translation":"සැබැවින් ම කුහකයින් නිරා ගින්නෙහි පහළ ම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නො ලබන්නේහි ම ය."},{"id":146,"translation":"එහෙත් පාප සමාව අයැද තමන්ව හැඩගස්වා අල්ලාහ්ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංකව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟ ය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත."},{"id":147,"translation":"නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදී ය; සර්වඥානී ය."},{"id":148,"translation":"අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු පරුෂ වදන් ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නො කරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක; සර්වඥානී ය."},{"id":149,"translation":"යම් යහපතක් නුඹලා හෙළි කළ ද එය නුඹලා සැඟවුව ද යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී මහා ශක්තිවන්තයා ය."},{"id":150,"translation":"සැබැවින් ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට ඇතැමුන්ව අපි විශ්වාස කරමු. එමෙන් ම ඇතැමුන්ව අපි ප්‍රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…"},{"id":151,"translation":"සැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු."},{"id":152,"translation":"අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නො කළවුන් වනාහි ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු ඔවුනට මතු පිරිනමනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":153,"translation":"ධර්ම ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. ඔවුහු “අපට අල්ලාහ්ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැ”යි විමසා සිටියෝ ය. පසුව ඔවුන් කළ අපරාධ හේතුවෙන් ඔවුන්ව අකුණු හඬ හසුකර ගත්තේ ය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරුව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු."},{"id":154,"translation":"තවද ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීම සඳහා තූර් කන්ද ඔවුනට ඉහළින් අපි ඔසවා තැබුවෙමු. තවද ‘හිස නමා දොරටුවෙන් ඇතුළු වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු. තවද ‘සෙනසුරාදා සීමාව ඉක්මවා නො යනු’ යැයි ද අපි ඔවුනට පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු."},{"id":155,"translation":"ඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) එමෙන් ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේ ය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නො කරති."},{"id":156,"translation":"තවද ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය)."},{"id":157,"translation":"‘අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසාව සැබැවින් ම අපි ඝාතනය කළෙමු’ යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) නමුත් ඔවුහු ඔහුව ඝාතනය නො කළෝ ය. එමෙන් ම ඔවුහු ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවේ ද නැත. එහෙත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින් ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහුව තිරසාරව ඝාතනය නො කළෝ ය."},{"id":158,"translation":"එහෙත් අල්ලාහ් තමන් වෙත ඔහුව ඔසවා ගත්තේ ය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":159,"translation":"ධර්ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත."},{"id":160,"translation":"යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනාව ඔවුන් අවහිර කළ බැවිනි."},{"id":161,"translation":"තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු."},{"id":162,"translation":"එහෙත් ඔවුන් අතුරින් දැනුමෙහි තීක්ෂණ බුද්ධියක් ඇත්තවුන් ද දේවත්වය විශ්වාස කළ අය ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද, නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත්ව ඉටු කරන්නන් ද, zසකාත් දෙන්නන් ද, අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු."},{"id":163,"translation":"සැබැවින් ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින් ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර්ම ග්‍රන්ථය) පිරිනැමුවෙමු."},{"id":164,"translation":"ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර අපි නුඹට පවසා ඇත. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට පවසා නැත. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේ ය."},{"id":165,"translation":"එම රසූල්වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහිව ජනයාට නො වනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":166,"translation":"එහෙත් නුඹ වෙත පහළ කළ දෑට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේ ය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":167,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන් වනාහි සැබැවින් ම අන්ත මුළාවකින් මුළා වූහ."},{"id":168,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ ඔවුන්ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට කිසිදු මඟක් නො වීය."},{"id":169,"translation":"නිරයේ මාර්ගය මිස. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති. තවද අල්ලාහ්ට එය පහසු කාර්යයක් විය."},{"id":170,"translation":"අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන මෙම රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට එය යහපතකි. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින් ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":171,"translation":"ධර්ම ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නො පවසනු. සැබැවින් ම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. තවද ඔහුගේ වදනකි. එය මර්යම් වෙත හෙළුවේ ය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරු ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නො පවසනු (එයින්) වැළකෙනු. නුඹලාට යහපත් වනු ඇත. සැබැවින් ම අල්ලාහ් ඒකීය දෙවියා ම ය. ඔහුට දරුවකු වීමෙන් ඔහු පිවිතුරු ය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතු ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":172,"translation":"අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් මසීහ් හෝ සමීප මලාඉකාවරුන් හෝ හෙළා නො දකින්නේ ම ය. ඔහුට ගැතිකම් කිරීමෙන් කවරෙකු හෙළා දැක උඩඟු වන්නේ ද එවිට (දැන ගනු) ඔහු වෙත ඔවුන් සියල්ල ම ඔහු එක් රැස් කරනු ඇත."},{"id":173,"translation":"දේවත්වය විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු පූර්ණව දෙනු ඇත. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අමතරව දෙනු ඇත. එහෙත් හෙළා දැක උඩඟු වූ අය කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. ඔවුනට භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුන් නො ලබනු ඇත."},{"id":174,"translation":"අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු."},{"id":175,"translation":"අල්ලාහ්ව විශ්වාස කොට ඔහුව තදින් ග්‍රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්‍යයෙහි ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. තවද ඔහු ඔවුනට ඍජු මාර්ගයෙන් ඔහු වෙත මඟ පෙන්වනු ඇත."},{"id":176,"translation":"(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. “කලාලා” (එකකුස උපන් සහෝදර සහෝදරියන්) සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක් සිටිය දී තමන්ට දරුවකු නො වූ තත්ත්වයක පුද්ගලයකු මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතු ය. එමෙන් ම ඇයට දරුවකු නො වූයේ නම් ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන් ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතු ය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන්ව වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (පංගුවක්) පිරිමියාට හිමි විය යුතුයි. නුඹලා නොමඟ නො යනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේ ය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානී ය."}]},{"id":5,"verses":[{"id":1,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ගිවිසුම් පූර්ණ ව ඉටු කරනු. නුඹලාට කියවා පෙන්වනු ලැබූ දෑ හැර සෙසු ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී. නමුත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම අනුමත කර නොගත යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහු සිතන දෑ තීන්දු කරයි."},{"id":2,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ්ගේ සලකුණුවලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාසවලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්‍යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු නිවසට අභයදායීව පැමිණෙන්නන්ට හෝ (හිරිහැර හා නින්දා කිරීම) නුඹලා අනුමත කර නො ගනු. තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. ශුද්ධ දේවස්ථානයෙන් නුඹලාට අවහිර කළ පිරිසකගේ ක්‍රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලාව පොළඹවිය නො යුතු ය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නො කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය."},{"id":3,"translation":"මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නො වන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ නුඹලාට තහනම් කරන ලදි. (නමුත්) නුඹලා (ඉන් පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැකි ය.) තවද පිළිම සඳහා කැපූ දෑ කෝටු කැබලි මඟින් කුසපත් ඇද පංගු බෙදා ගන්නා දෑ ද නුඹලාට තහනම් කරන ලදි. මේවා පාපී ය. ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ දහම ගැන අද දින අපේක්ෂා භංග වී ඇත. එබැවින් ඔවුනට නුඹලා බිය නො වනු. තවද මට ම බිය වනු. අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද සම්පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. එහෙත් පාපයට නැඹුරු නො වී, දුගී බව හේතුවෙන් (මේවා ආහාරයට ගන්නා මෙන්) බල කරනු ලැබුවේ නම්, එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත ය."},{"id":4,"translation":"ඔවුන්ට අනුමත කරනු ලැබුවේ කුමක් දැ යි? ඔවුහු නුඹගෙන් විමසති. (නබිවරය!) පවසන්න, පිවිතුරු යහපත් දෑ ද දඩයම් සතුන් අතරින් අල්ලාහ් නුඹලාට ඉගැන් වූ දැයින් නුඹලා උන්ට උගන්වා ඉන් පුහුණුව ලැබූ සතුන් විසින් දඩයම් කළ දෑ ද නුඹලාට අනුමත කරන ලදි. එබැවින් නුඹලා වෙත උන් ගොදුරු කර ගෙන එන දෑ නුඹලා අනුභව කරනු. තවද ඒ මත අල්ලාහ්ගේ නාමය කියනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."},{"id":5,"translation":"අද දින පිවිතුරු දෑ නුඹලාට අනුමත කරන ලදි. තවද ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමත ය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමත ය. දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නො ගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින් ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතරිනි."},{"id":6,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකුව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු. එහෙත් නුඹලා රෝගීව හෝ යම් ගමනක නිරතව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් හෝ ඉන් පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නො ලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද, පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි. එහෙත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලාව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි."},{"id":7,"translation":"නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද සිහිපත් කරනු. එවිට ''අපි සවන් දුනිමු. අවනත වූයෙමු'' යැයි නුඹලා පැවසුවෙහු ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥානී ය."},{"id":8,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නො කිරීමට නුඹලාව නො පොළඹ විය යුතු ය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීප ය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්ත ය."},{"id":9,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්හට සමාව ද මහත් වූ ප්‍රතිඵල ද ඇතැයි අල්ලාහ් පොරොන්දු විය."},{"id":10,"translation":"තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් අසත්‍ය කළවුන් වනාහි ඔවුහු මය නිරයේ සගයෝ වන්නෝ."},{"id":11,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහිව දිගු කරන්නට සිතූ විට නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලී ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද දේවත්වය විශ්වාස කළවුන් අල්ලාහ් කෙරෙහි ම (සියල්ල) භාර කළ යුතු ය."},{"id":12,"translation":"සැබැවින් ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේ ය. තවද ඔවුන් අතරින් භාරකරුවන් දොළොස් දෙනෙකු අපි එව්වෙමු. සැබැවින් ම මම නුඹලා සමඟ ය. නුඹලා සලාතය විධිමත්ව ඉටු කර; zසකාතය ද පිරිනමා; මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර; තවද අලංකාර ණයකින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට නුඹලාව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේ ය. එහෙයින් මින් පසුව නුඹලා අතරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය."},{"id":13,"translation":"ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝ ය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්‍රණයක සිටිනු නුඹ දකින්නෙහු ම ය. එබැවින් ඔවුන්ව අත හැර දමා ඔවුන්ව නො සලකා හරිනු. සැබැවින් ම අල්ලාහ් දැහැමියන්ව ප්‍රිය කරයි."},{"id":14,"translation":"තවද “සැබැවින් ම අපි කිතුනුවන් වෙමු” යැයි පැවසූ අය අතුරින් ද අපි ඔවුන්ගේ ප්‍රතිඥාව ගතිමු. එහෙත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු ද අමතක කළෝ ය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත."},{"id":15,"translation":"අහෝ ධර්ම ග්‍රන්ථ හිමියනි! ධර්ම ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන තවද බොහෝ දේවල් නො සලකා හරින අපගේ රසූල්වරයා සැබැවින් ම නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත."},{"id":16,"translation":"ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට, එමඟින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන්ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත."},{"id":17,"translation":"අල්ලාහ් වන ඔහු මය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින් ම ප්‍රතික්ෂේප කළෝ ය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්‍යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ දෑ මවන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":18,"translation":"යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයි දැ? යි විමසනු. එසේ නො ව, නුඹලා ද ඔහු මැවූ අය අතරින් වූ මිනිසුන් ය. ඔහු අභිමත අයට සමාව දෙයි. එමෙන් ම ඔහු අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද නැවත යොමු වීම ඔහු වෙත ම ය."},{"id":19,"translation":"අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නො පැමිණියේ යැයි නුඹලා නො පවසනු වස් නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":20,"translation":"අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. මන්ද ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේ ය. තවද නුඹලාව රජවරුන් බවට පත් කළේ ය. ලෝවැසියන් අතරින් කිසිවකුට නො දුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":21,"translation":"අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපසට හැරී පෙරළා නො යනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත."},{"id":22,"translation":"(එයට) අහෝ මූසා! නියත වශයෙන් ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැර වන තෙක් අපි එහි නො පිවිසෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින් ම අපි එහි පිවිසෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":23,"translation":"‘‘නුඹලා ඔවුන් වෙත දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසුනෙහු නම් එවිට සැබැවින් ම නුඹලා මය ජයග්‍රාහකයෝ වන්නෝ. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු” යැයි දේවත්වය ගැන බිය හැඟීමෙන් පසුවන්නන් අතරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝ ය."},{"id":24,"translation":"අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නො පිවිසෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදිනු. සැබැවින් ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":25,"translation":"මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැකි ය. එබැවින් පව්කාර ජනයාගෙන් ඔබ අපව වෙන් කරනු මැනව! යැයි (මූසා) පැවසුවේ ය."},{"id":26,"translation":"සැබැවින් ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබී ය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නො වනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":27,"translation":"ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළිගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළිගනු නො ලැබී ය. එවිට (පිළිගනු නො ලැබූ) ඔහු සැබැවින් ම මම ඔබව ඝාතනය කරමි යැයි පැවසී ය. සැබැවින් ම අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැයි (භාරය පිළිගනු ලැබූ අය වන ඔහු) පැවසී ය."},{"id":28,"translation":"මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නො වෙමි. සැබැවින් ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි."},{"id":29,"translation":"මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන ඔබ නිරා ගින්නේ සගයින් අතරින් වනු ඇතැයි සැබැවින් ම මම අපේක්ෂා කරමි. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි."},{"id":30,"translation":"එවිට තම සහෝදරයාව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහුව පොලඹ වීය. පසුව ඔහු ඔහුව ඝාතනය කළේ ය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය."},{"id":31,"translation":"පසුව තම සහෝදරයාගේ දේහය වසන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ විනාශය! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසන්නට තිබුණි යැයි ඔහු පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතරට පත් විය."},{"id":32,"translation":"ඒ හේතුවෙන් සැබැවින් ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමාන ය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔවුන් වෙත පැමිණියෝ ය. අනතුරුව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුව ද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ."},{"id":33,"translation":"සැබැවින් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන්ව පිටුවහල් කරනු ලැබීම ය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත."},{"id":34,"translation":"එහෙත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාපක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය; යැයි නුඹලා දැන ගනු."},{"id":35,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාධ්‍යයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා අරගල කරනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකි ය."},{"id":36,"translation":"සැබැවින් ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟ ම ඒ හා සමාන තවත් දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුන් වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළිගනු නො ලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත."},{"id":37,"translation":"ඔවුහු (නිරා) ගින්නෙන් බැහැරවීමට අදහස් කරති. එහෙත් ඔවුන් එයින් බැහැරවන්නන් නො වෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත."},{"id":38,"translation":"හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙස නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":39,"translation":"එහෙත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමා ව) නිවැරදි කර ගනී ද, සැබැවින් ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":40,"translation":"අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින් ම අල්ලාහ් සතු බව නුඹ නො දන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":41,"translation":"අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැයි ඔවුන්ගේ මුඛවලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නො කළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලුව ක්‍රියා කරන්නන් නුඹව දුකට පත් නො කළ යුතු ය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නො ලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහුව වැළැක්වීමට) නුඹ බලය නො දරන්නේ ම ය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නො සිතූ අය මොවුන් ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත."},{"id":42,"translation":"ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නෝ වෙති. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නෝ වෙති. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන්ව නුඹ නො සලකා හරිනු. එසේ නුඹ ඔවුන්ව නො සලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නො හැක්කේ ම ය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින් ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන් ප්‍රිය කරයි."},{"id":43,"translation":"ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුන් පිටුපාමින් සිටියදී නුඹව තීරක වශයෙන් ඔවුන් ගනුයේ කෙසේ ද? ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති."},{"id":44,"translation":"සැබැවින් ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමඟින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේ ම ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමඟින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එබැවින් නුඹලා මිනිසුනට බිය නො වනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් සඳහා අල්ප මිලක් නො ගනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දේව ප්‍රතික්ෂේපකයෝ."},{"id":45,"translation":"සැබැවින් ම පණට පණ, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාලවලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. එහෙත් කවරෙකු හෝ එය පුණ්‍ය කර්මයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. තවද අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය අපරාධකරුවෝ."},{"id":46,"translation":"තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසාව ඔවුන්ගේ (පෙර සිටි නබිවරුන්ගේ) පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන් ම තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නක් ලෙස ද බිය බැතිමතුන්හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය."},{"id":47,"translation":"තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ."},{"id":48,"translation":"තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත්ව ඔවුන්ගේ ආශාවන් නුඹ නො පිළිපදිනු. නුඹලා අතරින් සෑම ප්‍රජාවකට ම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එක ම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑහි නුඹලාව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙත ය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි."},{"id":49,"translation":"අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹව ඔවුන් අර්බුදයකට යොමු නො කරන පරිදි නුඹ ඔවුන් ගැන ප්‍රවේසම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන්ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින් ම ජනයා අතරින් බොහෝ දෙනා දුෂ්ඨයෝ වෙති."},{"id":50,"translation":"ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා වඩාත් අලංකාර වන්නේ කවුරු ද?"},{"id":51,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුදෙව්වන් හා කිතුනුවන් ඇතැමෙක් ඇතැමෙකුගේ සමීප මිතුරන් වන බැවින් නුඹලා ඔවුන්ව සමීප මිතුරන් ලෙස නො ගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන්ව සමීප මිතුරන් ලෙස ගන්නෙහු ද එවිට සැබැවින් ම ඔහු ද ඔවුන් අතරින් කෙනෙකු වනු ඇත. සැබැවින් ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නො පෙන්වයි."},{"id":52,"translation":"තම හදවත්වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) \"අපට අර්බුද හට ගනු ඇතැයි අපි බියවීමු\" යැයි පවසති. අල්ලාහ් ජයග්රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙන්නට පුළුවන. එවිට ඔවුන්ගේ සිත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති."},{"id":53,"translation":"සැබැවින් ම ඔවුන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි දේවත්වය විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එබැවින් ඔවුහු අලාභවන්තයින් බවට පත් වූහ."},{"id":54,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන්ව ප්‍රිය කරන ඔවුහු ද ඔහුව ප්‍රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්හට නිහතමානී වෙති. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩිව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නො වෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්වඥානී ය."},{"id":55,"translation":"සැබැවින් ම නුඹලාගේ භාරකරු වන්නේ අල්ලාහ්, ඔහුගේ ධර්ම දූතයාණන් හා (අල්ලාහ්ගේ නියෝගයන්ට) යටහත් වන්නන් ලෙස සලාතය විධිමත්ව ඉටු කර zසකාත් පිරිනමන දේවත්වය විශ්වාස කළවුන් වෙති."},{"id":56,"translation":"තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින් ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහු මය ජයග්‍රාහකයෝ."},{"id":57,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අයව හා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව නුඹලා භාරකරුවන් ලෙස නො ගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු."},{"id":58,"translation":"නුඹලා සලාතය වෙත කැඳ වන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගත්තෝ ය. එය සැබැවින් ම ඔවුහු වටහා නො ගන්නා පිරිසක් වන බැවිනි."},{"id":59,"translation":"ධර්ම ග්‍රන්ථ හිමියනි! අල්ලාහ් ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, මීට පෙර පහළ කරනු ලැබූ දෑ ද, අප විශ්වාස කළ හේතුවෙන් මිස වෙන කවර කරුණක් හේතුවෙන් නුඹලා අපෙන් පළිගන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ අසනු. තවද සැබැවින් ම නුඹලාගෙන් වැඩිදෙනා දුෂ්ඨයෝ ය."},{"id":60,"translation":"(නබිවරය!) \"අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?\" යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද තවද ඔහු කවරෙකු පිළිබඳව කෝප වූයේ ද තවද ඔවුන් අතරින් කවරෙකු වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද තවද කවරෙකු නපුරු බලවේගවලට යටහත් වූයේ ද ඔවුහු මය නිලයෙන් වඩාත් දරුණුතම අය වන්නෝ. එමෙන් ම නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ."},{"id":61,"translation":"තවද ඔවුහු නුඹලා වෙත පැමිණි විට “අපි විශ්වාස කළෙමු\" යැයි පැවසූහ. ඇත්තෙන් ම ඔවුහු දේව ප්‍රතික්ෂේපය සමඟ පිවිසුණහ. තවද ඔවුන් නික්ම ගියේ ද ඒ සමඟ ම ය. තවද ඔවුන් වසන් කරමින් සිටි දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය."},{"id":62,"translation":"(නබිවරය!) ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපකම්හි ද, ද්‍රෝහිකම්හි ද, තහනම් දෑ අනුභව කිරීමෙහි ද යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය."},{"id":63,"translation":"ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වත්හු හා ආගමික නායකයෝ ඔවුන්ව වැළකිය යුතු නො වේ ද? ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය."},{"id":64,"translation":"අල්ලාහ්ගේ අත බැඳ දමනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. බැඳ දමනු ලැබ ඇත්තේ ඔවුන්ගේ අත් ය. ඔවුන් පැවසූ දෑ හේතුවෙන් ඔවුහු ශාප කරනු ලැබුවෝ ය. එසේ නොව ඔහුගේ දෑත් දිගු හරිනු ලැබ ඇත. ඔහු අභිමත කරන පරිදි වියදම් කරයි. (නබිවරය!) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින් ම වර්ධනය කරනු ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. ඔවුන් යුද ගිනි අවුළන සෑම අවස්ථාවකම අල්ලාහ් එය නිමා දැමුවේ ය. ඔවුහු මිහිතලයේ කලහකම් කිරීමට යුහුසුළු වෙති. තවද අල්ලාහ් කලහකාරීන්ව ප්‍රිය නො කරයි."},{"id":65,"translation":"ධර්ම ග්‍රන්ථ හිමි ජනයා විශ්වාස කර දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන්ව සැප පහසුකම්වලින් යුත් ස්වර්ග උයන්වලට නිසැකව ම අපි ඇතුළත් කරන්නෙමු."},{"id":66,"translation":"තවද තව්රාතය ද ඉන්ජීලය ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුහු ක්‍රියාත්මක කළේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාදවලට යටින් ද ඔවුහු භුක්ති විඳින්නට තිබුණි. ඔවුන් අතරින් මධ්‍යස්ථ සමූහයක් ද විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිදු කරන දෑ නපුරු විය."},{"id":67,"translation":"අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නො කළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින් ම දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත."},{"id":68,"translation":"ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්‍රියාවට නං වන තෙක් නුඹලා කිසිවක් මත (පිහිටා) නොමැත යැයි (නබිවරය!) නුඹ පවසනු. (නබිවරය!) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින් ම වර්ධනය කරනු ඇත. එබැවින් දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයා සඳහා නුඹ දුක් නො වනු."},{"id":69,"translation":"නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද වනාහි, ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති."},{"id":70,"translation":"සැබැවින් අපි ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගතිමු. තවද අපි ඔවුන් වෙත දූතවරු එවීමු. ඔවුන් ආශා නො කරන දෙයක් දූතයකු ඔවුන් වෙත ගෙන ආ සෑම කල්හි ම පිරිසක් ඔවුහු බොරු කළෝ ය. තවද පිරිසක් ඔවුහු ඝාතනය කළෝ ය."},{"id":71,"translation":"තමන්ට කිසිදු පිරික්සුමක් නො වනු ඇතැයි ඔවුහු සිතූහ. ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන් පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේ ය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":72,"translation":"අල්ලාහ් වන ඔහු මය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින් ම ප්‍රතික්ෂේප කළෝ ය. ඉස්රාඊල් දරුවනි! මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේ ය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේ ය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත."},{"id":73,"translation":"සැබැවින් ම අල්ලාහ් (ත්‍රිත්වය හෙවත් පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ඒක දේවත්වය ප්‍රතික්ෂේප කළෝ ය. එක ම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නො වැළකුණේ නම් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන් ම අත් වනු ඇත."},{"id":74,"translation":"ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නො වේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය."},{"id":75,"translation":"මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත්ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනා ම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේ දැ? යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ? යි ද අවධානයෙන් බලනු."},{"id":76,"translation":"අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමාන කරන්නෙහු දැ? යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව \nශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":77,"translation":"ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නො වන දෑ (පැවසීමෙ)හි සීමාව ඉක්මවා නො යනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නො කරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":78,"translation":"ඉස්රාඊල්ගේ දරුවන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබී ය. එය ඔවුන් පිටුපා; සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි."},{"id":79,"translation":"ඔවුන් සිදු කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නො ගනිමින් සිටියෝ ය. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය."},{"id":80,"translation":"ඔවුන්ගෙන් බොහෝ දෙනා ප්‍රතික්ෂේප කළවුන්ව මිතුරු පාක්ෂකයින් ලෙස ගැනීම නුඹ දකිනු ඇත. ඔවුන්ගේ ආත්මාවන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ දෑ නපුරු විය. හේතුව ඔවුන් කෙරෙහි අල්ලාහ් කෝප විය. ඔවුහු දඬුවමෙහි සදාතනිකයෝ වෙති."},{"id":81,"translation":"ඔවුහු අල්ලාහ්ව ද නබිවරයාව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන්ව මිතුරු පාක්ෂිකයින් ලෙස නො ගනු ඇත. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනා දුෂ්ඨයෝ ය."},{"id":82,"translation":"(නබිවරය!) ජනයා අතරින් දේවත්වය විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේවත්වයට ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස සැබැවින් ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් පඬිවරුන් ද ආගමික නායකයින් ද සිටින බැවිනි. එමෙන් ම ඔවුහු උඩගු නො වෙති."},{"id":83,"translation":"රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුන් සවන් දුන් විට, සත්‍යය ඔවුන් වටහා ගත් හේතුවෙන් කඳුළු හැළෙන ඔවුන්ගේ ඇස් නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එබැවින් අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කරනු මැනව! යි පවසති."},{"id":84,"translation":"අල්ලාහ් ද සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ ද අප විශ්වාස නො කර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා අතරට අපව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු."},{"id":85,"translation":"ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමී ය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. එය දැහැමියන්ගේ ප්‍රතිඵලය වේ."},{"id":86,"translation":"අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය නිරයේ සගයෝ."},{"id":87,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නො ගනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නො කරනු. සැබැවින් ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ව අල්ලාහ් ප්‍රිය නො කරයි."},{"id":88,"translation":"තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු."},{"id":89,"translation":"නුඹලාගේ දිවුරීම්හි නිකමට පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලාව හසු නො කරයි. එහෙත් නුඹලාව ඔහු හසු කරනුයේ තිරසාර ලෙස පවසන දිවුරීම් වෙනුවෙනි. (දිවුරුම කඩ කළේ නම්) එවිට එහි ප්‍රතිකර්මය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීම ය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීම ය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීම ය. එහෙත් කවරෙකු (ඒවායින් යමක්) නො ලැබුවේද ඔහු දින තුනක් උපවාසයේ නියැළිය යුතු ය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් (කඩ කිරීම්)වලට ප්‍රතිකර්මය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙස ය."},{"id":90,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු."},{"id":91,"translation":"ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලාව අවහිර කිරීමට ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නො වේ ද?"},{"id":92,"translation":"තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේසමෙන් කටයුතු කරනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලිව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු."},{"id":93,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන්ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව ද තමන්ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට ඉන් පසුව ද තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන්ව ප්‍රිය කරයි."},{"id":94,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ අත්වලට හා නුඹලාගේ හීවලට පහසුවෙන් හසු වන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලාව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නො සිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ? යි අල්ලාහ් හඳුන්වා දෙනු පිණිස ය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත."},{"id":95,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිකර්මය වශයෙන් මරා දැමූ දෑ මෙන් (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් සමාන දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් ප්‍රතිකර්ම වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළි සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය."},{"id":96,"translation":"නුඹලා හා නුඹලාගේ වාහනික සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදි. එහෙත් ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදි. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු."},{"id":97,"translation":"පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට නියාමන ස්ථානයක් බවට නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිස පරිශුද්ධවූ මාසය ද සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":98,"translation":"සැබැවින් ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි බවත් සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් දැන ගනු."},{"id":99,"translation":"(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේ ය."},{"id":100,"translation":"නපුරු දෑ බහුලව තිබීම නුඹව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නො වන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු."},{"id":101,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඇතැම් කරුණු පිළිබඳව නුඹලා නො විමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ නුඹලා ඒ ගැන විමසා සිටියෙහු නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් ඒ ගැන නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉවසිලිවන්ත ය."},{"id":102,"translation":"නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු ප්‍රතික්ෂේප කළවුන් බවට පත් වූහ."},{"id":103,"translation":"බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයංව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිමවලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නො ලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් කළේ නැත. එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නො ගනිති."},{"id":104,"translation":"අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝ ය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නො දැන; ඔවුන් යහමඟ ගමන් නො කර සිටිය දී (ඔවුහු පිළිපදින්නෝ) ද?"},{"id":105,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්‍රවේසම් විය යුතුයි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නො කරනු ඇත. නුඹලා සියලු දෙනා නැවත යා යුතු ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වා සිටිනු ඇත."},{"id":106,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතු ය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් නුඹලා අතරින් නො වූ වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතු ය. (උරුමක්කරුවන් වන) නුඹලා සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම) මඟින් කිසිදු මිලක් ලබා නො ගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නො කරන්නෙමු. (එසේ අප කළේ නම්) සැබැවින් ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතු ය."},{"id":107,"translation":"සැබැවින් ම ඔවුන් දෙදෙනා (බොරු කී) පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්‍රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදි ය. අපි සීමාව ඉක්මවා කටයුතු නො කළෙමු. (එසේ අප කළේ නම්) සැබැවින් ම අපි එවිට අපරාධකරුවන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතු ය."},{"id":108,"translation":"එය (එසේ දිවුරා සිටීම), සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන ඒම පිණිසත්, නැත්නම් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් දුෂ්ඨ පිරිසට මඟ නො පෙන්වයි."},{"id":109,"translation":"(නබිවරය!) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරන දින නුඹලාට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ? යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති."},{"id":110,"translation":"එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ වෙත හා නුඹගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහි ය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුමැතියෙන් පක්ෂියකුගේ හැඩයක් සේ යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුමැතියෙන් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උපතින් අන්ධභාවය ද ළාදුරු රෝගයද සුව කළෙහි ය. මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන්ව ඔබගෙන් මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු."},{"id":111,"translation":"මා හා මාගේ රසූල්වරයාව විශ්වාස කරනු යැයි ගෝලයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින් ම අප (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු බව නුඹ සාක්ෂි දරනු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":112,"translation":"අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේ දැ? යි ගෝලයින් විමසා සිටි විට නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු."},{"id":113,"translation":"අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත් වීමටත් ඔබ අපට සත්‍ය පවසා ඇති බවට අප හඳුනා; ඒ කෙරෙහි අපද සාක්ෂිකරුවන් අතරින් වීමටත් අපි කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ."},{"id":114,"translation":"අහෝ අපගේ පරමාධිපතියාණනි! අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබ ම වේ යැයි මර්යම්ගේ පුත් ඊසා පැවසුවේ ය."},{"id":115,"translation":"සැබැවින් ම මම එය නුඹලා වෙත පහළ කරන්නෙක්මි. එහෙත් නුඹලාගෙන් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම ලෝවැසියන් අතරින් කිසිවකුටත් මා දඬුවම් නො දුන් දඬුවමකින් මම ඔහුට දඬුවම් කරමි යැයි අල්ලාහ් පැවසුවේ ය."},{"id":116,"translation":"අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර දමා මා හා මාගේ මව දෙවිවරුන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවෙහි දැ? යි අල්ලාහ් විමසූ විට “ඔබ අතිපිවිතුරු ය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට නො වීය. මා එය පවසා සිටියෙම් නම් ඔබ එය ගැන දන්නෙහි ය. මා තුළ ඇති දෑ ඔබ දන්නෙහි ය. ඔබ තුළ ඇති දෑ මම නො දනිමි. සැබැවින් ම ඔබ අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි ඔහු පැවසුවේ ය."},{"id":117,"translation":"ඔබ නියෝග කළ පරිදි මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරනු යැයි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නො පැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කල්තාක් ඔවුනට මම සාක්ෂිකරුවකුව සිටියෙමි. එහෙත් ඔබ මා අත්පත් කර ගත් කල්හි ඔවුන් කෙරෙහි අධීක්ෂකයා වූයේ ඔබ ය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය."},{"id":118,"translation":"ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින් ම ඔවුන් ඔබේ ගැත්තන් ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින් ම ඔබ සර්ව බලධාරී; මහා ප්‍රඥාවන්ත ය."},{"id":119,"translation":"සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යය පල දෙන දිනය මෙය වේ. ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. එයයි මහත් වූ ජයග්‍රහණය වනුයේ."},{"id":120,"translation":"අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."}]},{"id":6,"verses":[{"id":1,"translation":"අහස් හා මිහිතලය මැවූ තවද අන්ධකාර හා ආලෝකය ඇති කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. පසුව ද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති."},{"id":2,"translation":"නුඹලා මැටියෙන් මවා පසුව නියමිත කාලයක් ද තීන්දු කළේ ඔහු ය. (විනිශ්චය සඳහා වූ) නියම කරන ලද කාලය ඇත්තේ ද ඔහු අබියස ය. ඉන් පසුව ද නුඹලා සැක කරන්නෙහු ය."},{"id":3,"translation":"තවද අහස්හි හා මිහිතලයේ අල්ලාහ් ඔහු ය. නුඹලාගේ රහස්‍ය දෑ ද නුඹලාගේ ප්‍රසිද්ධ දෑ ද ඔහු දන්නේ ය. තවද නුඹලා උපයන දෑ ද ඔහු දන්නේ ය."},{"id":4,"translation":"තම පරමාධිපතිගේ සාක්ෂීන් අතරින් කුමන සාක්ෂියක් හෝ ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුන් පිටුපාමින් සිටියා මිස වෙනකක් නො වීය."},{"id":5,"translation":"සත්‍යය ඔවුන් වෙත පැමිණි කල්හි සැබැවින් ම ඔවුහු එය බොරු කළෝ ය. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත."},{"id":6,"translation":"ඔවුනට පෙර පරම්පරා ගණනාවක් අප කෙසේ විනාශ කර දැමුවේ දැ? යි ඔවුහු නුදුටුවෝ ද? නුඹලාට අප නො දුන් පහසුකම් අපි ඔවුනට මිහිතලයේ සලසා දුනිමු. ඔවුන් වෙත අහස් ජලය නො කඩවා එවීමු. ඔවුනට පහළින් ගලා බස්නා ගංගාවන් ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද ඔවුනට පසුව අපි වෙනත් පරම්පරාවක් බිහි කළෙමු."},{"id":7,"translation":"පත්‍රිකාවක ලියන ලද පුස්තකයක් අපි නුඹ වෙත පහළ කර එය ඔවුන් ඔවුන්ගේ අත්වලින් ස්පර්ශ කර බැලුව ද මෙය පැහැදිලි හූනියමක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටින්නට තිබිණි."},{"id":8,"translation":"තවද මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) සුරදූතයෙකු පහළ කරනු ලැබිය යුතු නො වේ දැ? යි ඔවුහු විමසූහ. එසේ අපි සුරදූතයෙකු පහළ කර තිබුණේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබන්නට තිබිණි. ඉන් පසුව ඔවුනට අවකාශ දෙනු නො ලබනු ඇත."},{"id":9,"translation":"අප ඔහුව සුරදූතයෙකු බවට පත් කර තිබුණේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන් ම ඔහුව අපි පත් කරන්නට තිබිණි. (දැන්) ඔවුන් ව්‍යාකූලව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන්ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු."},{"id":10,"translation":"(නබිවරය!) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ලක් වූහ. කවර දෙයක් ගැන ඔවුන් සමච්චල් කරමින් සිටියෝ ද එය ම එසේ උපහාස කළ අයව වටකර ගත්තේ ය."},{"id":11,"translation":"මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":12,"translation":"අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ? යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේ ය. සැබැවින් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලාව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ට ම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු දේවත්වය විශ්වාස නො කරති."},{"id":13,"translation":"තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතු ය. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":14,"translation":"අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයා ය. තවද ඔහු ආහාර සපයන අතර ඔහුට ආහාර සපයනු නො ලැබේ යැයි නුඹ පවසනු. සැබැවින් ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි යැයි ද පවසනු. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතරින් (කෙනෙකු) නො වනු."},{"id":15,"translation":"මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":16,"translation":"කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින් ම (අල්ලාහ්) ඔහුට දයාව දක්වා ඇත. තවද පැහැදිලි විජයග්‍රහණය එයයි."},{"id":17,"translation":"යම් හිංසනයකින් අල්ලාහ් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නොමැත. යම් යහපතකින් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී ය."},{"id":18,"translation":"තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහු ය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නා ය."},{"id":19,"translation":"(නබිවරය!) සාක්ෂි වශයෙන් වඩාත් ප්‍රබල වනුයේ කුමක් දැ? යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර අල්ලාහ් සාක්ෂිකරු වීම යැයි පවසනු. තවද මෙම අල් කුර්ආනය මට වහී (දේව පණිවිඩ) වශයෙන් දෙනු ලැබී ය. (එය) මෙමඟින් නුඹලාට හා මෙය ලබන අයට මා අවවාද කරනු පිණිස ය. සැබැවින් ම අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් සිටින බව නුඹලා සාක්ෂි දරන්නෙහු ද? මම එසේ සාක්ෂි නො දරමි යැයි නුඹ පවසනු. එක ම දෙවියා ඔහු ම යැයි ද සැබැවින් ම මම නුඹලා ආදේශ තබන දැයින් නිදොස් යැයි ද නුඹ පවසනු."},{"id":20,"translation":"අපි පුස්තකය පිරිනැමූ අය වනාහි ඔවුහු ඔවුන්ගේ දරුවන් හඳුනන්නාක් මෙන් මොහුව හඳුනති. ඔවුන්ට ම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු විශ්වාස නො කරති."},{"id":21,"translation":"තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? සැබැවින් ම අපරාධකරුවෝ ජය නො ලබති."},{"id":22,"translation":"තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව ආදේශ කළවුන්ගෙන් නුඹලා (දෙවියන් යැයි) විශ්වාස කරමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ? යි අපි විමසන්නෙමු."},{"id":23,"translation":"පසුව, අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ම අපි ආදේශ තබන්නන් ලෙස නො සිටියෙමු යැයි ඔවුහු පැවසීම හැර ඔවුන්ගේ අර්බුදය වෙනත් කිසිවක් නො වීය."},{"id":24,"translation":"(නබිවරය!) තමන්ට ම එරෙහිව ඔවුන් බොරු පවසනුයේ කෙසේ දැ? යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ඇත."},{"id":25,"translation":"තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන (මෙන් රඟපාන) අය ද වෙති. එහෙත් ඔවුනට එය නො වැටහෙන පරිදි අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. තවද ඔවුහු සියලු සාධක දුටුවද ඔවුහු ඒවා විශ්වාස නො කරති. නුඹ වෙත ඔවුහු පැමිණි විට නුඹ සමඟ ඔවුහු වාද කරනු ඇත. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති."},{"id":26,"translation":"තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස්ව සිටිති. ඔවුන් විනාශ කරනුයේ ඔවුන්ව ම මිස වෙනත් කිසිවකු නො වේ. තවද ඔවුහු (ඒ බව) වටහා නො ගනිති."},{"id":27,"translation":"නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් එවිට “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් මැනව! අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නො කරමු. තවද අපි විශ්වාසවන්තයින් අතරින් වන්නෙමු යැ’’ යි ඔවුහු පවසා සිටිති."},{"id":28,"translation":"නමුත් කලින් ඔවුන් සඟවමින් සිටි දෑ ඔවුනට හෙළි විය. තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය."},{"id":29,"translation":"තවද මෙය අපගේ ලෞකික ජීවිතය මිස වෙනකක් නො වේ. තවද අප නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":30,"translation":"තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් \"මෙය සත්‍යය නො වේ දැ\" යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි ඔවුහු පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත."},{"id":31,"translation":"සැබැවින් ම අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් අලාභ වින්දෝ ය. අවසන් හෝරාව අනපේක්ෂිතව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔවුන්ගේ (පවු) බර ඔවුන්ගේ පිට මත ඔසවා ගනිමින් අහෝ අප මෙ(ලොවෙ)හි අතපසු කළ දෑහි විනාශය! යැයි පවසති. ඔවුන් ඔස වන දෑ නපුරු නො වූයේ ද?"},{"id":32,"translation":"මෙලොව ජීවිතය සෙල්ලමක් හෝ පුහුවක් හෝ මිස වෙනත් කිසිවක් නො වේ. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨ ය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නො වේ ද?"},{"id":33,"translation":"(නබිවරය!) ඔවුන් පවසන දෑ නුඹ දුකට පත් කරනු ඇතැයි සැබැවින් ම අපි දනිමු. සැබැවින් ම ඔවුහු නුඹව බොරු නො කළෝ ය. එහෙත් අපරාධකරුවන්ය අල්ලාහ්ගේ වදන් පිටුපානුයේ."},{"id":34,"translation":"නුඹට පෙරද රසූල්වරුන් සැබැවින් ම බොරු කරනු ලැබූහ. එහෙත් අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ හා ඔවුන් හිංසා කරනු ලැබූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද රසූල්වරුන්ගේ තොරතුරු සැබැවින් ම නුඹ වෙත පැමිණ ඇත."},{"id":35,"translation":"ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට මහපොළොවෙහි උමගක් හෝ අහසෙහි ඉනිමගක් හෝ සොයා ඔවුන් වෙත නුඹ සාධකයක් රැගෙන ඒමට නුඹට හැකි වුව ද (ඔවුන්ගේ පිටුපෑම එසේ ම පවතී) තවද අල්ලාහ් අභිමත කළේ නම් යහමඟ මත ඔවුන් එකට රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නො වනු."},{"id":36,"translation":"ඔබට ප්‍රතිචාර දක්වනුයේ ශ්‍රවණය කරන්නෝ වෙති. (එසේ ශ්‍රවණය නො කරන්නන් මිය ගිය ඇත්තන් මෙනි. එසේ) මියගිය ඇත්තන් වනාහි අල්ලාහ් ඔවුන්ව නැවත නැගිටුවා පසුව ඔවුහු ඔහු වෙතට යොමු කරනු ලබති."},{"id":37,"translation":"තවද ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ? යි විමසති. සැබැවින් ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට බලය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නො දනිති."},{"id":38,"translation":"ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නො වෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නො හැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති."},{"id":39,"translation":"අපගේ වදන් බොරු කළවුන් වනාහි අන්ධකාරයන් තුළ සිටින බිහිරෝ හා ගොළුවෝ වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි."},{"id":40,"translation":"\"අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා වෙත පැමිණියේ නම් අල්ලාහ් හැර වෙනත් අය නුඹලා අයැදින්නෙහු ද? නුඹලා සත්‍යවන්තයින් ලෙස සිටියෙහු නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු."},{"id":41,"translation":"එසේ නො ව, නුඹලා අයැදින්නේ ඔහුව ම ය. නුඹලා ඔහු වෙත අයැද සිටින දෑ ඔහු අභිමත කළේ නම් ඉවත් කරනු ඇත. තවද නුඹලා ආදේශ කරන දෑ ද නුඹලා අමතක කර දමනු ඇත."},{"id":42,"translation":"තවද සැබැවින් ම අපි නුඹට පෙර වූ සමූහයන් වෙත ද දූත පණිවිඩ එව්වෙමු. ඔවුන් යටහත් පහත් විය හැකි වනු පිණිස දරිද්‍රතාවන් හා පීඩාවන්ගෙන් අපි ඔවුන් හසු කළෙමු."},{"id":43,"translation":"එබැවින් ඔවුන් වෙත අපගේ දරිද්‍රතාව පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නො වේ ද? නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේ ය."},{"id":44,"translation":"කවර දෙයක් පිළිබඳ ඔවුනට සිහිපත් කරනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි අපි සියලු දෑහි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් අනපේක්ෂිතව හසු කළෙමු. එවිට ඔවුහු බලාපොරොත්තු සුන් වූවන් බවට පත් වූහ."},{"id":45,"translation":"පසුව, අපරාධ කළ ජනයා සහමුලින් ම විනාශ කරනු ලැබී ය. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතු ය."},{"id":46,"translation":"අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්‍රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නො වන වෙනත් දෙවිඳෙකු වේ නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. එම සාධක අපි විවිධ අයුරින් විස්තර කරන්නේ කෙසේ දැ? යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති."},{"id":47,"translation":"නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම අනපේක්ෂිතව හෝ හෙළිපිට ම පැමිණියේ නම් අපරාධකාර ජනයා හැර වෙනත් කවරෙකු විනාශ කරනු ලබන්නේ දැ?’ යි නුඹලා මට දැනුම් දෙන්නැ’යි නුඹ පවසනු."},{"id":48,"translation":"තවද ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස මිස අපි රසූල්වරුන් නො එව්වෙමු. එබැවින් කවරෙකු විශ්වාස කොට හැඩ ගැසෙන්නේද ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නො වෙති."},{"id":49,"translation":"තවද අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට ඔවුන් කරමින් සිටි පාපකම් හේතුවෙන් දඬුවම අත් වනු ඇත."},{"id":50,"translation":"අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නො පවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නො දනිමි. සැබැවින් ම මම සුරදූතයකු ද වෙමි යැයි මම නුඹලාට නො පවසමි. මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම නො පිළිපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා සිතා නො බලන්නෙහු දැ? යි ද නුඹ විමසනු."},{"id":51,"translation":"තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන්හට ඔවුන් බිය හැඟීමෙන් යුක්ත වනු පිණිස මෙමඟින් නුඹ (ඔවුන්ව) අවවාද කරනු. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නකු හෝ නොමැත."},{"id":52,"translation":"උදේ සවස තම පරමාධිපතිව ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන්ව නුඹ පලවා නො හරිනු. ඔවුන්ගේ විනිශ්චයෙන් කිසිවක් නුඹ වෙත නො පැවරෙනු ඇත. එමෙන් ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නො පැවරෙනු ඇත. එසේ නුඹ ඔවුන් පලවා හැරියෙහි නම් එවිට නුඹ අපරාධකරුවන් අතරින් වන්නෙහි ය."},{"id":53,"translation":"තවද අප අතරින් ඔවුන් වෙත අල්ලාහ් ආශිර්වාද කළ අය මොවුන් දැ? යි ඔවුන් පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක් විසින් අප පරීක්ෂාවට ලක් කළේ එලෙස ය. කෘතවේදීන් පිළිබඳව මැනවින් දන්නා අල්ලාහ් නො වේ ද?"},{"id":54,"translation":"තවද අපගේ වදන් විශ්වාස කරන අය නුඹ වෙත පැමිණි විට නුඹලාට සලාම් (ශාන්තිය) යැයි නුඹ (ඔවුනට) පවසනු. නුඹලාගේ පරමාධිපති තමන් කෙරෙහි කරුණාව නියම කර ගත්තේ ය. නියත වශයෙන් ම නුඹලා අතරින් කවරෙක් නොදැනුවත්කමින් යම් නපුරක් කොට ඉන් පසුව පසුතැවිලි වී හැඩ ගැසුණේ ද එවිට සැබැවින් ම ඔහු (අල්ලාහ්) අතික්ෂමාශීලී ය. මහා කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":55,"translation":"තවද අපි එම වදන් මෙලෙස පැහැදිලි කරන්නෙමු. තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිසත් (අපි මෙලෙස පැහැදිලි කරන්නෙමු.)"},{"id":56,"translation":"අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින් ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම නො පිළිපදිමි. එ(සේ කළ) විට මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතරින් ද නො වෙමි යැයි නුඹ පවසනු."},{"id":57,"translation":"සැබැවින් ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. එහෙත් නුඹලා එය බොරු කළෙහු ය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින් ම එය මා සතුව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතුව නැත. ඔහු සත්‍යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්‍රේෂ්ඨ ය."},{"id":58,"translation":"“නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නෙහු ද එය මා සතුව ඇත්නම් මා අතර හා නුඹලා අතර වූ විෂයය තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය” යැයි නුඹ පවසනු."},{"id":59,"translation":"අදෘශ්‍යමාන දෑහි යතුරු ඔහු සතුව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නො දනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. තවද ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නො වැටෙයි. තවද මහපොළොවේ අන්ධකාරය තුළ ඇති බීජය, සාරවත් හෝ වියළිව තිබෙන දෑ පැහැදිලි පුස්තකයේ සඳහන් නො වී නැත."},{"id":60,"translation":"තවද රාත්‍රියෙහි නුඹලාව අත්පත් කර ගන්නේ ඔහු ය. තවද දහවලෙහි නුඹලා ඉපැයූ දෑ ද ඔහු දනී. පසුව නියමිත කාලය පූර්ණ කරනු පිණිස ඔහු එහි නුඹලාව අවදි කරවයි. පසුව නුඹලාගේ නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙත ය. පසුව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වයි."},{"id":61,"translation":"තවද තම ගැත්තන්ට ඉහළින් සිට මර්දනය කරන්නා ඔහු ය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂකයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ සුරදූතවරුන් ඔහුව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නො හරිති."},{"id":62,"translation":"පසුව ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට නැවත යොමු කරනු ලබති. තීන්දුව ඔහු සතු යැයි දැන ගනු. තවද ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා වේගවත් ය."},{"id":63,"translation":"ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත්ව හා රහසිගතව “ඔහු අපව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු” යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලාව මුදවා ගනුයේ කවුරුන් දැ? යි (නබිවරය !) විමසනු."},{"id":64,"translation":"එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලාව මුදවා ගනුයේ අල්ලාහ් ය. එහෙත් පසුව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":65,"translation":"නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේ දැ? යි නුඹ අවධානයෙන් යුතුව බලනු."},{"id":66,"translation":"මෙය (අල් කුර්ආනය) සත්‍යව තිබියදී නුඹේ සමූහයා එය බොරු කළෝ ය. තවද “මම නුඹලා මත වූ භාරකරු නො වෙමි” යැයි (නබිවරය! ඔවුනට) නුඹ පවසනු."},{"id":67,"translation":"සෑම පණිවිඩයකට ම නියමිත කාලයක් ඇත. තවද (එය) නුඹලා මතු දැන ගනු ඇත."},{"id":68,"translation":"අපගේ වදන් සම්බන්ධයෙන් (පුහු තර්කයන්හි) නිරත වන්නන් නුඹ දුටු විට, ඒ හැර වෙනත් කතාවක ඔවුන් නිරත වන තෙක් ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිනු. ෂෙයිතාන් නුඹට අමතක කරවන්නේ නම් මෙනෙහි කිරීමෙන් පසු අපරාධකාර ජනයා සමඟ නුඹ වාඩි නො වනු."},{"id":69,"translation":"ඔවුන්ගේ විනිශ්චය ගැන කිසිදු වගකීමක් බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට නොමැත. එහෙත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතුව ඇත."},{"id":70,"translation":"තවද තම දහම සෙල්ලමට හා විහිළුවට ගත් අය නුඹ අතහැර දමනු. මෙලොව ජීවිතය ඔවුන් රවටා ඇත. යම් ආත්මයක් තමන් ඉපැයූ දෑ හේතුවෙන් (අල්ලාහ්ගේ දඬුවමට) නො පැටලෙනු වස් මෙමඟින් නුඹ උපදෙස් දෙනු. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ කිසිදු මැදිහත්කරුවකු හෝ එයට නොමැත. වන්දි වශයෙන් පවතින සියල්ල (ඒ ආත්මාවන්) ගෙව්වද එය පිළිගනු නො ලැබේ. තමන් ඉපැයූ දෑ හේතුවෙන් (දඬුවමට) පැටලුණු අය ඔවුහු ය. ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් වේදනීය දඬුවම ද උතුරණ උණු දියෙන් පානය ද ඇත."},{"id":71,"translation":"අල්ලාහ් හැර අපට සෙත සැලසිය නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? කෙනෙකුට අප වෙතට පැමිණෙන්නැයි ඔහුව යහමඟ වෙතට ඇරයුම් කරන මිතුරන් සිටිය දී ෂෙයිතානුන් ඔහුව නොමඟ යවා මහපොළොවේ ඔබමොබ සැරිසරන්නනෙක් මෙන් අල්ලාහ් අපට මඟ පෙන්වූ පසුව අපි අපගේ විලුඹු මත (පෙර සිටි තත්වයට) නැවත හැරෙන්නෙමු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. සැබැවින් ම අල්ලාහ්ගේ යහමඟ වන එය මය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු යැයි ද පවසනු."},{"id":72,"translation":"තවද නුඹලා සලාතය විධිමත්ව ඉටු කිරීමටත් ඔහුට බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමටත් (අණ කරනු ලැබී ය.) තවද ඔහු වෙතට මය නුඹලා එක්රැස් කරනු ලබනුයේ."},{"id":73,"translation":"යථාර්ථයෙන් යුතුව අහස් හා මහපොළොව මැව්වේ ඔහු ම ය. ‘කුන්’ (වනු) යැයි පවසන දින එය සිදු වන්නේ ය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සර්ව රාජ්‍ය ඔහු සතු වේ. දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ මැනවින් දන්නා ය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":74,"translation":"“ඔබ දෙවිවරු ලෙස පිළිම ගන්නෙහි ද? සැබැවින් ම ඔබ හා ඔබගේ ජනයා පැහැදිලි මුළාවෙහි සිටිනු මම දකිමි” යැයි ඉබ්රාහීම් තම පියා වන ආzදර්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":75,"translation":"අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්රාහීම්ට අප පෙන්වූයේ එලෙස ය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතරින් වනු පිණිස ය."},{"id":76,"translation":"රාත්‍රිය ඔහුව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටී ය. එහෙත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නො කරමි යැයි ඔහු පැවසී ය."},{"id":77,"translation":"පසුව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටී ය. එහෙත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ නො පෙන්වූයේ නම් සැබැවින් ම මම මුළා වූ ජනයා අතරින් වන්නට තිබිණ යැයි පැවසී ය."},{"id":78,"translation":"පසුව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති ය; මෙය (සියල්ලට වඩා) අතිවිශාලය යැයි පවසා සිටී ය. එහෙත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි! නුඹලා ආදේශ කරන දැයින් සැබැවින් ම මම නිදොස් වෙමි යැයි පැවසී ය."},{"id":79,"translation":"අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නො වෙමි."},{"id":80,"translation":"තවද ඔහුගේ ජනයා ඔහු සමඟ වාද කළේ ය. සැබැවින් ම මට යහ මඟ පෙන්වා තිබිය දී අල්ලාහ් සම්බන්ධයෙන් නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? යැයි ඔහු විමසී ය. නුඹලා කවර දෙයකට ආදේශ කරන්නෙහුද ඒ ගැන මම බිය නො වෙමි. එහෙත් මාගේ පරමාධිපති යම් කිසිවක් අභිමත කළේ නම් මිස. (මට කිසිවක් සිදු නො වේ.) මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳව දැනුමෙන් පුළුල් විය. නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?"},{"id":81,"translation":"කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නො කළේ ද එවන් දෙයක් අල්ලාහ්ට ආදේශ කිරීමට නුඹලා නො බියව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේ ද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත්වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද?"},{"id":82,"translation":"විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නො කළේ ද එවැන්නන්ට මය අභයදායිත්වය ඇත්තේ. තවද ඔවුහු යහමඟ ලද්දවුන් වෙති."},{"id":83,"translation":"අපගේ සාධකය එයයි. තම ජනයාට එරෙහිව ඉබ්රාහීම්ට අපි එය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් අපි උසස් කරන්නෙමු. සැබැවින් ම නුඹගේ පරමාධිපති සියුම් ඥානී ය; සර්වඥ ය."},{"id":84,"translation":"තවද අපි ඔහුට (ඉබ්රාහීම්ට) ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුට ම අපි මඟ පෙන්වූයෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද (මඟ පෙන්වූයෙමු). තවද අප දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය."},{"id":85,"translation":"තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සෑම කෙනෙකුම දැහැමියන් අතරිනි."},{"id":86,"translation":"තවද ඉස්මාඊල්, අල්යසඃ, යූනුස් හා ලූත්ට ද (මඟ පෙන්වූයෙමු.) තවද සෑම කෙනෙකුම අප ලෝවැසියනට වඩා උසස් කළෙමු."},{"id":87,"translation":"තවද ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ පරපුර හා ඔවුන්ගේ සහෝදරයන් අතරින් ද (ඇතැමෙකු) විය. අපි ඔවුන්ව තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මඟ පෙන්වූයෙමු."},{"id":88,"translation":"මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීම ය. තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට මෙමඟින් ඔහු මඟ පෙන්වනු ඇත. එහෙත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් සිටි (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි."},{"id":89,"translation":"ධර්ම ග්‍රන්ථය, දහම් නීතිය හා දූත මෙහෙය අපි ඔවුනට පිරිනැමූ අය ඔවූහු ය. එබැවින් (මක්කා වැසියන් වන) මොවූහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතික්ෂේප නො කළ පිරිසකට සැබැවින් ම අපි එය පවරන්නෙමු."},{"id":90,"translation":"අල්ලාහ් මඟ පෙන්වූ අය ඔවුහු ය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නො ඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":91,"translation":"අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නො කළහ. මන්ද \"අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නො කළේය\" යැයි ඔවුහු පැවසූ බැවිනි. \"ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවු දැ?\" යි (නබිවරය!) නුඹ අසනු. නුඹලා එය වෙන් වෙන් පත්‍රිකාවන් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කරන අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහු ය. නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ නොදැන සිටි දෑ නුඹලාට (එමඟින්) උගන්වනු ලැබී ය. (නබිවරය! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන්ව අතහැර දමනු."},{"id":92,"translation":"මෙය අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. (එය) ඒ ඉදිරියේ ඇති දෑ සත්‍ය කරවන්නකි. තවද (එය පහළ කළේ) මව් නගරයට හා ඒ අවට සිටින්නන්ට නුඹ අවවාද කරනු පිණිස ය. තවද පරමාන්ත දිනය විශ්වාස කරන්නන් වනාහි ඔවුහු මෙය විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් සුරක්ෂිතව ඉටු කරන්නෝ වෙති."},{"id":93,"translation":"අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිදු දේව පණිවිඩයක් දැනුම් දී නො තිබූ තත්ත්වයේ \"මටත් දේව පණිවිඩ දෙනු ලැබීය\" යැයි පවසන්නාට හෝ \"අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි\" යැයි පවසන්නාට වඩා මහත් අපරාධකරු කවරෙකු ද? තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම් මලක්වරු තම අත් විහිදුවා \"නුඹලාගේ ප්‍රාණ නුඹලා ම බැහැර කර ගනු\" (යැයි පවසනු නුඹ දකිනු ඇත.) අල්ලාහ් කෙරෙහි සත්‍ය නො වන දෑ නුඹලා පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහු ය."},{"id":94,"translation":"අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා, මුල් වරට නුඹලාව අපි මැව්වාක් මෙන් සැබැවින් ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනිව පැමිණ ඇත. සැබැවින් ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත්වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නො දකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින් ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලාගෙන් මුළා විය."},{"id":95,"translation":"සැබැවින් ම අල්ලාහ් බීජ හා ඇට පැළී අංකුරලන්නට සලස්වන්නා ය. තවද ඔහු මළ දැයින් ප්‍රාණික දෑ පිට කරයි. ප්‍රාණික දැයින් මළ දෑ පිට කරයි. එයයි අල්ලාහ්! එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":96,"translation":"අලුයම් කාලය උදා කරවන්නා ය. තවද ඔහු සැනසුම ලැබීම සඳහා රාත්‍රිය ද කාලය ගණනය කිරීම සඳහා හිරු හා සඳු ද ඇති කළේ ය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ."},{"id":97,"translation":"ගොඩබිමෙහි හා මුහුදෙහි අන්ධකාරයන් තුළ නුඹලා මඟ දැනගනු පිණිස නුඹලාට තරු ඇති කළේ ද ඔහු ය. සැබැවින් ම අපි වටහා ගන්නා ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු."},{"id":98,"translation":"නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේ ඔහු ය. එය (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙස හා (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙසිනි. සැබැවින් ම අපි අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු."},{"id":99,"translation":"අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහු ය. පසුව එමඟින් සියලු දෑහි පැළෑටි අපි හට ගැන්වූයෙමු. පසුව එයින් සරුසාර දෑ හට ගැන්වූයෙමු. (කරලෙහි) එකට බැඳුණු ධාන්‍ය ද ඉඳි ගසින් එහි අතුවල එල්ලී පවතින ඉඳි පොකුරු ද සම පෙනුමැති (රසයෙන්) සමාන නො වූ මිදි, ඔලිව් හා දෙළුම් උයන් ද එයින් අපි හට ගන්වන්නෙමු. පල ගැන්වී එය ඉදෙන විට එහි පලතුරු දෙස අවධානයෙන් බලනු. සැබැවින් ම විශ්වාස කරන ජනයාට එහි සංඥාවන් ඇත."},{"id":100,"translation":"තවද ජින්වරුන්ව අල්ලාහ්ට හවුල්කරුවන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන්ව මවා ඇත්තේ ද ඔහු ය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගෙතුවෝ ය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරු ය; අති උත්තරීතර ය."},{"id":101,"translation":"(ඔහු පූර්වාදර්ශයකින් තොරව මවන) අහස්හි හා පොළොවෙහි උත්පාදකයා ය. ඔහුට සහකාරියක් නො සිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේ ද? තවද ඔහු සියලු දෑ මැව්වේ ය. තවද සියලු දෑ පිළිබඳව ඔහු සර්වඥ ය."},{"id":102,"translation":"ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරු ය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහු ය."},{"id":103,"translation":"සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නො කරයි. එහෙත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":104,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුට ම ය. එහෙත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුට ම එරෙහිව ය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නො වෙමි. (යැයි නබිවරය! පවසනු.)"},{"id":105,"translation":"(නබිවරය! දේව ධර්මය දෙනු ලැබූ අයගෙන්) නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පැවසිය හැකි නිසා හා එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස මෙම සාධක අපි විවිධ අයුරින් මෙලෙස විස්තර කරන්නෙමු."},{"id":106,"translation":"නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දිව්‍ය පණිවිඩ වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන කිසිවකු නොමැත. තවද දේවත්වය ආදේශ කරන්නන් හෙළා දකිනු."},{"id":107,"translation":"අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ආදේශ නො කරන්නට තිබුණි. තවද ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹව පත් නො කළෙමු. තවද නුඹ ඔවුන් වෙත වූ භාරකරු ද නො වේ."},{"id":108,"translation":"අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට නුඹලා බැන නො වදිනු. එවිට කිසිදු දැනුමකින් තොරව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද බැන වදිති. සෑම ප්‍රජාවකට ම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාරවත් කළේ එලෙස ය. පසුව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙත ය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට ප්‍රකාශ කරනු ඇත."},{"id":109,"translation":"තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳව තමන් තරයේ විශ්වාස කරන බව ඔවුහු ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා සිටියහ. සැබැවින් ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය!) නුඹ පවසනු. සැබැවින් ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නො කරනු ඇතැයි නුඹලාට අඟවා සිටියේ කුමක් ද?"},{"id":110,"translation":"ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නො කර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ඨීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි සැරිසරන්නට අපි ඔවුන්ව අතහැර දමන්නෙමු."},{"id":111,"translation":"තවද අප ඔවුන් වෙත මලක්වරුන් පහළ කළ ද මියගියවුන් ඔවුන් සමඟ කතා කළ ද සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නො වනු ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරය අඥානව සිටිති."},{"id":112,"translation":"තවද එලෙස ම අපි සෑම නබි වරයකුට ම මිනිස් වර්ගයා සහ ජින් වර්ගයාගෙන් පවතින ෂෙයිතානුන් සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටාලනු පිණිස ආකර්ෂණීය වදන් කොඳුරා පවසති. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුහු මෙය නො කරන්නට තිබුණි. එබැවින් ඔවුන්වද ඔවුන් ගොතන (අසත්‍ය) දෑ ද නුඹ අත හැර දමනු."},{"id":113,"translation":"තවද පරමාන්ත දිනය විශ්වාස නො කරන්නන්ගේ හදවත් ඒ වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුන් පිළිගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද (මෙසේ හතුරන් පත් කළෙමු.)"},{"id":114,"translation":"තීරකයකු ලෙස මා සෙවිය යුත්තේ අල්ලාහ් නො වන කෙනෙකුව ද? නුඹලා වෙත පැහැදිලි කරනු ලැබූවක් ලෙස මෙම පුස්තකය පහළ කළේ ඔහු ය. කවරෙකුට මෙම පුස්තකය අපි පිරිනැමුවෙමු ද, සැබැවින් ම ඔවුහු මෙය සත්‍යයෙන් යුතුව නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දැන ගනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නො වනු."},{"id":115,"translation":"නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය. ඔහු (අල්ලාහ්)ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":116,"translation":"මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නෙහි නම් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නුඹව නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස වෙනකක් නො වේ. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නො වෙති."},{"id":117,"translation":"තම මාර්ගයෙන් නොමඟ යනවුන් කවුරුන් දැ? යි සැබැවින් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. තවද යහමඟ ලැබූවන් පිළිබඳව ද ඔහු මැනවින් දන්නා ය."},{"id":118,"translation":"නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ගේ නාමය කවර දෙයක් මත මෙනෙහි කරනු ලැබූවේ ද ඒවායින් අනුභව කරනු."},{"id":119,"translation":"තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නො කර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින් ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. එහෙත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින් ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳව මැනවින් දන්නා."},{"id":120,"translation":"තවද පාපයේ බාහිරය මෙන් ම එහි අභ්‍යන්තරය ද නුඹලා අත හැර දමනු. සැබැවින් ම පාපය උපයන්නන් වනාහි ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත."},{"id":121,"translation":"තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නො ලැබුවේ ද එයින් නුඹලා අනුභව නො කරනු. තවද සැබැවින් ම එය පාපයකි. තවද නුඹලා සමඟ වාද කරනු පිණිස සැබැවින් ම ෂෙයිතානුන් තම හිතමිතුරන් වෙත කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයෙහු නම් සැබැවින් ම නුඹලා ආදේශ කරන්නෝ වෙති."},{"id":122,"translation":"(මුළාවීමෙන්) මළමිනියක්ව සිටි පසු (මඟ පෙන්වීමෙන්) ඔහුට අපි ජීවය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමඟින් ජනයා අතර ඇවිද යන අය වනාහි ඔහු අන්ධකාරයන්හි සිට එයින් බැහැරව යා නොහැකි අයකුට සමාන වන්නේ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙස ය."},{"id":123,"translation":"එලෙස සෑම ගමකම එහි කුමන්ත්‍රණය කරනු පිණිස එහි වැරදි කරන ප්‍රධානීන් ඇති කළෙමු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරනුයේ ඔවුන්ට ම මිස වෙනත් අයට නො වේ. තවද ඔවුහු (ඒ බව) වටහා නො ගනිති."},{"id":124,"translation":"ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ්ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නො කරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැ? යි අල්ලාහ් මැනවින් දන්නා ය. වැරදි කළවුන්ව ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත."},{"id":125,"translation":"අල්ලාහ් කවරෙකුට මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද කවරෙකුව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේ ද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නො කරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙස ය."},{"id":126,"translation":"මෙය නුඹගේ පරමාධිපතිගේ ඍජු මාර්ගය වේ. උපදෙස් ලබන ජනයාට සැබැවින් ම අපි මෙම සාධක පැහැදිලි කළෙමු."},{"id":127,"translation":"ඔවුනට අල්ලාහ් වෙතින් වූ (ස්වර්ගය හෙවත්) ශාන්තියේ නිවහන ඇත. ඔවුහු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරු ඔහුම විය."},{"id":128,"translation":"ඔවුන් සියල්ල ඔහු එක්රැස් කරන දින අහෝ ජින් සමූහයනි! මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනා (නොමඟ යවා) නුඹලා අධික කර ගත්තෙහු ය. මිනිසුන් අතුරින් වූ ඔවුන්ගේ සමීපතයින් \"අපගේ පරමාධිපතියාණනි! අපගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් ඵල ප්‍රයෝජන ලබා ගත්හ\". තවද \"අප වෙත නුඹ නියම කළ කාල සීමාව ළඟා විය\" යැයි පවසති. (එවිට) නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. අල්ලාහ් අභිමත කළ (ඇතැම්) අය හැර ඔවුහු එහි සදාතනිකයින් වෙති. සැබැවින් ම නුඹගේ පරමාධිපති ප්‍රඥාවන්ත ය. සර්ව ඥානීය යැයි (ඔහු) පවසයි."},{"id":129,"translation":"තවද එ ලෙස අපරාධ කරුවන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි හිතමිතුරන් බවට පත් කරමු."},{"id":130,"translation":"අහෝ ජින් හා මිනිස් සමූහයනි! මාගේ වදන් නුඹලාට කියා පා නුඹලාගේ මෙදින හමු වීම ගැන නුඹලාට අනතුරු අඟවමින් නුඹලා අතුරින් ම වූ රසූල්වරු (ධර්ම දූතයින්) නුඹලා වෙත නො පැමිණියේ ද? (එවිට) ඔවුහු එසේ ය \"අපට එරෙහිව අපි ම සාක්ෂි දරන්නෙමු\" යැයි පවසති. මෙලොව ජීවිතය ඔවුන්ව රවටා දැමී ය. සැබැවින් ම ඔවුන් ප්‍රතික්ෂේපකයින් ලෙස සිටි බව ඔවුන් ඔවුන්ට ම එරෙහිව සාක්ෂි දරනු ඇත."},{"id":131,"translation":"එය (එසේ රසූල්වරුන් පහළ කිරීමට හේතුව) අපරාධයෙන් වෙළුණු ගමක් එහි ජනයා (ඒ ගැන) නො තකන්නන් ලෙස සිටිය දී නුඹගේ පරමාධිපති එය විනාශ කරන්නෙකු නො වනු පිණිස ය."},{"id":132,"translation":"සෑම කෙනෙකුට ම ඔවුන් කළ දෑ අනුව (විවිධ) පදවීන් ඇත. ඔවුන් කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියකු නො වේ."},{"id":133,"translation":"තවද නුඹගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර ය. කරුණාවෙන් යුක්ත ය.ඔහු සිතන්නේ නම් වෙනත් සමූහයක පරම්පරා වෙන් නුඹලාව බිහි කළාක් මෙන් නුඹලාව පහකොට නුඹලාගෙන් පසු ඔහු සිතන පරිදි (නුඹලා වෙනුවට වෙනත්) නියෝජිතයින් පත් කරනු ඇත."},{"id":134,"translation":"නියත වශයෙන් ම නුඹලාට පොරොන්දු වූ දෙය (විනිශ්චය දිනය) නියතව පැමිණෙන අතර එය ව්‍යර්ත කිරීමට නුඹලාට ශක්තියක් නැත!"},{"id":135,"translation":"අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. සැබැවින් ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය කාහට යහපත් වන්නේ දැ? යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":136,"translation":"ගොයමින් හා ගොවිපළ සතුන්ගෙන් බිහි කළ දැයින් අල්ලාහ්ට කොටසක් වෙන් කොට ඔවුන්ගේ කල්පිතය අනුව මෙය අල්ලාහ් වෙනුවෙනි, මෙය තමන්ගේ සම දෙවිවරුන් වෙනුවෙනි යැයි පවසති. ඔවුන්ගේ සම දෙවිවවරුන් වෙනුවෙන් වූ දෑ අල්ලාහ් වෙත ළඟා නො වනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් වූ දෑ ඔවුන්ගේ සම දෙවිවරුන් වෙත ළඟා වනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය."},{"id":137,"translation":"තවද එලෙස ම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වී ය. ඔවුන් (හවුල්කරුවන්) ඔවුන්ව විනාශ කරනු පිණිස හා ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිස ය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නො කරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන්ව නුඹ අත හැර දමනු."},{"id":138,"translation":"මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත් ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නො කළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නො කරනු ඇතැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ඔහු (අල්ලාහ්) ප්‍රතිවිපාක දෙනු ඇත."},{"id":139,"translation":"මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතු ය. තවද අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්ව ඥානී ය."},{"id":140,"translation":"කිසිදු දැනුමකින් තොරව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින් ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුහු යහමඟ ලද්දන් නො වූහ."},{"id":141,"translation":"විහිදී වැඩෙන උයන් ද (ඉඳි ගස් වැනි) විහිදීමකින් තොරව වැඩෙන උයන් ද ඉඳි ද එහි ආහාරය විවිධ වූ පැළෑටි ද ඔලිව් ද දෙළුම් ද එකිනෙකට සමාන වශයෙන් හා එකිනෙකට සමාන නො වන වශයෙන් බිහි කළේ ඔහු ය. නුඹලා එහි පල හට ගැණුනු විට එහි පලදාවෙන් අනුභව කරනු. තවද එහි අස්වැන්න නෙළා ගන්නා දින එහි උරුමය දෙනු. තවද නුඹලා නාස්ති නො කරනු. නියත වශයෙන් ම ඔහු නාස්තිකාරයින්ව ප්‍රිය කරන්නේ නැත."},{"id":142,"translation":"ගොවිපළ සතුන් අතරින් පොදි උසුලන්නන් හා පරිබෝජනය සඳහා වූ සත්ත්වයින් ද ඇත. අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි."},{"id":143,"translation":"(ආහාරයට අනුමත සතුන් අතරින්) වර්ග අටක් ඇත. බැටළුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද එළුවාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ ද? නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් ඥානාන්විත ව මට (මේ ගැන) දන්වා සිටින්නැයි නුඹ පවසනු."},{"id":144,"translation":"තවද ඔටුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද ගවයාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ දැ? යි අසනු. එසේ නැතහොත් මේ ගැන අල්ලාහ් නුඹලාට උපදෙස් දුන් අවස්ථාවේ නුඹලා සාක්ෂිකරුවන් ලෙස සිටියෙහු ද? එහෙයින් ජනයා නොමඟ යවනු පිණිස දැනුමෙන් තොරව අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා දරුණු අපරාධකරු කවරෙකු ද? සැබැවින් ම අල්ලාහ් අපරාධකාරී පිරිසට යහමඟ නො පෙන්වයි."},{"id":145,"translation":"(නබිවරය!) පවසන්න, මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ ඇත්තෙන් ම එය අපිරිසිදු ය. අල්ලාහ් නො වන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට කිසිවක් තහනම් බව මා වෙත දන්වා ඇති දේව වදන්හි මා දුටුවේ නැත. එහෙත් කවරෙකු බලකිරීමකට ලක්වන්නේ ද ඔහු සීමාව ඉක්මවීමකින් හා සිය කැමත්තෙන් තොරව (අනුභව) කළ හැකි ය. සැබැවින් ම නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":146,"translation":"නියපොතු ඇති (සතුන්) සියල්ල ම අපි යුදෙව්වන්ට තහනම් කළෙමු. තවද ගවයින් හා එළුවන්ගේ මේදවලින් උන්ගේ පිටවල් හෝ බඩවැල් හෝ ඇට සමඟ මුසු වූ දෑ හැර (අනෙකුත්) මේද ඔවුන් වෙත තහනම් කළෙමු. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් මෙලෙස අපි ඔවුනට ප්‍රතිවිපාක දුනිමු. තවද සැබැවින් ම අපි සත්‍යවාදීහු වන්නෙමු."},{"id":147,"translation":"එහෙත් ඔවුහු නුඹව බොරු කළේ නම් එවිට නුඹලාගේ පරමාධිපති කරුණාවෙන් හා විශාලත්වයෙන් යුක්ත ය. වැරදිකාර පිරිසගෙන් ඔහුගේ දඬුවම ප්‍රතික්ෂේප කරනු නො ලැබේ යැයි නුඹ පවසනු."},{"id":148,"translation":"\"අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ද අපගේ මුතුන්මිත්තන් ද ආදේශ නො කරන්නට තිබුණි. තවද කිසිවක් අප තහනම් නො කරන්නට තිබුණි\" යැයි ආදේශ කළවුන් මතු පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. එය අපහට දන්වා සිටින ආකාරයෙන් නුඹලා වෙත යම් දැනුමක් තිබේ දැ? යි නුඹ විමසනු. නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස වෙනකක් නො වේ. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නො වෙති."},{"id":149,"translation":"පිරිපුන් සාධකය අල්ලාහ් සතුය එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ට යහ මඟ පෙන්වන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":150,"translation":"මෙය තහනම් කළේ සැබැවින් ම අල්ලාහ් යැයි සාක්ෂි දරන නුඹලාගේ සාක්ෂිකරුවන් ගෙන එනු යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු (බොරු) සාක්ෂි දැරුවේ නම් එවිට නුඹ ඔවුන් සමඟ වී සාක්ෂි නො දරනු. අපගේ වදන් බොරු කළවුන්ගේ හා මරණින් මතු ජීවිතය විශ්වාස නො කරන්නන්ගේ ආශාවන් අනුගමනය නො කරනු. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට සමානකම් ඇති කරති."},{"id":151,"translation":"\"එනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත කියවා පෙන්වමි\" යැයි (නබිවරය!) නුඹ පවසනු. (ඒවා නම්) නුඹලා ඔහුට කිසිවක් ආදේශ නො කරන ලෙසත්, දෙමාපියන්ට උපකාරශීලීව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නො කරන ලෙසත් ය. නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අප ම ය. එමෙන් ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නො වන ලෙසත් ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොරව මිස ඝාතනය නො කරනු. මෙසේ එය නුඹලාට ඔහු උපදෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිස ය."},{"id":152,"translation":"අනාථයාගේ ධන සම්පත් වෙත, ඔහු වැඩි වියට පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය."},{"id":153,"translation":"තවද නියත වශයෙන් ම මෙය මාගේ ඍජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. (වෙනත්) මාර්ග අනුගමනය නො කරනු. එවිට නුඹලාව ඔහුගේ මාර්ගයෙන් එය වෙන් කරනු ඇත. මෙමඟින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස ය."},{"id":154,"translation":"පසුව දැහැමි ලෙස කටයුතු කරන්නාහට පූර්ණ කිරීමක් ලෙස ද සෑම දෙයක් ම විස්තර කරන්නක් ලෙස ද මඟ පෙන්වීමක් ලෙස ද ආශිර්වාදයක් ලෙස ද එම පුස්තකය අපි මූසාට පිරිනැමුවෙමු. එය ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ඔවුන් විශ්වාස කිරීමට හැකි වනු පිණිස ය."},{"id":155,"translation":"තවද අපි පහළ කළ මෙම පුස්තකය භාග්‍ය සම්පන්න ය. එබැවින් නුඹලා එය පිළිපදිනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා බිය බැතිමත් වනු."},{"id":156,"translation":"අපට පෙර ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ (යුදෙව් හා කිතුනු යන) දෙපිරිස වෙත ම ය. තවද අපි ඔවුන්ගේ ඉගැන්වීම් ගැන අපි අනවධානීන් ලෙස සිටියෙමු යැයි (ප්‍රතික්ෂේප කළ) නුඹලා නො පවසනු පිණිස ය."},{"id":157,"translation":"නැතහොත් සැබැවින් ම අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි නුඹලා නො පවසනු පිණිස ය. එහෙත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය, මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණ ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහත් අපරාධකරුවා කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් අපි ප්‍රතිවිපාක වශයෙන් මතු පිරිනමන්නෙමු."},{"id":158,"translation":"මලක්වරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපති ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණීම හෝ ඔවුන් බලාපොරොත්තු වන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නො වනු ඇත. මීට පෙර එය විශ්වාස නො කළේ ය. එමෙන් ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින් ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":159,"translation":"සැබැවින් ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් වනාහි ඔවුන් අතරින් නුඹ කිසිදු කරුණක නො වන්නෙහි ය. සැබැවින් ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙත ය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වනු ඇත."},{"id":160,"translation":"කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්‍රතිඵල) දහයක් හිමි ය. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්‍රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නො ලබති."},{"id":161,"translation":"සැබැවින් ම මාගේ පරමාධිපති මා නිවැරදි මාර්ගය වෙත යොමු කළේ ය. එය වඩාත් ස්ථාවර, අවංක ලෙස ඉබ්රාහීම් විසින් පිළිපැදි මාර්ගය ද වේ. තවද සැබැවින් ම ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය."},{"id":162,"translation":"සැබැවින් ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":163,"translation":"ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඒ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි."},{"id":164,"translation":"සියලු දෑහි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙමි ද? සෑම ආත්මයක් ම එයට නියම වූ දෑ මිස වෙනත් කිසිවක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසුව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙත ය. අනතුරුව නුඹලා කවර විෂයක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි."},{"id":165,"translation":"මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලාව පත් කළේ ඔහු ම ය. තවද ඔහු නුඹලාට දුන් දෑහි නුඹලාව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා තරාතිරම්වලින් උසස් කළේ ය. (නබිවරය!) නිසැකව ම නුඹේ පරමාධිපතියාණන් දඬුවම් දීමේදී ඉතා වේගවත් ය. තවද සැබැවින් ම ඔහු අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."}]},{"id":7,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්, සාද්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයයි. නුඹ එමඟින් අනතුරු අඟවනු පිණිස මේ සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිදු පැකිලීමක් ඇති නො විය යුතු ය. තවද (මෙය) දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසකි."},{"id":3,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නො කරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ."},{"id":4,"translation":"තවද ගම්මාන කොපමණ ප්‍රමාණයක් අප විනාශ කර ඇත්තෙමු ද? අපගේ දඬුවම ඔවුන් රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලයේ මද නින්දක වැටී සිටියදී ඒ වෙත පැමිණියේ ය."},{"id":5,"translation":"තවද අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ \"අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු\" යැයි පැවසීම මිස ඔවුන්ගේ විලාපය නො වීය."},{"id":6,"translation":"එබැවින් කවුරුන් වෙත (ධර්ම දූතවරුන්) එවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින් ම අපි විමසන්නෙමු. එමෙන් ම එවනු ලැබූවන්ගෙන් ද අපි විමසන්නෙමු."},{"id":7,"translation":"තවද ඥානාන්විතව අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟ වී සිටින්නන් නො වූයෙමු."},{"id":8,"translation":"තුලනය එදින සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රාහකයෝ ඔවුහු ම ය."},{"id":9,"translation":"තවද කවරෙකුගේ තුලාවන් බරින් අඩු වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් ඔවුහු ඔවුන්ට ම අලාභහානි කර ගත්තෝ වූහ."},{"id":10,"translation":"තවද සැබැවින් ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන් ම එහි නුඹලාට ජීවනෝපාය ද ඇති කළෙමු. නුඹලා කෘතඥවනුයේ ස්වල්පයකි."},{"id":11,"translation":"තවද සැබැවින් ම අපි නුඹලා මවා පසුව නුඹලා හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා ආදම්ට සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්හට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර සෙස්සෝ සුජූද් කළෝ ය. ඔහු සිරස නමන්නන් අතරින් නො වීය."},{"id":12,"translation":"මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නො නැමීමට නුඹව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේ ය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨ ය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහි ය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසී ය."},{"id":13,"translation":"එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට සුදුසු නො වේ. එබැවින් නුඹ පිටව යනු. නියත වශයෙන් ම නුඹ පහත් අය අතරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":14,"translation":"ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කී ය."},{"id":15,"translation":"‘නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අතරිනි’ යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":16,"translation":"‘නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකව ම මම ද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි’ යැයි ඔහු පැවසී ය."},{"id":17,"translation":"පසුව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නො දකිනු ඇත."},{"id":18,"translation":"‘නුඹ අවමානයට පත් හෙළා දකිනු ලබන්නෙකු සේ මෙයින් පිටව යනු. ඔවුන් අතරින් කවරෙකු නුඹව අනුගමනය කළේ ද සැබැවින් ම නුඹලා සියල්ලන්ගෙන් ම නිරය පුරවන්නෙමි’ යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":19,"translation":"තවද ‘අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. එහෙත් මෙම ගසට ළං නො වනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතරින් වන්නෙහු ය."},{"id":20,"translation":"ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාට හෙළි කිරීම සඳහා ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේ ය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වනු ඇතැයි හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතරින් වනු ඇතැයි යන හේතුවෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනාව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු (ෂෙයිතාන්) පවසා සිටියේ ය."},{"id":21,"translation":"සැබැවින් ම මම නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසී ය."},{"id":22,"translation":"ඔහු රවටාලමින් ඔවුන් දෙදෙනා පහත හෙළී ය. එනම් ඔවුන් දෙදෙනා එම ගසින් රස බැලූ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝ ය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නො වැළැක්වූයෙම් ද තවද සැබැවින් ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්‍රකට සතුරෙකි යැයි මම නුඹලා දෙදෙනාට නො කීවෙමි දැ? යි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති (අල්ලාහ්) ඔවුන් දෙදෙනාව ඇමතී ය."},{"id":23,"translation":"අපගේ පරමාධිපතියාණනි! අපි අපට ම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නො දුන්නේ නම් එමෙන් ම නුඹ අපට කරුණා නො කළේ නම් සැබැවින් ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ."},{"id":24,"translation":"නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු ය. තවද නුඹලාට නියමිත කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි ඔහු පැවසුවේ ය."},{"id":25,"translation":"එහි නුඹලා ජීවත් වනු ඇත. තවද එහිදී ම නුඹලා මරණයට පත් වනු ඇත. තවද එයින් ම නුඹලා බැහැර කරනු ලබනු ඇත යැයි ඔහු පැවසුවේ ය."},{"id":26,"translation":"ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන වස්ත්‍ර ද අලංකාරය ද සැබැවින් ම අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එනමුත් දේව බැතිමත්භාවයේ වස්ත්‍රය වනාහි එය මය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතරිනි. (මෙමඟින්) ජනයා උපදෙස් ලැබිය හැකි ය."},{"id":27,"translation":"ආදම්ගේ දරුවනි! නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් බැහැර කෙරෙව්වාක් මෙන් ෂෙයිතාන් නුඹලාව අර්බුදයට පත් නො කළ යුතු ය. ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමී ය. නියත වශයෙන් ම නුඹලා ඔවුන්ව නො දකින පරිදි ඔහු හා ඔහුගේ කණ්ඩායම නුඹලාව දකිනු ඇත. (සත්‍යය) විශ්වාස නො කරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන් ම අපි ෂෙයිතානුන් පත් කළෙමු."},{"id":28,"translation":"ඔවුන් යම් අශීලාචාර දෙයක් කළ විට ‘අපගේ මුතුන්මිත්තන් ඒ මත සිටිනු අපි දුටුවෙමු. තවද අල්ලාහ් ඒ ගැන අපට අණ කර ඇත’ යැයි පැවසුවෝ ය. නියත වශයෙන් ම අල්ලාහ් අශීලාචාර දෑ අණ නො කරන්නේ ය. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පවසන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":29,"translation":"මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය!) නුඹ පවසනු. සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුව අයැදිනු. නුඹලාව ඔහු උත්පාදනය කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත."},{"id":30,"translation":"පිරිසකට ඔහු මඟ පෙන්වී ය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන් ම ඔවුහු අල්ලාහ්ගෙන් තොරව ෂෙයිතානුන්ව හිත මිතුරන් ලෙස ගත්තෝ ය. තවද සැබැවින් ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති."},{"id":31,"translation":"ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. එහෙත් නුඹලා නාස්ති නො කරනු. නියත වශයෙන් ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත."},{"id":32,"translation":"තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණ සම්පත්වලින් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. මෙය මෙලොව ජීවිතයේ මෙන් ම විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී දේවත්වය විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙස ය."},{"id":33,"translation":"\"මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශීලාචාර දෑ මෙන් ම ඉන් මතුපිටින් ඇති දෑ ද, අභ්‍යන්තරව ඇති දෑ ද, පාපය ද යුක්තියකින් තොරව සීමාව ඉක්මවීම ද, අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නො කළ දෙයකින් නුඹලා ඔහුට ආදේශ තැබීම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ\" යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":34,"translation":"සෑම සමූහයකට ම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නො වනු ඇත. එමෙන් ම ඔවුන් ඉක්මන් වන්නේ ද නැත."},{"id":35,"translation":"අහෝ ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන නුඹලා අතරින් වූ ධර්ම දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන්ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නො වෙති."},{"id":36,"translation":"තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":37,"translation":"එහෙයින් අල්ලාහ් මත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කළ වුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කර ලියන ලද ඔවුන්ගේ කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ ඔවුන් අත්පත් කර ගැනීම සඳහා අපගේ දූතවරු පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේ දැ? යි (ඔවුන්ගෙන්) විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටී බවට ඔවුහු ඔවුන්ට ම (එරෙහිව) සාක්ෂි දරති."},{"id":38,"translation":"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය; නිරයේ වෙසෙන සමූහයන් අතරට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක් ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ල ම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහිව අපගේ පරමාධිපතියාණනි! අපව නොමඟ හැරියේ මොවුහු ය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනව! යැයි පවසති. සෑම කෙනෙකුට ම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නො දන්නෙහුය යැයි ඔහු පවසයි."},{"id":39,"translation":"එමෙන් ම ‘අපට වඩා කිසිදු මහිමයක් නුඹලාට නො වීය. එබැවින් නුඹලා ද නුඹලා උපයමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුන්ගෙන් මුල් අය ද ඔවුන්ගෙන් පසු අය දෙස බලා පවසති."},{"id":40,"translation":"සැබැවින් ම අපගේ වදන් බොරු කොට ඒ ගැන උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නො ලැබේ. ඔටුවා ඉඳි කටු සිදුර තුළට පිවිසෙන තෙක් (එය නො සිදු වන්නේ කෙසේද එසේ ම) ඔවුහු (ද) ස්වර්ගයට නො පිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ."},{"id":41,"translation":"ඔවුනට නිරයෙන් වූ යහනක් ඇත. එමෙන් ම ඔවුනට ඉහළින් ආවරණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ."},{"id":42,"translation":"තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ හැකියාව අනුව මිස වගකීම් නො පැවැරුවෙමු. ඔවුහු මය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":43,"translation":"ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද \"මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නො පෙන්වූයේ නම් අප යහ මඟ ලබන්නන් නො වීමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ\" යැයි ඔවුන් පවසනු ඇත. එමෙන් ම \"නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ\" යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති."},{"id":44,"translation":"අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින් ම අපි ලබා ඇත්තෙමු. එමෙන් ම නුඹලා ද නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින් ම ලබා ඇත්තෙහු දැ? යි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. “එසේය” යැයි ඔවුහු පවසනු ඇත. එහෙත් අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතර නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි."},{"id":45,"translation":"ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන් ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය."},{"id":46,"translation":"තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුම ඔවුන්ගේ සලකුණුවලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසුව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තියක් ම වේවා! යැයි පවසති. එහෙත් ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි ඇතුළු නො වූහ."},{"id":47,"translation":"ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප පත් නො කරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත."},{"id":48,"translation":"(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියෝ මිනිසුන් අමතති. ඔවුන්ගේ සලකුණුවලින් ඔවුහු ඔවුන් හඳුනා ගනිති. නුඹලාගේ පිරිස හා නුඹලා උඩඟුකම්පාමින් සිටි දෑ (අද) නුඹලාට කිසිදු ප්‍රයෝජනයක් නො දී ඇතැයි ඔවුහු පවසනු ඇත."},{"id":49,"translation":"අල්ලාහ් ඔවුනට දයාව ලබා නො දෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද? නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත. තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත."},{"id":50,"translation":"තවද නිරා වැසියෝ ස්වර්ග වාසීන් අමතා අප මත ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් හෝ වක් කරනු යැයි පවසති. දේව ප්‍රතික්ෂේපකයින් වෙත ඒ දෙකම සැබැවින් ම අල්ලාහ් තහනම් කර ඇතැයි ඔවුහු පවසනු ඇත."},{"id":51,"translation":"ඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන්ව මුළා කළේ ය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුව අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු."},{"id":52,"translation":"තවද ඔවුන් වෙත ධර්ම ග්‍රන්ථය අපි ගෙන ආවෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් දේවත්වය විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු."},{"id":53,"translation":"මොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින් ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේම ය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නො වන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින් ම ඔවුන් ඔවුන්ට ම අලාභහානි සිදු කර ගත්තෝ ය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේ ය."},{"id":54,"translation":"54. නියත වශයෙන් ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ය. පසුව ඔහු (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු, සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතු ය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය."},{"id":55,"translation":"නුඹලා යටහත් පහත්ව හා රහසිගතව නුඹලාගේ පරමාධිපතිව අයදිනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ප්‍රිය නො කරනු ඇත."},{"id":56,"translation":"තවද මහපොළොව හැඩගැස්වූ පසු නුඹලා එහි කලහකම් නො කරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත."},{"id":57,"translation":"තවද තම දයාව අතරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහු ය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට, මුඩු ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසුව අපි එමඟින් ජලය පහළ කළෙමු. පසුව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. මළවුන් අප බැහැර කරනුයේ එලෙස ය. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස."},{"id":58,"translation":"තවද සාරවත් පොළොව වනාහි, එහි පරමාධිපතිගේ අවසරයෙන් එහි පැළෑටි හට ගැනේ. තවද නිසරු වී ගිය දෑ (පොළොව) වනාහි ස්වල්ප ඵලදාවක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙස ය."},{"id":59,"translation":"සැබැවින් ම අපි නූහ්ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියකු නුඹලාට නොමැත. මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":60,"translation":"“නියත වශයෙන් ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු” යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රධානීහු පැවසුවෝ ය."},{"id":61,"translation":"මාගේ සමූහයනි! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයකු වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":62,"translation":"මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි."},{"id":63,"translation":"නුඹලාට අවවාද කරනු පිණිස ද නුඹලා බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු පිණිස ද නුඹලා දයාව ලැබිය හැකි වනු පිණිස ද නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? (යැයි පැවසුවේ ය.)"},{"id":64,"translation":"එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන්ව ගිල්වූයෙමු. නියත වශයෙන් ම ඔවුහු අන්ධ පිරිසක් වූහ."},{"id":65,"translation":"ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නො වේ දැ’යි විමසුවේ ය."},{"id":66,"translation":"නියත වශයෙන් ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන් ම ඔබ නියත වශයෙන් ම බොරුකාරයින් අතරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝ ය."},{"id":67,"translation":"‘මාගේ සමූහයනි! මා සමඟ කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":68,"translation":"මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි."},{"id":69,"translation":"නුඹලාට අනතුරු ඇඟවීම පිණිස නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසුව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධිකව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එහෙයින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු."},{"id":70,"translation":"අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":71,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් ගැන නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":72,"translation":"එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ සංඥාවන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ලෙස නො සිටියෝ ය."},{"id":73,"translation":"තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව ද (එව්වෙමු). මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින් ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය නුඹලාට සංඥාවක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නො කරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලාව ග්‍රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේ ය."},{"id":74,"translation":"ආද් (සමූහයා)ට පසු ඔහු නුඹලාව නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. නුඹලා එහි පහසුකම් ඇති තැන්වල මාලිගාවන් තනා ගන්නෙහු ය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහු ය. එබැවින් අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නො කරනු."},{"id":75,"translation":"ඇත්ත වශයෙන් ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර ලෙස දන්නෙහු දැ? යි ඔහුගේ සමූහයා අතරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුන්ගෙන් විමසා සිටියහ. (එවිට) ඔවූහු \"ඔහු කවර කරුණක් සමඟ යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කරන්නන් වන්නෙමු\" යැයි පවසා සිටියහ."},{"id":76,"translation":"‘නියත වශයෙන් ම නුඹලා කවර දෙයක් පිළිබඳව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝ ය."},{"id":77,"translation":"පසුව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝ ය. තවද අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ."},{"id":78,"translation":"එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේ ය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ ම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ."},{"id":79,"translation":"පසුව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. එහෙත් නුඹලා උපදේශකයින් ප්‍රිය කරන්නේ නැතැ’යි ඔහු පැවසී ය."},{"id":80,"translation":"තවද ලූත්ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නො කළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසී ය."},{"id":81,"translation":"නියත වශයෙන් ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහු ය. එසේ ම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති."},{"id":82,"translation":"නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන්ව පිටුවහල් කරනු. නියත වශයෙන් ම මොවුන් පිරිසිදුව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නො වීය."},{"id":83,"translation":"එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ (සෙසු) සාමාජිකයින් මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතරින් වූවා ය."},{"id":84,"translation":"තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අවධානයෙන් බලනු."},{"id":85,"translation":"තවද මද්යන් (වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු ඇති නො කරනු. තවද මහපොළොව හැඩගැස් වූ පසුව එහි කලහකම් නො කරනු. නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එය නුඹලාට ශ්‍රේෂ්ඨ වනු ඇතැයි ඔහු පැවසී ය."},{"id":86,"translation":"තවද සෑම මාර්ගයකම නුඹලා තර්ජනය කරමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔහුව විශ්වාස කළවුන් වළක්වමින් හා එහි අඩු පාඩු සොයමින් නුඹලා වාඩි නො වනු. නුඹලා අඩුවෙන් සිටිය දී ඔහු නුඹලාව අධික කළ අවස්ථාව සිහිපත් කරනු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹලා අවධානයෙන් බලනු."},{"id":87,"translation":"කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය නුඹලා අතරින් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නො කර සිටියේ නම් එවිට අප අතර අල්ලාහ් තීන්දු දෙන තෙක් නුඹලා ඉවසා සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨ ය."},{"id":88,"translation":"අහෝ ෂුඅයිබ්! සැබැවින් ම අපි නුඹ හා නුඹ සමඟ විශ්වාස කළවුන් අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹ අපගේ දහම් පිළිවෙත් තුළට නැවත හැරී ආ යුතු යැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟුකම් පෑ ප්‍රධානීහු කීහ. (එවිට) ඔහු ‘අපි පිළිකුල් කරන්නන් ලෙස සිටියත්’ දැ? යි විමසුවේ ය."},{"id":89,"translation":"නුඹලාගේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අප නැවත හැරුණේ නම් සැබැවින් ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාමක් නො වන්නේ ය. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳව දැනුමෙන් ව්‍යාප්ත ය. අපි අල්ලාහ් වෙත ම භාර කරමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර ද අපගේ සමූහයා අතර ද සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු මැනව! තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබ ය. (යැයි ෂුඅයිබ් පැවසී ය.)"},{"id":90,"translation":"‘නුඹලා ෂුඅයිබ්ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන් ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝ ය."},{"id":91,"translation":"එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේ ය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ ම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ."},{"id":92,"translation":"ෂුඅයිබ්ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නො කළාක් මෙන් වූහ. ෂුඅයිබ්ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින් ම වූහ."},{"id":93,"translation":"පසුව ඔහු ඔවුන්ගෙන් හැරී, ‘මාගේ සමූහයනි! සැබැවින් ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දී ඇත්තෙමි. තවද මම නුඹලාට උපදෙස් දී ඇත්තෙමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ? යි පවසා සිටියහ."},{"id":94,"translation":"කවර දේශයකට හෝ එහි වැසියන් අවනත විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්‍රහණය කළා මිස කිසිදු නබිවරයකු අප එව්වේ නැත."},{"id":95,"translation":"පසුව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින් ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝ ය. පසුව ඔවුන් නොදැන සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන්ව ග්‍රහණය කළෙමු."},{"id":96,"translation":"නියත වශයෙන් ම එම ප්‍රදේශවාසීන් විශ්වාස කොට බිය බැතියෙන් කටයුතු කර තිබුණේ නම් සැබැවින් ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත සමෘධිය විවෘත කර දෙන්නට තිබුණි. එහෙත් ඔවුහු බොරු කළෝ ය. එවිට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු."},{"id":97,"translation":"ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායීව සිටින්නෝ ද?"},{"id":98,"translation":"ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායීව සිටින්නෝ ද?"},{"id":99,"translation":"අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායීව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායීව නො සිටියි."},{"id":100,"translation":"එහි වැසියන්ට පසුව මහපොළව උරුමකර ගන්නන්හට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුනට දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත අප මුද්‍රා තබන වග නො වැටහේ ද? තවද ඔවුහු සවන් නො දෙති."},{"id":101,"translation":"එම ගම්මාන වනාහි, ඒවායෙහි පුවත් ගැන අපි නුඹට දන්වමු. සැබැවින් ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. එහෙත් ඔවුහු මීට පෙර බොරු කළ දෑ විශ්වාස කරන්නන් නො වූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙස ය."},{"id":102,"translation":"ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කිසියම් ප්‍රතිඥාවක සිටිනු අපි නො දුටුවෙමු. තවද අපි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපකම් කරන්නන් ලෙස ම දුටුවෙමු."},{"id":103,"translation":"ඔවුන්ගෙන් පසුව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රභූන් පිරිස වෙත අපි මූසාව අපගේ සංඥා සමඟ එව්වෙමු. එවිට ඔවුහු ඒවා ගැන අසාධාරණ ලෙස කටයුතු කළෝ ය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ? යි (නබිවරය!) නුඹ අවධානයෙන් බලනු."},{"id":104,"translation":"අහෝ ෆිර්අවුන්! නියත වශයෙන් ම මම සකල ලෝකයන්හි පරමාධිපති වෙතින් වූ දූතයකු වෙමි යැයි මූසා පැවසුවේ ය."},{"id":105,"translation":"අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නො පැවසීමට නියම වී ඇත. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින් ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් එවනු."},{"id":106,"translation":"(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේ ය."},{"id":107,"translation":"එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේ ය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය."},{"id":108,"translation":"ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේ ය. එසැනින් එය බලන්නන්හට සුදු පැහැයෙන් දිස්විණ."},{"id":109,"translation":"ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු \"නියත වශයෙන් ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි\" යැයි පවසා සිටියෝ ය."},{"id":110,"translation":"මොහු නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?"},{"id":111,"translation":"ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහු හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. (හූනියම්කරුවන්) එක්රැස් කරන්නන් නගරවලට යවනු."},{"id":112,"translation":"මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත."},{"id":113,"translation":"තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින් ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින් ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝ ය."},{"id":114,"translation":"එසේ ය. තවද නුඹලා (මට) සමීපතයින් අතරිනි යැයි ඔහු පැවසුවේ ය."},{"id":115,"translation":"අහෝ මූසා! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපි ම දමන්නන් වන්නෙමු දැ? යි ඔවුහු ඇසුවෝ ය."},{"id":116,"translation":"නුඹලා දමනු යැයි ඔහු පැවසුවේ ය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන්ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ."},{"id":117,"translation":"තවද ‘නුඹ නුඹේ සැරයටිය බිම දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමී ය."},{"id":118,"translation":"තවද සත්‍ය පැහැදිලි විය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය."},{"id":119,"translation":"එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදි. තවද ඔවුහු අවමානයට ලක් වූවන් බවට පෙරළුණෝ ය."},{"id":120,"translation":"තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදි."},{"id":121,"translation":"සකල ලෝකයන්හි පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":122,"translation":"(ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය."},{"id":123,"translation":"‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ය. නියත වශයෙන් ම මෙය කුමන්ත්‍රණයකි. එහි සිටින නගර වැසියන් එයින් නුඹලා පිටුවහල් කරනු පිණිස නුඹලා එහි එය සැලසුම් කළෙහු ය. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් පැවැසුවේ ය."},{"id":124,"translation":"නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා හරිමි. පසුව නුඹලා සියල්ලන්ව කුරුසයේ එල්ලන්නෙමි."},{"id":125,"translation":"‘නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නෝ වෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":126,"translation":"අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගන්නේ නැත. අපගේ පරමාධිපතියාණනි! අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව!"},{"id":127,"translation":"තවද මෙම පොළොවේ කලහකම් කිරීමටත්, ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ඔබ අත හැර දමන්නෙහි දැ? යි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු විමසා සිටියහ. (එසේනම්) අපි ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින් ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසී ය."},{"id":128,"translation":"‘නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. තවද ඉවසනු. නියත වශයෙන් ම මහපොළොව අල්ලාහ් සතු ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ය’ යැයි මූසා ඔහුගේ පිරිසට පැවසී ය."},{"id":129,"translation":"‘නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලාව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැ? යි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසී ය."},{"id":130,"translation":"තවද ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින් ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්‍රහණය කළෙමු."},{"id":131,"translation":"ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. තවද ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු! ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙත ය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නො දනිති."},{"id":132,"translation":"තවද නුඹ අප එමඟින් වසඟ කරනු පිණිස කවර හෝ සංඥාවක් අප වෙත ගෙන ආව ද නුඹව අපි විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":133,"translation":"එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. එහෙත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු වැරදි කරන පිරිසක් වූහ."},{"id":134,"translation":"ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි ‘අහෝ මූසා! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්‍රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරනු මැනව. මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන් ම අපි ඔබව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් යවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":135,"translation":"එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට, ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ."},{"id":136,"translation":"එහෙයින් අපි ඔවුනට දඬුවම් කළෙමු. නියත වශයෙන් ම ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් ද ඒ පිළිබඳ ඔවුන් නො සැලකිලිමත්වූවන් ලෙස සිටි බැවින් ද අපි ඔවුන් මුහුදෙහි ගිල්වූයෙමු."},{"id":137,"translation":"දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටි පිරිසට, මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින් ම විනාශ කර දැමුවෙමු."},{"id":138,"translation":"ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසුව තමන් සතු පිළිමවලට නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝ ය. ‘අහෝ මූසා! ඔවුන් සතුව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘සැබැවින් ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේ ය."},{"id":139,"translation":"නියත වශයෙන් ම ඔවුන් වනාහි ඔවුන් කවර විෂයක සිටියේ ද එය විනාශ වන්නකි. තවද ඔවුහු සිදු කරමින් සිටි දෑ ද නිෂ්ඵල ය."},{"id":140,"translation":"‘ලෝවැසියනට වඩා නුඹලාව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නො වන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) විමසුවේ ය."},{"id":141,"translation":"නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනු(දරුව)න් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද එහි නුඹලාගේ පරමාධිපතිගෙන් අතිමහත් වූ පරීක්ෂණයක් විය."},{"id":142,"translation":"මූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණවත් කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නො කරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේ ය."},{"id":143,"translation":"අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! (ඔබව) මට පෙන්වනු මැනව! මා ඔබව බැලිය යුතුය යැයි පැවසුවේ ය. එයට “ඔබ මා දැකිය නො හැක්කේ ම ය. එහෙත් එම කන්ද දෙස බලනු. එය එම ස්ථානයේම ස්ථාවරව පිහිටියේ නම් එවිට ඔබ මා දකිනු ඇත” යැයි පැවසුවේ ය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේ ය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේ ය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරු ය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. තවද දේවත්වය විශ්වාස කරන්නන්ගේ පළමුවැන්නා මම වෙමි යැයි කී ය."},{"id":144,"translation":"‘අහෝ මූසා! නියත වශයෙන් ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබව ජනයාට ඉහළින් තෝරා ගත්තෙමි. එබැවින් මා නුඹට පිරිනැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතරින් වනු’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":145,"translation":"තවද ඔහු වෙනුවෙන් පුවරුවල සෑම දෙයක් ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක් ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන් ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි."},{"id":146,"translation":"යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන්ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නො කරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නො ගනිති. තවද සීමාව ඉක්මවූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි."},{"id":147,"translation":"තවද අපගේ සංඥාවන් හා මතු ලොව හමුව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑට මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?"},{"id":148,"translation":"මූසාගේ ජනයා ඔහුගෙන් පසුව ඔවුන්ගේ ආභරණවලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නැමදුමට) ගත්තේ ය. එයට ගව හඬකුත් විය. සැබැවින් ම එය ඔවුන් සමඟ කතා නො කරන බවත් ඔවුනට එය ඍජු මඟ නො පෙන්වන බවත් ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු එය (නැමදුමට) ගත්තෝ ය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ."},{"id":149,"translation":"ඔවුන්ගේ දෑත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින් ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නො කළේ නම් තවද අපහට ඔහු සමාව නො දුන්නේ නම් සැබැවින් ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":150,"translation":"තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසුව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට (කලින්) නුඹලා ඉක්මන් වූයේ දැ? යි ඔහු ඇසී ය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පලක බිම හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා, තමන් වෙතට ඇද්දේ ය. ‘මාගේ මවගේ පුතණුවනි! සැබැවින් ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නො කරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නො කරනු. යැයි ඔහු (හාරූන්) කී ය."},{"id":151,"translation":"මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින් අතරින් මහා කාරුණික ය."},{"id":152,"translation":"නියත වශයෙන් ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද බොරු ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":153,"translation":"තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින් ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":154,"translation":"මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේ ය. එම පිටපත්හි, තම පරමාධිපතිට බිය වන ඔවුන්හට යහමඟ ද දයාව ද විය."},{"id":155,"translation":"නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේ ය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ අභිමත කළේ නම් මීට පෙර ම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස වෙනකක් නො වේ. එමඟින් ඔබ අභිමත කරන අය මුළාවන්නට ඉඩ හරින්නෙහි ය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහි ය. ඔබ අපගේ භාරකරු ය. එබැවින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා ය’ යැයි ඔහු(මූසා) පැවසුවේ ය."},{"id":156,"translation":"තවද මෙලොවෙහි මෙන් ම මතුලොවෙහි ද අපහට යහපත නියම කරනු මැනව! නියත වශයෙන් ම අපි ඔබ වෙත හැරුණෙමු. ‘මාගේ දඬුවම වනාහි, මා අභිමත කරන අය එමඟින් මම හසු කරමි. තවද මාගේ දයාව සියළු දෑහි ව්‍යාප්තව ඇත. එබැවින් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන zසකාත් පිරිනමන අය හා අපගේ වදන් විශ්වාස කරන අයට එය මම මතු සටහන් කරමි යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":157,"translation":"ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන්ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කොට; ඔහුට ගරු කොට; ඔහුට උදව් කර; ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":158,"translation":"‘අහෝ ජනයිනි! සැබැවින් ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නො දන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු’ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":159,"translation":"මූසාගේ ජනයා අතරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමඟින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති."},{"id":160,"translation":"ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලී ය. සෑම ජන කොට්ඨාසයක් ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේ ය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද ඔවුහු අපට අපරාධ නො කළහ. එහෙත් ඔවුහු ඔවුනට ම අපරාධ කර ගනිමින් සිටියහ."},{"id":161,"translation":"තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා ‘හිත්තතුන්’ (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදිවලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":162,"translation":"ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් වෙනස් කොට පැවසුවෝ ය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු."},{"id":163,"translation":"මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුහු සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගියහ. මන්ද ඔවුන්ගේ සෙනසුරාදා දින මත්සයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නො වන දිනයෙහි ඔවුන් වෙත එසේ නො පැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කරනුයේ එලෙස ය."},{"id":164,"translation":"තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතරින් වූ සමූහයක් විමසා සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත නිදහසට කරුණක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝ ය."},{"id":165,"translation":"කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු."},{"id":166,"translation":"එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා අවමානයට පත් වූවන් ලෙසින්, වඳුරන් මෙන් වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු."},{"id":167,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහිව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත් ය. තවද නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":168,"translation":"තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතරින් දැහැමියන් වෙති. තවද ඔවුන් අතරින් එසේ නො වන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු."},{"id":169,"translation":"ඔවුන්ගෙන් පසුව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝ ය. (ඒ වෙනුවට මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. තවද ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු යැයි ද ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නො ලැබුවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා වටහා ගත යුතු නො වේ ද?"},{"id":170,"translation":"තවද දේව ග්‍රන්ථය තදින් පිළිපදිමින් සලාතය විධිමත්ව ඉටු කළවුන් වනාහි නියත වශයෙන් ම අපි එවන් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරමු."},{"id":171,"translation":"තවද ඔවුනට ඉහළින් වළාකුලක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින් ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතුව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු."},{"id":172,"translation":"තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහිව ඔවුන් ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නො වේ දැ? යි විමසූ අවස්ථාව සිහිපත් කරනු. එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝ ය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන් ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නො පවසනු පිණිස ය."},{"id":173,"translation":"නැතහොත් නියත වශයෙන් ම ආදේශ කළ අය වනුයේ මීට පෙර සිටි අපගේ මුතුන් මිත්තන් ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අපව විනාශ කරන්නෙහි දැ? යි නුඹලා නො පවසනු පිණිස ය."},{"id":174,"translation":"තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ එලෙස ය."},{"id":175,"translation":"අප අපගේ සාධක පිරිනැමූ අයකුගේ පුවත නුඹ ඔවුන් වෙත කියවා පෙන්වනු. එහෙත් ඔහු එයින් ගැල වී ගියේ ය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස හඹා ගියේ ය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතරින් විය."},{"id":176,"translation":"අපි අභිමත කළේ නම් එමඟින් අප ඔහු උසස් කරවා තිබෙන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවට ඇලී ගැලී ගියේ ය. තවද ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේ ය. ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරිය ද ඌ දිව එල්ලා ගෙන සිටියි. නුඹ (පහර නො දී) ඌ අත හැර දැමුව ද ඌ දිව එල්ලා ගෙන සිටියි. අපගේ සාධක බොරු කළ ජනයාට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු."},{"id":177,"translation":"අපගේ සාධක බොරු කොට තමන්ට ම ආසාධාරණකම් කරමින් සිටි පිරිස ආදර්ශයෙන් නපුරු විය."},{"id":178,"translation":"අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහු මය අලාභවන්තයෝ."},{"id":179,"translation":"සැබැවින් ම අපි ජින් වර්ගයා හා මානව වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කර ඇත්තෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමඟින් වටහා නො ගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමඟින් නො බලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමඟින් සවන් නො දෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන් ය. නො සැලකිලිමත්ව සිටියවුන් ඔවුහු ම ය."},{"id":180,"translation":"වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමි ය. එහෙයින් නුඹලා ඒවා මඟින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත."},{"id":181,"translation":"තවද අප මැවූ අය අතරින් සත්‍යය මඟින් මඟ පෙන්වන, තවද එමඟින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය."},{"id":182,"translation":"අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නො හඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු."},{"id":183,"translation":"තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන් ම මාගේ සැලැස්ම ඉතා දැඩි ය."},{"id":184,"translation":"ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නො ගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නො වේ."},{"id":185,"translation":"අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නො බැලුවෝ ද. එහෙයින් ඉන් පසුව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"},{"id":186,"translation":"අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඔහු ඔවුනට ඉඩ හරියි."},{"id":187,"translation":"අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැ? යි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම මාගේ පරමාධිපති අබියස ය. එහි නියමිත වේලාවට ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නො කරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණිකව මිස නුඹලා වෙත නො පැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නො දනිති"},{"id":188,"translation":"අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නො දරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නො වනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි."},{"id":189,"translation":"ඔහු වනාහි එක ආත්මයකින් නුඹලාව මවා එහි සහකාරිය සමඟ එය වාසය කරනු පිණිස එයින් එය ඇති කළේ ය. ඔහු (ආදම්) ඇය (ඒවා) වෙළා ගත් කල්හි ඇය (දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවා ය. පසුව ඇය ඒ සමඟ ගමන් ගත්තා ය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩුවලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ."},{"id":190,"translation":"ඔවුන් දෙදෙනාට (අඩුපාඩුවලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් (ගෙන් පැවත එන ස්ත්‍රී පුරුෂ පාර්ෂව) දෙදෙනාට ඔහු පිරිනැමූ විෂයෙහි ඔවුන් ඔහුට හවුල්කරුවන් පත් කළෝ ය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතර ය."},{"id":191,"translation":"කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝ ද? ඔවුන් ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී."},{"id":192,"translation":"තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැකි ය. එමෙන් ම ඔවුන් ඔවුන්ට ම පවා උදව් කර ගත නොහැකි ය."},{"id":193,"translation":"තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලාව අනුගමනය නො කරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬව සිටිය ද නුඹලාට එක සමාන ය."},{"id":194,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන් ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා."},{"id":195,"translation":"ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසුව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. එහෙත් මට අවකාශය නො දෙනු යැයි (නබිවරය!) නුඹ ඔවුනට පවසනු."},{"id":196,"translation":"නියත වශයෙන් ම මෙම දේව ග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ය මාගේ භාරකරු. තවද ඔහු දැහැමියන් භාර ගන්නා ය."},{"id":197,"translation":"තවද ඔහුගෙන් තොරව නුඹලා ඇරයුම් කරන්නන් වනාහි ඔවුහු නුඹලාට උදව් කිරීමට හැකියාව නො දරති. තවද ඔවුන් ඔවුන්ට ම පවා උදව් කිරීමට නොහැකි වෙති."},{"id":198,"translation":"තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නො දෙති. තවද ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නො බලති."},{"id":199,"translation":"(නබිවරය නුඹ) සමාව පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින් නො සලකා හරිනු."},{"id":200,"translation":"ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් නුඹට බලපෑම් කළ විට, නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය."},{"id":201,"translation":"නියත වශයෙන් ම දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් වනාහි ඔවුනට ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) මෙනෙහි කරති. එවිට ඔවුහු අවදි වී බලන්නන් වෙති."},{"id":202,"translation":"(ෂෙයිතානුන් වන) ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන් නො මඟට ඇද ගෙන යති. පසුව ඔවුහු (ඒ සම්බන්ධයෙන්) කිසිදු අඩුවක් නො කරති."},{"id":203,"translation":"තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සාධකයක් නො ගෙනා විට දී ‘නුඹ එය ගෙන ආ යුතු නො වේ දැ? යි ඔවුහු විමසුවෝ ය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණ ය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක වෙති. තවද දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා වන මඟපෙන්වීමක් හා දයාවකි යැයි නුඹ පවසනු."},{"id":204,"translation":"අල්-කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬව සිටිනු. (එමඟින්) නුඹලා දයාව දක්වනු ලැබිය හැකි ය."},{"id":205,"translation":"තවද උදේ හා සවස යටහත් පහත්ව හා බියෙන් යුතුව, උස් හඬින් තොර ප්‍රකාශයන් තුළින් නුඹ තුළ ම නුඹගේ පරමාධිපතිව නුඹ සිහිපත් කරනු. තවද නුඹ අනවධානීන් අතරින් නො වනු."},{"id":206,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් වනාහි ඔවුහු ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නො වෙති. තවද ඔවුහු ඔහුව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති."}]},{"id":8,"verses":[{"id":1,"translation":"(නබිවරය!) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව නුඹ පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති බැඳීම් ක්‍රමවත් කරනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු."},{"id":2,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේව විශ්වාසය වර්ධනය කළේ ය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති."},{"id":3,"translation":"ඔවුහු වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති."},{"id":4,"translation":"සැබෑ දේව විශ්වාසීහු ඔවුහු ම ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත."},{"id":5,"translation":"(නබිවරය!) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹව පිට කළාක් මෙන් නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කළවුන් අතරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති."},{"id":6,"translation":"බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් ඇදගෙන යනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති."},{"id":7,"translation":"(සතුරු) කණ්ඩායම් දෙකින් එකකට සැබැවින් ම නුඹලාට එය (හිමි වනු) ඇතැයි අල්ලාහ් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. තවද නියත වශයෙන් ම නිරායුධ තවලමක් එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහු ය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍යය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුදුන් මුල කපා හැරීමටත් අපේක්ෂා කරයි."},{"id":8,"translation":"(එය) වැරදි කරන්නන් පිළිකුල් කළ ද ඔහු සත්‍යය ස්ථාපිත කොට අසත්‍යය විනාශ කරනු පිණිස ය."},{"id":9,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘නියත වශයෙන් ම මම මලක්වරුන් දහසක් දෙනා එකිනෙකාට පරව පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේ ය."},{"id":10,"translation":"ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමඟින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය නියම කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස වෙනත් නැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සර්ව ප්‍රඥාවන්ත ය."},{"id":11,"translation":"එවිට ඉන් බිය නො වී සිටින්නට සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේ ය. නුඹලා එමඟින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත් නුඹලාගේ හදවත් ධෛර්යමත් කරවා එමඟින් පාද ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේ ය."},{"id":12,"translation":"එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘නිසැකවම මම නුඹලා සමඟ සිටිමි. එබැවින් විශ්වාස කළවුන්ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට මම භීතිය හෙළමි. එබැවින් නුඹලා ගෙලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේ ය."},{"id":13,"translation":"එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වූ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය."},{"id":14,"translation":"එයයි (දඬුවම), නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන් ම නිරා ගින්නේ දඬුවම දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට ය."},{"id":15,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව නුඹලා කණ්ඩායමක් ලෙසින් මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස ලා පලා නො යනු."},{"id":16,"translation":"යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්‍රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පසුපස ලා ඔවුන්ගෙන් පලා යන්නේ ද, එවිට සැබැවින් ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේ ය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය."},{"id":17,"translation":"තවද නුඹලා ඔවුන් ඝාතනය නො කළෙහු ය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේ ය. තවද නුඹ විසි කළ විට දී (එය) නුඹ විසි නො කළෙහි ය. එනමුත් අල්ලාහ් විසි කළේ ය. එය දේවත්වය විශ්වාස කරන්නන්ව එමඟින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය."},{"id":18,"translation":"එය නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නා බැවිනි."},{"id":19,"translation":"(දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවෙහු නම් සැබැවින් ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා (සටන් කිරීමට) නැවත හැරෙන්නෙහු නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට කිසිවකින් ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන් සමඟ ය."},{"id":20,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වනු. නුඹලා (ඔහුට) සවන් දෙමින් සිටිය දී ඔහුගෙන් නුඹලා හැරී නො යනු."},{"id":21,"translation":"අපි සවන් දුනිමු යැයි පවසා පසුව සවන් නො දෙන්නන් මෙන් නුඹලා නො වනු."},{"id":22,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අබියස පොළොවේ සැරිසරන්නන් අතරින් ඉතා නපුරුවන්නේ (සත්‍යය) වටහා නො ගන්නා බිහිරන් හා ගොළුවන් ය."},{"id":23,"translation":"ඔවුන් තුළ යහපතක් තිබේ යැයි අල්ලාහ් දන්නේ නම් ඔහු ඔවුනට සවන් දීමට සලස් වන්නට තිබුණි. තවද ඔවුනට සවන් දීමට ඔහු සැලැස්සුව ද ඔවුන් පිටුපාන්නන් ලෙසින් ම හැරී යනු ඇත."},{"id":24,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ්ගේ පණිවිඩකරු ඇරයුම් කළ විට නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර වෙලී සිටින බවත් සැබැවින් ම නුඹලා ඔහු වෙතට ම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු."},{"id":25,"translation":"තවද නුඹලා අතරින් අපරාධ කළවුනට පමණක් ඇති නො වන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු."},{"id":26,"translation":"නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබලව සිටය දී ජනයා නුඹලාව ඩැහැ ගනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලාට ඉඩ පහසුකම් සලසා ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේ ය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේ ය."},{"id":27,"translation":"‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නො කරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නො කරනු.’"},{"id":28,"translation":"නියත වශයෙන් ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්‍රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු."},{"id":29,"translation":"‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලාගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍ය සම්පන්න ය.’"},{"id":30,"translation":"නුඹව සිරගත කිරීමට හෝ නුඹව මරා දැමීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්‍රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරති. (එයට එරෙහිව) අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. කුමන්ත්‍රණ කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ය."},{"id":31,"translation":"අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි සවන් දුනිමු. අපි සිතුවේ නම් මෙවැනිම දෙයක් අපි පවසන්නට තිබුණි. මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධයන් මිස (වෙන කිසිවක්) නැත’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":32,"translation":"‘අහෝ අල්ලාහ්! මෙය නුඹ වෙතින් වූ සත්‍යයක් නම් අප මත අහසින් ගල්වරුසාවක් වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":33,"translation":"නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නො වීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටිය දී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නො වීය."},{"id":34,"translation":"අල්ලාහ් ඔවුනට දඬුවම් නො කළ යුත්තේ මන් ද? ඔවුහු මස්ජිදුල් හරාමය ඔවුනට අවහිර කරති. තවද ඔවුහු එහි භාරකරුවන් නො වෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නො වේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":35,"translation":"මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නො වීය. එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු."},{"id":36,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කරනු පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසුව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසුව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති."},{"id":37,"translation":"(එය) කිලිටි අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම කිලිටි අයගෙන් ඇතැමුන් ඇතැමුන් මත තබා, ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිස ය. අලාභවන්තයෝ ඔවුහු ම ය."},{"id":38,"translation":"(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑට ඔවුනට සමාව දෙනු ලැබේ. ඔවුන් නැවතත් (ඒ වෙත) හැරැන්නේ නම් පැරැන්නන්ගේ (විෂයෙහි ක්‍රියාත්මක වූ දඬුවම්) පිළිවෙත සැබැවින් ම ඉකුත් වී ගොස් ඇත. (එබැවින් එවැනිම දඬුවමක් මොවුනටත් හිමි වනු ඇත) යැයි ප්‍රතික්ෂේප කළවුනට පවසනු."},{"id":39,"translation":"අර්බුදයක් නො පවතින තෙක්, එමෙන් ම දහම මුළුමනින් ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. එහෙත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සුපරික්ෂාකාරී ය."},{"id":40,"translation":"තවද ඔවුන් පිටුපෑවේ නම් අල්ලාහ් නුඹලාගේ භාරකරු බව නුඹලා දැන ගනු. භාරකරුගෙන් ඔහු යහපත් විය. තවද උදව්කරුගෙන් ද ඔහු යහපත් විය."},{"id":41,"translation":"කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම්, නියත වශයෙන් ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද, ඥාතීන්ට ද, අනාථයින්ට ද, දුගියන්ට ද, (සරන පතන) මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":42,"translation":"ළඟින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද, දුරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේ) ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":43,"translation":"(නබිවරය!) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන්ව ස්වල්ප දෙනෙකු වශයෙන් අල්ලාහ් පෙන්වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන්ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේ ය. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":44,"translation":"නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා, නුඹලාව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කරනු පිණිස ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය."},{"id":45,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවරව සිටිනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු."},{"id":46,"translation":"තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නො ගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය."},{"id":47,"translation":"අහංකාරයෙන් හා ජනයාට ප්‍රදර්ශනය කරමින් තම නිවෙස්වලින් පිටත්ව ගියවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වති. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්වප්‍රකාරයෙන් දන්නා ය."},{"id":48,"translation":"ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රිියාවන් ඔවුනට අලංකාර කර පෙන්වූ අවස්ථා වේ “අද දින ජනයා අතරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින් ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. එහෙත් දෙපිරිස හමුවීම ඔහු දුටු කල්හි ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නො දකින දෑ සැබැවින් ම මම දකිමි. සැබැවින් ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැ”යි ඔහු පැවසී ය."},{"id":49,"translation":"ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත්වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සියුම් ඥානී ය."},{"id":50,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්! ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණුවලට හා පිටවලට පහර දෙති. නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසති)."},{"id":51,"translation":"මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට අසාධාරණකම් කරන්නෙකු නො වේ."},{"id":52,"translation":"(අප දඬුවම් කිරීමේ දී) ෆිර්අවුන්ගේ සේනාවේ හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් \nග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත් ය; දඬුවම් දීමෙහි ඉතා දැඩි ය."},{"id":53,"translation":"එය කිසිදු සමූහයක් තමන් සතුව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින් ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නො වූ බැවිනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව \nශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":54,"translation":"එය ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝ ය. එහෙයින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන්ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා දියේ ගිල්වූයෙමු."},{"id":55,"translation":"අල්ලාහ් අබියස නියත වශයෙන් ම ප්‍රාණීන් අතරින් වඩාත් නපුරු අය වන්නේ දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ය. මන්ද ඔවුහු විශ්වාස නො කරති."},{"id":56,"translation":"(නබිවරය!) ඔවුන් වනාහි නුඹ ඔවුන් සමඟ ගිවිස ගත් අය වෙති. ඉන් පසුව ඔවුන් ඒ සෑම වාරයකම ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. තවද ඔවුහු බිය හැඟීමෙන් යුතුව කටයුතු නො කරති."},{"id":57,"translation":"එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන්ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස."},{"id":58,"translation":"(නබිවරය!) යම් පිරිසකගෙන් වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඊට සමාන අයුරින් (එම ගිවිසුම) ඔවුන් වෙත විසිකර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නො කරයි."},{"id":59,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින් ම නො සිතිය යුතු ය. නියත වශයෙන් ම ඔවුන් (අප) පරාජය කිරීමට නොහැකි වෙති."},{"id":60,"translation":"(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහිව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතරව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමඟින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කරන්නේ ද නුඹලා වෙත එය පූර්ණව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නො ලබනු ඇත."},{"id":61,"translation":"තවද ඔවුන් සමාදානය වෙත නැඹුරු වූයේ නම් එවිට නුඹ ද ඒ වෙත නැඹුරු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය."},{"id":62,"translation":"තවද නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන් ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත් ය. ඔහුගේ උපකාරය හා දේවත්වය විශ්වාස කරන්නන් මඟින් නුඹව ස්ථාවර කළේ ඔහු ය."},{"id":63,"translation":"ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේ ය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකි ය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේ ය. නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී ය; සියුම් ඥානී ය."},{"id":64,"translation":"අහෝ නබිවරය! නුඹට හා දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":65,"translation":"අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන්නන් යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින් ම ඔවුන් වටහා නො ගන්නා පිරිසක් වූ බැවිනි."},{"id":66,"translation":"දැන් අල්ලාහ් නුඹලාට (දුන් සහනය) හීන කළේ ය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේ ය. එහෙයින් නුඹලා අතරින් ඉවසිලිවන්ත සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය."},{"id":67,"translation":"මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නො වීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහු ය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සියුම් ඥානී ය."},{"id":68,"translation":"අල්ලාහ්ගේ පෙර නියමයක් නො වූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ලබා ගත් දෙයහි මහත් දඬුවමක් නුඹලාව ස්පර්ශ කරන්නට තිබුණි."},{"id":69,"translation":"එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":70,"translation":"අහෝ නබිවරය! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමාව දෙනු ඇත’ යැයි නුඹලාගේ අත්අඩංගුවේ පසු වන සිරුකරුවන්හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":71,"translation":"ඔවුහු නුඹට ද්‍රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින් ම ඔවුහු අල්ලාහ්ට \nද්‍රෝහිකම් කළෝ ය. ඔහු ඔවුන් විෂයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය."},{"id":72,"translation":"නියත වශයෙන් ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරෝ වෙති. විශ්වාස කොට නික්ම නො ගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නො වනු ඇත. එහෙත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීම ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව නිරීක්ෂා කරන්නා ය."},{"id":73,"translation":"දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නො කරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත."},{"id":74,"translation":"තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහු මය සැබෑ ලෙසින් දේවත්වය විශ්වාස කරන්නන් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත."},{"id":75,"translation":"තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟ ම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප වූවන් වන ඔවුහු නුඹලා අතරින් වෙති. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන් වෙති. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය."}]},{"id":9,"verses":[{"id":1,"translation":"(මෙය) දේව ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිසුම් ඇති කර ගත් අය වෙත වූ අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගෙන් නිදහස් වීමයි."},{"id":2,"translation":"එබැවින් මාස හතරක් මෙම භූමියේ නුඹලා සැරිසරනු. තවද නියත වශයෙන්ම නුඹලා අල්ලාහ් ව අබිබවන්නට හැකියාවන්ත නොවන බවත් නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අවමන් කරන්නා බවත් නුඹලා දැන ගනු."},{"id":3,"translation":"සබැවින් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් සමඟ වූ බැඳීමෙන් ඉවත් විය. (මෙය) මහා හජ් දිනයෙහි (රැස් වූ) ජනතාවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීම ය. (එබැවින්) නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත් ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින් ම නුඹලා අල්ලාහ්ව අබිබවන්නට හැකියාවන්ත නො වන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු."},{"id":4,"translation":"එහෙත් ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නො කළ, නුඹලාට එරෙහිව කිසිවෙකුට උදව් නො දුන් අය හැර. (ඔවුන් විෂයෙහි) ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණව ඉටු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි."},{"id":5,"translation":"ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් (යුද පිටියේ) දුටු තැන නසා දමනු. තවද ඔවුන්ව අල්ලා ගනු තවද ඔවුන්ව කොටු කරනු (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහිව වාඩි වී (රැක) සිටිනු. එහෙත් ඔවුන් පසුතැවිලි වී සලාතය විධිමත්ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන්ව නුඹලා අතහැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":6,"translation":"ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන් ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි."},{"id":7,"translation":"ආදේශ කරන්නන්හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද? නමුත් නුඹලා මස්ජිදුල් හරාම් අසළ ගිවිසුම් ඇති කරගත් උදවිය හැර. ඔවුන් නුඹලාට ඍජුව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජුව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි."},{"id":8,"translation":"(ගිවිසුමක් රැඳී පවතිනුයේ) කෙසේ ද? නුඹලාට එරෙහිව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා තුළ පවතින නෑ සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නො සලකා හරිති. ඔවුන්ගේ කට වචනින් නුඹලාව තෘප්තියට පත් කරති. එහෙත් ඔවුන්ගේ හදවත් එයට පිටුපාති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝ ය."},{"id":9,"translation":"ඔවුන් අල්ලාහ්ගේ වදන් වෙනුවට ස්වල්ප මිලක් ලබා ඔහුගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වූවෝ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය."},{"id":10,"translation":"දේවත්වය විශ්වාස කරන්නකුගේ විෂයයෙහි කිසිදු (ඥාති) සම්බන්ධතාවක් ගැන හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නො වෙති. තවද ඔවුහු මය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ."},{"id":11,"translation":"එහෙත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත්ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු."},{"id":12,"translation":"ඔවුන් ගිවිසගත් පසු, ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහමෙහි ඔවුන් නිග්‍රහ කළේ නම්, එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. නියත වශයෙන් ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොමැත. (එය) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිස ය."},{"id":13,"translation":"සිය ගිවිසුම බිඳ දමමින්, මෙම දූතයාණන්ව (මක්කාවෙන්) පිටුවහල් කිරීමට සැලසුම් කළ පිරිසක් සමඟ නුඹලා සටන් කළ යුතු නො වේ ද? නුඹලා සමඟ (සටන් කිරීමට) පළමු වර ආරම්භ කළේ ඔවුන් ය. නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා වන්නේ අල්ලාහ් ය."},{"id":14,"translation":"ඔවුන් සමඟ නුඹලා සටන් කරනු. නුඹලාගේ අත්වලින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරයි. තවද ඔවුන්ව අවමානයට පත් කරයි. ඔවුනට එරෙහිව නුඹලාට උදව් කරයි. ඔහු දේවත්වය විශ්වාස කරන පිරිසගේ හදවත් සුව කරයි."},{"id":15,"translation":"තවද ඔවුන්ගේ හදවත්හි ඇති කෝපය ඔහු පහ කරයි. තමන් අභිමත කරන අය වෙත අල්ලාහ් සමාව ලබා දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; ප්‍රඥාවන්ත ය."},{"id":16,"translation":"නුඹලා අතරින් (යුද්ධයට) කැප වී අල්ලාහ්, ඔහුගේ රසූල්වරයා හා දේවත්වය විශ්වාස කරන්නන් හැර අන් කිසිවෙක් සුහද මිතුරන් ලෙස නො ගත් අය ගැන ඔහු ප්‍රත්‍යක්ෂ නො කර නුඹලා අතහැර දමනු ලබනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":17,"translation":"ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහිව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නො වීය. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති."},{"id":18,"translation":"අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කරනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට සලාතය විධිමත්ව ඉටු කර zසකාතය ද පිරිනමා අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නො වූ අයයි. ඔවුහු මය යහ මඟ ලැබූවන් අතරින් වීමට ප්‍රමාණවත් අය වන්නෝ."},{"id":19,"translation":"හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නො වෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ පෙන්වන්නේ නැත."},{"id":20,"translation":"විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අතිමහත් අය වෙති. තවද ජයග්‍රාහකයෝ ඔවුහු ම ය."},{"id":21,"translation":"ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව, තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳව ඔවුනට ශුභාරංචි දන්වයි. එහි ඔවුන්ට සදා ස්ථායී සුවය ඇත."},{"id":22,"translation":"(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත."},{"id":23,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා දේව ප්‍රතික්ෂේපය ප්‍රිය කළේ නම් ඔවුන්ව භාරකරුවන් ලෙස නුඹලා නො ගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහු මය අපරාධකරුවෝ."},{"id":24,"translation":"අහෝ නබියරය! නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ කලත්‍රයන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය, නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා (ඒවා) නුඹලා වෙත ප්‍රිය මනාප නම්, එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැතැයි නුඹ පවසනු."},{"id":25,"translation":"සැබැවින් ම අල්ලාහ් බොහෝ තැන්වල නුඹලාට උදව් කළේ ය. තවද හුනෙයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලාව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නො වීය. මහපොළොව එය පුළුල්ව තිබුණ ද නුඹලාට පටු විය. පසුව නුඹලා පිටුපස හරවා පලා ගියෙහු ය."},{"id":26,"translation":"පසුව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේවත්වය විශ්වාස කරන්නන් වෙත පහළ කළේ ය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේ ය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේ ය. එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රතිවිපාකයයි."},{"id":27,"translation":"ඉන් පසුව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":28,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේව ආදේශ කරන්නන් කිලිටි ය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නො විය යුතු ය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් (දැන ගනු) අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් ඔහු නුඹලාව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; ප්‍රඥාවන්ත ය."},{"id":29,"translation":"දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නො කරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නො කරන; සත්‍ය දහමට දහම් ගත නො වන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් නුඹලා සටන් වදිනු."},{"id":30,"translation":"උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන් ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන්ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":31,"translation":"අල්ලාහ්ගෙන් තොරව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ්ව ද දෙවිවරුන් ලෙස ගත්තෝ ය. එක ම දෙවිඳුන්ට නැමදුම් කරනු මෙන් හැර වෙනත් දෙයක් ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරු ය."},{"id":32,"translation":"අල්ලාහ්ගේ ආලෝකය තම මුවින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය පූර්ණවත් නො කර අත හැර නො දමයි."},{"id":33,"translation":"දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම්වලට වඩා ඔහුගේ දහම ඉස්මතු කරනු පිණිස යහ මඟ හා සත්‍ය දහම සමඟ ඔහුගේ දූතයාණන්ව එව්වේ ඔහු ම ය."},{"id":34,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නො කරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු."},{"id":35,"translation":"එදින ඒවා නිරා ගින්නෙහි රත් කරනු ලැබ පසුව \"මේවා නුඹලා නිධන් ගත කළ දෑ ය. එබැවින් නුඹලා නිධන් ගත කරමින් සිටි දෑ භුක්ති විදිනු\" (යැයි පවසමින්) ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇලපත් මත ද ඔවුන්ගේ පිටවල් මත ද එමඟින් මදිනු ලැබේ."},{"id":36,"translation":"නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධ ය. එයයි ඍජු ධර්මතාව වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට ම අපරාධ කර නො ගනු. තවද දේව ආදේශකයින් නුඹලා සමඟ ඒකාබද්ධව යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ ඒකාබද්ධව යුද වදිනු. තවද සැබැවින් ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු."},{"id":37,"translation":"නියත වශයෙන් ම (තහනම් කළ මාස සිතූ මනාපයට) කල් දැමීම, දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමඟින් නොමඟ යවනු ලබති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණනට සීරුමාරු කිරීම පිණිස ය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදි. තවද අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාට මඟ නො පෙන්වයි."},{"id":38,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට කුමක් සිදු වූයේ ද? අල්ලාහ්ගේ මාර්ගයේ පිටත්ව යනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා පොළොවට බර වූයෙහු ය. මතු ලොවට වඩා මෙලොව ජීවිතය ගැන නුඹලා තෘප්තිමත් වූයෙහු ද? මෙලොව ජීවිතයේ භුක්ති විඳීම මතු ලොවෙහි අල්ප ප්‍රමාණයක් මිස වෙනකක් නැත."},{"id":39,"translation":"නුඹලා පිටත්ව නො යන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ගෙන එයි. තවද නුඹලා විසින් ඔහුට කිසිවකින් හානියක් සිදු කිරීමට නොහැකි ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තියවන්ත ය."},{"id":40,"translation":"නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නො කරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත්, දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහුව පිටුවහල් කළ අවස්ථාවේ දීත්, ඔවුන් දෙදෙනා ම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් \"නුඹ දුක් නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් අප සමඟය\" යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත්, සැබැවින් ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේ ය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහුව ශක්තිමත් කළේ ය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේ ය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එය මය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; ප්‍රඥාවන්ත ය."},{"id":41,"translation":"(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද, අධික වශයෙන් වුව ද නුඹලා පිටත්ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය."},{"id":42,"translation":"(නබිවරය! නුඹ කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද) එය සමීපයෙන් ගත හැකි භාණ්ඩයක් හා මධ්‍යස්ථ (සාමාන්‍ය) ගමනක් වී නම් සැබැවින් ම ඔවුහු නුඹව අනුගමනය කරන්නට තිබුණි. එනමුත් යා යුතු සීමාව ඔවුනට දුරස් විය. තවද අපට හැකි නම් අප ද නුඹලා සමඟ පිටත් වී එන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. ඔවුහු ඔවුන්වම විනාශ කර ගනිති. තවද සැබැවින් ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් දනී."},{"id":43,"translation":"(නබිවරය!) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍යය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී, මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක්, නුඹ ඔවුනට අවසර දුන්නේ කුමකට ද?"},{"id":44,"translation":"අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමට ඔවුහු නුඹෙන් අවසර පතන්නේ නැත. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානී ය."},{"id":45,"translation":"නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නො කරන්නන් ය. ඔවුන්ගේ හදවත් සැක කළේ ය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති."},{"id":46,"translation":"තවද ඔවුන් පිටත් වීමට සිතුවේ නම් ඒ සඳහා සූදානමකින් සූදානම් වන්නට තිබුණි. එනමුත් ඔවුන් පිටත්ව යෑම අල්ලාහ් පිළිකුල් කළේ ය. එබැවින් ඔවුනට ඔහු මැළිකම ඇති කළේ ය. තවද වාඩි වී සිටින්නන් සමඟ නුඹලා ද වාඩි වී සිටිනු යැයි පවසනු ලැබී ය."},{"id":47,"translation":"ඔවුන් නුඹලා සමඟ පිටත්ව ගිය ද නුඹලාට වියවුල මිස වෙන කිසිවක් වර්ධනය නො වන්නට තිබුණි. තවද නුඹලා අතර අර්බුද ඇති කිරීමට මාන බලමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුන් වෙනුවෙන් සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. තවද අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":48,"translation":"මීට පෙර ද ඔවුහු අර්බුද (ඇති කිරීමට) මාන බලමින් සිටියෝ ය. තවද එම කටයුතු නුඹ වෙතට හැරෙව්වෝ ය. අවසානයේ සත්‍යය පැමිණියේ ය. තවද ඔවුන් පිළිකුල් කරන්නන්ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්යක්ෂ විය."},{"id":49,"translation":"(මා නිවසෙහි රැදී සිටීමට) මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නො කරනු යැයි පවසන්නන් ද ඔවුන් අතරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින් ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වටලන්නකි."},{"id":50,"translation":"නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරවනු ඇත. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අප මීට පෙර ම අපගේ කටයුත්ත (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති."},{"id":51,"translation":"අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නො වන්නේ ම ය. ඔහු අපගේ භාරකරු ය. තවද දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් වෙත ම (සියල්ල) භාර කළ යුතු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":52,"translation":"(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එක් ප්‍රතිලාභයක් හැර වෙනත් කිසිවක් අප තුළින් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් නුඹලාගේ විෂයෙහි අපි අපේක්ෂා කරන්නේ “අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් නුඹලා හසු කර ගන්නවා ද? නැත්නම් එය අපේ අතින් දෙන්නට සළස්වනවාද” යන්නයි. එබැවින් නියත වශයෙන් ම (ඔබ වෙත පැමිණිය යුතු දේ) අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":53,"translation":"කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරනු. නුඹලාගෙන් එය පිළිගනු නො ලබන්නේ ම ය. නියත වශයෙන් ම නුඹලා පාපතර පිරිසක් ලෙසින් සිටියෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":54,"translation":"ඔවුන්ගේ වියදම් ඔවුන්ගෙන් පිළිගනු ලැබීමෙන් ඔවුන්ව වැළක්වූයේ ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කිරීමේ හේතුව මිස වෙනකක් නො වීය. තවද ඔවුහු මැළිවූවන් ලෙසින් මිස සලාතයට නො පැමිණෙති. එමෙන් ම ඔවුන් පිළිකුල් කරන්නන්ව සිටියදී මිස වියදම් නො කරති."},{"id":55,"translation":"එබැවින් ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹව මවිතයට පත් නො කළ යුතු ය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මඟින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන්ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමට ය."},{"id":56,"translation":"තවද නියත වශයෙන් ම ඔවුන් නුඹලා අතරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. එහෙත් ඔවුහු නුඹලා අතරින් නො වෙති. එනමුත් ඔවුන් (මරණයට බිය වන) බියගුඵ පිරිසකි."},{"id":57,"translation":"සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු වේගයෙන් පලා යන තත්ත්වයේ ඒ වෙත හැරී යති."},{"id":58,"translation":"තවද දානමානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නො ලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති."},{"id":59,"translation":"තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින් ම ඔවුන් තෘප්තියට පත්ව \"අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් (සතුරා විසින් දමා ගිය දැයින්) ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන් ම අපි අල්ලාහ් වෙත ම අපේක්ෂා කරන්නන් වෙමු\" යැයි ඔවුන් පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද?)"},{"id":60,"translation":"අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (අනිවාර්ය බද්ධ) හිමි විය යුත්තේ දිළිඳුන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධව කටයුතු කරන්නන්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය බරින් පෙළෙන්නන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ (සරණ පතන) මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානී ය; ප්‍රඥාවන්ත ය."},{"id":61,"translation":"තවද මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි ඔවුහු පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේවත්වය විශ්වාස කරන්නන්ට විශ්වාසවන්තව කටයුතු කරනු ඇත. නුඹලා අතරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":62,"translation":"ඔවුහු නුඹලාව තෘප්තියට පත් කරවනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කරවීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ය."},{"id":63,"translation":"කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණිව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නො වේ ද? මහත් වූ අවමානය එයයි."},{"id":64,"translation":"ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. \"නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය\" යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":65,"translation":"තවද නුඹ (මේ ගැන) ඔවුන්ගෙන් විමසුවෙහි නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු’ යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳවත් දැ? යි (නබිවරය!) නුඹ අසනු."},{"id":66,"translation":"නුඹලා නිදහසට කරුණු නො කියනු. නුඹලාගේ විශ්වාසයෙන් පසුව සැබැවින් ම නුඹලා ප්‍රතික්ෂේප කළෙහු ය. නුඹලා අතරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටි බැවිනි."},{"id":67,"translation":"කුහකයෝ හා කුහක කාන්තාවෝ, ඔවුන් ඇතැමෙකු ඇතමෙකුගෙන් ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. (වියදම් නො කර) ඔවුන්ගේ අත් මිට මොළවා ගනිති. ඔවුහු අල්ලාහ්ව අමතක කළෝ ය. එබැවින් ඔහු ද ඔවුන්ව අමතක කර දැමී ය. නියත වශයෙන් ම කුහකයින් වන ඔවුහු මය පාපතරයින් වන්නෝ."},{"id":68,"translation":"කුහකයින් හා කුහක කාන්තාවන්ට ද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ද නිරා ගින්න සතු බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුන් එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. තවද ඔවුනට ස්ථීර දඬුවමක් ද ඇත."},{"id":69,"translation":"(මුනාෆික්වරුනි!) නුඹලාට පෙර සිටියවුන් මෙන් ය. ඔවුහු නුඹලාට වඩා බලවත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝ ය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. තවද ඔවුහු (බොරු කිරීමෙහි) නියලුනාක් මෙන් නුඹලා ද නියලෙන්නෙහු ය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ය. තවද අලාභවන්තයෝද මොවුහු ය."},{"id":70,"translation":"ඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්රාහීම්ගේ ජනයාගේ ද මද්යන් වාසීහු හා උඩු යටිකුරුව පෙරළා දමනු ලැබූවන්ගේ ද පුවත ඔවුන් වෙත නො පැමිණියේ ද? ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නො වීය. එහෙත් ඔවුහු තමන්ට ම අපාරධ කර ගන්නවුන් වූහ."},{"id":71,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති. සලාතය විධිමත් ලෙසින් ඉටු කරති. zසකාත්ද පිරිනමති. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වෙති. අල්ලාහ් කරුණාව පෙන්වන අය මොවුහු ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; ප්‍රඥාවන්ත ය."},{"id":72,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට පහළින් ගංගාවන් ගලා බස්නා, ඔවුන් එහි සදාතනිකයින් වන (ස්වර්ග) උයන් ඇති බවත් අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇති බවත් අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත් ය. එයයි මහත් වූ ජයග්‍රහණ ය."},{"id":73,"translation":"අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. තවද ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය."},{"id":74,"translation":"තමන් නො පැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. එහෙත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝ ය. ඔවුහු ඉස්ලාමය පිළිගත් පසු එය ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුනට නො ලැබුණු දෑ අපේක්ෂා කළෝ ය. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන්ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නො වීය. එහෙත් ඔවුන් පසුතැවිලි වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. එමෙන් ම ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත."},{"id":75,"translation":"“ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින් ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතරින් වන්නෙමු” යැයි අල්ලාහ් සමඟ ගිවිස ගත් අය ද ඔවුන් අතරින් වෙති."},{"id":76,"translation":"එහෙත් ඔහු ඔවුනට ඔහුගේ භාග්‍යයෙන් පිරිනැමූ කල්හි ඔවුහු ඒ පිළිබඳව මසුරුකම් පෑහ. තවද ඔවුහු පිටුපාන්නන් ලෙසින් හැරී ගියෝ ය."},{"id":77,"translation":"අල්ලාහ් වෙත කළ ප්‍රතිඥාව ඔවුන් කඩ කළ බැවින් ද ඔවුන් බොරු පවසමින් සිටි බැවින් ද ඔහුව ඔවුන් හමු වන දිනය තෙක් ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය ඔවුන් පසුපස හබා යන්නට ඔහු ඉඩ හැරියේ ය."},{"id":78,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත් තවද නියත වශයෙන් ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නො දැන සිටියෝ ද?"},{"id":79,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් දානයන් සම්බන්ධයෙහි සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම ශ්‍රමය හැර වෙනත් කිසිවක් නො ලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරන අය වනාහි අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේ ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":80,"translation":"(නබිවරය!) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නො සිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නො දෙන්නේ ම ය. හේතුව සැබැවින් ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැත."},{"id":81,"translation":"අල්ලාහ්ගේ දූතයාණන්ට විරුද්ධව (තබූක් මෙහෙයුමට නො ගොස්) තම ස්ථානයන්හිම පසු බැස (රැඳී) සිටින්නෝ සතුටු වූහ. තවද තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝ ය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත්ව නො යනු යැයි ඔවුහු පැවසුවෝ ය. ඔවුහු අවබෝධ කර ගන්නේ නම්, නිරා ගින්න උෂ්ණත්වයෙන් ඊට වඩා අධික යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":82,"translation":"ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් (ඊට) ප්‍රතිවිපාකයක් වශයෙන් ස්වල්පයක් සිනහසෙත්වා! අධිකව අඬත්වා!"},{"id":83,"translation":"එහෙයින් (නබිවරය!) ඔවුන් අතරින් පිරිසක් වෙත අල්ලාහ් නුඹව නැවත හැරී එන්නට සැලස් වූයේ නම් එවිට (වෙනත් යුද මෙහෙයුම් සඳහා) පිටත්ව යන්නට ඔබෙන් ඔවුහු අවසර පතති. ‘නුඹලා කිසි කලෙක මා සමඟ පිටත්ව නො යන්නෙහු ම ය. තවද නුඹලා මා සමඟ සතුරන්ට එරෙහිව සටන් නො කරන්නෙහු ම ය. නියත වශයෙන් ම නුඹලා මුල් වාරයේ රැඳී සිටීමට ප්‍රිය කළෙහු ය. එහෙයින් නුඹලා පසුබැස්සවුන් සමඟ ම රැඳී සිටිනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":84,"translation":"ඔවුන් අතරින් මිය ගිය කිසිවකු කෙරෙහි කිසි කලෙක නුඹ සලාතය මෙහෙය නො වනු. තවද ඔහුගේ මිනී වළ අසල නුඹ නැගිට නො සිටිනු. නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුහු පාපිෂ්ඨයින් ලෙස සිටිය දීම මිය ගියෝ ය."},{"id":85,"translation":"ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹව මවිතයට පත් නො කළ යුතු ය. අල්ලාහ් එමඟින් අපේක්ෂා කරනුයේ ඔවුනට මෙලොවෙහි දඬුවම් කිරීමට ය. තවද ඔවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ලෙස සිටි තත්ත්වයේම ඔවුන්ගේ ප්‍රාණය නැසී යාමට ය."},{"id":86,"translation":"නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු, තවද ඔහුගේ දූතයාණන් සමඟ එක්ව අරගල කරනු යැයි එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ විට ඔවුන් අතරින් වූ ධනතුවන් නුඹ අප අත හැර දමනු. අපි රැඳී සිටින්නන් සමඟ සිටින්නෙමු යැයි පවසා නුඹගෙන් අවසර පතති."},{"id":87,"translation":"(සටනට සහභාගී නො වී) පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද සිටින්නට ප්‍රිය කරති. තවද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන ලදි. එහෙයින් ඔවුහු වටහා නො ගනිති."},{"id":88,"translation":"එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝ ය. තමන්හට යහපත් දෑ ඇත්තවුන් මොවුහු ම ය. තවද ජය ලබන්නෝද මොවුහු ම ය."},{"id":89,"translation":"ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. එයයි අතිමහත් ජයග්‍රහණ ය."},{"id":90,"translation":"(යුද්ධයට සහභාගී නො වන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත."},{"id":91,"translation":"දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද (යුද්ධය කිරීම සඳහා) වියදම් කිරීමට යමක් නො ලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු මගක් නොමැත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":92,"translation":"(නබිවරය!) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ, නුඹද ඔවුනට \"නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත” යැයි පවසා තමන්හට වියදම් කිරීමට යමක් නො ලැබුණු හේතුවෙන් දුකට පත්ව තම ඇස්වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත."},{"id":93,"translation":"ක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන්ව සිටිය දී (සටනට සහභාගී නො වන්නට) නුඹගෙන් අවසර පතන්නන්හට ය. පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝ ය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේ ය. එබැවින් ඔවුහු (ඒ බව) නො දනිති."},{"id":94,"translation":"නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා වෙත පැමිණ (සටනට නොපැමිණීම ගැන) ඔවුහු නිදහසට කරුණු දක්වති. \"නුඹලා නිදහසට කරුණු නොදක්වනු. සැබැවින්ම අප නුඹලා ව විශ්වාස නොකරන්නෙමු. නුඹලාගේ පුවත් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් අපට දැන්වීය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නුඹලාගේ ක්‍රියාව නිරීක්ෂණය කරනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා වෙත නුඹලා ව යොමු කරනු ලැබේ. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලාට ඔහු දන්වයි\" යැයි නුඹ පවසනු."},{"id":95,"translation":"නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි."},{"id":96,"translation":"ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් වනු පිණිස ඔවුහු නුඹලාට දිවුරති. එහෙත් නුඹලා ඔවුන් ගැන තෘප්තිමත් වුව ද නියත වශයෙන් ම අල්ලාහ් පාපතර ජනයා ගැන තෘප්තියට පත් නො වෙයි."},{"id":97,"translation":"ගම්බද අරාබිවරු දේව ප්‍රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් (නගරබද අරාබිවරුන්ට වඩා) ඉතා දරුණු ය. (ඔවුහු නබිවරයාගේ සභාවන්හි වැඩිහරියක් සහභාගී නො වීම හේතුවෙන්) අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීමට වඩාත් සුදුස්සන් ය. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්තයි."},{"id":98,"translation":"තවද ගම්බද අරාබිවරු අතරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටියි. නුඹලා වෙත විපත්ති ඇති වීම ඔහු අපේක්ෂා කරයි. ඔවුනට මය නපුරු විපත්ති ය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":99,"translation":"තවද ගම්බද අරාබීන් අතරින්, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ, අල්ලාහ් වෙත සමීප වීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් සලකන අයද වෙති. දැන ගනු නියත වශයෙන් ම එය ඔවුන්ව සමීප කරවන්නකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන්ව ඇතුළත් කරයි. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":100,"translation":"(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන්ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔහු ඔවුනට සූදානම් කර ඇත්තේ ය. සදහට ම ඔවුහු එහි සදාතනිකයින් ය. එයයි අතිමහත් ජයග්‍රහණ ය."},{"id":101,"translation":"ගම්බද අරාබිවරුන් අතරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිතව සිටියවුන් ද වෙති. නුඹ ඔවුන් ගැන නො හඳුනන්නෙහි ය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසුව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන්ව යොමු කරනු ලැබේ."},{"id":102,"translation":"තවද තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝ ය. පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දීමට අල්ලාහ්ට හැකි ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":103,"translation":"ඔවුන්ගේ වස්තුවලින් ඔවුන් පිවිතුරු කර වන, ඔවුන්ව පාරිශුද්ධ කර වන (සදකාවක්) දානයක් නුඹ ගනු. තවද නුඹ ඔවුනට ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන් ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":104,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත්, දානමානයන් (පිළි)ගන්නා බවත්, තවද නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නො දන්නෝ ද?"},{"id":105,"translation":"‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද ඔහුගේ ධර්මදූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද දෘශ්‍යමානය හා අදෘශ්‍යමානය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය!) නුඹ පවසනු."},{"id":106,"translation":"තවද අල්ලාහ්ගේ නියෝගයට ප්‍රමාද කරනු ලබන වෙනත් අයද වෙති. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය."},{"id":107,"translation":"හානි සිදු කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේවත්වය විශ්වාස කරන්නන් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කළවුනට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථානයක් (ඉදි කර) ගත් ඔවුහු \"අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නො කළෙමු\" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි."},{"id":108,"translation":"කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නො කරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතුව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන පුද්ගලයින් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි."},{"id":109,"translation":"වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතුව (ඔහුගේ) තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත්, ඒ සමඟ ම නිරා ගින්නට වැටෙන තත්ත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නො පෙන්වයි."},{"id":110,"translation":"ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන් ම පවතී. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය."},{"id":111,"translation":"සැබැවින් ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු ඒ වෙනුවට (මිලට) ගත්තේ ය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුහු ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල් කුර්ආනයේ (සඳහන්) තමන් වෙත ම නියම කරගත් ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ්ට වඩා තම ප්‍රතිඥාව වඩාත් පූර්ණවත්ව ඉටු කරන්නේ කවරෙකු ද? නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගිවිස ගත්තෙහු ද නුඹලාගේ එම ගනුදෙනුව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අතිමහත් ජයග්‍රහණය වනුයේ."},{"id":112,"translation":"ඔවුන් වනාහි (අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමුවන, (ඔහුට) නැමදුම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන, තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන්නෝ වෙති. තවද (එවන්) දේවත්වය විශ්වාස කරන්නන්හට නුඹ සුබාරංචි දන්වනු."},{"id":113,"translation":"නියත වශයෙන් ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට සුදුසු නො වීය."},{"id":114,"translation":"තවද ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නො වීය. සැබැවින් ම ඔහු අල්ලාහ්ගේ සතුරකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන් ම ඉබ්රාහීම් කරුණාවන්ත ය; ඉවසිලිවන්ත ය."},{"id":115,"translation":"කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යවන්නට අල්ලාහ්ට නො වීය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":116,"translation":"අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු සතු ය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත."},{"id":117,"translation":"නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහුව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගිය වුන්ට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළ වුන්ට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිත ය; කරුණාවන්ත ය."},{"id":118,"translation":"(යුද්ධයට නො ගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (අල්ලාහ්ගේ සමාව හිමි) විය. මහපොළොව විශාලව තිබුණ ද එය ඔවුනට පටු වී, ඔවුන්ගේ ජීවන තත්ත්වයද දුෂ්කර වී, අල්ලාහ් වෙත සරණ පතන තැනක් මිස (වෙනත් සරණක්) නොමැති බව ඔවුහු ස්ථීරව දැනගත්හ. පසුව ඔවුන් පශ්චාත්තාප වී යොමු වීම පිණිස, ඔහු ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":119,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු."},{"id":120,"translation":"මදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත්ව පසුබැස රැඳී සිටීමට සුදුසු නො වීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නො වීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නො ලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරයි."},{"id":121,"translation":"ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස වෙනකක් නො වේ."},{"id":122,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් සියල්ලෝ ම එක්ව (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නො වීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස ඔවුන්ගෙන් සෑම කණ්ඩායමකින් ම පිරිසක් පිටත්ව යා යුතු නො වේ ද! (එය) ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස ය."},{"id":123,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් නුඹලාට සමීපව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතු ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු."},{"id":124,"translation":"පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතරින් වෙත්දැ’යි ඔවුන් අතරින් පවසන ඇතමෙකු ද විය. එහෙත් දේවත්වය විශ්වාස කරන්නන් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේ ය. තවද ඔවුහු සතුටට පත් වූහ."},{"id":125,"translation":"තම හදවත් තුළ රෝගීභාවය ඇත්තන් වනාහි කිලිට මත කිලිට වර්ධනය කළේ ය. තවද ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සිටියදීම මිය ගියෝ ය."},{"id":126,"translation":"නියත වශයෙන් ම ඔවුන් සෑම වසරකට ම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසුව ඔවුහු පශ්චාත්තාප වී සමාව අයදින්නේද නැත. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නො වෙති."},{"id":127,"translation":"තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම (විශ්වාසීන් අතරින්) කිසිවකු නුඹලාව බලා සිටින්නේ දැ? යි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවෝ ය. පසුව ඔවුහු (එම ස්ථානයෙන්) හැරී ගියෝ ය. සැබැවින් ම ඔවුහු වටහා නො ගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමී ය."},{"id":128,"translation":"(විශ්වාස කරන්නනි!) නුඹලා අතරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටු වන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන්හට සෙනෙහෙවන්ත ය; මහා කාරුණික ය."},{"id":129,"translation":"එහෙත් ඔවුන් (නුඹට) පිටුපෑවේ නම් ‘මට අල්ලාහ් ප්‍රමාණවත් ය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු කෙරෙහි මම (සියල්ල) භාර කළෙමි. ඔහු අතිමහත් අර්ෂ් (රාජධානියෙ)හි හිමිකරුය’ යැයි නුඹ පවසනු."}]},{"id":10,"verses":[{"id":1,"translation":"අලිෆ් ලාම් රා.[1] මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"‘නුඹ ජනයාට අවවාද කරනු. තවද දේවත්වය විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින් ම සැබෑ පෙරමුණක් (ගෞරවණීය ස්ථානයක්) ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයාව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන් ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය."},{"id":3,"translation":"නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මහපොළොව දින හයකින් මවා පසුව අර්ෂ් (රාජධානියෙ)හි ස්ථාපිත වූ අල්ලාහ් ය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (ඔහු ඉදිරියේ) වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?"},{"id":4,"translation":"නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන් ම සියලු මැවීම් ඔහු ආරම්භයේම උත්පාදනය කරයි. පසුව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය (එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත."},{"id":5,"translation":"ඔහු වනාහි හිරු කාන්තිමත් ආලෝකයක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා වර්ෂ ගණනය හා කාලපරිච්ඡේදය නුඹලා හඳුනා ගනු පිණිස එයට ස්ථාන නියම කළේ ය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි."},{"id":6,"translation":"රාත්‍රිය හා දහවල (එකිනෙක) වෙනස් වීමෙහි ද අහස්හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියහැඟීමෙන් යුතුව කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත."},{"id":7,"translation":"අපගේ හමුව අපේක්ෂා නො කරන, මෙලොව ජීවිතය ගැන තෘප්තිමත් වී එහි ගිලී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානීව සිටියවුන් වනාහි;"},{"id":8,"translation":"ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය ඔවුහු ම ය."},{"id":9,"translation":"නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් මඟ පෙන්වනු ඇත. සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති."},{"id":10,"translation":"එහි ඔවුන්ගේ පැතුම වනුයේ “අහෝ අල්ලාහ්! ඔබ සුපිවිතුරුය” යන්නයි. තවද එහි ඔවුන්ගේ ආචාරය වනුයේ “සලාම් (ශාන්තිය)” යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ “නියත වශයෙන් ම සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සතුය” යන්නයි."},{"id":11,"translation":"ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් ම අල්ලාහ් ද (ඔවුන් උපයා ගත් දෑහි) නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නො කරන්නන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අයාලේ යන්නට අපි හරින්නෙමු."},{"id":12,"translation":"තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් අයැද සිටී. එහෙත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නො අයැද සිටියාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන්හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙස ය."},{"id":13,"translation":"තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින් ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. එහෙත් ඔවුහු විශ්වාස කරන්නට නො වූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":14,"translation":"ඔවුනට පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැ? යි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලාව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු."},{"id":15,"translation":"තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මාහට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නො කරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳව සැබැවින් ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":16,"translation":"අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නො කරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නො දන්වන්නට තිබුණි. සැබැවින් ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":17,"translation":"එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම, වැරදිකරුවෝ ජය නො ලබති."},{"id":18,"translation":"අල්ලාහ් හැර දමා ඔවුනට පීඩාවක් නො කරන එමෙන් ම ඔවුනට සෙත නො සලසන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් ඉදිරියේ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය!) නුඹ අසනු. ඔහු සුපිවිතුරු ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය."},{"id":19,"translation":"තවද මිනිස් සමූහය එක ම සමූහයක් මිස නො වීය. පසුව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නො වී නම් ඔවුහු කවර විෂයක භේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි."},{"id":20,"translation":"තවද ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නො වේ දැ? යි ඔවුහු පවසති. \"සියලු ගුප්ත දෑ අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තු වන්නන් අතරින් වෙමි\" යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":21,"translation":"තවද ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන්වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අතිවේගවත් ය. නියත වශයෙන් ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ (සුර) දූතවරු සටහන් කරති යැයි (නබිවරය!) පවසනු."},{"id":22,"translation":"ගොඩබිමේ හා මුහුදේ නුඹලාව ගමන් කරවනුයේ ඔහු ය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටුව යාත්‍රා කරයි. තවද එමඟින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණි ය. තවද සෑම තැනකින් ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණි ය. එවිට නියත වශයෙන් ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන් ම අපි කෘතවේදීන් අතරින් වෙමු යි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති."},{"id":23,"translation":"එසේ ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිව ම ය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසුව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව අපි නුඹලාට දන්වන්නෙමු."},{"id":24,"translation":"මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු විය. එමෙන් ම මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන අලංකාරවත් විය. එහි වැසියෝ ද නියත වශයෙන් ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතුවෝ ය. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණ, එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නො ගත්තාක් මෙන්, නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි පත් කළෙමු. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙස ය."},{"id":25,"translation":"තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි."},{"id":26,"translation":"දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නො ගනී. ඔවුහු ස්වර්ගවාසීහු ය. ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":27,"translation":"තවද පාපකම් උපයා ගත් අය වනාහි ඔවුන්ගේ පාපයට ප්‍රතිවිපාකය ඒ හා සමානයක් ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු අඳුරු රාත්‍රියෙන් කොටසක් වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහු ය. ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":28,"translation":"තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසුව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසුව ඔවුන් අතර (තිබූ සම්බන්ධතාව බිඳ) අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නො සිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවෝ පවසා මිදෙන්නට බලති."},{"id":29,"translation":"එහෙයින් අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටියෙමු (යැයි ද එම හවුල්කරුවෝ පවසති)."},{"id":30,"translation":"එවිට සෑම ආත්මයක් ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි."},{"id":31,"translation":"අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නො වේ දැ? යි නුඹ විමසනු."},{"id":32,"translation":"ඔහු මය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. මෙම සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":33,"translation":"එලෙස ම පාපකම් කළවුන්හට නියත වශයෙන් ම ඔවුන් විශ්වාස නො කරනු ඇතැයි යන නුඹගේ පරමාධිපතිගේ වදන නියම විය."},{"id":34,"translation":"මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතරින් සිටිත් දැ? යි නුඹ අසනු. මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන්නේ අල්ලාහ් ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ අසනු."},{"id":35,"translation":"සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ? යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද? එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නො කරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?"},{"id":36,"translation":"තවද ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. නියත වශයෙන් ම අනුමානය සත්‍යයෙන් කිසිවක් දැනගැනීමට ඵලක් නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":37,"translation":"තවද මෙම අල්-කුර්ආනය අල්ලාහ්ගෙන් (පහළ වූවක්) මිස (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලබන්නට හැකි වූවක් නො වීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් හා ලේඛනය විග්‍රහ කරන්නකි. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ මෙහි කිසිදු සැකයක් නැත."},{"id":38,"translation":"නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නෝ ද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් අල්ලාහ් හැර දමා නුඹලාට හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":39,"translation":"එසේ නො ව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය කළ නොහැකි දෑ ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි දෑ ද ඔවුහු බොරු කළෝ ය. මෙලෙස ම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝ ය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ විපරමෙන් බලනු."},{"id":40,"translation":"තවද ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතරින් වූහ. එමෙන් ම ඒ ගැන විශ්වාස නො කරන්නන් ද ඔවුන් අතරින් වූහ. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නා ය."},{"id":41,"translation":"තවද ඔවුහු නුඹව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මා සතුය නුඹලාගේ ත්‍රියාව නුඹලා සතු ය. නුඹලා මම කරන දැයින් මිදෙන්නෝ වෙති. මම ද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු."},{"id":42,"translation":"තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. බිහිරන් වටහා නො ගනිමින් සිටිය ද නුඹ ඔවුනට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?"},{"id":43,"translation":"තවද ඔවුන් අතරින් නුඹ වෙත බලන්නන් වෙති. අන්ධයින් නො බලමින් සිටිය ද නුඹ ඔවුනට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?"},{"id":44,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නො කරයි. එනමුත් නියත වශයෙන් ම ජනයා තමන්ට ම අපරාධ කර ගනිති."},{"id":45,"translation":"තවද ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් මොහොතක් මිස රැඳී නො සිටියාක් මෙන් (සිතමින්) ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් සැබැවින් ම පරාජයට පත් වූවෝ ය. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නො සිටියෝ ය."},{"id":46,"translation":"තවද අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අපි නුඹට පෙන්වුව ද නැතහොත් අපි නුඹව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ම ය. පසුව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරු ය."},{"id":47,"translation":"තවද සෑම සමූහයකට ම ධර්ම දූතයකු විය. ඔවුන්ගේ ධර්ම දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිගරුකව තීන්දු දෙන ලදි. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":48,"translation":"තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි (ධර්ම දූතයින්ගෙන්) ඔවුහු විමසති."},{"id":49,"translation":"අල්ලාහ් අභිමත කළ දෑ මිස කිසිදු හානියක් වැළක්වීමට හෝ කිසිදු සෙතක් සැලසීමට හෝ මාහට හැකියාව නැතැ’යි නුඹ පවසනු. සෑම සමූහයකට ම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නො වෙති. එමෙන් ම ඔවුහු ඉක්මන් ද නො වෙති."},{"id":50,"translation":"රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? වැරදිකරුවෝ එය ඉක්මනින් පතනුයේ ඇයි දැ? යි නුඹ අසනු."},{"id":51,"translation":"එය සිදු වූ පසුව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා එය ඉක්මනින් පතමින් සිටියෙහු ය."},{"id":52,"translation":"පසුව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ."},{"id":53,"translation":"තවද එය සත්‍යය දැ? යි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන් නියත වශයෙන් ම එය සත්‍යයකි. තවද නුඹලා (අල්ලාහ්) අබිබවා යන්නන් නො වෙති යැයි (නබිවරය!) පවසනු."},{"id":54,"translation":"තවද අපරාධ කළ සෑම ආත්මයකට ම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්තිගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":55,"translation":"අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":56,"translation":"ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතට ය."},{"id":57,"translation":"අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේවත්වය විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින් ම නුඹලා වෙත පැමිණ ඇත."},{"id":58,"translation":"මෙය අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමඟින් ඔවුන් සතුටු වෙත්වා! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය."},{"id":59,"translation":"(නබිවරය! නුඹ මෙසේ) විමසනු! පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් නියම කර ගත්තෙහු ය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් ද? එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ? යි අසනු."},{"id":60,"translation":"තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන්ගේ සිතුවිලි කුමක් ද? නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්න ය. එනමුත් සැබැවින් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති."},{"id":61,"translation":"තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දෙයක් අල්-කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි!) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත අප සාක්ෂිකරුවන් ලෙස සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත."},{"id":62,"translation":"දැනගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නන් ද නො වෙති."},{"id":63,"translation":"ඔවුන් වනාහි විශ්වාස කළෝ ය. තවද බිය හැඟීමෙන් යුතුව සිටියෝ ය."},{"id":64,"translation":"මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එය මය අතිමහත් ජයග්‍රහණය වනුයේ."},{"id":65,"translation":"තවද ඔවුන්ගේ ප්‍රකාශය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම සියළු ගෞරව මුළුමණින් ම අල්ලාහ්ට හිමි ය. ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය."},{"id":66,"translation":"දැනගනු! අහස්හි සිටින අය ද මහපොළොවෙහි සිටින අය ද නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. අල්ලාහ් හැර දමා හවුල්කරුවන් ඇරයුම් කරන්නන් අනුගමනය කරනුයේ කුමක් ද? ඔවුන් අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත."},{"id":67,"translation":"නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහු ය. සැබැවින් ම (අල්ලාහ්ගේ වදනට) සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත."},{"id":68,"translation":"අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරු ය. ඔහු පොහොසත් ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතු ය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා සතුව නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි (ගොතා) පවසන්නෙහු ද?"},{"id":69,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන් වනාහි ඔවුන් ජය නො ලබනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":70,"translation":"(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නැවත හැරීම අප වෙත ය. පසුව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු."},{"id":71,"translation":"තවද (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට; “මාගේ ජනයිනි! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසුව නුඹලාගේ තීන්දුව හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා එකට එක්රැස් කර (තීන්දු) ගනු. අනතුරුව නුඹලාගේ තීන්දු කටයුතු නුඹලාට වසන් වූවක් නො විය යුතු ය. පසුව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නො දෙනු” යැයි ඔහු පැවසූ බව සිහිපත් කරනු."},{"id":72,"translation":"එහෙත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිව ය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස වෙනත් අයෙකු මත නැත. තවද මුස්ලිම්වරුන් අතරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි."},{"id":73,"translation":"එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන; ඔවුන්ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට; අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. පසුව අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ බලනු."},{"id":74,"translation":"ඔහුගෙන් පසුව ධර්ම දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. මීට පෙර සිටියවුන් කවර දෙයක් බොරු කළේ ද මොවුහු ද එය විශ්වාස කරන්නට නො වූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙස ම ය."},{"id":75,"translation":"අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි අපගේ පැහැදිලි සාධක සමඟ මූසා හා හාරූන්ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ."},{"id":76,"translation":"අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන් ම මෙය පැහැදිලි මායාවකි’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":77,"translation":"නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය මායාවකි’ යැයි නුඹලා කියන්නෙහු ද? යැයි මූසා විමසුවේ ය. තවද මායාකරුවෝ ජය නො ලබති."},{"id":78,"translation":"“අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත්, මහපොළොවේ මහන් තත්ත්වය නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියෙහු ද? නමුත් නුඹලා දෙදෙනාව අපි විශ්වාස කරන්නන් නො වෙමු” යැයි ඔවුහු පැවසූහ."},{"id":79,"translation":"තවද ‘මනා දැනුම ඇති සෑම මායාකරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේ ය."},{"id":80,"translation":"මායාකරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේ ය."},{"id":81,"translation":"එසේ ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය මායාවකි. නියත වශයෙන් ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නො කරනු ඇත’ යැයි මූසා පැවසුවේ ය."},{"id":82,"translation":"තවද වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මඟින් සත්‍යය සනාථ කරනු ඇත."},{"id":83,"translation":"ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට අර්බුධ ඇති වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසාව විශ්වාස නො කළේ ය. තවද නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ බලවත් අයෙකු විය. තවද නියතවශයෙන් ම (මැරවරකම් කිරීමෙහි) ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් විය."},{"id":84,"translation":"තවද ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ව විශ්වාස කර නුඹලා අවනතවන්නන්ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙත ම (සියල්ල) භාර කළ යුතු’යැයි මූසා කීවේ ය."},{"id":85,"translation":"එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාට අර්බුදයක් ලෙස අප පත් නො කරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ."},{"id":86,"translation":"තවද ඔබේ දයාවෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාගෙන් අප මුදවා ගනු මැනව."},{"id":87,"translation":"තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන නැමදුම් ස්ථාන බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු."},{"id":88,"translation":"අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන්හට මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහි ය. අපගේ පරමාධිපතියාණනි! එය ඔබගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යවනු පිණිස ය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් දරදඬු කරනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නො කරනු ඇත යැයි මූසා (ප්‍රාර්ථනා කරමින්) පැවසුවේ ය."},{"id":89,"translation":"සැබැවින් ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබී ය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා කිසිවිටක අනුගමනය නො කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":90,"translation":"තවද අපි බනූ ඉස්රාඊල්වරුන්ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝ ය. අවසානයේ ගිලී යාම ඔහුව ග්‍රහණය කළ විට ‘සැබැවින් ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":91,"translation":"දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින් ම පිටුපෑවෙහි ය. තවද නුඹ කලහකාරීන් අතරින් වූයෙහි ය."},{"id":92,"translation":"එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන්හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය ආරක්ෂා කරන්නෙමු. තවද නියත වශයෙන් ම ජනයා අතරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති."},{"id":93,"translation":"තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවන් රිසි වාසස්ථානවල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නො ගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන් ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත."},{"id":94,"translation":"(නබිවරය!) නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට නුඹට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් විමසනු. සැබැවින් ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත මෙම සත්‍යය පැමිණ ඇත. එබැවින් කිසිසේත්ම නුඹ සැකකරන්නන් අතරින් නො වනු."},{"id":95,"translation":"තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතරින් නුඹ කිසිසේත් නො වනු. එ(සේ කළ) විට නුඹ අලාභවන්තයින් අතරින් වනු ඇත."},{"id":96,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය කවුරුන්හට නියම වූයේ ද ඔවුන් වනාහි විශ්වාස නො කරති."},{"id":97,"translation":"ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණියද වේදනීය දඬුවම දකින තෙක් (විශ්වාස නො කරති)."},{"id":98,"translation":"එබැවින් ගමක් විශ්වාස කොට එහි විශ්වාසය එයට පළක් විය යුුතු නො වේ ද? (එවැනි කිසිදු ගම්මානයක් නො වීය.) යූනුස්ගේ ගම්මානය හැර. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු."},{"id":99,"translation":"තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින් ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් බවට පත් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?"},{"id":100,"translation":"තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොහැකි ය. තවද, බුද්ධිමත්ව කටයුතු නො කරන අයට ඔහු කිලිට (දඬුවම) ඇති කරයි."},{"id":101,"translation":"අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැ? යි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නො කරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නො වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":102,"translation":"ඔවුනට පෙර සිටියවුන් අතරින් ඉකුත්ව ගියවුන්ගේ දිනවලට සමාන (විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? “එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":103,"translation":"පසුව අපි අපගේ ධර්ම දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමක් විය."},{"id":104,"translation":"‘අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නො කරමි. එහෙත් නුඹලාව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් මා වන්නට අණ කරනු ලැබුවෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":105,"translation":"තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නො වනු."},{"id":106,"translation":"අල්ලාහ්ගෙන් තොරව නුඹට සෙතක් කළ නොහැකි එමෙන් ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නො කරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින් ම නුඹ අපරාධකරුවන් අතරින් වනු ඇත."},{"id":107,"translation":"තවද අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය ලබන්නට සලස්වයි. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":108,"translation":"අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. එබැවින් කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිව ය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නො වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":109,"translation":"තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු තීරකයින් අතරින් අති ශ්‍රේෂ්ඨ ය."}]},{"id":11,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, රා.[1] (මෙය) එහි වදන් තහවුරු කරන ලදුව, පසුව සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන් විසින් විස්තර කරනු ලැබූ පුස්තකයයි.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම ඔහු වෙතින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි."},{"id":3,"translation":"තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසුව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතු ය. නියම කරන ලද කාලයක් දක්වා, ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමක් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුට ම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. එහෙත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා වෙත මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි."},{"id":4,"translation":"නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙත ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය."},{"id":5,"translation":"දැන ගනු! සැබැවින් ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු! ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟවන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන් ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":6,"translation":"මහපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස වෙනත් අයකු මත නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත."},{"id":7,"translation":"තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහු ය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. ‘සැබැවින් ම නුඹලා මරණයෙන් පසුව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි ඉන්ද්‍රජාලයක් මිස නැතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත."},{"id":8,"translation":"තවද නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළැක්වූයේ කුමක් දැ?’ යි ඔවුහු පවසනු ඇත. දැන ගනු! ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන්නක් නො වේ. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන්ව වට කර ගනී."},{"id":9,"translation":"තවද මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසුව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන් ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙකු වේ."},{"id":10,"translation":"තවද අපි ඔහුට අත්වූ පීඩාවන්ගෙන් පසුව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘සැබැවින් ම නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රමෝදයට පත්වන උඬඟු වූවෙකි."},{"id":11,"translation":"එහෙත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත."},{"id":12,"translation":"‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නො වේ ද, එසේ නැතහොත් ඔහු සමඟ දේව දූතයකු පැමිණිය යුතු නො වේ දැ? යි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමඟින් පීඩනයට පත්ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් සමහර ඒවා (නුඹ නිවේදනය නො කොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන් ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ මත භාරකරු ය."},{"id":13,"translation":"එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එසේ නම්, ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම්, අල්ලාහ් හැර දමා (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු."},{"id":14,"translation":"එසේ ඔවුහු නුඹලාට පිළිතුරු නො දෙන්නේ නම් එවිට නියත වශයෙන් ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?"},{"id":15,"translation":"කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ \nක්‍රියාවන්(හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නො ලබනු ඇත."},{"id":16,"translation":"මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහු ම ය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ වී විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල ය."},{"id":17,"translation":"තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන් ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්න ය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නො වනු. නියත වශයෙන් ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍ය ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නො කරති."},{"id":18,"translation":"අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා."},{"id":19,"translation":"ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. තවද පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය."},{"id":20,"translation":"ඔවුහු මහපොළොවේ (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නො වූහ. තවද අල්ලාහ්ගෙන් තොරව වෙනත් භාරකරුවන් ඔවුනට නො වීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නො වූහ. එමෙන් ම බලන්නන් ද නො වූහ."},{"id":21,"translation":"තමන්ට ම අලාභහානි කර ගත්තවුන් ඔවුන් ම ය. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ගොස් ඇත."},{"id":22,"translation":"නියත වශයෙන් ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින් බවට කිසිදු සැකයක් නැත."},{"id":23,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කර, යහකම් කොට තවද තම පරමාධිපති වෙත යටහත් වූවන් වනාහි ඔවුහු මය ස්වර්ගවාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":24,"translation":"මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා, එමෙන් ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?"},{"id":25,"translation":"තවද සැබැවින් ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන් ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි."},{"id":26,"translation":"නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි පැවසුවේ ය.)"},{"id":27,"translation":"එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹව නො දකිමු. එමෙන් ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹව අනුගමනය කරන බව ද අපි නො දකිමු. තවද අපට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නො සිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතමු’ යැයි ඔහුගේ ජනයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ."},{"id":28,"translation":"‘මාගේ ජනයිනි! මා මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් මාහට ආශිර්වාද පිරිනමා එය නුඹලා වෙත නො පෙනෙන්නට සලස්වා තිබිය දී, නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? නුඹලා එය පිළිකුල් කරන්නන් ලෙස සිටිය දී අපි නුඹලාට එය බලකරන්නෙමු ද?’ යැයි ඔහු පැවැසුවේ ය."},{"id":29,"translation":"තවද අහෝ මාගේ ජනයිනි! මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නො ඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නො වෙමි. නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව හමු වන්නෝ වෙති. එනමුත් මම නුඹලාව දකිනුයේ අඥානව කටයුතු කරන පිරිසක් ලෙසිනි."},{"id":30,"translation":"තවද ‘අහෝ මාගේ ජනයිනි! මම ඔවුන් පලවා හැරියේ නම් අල්ලාහ් වෙතින් මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?’"},{"id":31,"translation":"මා වෙත අල්ලාහ්ගේ භාණ්ඩාගාරයන් ඇතැයි මම නො කියමි. තවද මම ගුප්ත දැය නො දනිමි. තවද සැබැවින් ම මම මලක්වරයකු යැයි ද නො කියමි. තවද නුඹලාගේ ඇස් අවමානයෙන් දකින උදවියට අල්ලාහ් කිසිදු යහපතක් නො පිරිනමනු ඇතැයි මම නො කියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය. නියත වශයෙන් ම මම එවිට අපරාධකරුවන් අතරින් වෙමි."},{"id":32,"translation":"අහෝ නූහ්! සැබැවින් ම නුඹ අප සමඟ තර්ක කළෙහි ය. අප සමඟ වූ තර්කය නුඹ අධික කළෙහි ය. නුඹ සත්‍යවාදීන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":33,"translation":"සැබැවින් ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (අල්ලාහ්ව) නොහැකියාට පත් කරන්නන් නො වන්නෙහු ය."},{"id":34,"translation":"තවද නුඹලාව නොමගෙහි අතහැර දමන්නට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නො වන්නේ ය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ."},{"id":35,"translation":"එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එය මා ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිව ය. තවද නුඹලා කරන වැරදි දැයින් මම නිදහස් වෙමි."},{"id":36,"translation":"තවද නුඹගේ ජනයා අතරින් (මේ වන විටත්) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නො කරන්නේ ම ය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදි."},{"id":37,"translation":"තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නිර්මාණය කරනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන්නෝ ම ය."},{"id":38,"translation":"තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතරින් ප්‍රධානීහු ඔහු අසළින් ගමන් කළ සෑම විට ම ඔහුට ඔවුහු සමච්චල් කළෝ ය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන් ම සැබැවින් ම අපි ද නුඹලාට සමච්චල් කරන්නෙමු යැයි ඔහු පැවසී ය."},{"id":39,"translation":"එවිට තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත."},{"id":40,"translation":"අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුන උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම යුගලයක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද එහි (නැවට) නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමඟ ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නො කළේ ය."},{"id":41,"translation":"නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේත් එය නතර වන්නේත් අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේ ය."},{"id":42,"translation":"තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේ ය. නූහ් තම පුතණුවන් ඇමතුවේ ය. ඔහු (නැවෙන්) බැහැරව සිටියේ ය. ‘මාගේ පුතණුවනි, අප සමඟ ඔබත් ගමන් ගනු. තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ නො වනු."},{"id":43,"translation":"(එවිට ඔහු) ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි පැවසුවේ ය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නැත යැයි (නූහ්) පැවැසුවේ ය. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේ ය. එවිට ඔහු ගිලීගිය අය අතරට පත් විය."},{"id":44,"translation":"අහෝ මහපොළොව! ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස! ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබී ය. ජලය ද අඩු වී ගියේ ය. නියෝගය ද තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. තවද අපරාධකාරී ජනයා දුරස් වේවා! යැයි කියනු ලැබී ය."},{"id":45,"translation":"එවිට නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ පුතණුවන් මාගේ ම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන් ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේ ය."},{"id":46,"translation":"අහෝ නූහ්! නියත වශයෙන් ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නො වේ. නියත වශයෙන් ම එය (එසේ පැවසීම) දැහැමි නො වන ක්‍රියාවකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නො ඉල්ලනු. නියත වශයෙන් ම නුඹ අඥානයින් අතරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":47,"translation":"මාගේ පරමාධිපතියාණනි! කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මාහට කරුණා නො කරන්නේ නම් මම අලාභවන්තයින් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":48,"translation":"අහෝ නූහ්! අපගෙන් වූ ආශිර්වාදය සමඟ ද ඔබ වෙත හා ඔබ සමඟ සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමඟ ද ඔබ (නැවේ සිට) ගොඩ බසිනු. තවත් සමූහයන්, අපි ඔවුනට භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත."},{"id":49,"translation":"එය ඔබ වෙත අප දන්වා සිටින ගුප්ත පුවත් අතරිනි. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන් ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ය."},{"id":50,"translation":"තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා බොරු ගොතන්නන් මිස වෙනත් අය නොවතැයි ඔහු පැවසුවේ ය."},{"id":51,"translation":"මාගේ ජනයිනි! ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නො ඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?"},{"id":52,"translation":"තවද මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසුව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නො පානු."},{"id":53,"translation":"අහෝ හූද්! නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අපි අතහරින්නන් නො වෙමු. තවද අපි නුඹව විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":54,"translation":"අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට නපුරක් සිදු කරනු ඇතැයි මිස වෙනකක් අපි නො පවසමු. (එවිට ඔහු) \"නියත වශයෙන් ම මම අල්ලාහ්ව සාක්ෂියක් ලෙස ගනිමි. (අල්ලාහ් හැර) නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකු බවට නුඹලා ද සාක්ෂි දරනු\" යැයි (හූද්) පැවැසුවේ ය."},{"id":55,"translation":"ඔහු හැර (නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකි). එමෙන් ම නුඹලා සියල්ල එක්ව මට කුමන්ත්‍රණ කරනු. පසුව නුඹලා මට අවකාශ නො දෙනු.’ යැයි ඔහු (හූද්) පැවසුවේ ය."},{"id":56,"translation":"නියත වශයෙන් ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මත සිටින්නේ ය."},{"id":57,"translation":"එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මම නුඹලා වෙත කවර කරුණක් සමඟ එවනු ලැබුවෙමි ද, එය මම නුඹලා වෙත සැබැවින් ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නො වන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැකි ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නා ය."},{"id":58,"translation":"තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන්ව දැඩි දඬුවමින් මුදවා ගතිමු."},{"id":59,"translation":"තවද එය ආද්(සමූහයා) ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දුෂ්ට පාලකයකුගේම නියෝග පිළිපැද්දෝ ය."},{"id":60,"translation":"තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ද ශාපය ඔවුහු ලුහු බඳිනු ලැබුවෝ ය. දැන ගනු! නියත වශයෙන් ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! හූද්ගේ ජනයා වූ ආද්ට විනාශයක් ම විය."},{"id":61,"translation":"තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලාව මහපොළොවෙන් බිහි කළේ ඔහු ය. තවද එහි පදිංචි වීමට සැලසුවේ ය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඉතා සමීප ය; පිළිතුරු දෙන්නා ය."},{"id":62,"translation":"‘අහෝ සාලිහ්! මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරන දෑට අප වන්දනාමාන කිරීමෙන් නුඹ අපව වළක්වන්නෙහි ද? නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන අවිනිශ්චිත සැකයෙහි නියත වශයෙන් ම අපි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":63,"translation":"‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොරව මට උපකාර කරනුයේ කවුරුන් දැ? යි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":64,"translation":"එමෙන් ම අහෝ මාගේ ජනයිනි! මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙන ය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නො කරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලාව හසු කර ගනු ඇත."},{"id":65,"translation":"එනමුත් ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝ ය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාවක් යැයි ඔහු පැවසී ය."},{"id":66,"translation":"අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන්ව මුදවා ගතිමු. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති වන ඔහුය අතිබල සම්පන්න; සර්ව බලධාරී වන්නේ."},{"id":67,"translation":"තවද මහා ගිඟුරුම් හඬ අපරාධ කළවුන් හසු කළේ ය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් බවට පත්ව සිටියහ."},{"id":68,"translation":"ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නො වූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන් ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපතිව ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! සමූද් (ජනයාට) විනාශයක් ම විය."},{"id":69,"translation":"අපගේ දූතයින් ශුභාරංචි සමඟ ඉබ්‍රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා!’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා!’ යැයි පැවසුවේ ය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නො වීය."},{"id":70,"translation":"ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නො වූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව ඔහුට වැටහිණි. ඔවුන් ගැන බියක් දැනුණි. ‘නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":71,"translation":"තවද ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියා ය. (මෙය ඇසූ) ඇය සිනහසුණා ය. එවිට අපි ඇයට ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු."},{"id":72,"translation":"‘අහෝ මාගේ ඛේදය! මම මැහැල්ලියක්ව සිටිය දී සහ මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකුව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙමි ද? නියත වශයෙන් ම එය පුදුම සහගත කරුණකි’ යැයි ඇය කීවා ය."},{"id":73,"translation":"අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධයෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා! නියත වශයෙන් ම ඔහු ප්‍රශංසා ලාභී ය; අතිකීර්තිමත් ය යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":74,"translation":"ඉබ්‍රාහීම්ගෙන් බිය පහව ගොස් ශුභාරංචිය ද ඔහු වෙත පැමිණි කල්හි, ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමඟ වාද කරන්නට විය."},{"id":75,"translation":"නියත වශයෙන් ම ඉබ්‍රාහීම් ඉතා ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි."},{"id":76,"translation":"අහෝ ඉබ්‍රාහීම්! ඔබ මෙයින් වැළකෙනු. සැබැවින් ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන් ම ඔවුන් වනාහි ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණෙන්නට ඇත."},{"id":77,"translation":"තවද අපගේ සුර දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේ ය."},{"id":78,"translation":"තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමඟ වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙර ද ඔවුන් නපුරුකම් සිදු කරමින් පසු වූහ. මාගේ ජනයිනි! මේ මාගේ දූවරුන් ය. මොවුන් නුඹලාට අතිපිවිතුරු ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නො කරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතරින් නො වේ දැ? යි ඔහු විමසුවේ ය."},{"id":79,"translation":"නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහි ය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැ? යි ද නුඹ නියත වශයෙන් ම දන්නෙහිය යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":80,"translation":"‘නුඹලාට එරෙහිව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම්!’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":81,"translation":"“අහෝ ලූත්! සැබැවින් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුන් කිසිවිටක ළඟා නො වන්නෝ ම ය. එබැවින් රාත්‍රියේ කොටසක නුඹගේ පවුල රැගෙන රහසිගතව පිටත්ව යනු. නුඹලා අතරින් කිසිවකු හැරී නො බැලිය යුතු ය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන් ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන් ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීපව නො වේ ද?” යැයි ඔවුහු පැවසූහ."},{"id":82,"translation":"අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය (ගම්මානය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත පිලිස්සුනු ගල්වරුසාවක් වැස්සවීමු."},{"id":83,"translation":"(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. තවද අපරාධකරුවන්ගෙන් එය දුරස් නො වීය."},{"id":84,"translation":"තවද මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (එව්වෙමු.) ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. කිරුම් හා මිනුම්වල අඩු නො කරනු. නියතවශයෙන් ම මම නුඹලා යහපත් තත්ත්වයේ දකිමි. තවද නියතවශයෙන් ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":85,"translation":"තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා කිරුම් මිනුම් සාධාරණ ලෙසින් පූර්ණවත් කරනු. තවද ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස ඉක්මවා කටයුතු නො කරනු."},{"id":86,"translation":"නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම් ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නො වෙමි."},{"id":87,"translation":"අහෝ ෂුඅයිබ්! අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තුවල අප කැමති පරිදි අප කටයුතු නො කිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින් ම නුඹ ඉවසනු සුළු තැනැත්තා ද, යහ මග ගමන් කරන්නා ද වේ යැයි (විහිඵවට) පැවසූහ."},{"id":88,"translation":"අහෝ මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය මා වෙත පිරිනමා තිබීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැරව නුඹලාට විරුද්ධව කටයුතු කිරීමට මම අපේක්ෂා නො කරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නො වෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස වෙනෙකෙකුගෙන් නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි."},{"id":89,"translation":"තවද අහෝ මාගේ ජනයිනි! මා සමඟ වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීමට තරම් නුඹලාව වැරදිකරුවන් බවට පත් නො කළ යුතුයි. තවද ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) නුඹලාට ඈතක නො වේ."},{"id":90,"translation":"තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විත ය; සෙනෙහෙවන්ත ය."},{"id":91,"translation":"අහෝ ෂුඅයිබ්! නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. තවද ඔබව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන් ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නො වී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නො වේ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":92,"translation":"අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහුව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහු ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය."},{"id":93,"translation":"තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැ? යි ද බොරු පවසන්නා කවරෙකු දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නෙක්මි."},{"id":94,"translation":"තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමඟ විශ්වාස කළවුන්ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා ගිගුරුම් හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේ ය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ."},{"id":95,"translation":"ඔවුහු එහි වාසය නො කළාක් මෙනි. දැන ගනු! සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ."},{"id":96,"translation":"තවද සැබැවින් ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධකය සමඟ මූසාව එව්වෙමු."},{"id":97,"translation":"ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. තවද ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි වූවක් නො වීය."},{"id":98,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු (ෆිර්අවුන්) ඔහුගේ ජනයාට පෙරමුණ ගනු ඇත. තවද ඔවුන්ව (නිරා) ගින්න වෙත ගෙන යනු ඇත. තවද එසේ ගෙන යනු ලබන ස්ථානය නපුරු විය."},{"id":99,"translation":"තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝ ය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය."},{"id":100,"translation":"මේවා අපි නුඹ වෙත කියවා පෙන් වන පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතරින් වේ. ඒවායින් ශේෂව පවතින දෑ ද, මුලිනුපුටා දමනු ලැබූ දෑ ද ඇත."},{"id":101,"translation":"තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නො වීය. තවද ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට අධික නො කළෝ ය."},{"id":102,"translation":"තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට ඔහුගේ ග්‍රහණය එලෙස ය. නියත වශයෙන් ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගත ය."},{"id":103,"translation":"නියත වශයෙන් ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා ඒ වෙනුවෙන් එක්රැස් කරනු ලබන දිනයකි. තවද එය ඉදිරිපත් කරවනු ලබන දිනයකි."},{"id":104,"translation":"තවද නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නො කරන්නෙමු."},{"id":105,"translation":"එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොරව කතා නො කරනු ඇත. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද, භාග්‍යවන්තයා ද සිටියි."},{"id":106,"translation":"අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහි ය. එහි ඔවුනට කෙඳිරි ගෑම හා මොර දීම ඇත."},{"id":107,"translation":"අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නා ය."},{"id":108,"translation":"තවද භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළ ය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නො නවතින ත්‍යාගයක් වශයෙනි."},{"id":109,"translation":"එබැවින් (නබිවරය!) මොවුන් නැමදුම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නො සිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් නැමදුම් කරන්නාක් මෙන් මිස ඔවුන් නැමදුම් නො කරති. සැබැවින් ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොරව පූර්ණව පිරිනමන්නන් වෙමු."},{"id":110,"translation":"තවද සැබැවින් ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙත් එහි මත භේදයට ලක් විය. තවද නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නො වී නම්, ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරවන සැකයෙහි සිටිති."},{"id":111,"translation":"තවද නියත වශයෙන් ම සෑම කෙනෙකුට ම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට නියත වශයෙන් ම පූර්ණව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":112,"translation":"එබැවින් නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමඟ පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවරව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නො කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":113,"translation":"තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නො වනු. එවිට (නිරා) ගින්න නුඹලාව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොරව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය."},{"id":114,"translation":"තවද දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන අයහට මෙනෙහි කිරීමකි."},{"id":115,"translation":"තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරනු ඇත."},{"id":116,"translation":"ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නො වේ ද? නමුත් ඔවුන්ගෙන් අපි මුදවා ගත් සුළු පිරිසක් හැර (අන් අය අපරාධ කළවුන් වූවෝ ය.) තවද අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියෝ ය. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූවෝ ය."},{"id":117,"translation":"තවද අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය විනාශ කිරීමට නුඹගේ පරමාධිපති නො වීය."},{"id":118,"translation":"තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. තවද ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙස ම සිටිති."},{"id":119,"translation":"එහෙත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන් ම ඔහු ඔවුන්ව මැව්වේ ය. තවද ජින්වරුන් හා මිනිසුන් යන දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය."},{"id":120,"translation":"තවද ධර්ම දූතයින්ගේ පුවත් අතරින් නුඹගේ හදවත් කවර කරුණක් මඟින් අපි ස්ථාවර කළෙමු ද එවන් සෑම දෙයක් ම නුඹ වෙත දන්වා සිටිමු. තවද මෙහි සත්‍යය ද දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසක් හා මෙනෙහි කිරීමක් ද නුඹ වෙත පැමිණ ඇත."},{"id":121,"translation":"තවද ‘නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින් ම අපි ද ක්‍රියා කරන්නන් වෙමු’ යැයි විශ්වාස නො කරන්නන්හට (නබිවරය!) නුඹ පවසනු."},{"id":122,"translation":"තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම අපි ද බලාපොරොත්තුවන්නන් වෙමු."},{"id":123,"translation":"අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ."}]},{"id":12,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, රා.[1] එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් ය.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන් ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු."},{"id":3,"translation":"(නබිවරය!) අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් වඩාත් අලංකාර කතා අපි නුඹට කියවා පෙන්වන්නෙමු. තවද නුඹ මීට පෙර (ඒවා ගැන) නොදැනුවත් අය අතරින් සිටිය ද."},{"id":4,"translation":"යූසුෆ් තම පියාණන්ට ‘මාගේ පියතුමනි! නියත වශයෙන් ම මම ග්‍රහ තාරකා එකොළහක් ද, හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් ද මම දුටුවෙමි’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":5,"translation":"‘මාගේ පුතණුවනි! නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නො කියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන් ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේ ය."},{"id":6,"translation":"තවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹව තෝරා ගෙන ඇත්තේ. තවද සිදු වීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සර්ව ඥානී ය; සියුම් ඥානය ඇත්තා ය."},{"id":7,"translation":"සැබැවින් ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ."},{"id":8,"translation":"‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන් ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහි ය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":9,"translation":"නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ්ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහුව විසි කර දමනු. තවද ඔහුගෙන් පසුව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත."},{"id":10,"translation":"ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේ ය. ‘නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නො දමා නුඹලා ඔහුව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහුව අහුළා ගනු ඇත.’"},{"id":11,"translation":"‘අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අපව විශ්වාස නො කර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන් ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු’ යැයි ඔවුහු පැවසූහ."},{"id":12,"translation":"‘ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමඟ ඔහු එවනු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නෝ වෙමු.’"},{"id":13,"translation":"‘නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන් ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නො සැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහුව කා දමනු ඇතැයි මම බිය වෙමි’ යැයි ඔහු පැවසී ය."},{"id":14,"translation":"‘අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහුව කා දැමුවේ නම් නියත වශයෙන් ම අපි එවිට අලාභවන්තයෝ වෙමු, යැයි ඔවුහු පැවසූහ."},{"id":15,"translation":"ඔවුහු ඔහුව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහුව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන් ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු."},{"id":16,"translation":"තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝ ය."},{"id":17,"translation":"‘අපගේ පියාණනි! නියත වශයෙන් ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමඟ යූසුෆ්ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමී ය. අපි සත්‍යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නකු නො වනු ඇතැයි’ ඔවුහු පැවසුවෝ ය."},{"id":18,"translation":"ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය."},{"id":19,"translation":"තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේ ය. ඔවුනට ජලය සපයන්නකුව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටුව (ළිඳට) දැමුවේ ය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේ ය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහුව ද සඟවා ගත්තෝ ය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":20,"translation":"තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහුව විකුණා දැමුවෝ ය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ."},{"id":21,"translation":"තවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":22,"translation":"තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ."},{"id":23,"translation":"තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන ‘තමන් අසලට පැමිණෙන්නැ’යි පැවසුවා ය. ‘අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන් ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේ ය. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති’ යැයි ඔහු පැවසී ය."},{"id":24,"translation":"ඇය ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවා ය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නො දුටුවේ නම් ඔහු ද ඇය සමඟ නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය."},{"id":25,"translation":"තවද දෙදෙනා ම තරඟ වැද දොරටුව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවා ය. දෙදෙනා ම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැ?’ යි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවා ය."},{"id":26,"translation":"‘මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. (එවිට) ‘ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි’ යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේ ය."},{"id":27,"translation":"‘තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි’ (යැයි තවදුරටත් පැවසුවේ ය)."},{"id":28,"translation":"ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි \"(එවිට තම බිරිඳ ට) නියත වශයෙන් ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන් ම නුඹලාගේ උපාය අතිභයානකය\" යැයි ඔහු පැවසුවේ ය."},{"id":29,"translation":"තවද යූසුෆ්, එය නො සලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන් ම ඔබ වැරදිකරුවන් අතරින් වූයෙහි ය."},{"id":30,"translation":"‘පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමඟ (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇයව වෙළා ඇත. සැබැවින් ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු’ යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ."},{"id":31,"translation":"ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළා ය. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පිහියක් බැගින් දුන්නා ය. පසුව ‘ඔබ ඔවුන් ඉදිරියට පිටව යනු’ යැයි (යූසුෆ්ට) ඇය පැවසුවා ය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්ව ම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නො වේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නො වෙතැයි ඔවුහු පවසා සිටියහ."},{"id":32,"translation":"‘නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහු ද එයයි මෙය. මම ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. එහෙත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නො කළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත’ යැයි ඇය පැවසුවා ය."},{"id":33,"translation":"‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාප ය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නො හරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":34,"translation":"එවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේ ය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ."},{"id":35,"translation":"අනතුරුව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසුව මද කලකට ඔහුව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය."},{"id":36,"translation":"තවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)"},{"id":37,"translation":"‘නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි’ යැයි ඔහු පැවසුවේ ය.’ එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ්ව විශ්වාස නො කරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.’"},{"id":38,"translation":"‘තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නො වීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.’"},{"id":39,"translation":"‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන්ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එක ම දෙවිඳුන් අල්ලාහ් ද?’"},{"id":40,"translation":"‘ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුට නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවට ඔහු අණ කළේ ය. එයයි ඍජු දහම වනුයේ. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.’"},{"id":41,"translation":"‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබී ය.’"},{"id":42,"translation":"තවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින් ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, ‘නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. එහෙත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමී ය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේ ය."},{"id":43,"translation":"තවද ‘සැබැවින් ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන් ම මම (සිහිනෙන්) දුටුවෙමි. ‘අහෝ ප්‍රධානියිනි! නුඹලා සිහිනවලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳව මාහට විස්තර කරනු’ යැයි රජතෙම පැවසුවේ ය."},{"id":44,"translation":"‘මේවා ව්‍යාකූල සිහින වෙති. තවද අපි සිහිනවල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නො වන්නෙමු’ යැයි ඔවුහු පැවසූහ."},{"id":45,"translation":"ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසුව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී ‘එහි අර්ථය පිළිබඳව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු’ යැයි ඔහු කී ය."},{"id":46,"translation":"‘අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළිව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.’"},{"id":47,"translation":"‘අවුරුදු හතක් දිගට ම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළ ම තිබෙන්නට හරිනු’ යැයි ඔහු පැවසී ය."},{"id":48,"translation":"‘ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.’"},{"id":49,"translation":"‘ඉන් පසුව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.’"},{"id":50,"translation":"තවද ‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසී ය. එහෙත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැ? යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේ ය."},{"id":51,"translation":"‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ?’යි (රජු) විමසුවේ ය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නො දනිමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මම යි. තවද නියත වශයෙන් ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවා ය."},{"id":52,"translation":"එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නො කළ බවටත් සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණවලට මග නො පෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිස ය."},{"id":53,"translation":"තවද ‘මාගේ ආත්මය මම නිර්දෝෂි නො කරමි. නියත වශයෙන් ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. එහෙත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්තය’ (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවා ය.)"},{"id":54,"translation":"‘මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහුව පත් කර ගැනීමට මා වෙතට ඔහුව ගෙන එනු’ යැයි රජු පැවසුවේ ය. රජු ඔහු සමඟ කථා කළ විට \"නියත වශයෙන් ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි\" යැයි (රජු) පැවසුවේ ය."},{"id":55,"translation":"‘මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන් ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි’ යැයි (යූසුෆ්) කී ය."},{"id":56,"translation":"තවද එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. තවද දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නො කරන්නෙමු."},{"id":57,"translation":"තවද දේවත්වය විශ්වාස කොට බිය හැඟීමෙන් කටයුතු කරන්නන් ලෙස සිටියවුන් වනාහි ඔවුනට මතු ලොව ප්‍රතිඵල උතුම් ය."},{"id":58,"translation":"තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ප්‍රවේශ වූහ. එවිට ඔවුන් ඔහුව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන්ව හඳුනා ගත්තේ ය."},{"id":59,"translation":"තවද ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී (ඔවුන් පිටත්ව යන කල්හි) ‘නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන් ම මම කිරුම පූර්ණව දෙන බවත්, සත්කාරයින් අතරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නො වේ දැ?’ යි පවසා සිටී ය."},{"id":60,"translation":"‘එහෙත් නුඹලා මා වෙත ඔහු නො ගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නො වනු.’"},{"id":61,"translation":"‘ඔහු ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන් ම අප එය සිදු කරන්නෝ මය’ යැයි ඔවුහු පැවසූහ."},{"id":62,"translation":"තවද ‘ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලුවල ම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස’ යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කී ය."},{"id":63,"translation":"ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි ‘අපගේ පියාණනි! (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදි. එබැවින් අප සමඟ අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නන් වෙමු’ යැයි ඔවුහු පැවසූහ."},{"id":64,"translation":"‘මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලාව මම විශ්වාස කළාක් මෙන් මොහු කෙරෙහි ද නුඹලාව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය.’"},{"id":65,"translation":"තවද ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝ ය. අපගේ පියාණනි! මෙය අපි නො පැතුවෙමු, නමුත් අපගේ භාණ්ඩ අපට නැවත දෙන ලැබ ඇත. තවද අපි (මින් ඉදිරියට) අපගේ පවුලට ආහාර රැගෙන එන්නෙමු. තවද අපගේ සහෝදරයාව ද රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධිකව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි’ යැයි පැවසුවෝ ය."},{"id":66,"translation":"‘මොහුව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහුව නුඹලා සමඟ කිසිවිටෙක නො යවමි. එහෙත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස’ යැයි ඔහු පැවසී ය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි ‘අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු’ යැයි ඔහු කීවේ ය."},{"id":67,"translation":"තවද ‘මාගේ දරුවනි! නුඹලා එක ම දොරටුවකින් ඇතුළු නො වනු. විවිධ දොරටුවලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් සිදු වන කිසිවකින් නුඹලා වළක්වාලන්නට මට නොහැකි ය. තීන්දුව අල්ලාහ් සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. ඔහු වෙත මම භාර කළෙමි. එමෙන් ම භාර කරන්නන් ද ඔහු වෙත ම භාර කළ යුතු ය.’"},{"id":68,"translation":"තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නො වීය. තවද නියත වශයෙන් ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":69,"translation":"ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයාව ළං කර ගෙන ‘නියත වශයෙන් ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු’ යැයි පැවසුවේ ය."},{"id":70,"translation":"එසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලුව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේ ය. පසුව ‘අහෝ තවලම් කරුවනි! නියත වශයෙන් ම නුඹලා සොරුන්’ යැයි නිවේදකයකු දන්වා සිටියේ ය."},{"id":71,"translation":"ඔවුහු ඔවුන් වෙත හැරී ‘නුඹලා නැති කර ගත්තේ කුමක් දැ?’ යි විමසුවෝ ය."},{"id":72,"translation":"‘රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":73,"translation":"‘අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නො වන බවත් සැබැවින් ම නුඹලා දන්නෙහු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":74,"translation":"‘එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැ?’ යි ඔවුහු විමසුවෝ ය."},{"id":75,"translation":"‘එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහු මය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙස ය’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":76,"translation":"තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදිවලින් (සොයන්නට) පටන් ගත්තේ ය. පසුව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේ ය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නො වීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත."},{"id":77,"translation":"ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නො වේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු (එම සහොදරයෝ) පැවසුවෝ ය. එහෙත් යූසුෆ් එය ඔවුනට හෙළි නො කර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේ ය. ‘නුඹලා ස්ථානයෙන් නපුරු ම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය’ යැයි ඔහු පැවසී ය."},{"id":78,"translation":"අහෝ උතුමාණනි! සැබැවින් ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතරින් කෙනෙකු ගනු. නියත වශයෙන් ම අපි ඔබව දැහැමියන් අතරින් කෙනෙකු ලෙස දකින්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":79,"translation":"‘අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා! එවිට අපි නියත වශයෙන් ම අපරාධකරුවන් වෙමු’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":80,"translation":"ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන්ව ගියෝ ය. ‘නියත වශයෙන් ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නො දන්නෙහු ද? එහෙයින් මාගේ පියා මාහට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නො යමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ ය’ යැයි ඔවුන් අතරින් වැඩිමලා පැවසුවේ ය."},{"id":81,"translation":"නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් ‘අපගේ පියාණනි! නියත වශයෙන් ම ඔබේ පුතා සොරකම් කර ඇත. අප දන්නා දෑ පිළිබඳව මිස අපි සාක්ෂි නො දරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නො සිටියෙමු’ යැයි නුඹලා පවසනු."},{"id":82,"translation":"‘අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.’ (යැයි පවසන ලෙස කියා දී පිටත් කළේ ය.)"},{"id":83,"translation":"‘එහෙත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් පොළඹ වීය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකි ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී; මහා ප්‍රඥාවන්තය’ යැයි ඔහු(පියා) පැවසී ය."},{"id":84,"translation":"තවද ‘ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම’ යැයි පැවසී ය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තෙකු විය."},{"id":85,"translation":"‘අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරුවන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නො වන්නේ මය’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":86,"translation":"‘මාගේ ශෝකය හා මාගේ දුක මම පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙත ම ය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":87,"translation":"‘අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. තවද අල්ලාහ්ගේ දයාව පිළිබඳව නුඹලා බලාපොරොත්තු සුන් කර නො ගනු. නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නො ගනිති.’"},{"id":88,"translation":"එසේ ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි ‘අහෝ උතුමාණනි! අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමඟ පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණව ලබා දී තවද අපහට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":89,"translation":"‘නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැ?’ යි ඔහු විමසුවේ ය."},{"id":90,"translation":"‘සැබැවින් ම ඔබ ද යූසුෆ්?’ යැයි ඔවුහු විමසුවෝ ය. ‘මම යූසුෆ්, මේ මාගේ සහෝදරයා ය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කර ඇත. නියත වශයෙන් ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නො කරනු ඇතැ’යි ඔහු පැවසුවේ ය."},{"id":91,"translation":"‘අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර ඇත. තවද නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":92,"translation":"‘අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":93,"translation":"‘නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහු පෙනුමැත්තෙකු ලෙස පැමිණෙනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත රැගෙන එනු.’"},{"id":94,"translation":"‘එම නඩය පිටත්ව ගිය කල්හි, නියත වශයෙන් ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට (බුද්ධි හීන ලෙස කතා කරන්නේ යැයි පවසා) දොස් නො නැගිය යුතු යැයි’ ඔවුන්ගේ පියා පැවසුවේ ය."},{"id":95,"translation":"‘අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":96,"translation":"පසුව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේ ය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. ‘නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නො කීවෙමි දැ?’ යි ඔහු විමසුවේ ය."},{"id":97,"translation":"‘අපගේ පියාණනි! අපගේ පාපයන්වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":98,"translation":"‘මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාවන්ත ය.’"},{"id":99,"translation":"ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේ ය. තවද ‘අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":100,"translation":"තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේ ය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද ‘මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේ ය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලාව ගෙන ආ විටද ඔහු මා සමඟ යහපත් අයුරින් කටයුතු කළේ ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රී ය. නියත වශයෙන් ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහු මය’ යැයි කී ය."},{"id":101,"translation":"‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහි ය. තවද සිවීම්වල යථාර්ථය ඉගැන්වූවෙහි ය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබ ය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමඟ මා එක් කරනු මැනව!’ (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේ ය.)"},{"id":102,"translation":"‘(නබිවරය!) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘශ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නො වීය.’"},{"id":103,"translation":"තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති."},{"id":104,"translation":"තවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නො පතන්නෙහි ය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත."},{"id":105,"translation":"අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති."},{"id":106,"translation":"ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ්ව විශ්වාස නො කරති."},{"id":107,"translation":"අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුහු අභයදායීව සිටින්නෝ ද?"},{"id":108,"translation":"‘මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටින්නන් ය. තවද අල්ලාහ් සුපිවිතුරු ය. මම ආදේශ කරන්නන් අතරින් කෙනෙකු නො වෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":109,"translation":"නුඹට පෙර ගම්වාසීන් අතරින් සිටි පුරුෂයින් හැර අපි දහම් දූතවරු ලෙස නො එව්වෙමු. ඔවුන් වෙත අපි දේව පණිවිඩය පහළ කළෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු මහපොළොවෙහි සැරිසරා ගවේෂණය කර නො බැලුවෝ ද? තවද බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?"},{"id":110,"translation":"රසූල්වරුන් බලාපොරොත්තු සුන් කර ගත් විට නියත වශයෙන් ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේ ය. එවිට අප අභිමත කරන අයව මුදවා ගනු ලැබී ය. තවද අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නො ලැබේ."},{"id":111,"translation":"සැබැවින් ම ඔවුන්ගේ කතා වස්තුවල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නො වීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය."}]},{"id":13,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, රා.[1] ඒවා දේව ග්‍රන්ථයේ වදන් වෙති. තවද නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නො කරති.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"කිසිදු කුලුනකින් තොරව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහු ය. පසුව ඔහු රාජාසනය මත ස්ථාපිත වූයේ ය. තවද ඔහු හිරු හා සඳු වසඟ කළේ ය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි."},{"id":3,"translation":"තවද මහපොළොව දිග හැර එහි කඳු හා ගංගා ඇති කළේ ඔහු ම ය. තවද සෑම ඵල වගාවකින් ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩුද ඇති කළේ ය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන් ම වටහා ගන්නා ජනයාට එහි සාධක ඇත."},{"id":4,"translation":"මහපොළොවේ එකිනෙකට යාබදව පිහිටි කලාප ද මිදිවලින් යුත් උයන් ද කෙත් වතු ද මුදුන් මුල සහිත හා මුදුන් මුල රහිත රටඉඳි ගස් ද ඇත. එක ම ජලයෙන් සපයනු ලැබේ. පරිභෝජනයෙහි ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන් ම එහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත."},{"id":5,"translation":"(නබිවරය!) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් ඔවුහු \"අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු ද?\" යැයි ඔවුන් පැවැසීම (මීට වඩා) පුදුමයක් වේ. තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුන් ඔවුහු ම ය. ඔවුන්ගේ ගෙලවල විලංගු ඇත්තෝ ද ඔවුහු ම ය. තවද නිරාවාසීහු ද ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":6,"translation":"තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. තවද ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් සැබැවින් ම ඉකුත්ව ගොස් ඇත. තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධවලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්ත ය. එමෙන් ම නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩි ය."},{"id":7,"translation":"තවද ‘ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නො වේ දැ?’ යි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය!) සැබැවින් ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද සෑම සමූහයකට ම මග පෙන්වන්නෙකු විය."},{"id":8,"translation":"සෑම කතක් ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක් ම ඔහු අබියස නියමිත ප්‍රමාණයක් අනුව පිහිටයි."},{"id":9,"translation":"ඔහු (අල්ලාහ්) ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ (මනාව) දන්නා ය. අතිමහත් අතිඋත්තරීතර ය."},{"id":10,"translation":"නුඹලා අතරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමාන ය."},{"id":11,"translation":"(සෑම මිනිසකු ම) ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහුව ආරක්ෂා කරමින් ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන් ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නො කරයි. තවද යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට එයට ආපසු හැරීමක් නොමැත. තවද ඔහුගෙන් තොරව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත."},{"id":12,"translation":"ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නා ය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි."},{"id":13,"translation":"ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. තවද ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමඟින් අභිමත කරන අය ග්‍රහණය කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩි ය."},{"id":14,"translation":"සැබෑ අයැදුම ඔහු සතුවේ. තවද ඔහු හැර දමා ඔවුන් අයැද සිටින්නන් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නො දක්වති. එය තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස වෙනකක් නො වේ. එය ඔහු වෙත ළඟා වන්නක් නො වේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස වෙනකක නො වේ."},{"id":15,"translation":"අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද ඒවායෙහි හෙවණැලි ද කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද උදේ හා හවස අල්ලාහ්ට ම සුජූද් කරති."},{"id":16,"translation":"‘අහස්හි හා මහපොළොවේ පරමාධිපතියාණන් කවුරුන් දැ? යි (නබිවරය!) නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ් හැර දමා තමන් වෙත කිසිදු ප්‍රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැ? යි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවි ද? අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ? යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝ ද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.’"},{"id":17,"translation":"ඔහු අහසින් ජලය පහළ කළේ ය. එවිට ඇළදොළ එහි ප්‍රමාණයට අනුව ගලා යයි. එම ගංවතුර (ඊට) ඉහළින් පිහිටන පෙණ පිඬු උසුලයි. තවද ආභරණ හා භාණ්ඩ සොයමින් ගින්නෙහි ඔවුන් ඒවා උණු කරන දැයින් ද ඒ හා සමාන පෙණ පිඬු ඇත. මෙලෙසය අල්ලාහ් සත්‍යය හා අසත්‍යයට උපමා කරනුයේ. එනම් පෙණ පිඬු වූ කලී එය තුරන්වී යයි. එහෙත් මිනිසාට ප්‍රයෝජනය ගෙන දෙන දෑ වූ කලී එය මහපොළොවේ රැඳෙයි. එලෙසය අල්ලාහ් උපමාවන් ගෙන හැර පානුයේ."},{"id":18,"translation":"තම පරමාධිපතිගෙන් ප්‍රතිචාර දැක්වූවන්ට යහපත් දෑ තිබේ. ඔහුට ප්‍රතිචාර නො දැක්වූවන්ට නියත වශයෙන් ම ඔවුනට මහපොළොවේ ඇති සියලු දෑ ද ඒ සමඟ ම ඒ හා සමානයක් ද වී නම් ඔවුහු එය (සියල්ල) වන්දි වශයෙන් දෙනු ඇත. නපුරු විනිශ්චයක් ඇත්තෝ ඔවුහු ම ය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද එම නවාතැන නපුරු විය."},{"id":19,"translation":"නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ (සියළු) දෑ සත්‍යයක් ම බව දැන ගන්නා, අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන් ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන් ය."},{"id":20,"translation":"ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නො කරති."},{"id":21,"translation":"තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. තවද ඔවුන්ගේ පරමාධිපති පිළිබඳව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති."},{"id":22,"translation":"තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත්ව ඉටු කළහ. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනට ම ය."},{"id":23,"translation":"අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින් ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති."},{"id":24,"translation":"‘නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා! එහෙයින් අවසන් නිවහන යහපත් විය.’ (යැයි පවසති.)"},{"id":25,"translation":"අල්ලාහ්ගේ ගිවිසුම තහවුරු කිරීමෙන් පසු එය කඩ කරන තවද අල්ලාහ් විසින් නියෝග කරන ලද (ඥාතී සම්බන්ධතා වැනි) දෑ විසන්ධි කරන තවද මහපොළොවේ කලහකම් කරන අය වනාහි ඔවුනට මය ශාප ය. තවද නපුරු නිවහන ද ඔවුනට ඇත."},{"id":26,"translation":"අල්ලාහ් ඔහු අභිමත කරන අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. තවද ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස වෙනකක් නො වේ."},{"id":27,"translation":"තවද ‘ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ?’ යි ප්‍රතික්ෂේප කළවුන් විමසති. ‘(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට අභිමත අයව නොමග යෑමට ඉඩ හරිනු ඇත. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වනු ඇත යැයි පවසනු.’"},{"id":28,"translation":"ඔවුන් වනාහි දේවත්වය විශ්වාස කළෝ ය. තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වනු ඇත. දැන ගනු! අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වනු ඇත."},{"id":29,"translation":"විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත."},{"id":30,"translation":"(නබිවරය!) එලෙස අපි සමූහයක් වෙත ඔබව දූතයෙකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත්ව ගියෝ ය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන්ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහා ය. ‘ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ’ යැයි (නබිවරය,) නුඹ පවසනු."},{"id":31,"translation":"තවද (ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන් ම (වෙනත්) කුර්ආනයක් තිබී එමඟින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමඟින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමඟින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නො කරති.) නමුත් සියලු කරුණු අල්ලාහ් සතු ය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයාහට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ වාසස්ථානවලට සමීපයෙන් එය (අර්බුද ය) සිදු වීම අඛණ්ඩව පවතිනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රතිඥාව කඩ නො කරයි."},{"id":32,"translation":"තවද සැබැවින් ම (නබිවරය!) නුඹට පෙර සිට ම දූතවරුන් සමච්චලයට ලක් කරනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වී ද?"},{"id":33,"translation":"සෑම ආත්මයක් ම ඔවුන් ඉපැයූ දෑ සම්බන්ධයෙන් බාරව සිටින (අල්ලාහ් වන) ඔහු (ඔවුන් දෙවිවරුන් යැයි පවසන දෑට සමාන) ද? නමුත් ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝ ය. “නුඹලා ඔවුන්ගේ නම් සඳහන් කරනු. නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වන්නෙහු ද? එසේ නැතහොත් එය මතුපිටින් පවසන පුහු ප්‍රකාශයක් ද?” යැයි (නබිවරය! ඔවුන්ගෙන්) විමසනු. එහෙත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදි. තවද යහ මඟින් ඔවුන් අවහිර කරන ලදි. තවද කවුරුන්ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නො වනු ඇත."},{"id":34,"translation":"මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ද ඉතා දරුණු ය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත."},{"id":35,"translation":"දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ව්‍යූහය වනාහි ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ අවසානය (නිරා) ගින්නයි."},{"id":36,"translation":"තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙත ද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නො තැබීමට ය. ඔහු වෙත ම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":37,"translation":"එලෙස අපි එය අරාබි බසින් වූ නීති (ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසුව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නො වනු ඇත."},{"id":38,"translation":"තවද සැබැවින් ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නො වීය. සෑම කාල පරිච්ඡේදයකට ම (නියමිත) දේව ග්‍රන්ථයක් විය."},{"id":39,"translation":"අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) ස්ථීර කරයි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියස ය."},{"id":40,"translation":"තවද අප ඔවුනට ප්‍රතිඥා කරන ඇතැමක් නුඹට අපි පෙන්වූව ද, නැතහොත් (ඊට පෙර) නුඹව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට දූත මෙහෙවර) දන්වා සිටීම පමණි. තවද විනිශ්චය කිරීම අපගේ වගකීම ය."},{"id":41,"translation":"නියත වශයෙන් ම අපි මහපොළොව එහි පැතිකඩවලින් එය කාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නො දුටුවෝ ද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."},{"id":42,"translation":"තවද ඔවුනට පෙර සිටියවුන් සැබැවින් ම කුමන්ත්‍රණ කළෝ ය. සියලු කුමන්ත්‍රණ අල්ලාහ් සතු ය. ඔහු සෑම ආත්මයක් ම උපයන දෑ දනී. තවද අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හට දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් මතු දැන ගනිති."},{"id":43,"translation":"තවද නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නො වේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්‍රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්‍රමාණවත් යැයි නුඹ පවසනු."}]},{"id":14,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, රා[1] (නබිවරය!) අපි මෙය නුඹ වෙත පහළ දේව ග්‍රන්ථයයි. (ජනයා) ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකයට ප්‍රශංසාලාභී, සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් යොමු කරනු පිණිස.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"එම අල්ලාහ් කෙබඳුද යත් අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත."},{"id":3,"translation":"මතු ලොවට වඩා මෙලොව ජීවිතයට ප්‍රිය කරන, අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කරන, එහි අඩුපාඩු සොයන ඔවුහු අන්ත මුළාවෙහි ය."},{"id":4,"translation":"තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නො එව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිස ය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරී. තවද තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":5,"translation":"තවද නුඹගේ ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු. තවද අල්ලාහ්ගේ ගෙවී ගිය දිනයන් පිළිබඳව ඔවුනට මතක් කර දෙනු යැයි (අණ කරමින්) මූසාව සැබැවින් ම අපි අපේ ප්‍රාතිහාර්යයන් සමඟ එව්වෙමු. නියත වශයෙන් ම එහි ඉමහත් කෘතවේදී ඉවසිලිවන්ත සෑම කෙනෙකුට ම සංඥාවන් ඇත."},{"id":6,"translation":"තවද නුඹලාගේ පිරිමි දරුවන් කපා, නුඹලාගේ කාන්තාවන්ට ජීවිත දානය දී නුඹලාට නපුරු දඬුවමින් නපුරුකම් කළ ෆිර්අවුන්ගේ පැළැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද මේවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් අතිමහත් පරීක්ෂණයක් විය."},{"id":7,"translation":"තවද නුඹලා කෘතවේදී වූයෙහු නම් සැබැවින් ම මම නුඹලාට (ආශිර්වාදයන්) අධික කර දෙමි. එහෙත් නුඹලා ගුණමකු වූයෙහු නම් නියත වශයෙන් ම මාගේ දඬුවම ඉතා දැඩි යැයි නුඹලාගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව මෙනෙහි කරනු."},{"id":8,"translation":"තවද. \"නුඹලා සහ මිහිතලයේ සිටින සියලු දෙනා (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කරන්නෙහු නම් නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රශංසාලාභී ය. අවශ්‍යතාවන්ගෙන් තොර යැයි දැන ගනු\" යැයි මූසා පැවසූහ."},{"id":9,"translation":"නුඹලාට පෙර වූ නූහ් ආද් හා සමූද් ජනයාගේ ද ඔවුනට පසුවූවන්ගේ ද පුවත් නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. නමුත් ඔවුන් ඔවුන්ගේ අත් ඔවුන්ගේ මුව මත තබා ‘නුඹලා කවර දෙයක් සමඟ එවනු ලැබුවේ ද සැබැවින්ම අපි එය ප්‍රතික්ෂේප කළෙමු. තවද නුඹලා කවර කරුණක් වෙත අප ව ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අපි අවිශ්වාසය ඇති කරන දැඩි සැකයෙහි පසුවෙමු’ යැයි පැවසූහ."},{"id":10,"translation":"අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද? නුඹලාට ඔහු සමාව දෙනු පිණිස ද නුඹලාව නියමිත කාලයක් ප්‍රමාද කරනු පිණිස ද ඔහු නුඹලාව ඇරයුම් කරයි යනුවෙන් ඔවුන්ගේ රසූල්වරුන් පැවසූහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි සාක්ෂියක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ."},{"id":11,"translation":"අපි නුඹලා මෙන් මිනිසුන් මිස වෙනත් අය නො වෙමු. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට (දූත මෙහෙවර) පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු සාක්ෂියක් අපට නො වීය. තවද අල්ලාහ් වෙත ම දේවත්වය විශ්වාස කරන්නන් (සියල්ල) භාර කළ යුතු වේ."},{"id":12,"translation":"තවද අල්ලාහ් වෙත භාර නො කර සිටීමට අපට කුමක් වී ද? තවද සැබැවින් ම ඔහු අපගේ මාර්ග අපට පෙන්වී ය. තවද නුඹලා අපහට කරන පීඩාවන් අපි ඉවසා දරා ගන්නෙමු. තවද භාර කරන්නන් අල්ලාහ් වෙත ම භාර කළ යුතු වේ."},{"id":13,"translation":"තවද සැබැවින් ම අපි නුඹලාව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින් ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේ ය."},{"id":14,"translation":"තවද ඔවුන්ගෙන් පසුව අපි නුඹලාව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වූවන් හා මාගේ අවවාදයට බිය වූවන්හට ය."},{"id":15,"translation":"තවද ඔවුහු ජය පැතූහ. තවද මුරණ්ඩුකම් පෑ සාහසික සෑම කෙනෙකුම විනාශයට පත් විය."},{"id":16,"translation":"ඔහු පසුපස නිරය ඇත. තවද සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ."},{"id":17,"translation":"ඔහු ටිකින් ටික එය ගිලී. එහෙත් එය පහසුවෙන් ගිලින්නට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින් ම ඔහු වෙත මරණය පැමිණෙයි. එහෙත් ඔහු මිය යන්නෙකු නො වනු ඇත. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත."},{"id":18,"translation":"තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳු ය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නො දරති. එය අන්ත මුළාවක්ම ය."},{"id":19,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යය මත මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලාව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත."},{"id":20,"translation":"තවද එය අල්ලාහ් වෙත බැරෑරුම් (කරුණක්) නො වේ."},{"id":21,"translation":"තවද ඔවුන් සියල්ලන් (මතු ලොවෙහි) අල්ලාහ් ඉදිරියේ පැමිණෙති. එවිට දුර්වලයින් උඩඟුකම් පෑ අය දෙස බලා නියත වශයෙන් ම නුඹලාව අපි අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ්ගෙන් වූ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් නැති කිරීමට නුඹලාට හැකි දැ? යි විමසති. ඔවුහු අල්ලාහ් අපට මග පෙන් වූයේ නම් සැබැවින් ම අප නුඹලාට මග පෙන්වන්නට තිබුණි. අපි වැලපුණ ද, ඉවසා දරා ගත්ත ද අප වෙත එක සමාන ය. කිසිදු ගැලවුමක් අප වෙත නොමැත යැයි ඔවුහු පවසති."},{"id":22,"translation":"තවද නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ෂෙයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන් ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දී ඇත. තවද මම ද නුඹලාට ප්‍රතිඥා දී මම නුඹලාට (එය) කඩ කළෙමි. මා නුඹලා ඇරයුම් කළෙමි. එයට නුඹලා පිළිතුරු දුන්නෙහු ය. ඒ මිස වෙනත් කිසිදු සාක්ෂියක් නුඹලාට එරෙහිව මා වෙත නො වීය. එබැවින් නුඹලා මට දොස් නො පවරනු. නුඹලා නුඹලාට ම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නො වෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නො වන්නෙහුය. නියත වශයෙන් ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":23,"translation":"තවද විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරනු ලැබී ය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න) ය."},{"id":24,"translation":"යහපත් වදනට අල්ලාහ් උපමාවක් ගෙන හැර දක්වා ඇත්තේ කෙසේ දැ? යි නුඹ නො දුටුවෙහි ද? එය සාරවත් ගසක් මෙනි. එහි මුල ස්ථාවර ය. එමෙන් ම එහි අතු අහසෙහි (විහිදී) ඇත."},{"id":25,"translation":"එය එහි පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම මොහොතකම එහි ආහාර ලබා දෙයි. ඔවුන් මෙනෙහි කර ගත හැකි වනු පිණිස අල්ලාහ් ජනයාට උපමාවන් ගෙන හැර දක්වයි."},{"id":26,"translation":"තවද නපුරු වදනට උපමාව මහපොළොව මතු පිටින් උදුරා දමන ලද නිසරු ගසක් මෙනි. එයට කිසිදු ස්ථීර පිහිටීමක් නොමැත."},{"id":27,"translation":"මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි විශ්වාස කළවුන්ව ස්ථීර ප්‍රකාශයෙන් අල්ලාහ් ස්ථීර කරයි. තවද අපරාධකරුවන්ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරී. තවද අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරයි."},{"id":28,"translation":"අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්‍රතික්ෂේපයක් බවට පෙරළා තම ජනයාට විනාශයේ නිවහන වෙත රැගෙන ගිය අයව නුඹ නුදුටුවෙහි ද?"},{"id":29,"translation":"එය නිරයයි. එහි ඔවුහු පිවිස දැවෙති. එම නිවහන නපුරු විය."},{"id":30,"translation":"තවද ඔවුහු අල්ලාහ්ට සමානයන් පත් කළෝ ය. එය ඔහුගේ මාර්ගයෙන් (ජනයා) මුළා කරනු පිණිස ය. නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා යොමු කරනු ලබනුයේ (නිරා) ගින්න වෙතය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":31,"translation":"කිසිදු ගනුදෙනුවක් හෝ කිසිදු මිත්‍රත්වයක් නොමැති දිනයක් පැමිණීමට පෙර සලාතය විධිමත්ව ඉටු කරන මෙන් ද ඔවුනට අපි පෝෂණය කළ දැයින් රහසිගතවද එළිපිට ද වියදම් කරන මෙන් ද විශ්වාස කළවුන් වන මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ පවසනු."},{"id":32,"translation":"අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේ ය. තවද අහසින් ජලය පහළ කළේ ය. එමඟින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග මතු කළේ ය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේ ය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේ ය."},{"id":33,"translation":"තවද හිරු හා සඳු යන දෙක අඛණ්ඩව ගමන් කරන්නක් වශයෙන් නුඹලාට ඔහු වසඟ කර දුන්නේ ය. තවද රාත්‍රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේ ය."},{"id":34,"translation":"තවද නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේ ය. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගණන් කළද නුඹලා එය තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම මිනිසා මහත් අපරාධකරු ය; මහත් ගුණමකු ය."},{"id":35,"translation":"තවද ඉබ්රාහීම් මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. මාගේ පරමාධිපතියාණනි! මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව! තවද මා හා මාගේ පුතණුවන් වන අප; පිළිමවලට නැමදීමෙන් දුරස් කරනු මැනව!"},{"id":36,"translation":"මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින් ම ඔහු මාගෙන් කෙනෙකි. එහෙත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔබ අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය."},{"id":37,"translation":"අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! එය ඔවුන් සලාතය විධිමත්ව ඉටු කරනු පිණිස ය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස."},{"id":38,"translation":"අපගේ පරමාධිපතියාණනි! අපි සඟවන දෑ ද අප හෙළි කරන දෑ ද ඔබ දන්නෙහි ය. තවද මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත."},{"id":39,"translation":"මහලු වියෙහි මාහට ඉස්මාඊල් හා ඉස්හාක් පිරිනැමූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අයැදුමට සවන් දෙන්නා ය."},{"id":40,"translation":"මාගේ පරමාධිපතියාණනි! මා සලාතය විධිමත්ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව! තවද මාගේ පරපුරින් ද පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! තවද මාගේ අයැදුම පිළිගනු මැනව!"},{"id":41,"translation":"අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය ක්‍රියාත්මක වන දිනයේ මට ද මාගේ දෙමාපියන්ට ද දේවත්වය විශ්වාස කරන්නන්ට ද සමාව දෙනු මැනව!"},{"id":42,"translation":"තවද අපරාධකරුවන් කරන දෑ පිළිබඳව අනවධානීව සිටින්නෙකු ලෙස සැබැවින් ම නුඹ අල්ලාහ් ගැන නො සිතනු. ඔහු ඔවුනට ප්‍රමාද කරනුයේ තම බැල්ම ඉවත් කළ නොහැකිව පවතින දිනයක් වෙනුවෙනි."},{"id":43,"translation":"(එදින) ඔවුන්ගේ හිස් ඔසවා ගනිමින් වේගයෙන් දුවන්නන් වෙති. ඔවුන්ගේ (දිගහැරුණු) ඇහිපිය ඔවුන් වෙත නැවත හැරී නො එයි. තවද ඔවුන්ගේ හදවත් හිස්ව පවතී."},{"id":44,"translation":"තවද ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි! ටික කලකට අපව ප්‍රමාද කරනු මැනව! එවිට ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. තවද පණිවිඩකරුවන්ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. මීට පෙර නුඹලාට කිසිදු විනාශයක් නො වනු ඇතැයි නුඹලා දිවුරා නො සිටියෙහු ද?"},{"id":45,"translation":"තවද තමන්ට ම අපරාධ කළවුන්ගේ වාසස්ථානවල නුඹලා වාසය කර ඇත්තාහු ය. තවද ඔවුනට අප සිදු කළේ කෙසේ දැ? යි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ.)"},{"id":46,"translation":"තවද ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැබැවින් ම සැලසුම් කළෝ ය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියස ය."},{"id":47,"translation":"තම පණිවිඩකරුවන්ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ගැන නොසිතිය යුතු වේ. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්‍රතිචාර දක්වන්නා ය."},{"id":48,"translation":"එදින මහපොළොව වෙනත් පොළොවක් ලෙස ද අහස් ද (එලෙසම) පෙරළනු ලැබේ. තවද බල පරාක්‍රමයාණන් වූ ඒකීය අල්ලාහ් ඉදිරියට ඔවුහු පැමිණෙනු ඇත."},{"id":49,"translation":"තවද එදින යදම්වල බැඳ දමනු ලැබූවන් ලෙසින් අපරාධකරුවන් නුඹ දකිනු ඇත."},{"id":50,"translation":"ඔවුන්ගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනු ඇත."},{"id":51,"translation":"සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල දෙනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත් ය."},{"id":52,"translation":"මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමඟින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන් ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිස ද වේ."}]},{"id":15,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, රා.[1] එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"(මෙලොව දී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත."},{"id":3,"translation":"ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන්ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":4,"translation":"තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නො කළෙමු."},{"id":5,"translation":"කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නො කරයි. තවද ඔවුහු ප්‍රමාද ද නො වෙති."},{"id":6,"translation":"තවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ."},{"id":7,"translation":"නුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නො වේ ද?"},{"id":8,"translation":"(නබිවරය!) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නො කරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති."},{"id":9,"translation":"නියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු."},{"id":10,"translation":"තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින් ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු."},{"id":11,"translation":"තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ."},{"id":12,"translation":"වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙස ය."},{"id":13,"translation":"ඔවුහු එය විශ්වාස නො කරති. තවද සැබැවින් ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත."},{"id":14,"translation":"තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නො කරති.)"},{"id":15,"translation":"නියත වශයෙන් ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන් ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින් ම පැවසූහ."},{"id":16,"translation":"තවද සැබැවින් ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු."},{"id":17,"translation":"තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන් ම අපි එය ආරක්ෂා කළෙමු."},{"id":18,"translation":"එහෙත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත."},{"id":19,"translation":"තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින් ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු."},{"id":20,"translation":"තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටත් ජීවන පහසුකම් ඇති කළෙමු."},{"id":21,"translation":"තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නො කරන්නෙමු."},{"id":22,"translation":"තවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නො සිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු."},{"id":23,"translation":"තවද නියත වශයෙන් ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අප ම ය. තවද අපි උරුමක්කරුවෝ වෙමු."},{"id":24,"translation":"සැබැවින් ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳව දනිමු. එමෙන් ම පසු පැමිණෙන්නවුන් පිළිබඳව ද අපි දනිමු."},{"id":25,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය."},{"id":26,"translation":"තවද සැබැවින් ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු."},{"id":27,"translation":"තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු."},{"id":28,"translation":"තවද නියත වශයෙන් ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු."},{"id":29,"translation":"පසුව මම ඔහුව විධිමත්ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසී ය.)"},{"id":30,"translation":"එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනා ම සිරස නමා සුජූද් කළෝ ය."},{"id":31,"translation":"එහෙත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමඟ වීමට පිටුපෑවේ ය."},{"id":32,"translation":"අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමඟ නො වීමට නුඹට කුමක් වී දැ? යි ඔහු විමසුවේ ය."},{"id":33,"translation":"(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නො වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":34,"translation":"එසේ නම් නුඹ මින් බැහැරව යනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේ ය."},{"id":35,"translation":"තවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත."},{"id":36,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේ ය."},{"id":37,"translation":"එසේනම් නියත වශයෙන් ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේ ය."},{"id":38,"translation":"නියමිත වේලාවේ දිනය දක්වා."},{"id":39,"translation":"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින් ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේ ය."},{"id":40,"translation":"එහෙත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර."},{"id":41,"translation":"\"මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ\" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":42,"translation":"නියත වශයෙන් ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. එහෙත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර."},{"id":43,"translation":"තවද නියත වශයෙන් ම නිරය ඔවුන් සියලු දෙනා හට ම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි."},{"id":44,"translation":"\"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් අතරින් වෙන් කරන ලද කොටසක් ඇත\""},{"id":45,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත්වල වෙති."},{"id":46,"translation":"නුඹලා එහි නිර්භයව සාමයෙන් පිවිසෙනු."},{"id":47,"translation":"ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති."},{"id":48,"translation":"එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නො ගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නො වෙති."},{"id":49,"translation":"නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු."},{"id":50,"translation":"තවද නියත වශයෙන් ම මාගේ දඬුවම වන එය මය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු."},{"id":51,"translation":"තවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳව ඔවුනට දන්වා සිටිනු."},{"id":52,"translation":"ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේ ය."},{"id":53,"translation":"නුඹ (අප ගැන) තැති නො ගනු. නියත වශයෙන් ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":54,"translation":"මහලු විය මා වෙළාගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේ ය."},{"id":55,"translation":"අපි නුඹට සැබෑව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නො වනු."},{"id":56,"translation":"නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ වෙනත් කවුරුන් දැ? යි ඔහු පැවසුවේ ය."},{"id":57,"translation":"අහෝ එවනු ලැබූවනි! නුඹලාගේ දෙසුම කුමක් දැ? යි ඔහු විමසුවේ ය."},{"id":58,"translation":"නියත වශයෙන් ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":59,"translation":"ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන් ම ඔවුන් සියලු දෙනාව අපි මුදවා ගන්නන් වෙමු."},{"id":60,"translation":"එහෙත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන් ම ඇය රැඳී සිටින්නන් අතරින් යැයි අපි නිර්ණය කළෙමු."},{"id":61,"translation":"එවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි,"},{"id":62,"translation":"නියත වශයෙන් ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේ ය."},{"id":63,"translation":"එහෙත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමඟ අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":64,"translation":"තවද සත්‍යය සමඟ ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය."},{"id":65,"translation":"එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමඟ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නො බැලිය යුතු ය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු."},{"id":66,"translation":"නියත වශයෙන් ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු."},{"id":67,"translation":"නගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝ ය."},{"id":68,"translation":"නියත වශයෙන් ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නො කරනු යැයි ඔහු (ලූත්) පැවසුවේ ය."},{"id":69,"translation":"තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නො කරනු."},{"id":70,"translation":"(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹව නො වැළැක්වෙමු දැ? යි (ලූත්ගෙන්) විමසුවෝ ය."},{"id":71,"translation":"නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේ ය."},{"id":72,"translation":"(නබිවරය!) නුඹගේ ආයු කාලය මත දිවුරමින්, නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල්වී සිටියහ."},{"id":73,"translation":"එබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය."},{"id":74,"translation":"එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු."},{"id":75,"translation":"නියත වශයෙන් ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත."},{"id":76,"translation":"තවද නියත වශයෙන් ම එය ප්‍රධාන මාර්ගයේ විය."},{"id":77,"translation":"නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් ඇත."},{"id":78,"translation":"තවද සැබැවින් ම (ෂුඅයිබ්ගේ ජනයා වන) අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ."},{"id":79,"translation":"එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන් ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක විය."},{"id":80,"translation":"තවද සැබැවින් ම (සාලිහ්ගේ ජනයා වන) හිජ්ර් වැසියෝ ද රසූල්වරුන්ව බොරු කළෝ ය."},{"id":81,"translation":"තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා පිටු දකින්නන් වූහ."},{"id":82,"translation":"තවද ඔවුහු නිවෙස් වශයෙන් කඳුවල ලෙන් හාරා සුරක්ෂිතයින් ලෙස සිටියහ."},{"id":83,"translation":"එවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය."},{"id":84,"translation":"එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත."},{"id":85,"translation":"තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නො මැව්වෙමු. තවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු."},{"id":86,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව ඥානී මහා මැවුම්කරු."},{"id":87,"translation":"තවද (නබිවරය!) සැබැවින් ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු."},{"id":88,"translation":"ඔවුන් අතරින් විවිධ අයට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නො කරනු. තවද ඔවුන් පිළිබඳව නුඹ දුක් නො වනු. දේවත්වය විශ්වාස කරන්නන්හට නුඹගේ පියාපත් පහත් කරනු."},{"id":89,"translation":"තවද නියත වශයෙන් ම විවෘත අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු."},{"id":90,"translation":"(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු)."},{"id":91,"translation":"ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝ ය."},{"id":92,"translation":"එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන් ම අපි විමසන්නෙමු."},{"id":93,"translation":"ඔවුහු සිදු කරමින් සිටි දෑ පිළිබඳව (විමසන්නෙමු.)"},{"id":94,"translation":"එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිට ම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නො සලකා හරිනු."},{"id":95,"translation":"සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන් ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු."},{"id":96,"translation":"ඔවුහු වනාහි අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කරති. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":97,"translation":"තවද නියත වශයෙන් ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත්ව ඇති බව සැබැවින් ම අපි දනිමු."},{"id":98,"translation":"එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශාව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමඟ වනු."},{"id":99,"translation":"තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු."}]},{"id":16,"verses":[{"id":1,"translation":"අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එයට ඉක්මන් නො වනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරු ය. තවද උත්තරීතර ය."},{"id":2,"translation":"නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවිඳෙක් නොමැත. එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු යැයි (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි."},{"id":3,"translation":"සත්‍යයෙන් යුතුව, අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය."},{"id":4,"translation":"ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසාව මැව්වේ ය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත."},{"id":5,"translation":"තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේ ය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහු ය."},{"id":6,"translation":"තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත."},{"id":7,"translation":"නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිත ය. මහා කාරුණික ය."},{"id":8,"translation":"තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේ ය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත."},{"id":9,"translation":"තවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතු ය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි."},{"id":10,"translation":"අහසින් ජලය පහළ කළේ ඔහු ම ය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත."},{"id":11,"translation":"ඔහු නුඹලාට එමඟින් ගොයම ද, ඔලිව් ද, ඉඳි ද, මිදි ද තවත් සියලු බවභෝගවලින් ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත."},{"id":12,"translation":"තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවන් ඇත."},{"id":13,"translation":"තවද මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ණයෙන් වෙනස්ව බිහි කළ දෑ ද (ඔහු වසඟ කර දුන්නේ ය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත."},{"id":14,"translation":"තවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේ ය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන් ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ය."},{"id":15,"translation":"තවද එය නුඹලා සමඟ කම්පනය නො වනු වස් මහපොළොවේ ස්ථීරව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේ ය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස."},{"id":16,"translation":"තවද සලකුණු ද (ඔහු ඇති කළේ ය.) තරු මඟින් ඔවුහු නිසිමග දැන ගනු ඇත."},{"id":17,"translation":"එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවී ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?"},{"id":18,"translation":"අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":19,"translation":"තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද අල්ලාහ් දනී."},{"id":20,"translation":"අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවන අතර ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති."},{"id":21,"translation":"ඔවුහු ප්‍රාණය නොමැති මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැ? යි වටහා නො ගනිති."},{"id":22,"translation":"නුඹලාගේ දෙවිඳු එක ම දෙවිඳා ය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නෝ වෙති."},{"id":23,"translation":"ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම අල්ලාහ් දන්නා බවට කිසිදු සැකයක් නැත. නියත වශයෙන් ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නො කරයි."},{"id":24,"translation":"තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ."},{"id":25,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොරව නොමග හැරියවුන්ගේ බර ඔවුන් සම්පූර්ණයෙන් උසුලනු පිණිස (මෙසේ ඔවුහු පවසති.) දැන ගනු! ඔවුන් උසුලන දෑ නපුරු ය."},{"id":26,"translation":"ඔවුනට පෙර සිටියවුන් සැබැවින් ම කුමන්ත්‍රණ කළෝ ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේ ය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත වියන ඇද වැටිණ. තවද ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේ ය."},{"id":27,"translation":"පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි. නියත වශයෙන් ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති."},{"id":28,"translation":"ඔවුන් වනාහි තමන් විසින් ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන්ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) \"අපි කිසිදු නපුරක් නො කළෙමු\" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":29,"translation":"එහෙයින් නුඹලා නිරයේ දොරටුවලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින් ම නපුරු විය."},{"id":30,"translation":"තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබී ය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන් ම මතු ලොව නිවහන උතුම් ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය."},{"id":31,"translation":"අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":32,"translation":"ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති."},{"id":33,"translation":"ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝ ද? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙස ම ය. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය."},{"id":34,"translation":"එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය."},{"id":35,"translation":"තවද අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නො නමදින්නට තිබුණි. එමෙන් ම ඔහුගේ නියෝගයෙන් තොරව කිසිවක් තහනම් නො කරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙස ම ය. (අපගේ නිවේදනය) පැහැදිලිව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වී ද?"},{"id":36,"translation":"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන් ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු."},{"id":37,"translation":"ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන් ම අල්ලාහ් නොමග හැරියවුනට මග නො පෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු ද නොමැත."},{"id":38,"translation":"තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නො කරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතුව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":39,"translation":"ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන් ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)"},{"id":40,"translation":"යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීම ය. එවිට එය සිදු වනු ඇත."},{"id":41,"translation":"තවද අපරාධ කරනු ලැබූවායින් පසුව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත් ය. ඔවුහු එය දැන සිටියාහු නම්."},{"id":42,"translation":"ඔවුන් වනාහි ඉවසා දරා ගත් අය වෙති. එමෙන් ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති."},{"id":43,"translation":"තවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නො වේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු."},{"id":44,"translation":"පැහැදිලි සාධක හා ධර්ම ග්‍රන්ථ සමඟ (ඔවුහු පැමිණියහ.) තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය හෙවත්) මෙම මෙනෙහි කිරීම අපි පහළ කළෙමු. තවද එය ඔවුන් සිතා බලනු පිණිස ය."},{"id":45,"translation":"නපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන්ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳව හෝ ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භියව සිටිත් ද?"},{"id":46,"translation":"එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන්ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නො හැකියාවට පත් කරන්නන් නො වෙති."},{"id":47,"translation":"එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔහු ඔවුන් ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති මහත් සෙනෙහෙවන්ත ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":48,"translation":"අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු අවධානයෙන් නො බැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැතිවලට නැඹුරු වී යටහත් පහත්ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි."},{"id":49,"translation":"තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නො වෙති."},{"id":50,"translation":"ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති."},{"id":51,"translation":"තවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නො ගනු. නියත වශයෙන් ම ඔහු එක ම දෙවිඳා ය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේ ය."},{"id":52,"translation":"තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු ය. තවද සදා අවනතභාවය ද ඔහු සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් නො වන දෑට බිය බැතිමත් වන්නෙහු ද?"},{"id":53,"translation":"තවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසුව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙත ම ය."},{"id":54,"translation":"පසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති."},{"id":55,"translation":"අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත."},{"id":56,"translation":"තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් කොටසක් ඔවුන් නො දන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳව නියත වශයෙන් ම නුඹලා විමසනු ලබනු ඇත."},{"id":57,"translation":"තවද අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ (පුතුන්) පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධ ය."},{"id":58,"translation":"තවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත."},{"id":59,"translation":"කවර දෙයක් පිළිබඳව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි නපුර හේතුවෙන් එය අවමානය සමඟ රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැ? යි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු! ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය."},{"id":60,"translation":"මතු ලොව පිළිබඳ විශ්වාස නො කළවුනට ඇත්තේ නපුරු උදාහරණයකි. අල්ලාහ්ට ඇත්තේ උසස් උදාහරණයකි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":61,"translation":"තවද ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර නො දමන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නො වන අතර ඔවුන් ඉක්මන් ද නො වනු ඇත."},{"id":62,"translation":"තවද ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන් ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. නියත වශයෙන් ම ඔවුනට (නිරා) ගින්න ඇති බවටත් නියත වශයෙන් ම ඔවුන් (නිරා ගින්නෙහි) ප්‍රමුඛත්වය දෙනු ලැබූවන් බවටත් කිසිදු සැකයක් නොමැත."},{"id":63,"translation":"අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම, සැබැවින් ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. එහෙත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේ ය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහු ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":64,"translation":"තවද කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද දේවත්වය විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ නො කළෙමු."},{"id":65,"translation":"තවද අල්ලාහ් අහසින් ජලය පහළ කොට මහපොළොව මිය ගිය පසුව එමඟින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත."},{"id":66,"translation":"තවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු."},{"id":67,"translation":"තවද ඉඳි හා මිදි (වැනි) පලතුරුවලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහු ය. නියත වශයෙන් ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත."},{"id":68,"translation":"තවද කඳුවල ද ගස්වල ද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැඟෙව්වේ ය."},{"id":69,"translation":"පසුව නුඹ සියලු පලතුරුවලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත්වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන් ම එහි සිතා බලන ජනයාහට සංඥාවක් ඇත."},{"id":70,"translation":"තවද අල්ලාහ් නුඹලාව මැව්වේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. දැනුම ලැබුවායින් පසු කිසිවක් දැනගත නොහැකි පරිදි දුබල වියට යොමු කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා ශක්තිවන්ත ය."},{"id":71,"translation":"තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා සම්පත්වලින් උසස් කළේ ය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දී ඔවුන් තමන්ට සමානයින් බවට පත් කර නො ගනී. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?"},{"id":72,"translation":"තවද නුඹලා තුළින් ම නුඹලාට කලත්‍රයන් අල්ලාහ් ඇති කළේ ය. තවද නුඹලාගේ කලත්‍රයන් තුළින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේ ය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේ ය. එහෙයින් ඔවුහු අසත්‍යය විශ්වාස කර අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරන්නෝ ද?"},{"id":73,"translation":"තවද අල්ලාහ් හැර දමා, අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන් ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු නැමදුම් කරන්නෝ ද."},{"id":74,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නො දක්වනු. නියත වශයෙන් ම අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය."},{"id":75,"translation":"කිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අප ඔහුට පිරිනමා එයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ වියපැහැදම් කරන්නෙකු (යන දෙදෙනා) අල්ලාහ් උපමා ගෙන හැර දැක් වීය. ඔවුන් (දෙදෙනා) එක හා සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":76,"translation":"තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උදාහරණයක් වශයෙන් ගෙන හැර දැක් වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහුව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා (යන දෙදෙනා) එක සමාන වේවි ද?"},{"id":77,"translation":"තවද අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. තවද අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා එය සමීප ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්ත ය."},{"id":78,"translation":"තවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලාව බැහැර කළේ අල්ලාහ් ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද, බැල්ම ද, හදවත් ද ඇති කළේ ය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස."},{"id":79,"translation":"අහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නො බැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත."},{"id":80,"translation":"තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේ ය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේ ය. තවද උන්ගේ බැටළු රෝමවලින් ද, එළු රෝමවලින් ද, ඔටු රෝමවලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේ ය.)"},{"id":81,"translation":"තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේ ය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේ ය. උණුසුමින් නුඹලාව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරුවලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේ ය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේ ය."},{"id":82,"translation":"එහෙත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලිව දන්වා සිටීම පමණි."},{"id":83,"translation":"අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසුව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ ය."},{"id":84,"translation":"තවද එදින සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසුව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නො ලබනු ඇත. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරු වන මෙන්) බල කරනු ලබන්නන් ද නො වෙති."},{"id":85,"translation":"තවද අපරාධ කළවුන් එම දඬුවම දුටු විට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු අවකාශය දෙනු ලබන්නන් ද නො වෙති."},{"id":86,"translation":"තවද (අල්ලාහ්ගේ දේවත්වයට) සමානයන් තැබූවන් ඔවුන්ගේ (එම) සම දෙවිවරුන් දුටු විට, අපගේ පරමාධිපතියාණනි! නුඹව හැර දමා අප ඇරයුම් කරමින් සිටි අපගේ සම දෙවිවරුන් මොවුන් ය. එවිට නියත වශයෙන් ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත."},{"id":87,"translation":"තවද එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති."},{"id":88,"translation":"ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන්ට, ඔවුන් කලහකම් කරමින් සිටි බැවින් ඔවුනට අපි එම දඬුවමට ඉහළින් දඬුවමක් අධික කරන්නෙමු."},{"id":89,"translation":"තවද එම දිනයේ දී සෑම සමූහයකට ම ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු ඔවුන් අතරින් නැගිටුවන්නෙමු. මොවුනට (මෙම සමූහයාට) එරෙහිව අපි නුඹව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු."},{"id":90,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන් ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි."},{"id":91,"translation":"තවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ්ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසුව කඩ නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී."},{"id":92,"translation":"තවද ශක්තිමත්ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලිවලට කඩා දමන්නියක් ලෙස නුඹලා නො වනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහු ය. එමඟින් අල්ලාහ් නුඹලාව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත."},{"id":93,"translation":"තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එක ම සමූහයක් බවට නුඹලාව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අයව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අයව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින් ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහු ය."},{"id":94,"translation":"තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නො ගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීරව තැබූ පසුව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත."},{"id":95,"translation":"තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නො විකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන් ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ."},{"id":96,"translation":"නුඹලා සතුව ඇති දෑ ශූන්‍ය වී යනු ඇත. එහෙත් අල්ලාහ් සතුව ඇති දෑ ඉතිරිව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු."},{"id":97,"translation":"යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු."},{"id":98,"translation":"එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු."},{"id":99,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත."},{"id":100,"translation":"ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහුව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්)ට සමානයන් තබන්නන් කෙරෙහි ය."},{"id":101,"translation":"තවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට; පහළ කළ යුත්තේ කුමක් ද? පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. නියත වශයෙන් ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නො දනිති."},{"id":102,"translation":"දේවත්වය විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතුව පහළ කළේ යැයි නුඹ පවසනු."},{"id":103,"translation":"තවද ඇත්තෙන් ම එය උගන්වනුයේ මිනිසෙකි යැයි නියත වශයෙන් ම ඔවුහු පවසන බව සැබැවින් ම අපි දනිමු. ඔවුන් කවරෙකු වෙත සම්බන්ධ කරමින් පවසන්නේ ද ඔහුගේ භාෂාව අරාබි නො වන භාෂාවයි. එහෙත් මෙය පැහැදිලි අරාබි භාෂාවයි."},{"id":104,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් විශ්වාස නො කරන්නන් වනාහි ඔහු ඔවුනට මග නො පෙන්වයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":105,"translation":"එසේ බොරු ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නො කරන්නන් ය. තවද ඔවුහු මය මුසාවාදීහූ."},{"id":106,"translation":"අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් පසුව කවරෙකු ඔහුව ප්‍රතික්ෂේප කළේ ද (ඔහු වෙත අල්ලාහ්ගේ කෝපය ඇත.) තම සිත දේව විශ්වාසයේ තැන්පත්ව තිබිය දී බල කරනු ලැබූ අයෙකු හැර. (ඔහු කෙරහි වරදක් නැත.) එනමුත් හදවත දේව ප්‍රතික්ෂේපයෙන් විවෘත කළවුන් වන ඔවුනට අල්ලාහ් වෙතින් වූ කෝපය ඇත. එමෙන් ම ඔවුනට අතිමහත් වූ දඬුවමක් ද ඇත."},{"id":107,"translation":"එය ඔවුහු මතුලොවට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ බැවිනි. තවද නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් මග නො පෙන්වයි."},{"id":108,"translation":"ඔවුහු වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්‍රා තැබුවේ ය. තවද ඔවුහු මය අනවධානීව සිටින්නෝ."},{"id":109,"translation":"නියත වශයෙන් ම මතුලොවෙහි පරාජිතයෝ ඔවුහු මය යන්නට කිසිදු සැකයක් නොමැත."},{"id":110,"translation":"තවද ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සිටී. ඉන්පසුව නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":111,"translation":"එදින සෑම ආත්මයක් ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක් ම තමන් කළ දෑට පූර්ණව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":112,"translation":"තවද අල්ලාහ් ගම්මානයක් උදාහරණයක් ලෙස ගෙන හැර පෙන්වී ය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින් ම පෝෂණය ඒ වෙත පැමිණියේ ය. එහෙත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදය පිළිබඳ ගුණමකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය."},{"id":113,"translation":"තවද ඔවුන් අතරින් දූතයකු ඔවුන් වෙත සැබැවින් ම පැමිණියේ ය. එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන් අපරාධකරුවන්ව සිටිය දී දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය."},{"id":114,"translation":"එහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට ම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු."},{"id":115,"translation":"නියත වශයෙන් ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නො වන දෑට කපන ලද්දේ ද ඒවා ය. එහෙත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු අසාධාරණ ලෙසින් හා සීමාව ඉක්මවීමෙන් තොරව (ඒවා අනුභව කළේ නම්) එවිට අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":116,"translation":"අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිවවල් වර්ණනා කරන දෑට මෙය අනුමත ය. මෙය තහනම්ය යැයි නුඹලා නො පවසනු. නියත වශයෙන් ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නො ලබති."},{"id":117,"translation":"ස්වල්ප භුක්ති විඳීමකි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":118,"translation":"තවද මීට පෙර අපි නුඹ වෙත පැවසූ දෑ යුදෙව් වූවන් වෙත අපි තහනම් කළෙමු. තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නවුන් වූහ."},{"id":119,"translation":"පසුව නියත වශයෙන් ම අනුවනකමින් නපුරක් සිදු කොට ඉන් පසුව පශ්චාත්තාප වී තමන් හැඩ ගස්වා ගත් අයට නුඹගේ පරමාධිපති සිටී. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඉන් පසුව පවා අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය."},{"id":120,"translation":"නියත වශයෙන් ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවංකව අවනත වූ (නායකත්ව) සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය."},{"id":121,"translation":"ඔහුගේ ආශිර්වාදවලට කෘතවේදියකු විය. ඔහුව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වී ය."},{"id":122,"translation":"තවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන් ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි."},{"id":123,"translation":"පසුව “නුඹ ඉබ්රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය” යැයි අපි නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියෙමු."},{"id":124,"translation":"නියත වශයෙන් ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මතභේද ඇති කර ගත්තවුන් කෙරෙහි ය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත."},{"id":125,"translation":"නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතුව හා යහපත් උපදෙස් මඟින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමඟ නුඹ තර්ක කරනු. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳව මැනවින් දන්නා ය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය."},{"id":126,"translation":"තවද නුඹලා දඬුවම් කරන්නෙහු නම් නුඹලා කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව නුඹලා දඬුවම් කරනු. තවද නුඹලා ඉවසා දරා ගත්තෙහු නම් ඉවසිලිවන්තයින්හට එය උතුම්ය."},{"id":127,"translation":"තවද නුඹ ඉවසා දරා ගනු. තවද නුඹේ ඉවසීම අල්ලාහ් සම්බන්ධයෙන් මිස නො විය යුතු ය. තවද නුඹ ඔවුන් ගැන දුක් නො වනු. තවද ඔවුන් කුමන්ත්‍රණ කරන දැයින් නුඹ පීඩනයක පසු නො වනු."},{"id":128,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් හා දැහැමිව කටයුතු කළවුන් වන ඔවුන් සමඟ ය."}]},{"id":17,"verses":[{"id":1,"translation":"අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තාව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක."},{"id":2,"translation":"තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොරව භාරකරුවකු නො ගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු."},{"id":3,"translation":"(නුඹලා) නූහ් සමඟ අප (නැවෙහි) ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන් ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය."},{"id":4,"translation":"තවද \"නියත වශයෙන් ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උදම් වනු ඇතැයි ද ඉස්රාඊල් දරුවන්ට අපේ ධර්ම ග්‍රන්ථයේ තීන්දු කළෙමු."},{"id":5,"translation":"ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහිව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතරට රිංගා ගියෝ ය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය."},{"id":6,"translation":"පසුව ඔවුනට එරෙහිව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලාව පිරිස් බලයෙන් අධික කළෙමු."},{"id":7,"translation":"නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ට ය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයට ම ය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් අවමන් කිරීමටත්, ඔවුන් එහි මුල්වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත්, ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන්ව එව්වෙමු.)"},{"id":8,"translation":"නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැකි ය. තවද නුඹලා නැවත හැරුණේ නම් අපි ද හැරෙන්නෙමු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය සිර ගෙයක් බවට අපි පත් කළෙමු."},{"id":9,"translation":"නියත වශයෙන් ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට සැබැවින් ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට එය ශුභාරංචි දන්වයි."},{"id":10,"translation":"තවද නියත වශයෙන් ම මතුලොව පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු."},{"id":11,"translation":"තවද තමන්ගේ යහපත උදෙසා මිනිසා ප්‍රාර්ථනා කරන්නා සේම (සිය අඥානකම නිසා ඇතැම් විට) අයහපත උදෙසා ද ඔහු ප්‍රාර්ථනා කරයි. තවද මිනිසා ඉක්මන් සුළු විය."},{"id":12,"translation":"තවද රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත් ය. තවද සෑම දෙයක්ම, අපි එය විස්තරාත්මකව පැහැදිලි කළෙමු."},{"id":13,"translation":"තවද සෑම මිනිසකුට ම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත."},{"id":14,"translation":"නුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹ ම ප්‍රමාණවත් ය."},{"id":15,"translation":"කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිව ය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නො උසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නො සිටියෙමු."},{"id":16,"translation":"තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි සැප විඳිමින් සිටින්නන්හට (අපගේ නියෝගයන්ට අවනත වන මෙන්) අණ කළෙමු. එහෙත් ඔවුහු පාපකම් කළෝ ය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම විය. එවිට අපි එය සුණු විසුණු කළෙමු."},{"id":17,"translation":"තවද අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තවද තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය."},{"id":18,"translation":"කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසුව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත."},{"id":19,"translation":"තවද කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහු ම ය."},{"id":20,"translation":"(මෙලොව පතන) ඔවුන් හා (මතු ලොව පතන) මොවුන් යන සියල්ලන්ට ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රසාදයෙන් අපි පිරිනමන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නො වීය."},{"id":21,"translation":"ඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැ? යි නුඹ අධීක්ෂණය කරනු. තවද මතුලොව තරාතිරම්වලින් අතිමහත් ය. එමෙන් ම මහිමයට පත් කිරීමෙන් ද අතිමහත් ය."},{"id":22,"translation":"අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු නො ගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත."},{"id":23,"translation":"නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේ ය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනා ම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නො පවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නො හරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු."},{"id":24,"translation":"කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!"},{"id":25,"translation":"නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නා ය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන් ම ඔහු වෙත නැඹුරුවන්නන්හට අතික්ෂමාශීලී විය."},{"id":26,"translation":"තවද සමීප ඥාතිත්වය ඇත්තාහට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නො යවනු."},{"id":27,"translation":"නියත වශයෙන් ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහත් ගුණමකුවකු විය."},{"id":28,"translation":"තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් සිටියදී (කෙනෙක් ඔබෙන් යමක් ඉල්ලා ඔබට එය දීමට නොහැකිව) ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට සිදු වන්නේ නම් එවිට නුඹ ඔවුනට මෘදු වදනින් අමතනු."},{"id":29,"translation":"තවද නුඹ (කිසිවක් වියදම් නො කර) නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නො කරනු. තවද (සියල්ල වියදම් කර) එකවර දිගු නො හරිනු. එවිට නුඹ නින්දා අපහාසයට ලක්ව දරිද්‍රතාවයට ද පත් වනු ඇත."},{"id":30,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණය විස්තීරණය කරයි. එමෙන් ම ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය."},{"id":31,"translation":"තවද දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නො දමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අප ය. නියත වශයෙන් ම ඔවුන්ව මරා දැමීම මහත් පවක් විය."},{"id":32,"translation":"තවද නුඹලා කාම අපචාරයට ළං නො වනු. නියත වශයෙන් ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් ද නපුරු විය."},{"id":33,"translation":"තවද අල්ලාහ් තහනම් කළ ආත්මයක් උරුමයකින් තොරව නුඹලා ඝාතනය නො කරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින් ම අපි බලයක් පැවරුවෙමු. එහෙත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නො යා යුතු ය. නියත වශයෙන් ම ඔහු උදව් කරනු ලබන්නෙක් විය."},{"id":34,"translation":"තවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වන දෙයකින් හැර නුඹලා සමීප නො වනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන් ම ගිවිසුම විමසනු ලබන්නක් විය."},{"id":35,"translation":"තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම් ය. තවද අවසානය ද වඩාත් අලංකාර ය."},{"id":36,"translation":"තවද නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නො සිටිනු. නියත වශයෙන් ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳව විමසනු ලබන්නක් විය."},{"id":37,"translation":"තවද මහපොළොවේ උඩඟුවෙන් ගමන් නො කරනු. නියත වශයෙන් ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නො හැක්කේ ම ය. තවද උසින් කඳුවලට ළං විය නො හැක්කේ ම ය."},{"id":38,"translation":"මේ සියල්ලෙහි නපුර නුඹේ පරමාධිපති අබියස පිළිකුල් සහගත විය."},{"id":39,"translation":"මෙය ප්‍රඥාවෙන් යුතුව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු පත් නො කරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත."},{"id":40,"translation":"නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන් ම නුඹලා බරපතල ප්‍රකාශයක් පවසන්නෙහු ය."},{"id":41,"translation":"තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම අල් කුර්ආනයේ සැබැවින් ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. එහෙත් එය පිළිකුල මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි නො කළේ ය."},{"id":42,"translation":"ඔවුන් පවසන අයුරින් ඔහු සමඟ දෙවිවරුන් වී නම් එවිට ඔවුන් අර්ෂ්හි හිමිපාණන් වෙත මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු."},{"id":43,"translation":"ඔවුන් පවසන දැයින් ඔහු සුවිශුද්ධ ය. අතිඋත්තරීතර භාවයෙන් ඔහු උසස් විය."},{"id":44,"translation":"අහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින අය ද ඔහුව සුවිශුද්ධ කරයි. ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ නො කරන කිසිවක් නැත. එහෙත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නො ගන්නෙහු ය. නියත වශයෙන් ම ඔහු දයාලු ය; අතික්ෂමාශීලී ය."},{"id":45,"translation":"තවද නුඹ අල් කුර්ආනය පාරායනය කළ විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නො කරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් අපි ඇති කළෙමු."},{"id":46,"translation":"තවද ඔවුන් එය වටහා ගත නොහැකි සේ ඔවුන්ගේ හදවත් මත ආවරණ ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල් කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා පිළිකුලෙන් හැරී යති."},{"id":47,"translation":"ඔවුන් නුඹ වෙත සවන් දෙන අවස්ථාවේ ඔවුන් කවර දෙයක් පිළිබඳව සවන් දෙන්නේ ද ඒ පිළිබඳව මැනවින් දන්නේ අපම ය. අපරාධකරුවෝ ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නො කරන්නෙහුය’ යැයි පවසමින් ඔවුහු රහසින් කතා කළ අවස්ථාවද (මැනවින් දන්නේ අපම ය.)"},{"id":48,"translation":"ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැ? යි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග ගියෝ ය. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නො ලබති."},{"id":49,"translation":"තවද නියත වශයෙන් ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය."},{"id":50,"translation":"නුඹලා ගලක් හෝ යකඩයක් හෝ වනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":51,"translation":"නැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන් දැ? යි ඔවුහු විමසනු ඇත. නුඹලාව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැ? යි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු."},{"id":52,"translation":"ඔහු නුඹලාව කැඳ වන දින නුඹලා ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නො සිටි බව නුඹලා සිතනු ඇත."},{"id":53,"translation":"තවද වඩාත් අලංකාර දෑ පවසන්නැයි මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ පවසනු. නියත වශයෙන් ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන් ම ෂෙයිතාන් මිනිසාට ප්‍රකට සතුරෙකු විය."},{"id":54,"translation":"නුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියා ය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ නො එව්වෙමු."},{"id":55,"translation":"තවද අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳව මැනවින් දන්නා නුඹගේ පරමාධිපති ය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකුව සැබැවින් ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු."},{"id":56,"translation":"ඔහු හැර දමා නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. එහෙත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නො දරති, යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":57,"translation":"ඔවුන් කවරෙකුට අයැද සිටින්නේද එවැන්නන් වනාහි, ඔවුන්ගෙන් වඩාත් සමීප වූවන් ඔවුන්ගේ පරමාධිපති වෙත මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි."},{"id":58,"translation":"තවද (අපරාධ කරමින් සිටි) කිසියම් ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නො සිටියෙමු. එය ලේඛනයේ සටහන් කරනු ලබන්නක් විය."},{"id":59,"translation":"තවද සංඥාවන් පෙර සිටියවුන් බොරු කළ හෙයින් මිස ඒවා එවීම අපව වැළක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝ ය. තවද බිය ගැන්වීමට මිස අපි එම සංඥාවන් නො එවන්නෙමු."},{"id":60,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන්වූ සිහිනය ද අල් කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නො කළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට එය වර්ධනය නො කරනු ඇත."},{"id":61,"translation":"තවද නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝ ය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැ? යි ඔහු(ඉබ්ලීස්) විමසුවේ ය."},{"id":62,"translation":"මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකුව හැර ඔහුගේ පරපුර සැබැවින් ම මම මුලිනුපුටා දමමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":63,"translation":"(එවිට අල්ලාහ්) නුඹ ද ඔවුන්ගෙන් නුඹව අනුගමනය කළ අය ද පිටව යනු. පරිපූර්ණයෙන් දෙනු ලබන නුඹලාගේ ප්‍රතිවිපාකය නිරය වේ යැයි පැවසුවේ ය."},{"id":64,"translation":"තවද ඔවුන් අතරින් නුඹට හැකි අය නුඹේ හඬින් මුලා කරනු. ඔවුනට එරෙහිව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු. තවද වස්තුවෙහි හා දරුවන්හි නුඹ ඔවුනට හවුල් වනු. තවද නුඹ ඔවුනට ප්‍රතිඥා දෙනු. ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නො දෙයි."},{"id":65,"translation":"නියත වශයෙන් ම මාගේ (යහපත්) ගැත්තන් වනාහි, ඔවුනට එරෙහිව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් ය."},{"id":66,"translation":"නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපති ය. නියත වශයෙන් ම ඔහු නුඹලාට මහා කාරුණික විය."},{"id":67,"translation":"තවද නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුවා වී යනු ඇත. ඔහු නුඹලාව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහු ය. තවද මිනිසා මහා ගුණමකුවකු විය."},{"id":68,"translation":"ඔහු නුඹලාව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත ගල්වරුසාවක් යැවීමෙන් හෝ නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ සිදු වුවහොත්) පසුව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නො දකිනු ඇත."},{"id":69,"translation":"එසේ නැතහොත් නුඹලාව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලාව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ සිදු වුවහොත්) පසුව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නො දකිනු ඇත."},{"id":70,"translation":"තවද සැබැවින් ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු."},{"id":71,"translation":"සෑම ජන සමූහයක් ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමඟ අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. තවද සිවියක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":72,"translation":"තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ."},{"id":73,"translation":"තවද අපි නුඹ වෙත දන්වා සිටි දේ හැර දමා, නුඹ අපට එරෙහිව ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසන මෙන් (පොළඹවා) ඔවුන් නුඹව වෙනතකට යොමු කිරීමට තැත් කළෝ ය. (නුඹ එසේ කළේ නම්) එවිට නුඹව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත."},{"id":74,"translation":"තවද අපි නුඹව ස්ථාවර නො කළේ නම් සැබැවින් ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි."},{"id":75,"translation":"එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසුව නුඹ අපට එරෙහිව කිසිදු උදව්කරුවකු නො දකිනු ඇත."},{"id":76,"translation":"තවද නුඹව මෙම භූමියෙන් පිටුවහල් කරනු පිණිස නුඹව එයින් පලවා හරින්නට ඔවුන් තැත් කළෝ ය. (එසේ කළේ නම්) එවිට නුඹෙන් පසුව මද කලක් මිස ඔවුන් ද (එහි) රැඳී නො සිටිනු ඇත."},{"id":77,"translation":"අපගේ රසූල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින් ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නො දකිනු ඇත."},{"id":78,"translation":"හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි ඝනාන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත්ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් ෆජ්රු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන් ම අලුයම් කාලයේ පාරායනය (සහභාගී වූ බවට) සාක්ෂි දරනු ලබන්නක් විය."},{"id":79,"translation":"තවද රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක (සලාත)යක් වශයෙන් ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින් ම නුඹව නැගිටුවනු ඇත."},{"id":80,"translation":"තවද මාගේ පරමාධිපතියාණනි! සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව! යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":81,"translation":"තවද සත්‍යය පැමිණියේ ය. අසත්‍යය විනාශ වී ගියේ ය. නියත වශයෙන් ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":82,"translation":"තවද දේවත්වය විශ්වාස කරන්නන්හට දයාව හා සුවය ඇති දෑ අපි අල් කුර්ආනයෙන් පහළ කරන්නෙමු. එහෙත් අපරාධකරුවන්ට අලාභය මිස වෙනත් කිසිවක් එය වැඩි නො කරනු ඇත."},{"id":83,"translation":"තවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඒ අසලින් හැරී යයි. එහෙත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු බලාපොරොත්තු සුන් කරගන්නා අයෙකු විය."},{"id":84,"translation":"සෑම කෙනෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන් දැ? යි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":85,"translation":"තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. තවද දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු."},{"id":86,"translation":"තවද අපි අභිමත කළේ නම් නුඹ වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්) ඉවත් කරන්නෙමු. පසුව නුඹ ඒ සම්බන්ධයෙන් අපට එරෙහිව කිසිදු භාරකරුවකු නො දකිනු ඇත."},{"id":87,"translation":"නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස (එය පැවතියේ) නැත. නියත වශයෙන් ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය."},{"id":88,"translation":"මෙම අල්-කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":89,"translation":"තවද මෙම අල්-කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින් ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත."},{"id":90,"translation":"තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹව විශ්වාස නො කරන්නේ මය යැයි ඔවුහු පැවසූහ."},{"id":91,"translation":"නැතහොත් ඉඳි හා මිදිවලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කරන තෙක් හෝ,"},{"id":92,"translation":"නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලිවලට කඩා නුඹ බිම හෙළෙන තෙක් හෝ නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන එන තෙක් හෝ,"},{"id":93,"translation":"නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබෙන තෙක් හෝ නැතහොත් අහසට නුඹ නැග යන තෙක් හෝ (අපි නුඹව විශ්වාස නො කරන්නේ ම ය.) තවද නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කිය වන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින් ම අපි විශ්වාස නො කරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධ ය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙමි දැ? යි (නබිවරය! ඔවුන්ගෙන්) නුඹ විමසනු."},{"id":94,"translation":"තවද ජනයා වෙත යහ මග පැමිණි විට \"අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකුවද යැව්වේ\" යැයි විමසීම මිස වෙනත් කිසිවක් ඔවුන් විශ්වාස කිරීමෙන් ඔවුන්ව වැළැක්වූයේ නැත."},{"id":95,"translation":"මහපොළොවේ මලක්වරු සන්සුන්ව සැරිසරමින් (ජීවත් ව) පැමිණ තිබුණා නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන් මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":96,"translation":"මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත නිරීක්ෂක විය යැයි නුඹ පවසනු."},{"id":97,"translation":"තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නො දකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ, ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු."},{"id":98,"translation":"එය සැබැවින් ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ? යි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි."},{"id":99,"translation":"අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේ ය. එහි කිසිදු සැකයක් නැත. එහෙත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත."},{"id":100,"translation":"මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට වියදම් කිරීමට බියෙන් නුඹලා රඳවා ගනු ඇත. තවද මිනිසා මසුරු විය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":101,"translation":"තවද සැබැවින් ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මූසා! නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේ ය."},{"id":102,"translation":"මේවා පැහැදිලි සාධක ලෙස අහස්හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නො කළ බව සැබැවින් ම නුඹ දන්නෙහි ය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින් ම මම සිතමි යැයි ඔහු කීවේ ය."},{"id":103,"translation":"එවිට මහපොළොවෙන් ඔවුන්ව පන්නා දමන්නට ඔහු (ෆිර්අවුන්) සිතුවේ ය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු."},{"id":104,"translation":"තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසන් දින පිළිබඳ ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා එකට වෙළා ගනිමින් අපි ගෙන එන්නෙමු යැයි ඔහුගෙන් පසුව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු."},{"id":105,"translation":"තවද අපි එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ කළෙමු. තවද එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ විය. තවද නුඹව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නො එව්වෙමු."},{"id":106,"translation":"තවද කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු."},{"id":107,"translation":"නුඹලා එය විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නො කරනු යැයි (නබිවරය!) නුඹ පවසනු. නියත වශයෙන් ම මීට පෙර දැනුම දෙනු ලැබූවන් වූ ඔවුන් වෙත එය පාරායනය කරනු ලබන විට සුජූද් කරන්නන් ලෙසින් ඔවුහු මුණින් ඇද වැටෙති."},{"id":108,"translation":"තවද අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. අපගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක්ම විය යැයි ඔවුහු පවසති."},{"id":109,"translation":"තවද ඔවුහු අඩමින් (සුජූද් කරන්නන් ලෙසින්) මුණින් ඇද වැටෙති. තවද එය ඔවුනට යටහත් පහත්භාවය වර්ධනය කරනු ඇත."},{"id":110,"translation":"නුඹලා අල්ලාහ් යැයි අමතනු. නැතහොත් රහ්මාන් යැයි අමතනු. නුඹලා කවර දෙයක් පවසා ඇමතුව ද ඔහුට අලංකාර නාමයන් ඇත. තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු නො කරනු. තවද එය පහත් හඬින් ද ඉටු නො කරනු. ඒ අතර වූ මාර්ගයක් සොයනු."},{"id":111,"translation":"තවද සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. ඔහු වනාහි ඔහු දරුවෙකු නො ගත්තේ ය. තවද පාලනයෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු ද නො වීය. ඔහුට ආරක්ෂකයකු ගැනීමට තරම් ඔහු පහත්භාවයෙන් යුත් නො වීය යැයි නුඹ පවසනු. තවද නුඹ ඔහුව අතිශ්‍රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු."}]},{"id":18,"verses":[{"id":1,"translation":"තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත."},{"id":2,"translation":"(එය) ඍජු ය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන් ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ) ය."},{"id":3,"translation":"ඔවුන් නිරන්තරයෙන් ම එහි රැඳී සිටින්නන් ලෙසින්."},{"id":4,"translation":"අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේ ය.)"},{"id":5,"translation":"ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳව කිසිදු දැනුමක් නො වීය. ඔවුන්ගේ මුඛවලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස වෙනෙකක් නො පවසති."},{"id":6,"translation":"මෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නො කළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත්ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත."},{"id":7,"translation":"ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන් දැ? යි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු."},{"id":8,"translation":"තවද නියත වශයෙන් ම අපි ඒ මත ඇති දෑ (විනාශ කර) පැළෑටි රහිත හිස් තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු."},{"id":9,"translation":"නියත වශයෙන් ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය!) නුඹ අදහස් කරන්නෙහි ද?."},{"id":10,"translation":"තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව!’ යැයි ප්‍රාර්ථනා කළහ."},{"id":11,"translation":"එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු."},{"id":12,"translation":"පසුව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැ? යි අපි දන්වනු පිණිස අපි ඔවුන්ව අවදි කළෙමු."},{"id":13,"translation":"ඔවුන්ගේ පුවත පිළිබඳව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන් ම ඔවුහු තරුණයෝ ය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු."},{"id":14,"translation":"තවද ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන් ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නො කරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින් ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු."},{"id":15,"translation":"මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?"},{"id":16,"translation":"මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝ ය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නො වේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?"},{"id":17,"translation":"තවද හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීම ද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන්ව මග හැරී යාම ද නුඹ දකිනු ඇත. (එහෙත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්ම ය. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නො දකිනු ඇත."},{"id":18,"translation":"තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදිව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. එහෙත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත."},{"id":19,"translation":"තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන්ව අපි අවදි කළෙමු. ඔවුන් අතරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැ? යි විමසා සිටියේ ය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපති ය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමඟ නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා! තවද නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නො හැඟවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":20,"translation":"නියත වශයෙන් ම නුඹලාව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලාව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලාව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නො ලබන්නෙහු ම ය."},{"id":21,"translation":"තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන් ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්ත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ලෙනෙහි සිටි) ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ගොඩනැගිල්ලක් ඔවුන්(ගේ ලෙන) මත ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව මැනවින් දන්නා ය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝ ය."},{"id":22,"translation":"තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපති ය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ වෙනත් කිසිවකු නො දනියි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නො කරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නො අසනු."},{"id":23,"translation":"තවද යම් කරුණක් සඳහා නියත වශයෙන් ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතු ය."},{"id":24,"translation":"අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපතිව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු."},{"id":25,"translation":"තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝ ය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතරව එකතු කළහ."},{"id":26,"translation":"ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ් ය. අහස්හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතු ය. ඒ පිළිබඳව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොරව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නො ගනී යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":27,"translation":"තවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොරව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නො ලබනු ඇත."},{"id":28,"translation":"තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නො කරනු. අපව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නො සැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නො වනු."},{"id":29,"translation":"තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන් ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන්ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය."},{"id":30,"translation":"නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින් ම අපි අපතේ නො හරින්නෙමු."},{"id":31,"translation":"ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලුවලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේදවලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය."},{"id":32,"translation":"තවද මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදිවලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු."},{"id":33,"translation":"එම වතු දෙක එහි ඵලදාව දුන්නේ ය. ඉන් කිසිවකින් අඩුවක් නො කළේ ය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු."},{"id":34,"translation":"තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමඟ සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අතිගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේ ය."},{"id":35,"translation":"තවද ඔහු තමන්ට ම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසී ය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නො සිතමි යැයි ඔහු පැවසී ය."},{"id":36,"translation":"අවසන් හෝරාව සිදු වන්නක් බව ද මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":37,"translation":"ඔහුගේ මිතුරා ඔහු සමඟ සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹව පසින් ද පසුව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේ ය."},{"id":38,"translation":"එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහු ය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කරමි."},{"id":39,"translation":"නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නො වේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!"},{"id":40,"translation":"මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත."},{"id":41,"translation":"එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නො දරනු ඇත."},{"id":42,"translation":"තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබී ය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘අහෝ මාගේ විනාශය! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය."},{"id":43,"translation":"තවද අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු ඔහුට ම උදව් කර ගන්නකු ද නො වීය."},{"id":44,"translation":"මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතු ය. ඔහු කුසල් පිරිනැමීමෙන් අතිශ්රේෂ්ඨ ය. එමෙන් ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨ ය."},{"id":45,"translation":"තවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමඟ මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසුව එය ඉපනැලි බවට පත්ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය."},{"id":46,"translation":"ධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන් ය. (කවදත්) ශේෂව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම් ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය."},{"id":47,"translation":"තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් ලෙස දකිනු ඇත. තවද අපි ඔවුන්ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකුව අපි අත් නො හරින්නෙමු."},{"id":48,"translation":"තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින් ම අපි නුඹලාව මුල් වරට මැව්වාක් මෙන් ම නුඹලා අප වෙත පැමිණ ඇත. එහෙත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි කිසි දිනක ඇති නො කරනු ඇතැයි නුඹලා සිතුවෙහු ය."},{"id":49,"translation":"තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නො කරයි."},{"id":50,"translation":"\"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු\" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝ ය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරු ය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය."},{"id":51,"translation":"අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලාව මැවීමට හෝ මා ඔවුන්ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන් ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නො වූයෙමි."},{"id":52,"translation":"තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන්ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන්ව කැඳවති. එහෙත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නො දක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු."},{"id":53,"translation":"තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන් ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නො දකිනු ඇත."},{"id":54,"translation":"තවද සැබැවින් ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින් ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය."},{"id":55,"translation":"තවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නො පැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නො පැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන්ව වැළැක්වූයේ නැත."},{"id":56,"translation":"තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමඟින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝ ය."},{"id":57,"translation":"තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසුව එය නො සලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවුරු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකි වන සේ) සැබැවින් ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන්වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නො ලබන්නෝම ය."},{"id":58,"translation":"තවද නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන්ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. එහෙත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොරව බේරී යාමක් ඔවුහු නො දකින්නෝම ය."},{"id":59,"translation":"තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු."},{"id":60,"translation":"තවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නො නවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":61,"translation":"ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේ ය."},{"id":62,"translation":"පසුව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත්ව ඇත්තෙමු’ යැයි පැවසී ය."},{"id":63,"translation":"එම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතක ද? එවිට සැබැවින් ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මාහට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නො වේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසී ය."},{"id":64,"translation":"අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසී ය. පසුව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝ ය."},{"id":65,"translation":"එවිට ඔවුන් දෙදෙනා ම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකුව මුණ ගැසුණෝ ය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු."},{"id":66,"translation":"යහ මඟින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබව අනුගමනය කරන්න දැ? යි මූසා ඔහුගෙන් විමසුවේ ය."},{"id":67,"translation":"නියත වශයෙන් ම මා සමඟින් ඉවසා සිටීමට ඔබ හැකියාව නො දරන්නෙහිම යැයි ඔහු පැවසුවේ ය."},{"id":68,"translation":"තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේ ද?"},{"id":69,"translation":"අල්ලාහ් අභිමත කළේ නම් ඔබ මා ඉවසිලිවන්තයකු ලෙස දැක ගනු ඇත. තවද කිසිදු අණකට මම නුඹට පිටු නො පාමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":70,"translation":"එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නො යුතු යැයි ඔහු පැවසුවේ ය."},{"id":71,"translation":"පසුව නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. ඔහු එය සිදුරු කළේ ය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදු රු කළෙහි ද? සැබැවින් ම ඔබ මහත් වූ කරුණක් කර ඇත්තෙහිය යැයි ඔහු (මූසා) පැවසුවේ ය."},{"id":72,"translation":"නියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම නො කීවෙමි දැ? යි ඔහු විමසී ය."},{"id":73,"translation":"මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නො ගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නො කරනු යැයි ඔහු (මූසා) පැවසුවේ ය."},{"id":74,"translation":"පසුව දෙදෙනා ම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු ඔහුව මරා දැමුවේ ය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොරව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පැවසුවේ ය."},{"id":75,"translation":"නියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම ඔබට නො කීවෙමි දැ? යිඔහු විමසී ය."},{"id":76,"translation":"මින් පසුව මම යමක් පිළිබඳව ඔබෙන් විමසා සිටියේ නම් ඔබ මා සඟයෙකු ලෙස නො ගනු. සැබැවින් ම ඔබ මා වෙතින් (ඇති තරම්) නිදහසට කරුණු ලබා ඇතිතෙහිය යැයි ඔහු පැවසී ය."},{"id":77,"translation":"පසුව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝ ය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝ ය. එහෙත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. එවිට ඔවුහු දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝ ය. එවිට ඔහු එය කෙළින් කළේ ය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසී ය."},{"id":78,"translation":"මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම(ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":79,"translation":"එම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය."},{"id":80,"translation":"තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු."},{"id":81,"translation":"එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස් කර දෙනු ඇතැයි අපි සිතුවෙමු."},{"id":82,"translation":"තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමිව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත්ව පසුව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේ ය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නො කළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ."},{"id":83,"translation":"(අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු."},{"id":84,"translation":"නියත වශයෙන් ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින් ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු."},{"id":85,"translation":"එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය."},{"id":86,"translation":"හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේ ය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේ ය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු."},{"id":87,"translation":"අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේ ය."},{"id":88,"translation":"තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතු ය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු."},{"id":89,"translation":"පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය."},{"id":90,"translation":"හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නො කළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේ ය."},{"id":91,"translation":"එලෙස ය. ඔහු සතුව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු."},{"id":92,"translation":"පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය."},{"id":93,"translation":"ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේ ය."},{"id":94,"translation":"අහෝ දුල් කර්නයින්! නියත වශයෙන් ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහු ය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැ? යි ඔවුහු විමසුවෝ ය."},{"id":95,"translation":"මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨ ය. එබැවින් නුඹලා ශක්තිමත්ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":96,"translation":"කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේ ය. ඒ මත උණු කළ තඹ, මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේ ය."},{"id":97,"translation":"එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නො දැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නො දැරූහ."},{"id":98,"translation":"මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය."},{"id":99,"translation":"එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු."},{"id":100,"translation":"එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු."},{"id":101,"translation":"ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝ ය."},{"id":102,"translation":"මාගෙන් තොරව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු."},{"id":103,"translation":"ක්‍රියාවන්ගෙන් වඩාත් අලාභහානි කර ගත්තවුන් පිළිබඳව අපි නුඹලාට දන්වන්න දැ? යි (නබිවරය!) නුඹ විමසනු."},{"id":104,"translation":"ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන් ය. නියත වශයෙන් ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති."},{"id":105,"translation":"තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමුව ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේ ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නො දෙන්නෙමු."},{"id":106,"translation":"එය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි."},{"id":107,"translation":"නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය."},{"id":108,"translation":"එහි ඔවුන් සදාතනිකයින් ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නො කරති."},{"id":109,"translation":"මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතරව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නො වනු ඇත.) යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":110,"translation":"මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමුව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි \nක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නො කරත්වා! යැයි (නබිවරය!) නුඹ පවසනු."}]},{"id":19,"verses":[{"id":1,"translation":"කාෆ්, හා, යා, අයින්, සාද්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි."},{"id":3,"translation":"ඔහු තම පරමාධිපතිව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":4,"translation":"මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නො වූයෙමි."},{"id":5,"translation":"තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු."},{"id":6,"translation":"මට උරුමකම්පාන එමෙන් ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහුව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව."},{"id":7,"translation":"අහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳව නියත වශයෙන් ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නො තැබුවෙමු."},{"id":8,"translation":"මාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවා ය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":9,"translation":"(එය) එලෙසය යැයි ඔහු කී ය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක්ව නො සිටිය දී සැබැවින් ම මම නුඹව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේ ය."},{"id":10,"translation":"පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසී ය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගීව සිටිය දී රාත්‍රී තුනක් ජනයා සමඟ කතා නො කිරීමය යැයි ඔහු පැවසුවේ ය."},{"id":11,"translation":"පසුව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැරට පැමිණියේ ය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය."},{"id":12,"translation":"අහෝ යහ්යා! ධර්ම ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු."},{"id":13,"translation":"තවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය."},{"id":14,"translation":"තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නො වීය."},{"id":15,"translation":"තවද ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමානව නැගිටුවනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!"},{"id":16,"translation":"තවද මෙම ධර්ම ග්‍රන්ථයේ මර්යම් ගැන ඇය තම පවුලෙන් වෙන්ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාව (නබිවරය!) නුඹ සිහිපත් කරනු."},{"id":17,"translation":"එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව තිරයක් ගත්තා ය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු පූර්ණ මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේ ය."},{"id":18,"translation":"නියත වශයෙන් ම නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නො වනු) යැයි ඇය පැවසුවා ය."},{"id":19,"translation":"‘නියත වශයෙන් ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":20,"translation":"‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නො තිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නො වූයෙමි’ යැයි ඇය පැවසුවා ය."},{"id":21,"translation":"එය එලෙසය යැයි ඔහු පැවසුවේ ය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිස ය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේ ය."},{"id":22,"translation":"එවිට ඇය ඔහු ගැබ් ගත්තා ය. ඇය ඔහු දරමින් දුර ස්ථානයකට වෙන්ව ගියා ය."},{"id":23,"translation":"විලිරුදාව ඇයව ඉඳි කඳක් වෙත ගෙන ආවේ ය. අහෝ! මීට පෙර මා මිය යා යුතු නො වේ ද? තවද මුළුමනින් ම අමතක වූ කෙනකු බවට පත් විය යුතු නො වේ දැ? යි පැවසුවා ය."},{"id":24,"translation":"‘නුඹ දුක් නො වනු සැබැවින් ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි ඇයව පහළ දෙසින් ඔහු ඇමතී ය."},{"id":25,"translation":"ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වැටෙනු ඇත."},{"id":26,"translation":"එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින් ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමඟ සැබැවින් ම මම කතා නො කරන්නෙමි යැයි පවසනු."},{"id":27,"translation":"ඔහුව උසුලා ගෙන ඔහු සමඟ ම ඇයගේ සමූහය වෙත ඇය පැමිණියා ය. ‘අහෝ මර්යම්! සැබැවින් ම නුඹ බරපතළ කරුණක් ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝ ය."},{"id":28,"translation":"අහෝ හාරූන්ගේ සහෝදරිය! නුඹේ පියා නරක පුද්ගලයකු නො වීය. එමෙන් ම නුඹේ මව ද අපචාරී (කාන්තාවක්) නො වීය."},{"id":29,"translation":"එවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළා ය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමඟ අපි කෙසේ කතා කරන්නෙමි දැ? යි ඔවුහු පැවසුවෝ ය."},{"id":30,"translation":"නියත වශයෙන් ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේ ය."},{"id":31,"translation":"මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේ ය. තවද මා ජීවමානව සිටින තාක්කල් සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේ ය."},{"id":32,"translation":"තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේ ය.) තවද ඔහු මා අභාග්‍යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නො කළේ ය."},{"id":33,"translation":"තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!"},{"id":34,"translation":"එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති."},{"id":35,"translation":"දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (සුදුසු) නො වීය. ඔහු සුවිශුද්ධ ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණ ය. එය සිදු වනු ඇත."},{"id":36,"translation":"තවද නියත වශයෙන් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. මෙය ඍජු මාර්ගයයි."},{"id":37,"translation":"එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝ ය. අතිමහත් දින දර්ශනය වන ස්ථානයේ ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා!"},{"id":38,"translation":"ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! එහෙත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති."},{"id":39,"translation":"ඔවුහු විශ්වාස නො කරමින් හා ඔවුන් නො සැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු."},{"id":40,"translation":"නියත වශයෙන් ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙත ම ය."},{"id":41,"translation":"ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම්ව මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය."},{"id":42,"translation":"මාගේ පියාණනි! සවන් නො දෙන තවද නො බලන එමෙන් ම ඔබට කිසිදු පලක් නො දෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැ? යි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":43,"translation":"මාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින් ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි."},{"id":44,"translation":"අහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නො කරනු. නියත වශයෙන් ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය."},{"id":45,"translation":"අහෝ මාගේ පියාණනි! ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහි ය."},{"id":46,"translation":"නුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහට ම ඈත්ව සිටිනු යැයි ඔහු පැවසී ය."},{"id":47,"translation":"ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු මාහට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය."},{"id":48,"translation":"තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනාවෙන් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නො වන්නට පුළුවන."},{"id":49,"translation":"ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ්ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු."},{"id":50,"translation":"තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්‍රශංසාව ද ඇති කළෙමු."},{"id":51,"translation":"තවද ධර්ම ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය."},{"id":52,"translation":"තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු."},{"id":53,"translation":"තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස පිරිනැමුවෙමු."},{"id":54,"translation":"ධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්ව ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය."},{"id":55,"translation":"තවද ඔහු සලාතය හා zසකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය."},{"id":56,"translation":"තවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය."},{"id":57,"translation":"තවද අපි උසස් ස්ථානයකට ඔහුව උසස් කළෙමු."},{"id":58,"translation":"ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමඟ අපි ඉසිලූ අයගෙන් ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති."},{"id":59,"translation":"ඔවුනට පසුව පසුපරම්පරාවක් පැමිණියේ ය. ඔවුහු සලාතය පැහැර හැරියෝ ය. තවද ආශාවන් අනුගමනය කළෝ ය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත."},{"id":60,"translation":"එහෙත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":61,"translation":"(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන් ය. නියත වශයෙන් ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි."},{"id":62,"translation":"තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නො දෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත."},{"id":63,"translation":"එය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි."},{"id":64,"translation":"තවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නො වන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතු ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නො වීය. (යැයි ජිබ්රීල් පැවසී ය.)"},{"id":65,"translation":"(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?"},{"id":66,"translation":"තවද මා මිය ගිය විට ජීවය ලබා මම මතු බැහැර කරනු ලබන්නෙමි දැ? යි මිනිසා විමසා සිටියි."},{"id":67,"translation":"මීට පෙර කිසිවක් ලෙස නො පැවති තත්ත්වයෙන් සැබැවින් ම අපි ඔහුව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නො වේ ද?"},{"id":68,"translation":"එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින් ම අපි ඔවුන් හා ෂෙයිතානුන්ව නැවත රැස් කරන්නෙමු. පසුව නිරය වටා ඔවුන් දණ ගස්වා ගෙන එන්නෙමු."},{"id":69,"translation":"පසුව සෑම කණ්ඩායමකින් ම කවරෙකු මහා කරුණාන්විතයාණන්ට එරෙහිව දැඩි ලෙස පිටුපෑවේ ද ඔවුන්ව අපි වෙන් කරන්නෙමු."},{"id":70,"translation":"එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳව අපි මැනවින් දනිමු."},{"id":71,"translation":"තවද නුඹලා අතරින් එය තරණය නො කරන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙතින් නියම වූ තීන්දුවක් විය."},{"id":72,"translation":"පසුව අපි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු."},{"id":73,"translation":"තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ? යි දේවත්වය විශ්වාස කරන්නන්හට පැවසුවෝ ය."},{"id":74,"translation":"තවද ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද?"},{"id":75,"translation":"කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට කාල අවකාශය දිගු හරිනු ඇත. එය, ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාව වශයෙන් හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන් ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":76,"translation":"යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂව සදා පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම් ය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද වඩාත් උතුම්ය."},{"id":77,"translation":"අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නො දුටුවෙහි ද? සැබැවින් ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසී ය."},{"id":78,"translation":"ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?"},{"id":79,"translation":"එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු."},{"id":80,"translation":"තවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනිව පැමිණෙනු ඇත."},{"id":81,"translation":"තවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝ ය."},{"id":82,"translation":"එසේ නො ව, ඔවුන් කළ නැමදුම් මොවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහිව මොවුන් සිටිනු ඇත."},{"id":83,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පොලඹ වන ෂෙයිතානුන්ව සැබැවින් ම අපි ඔවුන් වෙත එවා ඇති බව නුඹ නො දුටුවෙහි ද?"},{"id":84,"translation":"එහෙයින් ඔවුනට එරෙහිව නුඹ ඉක්මන් නො වනු. ඔවුන් සඳහා වූ (නියමිත දින) ගණන් ගණනය කරමින් සිටින්නෙමු."},{"id":85,"translation":"එදින බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන්නෙමු."},{"id":86,"translation":"තවද වැරදිකරුවන් පිපාසයෙන් යුතුව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු."},{"id":87,"translation":"මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත්වීමට බලය නො දරනු ඇත."},{"id":88,"translation":"තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ."},{"id":89,"translation":"සැබැවින් ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත."},{"id":90,"translation":"ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය."},{"id":91,"translation":"(එසේ සිදු වන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුන් අමතන හෙයිනි."},{"id":92,"translation":"තවද මහා කරුණාන්විතයාණන්හට දරුවකු ගැනීමට අවශ්‍ය නො වීය."},{"id":93,"translation":"අහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස ම පැමිණෙන්නේ ම ය."},{"id":94,"translation":"සැබැවින් ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන් ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත."},{"id":95,"translation":"තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනිව පැමිණෙනු ඇත."},{"id":96,"translation":"නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහසක් ඇති කරයි."},{"id":97,"translation":"එසේ නුඹගේ බසින් ම අපි එය පහසු කරනුයේ එමඟින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමඟින් නුඹ අවවාද කිරීමට ය."},{"id":98,"translation":"තවද ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවා ද? නැතහොත් ඔවුන්ගේ කෙඳිරීමට නුඹ සවන් දෙන්නෙහි ද?"}]},{"id":20,"verses":[{"id":1,"translation":"තාහා.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"නුඹ අපහසුතාවයට පත් වනු පිණිස අපි නුඹ වෙත අල්-කුර්ආනය පහළ නො කළෙමු."},{"id":3,"translation":"බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නො කළෙමු)."},{"id":4,"translation":"(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි."},{"id":5,"translation":"මහා කරුණාන්විතයාණෝ (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය."},{"id":6,"translation":"අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතු ය."},{"id":7,"translation":"තවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින් ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන් ම ඔහු දනී."},{"id":8,"translation":"අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත."},{"id":9,"translation":"තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?"},{"id":10,"translation":"ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න අසලින් මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේ ය."},{"id":11,"translation":"ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා! යැයි අමතනු ලැබී ය."},{"id":12,"translation":"නියත වශයෙන් ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන් ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි ය’."},{"id":13,"translation":"තවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු."},{"id":14,"translation":"නියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු."},{"id":15,"translation":"නියත වශයෙන් ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකට ම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි."},{"id":16,"translation":"එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නො කර තම ආශාවන් අනුගමනය කළ අය නුඹව එයින් නො වැළැක්විය යුතු ය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහි ය."},{"id":17,"translation":"තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?"},{"id":18,"translation":"‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමඟින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසී ය."},{"id":19,"translation":"‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":20,"translation":"එවිට ඔහු එය බිම හෙළී ය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය."},{"id":21,"translation":"නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නො වනු. එහි මුල් ස්වභාවයට ම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය."},{"id":22,"translation":"තවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොරව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත."},{"id":23,"translation":"(එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිස ය."},{"id":24,"translation":"නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත."},{"id":25,"translation":"(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය."},{"id":26,"translation":"තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!"},{"id":27,"translation":"තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!"},{"id":28,"translation":"මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට.."},{"id":29,"translation":"තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!"},{"id":30,"translation":"මාගේ සහෝදර හාරූන් ව.."},{"id":31,"translation":"ඔහු මඟින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!"},{"id":32,"translation":"තවද මාගේ කරුණෙහි ඔහුව ද හවුල් කරවනු මැනව!"},{"id":33,"translation":"අධිකව අපි නුඹව පිවිතුරු කිරීම සඳහා."},{"id":34,"translation":"තවද අධිකව අපි නුඹව මෙනෙහි කිරීම සඳහා."},{"id":35,"translation":"නියත වශයෙන් ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකුව සිටියෙහි ය."},{"id":36,"translation":"අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසී ය."},{"id":37,"translation":"තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින් ම උපකාර කළෙමු."},{"id":38,"translation":"(නුඹ ගැන) හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු."},{"id":39,"translation":"පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසුව ගඟහි එය දමනු. ගඟ ඔහුව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද (අහෝ මූසා!) මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිස ය."},{"id":40,"translation":"නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්න දැ? යි’ ඇය පැවසුවා ය. පසුව අපි ඇය දුක් නො වනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහි ය. පසුව එම පීඩනයෙන් අපි නුඹව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මඟින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහි ය. පසුව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහි ය."},{"id":41,"translation":"තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹව සූදානම් කළෙමි."},{"id":42,"translation":"නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමඟ පිටත්ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නො වනු."},{"id":43,"translation":"නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත."},{"id":44,"translation":"එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමඟ කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන."},{"id":45,"translation":"අපගේ පරමාධිපතියාණනි! ඔහු අප වෙත හිංසා කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන් ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය."},{"id":46,"translation":"නුඹලා දෙදෙනා බිය නො වනු. නියත වශයෙන් ම මම නුඹලා දෙදෙනා සමඟ සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි යැයි ඔහු පැවසී ය."},{"id":47,"translation":"එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නො කරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමඟ සැබැවින් ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!"},{"id":48,"translation":"නියත වශයෙන් ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින් ම අප වෙත දේව පණිවිඩ දෙන ලදි."},{"id":49,"translation":"අහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය."},{"id":50,"translation":"අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකට ම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේ ය.\" යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේ ය."},{"id":51,"translation":"එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක් දැ?යි ඔහු විමසී ය."},{"id":52,"translation":"ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේ ය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසී ය."},{"id":53,"translation":"ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේ ය. තවද අහසින් ජලය පතිත කර එමඟින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වී ය."},{"id":54,"translation":"නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුන්හට සංඥාවන් ඇත."},{"id":55,"translation":"(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ."},{"id":56,"translation":"සැබැවින් ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය."},{"id":57,"translation":"අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මඟින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහි දැ? යි ඔහු පැවසී ය."},{"id":58,"translation":"එසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නො වන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු."},{"id":59,"translation":"නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසී ය."},{"id":60,"translation":"එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසුව පැමිණියේ ය."},{"id":61,"translation":"නුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නො ගොතනු. එවිට ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින් ම පරාජයට පත්ව ඇත යැයි මූසා ඔවුනට පැවසී ය."},{"id":62,"translation":"පසුව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝ ය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝ ය."},{"id":63,"translation":"නියත වශයෙන් ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මඟින් නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ."},{"id":64,"translation":"එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසුව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින් ම ජය ලබනු ඇත."},{"id":65,"translation":"අහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැ? යි ඔවුහු පැවසුවෝ ය."},{"id":66,"translation":"‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේ ය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය."},{"id":67,"translation":"එවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය."},{"id":68,"translation":"නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු."},{"id":69,"translation":"තවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නො ලබනු ඇත."},{"id":70,"translation":"එවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපතිව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ."},{"id":71,"translation":"මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැ? යි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේ ය."},{"id":72,"translation":"අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නො ගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ."},{"id":73,"translation":"නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදිවලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. වඩාත් ස්ථායී ය."},{"id":74,"translation":"නියත වශයෙන් ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත."},{"id":75,"translation":"කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති."},{"id":76,"translation":"යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි."},{"id":77,"translation":"තවද නුඹ මාගේ ගැත්තන් සමඟ රාත්‍රියෙහි පිටත්ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නො වනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නො වනු යැයි සැබැවින් ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු."},{"id":78,"translation":"එවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමඟ ඔවුන්ව ලුහු බැන්දේ ය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන්ව වසා ගත්තේ ය."},{"id":79,"translation":"තවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේ ය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත."},{"id":80,"translation":"අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලාව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු."},{"id":81,"translation":"අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින් ම ඔහු විනාශ වනු ඇත."},{"id":82,"translation":"තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි."},{"id":83,"translation":"තවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී (තනිව පැමිණී) මට නුඹව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?"},{"id":84,"translation":"ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසී ය."},{"id":85,"translation":"සැබැවින් ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන්ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":86,"translation":"එවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතුව කනස්සල්ලෙන් නැවත හැරී ආවේ ය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නො කළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධව කටයුතු කළෙහු ද?"},{"id":87,"translation":"අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නො වූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පට වන ලදි. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේ ම සාමිරී ද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":88,"translation":"පසුව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේ ය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියා ය. මූසාගේ ද දෙවියා ය. එහෙත් ඔහුට (එය) අමතක වී ඇතැයි ඔවුහු පැවසූහ."},{"id":89,"translation":"ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නො දක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බවද ඔවුහු නො දුටුවෝ ද?"},{"id":90,"translation":"තවද මීට පෙර හාරූන් මාගේ ජනයිනි! මෙමඟින් නුඹලා අර්බුදයකට පත්ව ඇත. තවද නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණික ය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසී ය."},{"id":91,"translation":"මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නො වන්නෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":92,"translation":"(මූසා,හාරූන් අමතා) අහෝ හාරූන්! ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹව වැළැක්වූයේ කුමක් දැ? යි විමසී ය."},{"id":93,"translation":"නුඹ මා අනුගමනය නො කරන්නෙහි ද? නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?"},{"id":94,"translation":"අහෝ මාගේ මවගේ පුතණුවනි! මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නො අල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහි ය. නුඹ මාගේ වචනය (පැමිණෙන තෙක්) බලා පොරොත්තු නො වූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින් ම මම බිය වූයෙමි."},{"id":95,"translation":"අහෝ සාමිරී! එසේ නම් නුඹේ දෙසුම කුමක් දැ? යි ඔහු (මූසා) විමසී ය."},{"id":96,"translation":"ඔවුන් කවර කරුණක් නො දුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසුව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසී ය."},{"id":97,"translation":"\"එහෙයින් නුඹ පිටත්ව යනු. මට ළං නො වනු යැයි පැවසීම නුඹට මෙලොව ජීවිතයේ හිමි වනු ඇත. තවද කිසිවිටක වෙනස් කළ නොහැකි ප්‍රතිඥාවක් ද නුඹ සතු වනු ඇත. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසුව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු යැයි ඔහු පැවසී ය."},{"id":98,"translation":"නුඹලාගේ දෙවියා අල්ලාහ් ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්ත විය."},{"id":99,"translation":"(මුහම්මද්) සැබැවින් ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙස ය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින් ම පිරිනමා ඇත්තෙමු."},{"id":100,"translation":"කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී (මහත් වූ) පාපයක් උසුලනු ඇත."},{"id":101,"translation":"එහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය."},{"id":102,"translation":"එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිතව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු."},{"id":103,"translation":"(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නො සිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති."},{"id":104,"translation":"නුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නො සිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු."},{"id":105,"translation":"තවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පා වී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු."},{"id":106,"translation":"පසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි."},{"id":107,"translation":"කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නො දකිනු ඇත."},{"id":108,"translation":"එදින ඔවුහු නිවේදකයාව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නො වේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නො දෙනු ඇත."},{"id":109,"translation":"මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහුව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නො වනු ඇත."},{"id":110,"translation":"ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. එහෙත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නො ගනිති."},{"id":111,"translation":"තවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය."},{"id":112,"translation":"කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකුව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නො වනු ඇත."},{"id":113,"translation":"තවද එලෙස ම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු."},{"id":114,"translation":"සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නො වනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු."},{"id":115,"translation":"තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේ ය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නො දුටුවෙමු."},{"id":116,"translation":"තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝ ය. එහෙත් ඔහු පිටුපෑවේ ය."},{"id":117,"translation":"එවිට අහෝ ආදම්! නියත වශයෙන් ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරා ය. එහෙයින් නුඹලා දෙදෙනාව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතු ය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු."},{"id":118,"translation":"නියත වශයෙන් ම නුඹ එහි කුසගින්නෙන් නො සිටින අතර තවද නිරුවතින් ද නො සිටිනු ඇත."},{"id":119,"translation":"තවද නියත වශයෙන් ම එහි නුඹ පිපාසිත නො සිටින අතර හිරු රශ්මියෙන් නො පෙළෙනු ද ඇත."},{"id":120,"translation":"ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේ ය. අහෝ ආදම්! සදා ජීවත් කර වන ගසක් හා විනාශ වී නො යන රාජධානියක් පිළිබඳව මම නුඹට දන්වන්නෙමි දැ? යි විමසී ය."},{"id":121,"translation":"එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝ ය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළවලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝ ය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේ ය. එහෙයින් ඔහු නොමග ගියේ ය."},{"id":122,"translation":"පසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේ ය. තවද මග පෙන්වී ය."},{"id":123,"translation":"නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරු ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නො යනු ඇත. තවද අභාග්‍යවන්ත නො වනු ඇත."},{"id":124,"translation":"තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහුව නැවත නැගිටුවන්නෙමු."},{"id":125,"translation":"මාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි."},{"id":126,"translation":"එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහි ය. එලෙස ම අද දින නුඹව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි."},{"id":127,"translation":"තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නො කොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය. තවද මතුලොව දඬුවම ඉතා දරුණු ය. තවද වඩාත් ස්ථායී ය."},{"id":128,"translation":"ඔවුනට ඔහු මග පෙන්වීම් නො කළේ ද? ඔවුනට පෙර තම වාසස්ථානවල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත."},{"id":129,"translation":"නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නො වූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි."},{"id":130,"translation":"එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හි ද සුවිශුද්ධ කරනු."},{"id":131,"translation":"තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නො කරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨ ය. තවද වඩාත් ස්ථායී ය."},{"id":132,"translation":"තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නො ඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපම ය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයට ය."},{"id":133,"translation":"තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනැවිත් තිබිය යුතු නො වේ ද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නො පැමිණියේ ද?"},{"id":134,"translation":"තවද මීට පෙර යම් දඬුවමකින් සැබැවින් ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි! අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නො වේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත."},{"id":135,"translation":"සියලු දෙනා බලාපොරොත්තු වන්නන් ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන් දැ? යි ද යහ මග ගියවුන් කවුරුන් දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු."}]},{"id":21,"verses":[{"id":1,"translation":"ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. එහෙත් ඔවුහු (ඒ ගැන) නො සැලකිලිමත්ව පිටුදකින්නන් ලෙස සිටිති."},{"id":2,"translation":"ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් හාස්‍යයට ලක් කරමින් එයට ඔවුහු සවන් දුන්නේ ම ය."},{"id":3,"translation":"ඔවුන්ගේ හදවත් නො සැලකිලිමත් ලෙසින් පවතී. තවද \"මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරු ද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහු දැ?\" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කර ගත්හ."},{"id":4,"translation":"මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්වඥානී ය යැයි ඔහු (නබිවරයා) පැවසුවේ ය."},{"id":5,"translation":"නැත. එය සිහිනවල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේ ය. නැත. ඔහු කවියෙකි. එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ."},{"id":6,"translation":"ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නො කළේ ය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?"},{"id":7,"translation":"නුඹට පෙර අපි දූතයින් ලෙස පිරිමින්ව ම මිස එව්වේ නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු."},{"id":8,"translation":"තවද ආහාර අනුභව නො කරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නො කළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නො වූහ."},{"id":9,"translation":"පසුව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු."},{"id":10,"translation":"සැබැවින් ම අපි නුඹලා වෙත ධර්ම ග්‍රන්ථයක් පහළ කළෙමු. එහි නුඹලාට මෙනෙහි කිරීමක් විය. නුඹලා වටහා ගත යුතු නො වේ ද?"},{"id":11,"translation":"තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද? තවද එයට පසුව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු."},{"id":12,"translation":"ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යන්නට විය."},{"id":13,"translation":"නුඹලා පලා නො යනු. එහි නුඹලා භුක්ති විඳිමින් සිටි දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලබනු ඇත."},{"id":14,"translation":"අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකාරයින් වූයෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":15,"translation":"අපි ඔවුන්ව නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් එය මය ඔවුන්ගේ වැළපීම වූයේ."},{"id":16,"translation":"තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද හාස්‍යයක් ලෙස අපි නො මැව්වෙමු."},{"id":17,"translation":"අපි හාස්‍යයට ගන්නට සිතුවෙමු නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින් ම එය ගන්නට තිබුණි."},{"id":18,"translation":"එහෙත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහිව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට විනාශය ඇත."},{"id":19,"translation":"තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතු ය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නො වෙති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති."},{"id":20,"translation":"රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නො වෙති."},{"id":21,"translation":"එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?"},{"id":22,"translation":"ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධ ය."},{"id":23,"translation":"(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳව විමසනු නො ලබයි. එහෙත් ඔවුහු මය විමසනු ලබනුයේ."},{"id":24,"translation":"එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමඟ වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන් ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නො දනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති."},{"id":25,"translation":"‘තවද නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු."},{"id":26,"translation":"තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධ ය. එහෙත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති."},{"id":27,"translation":"ඔවුහු ප්‍රකාශයෙන් පවා ඔහුව අබිබවා නො යති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්‍රියාත්මක වෙති."},{"id":28,"translation":"ඔවුන් අතර ඇති දෑ ද, ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නො වෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති."},{"id":29,"translation":"තවද ඔහු නොව සැබැවින් ම මමය දෙවියා යැයි ඔවුන් අතරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ."},{"id":30,"translation":"නියත වශයෙන් ම අහස් හා පොළොව එකට (ස්කන්ධයක් ව) තිබුණි. පසුව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක් ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නො වේ ද?"},{"id":31,"translation":"තවද එය ඔවුන්ව ඇල නො කරන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි බොහෝ දිගු මාර්ග ද ඇති කළෙමු."},{"id":32,"translation":"තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. එහෙත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති."},{"id":33,"translation":"තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහු ය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති."},{"id":34,"translation":"තවද නුඹට පෙර කිසිදු මිනිසෙකුට අමරණීයත්වයක් අපි ඇති නො කළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් ඔවුහු සදාතනිකයෝ වෙත් ද?"},{"id":35,"translation":"සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳවන්නකි. තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙත ම ය."},{"id":36,"translation":"තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැ? යි පවසමින් නුඹව සරදමක් ලෙස මිස ඔවුහු නො ගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති."},{"id":37,"translation":"මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නො පතනු."},{"id":38,"translation":"තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා (සිදු වන්නේ) දැ? යි ඔවුහු විමසති."},{"id":39,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන් ම ඔවුනට උදව් කරනු නො ලබන අවස්ථාව ගැන දැන සිටියා නම්! (ඔවුන් ඉක්මන් නො වනු ඇත)."},{"id":40,"translation":"එහෙත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නො දරති. එමෙන් ම ඔවුන් අවකාශයද දෙනු නො ලබති."},{"id":41,"translation":"තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබී ය. එහෙයින් කවර දෙයක් පිළිබඳව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේ ය."},{"id":42,"translation":"මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලාව ආරක්ෂා කරන්නේ කවරහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නෝ වෙති."},{"id":43,"translation":"එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත් ද? තමන්ට ම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නො දරති. තවද ඔවුහු අපගෙන් ආරක්ෂා කරනු නො ලබති."},{"id":44,"translation":"එසේ නො ව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සළස්වීමු; අපි මහපොළොව එහි පැතිකඩවලින් අඩු කරමින් එන බව ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නෝ වෙත් ද?"},{"id":45,"translation":"සැබැවින් ම මම නුඹලාට අවවාද කරනුයේ දේව පණිවිඩය අනුවය යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුනට අවවාද කරනු ලබන විට එම අයැදුමට බිහිරන් සවන් නො දෙති."},{"id":46,"translation":"තවද නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ස්වල්ප කොටසක් ඔවුනට ස්පර්ශ වූයේ නම්, අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු යැයි ඔවුහු නිසැකවම පවසනු ඇත."},{"id":47,"translation":"තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අප ම ප්‍රමාණවත් ය."},{"id":48,"translation":"තවද (සත්‍යය හා අසත්‍යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද, ආලෝකය ද, බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු."},{"id":49,"translation":"ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිට අදෘශ්‍යමානව සිටිය දී බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් ද වෙති."},{"id":50,"translation":"තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නෝ වෙත් ද?"},{"id":51,"translation":"තවද මීට පෙර ඉබ්රාහීම්ට ඔහුට හිමි යහ මග අපි පිරිනැමුවෙමු. තවද ඔහු පිළිබඳ අපි දැන සිටින්නන් වූයෙමු."},{"id":52,"translation":"‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක් දැ? යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":53,"translation":"‘අපගේ මුතුන්මිත්තන් ඒවාට නැමදුම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැ’යි ඔවුහු පැවසූහ."},{"id":54,"translation":"‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින් ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේ ය."},{"id":55,"translation":"‘නුඹ අප වෙත සත්‍යය ගෙන ආවෙහි ද? එසේ නැතහොත් නුඹ හාස්‍ය ලෙස කටයුතු කරන්නන් අතරින් කෙනෙකු දැ?’ යි ඔවුහු විමසූහ."},{"id":56,"translation":"එසේ නො ව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේ ය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":57,"translation":"තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිමවලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි."},{"id":58,"translation":"පසුව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලිවලට පත් කළේ ය."},{"id":59,"translation":"‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවු ද? නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ."},{"id":60,"translation":"‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ."},{"id":61,"translation":"‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ."},{"id":62,"translation":"අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹ දැ? යි ඔවුහු විමසූහ."},{"id":63,"translation":"නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේ ය."},{"id":64,"translation":"එවිට (පිළිතුරු දිය නොහැකි) ඔවුහු තමන් වෙතට ම හැරී \"නියත වශයෙන් ම අපරාධකරුවෝ නුඹලා මය යැයි පැවසුවෝය\"."},{"id":65,"translation":"ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව \"සැබැවින් ම මේවා කතා නො කරන බව නුඹ දන්නෙහිය\" (යැයි පැවසුවෝය)."},{"id":66,"translation":"‘අල්ලාහ් හැර දමා නුඹලාට කිසිදු ඵලක් නො දෙන එමෙන් ම නුඹලාට කිසිදු හානියක් නො කරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහු ද? යැ’යි ඔහු විමසුවේ ය."},{"id":67,"translation":"නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශය ම වේවා! නුඹලා වටහාගත යුතු නො වේ ද?"},{"id":68,"translation":"නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහුව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝ ය."},{"id":69,"translation":"අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අපි පැවසුවෙමු."},{"id":70,"translation":"තවද ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට ඔවුහු සිතුවෝ ය. එහෙත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු."},{"id":71,"translation":"තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු."},{"id":72,"translation":"තවද ඉස්හාක් හා ඊට අමතරව යඃකූබ් ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුව ම දැහැමියන් බවට අපි පත් කළෙමු."},{"id":73,"translation":"තවද අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. තවද යහ ක්‍රියා සිදු කිරීමටත්, සලාතය විධිමත්ව ඉටු කිරීමටත්, zසකාත් පිරිනැමීමටත් ඔවුන් වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. තවද ඔවුහු අපට නැමදුම් කරන්නන් වූහ."},{"id":74,"translation":"තවද ලූත්ට ප්‍රඥාව හා ඥානය අපි පිරිනැමුවෙමු. තවද අශීලාචාරකම් සිදු කරමින් තිබූ ගම්මානයෙන් අපි ඔහුව මුදවා ගත්තෙමු. නියත වශයෙන් ම ඔවුහු පාපතර නපුරු පිරිසක් වූහ."},{"id":75,"translation":"තවද අපි ඔහුව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන් ම ඔහු දැහැමියන් අතරින් විය."},{"id":76,"translation":"තවද නූහ්, මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු."},{"id":77,"translation":"තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු."},{"id":78,"translation":"තවද දාවූද් හා සුලෙයිමාන්, පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු."},{"id":79,"translation":"සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුට ම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද දාවූද් සමඟ (අල්ලාහ් ව) සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදු කරන්නන් ලෙස සිටියෙමු."},{"id":80,"translation":"තවද නුඹලාගේ යුද ගැටුමින් නුඹලාව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබිය දී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?"},{"id":81,"translation":"තවද සුලෙයිමාන්ට සැඩ සුළඟ ද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. තවද සියලු දෑ පිළිබඳව අපි දැනුමැත්තන් ලෙස සිටියෙමු."},{"id":82,"translation":"තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු."},{"id":83,"translation":"තවද අය්යූබ්, \"නියත වශයෙන් ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන්\" යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":84,"translation":"එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව කවර පීඩාවක් ඔහුට වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමඟ වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා නැමදුම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු."},{"id":85,"translation":"තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝ ම ඉවසිලිවන්තයින් අතරින් වූහ."},{"id":86,"translation":"තවද අපි ඔවුන්ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු දැහැමියන් අතරින් වූහ."},{"id":87,"translation":"තවද මත්සයාට අයත් (යූනුස්), ඔහු කෝපයට පත්ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි බලය නො දරනු ඇතැයි ඔහු සිතුවේ ය. පසුව ඔහු අන්ධකාරයන්හි සිට ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධ ය. නියත වශයෙන් ම මම අපරාධකරුවන් අතරින් වීමි යැයි ඇමතී ය."},{"id":88,"translation":"එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුව දුකින් මුදවා ගත්තෙමු. එලෙසය අපි දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගනුයේ."},{"id":89,"translation":"තවද සකරිය්යා, මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනිව අතහැර නො දමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේ ය."},{"id":90,"translation":"එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුට යහ්යාව පිරිනැමුවෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය දැහැමි කළෙමු. නියත වශයෙන් ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ."},{"id":91,"translation":"තම කන්‍යා බව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) වනාහි එවිට අපි අපගේ ආත්මයෙන් ඇය තුළට පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු."},{"id":92,"translation":"නියත වශයෙන් ම මේ නුඹලාගේ ජනසමූහය එක ම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු."},{"id":93,"translation":"තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝ ය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති."},{"id":94,"translation":"එහෙයින් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නකු ලෙස සිට යහකම් කරන්නේද, එවිට ඔහුගේ ශ්‍රමයට කිසිදු ප්‍රතික්ෂේපයක් නොමැත. තවද නියත වශයෙන් ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නෝ වෙමු."},{"id":95,"translation":"අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන් ම ඔවුහු නැවත හැරී නො එති."},{"id":96,"translation":"අවසානයේ (බාධක) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනකින් ම වේගයෙන් පැමිණෙනු ඇත."},{"id":97,"translation":"තවද සත්‍ය ප්‍රතිඥාව සමීප වී ඇත. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම පහත්ව පවතී. අහෝ අපගේ විනාශය! සැබැවින් ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. එසේ නොව අපි අපරාධකරුවන් වූයෙමු."},{"id":98,"translation":"නියත වශයෙන් ම නුඹලා හා අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නෝ වෙති."},{"id":99,"translation":"ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝ ම එහි සදාතනිකයෝ වෙති."},{"id":100,"translation":"එහි ඔවුනට විලාපයයි. තවද ඔවුහු එහි (වෙනත් කිසිවකට) සවන් නො දෙති."},{"id":101,"translation":"නියත වශයෙන් ම පෙර ඉකුත්ව ගිය, අපගෙන් යහපත හිමි අය වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නෝ වෙති."},{"id":102,"translation":"ඔවුහු එහි කෙඳීරීමට සවන් නො දෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති."},{"id":103,"translation":"ඉමහත් භීතිය ඔවුන් දුකට පත් නො කරයි. තවද මෙය නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනය වේ යැයි (පවසමින්) මලක්වරු ඔවුන් මුණ ගැසෙති."},{"id":104,"translation":"ලේඛන ගත කළ පොත් හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින, මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි එය සිදු කරන්නන් වූයෙමු."},{"id":105,"translation":"තවද නියත වශයෙන් ම උපදෙසින් පසු සබූර් ධර්ම ග්‍රන්ථයෙහි \"සැබැවින් ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තෝ උරුමකර ගනිති \" යැයි අපි සටහන් කළෙමු."},{"id":106,"translation":"නියත වශයෙන් ම මෙහි නැමදුම් කරන ජනයාහට නිවේදනයක් ඇත."},{"id":107,"translation":"තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නො එව්වෙමු."},{"id":108,"translation":"මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එක ම දෙවිඳාණන් බව ය. එහෙයින් නුඹලා අවනත වන්නෝ වෙත් ද? යැයි (නබිවරය!) නුඹ විමසනු."},{"id":109,"translation":"එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට \"මම නුඹලාට එක සමානව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්ද යැයි මම නො දනිමි\" යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":110,"translation":"නියත වශයෙන් ම ප්‍රකාශයෙන් හෙළි වන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි."},{"id":111,"translation":"තවද එය (එසේ ප්‍රමාදවීම) නුඹලාට පරීක්ෂණයක් ලෙස හෝ මද කලකට භුක්ති විඳීමක් ලෙස හෝ විය හැකි දැ? යි මම නො දනිමි."},{"id":112,"translation":"මාගේ පරමාධිපතියාණනි! නුඹ සත්‍යයයෙන් යුතුව තීන්දු දෙනු මැනව! නුඹලා වර්ණනා කරන දෑට විරුද්ධව මහා කරුණාන්විතයාණන් වූ අපගේ පරමාධිපති උදව් පතනු ලබන්නාය යැයි ඔහු (මුහම්මද්) පැවසී ය."}]},{"id":22,"verses":[{"id":1,"translation":"අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අවසන් හෝරාවේ කම්පනය අතිබලවත් කරුණකි."},{"id":2,"translation":"නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක් ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත්වූවන් සේ දකිනු ඇත. එහෙත් ඔවුන් මත්වූවන් නො වෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩි ය."},{"id":3,"translation":"තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන නොමඟ යවන සෑම ෂෙයිතානුවෙක්ම අනුගමනය කරන අය ජනයා අතරින් වෙති."},{"id":4,"translation":"සැබැවින් ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන් ම ඔහු ඔහුව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදි."},{"id":5,"translation":"අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන් ම අපි නුඹලාව පසින්ද, පසුව ශුක්‍රාණුවෙන්ද, පසුව ලේ කැටියෙන් ද, පසුව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසුව අපි බිළිදෙකු ලෙසින් නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන් ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළිව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින් ම පැළෑටිහට ගනියි."},{"id":6,"translation":"එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සත්‍යය වන බැවිනි. තවද නියත වශයෙන් ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":7,"translation":"තවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන් ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි."},{"id":8,"translation":"තවද කිසිදු දැනුමකින් තොරව එමෙන් ම කිසිදු මග පෙන්වීමකින් තොරව හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථයකින් තොරව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති."},{"id":9,"translation":"(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු."},{"id":10,"translation":"එය නුඹගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ."},{"id":11,"translation":"තවද ජනයා අතරින් මායිමක් මත සිට අල්ලාහ්ට නැමදුම් කරන්නා ද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමඟින් ඔහු සැනසුමට පත් වෙයි. එහෙත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතුලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එය ම ය."},{"id":12,"translation":"ඔහු අල්ලාහ් හැර දමා තමන්ට හානියක් සිදු කළ නො හැකි එමෙන් ම තමන්ට ඵලක් නො දෙන දෑට අයැද සිටියි. එය මය අන්ත මුළාව වනුයේ."},{"id":13,"translation":"ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීපව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය."},{"id":14,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන් ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි."},{"id":15,"translation":"මෙලොව හා මතුලොව අල්ලාහ් ඔහුට උදව් නො කරන්නේ ම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරකයක් දිගු කොට පසුව එය කපා හරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්‍රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා!"},{"id":16,"translation":"තවද එලෙස අපි මෙය (අල් කුර්ආනය) පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි."},{"id":17,"translation":"නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද, යුදෙව් වූවන් ද, සාබිඌන්වරු ද, කිතුනුවන් ද, ගිනි පුදන්නන් ද, ආදේශ කළවුන් ද නියත වශයෙන් ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර විනිශ්චය ලබා දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය."},{"id":18,"translation":"අහස්හි සිටින අය ද, මහපොළොවේ සිටින අය ද, හිරු ද, සඳු ද, තාරකා ද, කඳු ද, ගස් ද, සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන් ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නො දුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි."},{"id":19,"translation":"මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝ ය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදි. ඔවුන්ගේ හිස්වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ."},{"id":20,"translation":"ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමඟින් දිය කරනු ලැබේ."},{"id":21,"translation":"තවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත."},{"id":22,"translation":"දුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ)."},{"id":23,"translation":"ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද, මුතු ද ඔවුනට පළඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ ඇඟලුම් සේද ය."},{"id":24,"translation":"තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ."},{"id":25,"translation":"නියත වශයෙන් ම කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද තවද එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි ජනයා වෙනුවෙන් පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් කවරෙකු අවහිර කරන්නේ ද තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු."},{"id":26,"translation":"තවද මට කිසිවක් ආදේශ නො කරනු. තවද නුඹ (කඃබාව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන්හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන්හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු යැයි පවසා (කඃබාව නම්) ගෘහයේ ස්ථානය ඉබ්රාහීම්ට අපි පවරා දුන් අවස්ථාව සිහිපත් කරනු."},{"id":27,"translation":"තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි."},{"id":28,"translation":"ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන්වල ගොවිපළ සතුන් අතරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත් ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු."},{"id":29,"translation":"පසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුන් සක්මන් කරත්වා!"},{"id":30,"translation":"(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදි. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා බොරු කතාවෙන් වළකිනු."},{"id":31,"translation":"ඔහුට ආදේශ නො තබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පසුව ඔහුව පක්ෂීන් ඩැහැ ගෙන යන්නාක් මෙන් හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙන් හෝ වේ."},{"id":32,"translation":"(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද සැබැවින් ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි."},{"id":33,"translation":"නුඹලාට එහි නියමිත කාලයක් දක්වා (ඒවායෙහි) ප්‍රයෝජන ඇත. පසුව එය ඉපැරණි ගෘහය වෙත ස්ථාන ගත කරනු ලබන්නක් වේ."},{"id":34,"translation":"තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳුන් ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවනට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වනු."},{"id":35,"translation":"ඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත්ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති."},{"id":36,"translation":"තවද ඔටුවන් ද අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද ඉල්ලා සිටින්නාට හා ඉල්ලා නො සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු."},{"id":37,"translation":"උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නො ලැබෙන්නේ ම ය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා වෙතින් වූ බිය බැතිමත්භාවයයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස එලෙස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු."},{"id":38,"translation":"විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට අත් වන හානිය) නියත වශයෙන් ම අල්ලාහ් වළක්වාලනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රෝහියෙකුවම ප්‍රිය නො කරනු ඇත."},{"id":39,"translation":"සටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදි. හේතුව නියත වශයෙන් ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්ත ය."},{"id":40,"translation":"ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ්ය යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු අයිතියකින් තොරව ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර කරනු ලැබූවෝ වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකුව අල්ලාහ් නො වැළැක්වූයේ නම් ආරාම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධිකව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය."},{"id":41,"translation":"ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත්ව ඉටු කරති. තවද zසකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණුවල අවසානය අල්ලාහ් සතු ය."},{"id":42,"translation":"තවද ඔවුහු නුඹව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද, ආද් ජනයා ද, සමූද් ජනයා ද සැබැවින් ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝ ය."},{"id":43,"translation":"තවද ඉබ්රාහීම්ගේ ජනයා ද, ලූත්ගේ ජනයා ද,"},{"id":44,"translation":"තවද මද්යන් වාසීහු ද (බොරු කළෝ ය.) එලෙස මූසා ද බොරු කරනු ලැබී ය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද?"},{"id":45,"translation":"කොපමණ ගම්මානයන්වී ද? ඒවා අපරාධ කරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත. එමෙන් ම කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද?"},{"id":46,"translation":"ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නො වේ ද? එසේ (ගමන් කළේ නම්) එමඟින් වටහා ගත හැකි සිත් හා එමඟින් සවන් දිය හැකි කන් ඔවුනට පිහිටනු ඇත. නිසැකවම දෘෂ්ඨීන් අන්ධ නො වෙයි. එහෙත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි."},{"id":47,"translation":"තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. තවද අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නො කරන්නේ ම ය. තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමාන ය."},{"id":48,"translation":"තවද කෙතරම් ගම්මානයන් වී ද? ඒවා අපරාධකරමින් සිටිය දී එයට මම අවකාශ දුනිමි. පසුව මම ඒවා ග්‍රහණය කළෙමි. තවද (ඔවුන්ගේ) නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙත ය."},{"id":49,"translation":"අහෝ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":50,"translation":"එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත."},{"id":51,"translation":"තවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහු මය නිරයේ සගයෝ."},{"id":52,"translation":"තවද (නබිවරය!) ඔබට පෙර අප එවූ කිසිදු නබිවරයකු හෝ ධර්ම දූතයකු හෝ වේවා, ඔහු පාරායනා කරන විට ෂෙයිතාන් ඔහුගේ පාරායනයෙහි (ව්‍යාකූලත්වය) හෙළා සිටියා මිස නැත. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසුව අල්ලාහ් ඔහුගේ වදන් ස්ථීර කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":53,"translation":"(එය) තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිස ය. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති."},{"id":54,"translation":"තවද (එය) සැබැවින් ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැන; එය විශ්වාස කොට; ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නා ය."},{"id":55,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණිකව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නො වෙති."},{"id":56,"translation":"එදින සියලු බලය අල්ලාහ් සතු ය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති."},{"id":57,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත."},{"id":58,"translation":"තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය පෝෂණය කරන්නන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ."},{"id":59,"translation":"ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන්ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහත් ඉවසිලිවන්ත ය."},{"id":60,"translation":"එය (අල්ලාහ්ගේ නියමයයි). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින් ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසන්නා ය; අතික්ෂමාශීලී ය."},{"id":61,"translation":"එය නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින් ද, දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින් ද වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය."},{"id":62,"translation":"එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය."},{"id":63,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට පසුව මහපොළොව සරුසාරවත් වීම නුඹ නො දුටුවෙහි ද? නියත වශයෙන් ම අල්ලාහ් මෛත්‍රි ය; අභිඥානවන්ත ය."},{"id":64,"translation":"අහස් තුළ ඇති දෑ ද, මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර, ප්‍රශංසාලාභී වනුයේ."},{"id":65,"translation":"මහපොළොවේ ඇති දෑ ද ඔහුගේ නියෝගය පරිදි මුහුදේ ගමන් කරන නැව් ද අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නො දුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොරව මහපොළොව මතට අහස කඩා නො වැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්ත ය; මහා කරුණාවන්ත ය."},{"id":66,"translation":"තවද නුඹලාට ජීවය ලබා දී පසුව නුඹලාව මරණයට පත් කොට ඉන්පසුව යළි නුඹලාට ජීවය ලබා දෙනුයේ ඔහු ය. නියත වශයෙන් ම මිනිසා ගුණමකු ය."},{"id":67,"translation":"සෑම සමූහයකට ම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමඟ ගැටලු ඇති කර ගත නො යුතු ය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය."},{"id":68,"translation":"තවද ඔවුහු නුඹ සමඟ තර්ක කළේ නම් එවිට නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා බව (නබිවරය!) නුඹ පවසනු."},{"id":69,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කවර විෂයක් මත ගැටුම් ඇති කර ගත්තේද ඒ ගැන අල්ලාහ් නුඹලා අතර තීන්දු කරයි."},{"id":70,"translation":"(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දන්නෙහි ද? නියත වශයෙන් ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන් ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි."},{"id":71,"translation":"තවද අල්ලාහ් හැර දමා කිසිදු බලයක් එයට පහළ නො කළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් ඔවුනට නොමැති දෑට ඔවුහු නැමැදුම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත."},{"id":72,"translation":"තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන්හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්න ද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්න ය. තවද යොමු වන ස්ථානය වන එය නපුරු විය."},{"id":73,"translation":"අහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදි. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අය වනාහි ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නො හැක්කේ ම ය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුන් මුදවා ගන්නට පවා ඔවුනට නොහැකි ය. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය."},{"id":74,"translation":"අල්ලාහ්ව ගරු කළ යුතු ප්‍රමාණයට ඔවුහු ඔහුට ගරු නො කළෝ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය."},{"id":75,"translation":"මලක්වරුන් අතරින් හා ජනයා අතරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය."},{"id":76,"translation":"ඔවුන් ඉදිරියේ ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු දනියි. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය."},{"id":77,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා (නැවී) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කරනු. තවද යහකම් සිදු කරනු. නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස."},{"id":78,"translation":"තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලාව තෝරා ගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් මීට පෙර ද මෙහි (අල්කුර්ආනයෙහි) ද මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් කළේ ඔහු (අල්ලාහ්) ය. එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද zසකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරු ය. එම භාරකරු යහපත් විය. එමෙන් ම එම උදව්කරු යහපත් විය."}]},{"id":23,"verses":[{"id":1,"translation":"දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින් ම ජය ලැබුවෝ ය."},{"id":2,"translation":"ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති."},{"id":3,"translation":"තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති."},{"id":4,"translation":"තවද ඔවුහු වනාහි zසකාත් ඉටු කරන්නෝ වෙති."},{"id":5,"translation":"තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති."},{"id":6,"translation":"එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමඟ) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුහු දොස් නගනු ලබන්නන් නො වෙති."},{"id":7,"translation":"එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ."},{"id":8,"translation":"තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති."},{"id":9,"translation":"තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් කටයුතු කරන්නෝ වෙති."},{"id":10,"translation":"ඔවුහු මය උරුමක්කරුවෝ."},{"id":11,"translation":"ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."},{"id":12,"translation":"සැබැවින් ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු."},{"id":13,"translation":"පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු."},{"id":14,"translation":"පසුව අපි එම ශුක්‍රාණුව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසුව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසුව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසුව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසුව අපි ඔහුව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය."},{"id":15,"translation":"ඉන් අනතුරුව නියත වශයෙන් ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති."},{"id":16,"translation":"පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැගිටුවනු ලබති."},{"id":17,"translation":"තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳව අපි අනවධානීන් නො වූයෙමු."},{"id":18,"translation":"තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන් ම නියත වශයෙන් ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු."},{"id":19,"translation":"පසුව අපි එමඟින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරු ද ඇත. එමඟින් නුඹලා අනුභව කරන්නෙහු ය."},{"id":20,"translation":"තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල ද අනුභව කරන්නන්හට ව්‍යංජනයක් ද හට ගන්වයි."},{"id":21,"translation":"තවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහු ය."},{"id":22,"translation":"තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහු ය."},{"id":23,"translation":"තවද සැබැවින් ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් නො වන්නෙහු ද?"},{"id":24,"translation":"එවිට ඔහුගේ ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ."},{"id":25,"translation":"ඔහු උමතුව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු."},{"id":26,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය."},{"id":27,"translation":"අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින් ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි විනිශ්චය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල් වනු ලබන්නෝ වෙති."},{"id":28,"translation":"නුඹ හා නුඹ සමඟ වූවන් නැවට නැග සිටි විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු."},{"id":29,"translation":"තවද මාගේ පරමාධිපතියාණනි! සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු."},{"id":30,"translation":"නියත වශයෙන් ම එහි සංඥා ඇත. තවද සැබැවින් ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු."},{"id":31,"translation":"අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු."},{"id":32,"translation":"‘නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ?’ යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු."},{"id":33,"translation":"ඔහුගේ ජනයා අතරින් (සත්‍යය) ප්‍රතික්ෂේප කළ, පරමාන්ත දිනයේ හමුව (ගැන) බොරු කළ, තවද මෙලොවෙහි ඔවුනට සුපෝඛබෝගී ජීවිතයක් අප පිරිනැමූ ප්‍රධානීහු \"මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත, නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි\" යැයි පැවසුවෝ ය."},{"id":34,"translation":"තවද නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා අලාභවන්තයෝ වන්නෙහු ය."},{"id":35,"translation":"නියත වශයෙන් ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන් ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට ප්‍රතිඥාවක් දෙන්නේ ද?"},{"id":36,"translation":"නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ දුරස්ය. ඉතා දුරස් ය."},{"id":37,"translation":"මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නො වේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු."},{"id":38,"translation":"ඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහුව විශ්වාස කරන්නන් නො වෙමු."},{"id":39,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය."},{"id":40,"translation":"මද කලකින් සැබැවින් ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේ ය."},{"id":41,"translation":"එවිට මහා හඬ සැබෑ ලෙසින් ම ඔවුන්ව හසු කර ගත්තේ ය. පසුව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. එහෙයින් අපරාධකාරී ජනයාට ශාපයක් ම වේවා!"},{"id":42,"translation":"අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු."},{"id":43,"translation":"කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නො යනු ඇත. තවද ඔවුහු ප්‍රමාද ද නො වනු ඇත."},{"id":44,"translation":"පසුව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි පණිවිඩකරුවෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට පසු අනුගමනය කිරීමට සැළැස්සුවෙමු. තවද ඔවුන්ව (පුරාණ ඉතිහාස) පුවත් බවට පත් කළෙමු. එහෙයින් දේවත්වය විශ්වාස නො කරන ජනයාට (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරසක් ම වේවා!"},{"id":45,"translation":"පසුව අපි අපගේ සංඥා හා පැහැදිලි සාධක සමඟ මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු."},{"id":46,"translation":"ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ."},{"id":47,"translation":"අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කළ යුතු ද? ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නනෝ වෙති යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":48,"translation":"එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතරින් වූහ."},{"id":49,"translation":"තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු."},{"id":50,"translation":"තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. තවද උල්පත් හා නිශ්චල උස් තැනි තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු."},{"id":51,"translation":"අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන් ම මා නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ඥානී ය."},{"id":52,"translation":"තවද නුඹලාගේ මෙම සමාජය එක ම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු."},{"id":53,"translation":"එහෙත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන්ව බෙදා වෙන් කර ගත්තෝ ය. සෑම පක්ෂයක් ම ඔවුන් සතු දෑ පිළිබඳව සතුටු වන්නෝ වූහ."},{"id":54,"translation":"එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු."},{"id":55,"translation":"අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමඟින්..."},{"id":56,"translation":"අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝ ද? නැත. ඔවුහු (ඒ බව) නො හඟති."},{"id":57,"translation":"නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගත් අය ද,"},{"id":58,"translation":"තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ විශ්වාස කරන අය ද,"},{"id":59,"translation":"තවද ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ නො තබන අය ද,"},{"id":60,"translation":"නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ පිරිනමන අය ද,"},{"id":61,"translation":"තවද (මෙවැන්නන්) යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහු ම ය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති."},{"id":62,"translation":"තවද කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නො පටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":63,"translation":"එහෙත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් (අයහපත්) ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති."},{"id":64,"translation":"අපි ඔවුන් අතර වූ සුඛෝපභෝගී ජීවිතයක් දෙනු ලැබූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති."},{"id":65,"translation":"අද දින නුඹලා බැගෑපත් නො වනු. නියත වශයෙන් ම නුඹලා අපගෙන් උදව් නො ලබනු ඇත."},{"id":66,"translation":"නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. එහෙත් නුඹලා (එයින්) වැළකී නුඹලා හැරී පලා යමින් සිටියෙහු ය."},{"id":67,"translation":"එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතාවල නිරතවෙමින් සිටියෙහු ය."},{"id":68,"translation":"එහෙයින් ඔවුහු එම ප්‍රකාශය (අල් කුර්ආනය) පරිශීලනය නො කළෝ ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?"},{"id":69,"translation":"එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, පසුව ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?"},{"id":70,"translation":"එසේ නැතහොත් ඔහු උමතුවෙන් පෙළෙනු ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නො ව, ඔහු ඔවුන් වෙත සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ."},{"id":71,"translation":"තවද සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද දූෂිත වී යනු ඇත. එසේ නො ව, ඔවුනට උපදෙසක් අපි පිරිනැමුවෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ."},{"id":72,"translation":"එසේ නැතහොත්, නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨ ය. තවද ඔහු පෝෂකයින් අතරින් ද ශ්‍රේෂ්ඨයා ය."},{"id":73,"translation":"තවද නියත වශයෙන් ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහි ය."},{"id":74,"translation":"තවද නියත වශයෙන් ම මතු ලොව විශ්වාස නො කරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති."},{"id":75,"translation":"තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට අත් වූ පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත."},{"id":76,"translation":"තවද සැබැවින් ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නො වූහ. තවද ඔවුහු බැගෑපත් නො වූහ."},{"id":77,"translation":"අවසානයේ අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ."},{"id":78,"translation":"තවද නුඹලාට ශ්‍රවණය ද, දෘෂ්ටීන් ද, හදවත් ද නිර්මාණය කළේ ඔහු ම ය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි."},{"id":79,"translation":"මහපොළොවේ නුඹලාව මැව්වේ ඔහු ම ය. තවද ඔහු වෙත ම නුඹලා රැස් කරනු ලබනු ඇත."},{"id":80,"translation":"තවද ජීවය දෙන්නා ද, මරණයට පත් කරන්නා ද ඔහු ය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතු ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?"},{"id":81,"translation":"එසේ නො ව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝ ය."},{"id":82,"translation":"අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැ? යි ඔවුහු විමසූවෝ ය."},{"id":83,"translation":"මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනත් කිසිවක් නැත."},{"id":84,"translation":"නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතු දැ? යි නුඹ විමසනු."},{"id":85,"translation":"අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ? යි විමසනු."},{"id":86,"translation":"අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන් දැ? යි නුඹ විමසනු."},{"id":87,"translation":"අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි නුඹ විමසනු."},{"id":88,"translation":"සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන් දැ? යි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නො ලබයි. නුඹලා දැන සිටියාහු නම්!"},{"id":89,"translation":"අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ විමසනු."},{"id":90,"translation":"එසේ නො ව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ම ය."},{"id":91,"translation":"අල්ලාහ් කිසිදු දරුවකු නො ගත්තේ ය. තවද ඔහු සමඟ කිසිදු දෙවියකු ද නො වීය. එසේ (දෙවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකු ම ඔහු මැවූ දෑ සමඟ පහව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරු ය."},{"id":92,"translation":"ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය."},{"id":93,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු."},{"id":94,"translation":"මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයා අතරට මා පත් නො කරනු මැනව! (යැයි නුඹ පවසනු.)"},{"id":95,"translation":"තවද අප ඔවුනට පොරොන්දු වන දෑ නුඹට පෙන්වීමට නියත වශයෙන් ම අපි බලය ඇත්තෝ වෙමු."},{"id":96,"translation":"වඩාත් අලංකාර වනුයේ කුමක් ද? එමඟින් (නබිතුමණි) නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳව අපි මැනවින් දන්නෙමු."},{"id":97,"translation":"තවද මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පෙලඹවීම්වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු."},{"id":98,"translation":"තවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි."},{"id":99,"translation":"අවසානයේ ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නැවත හරවා යවනු මැනව! යැයි ඔහු පවසයි."},{"id":100,"translation":"මා අතපසු කළ දෑහි දැහැමි දෑ ඉටු කිරීම සඳහා (එසේ හරවා යවනු මැනව!) එසේ නොව නියත වශයෙන් ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසුව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත."},{"id":101,"translation":"එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නො පවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නො ගනිති."},{"id":102,"translation":"එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":103,"translation":"තවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ට ම අලාභහානි කර ගත්තෝ ඔවුහු ම ය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති."},{"id":104,"translation":"(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති."},{"id":105,"translation":"මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නො ලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහු ය."},{"id":106,"translation":"අපගේ පරමාධිපතියාණනි! “අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු” යැයි ඔවුහු පවසති."},{"id":107,"translation":"අපගේ පරමාධිපතියාණනි! අපව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි (නොමඟ වෙත) හැරුණේ නම් එවිට නියත වශයෙන් ම අපි අපරාධකරුවෝ වෙමු. (යැයි ඔවුහු පවසති.)"},{"id":108,"translation":"නුඹලා එහි පහත් බවින් සිටිනු. තවද නුඹලා මට කතා නො කරනු යැයි ඔහු පවසයි."},{"id":109,"translation":"නියත වශයෙන් ම මාගේ ගැත්තන් අතරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති."},{"id":110,"translation":"එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කර වන තෙක් නුඹලා ඔවුන් සරදමට ගත්තෙහු ය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහු ය."},{"id":111,"translation":"(නුඹලාගේ සරදම් නො තකා) ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන් ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන් ම ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":112,"translation":"නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? යැයි ඔහු විමසනු ඇත."},{"id":113,"translation":"දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති."},{"id":114,"translation":"නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නො සිටියෙහු ය. නියත වශයෙන් ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේ ය."},{"id":115,"translation":"නියත වශයෙන් ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන් ම නුඹලා අප වෙත නැවත හැරී නො එනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?"},{"id":116,"translation":"එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතර ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ්හි හිමිපාණන් ය."},{"id":117,"translation":"තවද කවරෙකු අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියස ය. නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇත."},{"id":118,"translation":"මාගේ පරමාධිපතියාණනි! නුඹ සමාව දෙනු මැනව! තවද කරුණා කරනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අතිශ්‍රේෂ්ඨය යැයි (නබිවරය!) නුඹ පවසනු."}]},{"id":24,"verses":[{"id":1,"translation":"මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. තවද අපි එය (නුඹලා උදෙසා) නියම කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු."},{"id":2,"translation":"කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) කාන්තාව හා කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) පිරිමියා යන දෙදෙනාගෙන් සෑම කෙනෙකුට ම කස පහර සියයක් බැගින් නුඹලා කසපහර දෙනු. නුඹලා අල්ලාහ් පිළිබඳව හා පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස කරමින් සිටියෙහු නම් අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නුඹලාව ග්‍රහණය නො කළ යුතු ය. ඔවුන් දෙදෙනාට දෙන දඬුවමෙහි දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් සාක්ෂි ලෙස සිටිය යුතුයි."},{"id":3,"translation":"කාම අපාචාරයේ යෙදුණු පිරිමියා කාම අපචාරයේ යෙදුණ කාන්තාවකු හෝ දෙවියන්ට ආදේශ තැබූ කාන්තාවකු මිස වෙනත් කිසිවකු විවාහ කර නො ගනියි. තවද කාම අපචාරයේ යෙදුණු කාන්තාව වන ඇයව කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු හෝ දෙවියන්ට ආදේශ තැබූ අයකු මිස විවාහ කර නො ගනියි. එවැන්නක් දේවත්වය විශ්වාස කරන්නන්හට තහනම් කරනු ලැබූවකි."},{"id":4,"translation":"තවද පතිවත රකින කාන්තාවන්ට චෝදනා එල්ල කොට පසුව සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු රැගෙන නො ආවේ නම් එවිට නුඹලා ඔවුනට කසපහරවල් අසූවක් පහර දෙනු. කිසිවිටෙක ඔවුන්ගෙන් කිසිදු සාක්ෂියක් නුඹලා නො පිළිගනු. තවද ඔවුහු මය පාපතරයෝ."},{"id":5,"translation":"එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී හැඩගැසුණු අය හැර ය. එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":6,"translation":"තවද ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නො වී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්‍යවාදීන් අතරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීම ය."},{"id":7,"translation":"තවද තමන් මූසාවාදීන් අතරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත් වේවා! යැයි පස්වැනි වරට සාක්ෂි දැරීම ය."},{"id":8,"translation":"තවද නියත වශයෙන් ම ඔහු මුසාවාදීන් අතරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් දිවුරා සාක්ෂි දැරීම (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් කරනු ඇත."},{"id":9,"translation":"තවද ඔහු (ඇගේ සැමියා) සත්‍යවාදීන් අතරින් නම් ඇය වෙත අල්ලාහ්ගේ උදහස ඇති වේවා! යැයි පස්වැනි වරට (ඇය) දිවුරා සාක්ෂි දැරීම ය."},{"id":10,"translation":"තවද නුඹලා මත අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් (නුඹලා විනාශ වී යන්නට තිබිණ) තවද නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":11,"translation":"නියත වශයෙන් ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නො සිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පාපයෙන් තමන් උපයා ගත් දෑ ඇත. ඔවුන් අතරින් එහි විශාල කොටසක් පවරා ගත් අයට මහත් වූ දඬුවමක් ඇත."},{"id":12,"translation":"නුඹලා එය ඇසූ විට දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා කාන්තාවන් තම ප්‍රජාව පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නො වේ ද?"},{"id":13,"translation":"ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නො වේ ද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නො ගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහු මය මුසාවාදීහූ."},{"id":14,"translation":"තවද මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නො වී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි."},{"id":15,"translation":"නුඹලාගේ දිවවලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවලින් පවසන්නෙහු ය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහු ය. එහෙත් එය අල්ලාහ් අබියස අතිබිහිසුණු ය."},{"id":16,"translation":"නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නො වේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධ ය. මෙය අතිමහත් අපවාදයකි යැ’යි නුඹලා පවසන්නට තිබුණා නො වේ ද?"},{"id":17,"translation":"නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා කිසිවිටෙකත් නැවත යොමු වීමෙන් වැළකීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි."},{"id":18,"translation":"තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":19,"translation":"නියත වශයෙන් ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්‍රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය."},{"id":20,"translation":"තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නො වී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන් ම අල්ලාහ් සානුකම්පිත ය; මහා කරුණාන්විත ය."},{"id":21,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නො කරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ ද එවිට (දැනගනු!) ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේ ය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය සහ ඔහුගේ කරුණාව නො වී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පිවිතුරු නො වනු ඇත. එහෙත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":22,"translation":"තවද සමීප ඥාතීන්ට, දුප්පතුන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට පිරි නො නමන බවට නුඹලා අතරින් භාග්‍ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නො යුතු ය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා! තවද (ඒ ගැන) නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්‍රිය නො කරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":23,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝ ය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත."},{"id":24,"translation":"ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද, ඔවුන්ගේ අත් ද, ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහිව එදින සාක්ෂි දරනු ඇත."},{"id":25,"translation":"එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණව පිරිනමයි. නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු මය පැහැදිලි සත්‍යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත."},{"id":26,"translation":"අසභ්‍ය කාන්තාවෝ අසභ්‍ය පුරුෂයින් වෙනුවෙනි. තවද අසභ්‍ය පුරුෂයෝ අසභ්‍ය කාන්තාවන් වෙනුවෙනි. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් වෙනුවෙනි. තවද දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් වෙනුවෙනි. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත."},{"id":27,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නො වන නිවෙස්වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නො වනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස ය."},{"id":28,"translation":"එහෙත් එහි කිසිවකු හෝ නුඹලා නො දුටුවෙහු නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නො වනු. නුඹලා හැරී යනු යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරු ය. තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":29,"translation":"නුඹලාට අවශ්‍යතා ඇති එහි කිසිවකු වාසය නො කරන නිවෙස්වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නො වේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි."},{"id":30,"translation":"දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන් ද නුඹ පවසනු. එය ඔවුනට වඩාත් පිවිතුරු වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":31,"translation":"තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන් ද, ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නො කරන මෙන් ද, ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතරින් කාමාශාවකින් තොරව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්‍රීන්ගේ රහස්‍ය පෙදෙස් ගැන වැටහීමක් නැති දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නො කළ යුතු ය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද (පොළවෙහි) නො ගැසිය යුතු ය. තවද අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":32,"translation":"තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වැහැලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය."},{"id":33,"translation":"තවද විවාහය සඳහා (යමක්) නො ලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පිවිතුරුභාවය රැකිය යුතු ය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පිවිතුරුභාවය රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නො කරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ ද එසේ ඔවුනට බල කරනු ලැබීමෙන් පසුව ද නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":34,"translation":"තවද සැබැවින් ම අපි නුඹලා වෙත පැහැදිලි කරන වදන් ද, නුඹලාට පෙර ඉකුත්ව ගියවුන් පිළිබඳ නිදසුන් ද, බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු."},{"id":35,"translation":"අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළ ය. එම පළිඟුව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නො කළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය."},{"id":36,"translation":"ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස්හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති."},{"id":37,"translation":"(ඔවුහු) තම ව්‍යාපාරය හෝ ගනුදෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත්ව ඉටු කිරීමෙන් ද zසකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නො කළ මිනිසුන් ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති."},{"id":38,"translation":"එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්‍රහය තුළින් ඔවුනට සමෘධිමත් කරනු පිණිසත් ය. තවද අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරයි."},{"id":39,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමාන ය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. එහෙත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නො දකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ්ව දකිනු ඇත. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේ ය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."},{"id":40,"translation":"එසේ නැතහොත් (ඔවුන්ගේ ක්‍රියාවන් වනාහි) ගැඹුරු මුහුදෙහි පවතින අන්ධකාරයන් මෙනි. රළක් එය ආවරණය කරයි. ඊට ඉහළින් තවත් රළකි. ඊට ඉහළින් වලාකුළකි. අන්ධකාරයන් ඒවායෙහි සමහරක් සමහරකට ඉහළින් පවතී. ඔහු තම අත බැහැර කළ ද ඔහුට එය දැක ගත නොහැකි වෙයි. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකය ඇති නො කරන්නේ ද එවිට කිසිදු ආලෝකයක් ඔහුට නොමැත."},{"id":41,"translation":"අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහුව සුවිශුද්ධ කරන වග නුඹ නො දුටුවෙහි ද? තම නැමදුම හා සුවිශුද්ධ කිරීම ගැන සැබැවින් ම සෑම කෙනෙකුම දැන සිටියි. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":42,"translation":"අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙත ය."},{"id":43,"translation":"අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසුව ඒ අතර අමුණා පසුව එය එකින් එක මත පිහිටන ඝන වලාකුළක් බවට පත් කිරීම නුඹ නො දුටුවෙහි ද? එවිට ඒ අතරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසෙහි ඇති (වලා) කඳුවලින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි."},{"id":44,"translation":"අල්ලාහ් රාත්‍රිය හා දහවල පෙරළයි. නියත වශයෙන් ම දෘෂ්ටීන් ඇත්තන්හට එහි පාඩමක් ඇත."},{"id":45,"translation":"තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේ ය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":46,"translation":"තවද අපි පැහැදිලි වදන් සැබැවින් ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත."},{"id":47,"translation":"තවද අපි අල්ලාහ් හා ධර්ම දූතයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේ ය. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති."},{"id":48,"translation":"තවද අල්ලාහ් වෙත හා ඔහුගේ ධර්ම දූතයා වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නෝ වූහ."},{"id":49,"translation":"තවද සත්‍යය ඔවුනට පක්ෂව පිහිටියේ නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත."},{"id":50,"translation":"ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝ ද? එසේත් නැතහොත් ඔවුනට එරෙහිව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත් ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහු ම ය."},{"id":51,"translation":"ඔවුන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්න ය. තවද ජය ලබන්නෝ ඔවුහු ම ය."},{"id":52,"translation":"තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහු ම ය."},{"id":53,"translation":"තවද (යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නො කරනු. අවනත වීම ප්‍රකට කරුණකි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත බව (නබිවරය!) නුඹ පවසනු."},{"id":54,"translation":"නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද පණිවිඩකරුට ද අවනත වනු යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහි ය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. පණිවිඩකරු වෙත පැවරෙනුයේ පැහැදිලිව දන්වා සිටීම මිස නැත."},{"id":55,"translation":"තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසුව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නො කරති. තවද මින් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහු මය පාපතරයෝ."},{"id":56,"translation":"තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. zසකාත් ද පිරිනමනු. රසූල්වරයාට ද අවනත වනු."},{"id":57,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නො සිතිය යුතු ය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. තවද ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය."},{"id":58,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය ද වැඩිවියට ළඟා නො වූ අය ද නුඹලාගෙන් (අවස්ථා) වාර තුනක් අවසර පැතිය යුතු ය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද, මධ්‍යහන කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද, ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු අතර නිතර සැරිසරන්නෝ වෙති. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙස ය. තවද අල්ලාහ් සර්වඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":59,"translation":"තවද නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර (වැඩිවියට පත්) වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන් ද අවසර පැතිය යුතු ය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":60,"translation":"තවද විවාහයක් අපේක්ෂා නො කරන කාන්තාවන් අතරින් වයෝවෘද්ධ කාන්තාවන් වනාහි ඔවුන් (තම) අලංකාරය ප්‍රදර්ශනය කිරීමෙන් තොරව (මතුපිට) ඇඳුම් ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නොමැත. එහෙත් ඔවුන් තැන්පත් බව රැකීම ඔවුනට වඩාත් උතුම් ය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":61,"translation":"නුඹලාගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ යතුරු තමන් සන්තකයේ ඇති නිවෙස්වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල හෝ නුඹලා ආහාර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. එමෙන් ම අන්ධයා කෙරෙහි හෝ කොරා කෙරෙහි හෝ රෝගියා කෙරෙහි හෝ වරදක් නැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන්ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස්වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. අල්ලාහ් නුඹලාට එලෙස එම වදන් පැහැදිලි කරනුයේ නුඹලා වටහා ගනු පිණිස ය."},{"id":62,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් ය. තවද ඔවුහු ඔහු සමඟ යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නො යති. නියත වශයෙන් ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහු මය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතරින් නුඹ කැමති අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය."},{"id":63,"translation":"නුඹලා ඇතැමෙක් ඇතැමෙකුට අමතන සේ නුඹලා අතර රසූල්වරයාව නො අමතනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳව සැබැවින් ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතු ය."},{"id":64,"translation":"දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින් ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."}]},{"id":25,"verses":[{"id":1,"translation":"ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය."},{"id":2,"translation":"ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය සතු අයයි. තවද ඔහු දරුවකු නො ගත්තේ ය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේ ය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේ ය."},{"id":3,"translation":"තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝ ය. ඔවුන් කිසිවක් නො මවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නො දරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නො දරනු ඇත."},{"id":4,"translation":"තවද මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය. එහෙයින් සැබැවින් ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝ ය."},{"id":5,"translation":"තවද ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති."},{"id":6,"translation":"අහස්හි හා මහපොළොවේ රහස්‍ය දෑ දන්නා, එය පහළ කළේ ය. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":7,"translation":"තවද මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළවල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමඟ (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නො වේ ද? යැයි ඔවුහු පවසති."},{"id":8,"translation":"එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නො වේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමඟින් අනුභව කළ යුතු නො වේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසුවෝ ය."},{"id":9,"translation":"(නබිවරය!) ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ? යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියෝ ය. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නො දරති."},{"id":10,"translation":"ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි."},{"id":11,"translation":"එහෙත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝ ය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු."},{"id":12,"translation":"ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති."},{"id":13,"translation":"තවද ඔවුන් විලංගු දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති."},{"id":14,"translation":"අද දින නුඹලා එක් විනාශයක් පමණක් නො අයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු. (යැයි ඔවුනට පවසනු ලැබේ.)"},{"id":15,"translation":"එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය උතුම් ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා අවසානයේ යොමු වන ස්ථානයක් විය යැයි (නබිවරය!) නුඹ පවසනු!"},{"id":16,"translation":"ඔවුනට එහි ඔවුන් අභිමත කරන දෑ ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. මෙය නුඹගේ පරමාධිපති වෙතින් ඉටු කරනු ලබන ප්‍රතිඥාවක් විය."},{"id":17,"translation":"තවද එදින ඔවුන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ? යි (අල්ලාහ්) විමසනු ඇත."},{"id":18,"translation":"නුඹ සුපිවිතුරු ය. නුඹගෙන් තොරව භාරකරුවන් ගැනීමට අපට යුතු නො වීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන්හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහි ය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ යැයි ඔවුහු පවසා සිටිනු ඇත."},{"id":19,"translation":"එහෙත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින් ම ඔවුහු නුඹලා බොරු කළෝ ය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නො දරන්නෙහු ය. තවද නුඹලා අතරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු."},{"id":20,"translation":"තවද නුඹට පෙර වූ ධර්ම දූතයින් අතරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය."},{"id":21,"translation":"තවද අපගේ හමුව බලාපොරොත්තු නො වන්නන් අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නො වේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නො වේ ද? යැයි පැවසුවෝ ය. සැබැවින් ම ඔවුන් ඔවුන් විෂයෙහි උඩඟු වූහ. තවද මහත් ලෙස සීමාව ඉක්මවා කටයුතු කළෝ ය."},{"id":22,"translation":"මලක්වරුන්ව ඔවුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති."},{"id":23,"translation":"තවද ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසුව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු."},{"id":24,"translation":"(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහන) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති."},{"id":25,"translation":"තවද එදින වලාකුළු මඟින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති."},{"id":26,"translation":"එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතු ය. තවද එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දුෂ්කර දිනයක් විය."},{"id":27,"translation":"තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ! දූතයාණන් සමඟ මා මගක් ගන්නට තිබුණා නො වේ දැ? යි ඔහු පවසයි."},{"id":28,"translation":"අහෝ මාගේ විනාශය! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නො ගන්නට තිබුණා නො වේ ද?"},{"id":29,"translation":"මෙනෙහි කිරීම (අල් කුර්ආනය) මා වෙත පැමිණි පසුව සැබැවින් ම ඔහු මා එයින් නොමග යැවී ය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය."},{"id":30,"translation":"තවද අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මෙම අල් කුර්ආනය පිටුදකිනු ලබන්නක් ලෙස ගත්තෝය යැයි රසූල්වරයා පැවසී ය."},{"id":31,"translation":"තවද එලෙස අපි සෑම නබිවරයෙකුට ම අපරාධකරුවන් අතරින් සතුරෙකු පත් කළෙමු. තවද යහ මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් විය."},{"id":32,"translation":"තවද ඔහු වෙත අල් කුර්ආනය එකවර එක ම ගොනුවක් සේ පහළ කළ යුතු නො වේ දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය. (අහෝ මුහම්මද්!) එලෙස අපි එමඟින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිස අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු."},{"id":33,"translation":"තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු."},{"id":34,"translation":"තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහු මය නවාතැනින් නපුරු දනන් වන්නෝ, තවද මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් වන්නෝ."},{"id":35,"translation":"තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමඟ ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු."},{"id":36,"translation":"එවිට අපි අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. පසුව අපි ඔවුන් සහමුලින් ම විනාශ කළෙමු."},{"id":37,"translation":"තවද නූහ්ගේ ජනයා ද ඔවුන් එම ධර්ම දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු."},{"id":38,"translation":"තවද ආද් ජනයා, සමූද් ජනයා, රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)"},{"id":39,"translation":"තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සෑම කෙනෙකුවම අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු."},{"id":40,"translation":"තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින් ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නො දුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නො කරන්නන් ලෙස සිටියහ."},{"id":41,"translation":"තවද ඔවුන් නුඹව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’ යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹව නො ගනිති."},{"id":42,"translation":"අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නො සිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන් දැ? යි ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":43,"translation":"තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?"},{"id":44,"translation":"නියත වශයෙන් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නො ව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහු ය."},{"id":45,"translation":"නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැ? යි නුඹ නො බැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසුව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු."},{"id":46,"translation":"පසුව අපි එය (හෙවණැල්ල) හීන් සීරුවෙන් අප වෙත අත්පත් කර ගන්නෙමු."},{"id":47,"translation":"තවද රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහු ය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේ ද ඔහු ය."},{"id":48,"translation":"තවද ඔහුගේ ආශිර්වාදය අතරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහු ය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු."},{"id":49,"translation":"එමඟින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත් ය."},{"id":50,"translation":"තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. එහෙත් ජනයා අතරින් බොහෝමයක් දෙනා ගුණමකුවන්නන් මිස නැත."},{"id":51,"translation":"තවද අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකට ම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි."},{"id":52,"translation":"එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නුඹ අවනත නො වනු. තවද නුඹ ඔවුන් සමඟ එමඟින් දැඩි පරිශ්‍රමයකින් යුතුව උත්සාහ කරනු."},{"id":53,"translation":"තවද මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහු ය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූවක් ලෙස තහනම් සීමාවක් ඔහු ඇති කළේ ය."},{"id":54,"translation":"තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහු ය. පසුව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේ ය. තවද නුඹගේ පරමාධිපති සර්ව බලධාරී ය."},{"id":55,"translation":"තවද ඔවුහු අල්ලාහ් හැර දමා තමන්හට ප්‍රයෝජනයක් ලබා නො දෙන එමෙන් ම තමන්හට හානියක් සිදු නො කරන දෑට නැමදුම් කරති. තවද දේවතත්වය ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහිව උර දෙන්නකු විය."},{"id":56,"translation":"තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹව නො එව්වෙමු."},{"id":57,"translation":"කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නො ඉල්ලමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":58,"translation":"තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත් ය."},{"id":59,"translation":"ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ ය. පසුව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳව අභිඥානවත් අයෙකුගෙන් විමසනු."},{"id":60,"translation":"තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැ? යි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේ ය."},{"id":61,"translation":"අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා) ද ආලෝකය විහිදු වන සඳු ද ඔහු එහි ඇති කළේ ය."},{"id":62,"translation":"තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල අනුපිළිවලින් (ගමන් කරන්නට) ඇති කළේ ඔහු ය."},{"id":63,"translation":"තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානීව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමඟ කතා කළ විට සාමය වේවා! යැයි පවසති."},{"id":64,"translation":"තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද, නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති."},{"id":65,"translation":"තවද ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම එහි දඬුවම නියම වන්නක් වී ඇතැයි ඔවුහු පවසති."},{"id":66,"translation":"නියත වශයෙන් ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් ද නපුරු වී ඇත."},{"id":67,"translation":"තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය."},{"id":68,"translation":"තවද ඔවුහු වනාහි අල්ලාහ් සමඟ තවත් දෙවියකුට අයද නො සිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොරව මිස ඔවුහු ඝාතනය නො කරති. තවද කාම අපචාරයේ නිරත නො වෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත."},{"id":69,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත්ව සදාකල් වෙසෙනු ඇත."},{"id":70,"translation":"එහෙත් පශ්චාත්තාප වී දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහු ම ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය."},{"id":71,"translation":"තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන් ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත."},{"id":72,"translation":"තවද ඔවුහු වනාහි බොරු සාක්ෂි නො දරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු පසුකර යති."},{"id":73,"translation":"තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නො වැටෙති."},{"id":74,"translation":"තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පින වන සිසිල අපට ඇති කරනු මැනව! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව! යැයි පවසන්නන් වෙති."},{"id":75,"translation":"ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමඟ හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති."},{"id":76,"translation":"ඔවුන් එහි සදාතනිකයින් ය. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය."},{"id":77,"translation":"නුඹලාගේ කන්නලව්ව නො වී නම් මාගේ පරමාධිපති නුඹලාව ඉතිරි නො කරනු ඇත. එහෙත් නුඹලා බොරු කළෙහු ය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු."}]},{"id":26,"verses":[{"id":1,"translation":"තා, සීන්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් ය."},{"id":3,"translation":"ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් නො වීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි."},{"id":4,"translation":"අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහිව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත."},{"id":5,"translation":"මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත."},{"id":6,"translation":"එවිට සැබැවින් ම ඔවුහු බොරු කළෝ ය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෝ ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත."},{"id":7,"translation":"එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින් ම කොපමණක් දෑ හටගන්වා ඇති දැ? යි මහපොළොව දෙස ඔවුහු නො බැලුවෝ ද?"},{"id":8,"translation":"නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන්. නො වූවෝ ය."},{"id":9,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහු මය මහා කරුණාන්විත සර්ව බලධාරී."},{"id":10,"translation":"තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු."},{"id":11,"translation":"ෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නො වේ ද?"},{"id":12,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":13,"translation":"මාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නො කරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු."},{"id":14,"translation":"තවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතුව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි."},{"id":15,"translation":"එසේ නො ව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන් ම අපි නුඹලා සමඟ සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේ ය."},{"id":16,"translation":"එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන් ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු."},{"id":17,"translation":"එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු."},{"id":18,"translation":"අපි නුඹව අප තුළ දරුවකු සේ හදා වඩා නො ගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය."},{"id":19,"translation":"තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසී ය.)"},{"id":20,"translation":"මුළාවූවන් අතරින් කෙනෙකුව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසී ය."},{"id":21,"translation":"එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේ ය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේ ය."},{"id":22,"translation":"තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහි ය."},{"id":23,"translation":"සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසී ය."},{"id":24,"translation":"නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස්හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය."},{"id":25,"translation":"නුඹලා සවන් නො දෙන්නෙහු දැ? යි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසී ය."},{"id":26,"translation":"(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසී ය."},{"id":27,"translation":"නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන් ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය."},{"id":28,"translation":"නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය."},{"id":29,"translation":"මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින් ම මම නුඹව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය."},{"id":30,"translation":"මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැ? යි ඔහු (මූසා) විමසී ය."},{"id":31,"translation":"නුඹ සත්‍යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය."},{"id":32,"translation":"එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේ ය. එවිට එය පැහැදිලි සර්පයකු විය."},{"id":33,"translation":"තවද ඔහුගේ අත ඉවතට ගත්තේ ය. එවිට එය නරඹන්නන්හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය."},{"id":34,"translation":"නියත වශයෙන් ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන්හට ඔහු (ෆිර්අවුන්) පැවසී ය."},{"id":35,"translation":"ඔහුගේ මායාවෙන් නුඹලාව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?"},{"id":36,"translation":"ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝ ය."},{"id":37,"translation":"මනා දැනුමැති සියලු ම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත."},{"id":38,"translation":"එසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදි."},{"id":39,"translation":"තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැ? යි ජනයාගෙන් විමසන ලදි."},{"id":40,"translation":"මායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත."},{"id":41,"translation":"මායාකරුවන් පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැ? යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ."},{"id":42,"translation":"එසේය: එවිට නියත වශයෙන් ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසී ය."},{"id":43,"translation":"නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසී ය."},{"id":44,"translation":"එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන් ම අබිබවා යන්නෝ අප මය යැයි ඔවුහු පැවසූහ."},{"id":45,"translation":"එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළී ය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේ ය."},{"id":46,"translation":"පසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදි."},{"id":47,"translation":"සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":48,"translation":"ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය."},{"id":49,"translation":"මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන් ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසී ය."},{"id":50,"translation":"කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":51,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදිවලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන් ම අපි ප්‍රිය කරන්නෙමු."},{"id":52,"translation":"තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත්ව යනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු."},{"id":53,"translation":"එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගරවලට රැස් කරන්නන් එ වී ය."},{"id":54,"translation":"නියත වශයෙන් ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි."},{"id":55,"translation":"තවද නියත වශයෙන් ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති."},{"id":56,"translation":"තවද නියත වශයෙන් ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු."},{"id":57,"translation":"එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන්වලින් හා උල්පත්වලින් අපි ඔවුන් බැහැර කළෙමු."},{"id":58,"translation":"නිධන්වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)"},{"id":59,"translation":"එලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු."},{"id":60,"translation":"පසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝ ය."},{"id":61,"translation":"කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන් ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ."},{"id":62,"translation":"එසේ නොව නියත වශයෙන් ම මා සමඟ මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසී ය."},{"id":63,"translation":"ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේ ය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය."},{"id":64,"translation":"තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු."},{"id":65,"translation":"තවද අපි මූසා හා ඔහු සමඟ සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු."},{"id":66,"translation":"පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු."},{"id":67,"translation":"නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ."},{"id":68,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විතයා."},{"id":69,"translation":"තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු."},{"id":70,"translation":"නුඹලා කුමක් නමදින්නෙහු දැ? යි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":71,"translation":"අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන් ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ."},{"id":72,"translation":"නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසී ය."},{"id":73,"translation":"එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ? යි (ඉබ්රාහීම් විමසී ය.)"},{"id":74,"translation":"එහෙත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදු කරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝ ය."},{"id":75,"translation":"නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි ඔහු (ඉබ්රාහිම්) විමසී ය."},{"id":76,"translation":"නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ)."},{"id":77,"translation":"හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි."},{"id":78,"translation":"ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි."},{"id":79,"translation":"තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි."},{"id":80,"translation":"තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි."},{"id":81,"translation":"තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි."},{"id":82,"translation":"තවද ඔහු වනාහි මාගේ වැරදිවලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි."},{"id":83,"translation":"මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!"},{"id":84,"translation":"තවද පසුව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!"},{"id":85,"translation":"තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!"},{"id":86,"translation":"තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය."},{"id":87,"translation":"තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නො කරනු මැනව!"},{"id":88,"translation":"(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නො වන දිනකි."},{"id":89,"translation":"එහෙත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර."},{"id":90,"translation":"තවද බිය බැතිමතුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ."},{"id":91,"translation":"තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ."},{"id":92,"translation":"(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේ දැ? යි ඔවුන්ගෙන් විමසනු ලැබේ."},{"id":93,"translation":"අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝ ද?"},{"id":94,"translation":"එවිට එහි ඔවුහු හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති."},{"id":95,"translation":"ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති."},{"id":96,"translation":"තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති."},{"id":97,"translation":"අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු."},{"id":98,"translation":"සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ…(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)"},{"id":99,"translation":"තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අපව නොමග නො යැවී ය."},{"id":100,"translation":"එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත."},{"id":101,"translation":"තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත."},{"id":102,"translation":"එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු."},{"id":103,"translation":"නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය."},{"id":104,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත."},{"id":105,"translation":"නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝ ය."},{"id":106,"translation":"නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":107,"translation":"නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි."},{"id":108,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":109,"translation":"තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත."},{"id":110,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)"},{"id":111,"translation":"පහත් අය නුඹව අනුගමනය කරමින් සිටියදී අපි නුඹව විශ්වාස කරන්නෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය."},{"id":112,"translation":"ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව මට දැනුම නො මැතැයි ඔහු පැවසුවේ ය."},{"id":113,"translation":"නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත."},{"id":114,"translation":"තවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නො වෙමි."},{"id":115,"translation":"මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි."},{"id":116,"translation":"අහෝ නූහ්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් සැබැවින් ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ."},{"id":117,"translation":"මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසී ය."},{"id":118,"translation":"එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමඟ සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!"},{"id":119,"translation":"එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමඟ සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු."},{"id":120,"translation":"ඉන් අනතුරුව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු."},{"id":121,"translation":"නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය."},{"id":122,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා."},{"id":123,"translation":"ආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝ ය."},{"id":124,"translation":"නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":125,"translation":"නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි."},{"id":126,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":127,"translation":"තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ."},{"id":128,"translation":"සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?"},{"id":129,"translation":"තවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?"},{"id":130,"translation":"තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහු ය."},{"id":131,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":132,"translation":"තවද නුඹලා දන්නා දෑ මඟින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු."},{"id":133,"translation":"ගොවිපළ සතුන් මෙන් ම දරුවන් මඟින් ඔහු නුඹලාට උපකාර කළේ ය."},{"id":134,"translation":"තවද උයන් හා උල්පත් මඟින් ද (ඔහු නුඹලාට උපකාර කළේ ය.)"},{"id":135,"translation":"නියත වශයෙන් ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි."},{"id":136,"translation":"නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නො වූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ."},{"id":137,"translation":"මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නො වීය."},{"id":138,"translation":"තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වූයෙමු."},{"id":139,"translation":"එසේ ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝය."},{"id":140,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය මහාකරුණාන්විත සර්ව බලධාරී."},{"id":141,"translation":"සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝ ය."},{"id":142,"translation":"නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":143,"translation":"නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි."},{"id":144,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":145,"translation":"තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ."},{"id":146,"translation":"මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?"},{"id":147,"translation":"උයන් හා උල්පත් අතර ද,"},{"id":148,"translation":"තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,"},{"id":149,"translation":"තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහු ය."},{"id":150,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":151,"translation":"තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නො වනු."},{"id":152,"translation":"ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත්ව කටයුතු නො කරති."},{"id":153,"translation":"නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ."},{"id":154,"translation":"නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු."},{"id":155,"translation":"මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත යැයි ඔහු පැවසී ය."},{"id":156,"translation":"තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නො කරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත."},{"id":157,"translation":"එහෙත් ඔවුහු ඌව මරා දැමුවෝ ය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝ ය."},{"id":158,"translation":"එවිට එම දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ."},{"id":159,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත."},{"id":160,"translation":"ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝ ය."},{"id":161,"translation":"නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":162,"translation":"නියත වශයෙන් ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි."},{"id":163,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":164,"translation":"තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ."},{"id":165,"translation":"නුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?"},{"id":166,"translation":"තවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි."},{"id":167,"translation":"අහෝ ලූත්! නුඹ එයින් නො වැළකුණෙහි නම්, සැබැවින් ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝ ය."},{"id":168,"translation":"නියත වශයෙන් ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසී ය."},{"id":169,"translation":"පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!"},{"id":170,"translation":"ඔහු හා ඔහුගේ දරු පවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු."},{"id":171,"translation":"එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර."},{"id":172,"translation":"පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු."},{"id":173,"translation":"තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය."},{"id":174,"translation":"නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය."},{"id":175,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා."},{"id":176,"translation":"අය්කා වාසීහු ද ධර්ම දූතයින් බොරු කළෝ ය."},{"id":177,"translation":"නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":178,"translation":"නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි."},{"id":179,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු."},{"id":180,"translation":"තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ."},{"id":181,"translation":"නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නො වනු."},{"id":182,"translation":"තවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු."},{"id":183,"translation":"තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නො සැරිසරනු."},{"id":184,"translation":"තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු."},{"id":185,"translation":"නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":186,"translation":"තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. තවද සැබැවින් ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු."},{"id":187,"translation":"එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු."},{"id":188,"translation":"නුඹලා සිදු කරන දෑ පිළිබඳව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසී ය."},{"id":189,"translation":"එවිට ඔවුහු ඔහු බොරු කළෝ ය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එය දරුණු දිනයක දඬුවමක් විය."},{"id":190,"translation":"නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය."},{"id":191,"translation":"තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්වබලධාරී මහාකරුණාන්විතයා."},{"id":192,"translation":"තවද නියත වශයෙන් ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් ම ය."},{"id":193,"translation":"විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය."},{"id":194,"translation":"නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,"},{"id":195,"translation":"පැහැදිලි අරාබි බසින්."},{"id":196,"translation":"තවද නියත වශයෙන් ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය."},{"id":197,"translation":"තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නො වී ද?"},{"id":198,"translation":"තවද අරාබි නො වන ඇතැමුන් වෙත අපි එය පහළ කළේ නම්,"},{"id":199,"translation":"එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත."},{"id":200,"translation":"වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙස ය."},{"id":201,"translation":"වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳව ඔවුහු විශ්වාස නො කරති."},{"id":202,"translation":"එහෙයින් ඔවුන් නො හඟමින් සිටියදී ක්ෂණිකව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත."},{"id":203,"translation":"එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ? යි අසති."},{"id":204,"translation":"එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?"},{"id":205,"translation":"ඔබ නො දන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,"},{"id":206,"translation":"පසුව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,"},{"id":207,"translation":"ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වනු ඇත."},{"id":208,"translation":"තවද කිසිදු ගම්මානයක් එහි (එ වන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොරව අපි විනාශ නො කළෙමු."},{"id":209,"translation":"(ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නො වූයෙමු."},{"id":210,"translation":"තවද ෂෙයිතාන්නු එය පහළ නො කළෝ ය."},{"id":211,"translation":"තවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නො වීය. තවද ඔවුහු එයට ශක්තිය නො දරති."},{"id":212,"translation":"නියත වශයෙන් ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති."},{"id":213,"translation":"එහෙයින් නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් නො කරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත."},{"id":214,"translation":"තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු."},{"id":215,"translation":"තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු."},{"id":216,"translation":"එහෙත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු."},{"id":217,"translation":"තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු."},{"id":218,"translation":"ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නා ය."},{"id":219,"translation":"තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය)."},{"id":220,"translation":"නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක සර්ව ඥානී."},{"id":221,"translation":"ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැ? යි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?"},{"id":222,"translation":"පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙත ම ඔවුහු පහළ වෙති."},{"id":223,"translation":"සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහු ය."},{"id":224,"translation":"තවද කවිවරුන් වනාහි; නොමග ගියවුන් ඔවුන්ව අනුගමනය කරති."},{"id":225,"translation":"නියත වශයෙන් ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නො දුටුවෙහි ද?"},{"id":226,"translation":"තවද නියත වශයෙන් ම ඔවුහු තමන් සිදු නො කරන දෑ (කළ බවට) පවසති."},{"id":227,"translation":"එහෙත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැ? යි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත."}]},{"id":27,"verses":[{"id":1,"translation":"තා, සීන්.[1] මේවා අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන් ය.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"දේවත්වය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි."},{"id":3,"translation":"ඔවුන් වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. zසකාත් ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහු ම ය."},{"id":4,"translation":"නියත වශයෙන් ම මතුලොව පිළිබඳ විශ්වාස නො කරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) මුලාවෙහි සිටින්නෝ වෙති."},{"id":5,"translation":"නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහු ම ය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහු ම ය."},{"id":6,"translation":"තවද (නබිවරය,) සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන් ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහි ය."},{"id":7,"translation":"නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":8,"translation":"එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබී ය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබී ය."},{"id":9,"translation":"(එවිට) අහෝ මූසා! නියත වශයෙන් ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි."},{"id":10,"translation":"තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ නලියමින් සිටිනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේ ය. තවද ඔහු නැවත හැරී නො බැලුවේ ය. අහෝ මූසා! නුඹ බිය නො වනු. නියත වශයෙන් ම මම වනාහි, මා ඉදිරියේ ධර්ම දූතයෝ බිය නො වෙති."},{"id":11,"translation":"එහෙත් අපරාධයක් සිදු කොට අනතුරුව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි."},{"id":12,"translation":"තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ."},{"id":13,"translation":"අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ."},{"id":14,"translation":"තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතුව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අවධානයෙන් බලනු."},{"id":15,"translation":"තවද සැබැවින් ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතරින් දේවත්වය විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියෝ ය."},{"id":16,"translation":"තවද සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේ ය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබී ය. තවද සෑම දෙයකින් ම අපට පිරිනමනු ලැබී ය. නියත වශයෙන් ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය."},{"id":17,"translation":"සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් වර්ගයාගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදි. පසුව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබී ය."},{"id":18,"translation":"කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත්ව නුඹලා පාගා නො දැමිය යුතු යැයි කුහුඹුවක් කීවා ය."},{"id":19,"translation":"උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසී ය."},{"id":20,"translation":"තවද ඔහු (සුලෙයිමාන්) පක්ෂීන්ව නිරීක්ෂණය කළේ ය. හුද් හුද් කුරුල්ලා මා නො දකිනුයේ ඇයි? නැතහොත් ඌ නො පැමිණියවුන් අතරින් වී දැ? යි ඔහු පැවසී ය."},{"id":21,"translation":"මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතු ය."},{"id":22,"translation":"නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නො කළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමඟ නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසී ය."},{"id":23,"translation":"නියත වශයෙන් ම ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත."},{"id":24,"translation":"තවද ඇය හා ඇයගේ ජනයා අල්ලාහ් හැර දමා හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නො ලබති."},{"id":25,"translation":"අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් කළ යුතු නො වේ ද? තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු දනියි."},{"id":26,"translation":"අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන් ය."},{"id":27,"translation":"නුඹ සත්‍යය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතරින් වූයෙහි දැ? යි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේ ය."},{"id":28,"translation":"නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් එය ඔවුන් වෙත දමා පසුව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැ? යි නුඹ අධීක්ෂණය කරනු (යැයි පැවසීය)."},{"id":29,"translation":"අහෝ ප්‍රධානියනි! නියත වශයෙන් ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවා ය."},{"id":30,"translation":"නියත වශයෙන් ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන් ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි."},{"id":31,"translation":"නුඹලා මට එරෙහිව අහංකාර නො වනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු."},{"id":32,"translation":"අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා පැමිණ සාක්ෂි දරන තෙක් මම කිසිදු කරුණක් තීන්දු කරන්නියක් නො වූයෙමි යැයි ඇය පැවසුවා ය."},{"id":33,"translation":"අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙත ය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැ? යි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසුවෝ ය."},{"id":34,"translation":"නියත වශයෙන් ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ යැයි ඇය පැවසුවා ය."},{"id":35,"translation":"තවද නියත වශයෙන් ම මම ඔවුන් වෙත ත්‍යාග එවන්නෙක්මි. එමෙන් ම එම දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැ? යි බලා සිටින්නෙක්මි."},{"id":36,"translation":"එවිට සුලෙයිමාන් වෙත ඔහු (දූතයා) පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම් ය. එහෙත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳව සතුටු වන්නෙහුය යැයි (සුලෙයිමාන්) පැවසී ය."},{"id":37,"translation":"නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින් ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට පත් කරමින් පහත් වූවන් ලෙසින් අපි ඔවුන් එයින් පිටුවහල් කරන්නෙමු."},{"id":38,"translation":"අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැ? යි ඔහු (සුලෙයිමාන්) විමසී ය."},{"id":39,"translation":"ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන් ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතරින් බලවතෙක් පැවසී ය."},{"id":40,"translation":"ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසී ය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි \"මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැ? යි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි\" යැයි (සුලෙයිමාන්) පැවසී ය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන් ම ය. තවද කවරෙකු ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන් ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලී ය."},{"id":41,"translation":"ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදිව හඳුනා ගන්නී ද එසේ නැතහොත් හඳුනා නො ගන්නවුන් අතරින් වන්නී දැ? යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය."},{"id":42,"translation":"පසුව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැ? යි විමසනු ලැබී ය. ඇය නියත වශයෙන් ම මෙය එය වගේ මය යැයි (රැජිණ) පැවසුවා ය. තවද ඇයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් වූයෙමු (යැයි සුලෙයිමාන් පැවසීය)."},{"id":43,"translation":"අල්ලාහ් හැර දමා ඇය නමදිමින් සිටි දෑ ඇයව වැළැක් වීය. නියත වශයෙන් ම ඇය දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයා අතරින් කෙනෙකු විය."},{"id":44,"translation":"ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබී ය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවා ය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තා ය. නියත වශයෙන් ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය. මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමඟ සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවා ය."},{"id":45,"translation":"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින් ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ."},{"id":46,"translation":"මාගේ ජනයිනි! යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නො වේ දැ? යි ඔහු පැවසී ය."},{"id":47,"translation":"නුඹ හා නුඹ සමඟ වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් අබියස ඇත. එහෙත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසී ය."},{"id":48,"translation":"තවද මහපොළොවේ කලහකම් කරන එමෙන් ම විධිමත් නො කරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය."},{"id":49,"translation":"නියත වශයෙන් ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ විනාශ කර දමමු. පසුව ඔහුගේ පවුලේ විනාශය අපි නො දුටුවෙමු. නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු වෙමු යැයි ඔහුගේ භාරකාර අයට පවසන්නෙමු යැයි අල්ලාහ් මත දිවුරා ඔවුහු පැවසුවෝ ය."},{"id":50,"translation":"ඔවුහු දැඩි කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝ ය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු."},{"id":51,"translation":"ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැ? යි ඔබ මැනවින් බලනු. නියත වශයෙන් ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු."},{"id":52,"translation":"ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන් ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත."},{"id":53,"translation":"තවද දේවත්වය විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු."},{"id":54,"translation":"තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම අශීලාචාර දෑ වෙත පැමිණෙන්නෙහු දැ? යි විමසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":55,"translation":"කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතුව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? එසේය, නුඹලා අඥාන පිරිසකි."},{"id":56,"translation":"නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන් ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නො වීය."},{"id":57,"translation":"එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතර පත් වීමට අපි සැළසුම් කළෙමු."},{"id":58,"translation":"තවද අපි ඔවුන් වෙත (ගල්) වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන් මත පතිත වූ වර්ෂාව නපුරු විය."},{"id":59,"translation":"(නබිවරය!) නුඹ පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද?"},{"id":60,"translation":"(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමඟින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි."},{"id":61,"translation":"එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කර ඒ අතර ගංගාවන් ඇති කර එහි කඳු ද ඇති කර මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති."},{"id":62,"translation":"එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා (උතුම්) ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ සුළු වශයෙනි."},{"id":63,"translation":"එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා (උතුම්) ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවන්නා (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතර ය."},{"id":64,"translation":"එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසුව යළි (ප්‍රාණය දී) ගෙන එන්නා (උතුම්) ද? තවද අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙන්නා (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":65,"translation":"අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්‍යමාන දෑ නො දනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදා දැ? යි ද ඔවුහු නො දනිති."},{"id":66,"translation":"එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. එහෙත් ඔවුන් ඒ ගැන සැකයෙහි ය. එහෙත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති."},{"id":67,"translation":"අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත්ව සිටියදී නියත වශයෙන් ම අපි බැහැර කරනු ලබන්නෝ වෙමි දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය."},{"id":68,"translation":"මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නො වීය."},{"id":69,"translation":"මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":70,"translation":"තවද ඔවුන් කෙරෙහි ඔබ දුක් නො වනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණය හේතුවෙන් ඔබ පීඩනයට පත් නො වනු."},{"id":71,"translation":"තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි ඔවුහු විමසති."},{"id":72,"translation":"නුඹලා ඉක්මනින් පතන දැයින් කොටසක් නුඹලාට ළඟා වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":73,"translation":"තවද නියත වශයෙන් ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලී ය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති."},{"id":74,"translation":"තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම ඔබේ පරමාධිපති දනී."},{"id":75,"translation":"තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස නැත."},{"id":76,"translation":"කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන් ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි."},{"id":77,"translation":"තවද නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දේවත්වය විශ්වාස කරන්නන්හට දයාවකි."},{"id":78,"translation":"නියත වශයෙන් ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහු මය සර්ව ඥානී සර්ව බලධාරී."},{"id":79,"translation":"එහෙයින් ඔබ අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන් ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහි ය."},{"id":80,"translation":"නියත වශයෙන් ම නුඹට මළවුන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන්ට ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැකි ය."},{"id":81,"translation":"තවද අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. නුඹට සවන් වැකෙන්නට සැළැස්විය හැක්කේ අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් ලෙස සිටියවුන්ට පමණි."},{"id":82,"translation":"තවද ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ විට ‘නියත වශයෙන් ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නො කරමින් සිටියහ’ යැයි ඔවුන් සමඟ කතා කරන සත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු."},{"id":83,"translation":"තවද සෑම සමූහයකින් ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනයේ ඔවුහු පෙළ ගස්වා තබනු ලබති."},{"id":84,"translation":"ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නො තිබිය දී නුඹලා එය බොරු කළෙහු ද? එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක් දැ? යි ඔහු විමසයි."},{"id":85,"translation":"තවද ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය නියම වනු ඇත. එවිට ඔවුහු (කිසිවක්) කතා නො කරති."},{"id":86,"translation":"ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රිය හා පෙනෙන්නක් ලෙස දහවල නියත වශයෙන් ම අපි ඇති කළ බව ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන ජනයාට සංඥා ඇත."},{"id":87,"translation":"තවද හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත යටහත් වන්නන් ලෙසින් පැමිණෙනු ඇත."},{"id":88,"translation":"තවද ඔබ ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහි ය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකට ම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":89,"translation":"කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝ ය."},{"id":90,"translation":"තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑට හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද? (යැයි පවසනු ලැබේ.)"},{"id":91,"translation":"නියත වශයෙන් ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමදුම් කිරීමට ය. තවද සියලු දෑ ඔහු සතු ය. තවද මම (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි."},{"id":92,"translation":"තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන් ම මම අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":93,"translation":"සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නො වේ යැයි (නබිවරය!) නුඹ පවසනු."}]},{"id":28,"verses":[{"id":1,"translation":"තා, සීන්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වෙති."},{"id":3,"translation":"දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු."},{"id":4,"translation":"නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේ ය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම්වලට බෙදා ඔවුන් අතරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවී ය. නියත වශයෙන් ම ඔහු කලහකාරීන් අතරින් කෙනෙකු විය."},{"id":5,"translation":"තවද මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන්හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අපේක්ෂා කළෙමු."},{"id":6,"translation":"තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද, ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද, ඔවුන් අතරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් (අපි අපේක්ෂා කළෙමු)."},{"id":7,"translation":"තවද ඔහුට කිරි දෙන මෙන් මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු. ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමනු. තවද ඔබ බිය නො වනු. ඔබ දුක් ද නො වනු. නියත වශයෙන් ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු. එමෙන් ම අපි ඔහු ධර්ම දූතයින් අතරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු."},{"id":8,"translation":"ෆිර්අවුන්ගේ නිවැසියෝ ඔහුව අරගත්හ. ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිස ය. නියත වශයෙන් ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නන් වූවෝ ය."},{"id":9,"translation":"තවද මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නො දමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැකි ය. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවා ය. තවද (සිදු වන්නට යන දෑ) ඔවුන් වටහා ගත්තේ නැත."},{"id":10,"translation":"තවද මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නො කළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි."},{"id":11,"translation":"තවද ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවා ය. එවිට ඔවුන් නොදැනුවත්ව සිටිය දී (ඔවුන්) අසලින් ම සිට ඔහු පිළිබඳ ඇය විපරම් කළා ය."},{"id":12,"translation":"තවද අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට, ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට සෙත සලසන්නෝ වෙති යැයි ඇය පැවසුවා ය."},{"id":13,"translation":"(එලෙස) අපි ඔහුව ඔහුගේ මව වෙත ම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නො වීමටද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති."},{"id":14,"translation":"තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ."},{"id":15,"translation":"තවද එහි වැසියන් නො සැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසී ය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු යන ගහ මරා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු ඔහු දුටුවේ ය. එවිට තම පාර්ශවයේ පුද්ගලයා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහිව ඔහුගෙන් උදව් පැතී ය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසී ය. එවිට ඔහු මරණයට පත් විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන් ම ඔහු නො මග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසී ය."},{"id":16,"translation":"මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු මය මහා කරුණාන්විත අතික්ෂමාශීලී."},{"id":17,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන්හට උර දෙන්නෙකු නො වෙමි යැයි ඔහු පැවසී ය."},{"id":18,"translation":"එවිට ඔහු බියට පත්ව (උදෑසන) නගරය තුළ සුපරික්ෂාකාරීව පසු විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතී ය. එවිට නියත වශයෙන් ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසී ය."},{"id":19,"translation":"ඔවුන් දෙදෙනාට ම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි, අහෝ මූසා! පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස වෙනකක් ඔබ අපේක්ෂා කරන්නේ නැත. එමෙන් ම ප්‍රතිසංස්කරණය කරන්නන් අතර වීමට ඔබ අපේක්ෂා කරන්නේ ද නැතැයි ඔහු පැවසී ය."},{"id":20,"translation":"තවද නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ මූසා! නියත වශයෙන් ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ පිටව යනු. නියත වශයෙන් ම මම ඔබට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔහු පැවසී ය."},{"id":21,"translation":"එවිට ඔහු බියට පත්ව සුපරීක්ෂාකාරීව ඉන් පිට වී ‘මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව’ යැයි ඔහු පැවසී ය."},{"id":22,"translation":"තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසී ය."},{"id":23,"translation":"තවද මද්යන්හි ජලාශයක් අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේ ය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේ ය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැ? යි ඔහු විමසී ය. මෙම එඬේරුන් පිටව යන තෙක් අපට ජලය සැපයිය නොහැකි ය. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය."},{"id":24,"translation":"එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසුව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි සැබැවින් ම මම අවශ්‍යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසී ය."},{"id":25,"translation":"ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතුව ගමන් කරමින් පැමිණ නියත වශයෙන් ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කරන්නේ යැයි පැවසුවා ය. එවිට ඔහු ඔහුවෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසී ය. ඔබ බිය නො වනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසී ය."},{"id":26,"translation":"මාගේ පියාණනි! ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවා ය."},{"id":27,"translation":"වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන් ම මම අදහස් කරමි. එහෙත් ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුව ය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්‍රිය නො කරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසී ය."},{"id":28,"translation":"එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර (කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු විරුද්ධතාවක් නොමැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු පැවසී ය."},{"id":29,"translation":"මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමඟ ගමන් ගත් කල්හි තූර් කන්ඳ අසලින් ගින්නක් දුටුවේ ය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසී ය."},{"id":30,"translation":"එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමියේ දකුණු පස නිම්නය දෙසින් පිහිටි ගසින් ‘අහෝ මූසා! සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබී ය."},{"id":31,"translation":"තවද ඔබ ඔබේ සැරයටිය හෙළනු. එය සර්පයකු මෙන් නලියනු ඔහු දුටු කල්හි පසුපස හැරී ගියේ ය. තවද ඔහු (නැවත) හැරී නො බැලුවේ ය. අහෝ මූසා! ඔබ ඉදිරියට එනු. තවද ඔබ බිය නො වනු. නියත වශයෙන් ම ඔබ ආරක්ෂා කරනු ලැබූවන් අතරිනි. (යැයි පවසනු ලැබී ය.)"},{"id":32,"translation":"ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ (ඇළපත වෙතට) බාහුව ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන් ම ඔවුහු පාපතර පිරිසක් වූහ."},{"id":33,"translation":"මාගේ පරමාධිපතියාණනි! ඔවුන් අතරින් කෙනෙකුව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසී ය."},{"id":34,"translation":"තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුර ය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමඟ එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි (යැයි මූසා පැවසී ය.)"},{"id":35,"translation":"(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මඟින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නො වනු ඇත. අපගේ සංඥා මඟින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති."},{"id":36,"translation":"මූසා අපගේ පැහැදිලි සංඥා සමඟ ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ මායාවක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ."},{"id":37,"translation":"තමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැ? යි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැ? යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නා ය. නියත වශයෙන් ම අපරාධකරුවන් ජය නො ලබනු ඇතැයි මූසා පැවසී ය."},{"id":38,"translation":"තවද ෆිර්අව්න් (මෙසේ) පැවැසුවේ ය. අහෝ ප්‍රධානියනි! මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නො දනිමි. එහෙයින් අහෝ හාමාන්! මූසාගේ දෙවියා වෙත එබී බැලිය හැකිවනු පිණිස මා වෙනුවෙන් උස් මැඳුරක් තනනු. තවද සැබැවින් ම ඔහු මුසාවාදීන් අතරින් යැයි මම සිතමි."},{"id":39,"translation":"තවද ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොරව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝ ය. නියත වශයෙන් ම ඔවුන් අප වෙත නැවත හැරී එනු නො ලබන බව ඔවුහු සිතුවෝ ය."},{"id":40,"translation":"එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි (නබිවරය!) නුඹ අවධානයෙන් බලනු."},{"id":41,"translation":"තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නො ලබති."},{"id":42,"translation":"තවද මෙලොවෙහි ශාපය අපි ඔවුන් වෙත අඛන්ඩව යැව්වෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු පහත් කොට සළකනු ලබන්නන් අතරින් වෙති."},{"id":43,"translation":"තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසුව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු."},{"id":44,"translation":"(නබිවරය!) මූසාට නියෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර දෙසෙහි නො සිටියෙහි ය. තවද ඔබ සාක්ෂිකරුවන් අතරින් ද නො වීය."},{"id":45,"translation":"තවද එනමුත් අපි (බොහෝ) පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නො වීය. එනමුත් අප ධර්ම දූතයින් එවන්නන් වූයෙමු."},{"id":46,"translation":"තවද අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නො වූයෙහි ය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. (ඔබට දැනුම් දෙනු ලැබ ඇත්තේ.)"},{"id":47,"translation":"තවද ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත දූතයකු එවිය යුතු නො වේ ද? එසේනම් ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි. තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නට ද තිබුණි’ යැයි ඔවුහු නො පවසනු පිණිස ය."},{"id":48,"translation":"අප වෙතින් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නො වේ දැ? යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නො කළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන මායාකරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන් ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ."},{"id":49,"translation":"නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන ධර්ම ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":50,"translation":"ඔබට ඔවුහු පිළිතුරු නො දුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන් ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත."},{"id":51,"translation":"තවද සැබැවින් ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු."},{"id":52,"translation":"මීට පෙර අපි ඔවුනට ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති."},{"id":53,"translation":"තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන් ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි. නියත වශයෙන් ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ."},{"id":54,"translation":"ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළක්වා ගන්නා බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කරන බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහු ම ය."},{"id":55,"translation":"තවද නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්‍රියාවන් අපට ය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. නුඹලා වෙත සාමය වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නො සොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ."},{"id":56,"translation":"නියත වශයෙන් ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැකි ය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නා ය."},{"id":57,"translation":"තවද අපි ඔබ සමඟ යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නො කළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති."},{"id":58,"translation":"තවද තම ජීවන පහසුකම් සැපවත් කරගත් ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථානවල ස්වල්ප දෙනෙකු මිස පදිංචි කරවනු නො ලැබී ය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු."},{"id":59,"translation":"තවද අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නො වීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ලෙස සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නො වූයෙමු."},{"id":60,"translation":"තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. සදා පවතින්නක් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?"},{"id":61,"translation":"අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා, මෙලොව ජීවිතයේ සම්පත් අපි භුක්ති විඳීමට සලස්වා පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (දඬුවම් ලැබීම පිණිස) ඉදිරිපත් කරනු ලබන තැනැත්තා මෙන් වන්නේ ද?"},{"id":62,"translation":"තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි."},{"id":63,"translation":"අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන් ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නො වූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි."},{"id":64,"translation":"තවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. එහෙත් ඔවුහු ඔවුනට පිළිතුරු නො දෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන් ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!"},{"id":65,"translation":"තවද එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහු දැ? යි විමසයි."},{"id":66,"translation":"සිදු වීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී යනු ඇත. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නො ගනිති."},{"id":67,"translation":"එහෙත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී, ඔහු ජයග්‍රාහකයින් අතරින් වන්නට පුළුවණ."},{"id":68,"translation":"තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේ ය. ඔහු තෝරා ගන්නේ ය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය."},{"id":69,"translation":"තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නූඹේ පරමාධිපති දන්නේ ය."},{"id":70,"translation":"තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තීන්දුව ද ඔහු සතු ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය."},{"id":71,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නො දෙන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු."},{"id":72,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි ගිමන් හරින රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ විමසනු."},{"id":73,"translation":"තවද එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේ ය."},{"id":74,"translation":"තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේ දැ? යි ඔහු විමසයි."},{"id":75,"translation":"තවද සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන් ම සත්‍යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි."},{"id":76,"translation":"නියත වශයෙන් ම කාරූන් මූසාගේ ජනයා අතරින් කෙනෙකු විය. එහෙත් ඔහු ඔවුනට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන් ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නො වනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන් ම අල්ලාහ් උදම් වන්නන් ප්‍රිය නො කරයි."},{"id":77,"translation":"තවද අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නො කරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලීව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලීව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නො සොයනු. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නො කරයි."},{"id":78,"translation":"මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසී ය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන් ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නො දත්තේ ද? තවද ඔවුන්ගේ පාපයන් ගැන මෙම අපරාධකරුවෝ විමසනු නො ලබති."},{"id":79,"translation":"ඔහු අලංකාරයෙන් සැරසී ඔහුගේ ජනයා වෙත පිටත්ව පැමිණියේ ය. කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන් ම ඔහු ඉමහත් භාග්‍යය සම්පන්නයකු යැයි මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ පැවසූහ."},{"id":80,"translation":"තවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම් ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නො ලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ."},{"id":81,"translation":"එහෙයින් අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එවිට අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු උදව් ලබන්නන් අතරින් ද නො වීය."},{"id":82,"translation":"අහෝ! තම ගැත්තන් අතරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නො වූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ."},{"id":83,"translation":"ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නො කරන්නන්හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන්හට ය."},{"id":84,"translation":"කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නො ලැබේ."},{"id":85,"translation":"නියත වශයෙන් ම ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයට ම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැ? යි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන් දැ? යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) පවසනු."},{"id":86,"translation":"තවද ධර්ම ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නො සිටියෙහි ය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස වෙනකක් නැත. එහෙයින් ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට උර දෙන්නකු නො වනු."},{"id":87,"translation":"තවද අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසුව ඒවායින් ඔවුන් ඔබව නො වැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දේවත්වය ආදේශ කරන්නන් අතරින් නො වනු."},{"id":88,"translation":"තවද ඔබ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් නො කරනු. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහුගේ මුහුණ හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නක් ය. තීන්දුව ඔහු සතු ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ය."}]},{"id":29,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නො ලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද?"},{"id":3,"translation":"තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳව අල්ලාහ් සැබැවින් ම දනී. තවද මුසාවාදීන් පිළිබඳව ද ඔහු සැබැවින් ම දනී."},{"id":4,"translation":"නපුරුකම් සිදු කරන්නන් වනාහි ඔවුහු අප අබිබවා යා හැකැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය."},{"id":5,"translation":"කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":6,"translation":"තවද කවරෙකු (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්‍යතා නොමැත්තෙකි."},{"id":7,"translation":"තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි කමා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි වඩාත් අලංකාර දෑ සඳහා අපි ඔවුනට ප්‍රතිඵල පිරිනමන්නෙමු."},{"id":8,"translation":"තවද තම දෙමව්පියන් සමඟ යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නො වනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව අපි නුඹලාට දන්වන්නෙමු."},{"id":9,"translation":"තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින් ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු."},{"id":10,"translation":"තවද ‘සැබැවින් ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසන අය ජනයා අතරින් වෙති. එවැන්නෙකු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට, ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකයි. එහෙත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන් ම අපි නුඹලා සමඟ සිටියෙමු යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳව මැනවින් දන්නා අල්ලාහ් නො වේ ද?"},{"id":11,"translation":"තවද සැබැවින් ම දේවත්වය විශ්වාස කළවුන් ගැන අල්ලාහ් දන්නේ ය. තවද කුහකයින් ගැන ද සැබැවින් ම ඔහු දන්නේ ය."},{"id":12,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් දේවත්වය විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපකම්වලින් කිසිවක් ඔවුහු උසුලන්නන් නො වෙති. නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ය."},{"id":13,"translation":"තවද නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමඟ තවත් බරද උසුලනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන් ම විනිශ්චය කරනු ලැබේ."},{"id":14,"translation":"තවද සැබැවින් ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිටියේ ය. එවිට ඔවුන් අපරාධකරුවන් ලෙස සිටිය දී මහා ගංවතුර ඔවුන් හසු කළේ ය."},{"id":15,"translation":"එවිට අපි ඔහු (නූහ්) හා නැවේ සිටි සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු."},{"id":16,"translation":"තවද ඉබ්රාහීම්ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":17,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරනුයේ පිළිමවලට ය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහු ය. නියත වශයෙන් ම අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුන් හැකියාව නො දරිති. එහෙයින් අල්ලාහ් අබියසින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ය."},{"id":18,"translation":"තවද නුඹලා බොරු කරන්නෙහු නම් එවිට (දැනගනු) සැබැවින් ම නුඹලාට පෙර සිටි සමූහයෝ ද බොරු කළෝ ය. තවද පැහැදිලිව දන්වා සිටීම මිස වෙනත් කිසිවක් පණිවිඩකරුවා වෙත නැත."},{"id":19,"translation":"අල්ලාහ් මැවීම් ප්‍රථමෝත්පාදනය කර පසුව ඔහු එය නැවත ගෙන එන්නේ කෙසේ දැ? යි ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි."},{"id":20,"translation":"මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්‍රථමෝත්පාදනය කළේ කෙසේ දැ? යි අධීක්ෂණයෙන් බලනු. පසුව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":21,"translation":"ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතට ය."},{"id":22,"translation":"තවද නුඹලා මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව පරාජය කරන්නට) හැකියාව දරන්නන් නො වන්නෙහු ය. තවද අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත."},{"id":23,"translation":"තවද අල්ලාහ්ගේ සංඥා හා ඔහුගේ හමුව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහු ම ය."},{"id":24,"translation":"(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නො වීය. එවිට අල්ලාහ් ඔහුව ගින්නෙන් මුදවා ගත්තේ ය. නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත."},{"id":25,"translation":"තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ආදරය ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොරව ගෙන ඇත්තේ පිළිම (වන්දනාව) ය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත."},{"id":26,"translation":"තවද ලූත් ඔහු (ඉබ්රාහීම්)ව විශ්වාස කළේ ය. නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙත නික්ම ආ කෙනෙකි. නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය."},{"id":27,"translation":"තවද අපි ඔහු (ඉබ්රාහීම්)ට ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ දූතත්වය හා ධර්ම ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ කුලිය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන් ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතරින් ය."},{"id":28,"translation":"තවද ලූත්ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශීලාචාරය දෑහි නිරත වන්නෙහු ය. නුඹලාට පෙර මෙවැනි දෙයක් ලෝවැසියන් අතරින් කිසිවෙකු විසින් සිදු කර නැත."},{"id":29,"translation":"නියත වශයෙන් ම නුඹලා සහජ මාර්ගය කපා හැර පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) පැමිණෙන්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්‍යවාදීන් අතරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නො වීය."},{"id":30,"translation":"මාගේ පරමාධිපතියණනි! කලහකාරී පිරිසට එරෙහිව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය."},{"id":31,"translation":"තවද අපගේ දූතවරුන් ඉබ්රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන් ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන් ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසුවෝ ය."},{"id":32,"translation":"නියත වශයෙන් ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය. එහි සිටින්නේ කවරෙකු දැ? යි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතරට පත් වූවා ය."},{"id":33,"translation":"තවද අපගේ දූතවරු ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් ගැන කනස්සල්ලෙන් ඔහු පීඩනයට පත් විය. තවද ඔබ බිය නො වනු. ඔබ දුක් නො වනු. නියත වශයෙන් ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතරට පත් වූවාය යැයි පැවසූහ."},{"id":34,"translation":"නියත වශයෙන් ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෙමු."},{"id":35,"translation":"තවද වටහා ගන්නා ජනයාට සැබැවින් ම අපි පැහැදිලි සංඥාවක් එහි අත්හැර දමා ඇත්තෙමු."},{"id":36,"translation":"තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද පරමාන්ත දිනය බලාපොරොත්තු වෙනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නො සැරිසරනු යැයි ඔහු පැවසී ය."},{"id":37,"translation":"එවිට ඔවුහු ඔහු බොරු කළෝ ය. එවිට භූමිකම්පාව ඔවුන් හසු කර ගත්තේ ය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූවෝ ය."},{"id":38,"translation":"තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින් ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන්ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක් වී ය."},{"id":39,"translation":"තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින් ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේ ය. එහෙත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නො වූහ."},{"id":40,"translation":"එසේ සෑම සමූහයක් ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අය ද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙති. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නො වීය. එහෙත් ඔවුහු ඔවුනට ම අපරාධ කර ගනිමින් සිටියෝ ය."},{"id":41,"translation":"අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. නියත වශයෙන් ම නිවෙස් අතරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි. ඔවුන් දැන සිටියාහු නම්."},{"id":42,"translation":"නියත වශයෙන් ම ඔහු හැර දමා ඔවුන් කවර දෙයකින් ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":43,"translation":"තවද එම උපමාවන් අපි ජනයාට ගෙන හැර පාන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නො ගනියි."},{"id":44,"translation":"අල්ලාහ් අහස් සහ මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන්හට එහි සංඥාවක් ඇත."},{"id":45,"translation":"ධර්ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත. තවද අල්ලාහ්ව මෙනෙහි කිරීම අතිමහත් ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී."},{"id":46,"translation":"තවද ධර්ම ග්‍රන්ථ ලත් අය සමඟ කවර දෙයක් යහපත් වන්නේ ද එය මඟින් මිස වෙනත් කිසිවක් මඟින් තර්ක නො කරනු. එහෙත් ඔවුන් අතරින් අපරාධ කළවුන් සමඟ හැර. (ඔවුන් සමඟ තර්ක කිරීමට සිදු වුවහොත්) ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එක ම ය. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු.’ යැයි නුඹලා පවසනු."},{"id":47,"translation":"තවද එලෙස අපි ඔබ වෙතට ද ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය එය විශ්වාස කරති. තවද (මක්කාවාසීන් වන) මොවුන් අතුරින් ද එය විශ්වාස කරන්නන් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නො දකිති."},{"id":48,"translation":"තවද මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නො සිටියෙහි ය. ඔබේ දකුණතින් එය ඔබ නො ලිව්වෙහි ය. එසේ වී නම් අසත්‍යයේ නිරතව සිටින්නන් සැක පහළ කරන්නෝම ය."},{"id":49,"translation":"එහෙත් මෙය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන් ය. තවද අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නො දකිති."},{"id":50,"translation":"තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් (පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන්) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නො වේ දැ? යි ඔවුහු විමසුවෝ ය. (අහෝ නබිවරය!) ‘නියත වශයෙන් ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි නුඹ පවසනු."},{"id":51,"translation":"නියත වශයෙන් ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නො වේ ද? දේවත්වය විශ්වාස කරන ජනයාට නියත වශයෙන් ම එහි ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් ඇත."},{"id":52,"translation":"සාක්ෂිකරුවකු වශයෙන් මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්‍රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්‍යය විශ්වාස කොට අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මය අලාභවන්තයෝ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":53,"translation":"තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නො වී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. තවද ඔවුන් නොදැනුවත්ව සිටිය දී එය ක්ෂණිකව ඔවුන් වෙත පැමිණෙනු ඇත."},{"id":54,"translation":"ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන් ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි."},{"id":55,"translation":"එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාදවලට යටින් ද දඬුවම ඔවුන්ව ආවරණය කරනු ඇත. \"තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු\" යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත."},{"id":56,"translation":"අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි! නියත වශයෙන් ම මාගේ භූමිය විශාල ය. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු."},{"id":57,"translation":"සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. පසුව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහු ය."},{"id":58,"translation":"තවද දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි ඊට යටින් ගංගාවන් ගලා බස්නා කුටිවල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින් ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය."},{"id":59,"translation":"තවද ඔවුන් වනාහි ඉවසිලිමත් වූ අය වෙති. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති."},{"id":60,"translation":"තවද කොපමණක් ප්‍රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":61,"translation":"තවද අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින් ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":62,"translation":"අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු ඔහුට (ඒවා) සීමා කරයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":63,"translation":"තවද අහසින් ජලය පහළ කොට එමඟින් මහපොළොව මියගිය පසුව එය ප්‍රාණවත් කළේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන් ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නො ගනිති යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":64,"translation":"තවද මෙලොව ජීවිතය විනෝදයක් හා සෙල්ලමක් මිස වෙනකක් නො වේ. තවද නියත වශයෙන් ම මතු ලොව ජීවිතය එය මය සැබෑ ජීවිත ය. ඔවුහු දැන සිටියාහු නම්."},{"id":65,"translation":"ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, (විපතෙන් මිදීමට) දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසුව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු (ඔහුට) ආදේශ කරන්නෝ වෙති."},{"id":66,"translation":"(එසේ ඔවුන් සිදු කරනුයේ) අපි ඔවුනට පිරිනැමූ දෑ ප්‍රතික්ෂේප කරනු පිණිස හා ඔවුහු (පතන පරිදි) භුක්ති විදිනු පිණිස ය. එහෙත් ඔවුහු මතු දැනගනු ඇත."},{"id":67,"translation":"ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී (මක්කාව) සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරමින් අසත්‍යය ඔවුහු විශ්වාස කරන්නෝ ද?"},{"id":68,"translation":"තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්‍යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නො වී ද?"},{"id":69,"translation":"තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන් සමඟ සිටින්නේ ය."}]},{"id":30,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"රෝමය පරාජයට පත් කරනු ලැබී ය."},{"id":3,"translation":"රෝම රාජ්‍යය (අසල පිහිටි) පහත් භූමියෙහි ඔවුන් පරාජයට පත් කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ජයග්‍රහණය කරනු ඇත."},{"id":4,"translation":"(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු බලය අල්ලාහ් සතු ය. තවද එදින දේවත්වය විශ්වාස කරන්නෝ සතුටු වෙති."},{"id":5,"translation":"අල්ලාහ්ගේ උදව්ව මඟින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා කරුණාවන්ත ය."},{"id":6,"translation":"තවද (රෝම ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නො කරයි. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති."},{"id":7,"translation":"මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. එහෙත් මතු ලොව පිළිබඳව ඔවුහු අනවධානීන් ලෙස ම සිටිති."},{"id":8,"translation":"තවද ඔවුහු තමන් ගැන කල්පනා නො කළෝ ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල නිර්ණයකට අනුව මිස අල්ලාහ් මැව්වේ නැත. තවද ජනයා අතරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති."},{"id":9,"translation":"තවද මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු නො බැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝ ය. ඔවුන් මහපොළොවේ අස්වද්දා, මොවුන් පාලනය කළ දෑට වඩා බලවත් ලෙස ඔවුහු එය පරිපාලනය කළෝ ය. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නො වීය. එනමුත් ඔවුහු ඔවුනට ම අපරාධ කරගන්නන් වූවෝ ය."},{"id":10,"translation":"පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කරමින් සිටි බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය."},{"id":11,"translation":"අල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසුව එය නැවත නිර්මාණය කරයි. පසුව ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ."},{"id":12,"translation":"තවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේ දී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති."},{"id":13,"translation":"ඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නො වීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති."},{"id":14,"translation":"තවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන්ව යති."},{"id":15,"translation":"එහෙත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති."},{"id":16,"translation":"තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමුව බොරු කළ අය වූ කලී ඔවුහු මය දඬුවම් දීමට ගෙන එනු ලබන්නෝ."},{"id":17,"translation":"අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු."},{"id":18,"translation":"අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යාහ්න කාලයට එළැඹෙන විටත් (සුවිශුද්ධ කරනු)."},{"id":19,"translation":"ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසුව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ."},{"id":20,"translation":"නුඹලා පසින් මැවීම, පසුව නුඹලා (මහපොළොවේ) මිනිසුන් ලෙසින් විසිර සිටීම ඔහුගේ සංඥා අතරිනි."},{"id":21,"translation":"තවද නුඹලා ඇය සමඟ වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින් ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේ ය. නියත වශයෙන් ම එහි සිතන ජනයාට සංඥා ඇත."},{"id":22,"translation":"තවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත."},{"id":23,"translation":"තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත."},{"id":24,"translation":"තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමඟින් මහපොළොව එය මළ පසුව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත."},{"id":25,"translation":"තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහු ය."},{"id":26,"translation":"තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති."},{"id":27,"translation":"තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසුව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහු ය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":28,"translation":"නුඹලා අතරින් ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වී ය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමාන ද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙස ය."},{"id":29,"translation":"එහෙත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝ ය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවු ද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත."},{"id":30,"translation":"එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංකව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නො දනිති."},{"id":31,"translation":"ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නො වනු."},{"id":32,"translation":"(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝ ය."},{"id":33,"translation":"තවද මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසුව එයින් ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති."},{"id":34,"translation":"(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත."},{"id":35,"translation":"එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන සාධකයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?"},{"id":36,"translation":"තවද ජනයාට ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමඟින් සතුටු වෙති. එහෙත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති."},{"id":37,"translation":"තවද නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත."},{"id":38,"translation":"එහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන්හට එය උතුම් ය. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":39,"translation":"තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහු මය ගුණ කරනු ලබන්නෝ."},{"id":40,"translation":"අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේ ය. නුඹලාට පෝෂණය දුන්නේ ය. පසුව ඔහු නුඹලා මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ජීවය දෙන්නේ ය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුර ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය."},{"id":41,"translation":"මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිස ය."},{"id":42,"translation":"මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":43,"translation":"එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන්ව විසිර යති."},{"id":44,"translation":"කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට ම එරෙහිව ය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන් ම ඔවුහු සැලසුම් කර ගනිති."},{"id":45,"translation":"විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නො කරයි."},{"id":46,"translation":"තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන් ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි."},{"id":47,"translation":"තවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින් ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. පසුව (එය ඔවුහු නො පිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය."},{"id":48,"translation":"සුළඟ එවනුයේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එසේ එය ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති."},{"id":49,"translation":"තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ."},{"id":50,"translation":"එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසුව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන් ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නා ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":51,"translation":"තවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ."},{"id":52,"translation":"(නබිවරය!) එහෙයින් ඔබ මළවුන්ට සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන් පසුපස හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය."},{"id":53,"translation":"තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය."},{"id":54,"translation":"දුබලත්වයේ සිට නුඹලාව මැව්වේ ඔහු ය. අනතුරුව දුබලත්වයෙන් පසුව ඔහු ශක්තිමත් භාවයට පත් කළේ ය. අනතුරුව ශක්තිමත් භාවයෙන් පසුව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේ ය. ඔහු සර්ව ඥානී ය; සර්ව බලසම්පන්න ය."},{"id":55,"translation":"තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නො සිටි බවට දිවුරා සිටිති. එලෙසය, ඔවුහු වෙනතකට යොමු කරනු ලබමින් සිටියේ."},{"id":56,"translation":"තවද නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහු ය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවෝ පැවසූහ."},{"id":57,"translation":"එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු නො ලබති."},{"id":58,"translation":"තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින් ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත නුඹ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්‍යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන් ම පවසනු ඇත."},{"id":59,"translation":"වටහා නො ගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙස ය."},{"id":60,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ ඉවසා සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නො කරන්නන් ඔබව සුළු කොට නොතැකිය යුතු ය."}]},{"id":31,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"ඒවා ප්‍රඥාවෙන් සපිරුණු ධර්ම ග්‍රන්ථයේ වදන් ය."},{"id":3,"translation":"එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි."},{"id":4,"translation":"ඔවුහු වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. තවද zසකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳව තරයේම විශ්වාස කරන්නෝ වෙති."},{"id":5,"translation":"ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":6,"translation":"තවද ජනයා අතරින් කිසිදු දැනුමකින් තොරව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන්හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය."},{"id":7,"translation":"තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නො ඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේ ය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු."},{"id":8,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත."},{"id":9,"translation":"ඔවුන් එහි සදාතනිකයින් ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":10,"translation":"නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුණකින් තොරව අහස් ඔහු මැව්වේ ය. තවද (භූමිය) නුඹලා සමඟ නො සැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේ ය. තවද එහි සෑම ජීවියකුම ව්‍යාප්ත කළේ ය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින් ම පැළෑටි හටගැන්වූයෙමු."},{"id":11,"translation":"මෙය අල්ලාහ්ගේ මැවීම ය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. එහෙත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි ය."},{"id":12,"translation":"තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින් ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුට ම ය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන් ම අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය."},{"id":13,"translation":"තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි! ඔබ අල්ලාහ්ට ආදේශ නො කරනු. නියත වශයෙන් ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි."},{"id":14,"translation":"ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවා ය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳව අපි උපදෙස් දුනිමු."},{"id":15,"translation":"ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නො වනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමඟ මිත්‍රශීලීව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසුව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව මම නුඹලාට දන්වමි."},{"id":16,"translation":"අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම අබ ඇටයක තරම් ප්‍රමාණකින් යමක් වී එය කළු ගලක් තුළ හෝ අහස් තුළ හෝ මහපොළොව තුළ හෝ තිබුණ ද අල්ලාහ් එය ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියුම් ඥානය ඇත්තා ය; අභිඥාන වන්ත ය."},{"id":17,"translation":"මාගේ පුතණුවනි! ඔබ සලාතය විධිමත්ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට හට ගත් දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම එය අධිෂ්ඨාන පූර්වක කරුණු අතරින් වූවකි."},{"id":18,"translation":"(උඬඟුකමින්) ඔබේ කම්මුල මිනිසුන්ගෙන් නො හරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නො කරනු. උඩඟු ලීලාවෙන්, උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත."},{"id":19,"translation":"තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන් ම හඬ අතරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬ ය."},{"id":20,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නො දුටුවෙහු ද? (එහෙත්) කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන ධර්ම ග්‍රන්ථයකින් හෝ තොරව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතරින් වෙති."},{"id":21,"translation":"තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද, එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරනුයේ ද?)"},{"id":22,"translation":"තවද කවරෙකු දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ශක්තිමත් රැහැනක් තදින් ග්‍රහණය කර ගත්තේ ය. තවද සියලු කරුණුවල අවසානය අල්ලාහ් වෙත ය."},{"id":23,"translation":"තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":24,"translation":"අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසුව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු."},{"id":25,"translation":"තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින් ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":26,"translation":"අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය."},{"id":27,"translation":"තවද මහපොළොවේ ගස් (සියල්ල) පන්හිදවල් වී තවද මුහුද ද එයට පසුව තවත් මුහුදු හතක් (තීන්ත බවට) එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":28,"translation":"නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එක් ආත්මයක් (මැවීම) මෙන් මිස නැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය."},{"id":29,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නො දුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේ ය. (එය) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":30,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සත්‍ය ය. තවද නියත වශයෙන් ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය උත්තරීතර; අතිමහත් වනයේ."},{"id":31,"translation":"ඔහුගේ සංඥා අතරින් නුඹලාට ඔහු(ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන් ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නො දුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුට ම එහි සංඥාවන් ඇත."},{"id":32,"translation":"තවද කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝ ය. එහෙත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන්නන් ද විය. එමෙන් ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නො දකිනු ඇත."},{"id":33,"translation":"අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන් ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව මුළා කර නො දැමිය යුතු ය. තවද මුළා කරන්නා ද අල්ලාහ් ගැන නුඹලා මුළා නො කර යුතු ය."},{"id":34,"translation":"අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක් දැ? යි කිසිදු ආත්මයක් නො දනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැ? යි කිසිදු ආත්මයක් නො දනී. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; අභිඥානවන්ත ය."}]},{"id":32,"verses":[{"id":1,"translation":"අලිෆ්, ලාම්, මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත."},{"id":3,"translation":"එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිසත් ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිසත් ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි."},{"id":4,"translation":"අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ් ය. පසුව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නො වේ ද?"},{"id":5,"translation":"අහසේ සිට මහපොළොව දක්වා වූ සියලු ම කරුණු ඔහු සැලසුම් කරයි. පසුව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය ආරෝහණය වෙයි."},{"id":6,"translation":"ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විත ය."},{"id":7,"translation":"ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේ ය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේ ය."},{"id":8,"translation":"පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේ ය."},{"id":9,"translation":"පසුව ඔහු ඔහුව හැඩ ගන්වා ඔහුගේ ප්‍රාණයෙන් ඔහු තුළ පිඹ ප්‍රාණවත් කළේ ය. තවද නුඹලාට ශ්‍රවණය, දෘෂ්ටීන් හා හදවත් ඇති කළේ ය. එහෙත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි."},{"id":10,"translation":"තවද අපි මහපොළොවෙන් තුරන්ව ගිය විට නියත වශයෙන් ම අපි අලුත් මැවීමක් වන්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝ ය. එසේ නො ව, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති."},{"id":11,"translation":"නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":12,"translation":"එවිට වැරදිකරුවන් තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි! අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අපව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන් ම අපි ස්ථීරව විශ්වාස කරන්නෝ වෙමු යැයි ඔවුන් පවසනු නුඹ දක්නිනේ නම් (එදින තත්ත්වය නුඹට හෙළි වේ.)"},{"id":13,"translation":"තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. එහෙත් (අපරාධකාරී) ජින් වර්ගයා සහ මිනිස් වර්ගයා යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත."},{"id":14,"translation":"එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමුව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන් ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු."},{"id":15,"translation":"අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඬගු නො වෙති."},{"id":16,"translation":"ඔවුන්ගේ ඇලපත් නිදියහන්වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති."},{"id":17,"translation":"එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පින වන දෑ කිසිදු ආත්මයක් නො දනී."},{"id":18,"translation":"කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නො වෙති."},{"id":19,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට සංග්‍රහයක් වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත."},{"id":20,"translation":"තවද පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. තවද නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ."},{"id":21,"translation":"තවද (පාපකම්වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු."},{"id":22,"translation":"තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසුව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු."},{"id":23,"translation":"තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳව සැකයෙහි නො වනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු."},{"id":24,"translation":"තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු."},{"id":25,"translation":"ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන් ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි."},{"id":26,"translation":"තවද ඔවුනට පෙර, පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන හරහා ගමන් කරති. එය ඔවුනට මගපෙන්වීමක් නො වී ද? නියත වශයෙන් ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නො දෙන්නෝ ද?"},{"id":27,"translation":"තවද නියත වශයෙන් ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමඟින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග අප හටගැන්වීම ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නො බලන්නෝ ද?"},{"id":28,"translation":"තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදා දැ? යි (නුඹලා පවසනු යැයි) ඔවුහු විමසති."},{"id":29,"translation":"ජයග්‍රහණයේ දින, දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":30,"translation":"එහෙයින් ඔබ ඔවුන් ගැන නො සලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති."}]},{"id":33,"verses":[{"id":1,"translation":"අහෝ නබිවරය! අල්ලාහ්ට නුඹ බිය බැතිමත් වනු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්ට නුඹ අවනත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී මහා ප්‍රඥාවන්ත විය."},{"id":2,"translation":"තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දන්වා සිටිනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත විය."},{"id":3,"translation":"තවද නුඹ අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":4,"translation":"මිනිසෙකුට ඔහුගේ අභ්‍යන්තරයේ හදවත් දෙකක් අල්ලාහ් ඇති නො කළේ ය. තවද ඔවුන් අතරින් නුඹලා මව(ගේ ශරීරය)ට සමකරන නුඹලාගේ බිරියන් නුඹලාගේ මව්වරුන් නො වේ. තවද නුඹලා (තම පුතුන් ලෙස) වාද කරන්නන් නුඹලාගේ පුතුන් නො වේ. එය නුඹලාගේ මුඛවලින් නුඹලා පවසන ප්‍රකාශයයි. තවද අල්ලාහ් සත්‍යය පවසයි. තවද ඔහු ඍජු මග පෙන්වයි."},{"id":5,"translation":"ඔවුන්ගේ පියවරුන්ගේ වාසගමින් නුඹලා ඔවුන් අමතනු. එය අල්ලාහ් අබියස වඩාත් සාධාරණනීය ය. එසේ ඔවුන්ගේ පියවරුන් නුඹලා නො දන්නෙහු නම්, එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයින් හා නුඹලාගේ මිත්‍රයින් වෙති. කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද එහි නුඹලා කෙරෙහි වරදක් නැත. එහෙත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය."},{"id":6,"translation":"දේවත්වය විශ්වාස කරන්නන් හට ඔවුනටත් වඩා මෙම නබිවරයා වඩාත් ප්‍රමුඛය. ඔහුගේ බිරියෝ ඔවුන්ගේ මාතාවෝය. දේවත්වය විශ්වාස කරන්නන් හා නික්ම ගියවුනට වඩා අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ප්‍රමුඛත්වය හිමි විය යුත්තෝ වෙති. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කරනු. එය ධර්ම ග්‍රන්ථයේ ලියන ලද්දක් විය."},{"id":7,"translation":"නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු."},{"id":8,"translation":"(එසේ දැඩි ප්‍රතිඥාවක් ලබා ගත්තේ) සත්‍යාවාදීන්ගෙන් ඔවුන්ගේ සත්‍යතාව පිළිබඳ ඔහු විමසනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කොට ඇත."},{"id":9,"translation":"අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහිව සැඩ සුළඟක් හා නුඹලා නො දුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් නිරීක්ෂක විය."},{"id":10,"translation":"නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද නුඹලා වෙත ඔවුහු (සේනාවෝ) පැමිණියෝ ය. තවද බැල්ම ඇල වී හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී නුඹලා අල්ලාහ් පිළිබඳ නො යෙක් සිතුවිලි මවාගත් අවස්ථාව සිහිපත් කරනු."},{"id":11,"translation":"එවිට දේවත්වය විශ්වාස කරන්නෝ පරීක්ෂාවට ලක් කරනු ලැබුවෝ ය. තවද ඔවුහු දැඩි ලෙස කම්පනයට ලක් කරනු ලැබුවෝ ය."},{"id":12,"translation":"තවද කුහකයෝ හා තම හදවත් තුළ රෝග ඇත්තෝ ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රැවටීම මිස වෙනෙකක් අපට ප්‍රතිඥා දුන්නේ නැතැ’යි පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":13,"translation":"තවද, “අහෝ යස්රිබ් වැසියනි! නුඹලාට (සතුරන්ට එරෙහිව) නැවතීමක් (මෙහි) නොමැත. එහෙයින් නුඹලා හැරී යනු” යි ඔවුන් අතරින් පිරිසක් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් පිරිසක් ‘නියත වශයෙන් ම අපගේ නිවෙස් අනාරක්ෂිත’ යැයි පවසමින් නබිවරයාගෙන් අවසර පැතූහ. එහෙත් ඒවා අනාරක්ෂිත නො වීය. ඔවුහු පළා යෑම මිස වෙනෙකක් අපේක්ෂා නො කළෝ ය."},{"id":14,"translation":"තවද ඔවුනට එරෙහිව සිව්දෙසින් (සතුරු සේනාවන්) ප්‍රවේශ කරනු ලැබ පසුව කලහකම් කරනු ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ නම්, නියත වශයෙන් ම ඔවුහු ඒ වෙත පැමිණෙන්නෝම ය. තවද ස්වල්ප දෙනෙකු හැර එහි ඔවුන් රැඳී නො සිටිනු ඇත."},{"id":15,"translation":"තවද පසුපස ලා ඔවුන් හැරී නො යන බවට මීට පෙර අල්ලාහ් සමඟ ඔවුහු ගිවිස ගත්තෝ ය. අල්ලාහ්ගේ ගිවිසුම (මතුලොවෙහි) විමසනු ලබන්නක් විය."},{"id":16,"translation":"“මරණයෙන් හෝ සටනින් හෝ නුඹලා පළා ගියේ නම්, එම පළා යෑම නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. එවිට ස්වල්ප (කාල)යක් මිස නුඹලා භුක්ති විඳිනු නො ලබන්නෙහු” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":17,"translation":"අල්ලාහ් නුඹලාට යම් නපුරක් සිතුවේ නම් හෝ නුඹලාට යම් දයාවක් සිතුවේ නම් හෝ ඔහුගෙන් නුඹලා ආරක්ෂා කරන අයවලුන් කවුරුන් ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. අල්ලාහ් හැර කිසිදු භාරකරුවකු හෝ උදව් කරුවකු හෝ ඔවුහු නො ලබති."},{"id":18,"translation":"නුඹලා අතරින් (සටනට යෑමෙන්) වළක්වන්නන් හා “අප වෙත (හැරී) එනුයි” තම සහෝදරයන්ට පවසන්නන් පිළිබඳව සැබැවින් ම අල්ලාහ් දනී. තවද ස්වල්ප දෙනකු මිස සටනට නො පැමිණෙති."},{"id":19,"translation":"(එය,) නුඹලාට එරෙහිව දක්වන මසුරුකමක් ලෙසිනි. එහෙත් බිය පැමිණි විට, මරණ (බි)යෙන් සිහි විකල් වූ කෙනෙකු මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබ දෙස බලා සිටිනු නුඹ ඔවුන් දුටුවෙහි ය. එහෙත් බිය පහව ගිය විට වස්තු තණ්හාව හේතුවෙන් ඔවුහු තියුණු වදනින් නුඹලාට වේදනාව ගෙන දෙනු ඇත. දේවත්වය විශ්වාස නො කරන්නෝ ඔවුහු ම ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේ ය. එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය."},{"id":20,"translation":"සැබැවින් ම (සතුරු) සේනාවන් (තවමත් ඉවත් ව) නො ගිය බව ඔවුහු සිතති. තවද එම සේනාවන් පැමිණියේ නම් ගැමි අරාබිවරුන් අතරට ගොස් නුඹලාගේ තොරතුරු විමසීමට තිබුණේ නම් මැනවයි ඔවුහු ප්‍රිය කරති. තවද ඔවුන් නුඹලා අතර සිටියේ නම් ස්වල්ප දෙනෙකු මිස සටන් නො වදිනු ඇත."},{"id":21,"translation":"අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය."},{"id":22,"translation":"තවද දේවත්වය විශ්වාස කරන්නෝ එම (ඒකාබද්ධ) සේනාවන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්‍රතිඥා දුන් දෑ මෙය වේ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්‍යය පැවසීය” යැයි පැවසූහ. එය විශ්වාසය හා යටහත් වීම මිස වෙනෙකක් ඔවුනට අධික කළේ නැත."},{"id":23,"translation":"කවර දෙයක් මත අල්ලාහ් සමඟ ඔවුන් ගිවිස ගත්තේ ද එය සැබෑ කළ මිනිසුන් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම ඉලක්කය ඉටු කර ගත්තවුන් ද ඔවුන් අතරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතරින් වෙති. ඔවුහු (තමන්ගේ ගිවිසුමෙන්) කිසිදු වෙනසක් සිදු කළේ නැත."},{"id":24,"translation":"(මෙය) සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය හේතුවෙන් අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. එමෙන් ම ඔහු අභිමත කළේ නම් කුහකයින්ට දඬුවම් කරනු පිණිස ය. එසේ නැතහොත් ඔවුන් වෙත සමාව දීම පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය."},{"id":25,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ ක්‍රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නො ලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් හරවා යැව්වේ ය. සටන් වැදීම සඳහා දේවත්වය විශ්වාස කරන්නනන්හට අල්ලාහ් ප්‍රමාණවත් විය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරී ය."},{"id":26,"translation":"තවද ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් ඔවුනට උර දුන් අය ඔවුන්ගේ බලකොටුවලින් ඔහු බැස්ස වීය. තවද ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කළේ ය. පිරිසක් නුඹලා ඝාතනය කළ අතර පිරිසක් නුඹලා සිරභාරයට ගත්තෙහු ය."},{"id":27,"translation":"තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථාන ද, ඔවුන්ගේ සම්පත් ද, එමෙන් ම නුඹලා එහි පය නො තැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය."},{"id":28,"translation":"“අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්‍රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු."},{"id":29,"translation":"තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්‍රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා අතරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කර ඇත."},{"id":30,"translation":"අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමඟ පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය."},{"id":31,"translation":"නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නේ ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු."},{"id":32,"translation":"අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා (සෙසු) කාන්තාවන්ගෙන් කෙනෙකු මෙන් නො වන්නෙහු ය. නුඹලා අල්ලාහ්ට බැතිමත් වූයේ නම් නුඹලා සිහින් හඬින් කතා නො කරනු. එවිට කවරෙකුගේ හදවත තුළ රෝග ඇත්තේ ද ඔහු (පාපතර) ආශා ඇති කර ගනු ඇත. තවද ඔබ යහපත් වදනින් කතා කරනු."},{"id":33,"translation":"තවද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැඳී සිටිනු. තවද පෙර අඥාන යුගයේ අලංකාරය ඉස්මතු කරමින් සැරිසැරුනාක් මෙන් නුඹලා නො සැරිසරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද zසකාත් ද පිරිනමනු. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නියත වශයෙන් ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව මුළුමණින් පිවිතුරු කිරීමට ය."},{"id":34,"translation":"තවද අල්ලාහ්ගේ වදන් හා ප්‍රඥාවෙන් නුඹලාගේ නිවෙස් තුළ පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරනු. නියත වශයෙන් ම අල්ලාහ් සියුම් ඥානී අභිඥානවන්ත විය."},{"id":35,"translation":"නියත වශයෙන් ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ද අවනතවන්නන් හා අවනතවන්තියන් ද සත්‍යවාදීන් හා සත්‍යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලිවන්තියන් ද බියබැතිමත්වන්නන් හා බියබැතිමත්වන්නියන් ද පරිත්‍යාගශීලීන් හා පරිත්‍යාගශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත."},{"id":36,"translation":"තවද අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීම දේවත්වය විශ්වාස කරන්නෙකුට හෝ කරන්නියෙකුට හෝ සුදුසු නො වීය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින් ම ඔහු ප්‍රකට මුළාවකින් මුළා විය."},{"id":37,"translation":"තවද අල්ලාහ් කවුරුන්හට දයාව පහළ කළේ ද එමෙන් ම ඔබත් ඔහු කෙරෙහි උපකාර කළේ ද ඔහුට “ඔබගේ භාර්යාව ඔබ වෙත ම තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු” යැයි ඔබ පැවැසූ අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහි ය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ් ය. තවද සෙයිද් (තම බිරිඳ වන) ඇයගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුනිමු. මන්දයත් දේවත්වය විශ්වාස කරන්නන්හට, ඔවුන් විසින් දරුකමට හදා ගත් අය ඔවුන්ගේ භාර්යාවන්ගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් විට (එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේ දී එය ඔවුනට) වරදක් නො වනු පිණිස ය. සැබැවින් ම මෙය සිදු කරනු ලබන අල්ලාහ්ගේ නියෝගයක් විය."},{"id":38,"translation":"අල්ලාහ් ඔහුට නියම කළ දෑහි කිසිදු වරදක් නබිවරයාට නො වීය. (එය) මීට පෙර ඉකුත්ව ගියවුන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙත ය. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණය කරනු ලැබූ නියමයක් විය"},{"id":39,"translation":"ඔවුහු වනාහි අල්ලාහ්ගේ පණිවිඩ දන්වා සිටින්නන් වෙති. තවද ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නො වෙති. ගණන් කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":40,"translation":"මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය. තවද සියලු දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය."},{"id":41,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අධික ලෙස අල්ලාහ් මෙනෙහි කරනු."},{"id":42,"translation":"තවද උදේ හා සවස නුඹලා ඔහු සුවිශුද්ධ කරනු."},{"id":43,"translation":"අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා බැහැර කරනු පිණිස (අල්ලාහ්) ඔහු නුඹලා වෙත ආශිර්වාද කරන්නේ ය. තවද ඔහුගේ මලක්වරුන් ද නුඹලාට ප්‍රාර්ථනා කරති. තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන්හට මහා කාරුණික ය."},{"id":44,"translation":"ඔවුහු ඔහු හමු වන දින ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය) යන්නයි. තවද ඔහු ඔවුනට ගෞරවනීය තිළිණ සූදානම් කොට ඇත."},{"id":45,"translation":"අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු."},{"id":46,"translation":"තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)"},{"id":47,"translation":"තවද නියත වශයෙන් ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන්හට ඔබ සුබාරංචි දන්වනු."},{"id":48,"translation":"තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට සහ (වංචනික) කුහකයන්ට අවනත නො වනු. තවද ඔවුන්ගේ වදහිංසා නො සලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය."},{"id":49,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසුව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නො වන්නේ ය. එවිට ඔවුනට ජීවන සම්පත් ලබා දෙනු. තවද අලංකාර මුදවාලීමකින් ඔවුන් මුදවා හරිනු."},{"id":50,"translation":"අහෝ නබිවරය! නුඹ ඔවුන්ගේ (මහර්) කුලී ලබා දුන් නුඹගේ බිරියන් ද (යුද්ධයේ දී) අල්ලාහ් නුඹ වෙත පිරිනැමූ අය අතරින් නුඹේ දකුණත සතු කරගත් කාන්තාවන් ද නුඹ සමඟ නික්ම ගිය නුඹේ පිය පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹට අනුමත කළෙමු. තවද (කිසිදු මහර් ලබා ගැනීමකින් තොර ව) තමන්වම නබිවරයාට පරිත්‍යාග කළ, දේවත්වය විශ්වාස කළ කාන්තාව ද නබිවරයා ඇය විවාහ කර ගැනීමට සිතුවේ නම් සෙසු මුඃමින්වරුන්ට නොව විශේෂයෙන් නුඹට පමණක් අනුමත කළෙමු. ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ දකුණත් සතු කරගත් කාන්තාවත් සම්බන්ධයෙන් ඔබ වෙත වරදක් නො වනු පිණිස අපි ඔවුන් වෙත අනිවාර්යය කළ දෑ සැබැවින් ම අපි දනිමු. තවද අල්ලාහ් අතික්ෂාමාශීලී මහාකරුණාන්විත ය."},{"id":51,"translation":"ඔවුන් අතරින් නුඹ කැමති අය පසෙක තැබිය හැකි ය. තවද නුඹ කැමැති අය නුඹ වෙත ළං කර ගත හැකි ය. එසේ නුඹ ඉවත් කළ අය අතරින් (නැවත ගෙන්වා ගැනීමට) අපේක්ෂා කළ අය ගැන නුඹට වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනවනු පිණිසත් ඔවුන් දුකට පත් නො වනු පිණිසත් නුඹ ඔවුන් සියල්ලට පිරිනැමූ දෑ ඔවුන් පිළිගනු පිණිසත් එය වඩාත් සමීප ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් දනී. තවද අල්ලාහ් සර්වඥානී ඉවසිලිවන්තයෙකු ය."},{"id":52,"translation":"නුඹේ දකුණත හිමිකර ගත් අය හැර මින් පසුව (වෙනත්) කාන්තාවන් ඔවුන්ගේ අලංකාරය ඔබව මවිත කළ ද (එම) බිරියන් වෙනුවට ඔවුන් ගැනීම (නබිවරය!) ඔබට අනුමත නො වේ. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂක ය."},{"id":53,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස්වලට ඇතුළු නො වනු. ඔහුගේ භාජනය දෙස බලන්නන් ලෙස නො සිටිනු. එහෙත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නො වනු. නියත වශයෙන් ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳව ලැජ්ජාවට පත් නො වෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත්වලට වඩාත් පිවිතුරු ය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසුව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් අබියස බරපතල කරුණකි."},{"id":54,"translation":"නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී ය."},{"id":55,"translation":"(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය විෂයෙහි ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය."},{"id":56,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ද ඔහුට ප්‍රාර්ථනා කරනු. තවද නුඹලා සාමය පතනු."},{"id":57,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා කරන්නන් වන ඔවුනට මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් ශාප කරනු ඇත. තවද ඔවුනට නින්දාසහගත දඬුවමක් ඔහු සූදානම් කර ඇත."},{"id":58,"translation":"තවද දේවත්වය විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් නො කළ දෙයක් වෙනුවෙන් හිංසා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින් ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝ ය."},{"id":59,"translation":"අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නො ලැබීමටත් වඩාත් උචිත ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය."},{"id":60,"translation":"කුහකයින්, තම සිත් තුළ රෝග ඇත්තවුන් හා මදීනාවෙහි කටකතා පතුරුවන්නන් (ඔවුන්ගේ ක්‍රියාදාමයන්ගෙන්) ඔවුන් නො වැළකුණේ නම් අපි නුඹව ඔවුන් කෙරෙහි බලය යෙදවීමට සලස්වමු. පසුව ඔවුහු ස්වල්පයක් මිස නුඹ සමඟ අසල්වැසියන් ලෙස නො සිටිනු ඇත."},{"id":61,"translation":"ඔවුන් ශාප කරනු ලැබූවන් ය. ඔවුන් කොතැනක හමු වුව ද ග්‍රහණය කරනු ලැබ කුරිරු ලෙස ඝාතනය කරනු ලැබේ."},{"id":62,"translation":"(මෙය) මීට පෙර ඉකුත් වූවන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතට කිසිදු වෙනස්කිරීමක් ඔබ නො දකින්නෙහි ම ය."},{"id":63,"translation":"අවසන් හෝරාව පිළිබඳ ජනයා නුඹෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි නුඹ පවසනු. තවද අවසන් හෝරාව සමීපයෙන් සිදු විය හැකැයි නුඹට දන්වා සිටිනුයේ කුමක් ද?"},{"id":64,"translation":"නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේ ය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේ ය."},{"id":65,"translation":"ඔවුන් එහි නිරන්තර සදාතනිකයින් ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නො ලබනු ඇත."},{"id":66,"translation":"(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති."},{"id":67,"translation":"තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය යැයි ඔවුහු පවසති."},{"id":68,"translation":"අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු."},{"id":69,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මූසාට හිංසා කළ අය මෙන් නුඹලා නො වනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහුව නිදොස් කළේ ය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය."},{"id":70,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශය ම කතා කරනු."},{"id":71,"translation":"නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේ ය."},{"id":72,"translation":"නියත වශයෙන් ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස්, පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. එය ඉසිලීමට ඒවා ප්‍රතික්ෂේප කළෝ ය. තවද එයට ඒවා බිය වූවෝ ය. එහෙත් මිනිසා එය ඉසිලී ය. නියත වශයෙන් ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය."},{"id":73,"translation":"(එසේ ඉසිලීමට හේතුව) කුහක පිරිමීන්ට ද, කාන්තාවන්ට ද, (දේවත්වය) ආදේශ කරන පිරිමීන්ට ද, කාන්තාවන්ට ද අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්; දේවත්වය විශ්වාස කරන පිරිමීන්ට ද, කාන්තාවන්ට ද අල්ලාහ් සමාව දීම පිණිසත් ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය."}]},{"id":34,"verses":[{"id":1,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට මය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. තවද ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය."},{"id":2,"translation":"මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ආරෝහණය වන දෑ ද ඔහු දනී. තවද ඔහු මහාකරුණාන්විත ය; අතික්ෂමාශීලී ය."},{"id":3,"translation":"තවද ‘අවසන් හෝරාව අප වෙත නො පැමිණෙනු ඇතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව අදෘශ්‍යමාන දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරා පවසමි! නියත වශයෙන් ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":4,"translation":"(මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් හිමි අය ඔවුහු ම ය."},{"id":5,"translation":"තවද අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන් වනාහි ඔවුනට නපුරු දඬුවම් ඇත."},{"id":6,"translation":"තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ; එය මය සත්‍යය යැයි ද, එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද, ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත."},{"id":7,"translation":"තවද නුඹලා පූර්ණ ලෙස කීතුකීතුවලට ඉරා දමනු ලැබ පසුව නව මැවීමක් ලබනු ඇතැයි පවසන මිනිසෙකු පිළිබඳ අපි නුඹලාට දැනුම් දෙන්න දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය."},{"id":8,"translation":"ඔහු (මුහම්මද්) අල්ලාහ් කෙරෙහි ප්‍රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතුලොව පිළිබඳව විශ්වාස නො කරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති."},{"id":9,"translation":"අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නො බැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන් ම (අල්ලාහ් වෙත) නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහා ම එහි සංඥාවක් ඇත."},{"id":10,"translation":"තවද සැබැවින් ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමඟ නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු."},{"id":11,"translation":"(ආරක්ෂිත යුද) සන්නාහ තනනු. තවද (ඒවායෙහි) පුරුක් තුළ ප්‍රමාණයට සකස් කරනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන් ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි."},{"id":12,"translation":"තවද සුලෙයිමාන්ට සුළඟ ද (දවසකින් මාස දෙකක ගමන් කරන දුරක් අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන ගමන මසක දුරකි. තවද එහි සවස ගමන මසක දුරකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින් වර්ගයා අතරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු."},{"id":13,"translation":"උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සාදා දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. තවද මාගේ ගැත්තන් අතරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි."},{"id":14,"translation":"අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ කෘමීන් හැර අන් කිසිවක් ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි “අදෘශ්‍යමාන දෑ පිළිබඳ තමන් දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නො තිබුණි” යැයි ජින්වරුන්ට පැහැදිලි විය."},{"id":15,"translation":"නිසැකවම සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථානවල සංඥාවක් තිබිණි. එහි දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති (විසින්) ප්‍රධානය කර ඇති ආහාරයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. නගරය ද පිවිතුරු ය. පරමාධිපති ද අතික්ෂමාශීලී ය."},{"id":16,"translation":"එහෙත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත වේල්ලෙන් ජල ගැල්ම එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන් ම මසන් ගස්වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් ලෙසට අපි වෙනස් කළෙමු."},{"id":17,"translation":"එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර වෙනත් කිසිවෙකුට (මේ අයුරින්) අපි ප්‍රතිවිපාක ලබා දෙන්නෙමු ද?"},{"id":18,"translation":"ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන ද සැලසුම් කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල් කාලයන්හි සුරක්ෂිතව ගමන් කරනු."},{"id":19,"translation":"“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු ඉල්ලා සිටියෝ ය. ඔවුහු ඔවුනට ම අපරාධ කර ගත්තෝ ය. එහෙයින් අපි ඔවුන් (පුරාණ) පුවත් බවට පත් කළෙමු. තවද ඔවුන්ව මුළුමණින් ම වෙන් කර විසුරුවා හැරියෙමු. නියත වශයෙන් ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුට ම සංඥා ඇත."},{"id":20,"translation":"තවද ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවී ය. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් පිරිසක් හැර ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) ඔවුහු අනුගමනය කළෝ ය."},{"id":21,"translation":"තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නො වීය. එහෙත් (එය) මතු ලොව පිළිබඳව ඒ ගැන සැකයෙහි පසු වන අය අතරින් විශ්වාස කරනුයේ කවුරුන් දැ? යි අප දැනගනු පිණිස පමණ ය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂක ය."},{"id":22,"translation":"අල්ලාහ් හැර දමා නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":23,"translation":"තවද කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම (කිසිවෙකුට) ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැ? යි ඔවුහු විමසති. සත්‍යය යැයි ඔවුහු පවසති. තවද ඔහු අතිශ්‍රෙෂ්ඨ ය; අති උත්තරීතර ය."},{"id":24,"translation":"“අහස්වලින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙනුයේ කවු දැ? යි” (නබිවරය!) නුඹ විමසනු. “අල්ලාහ්” යැයි නුඹ පවසනු. “තවද නියත වශයෙන් ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත සිටිනුයේ? එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”"},{"id":25,"translation":"“අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නො ලබන්නෙහු ය. එමෙන් ම නුඹලා සිදු කරන දෑ පිළිබඳව අපි විමසනු නො ලබන්නෙමු” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":26,"translation":"“අපගේ පරමාධිපති අප ඉදිරියේ එක්රැස් කර යුක්තියෙන් යුතුව අප අතර තීන්දු දෙයි. තවද ඔහු මහා තීරක ය; සර්වඥානී ය” යැයි පවසනු."},{"id":27,"translation":"“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මාහට පෙන්වනු. එසේ නො ව, අල්ලාහ් වන ඔහු සර්ව බලධාරීය ය; මහා ප්‍රඥාවන්ත ය” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":28,"translation":"තවද සමස්ත ජනයාට ම ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නකු ලෙසින් මිස අපි ඔබ නො එව්වෙමු. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති."},{"id":29,"translation":"තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ?” යි ඔවුහු විමසති."},{"id":30,"translation":"“එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නො වනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":31,"translation":"තවද “සැබැවින් ම අපි මෙම අල්-කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නො කරන්නෙමු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවෝ උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නො වී නම් අපි දේවත්වය විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති."},{"id":32,"translation":"උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසුව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”"},{"id":33,"translation":"තවද දුර්වල වූවෝ උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ්ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. තවද දඬුවම ඔවුහු දුටු කල්හි ඔවුහු පසුතැවිල්ලට පත් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස වෙනත් කිසිවකට ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?"},{"id":34,"translation":"තවද කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත."},{"id":35,"translation":"තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතරින් නො වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":36,"translation":"“නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. එහෙත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති” යැයි (නබිවරය!) පවසනු."},{"id":37,"translation":"තවද අප අබියසට නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. එහෙත් විශ්වාස කොට යහකම් කළ අය හැර. ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහු ම ය. තවද ඔවුහු (ස්වර්ග) කුටිවල සුරක්ෂිතයෝ වෙති."},{"id":38,"translation":"තවද අපගේ වදන් පරාජය කරන්නට තැත් කරන අය වනාහි ඔවුහු ම දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ."},{"id":39,"translation":"“නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහුට (එහි ප්‍රතිඵල) ඔහු පසුවට ලබා දෙයි. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":40,"translation":"තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට පසුව “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි මලක්වරුන්ගෙන් විමසා සිටී."},{"id":41,"translation":"“ඔබ සුවිශුද්ධ ය. ඔවුන් නොව ඔබ මය අපගේ භාරකරු. එහෙත් ඔවුහු ජින් වර්ගයාට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති."},{"id":42,"translation":"එහෙයින් අද දින නුඹලා අතරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ හිමිකම් නො දරයි. තවද “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු” යැයි අපරාධ කළවුනට අපි පවසා සිටින්නෙමු."},{"id":43,"translation":"තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ."},{"id":44,"translation":"එනමුත් (මෙයට පෙර) ඔවුන්ට හැදෑරිය හැකි ධර්ම ග්‍රන්ථ කිසිවක් අපි ඔවුනට නො දුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු අපි ඔවුන් වෙත නො එව්වෙමු."},{"id":45,"translation":"තවද ඔවුනට පෙර සිටියවුන් ද බොරු කළෝ ය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ මොවුන් ලබා නැත. එමෙන් ම ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසුවෝ ය. එහෙයින් මාගේ දඬුවම කෙසේ වී ද?"},{"id":46,"translation":"“නියත වශයෙන් ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳව ය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනිව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ මිතුරා උමතුවෙකු නො වේ. ඔහු ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස වෙනත් අයෙකු නො වේ” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":47,"translation":"“මම නුඹලාගෙන් කිසිදු කුලියක් නො ඉල්ලමි. එය නුඹලා සතු ය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය” යැයි නුඹ පවසනු."},{"id":48,"translation":"“නියත වශයෙන් ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානී මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” (නබිවරය!) නුඹ පවසනු."},{"id":49,"translation":"“සත්‍යය පැමිණ ඇත. අසත්‍යය (දෙවිවරු) කිසිවක් මැව්වේ නැත. නැවතත් එය මවන්නට යන්නේ ද නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":50,"translation":"“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන් ම නොමග යනුයේ මට ම එරෙහිව ය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය. වඩාත් සමීපය” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":51,"translation":"තවද ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝ ය."},{"id":52,"translation":"තවද “අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර බැහැර ස්ථානයකින් (යමක්) ලබා ගැනීම ඔවුනට කෙසේ නම් විය හැකි ද?"},{"id":53,"translation":"තවද මීට පෙර ද සැබැවින් ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු දූර බැහැර ස්ථානයක සිට අදෘශ්‍යමාන දෑ පිළිබඳ සැක පහළ කරති."},{"id":54,"translation":"තවද මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබී ය. නියත වශයෙන් ම ඔවුහු අන්ත සැකයෙහි සිටියෝ ය."}]},{"id":35,"verses":[{"id":1,"translation":"අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද; පියාපත් දෙක බැගින් ද, තුන බැගින් ද, හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":2,"translation":"අල්ලාහ් (තම) දයාවෙන් මිනිසාට විවෘතව ප්‍රධානය කළේ නම්, එය වළක්වන කිසිවෙකු නැත. තවද ඔහු (තම දායාදයන්) වළක්වන්නේ නම් ඉන් පසුව ඒවා ඔහුට එවන්නෙකු ද නැත. තවද ඔහු සර්ව බලධාරි ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":3,"translation":"අහෝ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නො වන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":4,"translation":"තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට සැබැවින් ම නුඹට පෙර ද ධර්ම දූතවරුන් බොරු කරනු ලැබී ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය."},{"id":5,"translation":"අහෝ ජනයිනි! නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නො දැමිය යුතු ය. තවද මහා රැවටිලිකරු ද අල්ලාහ් ගැන නුඹලාව නො රැවටිය යුතු ය."},{"id":6,"translation":"නියත වශයෙන් ම ෂෙයිතාන් නුඹලාට සතුරු ය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින් ම ගනු. නියත වශයෙන් ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමට ය."},{"id":7,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත."},{"id":8,"translation":"තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන්වූ අයකු මෙන් වේ) ද? එහෙයින් නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් වෙමින් නුඹේ ආත්මය පහකර නො යවනු. නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":9,"translation":"තවද සුළඟ එව්වේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසුව එමඟින් ප්‍රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීම ද එලෙස ය."},{"id":10,"translation":"කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද ඒ සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙත ය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්‍රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණය විනාශ වී යන්නකි."},{"id":11,"translation":"තවද නුඹලාව පසින් ද, පසුව ශුක්‍රාණුවෙන් ද අල්ලාහ් මැව්වේ ය. පසුව නුඹලා ජෝඩු බවට පත් කළේ ය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නො ගනී. එමෙන් ම ඇය ප්‍රසූත නො කරයි. ලේඛනයේ සටහන්ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නො ලැබෙයි. එමෙන් ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නො ලැබෙයි. සැබැවින් ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි."},{"id":12,"translation":"තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැති ය. තවද එය තිත්ත ලුණු රසැති ය. මේ සෑම දෙයකින් ම නුඹලා මත්ස්‍ය මස් අනුභව කරන්නෙහු ය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහු ය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහි ය."},{"id":13,"translation":"රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේ ය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතු ය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නො ගනිති."},{"id":14,"translation":"නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නො දෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නො දෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නො දන්වයි."},{"id":15,"translation":"අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝ ය. තවද අල්ලාහ් වන ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර; ප්‍රශංසාලාභීයා."},{"id":16,"translation":"ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත."},{"id":17,"translation":"තවද එය අල්ලාහ් වෙත බලවත් කටයුත්තක් නො වේ."},{"id":18,"translation":"තවද (බර) උසුලන්නෙකු තවකෙකුගේ බර නො උසුලයි. තවද බර උසුලනු ලැබූ තැනැත්තා තමන්ගේ බර ඉසිලීමට (අනෙකාට) ඇරයුම් කළ ද (ඔහු) සමීප ඥාතියකු වුව ද එය ඉසිලීමට කිසිවෙකු ඉදිරිපත් නො වේ. (නබිවරය!) නියත වශයෙන් ම නො පෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත්ව ඉටු කරන්නන් වෙත පමණක් නුඹට අවවාද කළ හැකි ය. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ට ම ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ය."},{"id":19,"translation":"තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නො වෙයි."},{"id":20,"translation":"තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නො වේ."},{"id":21,"translation":"තවද හෙවණ හා සූර්‍ය තාපය (සමාන) නො වේ."},{"id":22,"translation":"තවද ජීවත්ව සිටින්නන් හා මළවුන් සමාන නො වෙයි. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට සවන් වැකෙන්නට සලස්වයි. එහෙත් ඔබ මිනීවලවල් තුළ සිටින්නන්ට සවන් වැකෙන්නට සලස්වන්නකු නො වේ."},{"id":23,"translation":"(නබිවරය!) නුඹ අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නො වේ."},{"id":24,"translation":"නියත වශයෙන් ම ශුභාරංචි දන්වනනෙකු වශයෙන් හා අවවාද කරනනෙකු වශයෙන් අපි ඔබ සත්‍යයෙන් යුතුව එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත්ව ගියා මිස නැත."},{"id":25,"translation":"තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට (දැනගනු!) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝ ය. ඔවුන් වෙත ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමඟ ද ආලෝකමත් ධර්ම ග්‍රන්ථය සමඟ ද පැමිණියහ."},{"id":26,"translation":"පසුව මම ප්‍රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද? (යැයි අල්ලාහ් විමසයි.)"},{"id":27,"translation":"(අහෝ නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කළ බව නුඹ නො දුටුවෙහි ද? එමඟින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති දෑ ද ඇත."},{"id":28,"translation":"තවද ජනයා අතරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත් දෑ ද එලෙස ම ය. නියත වශයෙන් ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතරින් දැනුම ඇත්තන් ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය."},{"id":29,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා සලාතය විධිමත්ව ඉටු කර, අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ වියදම් කළවුන් වන ඔවුහු කිසිවිටෙක පාඩු නො විඳින ව්‍යාපාරයක් අපේක්ෂා කරති."},{"id":30,"translation":"(එය) ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණව ඔහු දෙනු පිණිස ය. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට වර්ධනය කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; ගුණගරුක ය."},{"id":31,"translation":"තවද ධර්ම ග්‍රන්ථයෙන් එය ඉදිරියේ වූ දෑ සත්‍ය කරවන්නක් වශයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි එය මය සත්‍යය වන්නේ. නියත වශයෙන් ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය."},{"id":32,"translation":"පසුව අපි අපගේ ගැත්තන් අතරින් අප තෝරා ගත් අයට එම ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතරින් තමන්ට ම අපරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි පෙරටු වන අය ද වෙති. එය මය මහත් භාග්‍ය ය."},{"id":33,"translation":"(එහි අද්න් නම්) සදාතනික උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලබති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද ය."},{"id":34,"translation":"තවද “අපගෙන් දුක පහ කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. නියත වශයෙන් ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා ගුණගරුක ය” යැයි ඔවුන් පවසනු ඇත."},{"id":35,"translation":"“ඔහු වනාහි ඔහුගේ භාග්‍යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි කිසිදු දුෂ්කරතාවක් අප ස්පර්ශ නො කරයි. තවද එහි කිසිදු දොම්නසක් අප ස්පර්ශ නො කරයි.”"},{"id":36,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් මිය යෑම ඔවුන් වෙත තීන්දු කරනු නො ලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නො ලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුට ම ප්‍රතිඵල පිරිනමනුයේ."},{"id":37,"translation":"තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නො වන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නො දුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේ ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”"},{"id":38,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නා ය. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥ ය."},{"id":39,"translation":"මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහු ය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවම ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නො කරනු ඇත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වෙනෙකක් වැඩි නො කරනු ඇත."},{"id":40,"translation":"(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක් දැ? යි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැ? යි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැ? යි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නො දෙති.”"},{"id":41,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නො වන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසුව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන් ම ඔහු ඉවසිලිවන්ත අතික්ෂමාශීලී අයෙකි."},{"id":42,"translation":"සැබැවින් ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත ඔවුන් දිවුරා සිටියෝ ය. එහෙත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට වැඩි කළේ නැත."},{"id":43,"translation":"(ඔවුන්) මහපොළොවේ උඬඟුකම් කිරීම හා නපුරු කුමන්ත්‍රණ කිරීම(මිස වෙන කිසිවක් ඔවුනට වැඩි කළේ නැත.) නපුරු කුමන්ත්‍රණය (පෙරලා) එය කරන්නන් වෙතට එල්ල වෙයි. මුතුන්මිත්තන්ගේ පිළිවෙත හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝ ද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිවිටක කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නෙහි ම ය. එමෙන් ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් නුඹ නො දකින්නෙහි ම ය."},{"id":44,"translation":"මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු නො බැලුවෝ ද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝ ය. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කළ නොහැකි ය. නියත වශයෙන් ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තා ය."},{"id":45,"translation":"තවද ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. එහෙත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳව නිරීක්ෂා කරන්නෙකු විය."}]},{"id":36,"verses":[{"id":1,"translation":"යාසීන්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"ප්‍රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,"},{"id":3,"translation":"(නබි මුහම්මද්!) නියත වශයෙන් ම නුඹ ධර්ම දූතවරුන් අතරින් කෙනෙකි."},{"id":4,"translation":"(ඔබ) ඍජු මාර්ගය මත ය."},{"id":5,"translation":"(මෙය) මහා කරුණාන්විත සර්ව බලධාරියාණන්ගේ පහළ කිරීමකි."},{"id":6,"translation":"ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නො ලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිස ය."},{"id":7,"translation":"ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින් ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නො කරති."},{"id":8,"translation":"නියත වශයෙන් ම අපි ඔවුන්ගේ ගෙලවලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති."},{"id":9,"translation":"තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකි ය."},{"id":10,"translation":"නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නො කළ ද ඔවුන් වෙත එය එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති."},{"id":11,"translation":"නියත වශයෙන් ම නුඹ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ට ය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව නුඹ ඔහුට ශුභාරංචි දන්වනු."},{"id":12,"translation":"නියත වශයෙන් ම අපි මළවුන්ට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි ලේඛනයක සටහන් කර ඇත්තෙමු."},{"id":13,"translation":"තවද ගම්මානයට ධර්ම දූතවරුන් පැමිණි අවස්ථාවේ එහි වැසියන් පිළිබඳ උපමාවක් නුඹ ඔවුනට ගෙන හැර දක්වනු."},{"id":14,"translation":"අපි ඔවුන් වෙත දෙදෙනකු එවූ විට ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට අපි තුන්වැන්නාගෙන් බලවත් කළෙමු. එවිට “නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ."},{"id":15,"translation":"“නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. තවද මහාකරුණාන්විතයාණන් කිසිවක් පහළ කළේ නැත. නුඹලා බොරු පවසන්නන් මිස නැතැයි” ඔවුහු පැවසුවෝ ය."},{"id":16,"translation":"“නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් බව අපගේ පරමාධිපති දනී” යැයි ඔවුහු (රසූල්වරුන්) පැවසූහ."},{"id":17,"translation":"“තවද පැහැදිලිව දන්වා සිටීම මිස අප වෙත (වෙනත් වගකීමක්) නොමැත.”"},{"id":18,"translation":"“නුඹලා නිසා අපි අසුබ තත්ත්වයට පත්ව ඇත්තෙමු. නුඹලා නො වැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසුවෝ ය."},{"id":19,"translation":"(එවිට) නුඹලාට අනුශාසනා කරනු ලැබුව ද? නුඹලාගේ අගුණ නුඹලා සමඟ ය. එසේය නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය යැයි ඔවුහු (එම රසූල්වරු) පැවසූහ."},{"id":20,"translation":"තවද නගරයේ කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් “මාගේ ජනයිනි! (අල්ලාහ් විසින්) එවනු ලැබූවන් නුඹලා අනුගමනය කරනු” යැයි පැවසුවේ ය."},{"id":21,"translation":"“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නො සිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවෝ වෙති.”"},{"id":22,"translation":"තවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නො කර සිටීමට මට කුමක් වී ද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය.”"},{"id":23,"translation":"“මා ඔහුගෙන් තොරව වෙනත් දෙවිවරුන් ගන්නෙම් ද? මහාකරුණාන්විතයාණෝ යම් හානියක් අභිමත කරන්නේ නම් ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් මට ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු මා මුදවා නො ගනිති.”"},{"id":24,"translation":"“නියත වශයෙන් ම මම එවිට පැහැදිලි මුළාවෙහි වෙමි.”"},{"id":25,"translation":"“නියත වශයෙන් ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු.”"},{"id":26,"translation":"‘නුඹ ස්වර්ගයට පිවිසෙනු’ යැයි කියන ලදි. “අහෝ! මාගේ ජනයා (ඒ ගැන) දැනගන්නේ නම් මැනව!”යැයි පැවැසුවේ ය."},{"id":27,"translation":"“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම් මැනව)”"},{"id":28,"translation":"ඔහුගෙන් පසුව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නො කළෙමු. තවද එසේ අපි පහළ කරන්නන් ලෙස නො සිටියෙමු."},{"id":29,"translation":"එය එක ම එක් හඬක් මිස නො වීය. එසැනින් ඔවුහු අළු බවට පත් වූවෝ වූවෝ ය."},{"id":30,"translation":"අහෝ ගැත්තන් වෙත වූ ඛේදය! ඔවුන් වෙත පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහු සරදම් කරමින් සිටියා මිස නො වූවෝ ය."},{"id":31,"translation":"ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු දැ? යි ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම ඔවුන් වෙත ඔවුන් නැවත නො පැමිණෙනු ඇත."},{"id":32,"translation":"තවද සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරවනු ලබන්නන් මිස නැත."},{"id":33,"translation":"තවද මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසුව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති."},{"id":34,"translation":"තවද අපි එහි ඉඳි හා මිදි උයන් ඇති කළෙමු. තවද එහි උල්පත් පීරා ගලා යන්නට සැලැස්වූයෙමු."},{"id":35,"translation":"(එසේ කරනු ලැබුවේ) එහි බවභෝගවලින් ඔවුන් අනුභව කරනු පිණිසයි. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?"},{"id":36,"translation":"මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුළින් ද එමෙන් ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධ ය."},{"id":37,"translation":"තවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති."},{"id":38,"translation":"තවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි."},{"id":39,"translation":"තවද සඳු, අපි එය නැවුනු ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු."},{"id":40,"translation":"සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති."},{"id":41,"translation":"තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි උසුලා ගෙනයාම ඔවුනට තවත් සංඥාවක් වේ."},{"id":42,"translation":"තවද අපි ඔවුනට ඒ හා සමාන ඔවුන් ප්‍රවාහනය කරන දෑ මැව්වෙමු."},{"id":43,"translation":"තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන් අපි ගිල්වා දමන්නෙමු. එවිට ඔවුනට පක්ෂව කිසිඳු හඬක් නො වනු ඇත. තවද ඔවුහු මුදවා ගනු නො ලබති."},{"id":44,"translation":"එහෙත් (එය) අපගෙන් වූ කරුණාවක් හා ටික කලකට භුක්ති විඳීමක් වශයෙන් මිස නැත."},{"id":45,"translation":"තවද නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉදිරියේ ඇති දැයින් හා නුඹලාට පසුපසින් ඇති දැයින් ආරක්ෂා වනු යැයි ඔවුනට කියනු ලැබූ විට (ඔවුහු නො සැලකිලිමත් වූවෝ ය.)"},{"id":46,"translation":"තවද ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතරින් යම් සංඥාවක් ඔවුන් වෙත පැමිණි විට ඔවුන් එය පිටුපාන්නන් ලෙස සිටියා මිස නැත."},{"id":47,"translation":"තවද අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර ලබා දිය යුතු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියෝ ය."},{"id":48,"translation":"තවද “නුඹලා සත්‍යවාදීන් වූයෙහු නම් මෙම ප්‍රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදා දැ?”යි ඔවුහු විමසති."},{"id":49,"translation":"එක ම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නො වෙති. ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන් හසු කර ගනී."},{"id":50,"translation":"එවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නො දරති."},{"id":51,"translation":"තවද හොරණෑවෙහි පිඹිනු ලැබී ය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැරව යති."},{"id":52,"translation":"“අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවු දැ?” යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයාණන් ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්‍ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ.)"},{"id":53,"translation":"එය එක ම හඬක් මිස නො වීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති."},{"id":54,"translation":"අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල පිරිනමනු නො ලබන්නෙහු ය."},{"id":55,"translation":"නියත වශයෙන් ම එදින ස්වර්ග වාසීහු කාර්යයන්හි සතුටින් නිරතව සිටින්නෝ වෙති."},{"id":56,"translation":"ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සි වී සිටින්නෝ වෙති."},{"id":57,"translation":"ඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත."},{"id":58,"translation":"සලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි."},{"id":59,"translation":"තවද “අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ."},{"id":60,"translation":"ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නො කරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද? නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි."},{"id":61,"translation":"තවද නුඹලා මට නැමදුම් කරනු (යැයි ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද?) ඍජු මාර්ගය මෙය වේ."},{"id":62,"translation":"තවද සැබැවින් ම නුඹලා අතරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේ ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?"},{"id":63,"translation":"මෙය නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නිරයයි."},{"id":64,"translation":"නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු."},{"id":65,"translation":"අද දින අපි ඔවුන්ගේ කටවල්වලට මුද්‍රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමඟ කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි."},{"id":66,"translation":"තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ඇස් මත අන්ධභාවය ඇති කරන්නට තිබුණි. එවිට එම මාර්ගය වෙත ඔවුහු තරඟකාරී ලෙස යොමු වෙති. එවිට ඔවුන් කෙසේ නම් දකිනු ඇත් ද?"},{"id":67,"translation":"තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නො දරති. තවද ඔවුහු නැවත හැරී නො යති."},{"id":68,"translation":"තවද අපි කවරෙකුට ආයු කාලය ලබා දුන්නෙමු ද මැවීම් ස්වභාවයෙහි අපි ඔහුව වෙනස් කරමු. ඔවුහු (මෙය) වටහා ගත යුතු නො වේ ද?"},{"id":69,"translation":"අපි ඔහුට (මුහම්මද්ට) කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්‍ය නො වීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් මිස වෙනෙකක් නැත."},{"id":70,"translation":"(මෙය) ජීවමානව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිස ය."},{"id":71,"translation":"අපගේ අත් නිර්මාණය කළ දැයින් ගොවිපළ සතුන් ඔවුන් වෙනුවෙන් අපි නිර්මාණය කර තිබීම ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු එයට උරුමක්කරුවෝ වූහ."},{"id":72,"translation":"තවද අපි ඔවුනට ඒවා වසඟ කර දුනිමු. එහෙයින් ඒවායින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති."},{"id":73,"translation":"තවද ඔවුනට ඒවායෙහි ප්‍රයෝජන හා පානයන් ඇත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?"},{"id":74,"translation":"තවද ඔවුන් උදව් ලබනු ඇතැයි (සිතා) අල්ලාහ්ගෙන් තොර වෙනත් දෙවිවරුන් ඔවුහු ගත්තෝ ය."},{"id":75,"translation":"ඔවුහු තමන්ට ම උදව් කිරීමට ශක්තිය නො දරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති."},{"id":76,"translation":"එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින් ම අපි දනිමු."},{"id":77,"translation":"නියත වශයෙන් ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නො දුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි."},{"id":78,"translation":"තවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේ ය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේ ය. “අස්ථි දිරාපත්ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවු දැ?”යි ඔහු විමසයි."},{"id":79,"translation":"“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳව සර්වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":80,"translation":"ඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළේ ය. එවිට නුඹලා එයින් ගිනි දල්වන්නෙහු ය."},{"id":81,"translation":"අහස් හා මහපොළොව මැවූ අය ඔවුනට සමාන දෑ මැවීමට ශක්තිය ඇත්තකු නො වේ ද? එසේ නො ව; ඔහුය සර්වඥානී මහා මැවුම්කරු."},{"id":82,"translation":"නියත වශයෙන් ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් (නිර්මාණය කිරීමට) අදහස් කළ විට එයට ‘වනු’ යැයි පැවසීම පමණ ය. එවිට එය සිදු වනු ඇත."},{"id":83,"translation":"එහෙයින් සියලු දෑහි ආධිපත්‍යයන් තම අතෙහි වූ ඔහු සුවිශුද්ධ විය. තවද ඔහු වෙතට මය නුඹලා යොමු කරනු ලබනුයේ."}]},{"id":37,"verses":[{"id":1,"translation":"පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්."},{"id":2,"translation":"තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්."},{"id":3,"translation":"තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්."},{"id":4,"translation":"නියත වශයෙන් ම නුඹලාගේ දෙවියා එක ම ය."},{"id":5,"translation":"අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන් ය."},{"id":6,"translation":"සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මඟින් නියත වශයෙන් ම අලංකාරවත් කළෙමු."},{"id":7,"translation":"තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන් ම ආරක්ෂාවක් වශයෙනි."},{"id":8,"translation":"උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකි ය. තවද ඔවුහු සෑම පැත්තකින් ම පහර දෙනු ලබති."},{"id":9,"translation":"(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත."},{"id":10,"translation":"(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි."},{"id":11,"translation":"“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු."},{"id":12,"translation":"එහෙත් නුඹ පුදුම වූයෙහි ය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති."},{"id":13,"translation":"තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නො ලබති."},{"id":14,"translation":"තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති."},{"id":15,"translation":"තවද ඔවුහු මෙසේ පවසා සිටියෝ ය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”"},{"id":16,"translation":"“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”"},{"id":17,"translation":"“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද?)”"},{"id":18,"translation":"අහෝ නබිවරය! “එසේ ය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු."},{"id":19,"translation":"නියත වශයෙන් ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති."},{"id":20,"translation":"තවද “අහෝ! අපගේ විනාශ ය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති."},{"id":21,"translation":"“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)"},{"id":22,"translation":"අපරාධ කළවුන් හා ඔවුන්ගේ සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද."},{"id":23,"translation":"අල්ලාහ්ගෙන් තොරව (ඔවුන් නමදිමින් සිටි දෑ ද එක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු."},{"id":24,"translation":"තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන් ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝ ය."},{"id":25,"translation":"නුඹලාට කුමක් වී ද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන් ද?)."},{"id":26,"translation":"එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝ ය."},{"id":27,"translation":"තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති."},{"id":28,"translation":"නියත වශයෙන් ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝ ය."},{"id":29,"translation":"“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නො වූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝ ය."},{"id":30,"translation":"තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නො වීය. එහෙත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහු ය."},{"id":31,"translation":"එහෙයින් අපට එරෙහිව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන් ම අපි (එය) රස විඳින්නෝ වෙමු."},{"id":32,"translation":"තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන් ම අප ද නොමග ගියවුන් වූයෙමු."},{"id":33,"translation":"එහෙයින් නියත වශයෙන් ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති."},{"id":34,"translation":"නියත වශයෙන් ම අපි වැරදිකරුවන් සමඟ කටයුතු කරන්නේ එලෙස ය."},{"id":35,"translation":"“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පවසනු ලැබූ විට, නියත වශයෙන් ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝ ය."},{"id":36,"translation":"තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමු දැ?” යි ඔවුහු පවසා සිටිති."},{"id":37,"translation":"එහෙත් ඔහු (මුහම්මද්) සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේ ය."},{"id":38,"translation":"නියත වශයෙන් ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝම ය."},{"id":39,"translation":"තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නො ලබනු ඇත."},{"id":40,"translation":"එහෙත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර."},{"id":41,"translation":"හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහු ම ය."},{"id":42,"translation":"පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝ ය."},{"id":43,"translation":"(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය."},{"id":44,"translation":"යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති."},{"id":45,"translation":"(සුරා) උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ."},{"id":46,"translation":"එය සුදු පැහැති ය. පානය කරන්නන්හට ප්‍රණීත ය."},{"id":47,"translation":"එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නො වෙති."},{"id":48,"translation":"තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති."},{"id":49,"translation":"නියත වශයෙන් ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි."},{"id":50,"translation":"එමෙන් ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත."},{"id":51,"translation":"නියත වශයෙන් ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත."},{"id":52,"translation":"නියත වශයෙන් ම නුඹ (විනිශ්චය දිනය) සත්‍ය කරන්නන් අතරින් කෙනෙකු දැ? යි ඔහු විමසයි."},{"id":53,"translation":"අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ? (යි ද ඔහු විමසයි.)"},{"id":54,"translation":"නුඹලා ඔහුව එබී බලන්නේ දැ? යි ඔහු (අල්ලාහ්) විමසයි."},{"id":55,"translation":"එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත."},{"id":56,"translation":"අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පවසයි."},{"id":57,"translation":"මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නො වී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි."},{"id":58,"translation":"එසේ නම් අප මිය යන්නන් ලෙස නො වන්නෙමු ද?"},{"id":59,"translation":"අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වෙමු."},{"id":60,"translation":"නියත වශයෙන් ම මෙය මය අතිමහත් ජයග්‍රහණ ය."},{"id":61,"translation":"මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!"},{"id":62,"translation":"සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගස ද?"},{"id":63,"translation":"නියත වශයෙන් ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු."},{"id":64,"translation":"නියත වශයෙන් ම එය නිරය පතුලෙහි මතු වන ගසකි."},{"id":65,"translation":"එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි."},{"id":66,"translation":"එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති."},{"id":67,"translation":"පසුව නියත වශයෙන් ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත."},{"id":68,"translation":"පසුව නියත වශයෙන් ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙත ය."},{"id":69,"translation":"නියත වශයෙන් ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝ ය."},{"id":70,"translation":"තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති."},{"id":71,"translation":"ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින් ම නොමග ගියෝ ය."},{"id":72,"translation":"තවද සැබැවින් ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු."},{"id":73,"translation":"අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි මැනවින් බලනු."},{"id":74,"translation":"අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය)."},{"id":75,"translation":"තවද සැබැවින් ම නූහ් අප ඇමතුවේ ය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු."},{"id":76,"translation":"තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු."},{"id":77,"translation":"තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු."},{"id":78,"translation":"තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු."},{"id":79,"translation":"ලෝවැසියන් අතර නූහ්ට ශාන්තිය අත්වේවා!"},{"id":80,"translation":"නියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":81,"translation":"නියත වශයෙන් ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය."},{"id":82,"translation":"පසුව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු."},{"id":83,"translation":"තවද නියත වශයෙන් ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්."},{"id":84,"translation":"සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු."},{"id":85,"translation":"‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":86,"translation":"“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”"},{"id":87,"translation":"“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”"},{"id":88,"translation":"එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේ ය."},{"id":89,"translation":"පසුව ‘නියත වශයෙන් මම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේ ය."},{"id":90,"translation":"(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝ ය."},{"id":91,"translation":"පසුව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය."},{"id":92,"translation":"නුඹලා කතා නො කර සිටීමට නුඹලාට කුමක් වී ද?"},{"id":93,"translation":"පසුව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේ ය."},{"id":94,"translation":"එවිට ඔවුහු (ඉබ්රාහීම්ගේ සමූහයා) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝ ය."},{"id":95,"translation":"එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ?” යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේ ය."},{"id":96,"translation":"තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය."},{"id":97,"translation":"“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ."},{"id":98,"translation":"එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝ ය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු."},{"id":99,"translation":"“නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේ ය."},{"id":100,"translation":"මාගේ පරමාධිපතියාණනි! මාහට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේ ය.)"},{"id":101,"translation":"එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු."},{"id":102,"translation":"ඔහු (ඉබ්රාහීම්) සමඟ වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක් දැ? යි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසී ය."},{"id":103,"translation":"පසුව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහුව මුණින් අතට පෙරළා දැමී ය."},{"id":104,"translation":"තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු."},{"id":105,"translation":"“සැබැවින් ම ඔබ සිහිනය සැබෑ කළෙහි ය.” නියත වශයෙන් ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ."},{"id":106,"translation":"නියත වශයෙන් ම පැහැදිලි පරීක්ෂාව මෙය ම ය."},{"id":107,"translation":"තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු."},{"id":108,"translation":"තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු."},{"id":109,"translation":"“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත් වේවා!”"},{"id":110,"translation":"අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":111,"translation":"නියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය."},{"id":112,"translation":"තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු."},{"id":113,"translation":"තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ට ම අපරාධ කර ගන්නා අය ද විය."},{"id":114,"translation":"තවද සැබැවින් ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු."},{"id":115,"translation":"තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු."},{"id":116,"translation":"තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ."},{"id":117,"translation":"තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු."},{"id":118,"translation":"තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු."},{"id":119,"translation":"තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු."},{"id":120,"translation":"තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!"},{"id":121,"translation":"නියත වශයෙන් ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙස ය."},{"id":122,"translation":"නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති."},{"id":123,"translation":"තවද නියත වශයෙන් ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි."},{"id":124,"translation":"“නුඹලා බැතිමත් නො වන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු."},{"id":125,"translation":"“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා ‘බඅල්’ නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?"},{"id":126,"translation":"ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය."},{"id":127,"translation":"එහෙත් ඔවුහු ඔහු බොරු කළෝ ය. සැබැවින් ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති."},{"id":128,"translation":"එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර."},{"id":129,"translation":"තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු."},{"id":130,"translation":"ඉල්යාසීන් වෙත ශාන්තිය අත් වේවා!"},{"id":131,"translation":"නියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":132,"translation":"නියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය."},{"id":133,"translation":"තවද නියත වශයෙන් ම ලූත් ධර්ම දූතයින් අතරිනි."},{"id":134,"translation":"ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු."},{"id":135,"translation":"ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර."},{"id":136,"translation":"පසුව අපි සෙස්සන් සහමුලින් ම විනාශ කළෙමු."},{"id":137,"translation":"තවද නියත වශයෙන් ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහු ය."},{"id":138,"translation":"රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නො ගන්නෙහු ද?"},{"id":139,"translation":"තවද නියත වශයෙන් ම යූනුස් ධර්ම දූතයින් අතරිනි."},{"id":140,"translation":"පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු."},{"id":141,"translation":"එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේ ය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය."},{"id":142,"translation":"පසුව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමී ය."},{"id":143,"translation":"නියත වශයෙන් ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නො වී නම්,"},{"id":144,"translation":"ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි."},{"id":145,"translation":"එවිට ඔහු රෝගීව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු."},{"id":146,"translation":"තවද අපි ඒ මත වැල්වලින් යුත් ගසක්හට ගැන්වූයෙමු."},{"id":147,"translation":"තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු."},{"id":148,"translation":"එවිට ඔවුහු විශ්වාස කළෝ ය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු."},{"id":149,"translation":"පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැ? යි යන්න ගැන (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු."},{"id":150,"translation":"එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?"},{"id":151,"translation":"දැනගනු! නියත වශයෙන් ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ."},{"id":152,"translation":"අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ය."},{"id":153,"translation":"ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේ ද?"},{"id":154,"translation":"නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?"},{"id":155,"translation":"නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?"},{"id":156,"translation":"නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?"},{"id":157,"translation":"එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු."},{"id":158,"translation":"තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝ ය. තවද නියත වශයෙන් ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින් ම දැනගත්තෝ ය."},{"id":159,"translation":"ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය."},{"id":160,"translation":"එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර."},{"id":161,"translation":"එහෙයින් සැබැවින් ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි..."},{"id":162,"translation":"නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත."},{"id":163,"translation":"නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර."},{"id":164,"translation":"අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේ ම ය."},{"id":165,"translation":"තවද නියත වශයෙන්ම අප මය පෙළගැසෙන්නෝ."},{"id":166,"translation":"තවද නියත වශයෙන් ම අප මය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)"},{"id":167,"translation":"තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය."},{"id":168,"translation":"(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින් ම අප වෙත තිබුණේ නම්,"},{"id":169,"translation":"සැබැවින් ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝ ය.)"},{"id":170,"translation":"එහෙත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":171,"translation":"තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන්හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින් ම පෙරටු විය."},{"id":172,"translation":"නියත වශයෙන් ම ඔවුහු මය උදව් කරනු ලබන්නෝ."},{"id":173,"translation":"තවද නියත වශයෙන් ම අපගේ සේනාව වන ඔවුහු මය (අබිබවා යමින්) ජය ලබන්නෝ."},{"id":174,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත්ව සිටිනු."},{"id":175,"translation":"තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත."},{"id":176,"translation":"එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?"},{"id":177,"translation":"පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය."},{"id":178,"translation":"තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිනු."},{"id":179,"translation":"තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත."},{"id":180,"translation":"ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය."},{"id":181,"translation":"තවද සියලු ම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!"},{"id":182,"translation":"තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමිය."}]},{"id":38,"verses":[{"id":1,"translation":"සාද්,[1] අනුශාසනා සහිත අල් කුර්ආනය මත දිවුරමින්.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"එහෙත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා මතභේදයෙහිම සිටිති."},{"id":3,"translation":"ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝ ය. (එය) පලා යන අවස්ථාවක් නො වීය."},{"id":4,"translation":"තවද ඔවුන් අතරින් ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියම්කරුවකු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසී ය."},{"id":5,"translation":"දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන් ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු පවසා සිටියෝ ය.)"},{"id":6,"translation":"ඔවුන් අතර සිටි ප්‍රධානීහු “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීරව රැඳී සිටිනු. නියත වශයෙන් ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ."},{"id":7,"translation":"අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස වෙනකක් නැත."},{"id":8,"translation":"“අප අතරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසී ය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත."},{"id":9,"translation":"එසේ නැතහොත් පරිත්‍යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ ගබඩාවන් ඔවුන් අබියස තිබේ ද?"},{"id":10,"translation":"එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!"},{"id":11,"translation":"මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලබන ඒකාබද්ධ සේනාවන් අතරිනි."},{"id":12,"translation":"ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද (ධර්ම දූතයින්ව) බොරු කළෝ ය."},{"id":13,"translation":"(එසේ ම) සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝ ය. ඔවුහු මය (පරාජයට පත්කරනු ලැබූ) එම සේනා වනුයේ."},{"id":14,"translation":"(ඔවුන්) සියල්ල ධර්ම දූතයින් බොරු කළා මිස නැත. එවිට මාගේ දඬුවම නියම විය."},{"id":15,"translation":"එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නො වූවෝ ය. එයට කිසිදු ප්‍රමාදවීමක් නැත."},{"id":16,"translation":"අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ."},{"id":17,"translation":"ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු (සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකු විය."},{"id":18,"translation":"ඔහු සමඟ සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු සැබැවින් ම වසඟ කර දුනිමු."},{"id":19,"translation":"තවද (රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද (අපි වසඟ කර දුනිමු.) සියල්ල ඔහු වෙත නැඹුරු වෙති."},{"id":20,"translation":"තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු."},{"id":21,"translation":"තවද ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද?"},{"id":22,"translation":"දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් ගැන ඔහු තැති ගත්තේ ය. “ඔබ බිය නො වනු. අපි නඩු සම්බන්ධයෙන් පාර්ශව දෙකකින් සමන්විතයි. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුකව අප අතර තීන්දු දෙනු. තවද ඔබ අපක්ෂපාතී නො වනු. තවද අපව ඍජු මාර්ගය වෙත යොමු කරනු” යැයි ඔවුහු පැවසූහ."},{"id":23,"translation":"“නියත වශයෙන් ම මොහු මාගේ සහෝදරයා ය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. තර්කයෙහි ඔහු මා අබිබවා ගොස් ඇත."},{"id":24,"translation":"දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාත්තාපවී අල්ලාහ් වෙත) හැරුණේය."},{"id":25,"translation":"එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන් ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවාතැනක් ඇත."},{"id":26,"translation":"අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුකව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නො කරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත."},{"id":27,"translation":"තවද අප විසින් මෙම අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ව්‍යාජ ලෙස මවා නැත. එය දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත් වේවා!"},{"id":28,"translation":"දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි පත් කරන්නෙමු ද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි පත් කරන්නෙමු ද?"},{"id":29,"translation":"(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිමතුන් (හොඳ) උපදෙස් ලැබීම පිණිසත් (අපි එය පහළ කළෙමු.)"},{"id":30,"translation":"තවද අපි දාවූද්ට සුලයිමාන්ව තිළිණයක් ලෙස පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන් ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි."},{"id":31,"translation":"සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ප්‍රදර්ශනය කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":32,"translation":"එවිට නියත වශයෙන් ම ආවරණයෙන් (ඒවා) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපතිව සිහි කිරීමෙන් තොරව මෙම වස්තුවට (බොහෝ සේ) මා ඇලුම් කර ඇතැයි මම සිතමි යැයි ඔහු පැවසී ය."},{"id":33,"translation":"නුඹලා එය මා වෙත ගෙන එන්නැ යි පවසා ගෙලවල් හා කෙණ්ඩ කපා හරින්නට පටන් ගත්තේ ය."},{"id":34,"translation":"තවද සැබැවින් ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මිනිස් ස්වරූපයෙන් ෂාතානීය) සිරුරක් හෙළුවෙමු. පසුව ඔහු (අල්ලාහ් වෙත) නැවත යොමු විය."},{"id":35,"translation":"මාගේ පරමාධිපතියාණනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසුව කිසිවකුට අයිති නො වන පරිදි රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන් ම ඔබ මහා පරිත්‍යාගශීලී ය."},{"id":36,"translation":"එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි."},{"id":37,"translation":"තවද ගොඩනැගිලි ඉදි කරන, එමෙන් ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා,"},{"id":38,"translation":"යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)"},{"id":39,"translation":"මෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් කිසිදු ගණනයකින් තොරව නුඹ උපකාර කරනු. එසේ නැතහොත් රඳවා ගනු."},{"id":40,"translation":"තවද නියත වශයෙන් ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවාතැනක් ඇත."},{"id":41,"translation":"තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන් ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසී ය."},{"id":42,"translation":"“නුඹේ පාදය නුඹ ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන් ම පානය කිරීමකි.” (යැයි අල්ලාහ් පැවසී ය.)"},{"id":43,"translation":"තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමඟ ඔවුන් හා සමාන අය ද අපි පිරිනැමුවෙමු."},{"id":44,"translation":"තවද නුඹ පිදුරු මිටියක් නුඹේ අතට ගෙන එමඟින් නුඹ ගසනු. තවද නුඹ ප්‍රතිඥා කඩ නො කරනු. නියත වශයෙන් ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා ඉතා යහපත් විය. නියත වශයෙන් ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකි."},{"id":45,"translation":"තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු."},{"id":46,"translation":"මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන් ම අපි ඔවුන් විශේෂිත කළෙමු."},{"id":47,"translation":"තවද නියත වශයෙන් ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි."},{"id":48,"translation":"තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන් ම විශිෂ්ටයින් අතරිනි."},{"id":49,"translation":"මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන් ම බිය බැතිමතුන්හට අලංකාර නවාතැනක් ඇත."},{"id":50,"translation":"එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදාකාලික (ස්වර්ග) උයන් වේ."},{"id":51,"translation":"එහි ඔවුන් හාන්සිව සිට බොහෝ පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති."},{"id":52,"translation":"තවද සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති."},{"id":53,"translation":"විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි."},{"id":54,"translation":"නියත වශයෙන් ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි."},{"id":55,"translation":"(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන් ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත."},{"id":56,"translation":"එය ඔවුහු එහි පිවිස දැවෙන නිරයයි. එහෙයින් එම නවාතැන නපුරු විය."},{"id":57,"translation":"මෙය(සීමාව ඉක්මවූවන් සඳහා) ය. එහෙයින් ඔවුන් එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)"},{"id":58,"translation":"ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත."},{"id":59,"translation":"මෙය නුඹලා සමඟ පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන් ම ඔවුහු නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති."},{"id":60,"translation":"එසේ නො ව, (අප නොමඟ යැවූ) නුඹලාට ද කිසිදු පිළිගැනීමක් නැත. අපහට එය ඉදිරිපත් කළේ නුඹලා ය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි ඔවුහු පවසති."},{"id":61,"translation":"අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම ගුණ කර දෙන්නැයි ඔවුහු පවසති."},{"id":62,"translation":"නපුරන් අතරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැ? යි ඔවුහු පවසති."},{"id":63,"translation":"අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?"},{"id":64,"translation":"නියත වශයෙන් ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි."},{"id":65,"translation":"“නියත වශයෙන් ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":66,"translation":"“ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති ය.”"},{"id":67,"translation":"“එය මහත් වූ පුවතකි.” යැයි නුඹ පවසනු."},{"id":68,"translation":"“නුඹලා එය පිටුපාන්නෝ ය.”"},{"id":69,"translation":"“ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නො වීය.”"},{"id":70,"translation":"“නියත වශයෙන් ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නො ලැබී ය.”"},{"id":71,"translation":"නියත වශයෙන් ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට නුඹේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":72,"translation":"පසුව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් (ආචාර) කරන්නන් ලෙස වැටෙනු. (යැයි අල්ලාහ් පැවැසුවේ ය)."},{"id":73,"translation":"එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝ ම සුජූද් කළෝ ය."},{"id":74,"translation":"නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතරින් විය."},{"id":75,"translation":"“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසී ය."},{"id":76,"translation":"“මම ඔහුට වඩා ශ්‍රේෂ්ට ය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසී ය."},{"id":77,"translation":"ඔහු මෙසේ පැවසී ය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි."},{"id":78,"translation":"තවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය නුඹට එරෙහිව පවතී."},{"id":79,"translation":"“මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසී ය."},{"id":80,"translation":"එසේ නම් කල් දෙනූ ලැබූවන් අතරින් ඔබ වන්නෙහිය යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":81,"translation":"නියමිත වේලාවේ දිනය දක්වා."},{"id":82,"translation":"\"ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින් ම මම ඔවුන් සියල්ල නොමග යවමි\" යැයි ඔහු පැවසී ය."},{"id":83,"translation":"එහෙත් ඔවුන් අතරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර."},{"id":84,"translation":"එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය."},{"id":85,"translation":"නුඹ හා ඔවුන් අතරින් නුඹව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි."},{"id":86,"translation":"(නබිවරය!) “ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නො ඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතරින් ද නො වෙමි” යැයි නුඹ පවසනු."},{"id":87,"translation":"“එය (අල්කුර්ආනය) ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.”"},{"id":88,"translation":"“තවද ටික කලකට පසුව එහි පුවත සැබැවින් ම නුඹලා දැන ගනු ඇත.”"}]},{"id":39,"verses":[{"id":1,"translation":"(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි."},{"id":2,"translation":"නියත වශයෙන් ම අපි ඔබ වෙත ධර්ම ග්‍රන්ථය සත්‍යයෙන් යුතුව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු."},{"id":3,"translation":"දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතු ය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නො කළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන් ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් මහා බොරුකාර දැඩි සේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාහට මග නො පෙන්වයි."},{"id":4,"translation":"අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු ම වන දැයින් ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරු ය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ් ය."},{"id":5,"translation":"සත්‍යයෙන් යුතුව අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේ ය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේ ය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේ ය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු! ඔහු මය සර්ව බලධාරී අතික්ෂමාශීලීය."},{"id":6,"translation":"එක ම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේ ය. පසුව එයින් එහි සහකාරිය ඇති කළේ ය. තවද ගොවිපළ සතුන්ගෙන් යුගල වර්ග අටක් නුඹලාට පහළ කළේ ය. මැවීමකින් පසු මැවීමක් ලෙසින් තුන් ආකාර අන්ධකාරයන් තුළ නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්හි ඔහු නුඹලා මැව්වේ ය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":7,"translation":"නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාව නොමැත්තා ය. තම ගැත්තන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නො කරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නො උසුලනු ඇත. පසුව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත ය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව මැනවින් දන්නා ය."},{"id":8,"translation":"තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසුව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ ප්‍රතික්ෂේපය සමඟ ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන් ම ඔබ නිරාවාසීන් අතරිනි” යැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු."},{"id":9,"translation":"මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේ දී) සුජූද් කරන්නකු ලෙස හා නැගිට සිටින්නෙකු ලෙස ගැතිකම් කිරීමට අවදිව සිටින්නා, (එසේ නො කරන පාපියකු මෙන්) ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැ? යි (නබි මුහම්මද්) නුඹ විමසනු. (මෙමඟින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි."},{"id":10,"translation":"අහෝ විශ්වාස කළාවූ මාගේ යහපත් ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපත ය. අල්ලාහ්ගේ භූමිය විශාල ය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති."},{"id":11,"translation":"“නියත වශයෙන් ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":12,"translation":"තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි."},{"id":13,"translation":"“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි නුඹ පවසනු."},{"id":14,"translation":"“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු."},{"id":15,"translation":"එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය!) “නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය” යැයි නුඹ පවසනු."},{"id":16,"translation":"ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)"},{"id":17,"translation":"නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන්හට ඔබ සුබාරංචි දන්වනු."},{"id":18,"translation":"ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහු ම ය. තවද ඔවුහු මය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ."},{"id":19,"translation":"(නබිවරය!) කවුරුන් කෙරෙහි දඬුවම පිළිබඳ වදන නියම වූයේ ද ගින්නෙහි සිටින ඔහුව ඔබ ආරක්ෂා කරන්නෙක් වන්නෙහි ද?"},{"id":20,"translation":"එහෙත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද තවත් මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නො කරයි."},{"id":21,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් ලෙස ගලා යන්නට සලස්වා එමඟින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හටගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසුව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන් ම එහි ප්‍රබුද්ධිමත් උදවියට උපදෙසක් ඇත."},{"id":22,"translation":"අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේ ද සැබැවින් ම ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත සිටින්නේ ය. අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් දුරස් වූ බැවින් තම හදවත් රළුවූවන්ට විනාශය අත් වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති."},{"id":23,"translation":"නැවත නැවතත් ප්‍රකාශ වන; එකිනෙකට සමාන; ධර්මයක් ලෙස අලංකාර කතාව ඔහු පහළ කළේ ය. තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමඟින් කිළිපොළා යනු ඇත. පසුව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමඟින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත."},{"id":24,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තමන්ව ආරක්ෂා කරගන්නා (සුරක්ෂිතව ස්වර්ගයට පිවිසෙන අයෙකුට සමාන වන්නේ) ද? “නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ."},{"id":25,"translation":"ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එහෙයින් ඔවුන් නොදැන සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේ ය."},{"id":26,"translation":"එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වී ය. තවද මතු ලොව දඬුවම අතිමහත් ය. ඔවුහු දැන සිටියාහු නම්!"},{"id":27,"translation":"තවද ජනයා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ඔවුනට ගෙන හැර දැක්වූයෙමු."},{"id":28,"translation":"ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස කිසිදු ඇදයක් නොමැති මෙම කුර්ආනය අරාබි භාෂාවෙන් වූවකි."},{"id":29,"translation":"මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එක ම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක් වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන වේ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති."},{"id":30,"translation":"නියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති."},{"id":31,"translation":"පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහු ය."},{"id":32,"translation":"අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නො වේ ද?"},{"id":33,"translation":"තවද සත්‍යය රැගෙන ආ තැනැත්තා සහ එය තහවුරු කළ අය වනාහි, ඔවුහු මය බිය බැතිමතුන් වනුයේ."},{"id":34,"translation":"ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි."},{"id":35,"translation":"ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිස ය."},{"id":36,"translation":"අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයෙකු නො වේ ද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් නුඹව බියගන්වති. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත."},{"id":37,"translation":"තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නො වනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නො වේ ද?"},{"id":38,"translation":"තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (අහෝ නබිවරය!) “අල්ලාහ් හැර දමා නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහු ද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත් ද? යැයි විමසනු. (නබිවරය!) “අල්ලාහ් මාහට ප්‍රමාණවත් ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු."},{"id":39,"translation":"මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":40,"translation":"තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද, ස්ථාවර දඬුවම කවුරුන් මත පහළ වන්නේ දැ? යි ද (නුඹලා මතු දැන ගනු ඇත.)"},{"id":41,"translation":"නියත වශයෙන් ම අපි සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය ජනයා සඳහා, නුඹ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමඟින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිවම ය. තවද නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවකු නො වේ."},{"id":42,"translation":"ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නො වූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ් ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේ ද එය ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. කල්පනා කර බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥා ඇත."},{"id":43,"translation":"එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොරව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නො දරමින් බුද්ධිමත් නො වන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද?) “යැයි (නබිවරය!) නුඹ විමසනු."},{"id":44,"translation":"“සියලු මැදිහත්වීම් අල්ලාහ් සතු ය. අහස් හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":45,"translation":"තවද අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නො කරන්නන්ගේ හදවත් හැකිලී යයි. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට, එවිට ඔවුහු සතුටු වෙති."},{"id":46,"translation":"අදෘශ්‍යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":47,"translation":"තවද අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමඟ ම ඒ හා සමානව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් එය දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නො කරමින් සිටි දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත."},{"id":48,"translation":"තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත."},{"id":49,"translation":"මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසුව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන් ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත, එය පරීක්ෂණයකි. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":50,"translation":"සැබැවින් ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය."},{"id":51,"translation":"එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේ ය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නො වෙති."},{"id":52,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන් ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නො දන්නෝ ද? නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත."},{"id":53,"translation":"අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":54,"translation":"තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය."},{"id":55,"translation":"තවද නුඹලා නො හඟමින් සිටිය දී අනපේක්ෂිතව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු."},{"id":56,"translation":"අල්ලාහ් සම්බන්ධයෙන් (මා ඉටු කළ යුතු වගකීම්) නො සලකා හැරීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන් ම මම සමච්චල් කරන්නන් අතරින් වූයෙමි යැයි කිසිදු ආත්මයක් පවසා සිටීමට පෙර ද,"},{"id":57,"translation":"එසේ නැතහොත් නියත වශයෙන් ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතරින් වන්නට තිබුණි යැයි පවසා සිටීමට පෙර ද,"},{"id":58,"translation":"එසේ නැතහොත් දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතරින් වෙමි” යැයි පවසා සිටීමට පෙර ද (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)"},{"id":59,"translation":"“එසේ නො ව, සැබැවින් ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේ ය. එවිට නුඹ ඒවා බොරු කළෙහි ය. තවද නුඹ උඩඟු වූයෙහි ය. තවද නුඹ ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූයෙහි ය.”"},{"id":60,"translation":"තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නො වේ ද?"},{"id":61,"translation":"තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. නපුර ඔවුන් ස්පර්ෂ නො කරනු ඇත. එමෙන් ම ඔවුහු දුකට පත් නො වෙති."},{"id":62,"translation":"අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය."},{"id":63,"translation":"අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතු ය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහු මය පරාජිතයෝ."},{"id":64,"translation":"“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නො වන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ?” යි (නබිවරය!) නුඹ විමසනු."},{"id":65,"translation":"“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබී ය."},{"id":66,"translation":"එසේ ය. නුඹ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද නුඹ ගුණගරුක අය අතරින් වනු."},{"id":67,"translation":"තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය."},{"id":68,"translation":"සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසුව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිමින් අවධානයෙන් බලා සිටිති."},{"id":69,"translation":"තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ."},{"id":70,"translation":"තවද සෑම ආත්මයක් ම ඒවා සිදු කළ දෑට පූර්ණව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය."},{"id":71,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නො පැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නො කළේ දැ? යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දඬුවමේ ප්‍රකාශය නියම විය."},{"id":72,"translation":"නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ."},{"id":73,"translation":"තවද තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලාගේ කටයුතු යහපත් වී ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත."},{"id":74,"translation":"තවද “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළොව අපට උරුමකර දුන් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුන් පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය."},{"id":75,"translation":"තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ."}]},{"id":40,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"(මෙය) සර්ව බලධාරී, සර්වඥානී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමයි."},{"id":3,"translation":"(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්‍යාගශීලීය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය."},{"id":4,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් හැර වෙනත් කිසිවකු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නො කරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබව රවටා නො දැමිය යුතු ය."},{"id":5,"translation":"ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ ධර්ම දූතවරුන්ව) බොරු කළෝ ය. සෑම සමූහයක් ම තමන්ගේ ධර්ම දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝ ය. තවද ඔවුන් සත්‍යය විනාශ කරනු පිණිස ව්‍යාජ දැයින් තර්ක කළෝ ය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද?"},{"id":6,"translation":"තවද එලෙස ම නියත වශයෙන් ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි නුඹේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය."},{"id":7,"translation":"අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහි ය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති."},{"id":8,"translation":"අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන් ම ඔබ සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":9,"translation":"තවද ඔබ ඔවුන් නපුරු දැයින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු දැයින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහි ය. තවද එයයි අතිමහත් ජයග්‍රහණ ය."},{"id":10,"translation":"‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත."},{"id":11,"translation":"අපගේ පරමාධිපතියාණනි! ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහි ය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහි ය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ? යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නනෝ) විමසා සිටිති."},{"id":12,"translation":"එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළ බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතු ය."},{"id":13,"translation":"ඔහු වනාහි ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) උපදෙස් නො ලබනු ඇත."},{"id":14,"translation":"එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු."},{"id":15,"translation":"(ඔහු) තරාතිරම් උසස් කරන්නා ය. අර්ෂ් (හෙවත් දේවාසනයෙ)හි හිමිපාණන් ය. එකිනෙකා හමු වන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන්නන් වෙත ඔහුගේ නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි."},{"id":16,"translation":"එදින ඔවුන් බැහැරව එති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙත නො සැඟවෙයි. එදින ආධිපත්‍යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණ ය."},{"id":17,"translation":"අද දින සෑම ආත්මයක් ම උපයා ගත් දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබයි. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත් ය."},{"id":18,"translation":"තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු සමීප මිතුරෙකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත."},{"id":19,"translation":"ඇස්වලින් සිදු කරන වංචාව හා හදවත් සඟවන දෑ ද ඔහු (අල්ලාහ්) දනී."},{"id":20,"translation":"තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. තවද ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් තීන්දු නො දෙති. නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක වනුයේ."},{"id":21,"translation":"තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණයෙන් නො බැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණුවලින් බලවත් අය වූවෝ ය. එමෙන් ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේ ය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නො වීය."},{"id":22,"translation":"එය ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම ඔහු බලවත් ය. දඬුවම් දීමෙහි දැඩි ය."},{"id":23,"translation":"තවද සැබැවින් ම අපි මූසාව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමඟ යැව්වෙමු."},{"id":24,"translation":"ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත (යැව්වෙමු). එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි පැවසුවෝ ය."},{"id":25,"translation":"අප වෙතින් වූ සත්‍යය සමඟ ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමඟ වූ දේවත්වය විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසුවෝ ය. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත."},{"id":26,"translation":"තවද “නුඹලා මා අතහැර දමනු. මම මූසාව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත. එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ මතු කරනු ඇතැයි සැබැවින් ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසී ය."},{"id":27,"translation":"තවද “විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නො කරන සෑම අහංකාරයකුගෙන් ම, මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි” යැයි මූසා පැවසුවේ ය."},{"id":28,"translation":"තවද “මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවම ය. තවද ඔහු සත්‍යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හටගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින් ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පරපුර තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසී ය."},{"id":29,"translation":"අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. එහෙත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසී ය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නො පෙන්වමි. එමෙන් ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නො පෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසී ය."},{"id":30,"translation":"තවද අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදු වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි යැයි දේවත්වය විශ්වාස කළ තැනැත්තා පැවසුවේ ය."},{"id":31,"translation":"නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදු වූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදු වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි). තවද ගැත්තන්හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි.” යැයි දේවත්වය විශ්වාස කළ එම තැනැත්තා පැවසී ය."},{"id":32,"translation":"“තවද, අහෝ මාගේ ජනයිනි! ඇරයුම් කරන දිනය නුඹලා වෙත පැමිණීම ගැන මම බිය වෙමි.”"},{"id":33,"translation":"“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”"},{"id":34,"translation":"“තවද මීට පෙර සැබැවින් ම යූසුෆ් පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. එහෙත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි ම සිටියෙහු ය. ඔහුගෙන් පසුව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේ ම නැතැයි’ නුඹලා පැවසුවෙහු ය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙස ය.”"},{"id":35,"translation":"“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බල සාධකයකින් තොරව අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අතරත් විශ්වාස කළවුන් අතරත් එය මහත් සේ කෝපය ඇති කළේ ය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙස ය.”"},{"id":36,"translation":"තවද ෆිර්අවුන් මෙසේ පැවසීය “අහෝ හාමාන්! මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් ඉදි කරනු මැනව! අහස්හි මාර්ග වෙත මා පිවිසීමට හැකි වනු පිණිස."},{"id":37,"translation":"අහස්හි මාර්ග වෙත (මා පිවිස) මූසාගේ දෙවියා මා දැකබලා ගත යුතුයි. \"එනමුත් නියත වශයෙන් ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙස ය. තවද ඍජු මාර්ගයෙන් ඔහුව අවහිර කරනු ලැබී ය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නො වීය."},{"id":38,"translation":"තවද “අහෝ මාගේ ජනයිනි! මා අනුගමනය කරනු. මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වමි” යැයි විශ්වාස කළ එම තැනැත්තා පැවසී ය."},{"id":39,"translation":"“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මෙලොව මේ ජීවිතය සුළු භුක්ති විඳීමක් පමණි. තවද නියත වශයෙන් ම මතු ලොව සදා නිවහනයි.”"},{"id":40,"translation":"“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නො ලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තාවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකුව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොරව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහු ම ය.”"},{"id":41,"translation":"තවද “අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්‍යතාව කුමක් ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. එහෙත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහු ය.”"},{"id":42,"translation":"“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහු ය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අතික්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙත ය.”"},{"id":43,"translation":"“නියත වශයෙන් ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින් ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන් ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”"},{"id":44,"translation":"එබැවින් මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":45,"translation":"එමෙන් ම ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම්වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේ ය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලී ය."},{"id":46,"translation":"(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදු වන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)"},{"id":47,"translation":"තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන් ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෝ” දැ? යි දුබලයින් උඩඟු වූ අයගෙන් විමසනු ඇත."},{"id":48,"translation":"“නියත වශයෙන් ම අප සියල්ලෝ ම සිටින්නේ එහි ය. නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ” යි උඩඟු වූවෝ පවසති."},{"id":49,"translation":"තවද “දිනකට අපෙන් දඬුවම සැහැල්ලු කරන මෙන් නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති."},{"id":50,"translation":"“නුඹලාගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ නො පැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත."},{"id":51,"translation":"මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින් ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරමු."},{"id":52,"translation":"එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නො වනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන් ම නපුරු නිවහනද ඔවුනට ඇත."},{"id":53,"translation":"තවද අපි සැබැවින් ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු."},{"id":54,"translation":"(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි."},{"id":55,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද නුඹේ පාපය සඳහා නුඹ සමාව අයදිනු. තවද නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු."},{"id":56,"translation":"නියත වශයෙන් ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නො තිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නො වෙති. එහෙයින් නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":57,"translation":"මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අතිමහත් ය. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":58,"translation":"තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නො වෙති. තවද විශ්වාස කොට යහකම් සිදු කළවුන් හා නපුරුකම් කරන්නා ද (සමාන) නො වෙති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ."},{"id":59,"translation":"නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නක්ම ය. එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා (එය) විශ්වාස නො කරති."},{"id":60,"translation":"තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි."},{"id":61,"translation":"රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් ය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍යය පිරිනමන්නා ය. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති."},{"id":62,"translation":"එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරු ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":63,"translation":"අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙස ය."},{"id":64,"translation":"මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් ය. තවද නුඹලාව හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේ ය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමී ය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය."},{"id":65,"translation":"ඔහු ජීවමානයා ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙස ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා."},{"id":66,"translation":"මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අයට මා නැමදුම් කිරීමෙන් නියත වශයෙන් ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":67,"translation":"මැටියෙන් ද පසුව ශුක්‍රාණු බිඳුවකින් ද පසුව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහු ය. පසුව ඔහු නුඹලා බිළිදෙකු ලෙස බැහැර කරයි. පසුව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. තවද (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරිනු පිණිස හා නුඹලා වටහා ගත හැකි වනු පිණිස ය."},{"id":68,"translation":"ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහු ය. එහෙයින් ඔහු යම් කරුණක් සිදු වීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදු වනු ඇත."},{"id":69,"translation":"අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? යැයි (නබිවරය!) නුඹ නො දුටුවෙහි ද?"},{"id":70,"translation":"ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමඟ අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන් ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":71,"translation":"එවිට ඔවුන්ගේ ගෙලවල්වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති."},{"id":72,"translation":"නටන ජලයෙහි. පසුව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති."},{"id":73,"translation":"පසුව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේ දැ?” යි ඔවුනට පවසනු ලැබේ."},{"id":74,"translation":"අල්ලාහ් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේ ද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නො සිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ."},{"id":75,"translation":"එය, යුක්තියෙන් තොරව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා ගර්වයෙන් කටයුතු කළ බැවින් ද වේ."},{"id":76,"translation":"නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය."},{"id":77,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින් ම අපි නුඹට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑහි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි නුඹ මරණයට පත් කරන්නෙමු. පසුව ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙත ම ය."},{"id":78,"translation":"නුඹට පෙර ධර්ම දූතවරු සැබැවින් ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි නුඹ වෙත කතා විස්තර කළ අය වෙති. තවද නුඹ වෙත අපි කතා විස්තර නො කළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු ධර්ම දූතයකුට නො වීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගතව තීන්දු කරනු ලැබී ය. එහි දී ව්‍යාජව කටයුතු කරන්නෝ පරාජිත වූවෝ ය."},{"id":79,"translation":"ඒවායෙහි නුඹලා ප්‍රවාහනය කරනු පිණිසත් ඒවායින් නුඹලා අනුභව කරනු පිණිසත් නුඹලා වෙනුවෙන් ගොවිපළ සතුන් ඇති කළේ අල්ලාහ් ය."},{"id":80,"translation":"තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්‍යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ් ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහු ය."},{"id":81,"translation":"ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා හෙළා දකිනුයේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?"},{"id":82,"translation":"ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණය නො කළෝ ද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණුවලින් ඉතා බලවත් හා අධික වූවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය."},{"id":83,"translation":"එවිට ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය."},{"id":84,"translation":"එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත."},{"id":85,"translation":"එහෙත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නො වීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙත ය. එහිදී දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූවෝ ය."}]},{"id":41,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"(මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි."},{"id":3,"translation":"දැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්‍රන්ථයකි."},{"id":4,"translation":"(එය) ශුභාරාංචි දැනුම් දෙන්නක් හා අවවාද කරන්නක් වශයෙනි. එහෙත් (දේවත්වය ප්‍රතික්ෂේප කරන) ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑවෝ ය. එමෙන් ම ඔවුහු සවන් නො දෙති."},{"id":5,"translation":"තවද ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් ආවරණයන් තුළ ය. තවද බිහිරි බව අපගේ කන් තුළ ය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන් ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පවසති."},{"id":6,"translation":"නියත වශයෙන් ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදි. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවරව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":7,"translation":"ඔවුහු වනාහි zසකාත් (අනිවාර්ය බද්ධ) නො දෙති. තවද මතු ලොව පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය."},{"id":8,"translation":"නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නො වන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත."},{"id":9,"translation":"දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහුව නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලා ඔහුට සමානයන් තබන්නෙහු ද? ලෝකයන්හි පරමාධිපති ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":10,"translation":"තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේ ය. තවද එහි සමෘද්ධිය ඇති කළේ ය. දින හතරක් තුළ පෝෂණ සම්පත් නිර්ණය කළේ ය. මෙය ඒ ගැන විමසන්නන්හට සරිලන පිළිතුරකි."},{"id":11,"translation":"පසුව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබී ය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසී ය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසී ය."},{"id":12,"translation":"පසුව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේ ය. තවද සෑම අහසකට ම එහි න්‍යායය දන්වා සිටියේ ය. තවද පහළ අහස අපි පහන් මඟින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි."},{"id":13,"translation":"එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":14,"translation":"“නුඹලා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නැමදුම් නො කරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද ධර්ම දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙත් නුඹලා කවර කරුණක් සමඟ එවනු ලැබුවෙහු ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":15,"translation":"ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොරව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑවෝ ය. “අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන් දැ? යි” ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියෝ ය."},{"id":16,"translation":"එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීය ය. තවද ඔවුහු උදව් කරනු නො ලබති."},{"id":17,"translation":"තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. එහෙත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්‍රිය කළෝ ය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේ ය."},{"id":18,"translation":"තවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදු කිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු."},{"id":19,"translation":"තවද අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා තබනු ලබති."},{"id":20,"translation":"ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ඔවුනට එරෙහිව සාක්ෂි දරනු ඇත."},{"id":21,"translation":"තවද “අපට එරෙහිව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?” යි ඔවුහු ඔවුන්ගේ හම්වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේ ය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහු ය. තවද ඔහු වෙත මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත."},{"id":22,"translation":"තවද නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහිව සාක්ෂි නො දරා සිටීමට (ඒවාට නො දැනෙන පරිදි) නුඹලා සැඟ වී සිටින්නන් නො වීය. එනමුත් නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නො දන්නේ යැයි නුඹලා සිතුවෙහු ය."},{"id":23,"translation":"තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ල ය. එය නුඹලාව විනාශ කර දැමුවේ ය. එහෙයින් නුඹලා පරාජිතයින් අතරට පත් වූයෙහු ය."},{"id":24,"translation":"එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතරින් ඔවුහු නැත."},{"id":25,"translation":"තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූවෝ ය. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතරින් ඉකුත්ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය."},{"id":26,"translation":"තවද “මෙම කුර්ආනයට සවන් නො දෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය."},{"id":27,"translation":"එහෙයින් සැබැවින් ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු."},{"id":28,"translation":"එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්න ය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත."},{"id":29,"translation":"තවද “අපගේ පරමාධිපතියාණනි! ජින්වරුන් හා මිනිසුන්ගෙන් අපව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ දෙපා යටට ඔවුන්ව පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත."},{"id":30,"translation":"“නියත වශයෙන් ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නො වනු. තවද දුක් නො වනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත."},{"id":31,"translation":"මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත."},{"id":32,"translation":"එය අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි."},{"id":33,"translation":"තවද “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන් ම මම අවනත වන්නන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?"},{"id":34,"translation":"තවද යහපත හා අයහපත සමාන නො වෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත."},{"id":35,"translation":"තවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නො ලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නො ලැබේ."},{"id":36,"translation":"තවද ෂෙයිතාන්ගෙන් වූ යම් පොළඹවීමක් ඔබව පොළඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී."},{"id":37,"translation":"තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නො කරනු. තවද නුඹලා ඔහුට (අල්ලාහ්ට) පමණක් නැමදුම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු."},{"id":38,"translation":"එහෙත් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු!) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති."},{"id":39,"translation":"තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන් ම ඒවාට ජීවය දුන් අය මළවුන්ට ද ජීවය දෙන්නාම ය. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":40,"translation":"නියත වශයෙන් ම අපගේ වදන්වල විකෘති කරන්නන් අප වෙතින් සැඟව යන්නන් නො වෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":41,"translation":"නියත වශයෙන් ම ඔවුන් වෙත අනුශාසනාව පැමිණි කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් ද (මතු ලොවෙහි දඬුවම් කරනු ලබන්නෝ වෙති.) තවද නියත වශයෙන් ම එය අතිබලගතු ග්‍රන්ථයකි."},{"id":42,"translation":"එය (අනුශාසනා සහිත ග්‍රන්ථය)ට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි."},{"id":43,"translation":"නුඹට පෙර සිටි ධර්ම දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නො ලැබෙයි. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති සමාව දෙන්නා ය. වේදනීය දඬුවම දෙන්නා ය."},{"id":44,"translation":"තවද එය අරාබි නො වන (පිටස්තර භාෂාවෙන් යුත්) කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නො වේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටිය දී එය අරාබි නො වන්නක් ද? යැයි ඔවුහු විමසනු ඇත. “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුවයකි. තවද විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරි භාවය ඇත. එමෙන් ම එය (කුර්ආනය) ඔවුන් වෙත අන්ධ භාවයක් මෙන් පෙනේ. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහු ම ය.”යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":45,"translation":"තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නො වී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ (කුර්ආනය) ගැන කුතුහලයක් ඇති කරන සැකයෙහි සිටින්නන් වෙති."},{"id":46,"translation":"කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නපුරක් කළේ ද එය ඔහුට එරෙහිව ම ය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ."},{"id":47,"translation":"අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙත ම ය. ඔහුගේ දැනුමෙන් තොරව පලතුරු කිසිවක් එහි කෝෂවලින් පිට නො වෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නො ගනියි. එමෙන් ම ඇය ප්‍රසූත නො කරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ? යි” එදින අල්ලාහ් ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති."},{"id":48,"translation":"තවද මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යනු ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝ ය."},{"id":49,"translation":"යහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නො වෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත."},{"id":50,"translation":"තවද ඔහුට වැළඳුණු පීඩිත තත්ත්වයෙන් පසුව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේ ය. අවසන් හෝරාව සිදු වන්නක් බව මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන් ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන් ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු."},{"id":51,"translation":"තවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ලෙස ප්‍රාර්ථනා කරන අයෙකු වෙයි."},{"id":52,"translation":"“එය (අල් කුර්ආනය) අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කළෙහු නම්, අන්ත භේදවල සිටින අයෙකුට වඩා නොමග ගියවුන් කවුරුන් දැ”යි නුඹලා මට දන්වා සිටිනු යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":53,"translation":"නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න නුඹේ පරමාධිපති ප්‍රමාණවත් නො වී ද?"},{"id":54,"translation":"(නබිවරය!) දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ සැකයෙහි ය. දැන ගනු! නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය."}]},{"id":42,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"අයින් සීන් කාෆ්."},{"id":3,"translation":"මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් නුඹ වෙත හා නුඹට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙස ය."},{"id":4,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. තවද ඔහු අති උත්තරීතර ය; අති ශ්‍රේෂ්ඨ ය."},{"id":5,"translation":"අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට බලයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව අයැද සිටිති. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය."},{"id":6,"translation":"තවද ඔහු හැර දමා වෙනත් අය භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නා ය. තවද නුඹ ඔවුන් වෙත භාරකරුවකු නො වේ."},{"id":7,"translation":"තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන්හට නුඹ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙස ය. (එදින) පිරිසක් ස්වර්ගයෙහි ය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහි ය."},{"id":8,"translation":"තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. එහෙත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත."},{"id":9,"translation":"එසේ නැතහොත් ඔහු හැර දමා සෙසු අය ඔවුහු භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහු මය භාරකරු, තවද ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":10,"translation":"නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙත ය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙත ම මම යොමු වෙමි (යැයි නබිවරය! නුඹ පවසනු)."},{"id":11,"translation":"(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපක ය. නුඹලා සඳහා නුඹලා තුළින් ම යුගල ද එමෙන් ම ගොවිපළ සතුන් අතරින් යුගල ද ඔහු ඇති කළේ ය. එහි නුඹලාව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය."},{"id":12,"translation":"අහස් හා මහපොළොවේ (පෝෂණ සම්පත් හි) යතුරු ඔහු සතු ය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":13,"translation":"කවර දෙයක් පිළිබඳව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේ ය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන්ව නො යනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි."},{"id":14,"translation":"තවද ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු (දහමෙහි) වෙන්ව නො ගියෝ ය. තවද ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නො වූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින් ම ඔවුන්ගෙන් පසුව ධර්ම ග්‍රන්ථය උරුම කර දෙනු ලැබූ අය ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති."},{"id":15,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ ඇරයුම් කරනු. තවද නුඹ අණ කරනු ලැබූ සේම ස්ථාවරව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නො කරනු. තවද නුඹ මෙසේ පවසනු “ධර්ම ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳව මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිගරුකව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ම ය.”"},{"id":16,"translation":"තවද ඔහුට පිළිතුරු දෙනු ලැබුවායින් පසු අල්ලාහ් විෂයයෙහි වාද කරන්නන් වනාහි ඔවුන්ගේ වාදය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵල ය. තවද ඔවුන් වෙත කෝපය ඇත. තවද ඔවුනට දැඩි දඬුවමක් ද ඇත."},{"id":17,"translation":"සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය හා (ෂරීආව නම්) තුලාව පහළ කළේ අල්ලාහ් ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?"},{"id":18,"translation":"ඒ (අවසන් හෝරාව) පිළිබඳ විශ්වාස නො කරන්නෝ එය ඉක්මණින් පතති. තවද විශ්වාස කරන්නෝ ඒ ගැන බිය වන්නෝ වෙති. නියත වශයෙන් ම එය සැබෑවක් යැයි ඔවුහු දනිති. දැන ගනු! නියත වශයෙන් ම අවසන් හෝරාව පිළිබඳ තර්ක කරන්නෝ අන්ත මුළාවෙහි ය."},{"id":19,"translation":"අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රි ය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන් ය."},{"id":20,"translation":"කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. එහෙත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත."},{"id":21,"translation":"අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නො දුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නො වී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත."},{"id":22,"translation":"අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහි ය. තවද එය ඔවුනට සිදු වන්නකි. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් ස්වර්ග උයන්වල ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්‍ය ය."},{"id":23,"translation":"එය දේවත්වය විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්හට අල්ලාහ් ශුභාරංචි දන්වා සිටින දෑ ය. “සමීප ඥාතීත්වය තුළ ඇති වන ආදරය මිස වෙනත් කිසිදු කුලියක් ඒ වෙනුවෙන් මම නො ඉල්ලමි” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද කවරෙකු යහපතක් උපයන්නේ ද අපි ඔහුට එහි යහකම වර්ධනය කරමු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; ගුණගරුක ය."},{"id":24,"translation":"එසේ නැතහොත් “ඔහු (නබිවරයා) අල්ලාහ් වෙත බොරුවක් ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔබේ හදවත මත ඔහු මුද්‍රා තබයි. තවද අල්ලාහ් අසත්‍යය මකා දමයි. තවද ඔහුගේ වදන් තුළින් සත්‍යය තහවුරු කරයි. නියත වශයෙන් ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":25,"translation":"තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා ය. තවද ඔහු පාපකම්වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී."},{"id":26,"translation":"විශ්වාස කොට යහකම් සිදු කළවුන්ට ඔහු පිළිතුරු දෙයි. තවද ඔහුගේ භාග්‍ය ඔහු ඔවුනට අධික කරයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත."},{"id":27,"translation":"තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. එහෙත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරයි. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය."},{"id":28,"translation":"තවද ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහු ය. තවද ඔහුගේ කරුණාව ඔහු ව්‍යාප්ත කරයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහු ම ය."},{"id":29,"translation":"අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙකෙහි ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තා ය."},{"id":30,"translation":"තවද යම් දුර්භාග්‍යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි."},{"id":31,"translation":"තවද නුඹලා මහපොළොවේ (අල්ලාහ්ව) පරාජයට පත් කරන්නන් නො වේ. තවද අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත."},{"id":32,"translation":"තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රා ද ඔහුගේ සංඥා අතරිනි."},{"id":33,"translation":"ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ (මුහුද) මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන් ම අධික ලෙස ගුණගරුක මහත් සේ ඉවසිලිවන්ත සියල්ලන්හට එහි සංඥා ඇත."},{"id":34,"translation":"එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි."},{"id":35,"translation":"තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත."},{"id":36,"translation":"එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. එහෙත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. තවද එය සදා පවතින්නකි."},{"id":37,"translation":"තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහු ම ය."},{"id":38,"translation":"තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත්ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා මත පවතී. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති."},{"id":39,"translation":"තවද ඔවුන් වනාහි ඔවුනට අසාධාරණයක් සිදු වූ විට ඔවුහු උදව් ලබන්නෝ වෙති."},{"id":40,"translation":"තවද නපුරට ප්‍රතිවිපාකය ඒ හා සමාන නපුරකි. එහෙයින් කවරෙකු සමාව දී සමාදානව කටයුතු කළේ ද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් මත ය. නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නො කරයි."},{"id":41,"translation":"තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසුව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහිව කිසිදු මාර්ගයක් නැත්තෝ ඔවුහු ම ය."},{"id":42,"translation":"නියත වශයෙන් ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණ ය. වේදනීය දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය."},{"id":43,"translation":"තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන් ම එය ස්ථාවර කටයුතු අතරිනි."},{"id":44,"translation":"තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසුව කිසිදු භාරකරුවකු ඔහුට නැත. තවද අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත් දැ?’යි විමසා සිටිනු නුඹ දකිනු ඇත."},{"id":45,"translation":"තවද ඒ වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට, අවමානයෙන් යුතුව හොර ඇසින් බලමින් ඔවුන් බියෙන් සිටිනු නුඹ දකිනු ඇත. “නියත වශයෙන් ම අලාභවන්තයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලට අලාභහානි කර ගත්තවුන්ය” යැයි විශ්වාස කළවුන් පවසා සිටියෝ ය. දැන ගනු! නියත වශයෙන් ම අපරාධකරුවන් ස්ථීර දඬුවමෙහි වෙති."},{"id":46,"translation":"තවද අල්ලාහ්ගෙන් තොරව ඔවුනට උදව් කරන ආරක්ෂකයින් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මගක් ඔහුට නැත."},{"id":47,"translation":"අල්ලාහ් වෙතින් එයට නැවත හැරීමක් නැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපතිට නුඹලා ප්‍රතිචාර දක්වනු. එදින කිසිදු සරණාගත ස්ථානයක් නුඹලාට නැත. තවද හෙළා දැකීමක් ද නැත."},{"id":48,"translation":"එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට (දැන ගනු!) ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹව යැව්වේ නැත. දන්වා සිටීම හැර වෙනෙකක් නුඹ වෙත පැවරී නැත. තවද නියත වශයෙන් ම අපි මිනිසාට අපගෙන් වූ ආශිර්වාදයක් භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ඒ පිළිබඳ සතුටු විය. එහෙත් ඔවුනට ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඇති වන්නේ නම් එවිට නියත වශයෙන් ම මිනිසා මහත් සේ ගුණමකු ය."},{"id":49,"translation":"අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත."},{"id":50,"translation":"එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී ය; සර්ව ශක්තිය ඇත්තා ය."},{"id":51,"translation":"තවද දිව්‍යමය හෙළිදරව්වක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ එසේ නැතහොත් දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමඟ කතා කරන්නට කිසිදු මිනිසෙකුට නො වීය. නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":52,"translation":"තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ජීවමානයක් ලෙස නුඹ වෙත අපි දිව්‍යමය හෙළිදරව්ව එව්වෙමු. ධර්ම ග්‍රන්ථය කුමක් ද? යන්න හෝ දේව විශ්වාසය කුමක් ද? යන්න ගැන ඔබ දැන සිටියේ නැත. එහෙත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයට එමඟින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන් ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන් වනු ඇත."},{"id":53,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වෙත. (නබිවරය!) දැන ගනු! සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත ය."}]},{"id":43,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්."},{"id":3,"translation":"නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන් ම අපි එය පත් කළෙමු."},{"id":4,"translation":"තවද නියත වශයෙන් ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය."},{"id":5,"translation":"නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?"},{"id":6,"translation":"තවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු."},{"id":7,"translation":"තවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත."},{"id":8,"translation":"අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත්ව ගොස් ඇත."},{"id":9,"translation":"තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන් දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින් ම ඔවුන් පවසනු ඇත."},{"id":10,"translation":"ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේ ය."},{"id":11,"translation":"තවද ඔහු වනාහි අහසින් ජලය සීමා කරමින් පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමඟින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ."},{"id":12,"translation":"තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේ ය. තවද නැව් හා ගොවිපළ සතුන් අතරින් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේ ය."},{"id":13,"translation":"එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසුව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් තවද නුඹලා මෙසේ පවසනු පිණිසත් ය; ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධ ය. තවද අපි එයට හැකියාවන්තයින් ලෙස නො සිටියෙමු."},{"id":14,"translation":"තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය."},{"id":15,"translation":"එහෙත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝ ය. නියත වශයෙන් ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි."},{"id":16,"translation":"එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු ගැහැනු දරුවන් ගෙන නුඹලාට ඔහු පිරිමි දරුවන් තෝරා දුන්නේ ද?"},{"id":17,"translation":"තවද මහා කරුණාන්විතයාණන්හට උදාහරණ ලෙස ගෙන හැර දැක් වූ දෑ (ගැහැනු දරුවන්) පිළිබඳව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත්ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය."},{"id":18,"translation":"පැහැදිලිව කතා නො කරන ආභරණයන්ගෙන් වඩවනු ලැබූ අයව ද? (ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ආදේශ කරනුයේ?)"},{"id":19,"translation":"තවද මලක්වරුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී ඔවුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු සහභාගි වී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලබනු ඇත. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබනු ඇත."},{"id":20,"translation":"තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නො කරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත."},{"id":21,"translation":"එසේ නැතහොත් මීට පෙර ධර්ම ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?"},{"id":22,"translation":"එසේ නො ව, “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ."},{"id":23,"translation":"තවද එසේ නුඹට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කළවුන් “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදු වූයේ) නැත."},{"id":24,"translation":"කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නො ගෙනාවෙමි දැ? යි ඔහු විමසී ය. එයට “කවර දෙයක් සමඟ නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ."},{"id":25,"translation":"එවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අධීක්ෂණයෙන් බලනු."},{"id":26,"translation":"තවද “නියත වශයෙන් ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."},{"id":27,"translation":"එහෙත් මා මැවූ අය හැර. නියත වශයෙන් ම ඔහු මට මග පෙන්වනු ඇත."},{"id":28,"translation":"තවද ඔහුගෙන් පසු පැවත එන්නන් අතර එය පවතින ප්‍රකාශයක් බවට පත් කළේ ය. එය ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ය."},{"id":29,"translation":"එහෙත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි ධර්ම දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි."},{"id":30,"translation":"තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":31,"translation":"තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නො වේ ද?” යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":32,"translation":"ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අප ය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම්වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය."},{"id":33,"translation":"තවද ජනයා එක ම සමූහයක් නො වන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද අපි ඇති කරන්නට තිබුණි."},{"id":34,"translation":"තවද ඔවුන්ගේ නිවෙස් දොරටුවලින් ද ඔවුන් ඒ මත හාන්සිව සිටින කවිච්චිවලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)"},{"id":35,"translation":"තවද විසිතුරු භාණ්ඩ වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද නුඹේ පරමාධිපති අබියස මතු ලොව (සමෘද්ධිය) බිය බැතිමතුන්හට ය."},{"id":36,"translation":"තවද මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවෙකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වනු ඇත."},{"id":37,"translation":"තවද නියත වශයෙන් ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන් ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති."},{"id":38,"translation":"ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නො වේ ද?’ යැයි ඔහු පවසයි. එසේ එම සමීප මිතුරා නපුරු විය."},{"id":39,"translation":"තවද නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. නියත වශයෙන් ම නුඹලා දඬුවමෙහි හවුල්කරුවෝ වෙති."},{"id":40,"translation":"නුඹ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට නුඹ මග පෙන්වන්නෙහි ද?"},{"id":41,"translation":"එහෙයින් (නබිවරය!) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින් ම අපි ඔවුනට ප්‍රතිචාර දක්වන්නෝ වෙමු."},{"id":42,"translation":"එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි නුඹට පෙන්වන්නෙමු. සැබැවින් ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු."},{"id":43,"translation":"එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය."},{"id":44,"translation":"තවද නියත වශයෙන් ම මෙය නුඹට හා නුඹේ සමූහයාට අනුශාසනාවකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත."},{"id":45,"translation":"මහා කරුණාන්විතයාණන් හැර දමා ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැ? යි නුඹට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් නුඹ විමසනු."},{"id":46,"translation":"ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින් ම අපි අපගේ සාධක සමඟ මූසාව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන් ම මම ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයා වෙමි” යැයි පැවසී ය."},{"id":47,"translation":"එසේ අපගේ සාධක සමඟ ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝ ය."},{"id":48,"translation":"අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එයට පෙර පැවති දෑට වඩා විශාල දෙයක් මිස එය නො වීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු."},{"id":49,"translation":"තවද “අහෝ මායාකරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන් ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":50,"translation":"ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුහු (දිවුරුම) කඩ කරති."},{"id":51,"translation":"තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නො වේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නො දකින්නෙහු ද?"},{"id":52,"translation":"එසේ නැතහොත් පැහැදිලිව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නො වේ ද?"},{"id":53,"translation":"එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නො වේ ද? එසේ නැතහොත් ඔහු සමඟ පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”"},{"id":54,"translation":"එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේ ය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූවෝ ය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූවෝ ය."},{"id":55,"translation":"ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු."},{"id":56,"translation":"එවිට ඉකුත්ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උදාහරණයක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු."},{"id":57,"translation":"තවද මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට නුඹේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනෝ ය."},{"id":58,"translation":"තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසුවෝ ය. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නො කළෝ ය. එසේ ය. ඔවුහු තර්ක කරන පිරිසක් වෙති."},{"id":59,"translation":"අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු."},{"id":60,"translation":"තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි."},{"id":61,"translation":"තවද නියත වශයෙන් ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නො කරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි."},{"id":62,"translation":"තවද ෂෙයිතාන් නුඹලාට බාධා නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි."},{"id":63,"translation":"ඊසා පැහැදිලි සාධක සමඟ පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමඟ ද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස ද පැමිණ ඇත්තෙමි. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසී ය."},{"id":64,"translation":"“නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”"},{"id":65,"translation":"එවිට ඔවුන් අතරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝ ය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශය අත් වේවා!"},{"id":66,"translation":"ඔවුන් නො හගමින් සිටිය දී අනපේක්ෂිතව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණීම හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?"},{"id":67,"translation":"මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. එහෙත් දේව බිය බැතිමතුන් හැර."},{"id":68,"translation":"අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නො වන්නෙහු ය."},{"id":69,"translation":"ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ."},{"id":70,"translation":"නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)"},{"id":71,"translation":"රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පින වන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති."},{"id":72,"translation":"නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි."},{"id":73,"translation":"නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරනු ඇත."},{"id":74,"translation":"නියත වශයෙන් ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති."},{"id":75,"translation":"ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නො ලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති."},{"id":76,"translation":"තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝ ය."},{"id":77,"translation":"තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි."},{"id":78,"translation":"සැබැවින් ම අපි සත්‍යය සමඟ නුඹලා වෙත පැමිණියෙමු. එහෙත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති."},{"id":79,"translation":"එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන් ම අපි ද තීන්දු කරන්නෝ වෙමු."},{"id":80,"translation":"ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡාවලට සැබැවින් ම අප සවන් නො දෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති."},{"id":81,"translation":"“මහා කරුණාන්විතයාණන්හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":82,"translation":"අහස්හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන් ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය."},{"id":83,"translation":"එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමු වන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු."},{"id":84,"translation":"තවද ඔහු වනාහි අහස්හි දෙවිඳා ය. මහපොළොවෙහි ද දෙවිඳා ය. තවද මහා ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය."},{"id":85,"translation":"තවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අතිඋත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙත ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය."},{"id":86,"translation":"තවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර."},{"id":87,"translation":"තවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?"},{"id":88,"translation":"තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මොවුහු විශ්වාස නො කරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශය ද (අල්ලාහ් දනී)."},{"id":89,"translation":"එහෙයින් ඔබ ඔවුන් නො සළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත."}]},{"id":44,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්."},{"id":3,"translation":"නියත වශයෙන් ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන් ම අපි අවවාද කරන්නන් වූයෙමු."},{"id":4,"translation":"එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක් ම තීරණය කරනු ලබයි."},{"id":5,"translation":"(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු."},{"id":6,"translation":"(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":7,"translation":"නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති ය."},{"id":8,"translation":"ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපති ය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපති ය."},{"id":9,"translation":"එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති."},{"id":10,"translation":"එහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු."},{"id":11,"translation":"එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි."},{"id":12,"translation":"“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)"},{"id":13,"translation":"ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින් ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත."},{"id":14,"translation":"පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝ ය."},{"id":15,"translation":"නියත වශයෙන් ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන් ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝ ය."},{"id":16,"translation":"දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන් ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු."},{"id":17,"translation":"තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේ ය."},{"id":18,"translation":"“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසී ය.)"},{"id":19,"translation":"“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නො වනු. නියත වශයෙන් ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”"},{"id":20,"translation":"“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන් ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”"},{"id":21,"translation":"“තවද නුඹලා මා විශ්වාස නො කළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත්ව සිටිනු.”"},{"id":22,"translation":"එවිට ඔහු ‘නියත වශයෙන් ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේ ය."},{"id":23,"translation":"(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් ය.”"},{"id":24,"translation":"තවද “මුහුද ඒ අයුරින් ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”"},{"id":25,"translation":"ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?"},{"id":26,"translation":"තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද"},{"id":27,"translation":"තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)"},{"id":28,"translation":"එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු."},{"id":29,"translation":"එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නො වූවෝ ය."},{"id":30,"translation":"තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින් ම අපි මුදවා ගත්තෙමු."},{"id":31,"translation":"ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය."},{"id":32,"translation":"තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින් ම අපි ඔවුන් තෝරා ගත්තෙමු."},{"id":33,"translation":"තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය."},{"id":34,"translation":"නියත වශයෙන් ම මොවුහු මෙසේ පවසති."},{"id":35,"translation":"“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.”"},{"id":36,"translation":"එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”"},{"id":37,"translation":"ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම ඔවුහු අපරාධකරුවන් වූවෝ ය."},{"id":38,"translation":"තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නො මැව්වෙමු."},{"id":39,"translation":"ඒ දෙක සත්‍යයෙන් යුතුව මිස අපි නො මැව්වෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති."},{"id":40,"translation":"නියත වශයෙන් ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි."},{"id":41,"translation":"එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු උදව් කරනු නො ලබති."},{"id":42,"translation":"එහෙත් අල්ලාහ් කරුණාව පෙන්වූ අය හැර. නියත වශයෙන් ම ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ."},{"id":43,"translation":"නියත වශයෙන් ම zසක්කූම් ගස වනාහි,"},{"id":44,"translation":"පාපතරයින්ගේ ආහාරයයි."},{"id":45,"translation":"එය උණු කළ තඹ මෙන් ය. එය උදර තුළ නටමින් පවතින්නේ ය."},{"id":46,"translation":"ලෝ දිය නටන්නාක් මෙනි."},{"id":47,"translation":"(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසුව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු."},{"id":48,"translation":"පසුව ඔහුගේ හිසට ඉහළින් වේදනා ගෙන දෙන ලෝ දිය වක් කරනු."},{"id":49,"translation":"නුඹ විඳිනු. නියත වශයෙන් ම නුඹ (මෙලොව) ගරුසරු ඇති බලධාරියෙකු විය."},{"id":50,"translation":"නියත වශයෙන් ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එය වේ."},{"id":51,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති."},{"id":52,"translation":"උයන් හා දිය උල්පත් අතර ය."},{"id":53,"translation":"ඔවුහු සිනිඳු සේද හා ඝන සේදවලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති."},{"id":54,"translation":"එලෙස ය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු."},{"id":55,"translation":"ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති."},{"id":56,"translation":"මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නො විඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේ ය."},{"id":57,"translation":"(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණ ය."},{"id":58,"translation":"එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු."},{"id":59,"translation":"එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති."}]},{"id":45,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි."},{"id":3,"translation":"නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥා ඇත."},{"id":4,"translation":"තවද නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත."},{"id":5,"translation":"තවද රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමඟින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත."},{"id":6,"translation":"ඒවා අල්ලාහ්ගේ සංඥා වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතුව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන්වලට පසුව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?"},{"id":7,"translation":"මහත් සේ බොරු ගොතා පවසන සෑම පාපතරයකුට ම විනාශය අත් වේවා!"},{"id":8,"translation":"ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන්වලට ඔහු සවන් දෙයි. පසුව ඔහු එයට සවන් නො දුන්නාක් මෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳව (නබිවරය!) නුඹ ඔහුට ශුභාරංචි දන්වනු."},{"id":9,"translation":"ඔහු අපගේ වදන් අතරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේ ය. නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය."},{"id":10,"translation":"ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොරව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නො වනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත."},{"id":11,"translation":"මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත."},{"id":12,"translation":"නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ් ය."},{"id":13,"translation":"තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. නියත වශයෙන් ම සිතන ජනයාට මෙහි සංඥා ඇත."},{"id":14,"translation":"අල්ලාහ්ගේ (දඬුවම්) දිනයන් අපේක්ෂා නො කරන්නන්හට සමාව දෙන්නැයි දේවත්වය විශ්වාස කළවුනට (නබිවරය!) නුඹ පවසනු. එය ඔහු පිරිසකට ඔවුන් උපයමින් සිටි දෑට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා ය."},{"id":15,"translation":"කවරෙකු යම් යහපතක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) ඔහුට එරෙහිව ය. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත."},{"id":16,"translation":"තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවනට ධර්ම ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු."},{"id":17,"translation":"තවද සියලු (ආගමික) කරුණුවල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහෙත් ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස වෙනත් කිසිවක් සඳහා ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන් ම ඔබේ පරමාධිපති මතුලොවෙහි තීන්දු දෙනු ඇත."},{"id":18,"translation":"පසුව (ධර්ම දූතයින්ට නියෝග කළ) එම කරුණෙන් වූ පිළිවෙතක් මත අපි නුඹව පත් කළෙමු. එහෙයින් නුඹ එය අනුගමනය කරනු. තවද දැනුම නොමැති අයගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු."},{"id":19,"translation":"නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹව මුදවා ගන්නේ ම නැත. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝ ය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරු ය."},{"id":20,"translation":"මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි."},{"id":21,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය."},{"id":22,"translation":"තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද සෑම ආත්මයක් ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති."},{"id":23,"translation":"(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේ ය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේ ය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේ ය. අල්ලාහ්ගෙන් පසුව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?"},{"id":24,"translation":"තවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නො කරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත."},{"id":25,"translation":"තවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නො වීය."},{"id":26,"translation":"(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසුව නුඹලා මරණයට පත් කරයි; පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති."},{"id":27,"translation":"තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්ය අල්ලාහ් සතු ය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති."},{"id":28,"translation":"සෑම සමූහයක් ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක් ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ය.” (යැයි කියනු ලැබේ.)"},{"id":29,"translation":"මෙය නුඹලාට එරෙහිව සත්‍යයෙන් යුතුව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන් ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු."},{"id":30,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය."},{"id":31,"translation":"තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නො තිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහු ය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහු ය. (යැයි කියනු ලැබේ.)"},{"id":32,"translation":"“තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැ? යි අපි නො දනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නො සිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නො වූයෙමු යැයි නුඹලා පැවසුවෙහු ය."},{"id":33,"translation":"තවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේ ය."},{"id":34,"translation":"“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ."},{"id":35,"translation":"“මෙයට හේතුව, නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලාව මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නො වනු ඇත. තවද ඔවුහු පිළිගනු ලබන්නන් නො වෙති."},{"id":36,"translation":"අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා!"},{"id":37,"translation":"තවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතු ය. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."}]},{"id":46,"verses":[{"id":1,"translation":"හා මීම්.[1]","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි."},{"id":3,"translation":"සත්‍යය හේතුවක් හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නො මැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන් ය."},{"id":4,"translation":"අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ? යි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස් (මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ බුද්ධිමය සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":5,"translation":"තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නො සපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවු ද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති."},{"id":6,"translation":"තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත."},{"id":7,"translation":"තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසුවෝ ය."},{"id":8,"translation":"එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මා එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නො දරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත් ය. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":9,"translation":"“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නො වූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැ? යි මම නො දනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නො පිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු."},{"id":10,"translation":"“එය අල්ලාහ් වෙතින් පැමිණ තිබියදීත්, ඉස්රාඊල් දරුවන් අතරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂිද දරා, පසුව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩඟු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":11,"translation":"“එය යහපතක් වී නම් ඒ කෙරෙහි ඔවුන් අප පසුකර නො යනු ඇත යැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසුවෝ ය. තවද එමඟින් ඔවුහු යහමග නො ලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත."},{"id":12,"translation":"තවද එයට පෙර මෙහෙයවන්නක් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචියක් ලෙස ද අරාබි බසින් වූ ග්‍රන්ථයකි. (එය හා මීට පෙර පහළ වූ ග්‍රන්ථ) තහවුරු කරන්නකි."},{"id":13,"translation":"‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති."},{"id":14,"translation":"ඔවුහු ස්වර්ග වැසියෝ ය. එහි සදාතනිකයින් ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි."},{"id":15,"translation":"තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතුව ඉසිලුවා ය. තවද දුෂ්කරත්වයෙන් යුතුව ඇය ඔහු ප්‍රසූත කළා ය. ඔහුව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත්ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන් ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන් ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේ ය."},{"id":16,"translation":"ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහු ම ය. තවද අපි ඔවුන්ගේ පාපකම් නො සළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතර ය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි."},{"id":17,"translation":"තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත්ව ගොස් ඇතැ”යි පැවසී ය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසී ය."},{"id":18,"translation":"තමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත්ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතර ය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය."},{"id":19,"translation":"සෑම කෙනෙකුට ම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නො ලබති."},{"id":20,"translation":"තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොරව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදු කරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහු ය."},{"id":21,"translation":"තවද ආද්ගේ සහෝදරයා වැලිකඳු මත සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත්ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) නැමදුම් නො කරනු. නියත වශයෙන් ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය)."},{"id":22,"translation":"“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":23,"translation":"“නියත වශයෙන් ම එම දැනුම අල්ලාහ් අබියස ය. තවද කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. එහෙත් වටහා නො ගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසී ය."},{"id":24,"translation":"ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නො ව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”"},{"id":25,"translation":"“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නො ලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. වැරදි කරන ජනයාහට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙස ය."},{"id":26,"translation":"තවද කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නො දුන්නෙමු ද එවන් දෑහි සැබැවින් ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන්, බැල්ම හා හදවත් ද ඇති කළෙමු. එහෙත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය."},{"id":27,"translation":"තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින් ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු."},{"id":28,"translation":"අල්ලාහ් හැර දමා සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නො වේ ද? එසේ නොව ඔවුහු ඔවුන්ගෙන් සැඟවී වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුව හා ඔවුන් ගොතමින් සිටි දෑ ය."},{"id":29,"translation":"තවද අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬව සවන් දෙනු” යැයි ඔවුහු පැවසුවෝ ය. පසුව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ."},{"id":30,"translation":"අහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, එයට ඉදිරියේ පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයකට නියත වශයෙන් ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත."},{"id":31,"translation":"“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේ ය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේ ය."},{"id":32,"translation":"“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නො දක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නො වේ. තවද ඔහුගෙන් තොරව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහි ය."},{"id":33,"translation":"නියත වශයෙන් ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නො වූ අල්ලාහ් මළවුන්ට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නො දුටුවෝ ද? එසේය, නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":34,"translation":"තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නො වේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි."},{"id":35,"translation":"එහෙයින් ධර්ම දූතවරුන් අතරින් දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නො වනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින (එය) දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නො වූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. දුෂ්ඨ ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේ ද?"}]},{"id":47,"verses":[{"id":1,"translation":"ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) අවහිර කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) අපතේ හැර දැමී ය."},{"id":2,"translation":"තවද විශ්වාස කර යහකම් සිදු කර මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි."},{"id":3,"translation":"එයට හේතුව නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙස ය."},{"id":4,"translation":"එහෙයින් නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අබිබවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින් ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැකි ය. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුනට ඔහුම දඬුවම් කරන්නට තිබුණි. එහෙත් (ඔහු එසේ සිදු නො කළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිස ය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත."},{"id":5,"translation":"ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත."},{"id":6,"translation":"තවද ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත."},{"id":7,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත."},{"id":8,"translation":"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු අපතේ හැර දැමී ය."},{"id":9,"translation":"එය නියත වශයෙන් ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේ ය."},{"id":10,"translation":"මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු අධීක්ෂණයෙන් නො බලන්නෝ ද? අල්ලාහ් ඔවුන් මුළුමණින් ම විනාශ කළේ ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ද ඒ හා සමාන දෑ ඇත."},{"id":11,"translation":"එය, දේවත්වය විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන් ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ."},{"id":12,"translation":"විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (මෙලොව සතුට) භුක්ති විඳිමින් ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරමින් සිටිති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි."},{"id":13,"translation":"නුඹව පිටමං කළ නුඹේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නො වීය."},{"id":14,"translation":"තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා, තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද?"},{"id":15,"translation":"බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම්, එහි පල් නො වන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නො වන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි."},{"id":16,"translation":"තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිටව ගිය විට “මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?”යි ඥානය දෙනු ලැබූවන්ගෙන් ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහු ම ය."},{"id":17,"translation":"තවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේ ය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනැමුවේ ය."},{"id":18,"translation":"අවසන් හෝරාව අනපේක්ෂිත ලෙස ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින් ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත එය පැමිණි විට ඔවුනට ඔවුන්ගේ මෙනෙහි කිරීම කෙසේ නම් (ඵලක්) වෙත් ද?"},{"id":19,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹේ පාපයන්ටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්හටත් සමාව අයැදිනු. තවද නුඹලාගේ ක්‍රියාකාරකම් හා නුඹලාගේ නවාතැන අල්ලාහ් දනී."},{"id":20,"translation":"තවද (යුද්ධය සම්බන්ධ ව) පරිච්ඡේදයක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ? යි විශ්වාස කළවුන් විමසති. එහෙත් තීරණාත්මක පරිච්ඡේදයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැති වී බලන්නාක් මෙන් නුඹ දෙස ඔවුහු බලති. එහෙයින් ඔවුනට වඩාත් සුදුසු ය."},{"id":21,"translation":"එනම් අවනතභාවය හා යහපත් ප්‍රකාශය (ඔවුනට වඩාත් සුදුසුය). එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ්ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත."},{"id":22,"translation":"නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?"},{"id":23,"translation":"අල්ලාහ් ශාප කළවුන් ඔවුහු ම ය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේ ය. තවද ඔවුන්ගේ බැල්ම අන්ධභාවයට පත් කළේ ය."},{"id":24,"translation":"එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නො කරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුල් (දමා) තිබේ ද?"},{"id":25,"translation":"ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසුව නියත වශයෙන් ම පසුපස හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එය) ඔවුනට අලංකාර කළේ ය. තවද ඔහු ඔවුනට ආශාවන් ඇති කළේ ය."},{"id":26,"translation":"එය, සැබැවින් ම ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුන්ට \" (මේ) කරුණු අතරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු\" යැයි පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී."},{"id":27,"translation":"එහෙත් ඔවුන්ගේ මුහුණුවලට හා පිටවල්වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වී ද?"},{"id":28,"translation":"මෙයට හේතුව එය නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේ ය."},{"id":29,"translation":"එසේ නැතහොත් ඔවුන්ගේ ක්‍රෝධය අල්ලාහ් හෙළි නො කරන්නේ ම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?"},{"id":30,"translation":"තවද අප අභිමත කරන්නේ නම් අප නුඹට ඔවුන්ව පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මඟින් හඳුනා ගනු ඇත. සැබැවින් ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී."},{"id":31,"translation":"තවද නුඹලා අතරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප පෙන්වා දෙනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන් ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු."},{"id":32,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසුව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නො හැක්කේ ම ය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත."},{"id":33,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නො ගනු."},{"id":34,"translation":"නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසුව ප්‍රතික්ෂේපකයින් ලෙසින් ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නො දෙන්නේ ම ය."},{"id":35,"translation":"එහෙයින් (යුද බිමෙහි) නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නො කරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමඟ ය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නො කරන්නේ ම ය."},{"id":36,"translation":"නියත වශයෙන් ම මෙලොව ජීවිතය කෙළි සෙල්ලමකි. විනෝදයකි. තවද නුඹලා විශ්වාස කර, බිය බැතිමත් වන්නෙහු නම් නුඹලාගේ කුලිය ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලාගේ ධනය ඔහු නුඹලාගෙන් ඉල්ලා නො සිටියි."},{"id":37,"translation":"ඔහු නුඹලාගෙන් එය (ධනය) ඉල්ලා; බල කර සිටියේ නම් (එවිට) නුඹලා මසුරු වන්නෙහු ය. තවද නුඹලාගේ ක්‍රෝධය ඔහු හෙළි කරන්නේ ය."},{"id":38,"translation":"අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන් ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන් ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. එහෙත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොර ය. තවද නුඹලා දිළින්දෝ ය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නො වනු ඇත."}]},{"id":48,"verses":[{"id":1,"translation":"(අහෝ නබිවරය!) නියත වශයෙන් ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු."},{"id":2,"translation":"නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත් ය."},{"id":3,"translation":"තවද අතිමහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය."},{"id":4,"translation":"දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමඟ ම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහු ය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":5,"translation":"තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරනු පිණිසත් ය. ඔවුන් එහි සදාතනිකයින් ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත් ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි."},{"id":6,"translation":"තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහක පිරිමීන් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කිරීම පිණිසත් ය. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේ ය. තවද ඔවුනට නිරය සූදානම් කළේ ය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය."},{"id":7,"translation":"තවද අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත ය; සර්ව බලධාරී ය."},{"id":8,"translation":"නියත වශයෙන් ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු."},{"id":9,"translation":"නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; තවද නුඹලා ඔහු (අල්ලාහ්)ව උදේ සවස සුවිශුද්ධ කරනු පිණිස ය."},{"id":10,"translation":"නියත වශයෙන් ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ට ය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන් ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිව ය. තවද කවර දෙයක් වෙත අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ අය වනාහි ඔහුට මහත් වූ තිළිණයක් ඔහු පිරිනමනු ඇත."},{"id":11,"translation":"අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අපව නිරත කරවී ය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නො ව, නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥාවන්ත ය."},{"id":12,"translation":"එසේ නො ව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නො එන්නේ ම යැයි නුඹලා සිතුවෙහු ය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදි. තවද නුඹලා සිතුවේ නරක සිතුවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට ද පත්වූයෙහු ය."},{"id":13,"translation":"තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාව විශ්වාස නො කළේ ද නියත වශයෙන් ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු."},{"id":14,"translation":"තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":15,"translation":"යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමා වී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නො පැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නො ගන්නන් වූහ."},{"id":16,"translation":"නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේ ය. නුඹලා ඔවුන් සමඟ සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. එහෙත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත."},{"id":17,"translation":"(සටනට සහභාගී නො වීම) අන්ධයා මත වරදක් නො වේ. තවද කොරා මත ද වරදක් නො වේ. රෝගියා මත ද වරදක් නො වේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහෙත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි."},{"id":18,"translation":"ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින් ම පිළිගත්තේ ය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේ ය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේ ය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේ ය."},{"id":19,"translation":"(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමී ය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":20,"translation":"තවද අධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබා ගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේ ය. එමෙන් ම නුඹලාට ඔහු මෙය කල් ඇතිව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක් වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිස ය."},{"id":21,"translation":"තවද නුඹලා (තවමත්) ඒ මත බලය නො දැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින් ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":22,"translation":"තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමඟ සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසුව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නො ලබනු ඇත."},{"id":23,"translation":"(එය) මීට පෙර ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නේ ම ය."},{"id":24,"translation":"ඔවුනට එරෙහිව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය."},{"id":25,"translation":"මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලාව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ම ය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නො වී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නො දැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිස ය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන්ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි."},{"id":26,"translation":"අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේ ය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේ ය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":27,"translation":"ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ම හීනය සත්‍යය කළේ ය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොරව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතරව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේ ය."},{"id":28,"translation":"ඔහු වනාහි, යහමග හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් එව්වේ ය. එය ඒ සියලු දහම්වලට ඉහළින් පිහිටීම පිණිස ය. තවද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත් ය."},{"id":29,"translation":"මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් ය. තවද ඔහු සමඟ සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩිව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණිකව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසුව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවරව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව එමඟින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය."}]},{"id":49,"verses":[{"id":1,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නො යනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය."},{"id":2,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ හඬ නබිවරයාගේ හඬට වඩා උස් නො කරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬනගා සැරෙන් කතා නො කරනු. එවිට නුඹලා නො දැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත."},{"id":3,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහු ම ය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත."},{"id":4,"translation":"නියත වශයෙන් ම කුටිවලට පිටින් සිට නුඹව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නො ගන්නා අය වෙති."},{"id":5,"translation":"තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැරව පැමිණෙන තෙක් නියත වශයෙන් ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වන්නට තිබුණි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":6,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා වෙත දුෂ්ඨයෙකු යම් පුවතක් ගෙන ආවේ නම්, නුඹලා නොදැනුවත්ව පිරිසකට හානියක් සිදු කර පසුව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නො වනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු."},{"id":7,"translation":"තවද නියත වශයෙන් ම නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බව දැන ගනු. කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් නුඹලා පීඩාවට ගොදුරු වනු ඇත. එනමුත් නුඹලා වෙත අල්ලාහ් දේව විශ්වාසය පිළිබඳ කැමැත්ත ඇති කළේ ය. තවද එය නුඹලාගේ හදවත් තුළ අලංකාරවත් කළේ ය. තවද නුඹලා වෙත දේව ප්‍රතික්ෂේපය, පාපකම හා පිටුපෑම ඔහු පිළිකුල් කෙරෙව්වේ ය. යහමග සිටින්නෝ ඔවුහු ම ය."},{"id":8,"translation":"(එය) අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයක් හා ආශිර්වාදයක් වශයෙනි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":9,"translation":"දේවත්වය විශ්වාසව කරන්නන් අතරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. එහෙත් එය නැඹුරු වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුකව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් යුක්තිගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරයි."},{"id":10,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නෝ සහෝදරයෝ ය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු."},{"id":11,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නො කළ යුතු ය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැකි ය. එමෙන් ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නො කළ යුතු ය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැකි ය. තවද නුඹලා අතර දොස් නො කියනු. තවද පටබැඳි නම්වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නො කරනු. දේව විශ්වාසයෙන් පසුව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරු ය. තවද කවරෙකු පාප සමාව අයැද නො සිටියේද එවිට ඔවුහු මය අපරාධකරුවෝ."},{"id":12,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! බොහෝ අනුමානයන්ගෙන් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන් ම ඇතැම් අනුමාන පාපතර ය. තවද නුඹලා ඔත්තු නො බලනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නො කිව යුතු ය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහු ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා ය; මහා කරුණාන්විත ය."},{"id":13,"translation":"අහෝ මිනිසුනි! නියත වශයෙන් ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලාව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවිධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන් ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන් ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා අභිඥානවන්ත ය."},{"id":14,"translation":"“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසුවෝ ය. “නුඹලා විශ්වාස නො කළේම ය. එහෙත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.”"},{"id":15,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසුව (ඒ ගැන) සැක නො කර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහු මය සත්‍යවාදීහු."},{"id":16,"translation":"“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය!) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය."},{"id":17,"translation":"(නබිවරය!) ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. නමුත්. “නුඹලා නුඹලාගේ ඉස්ලාමය මා වෙත කරන උපකාරයක් ලෙස නො සලකනු. එහෙත් නුඹලා සත්‍යවාදීන් නම් දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් ඔහු නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු."},{"id":18,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ පිළිබඳව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය."}]},{"id":50,"verses":[{"id":1,"translation":"කාෆ්,[1] කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"එහෙත් අවවාද කරන්නෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූවෝ ය. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය."},{"id":3,"translation":"“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස් හැරීමකි."},{"id":4,"translation":"මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින් ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත."},{"id":5,"translation":"එහෙත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝ ය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූවෝ ය."},{"id":6,"translation":"ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැ? යි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැ? යි ද ඔවුහු නො බැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත."},{"id":7,"translation":"තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක් ම යුගල වශයෙන්හට ගැන්වූයෙමු."},{"id":8,"translation":"(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුට ම මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි."},{"id":9,"translation":"තවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමඟින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු."},{"id":10,"translation":"තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)"},{"id":11,"translation":"(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමඟින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙස ය."},{"id":12,"translation":"ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද, රස් වාසීහු ද, සමූද් ජනයා ද බොරු කළෝ ය."},{"id":13,"translation":"ආද් ජනයා ද, ෆිර්අවුන් ද, ලූත්ගේ සහෝදරයෝ ද,"},{"id":14,"translation":"අයිකා වාසීහු ද, තුබ්බඃ ජනයා ද (බොරු කළෝය). මේ සියල්ලෝ ම ධර්ම දූතයින් බොරු කළෝ ය. එහෙයින් මාගේ අවවාදය නියම විය."},{"id":15,"translation":"මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති."},{"id":16,"translation":"තවද සැබැවින් ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීප ය."},{"id":17,"translation":"දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගන්නා අවස්ථාවේ;"},{"id":18,"translation":"කිසිදු වදනක් ඔහු උච්චාරණය කළ ද (සියල්ල) නිරීක්ෂා කරන සටහන් කරන්නෙකු ඔහු අසලින් සිටින්නේ ම ය."},{"id":19,"translation":"තවද මරණයේ වේදනාව සැබෑ ලෙසින් ම පැමිණ ඇත. නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි."},{"id":20,"translation":"තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි."},{"id":21,"translation":"තවද සෑම ආත්මයක් ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමඟ පැමිණ ඇත."},{"id":22,"translation":"“සැබැවින් ම නුඹ මේ ගැන නො සැලකිලිමත් කමෙහි සිටියෙහි ය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම තියුණු ය.”"},{"id":23,"translation":"තවද “මෙන්න, මා සතුව සටහන් කරනු ලැබූ වාර්තාවක් ඇත” යැයි (සටහන් කරන මලක්වරයා වන) ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත."},{"id":24,"translation":"“හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු!"},{"id":25,"translation":"(ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසු වන (අය වෙති)."},{"id":26,"translation":"අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා ඔහුව දැඩි දඬුවමට හෙළනු."},{"id":27,"translation":"“අපගේ පරමාධිපතියාණනි! මා ඔහුව නොමග යැව්වේ නැත. එහෙත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත."},{"id":28,"translation":"“මා ඉදිරියේ නුඹලා තර්ක නො කරනු. සැබැවින් ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි” යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත."},{"id":29,"translation":"මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නො වෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වෙමි.” (යැයි අල්ලාහ් පවසනු ඇත.)"},{"id":30,"translation":"එදින “නුඹ පිරුණෙහි දැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ?” යි එය විමසයි."},{"id":31,"translation":"තවද දුරස්ථභාවයකින් තොරව බිය බැතිමතුන්හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ."},{"id":32,"translation":"ප්‍රවේශම් වන නැඹුරු වන සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි."},{"id":33,"translation":"කවුරුන් අදෘශ්‍යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;"},{"id":34,"translation":"නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ.)"},{"id":35,"translation":"ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත."},{"id":36,"translation":"මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූවෝ ය. එවිට ඔවුහු දේශයන්හි සැරිසරන්නට වූවෝ ය. (ඔවුනට) කිසිදු සරණ පතන තැනක් වී ද?"},{"id":37,"translation":"කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන් ම එහි අනුශාසනාවක් ඇත."},{"id":38,"translation":"තවද සැබැවින් ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නො වීය."},{"id":39,"translation":"එහෙයින් ඔවුන් පවසන දෑ මත (නබිවරය!) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු."},{"id":40,"translation":"තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසුව ද (නුඹ ඔහු සුවිශුද්ධ කරනු)."},{"id":41,"translation":"තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු."},{"id":42,"translation":"එදින සැබෑ ලෙසින් ම මහා හඬට ඔවුන් සවන් දෙනු ඇත. එය (මිනීවලවලින්) බැහැර කරනු ලබනු දිනයයි."},{"id":43,"translation":"නියත වශයෙන් ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ."},{"id":44,"translation":"එදින මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන්ව යනු ඇත. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසු ය."},{"id":45,"translation":"ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් දන්නෝ අප වෙමු. නුඹ ඔවුන් වෙත ආධිපත්‍ය දරන්නෙකු නො වේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය පිළිබඳ මෙනෙහි කරනු."}]},{"id":51,"verses":[{"id":1,"translation":"දූවිලි විසුරු වන සුළං මත දිවුරමින්;"},{"id":2,"translation":"(වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්;"},{"id":3,"translation":"පහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්;"},{"id":4,"translation":"කටයුතු බෙදා හරින්නන් මත දිවුරමින්;"},{"id":5,"translation":"නියත වශයෙන් ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක් ම ය."},{"id":6,"translation":"තවද නියත වශයෙන් ම විනිශ්චය සිදු වන්නක්ම ය."},{"id":7,"translation":"මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්;"},{"id":8,"translation":"නියත වශයෙන් ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතර ය."},{"id":9,"translation":"හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති."},{"id":10,"translation":"බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝ ය."},{"id":11,"translation":"ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලී (මරණින් මතු දිනය ගැන) නො සැලකිලිමත් වූවෝ වෙති."},{"id":12,"translation":"විනිශ්චය දිනය කවදා දැ? යි ඔවුහු විමසති."},{"id":13,"translation":"එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති."},{"id":14,"translation":"කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු."},{"id":15,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත්වල ය."},{"id":16,"translation":"ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන් ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝ ය."},{"id":17,"translation":"ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ."},{"id":18,"translation":"තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති."},{"id":19,"translation":"තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය."},{"id":20,"translation":"තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත."},{"id":21,"translation":"තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නො බලන්නෙහු ද?"},{"id":22,"translation":"තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත."},{"id":23,"translation":"අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන් ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින් ම එය සත්‍යයක් ම ය."},{"id":24,"translation":"ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?"},{"id":25,"translation":"ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝ ය. ඔහු ද සලාම් (සාමයයි) පැවසී ය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේ ය.)"},{"id":26,"translation":"එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේ ය."},{"id":27,"translation":"ඔහු එය ඔවුන් වෙත සමීප කරවී ය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නො කරන්නෙහු දැ”යි ඔහු විමසී ය."},{"id":28,"translation":"ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නො වනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ."},{"id":29,"translation":"එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවා ය."},{"id":30,"translation":"“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙස ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්ත ය.” යැයි ඔවුහු පැවසූහ."},{"id":31,"translation":"අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ? යි ඔහු (ඉබ්රාහීම්) විමසී ය."},{"id":32,"translation":"“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන් ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ."},{"id":33,"translation":"“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”"},{"id":34,"translation":"“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”"},{"id":35,"translation":"එවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු."},{"id":36,"translation":"එහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නො දුටුවෙමු."},{"id":37,"translation":"තවද වේදනීය දඬුවමට බියවන්නන්හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු."},{"id":38,"translation":"තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමඟ එවූ අවස්ථාවේ දී ය."},{"id":39,"translation":"එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේ ය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසී ය."},{"id":40,"translation":"එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු."},{"id":41,"translation":"තවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය."},{"id":42,"translation":"එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත."},{"id":43,"translation":"තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය."},{"id":44,"translation":"එහෙත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝ ය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේ ය."},{"id":45,"translation":"එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ට ම උදව් කරගන්නන් නො වූවෝ ය."},{"id":46,"translation":"තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ."},{"id":47,"translation":"තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන් ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු."},{"id":48,"translation":"තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය."},{"id":49,"translation":"තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක් ම යුගල වශයෙන් ම අපි මැව්වෙමු."},{"id":50,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි."},{"id":51,"translation":"තවද නුඹලා අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු පත් නො කරනු. නියත වශයෙන් ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි."},{"id":52,"translation":"එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නො වීය."},{"id":53,"translation":"ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි."},{"id":54,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නො වනු ඇත."},{"id":55,"translation":"තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට ප්‍රයෝජනවත් වනු ඇත."},{"id":56,"translation":"තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි."},{"id":57,"translation":"ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නො කරමි. එමෙන් ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නො කරමි."},{"id":58,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයා ය."},{"id":59,"translation":"එහෙයින් නියත වශයෙන් ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නො පැතිය යුතු ය."},{"id":60,"translation":"ප්‍රතික්ෂේප කළවුන්ට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනයේ විනාශය ඇත."}]},{"id":52,"verses":[{"id":1,"translation":"තූර් කන්ද මත දිවුරමින්;"},{"id":2,"translation":"ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;"},{"id":3,"translation":"දිගු හරින ලද ලේඛණයෙහි;"},{"id":4,"translation":"බයිතුල් මඃමූර් මත දිවුරමින්;"},{"id":5,"translation":"ඉහළට ඔස වන ලද වියන මත දිවුරමින්;"},{"id":6,"translation":"ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;"},{"id":7,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදු වන්නක්ම ය."},{"id":8,"translation":"එය වළක්වන කිසිවෙකු නැත."},{"id":9,"translation":"එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී."},{"id":10,"translation":"තවද කඳු දරුණු ලෙස විතැන් වෙමින් පවතී."},{"id":11,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":12,"translation":"ඔවුහු වනාහි (පුහු කටයුතුවල) නිරතව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති."},{"id":13,"translation":"එදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ."},{"id":14,"translation":"“නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”"},{"id":15,"translation":"මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නො දකින්නෙහු ද?"},{"id":16,"translation":"නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නො ඉවසුව ද නුඹලාට එක සමාන ය. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා ය."},{"id":17,"translation":"නියත වශයෙන් ම බිය බැතිමත්හු (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම්හි සිටින්නෝ ය."},{"id":18,"translation":"ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු වන්නන් ලෙස සිටින්නෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේ ය."},{"id":19,"translation":"නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු. (යැයි පවසනු ලැබේ.)"},{"id":20,"translation":"පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු."},{"id":21,"translation":"තවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතුව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමඟ එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නො කරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේ ය."},{"id":22,"translation":"තවද ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු."},{"id":23,"translation":"ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත."},{"id":24,"translation":"තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන් ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති."},{"id":25,"translation":"ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති."},{"id":26,"translation":"“මීට පෙර නියත වශයෙන් ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති."},{"id":27,"translation":"“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේ ය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේ ය.”"},{"id":28,"translation":"“නියත වශයෙන් ම අපි පෙර සිට ම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන් ම ඔහු මය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”"},{"id":29,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නො වේ."},{"id":30,"translation":"“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?"},{"id":31,"translation":"“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":32,"translation":"එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?"},{"id":33,"translation":"එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නො කරති."},{"id":34,"translation":"ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතු ය."},{"id":35,"translation":"එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?"},{"id":36,"translation":"එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති."},{"id":37,"translation":"එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?"},{"id":38,"translation":"නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත් ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!"},{"id":39,"translation":"එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වී ද?"},{"id":40,"translation":"එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?"},{"id":41,"translation":"එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?"},{"id":42,"translation":"එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ."},{"id":43,"translation":"එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොරව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය."},{"id":44,"translation":"තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති."},{"id":45,"translation":"එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු."},{"id":46,"translation":"එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු උදව් කරනු නො ලබති."},{"id":47,"translation":"තවද නියත වශයෙන් ම අපරාධ කළවුන්ට ඒ හැර තවත් දඬුවමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති."},{"id":48,"translation":"තවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන් ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේ ය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් නුඹ සුවිශුද්ධ කරනු."},{"id":49,"translation":"තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු."}]},{"id":53,"verses":[{"id":1,"translation":"තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;"},{"id":2,"translation":"තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය."},{"id":3,"translation":"තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි."},{"id":4,"translation":"එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත."},{"id":5,"translation":"අතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය."},{"id":6,"translation":"(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය."},{"id":7,"translation":"තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය."},{"id":8,"translation":"පසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය."},{"id":9,"translation":"එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය."},{"id":10,"translation":"එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය."},{"id":11,"translation":"ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය."},{"id":12,"translation":"එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?"},{"id":13,"translation":"තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය."},{"id":14,"translation":"සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය."},{"id":15,"translation":"ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය."},{"id":16,"translation":"සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;"},{"id":17,"translation":"(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය."},{"id":18,"translation":"තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය."},{"id":19,"translation":"ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?"},{"id":20,"translation":"අනෙක් තුන්වැනියා මනාත් ය."},{"id":21,"translation":"නුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද?"},{"id":22,"translation":"එවිට එය අසාධාරණ බෙදීමකි."},{"id":23,"translation":"ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත."},{"id":24,"translation":"එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?"},{"id":25,"translation":"එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය."},{"id":26,"translation":"අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි."},{"id":27,"translation":"නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති."},{"id":28,"translation":"තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි."},{"id":29,"translation":"එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු."},{"id":30,"translation":"එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය."},{"id":31,"translation":"තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය."},{"id":32,"translation":"ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය."},{"id":33,"translation":"(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද?"},{"id":34,"translation":"තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය."},{"id":35,"translation":"ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?"},{"id":36,"translation":"එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද?"},{"id":37,"translation":"(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?)"},{"id":38,"translation":"එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත."},{"id":39,"translation":"තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත."},{"id":40,"translation":"තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ."},{"id":41,"translation":"පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)"},{"id":42,"translation":"තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය."},{"id":43,"translation":"තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය."},{"id":44,"translation":"තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය."},{"id":45,"translation":"නියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය."},{"id":46,"translation":"ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය)."},{"id":47,"translation":"තවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය."},{"id":48,"translation":"තවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය."},{"id":49,"translation":"තවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ."},{"id":50,"translation":"තවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය."},{"id":51,"translation":"තවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය."},{"id":52,"translation":"තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය."},{"id":53,"translation":"තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය."},{"id":54,"translation":"එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය."},{"id":55,"translation":"එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?"},{"id":56,"translation":"මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි."},{"id":57,"translation":"සමීප වන දෑ සමීප වී ඇත."},{"id":58,"translation":"අල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත."},{"id":59,"translation":"එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද?"},{"id":60,"translation":"තවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය."},{"id":61,"translation":"නුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති."},{"id":62,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු."}]},{"id":54,"verses":[{"id":1,"translation":"අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත."},{"id":2,"translation":"තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති."},{"id":3,"translation":"තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි."},{"id":4,"translation":"තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින් ම පැමිණ ඇත."},{"id":5,"translation":"එය ගැඹුරු ප්‍රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය."},{"id":6,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;"},{"id":7,"translation":"ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළවල් වෙතින් බැහැර වෙති."},{"id":8,"translation":"කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති."},{"id":9,"translation":"ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝ ය. එසේ ම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබී ය."},{"id":10,"translation":"එවිට ඔහු නියත වශයෙන් ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේ ය."},{"id":11,"translation":"එවිට අපි ඇද වැටෙන වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු."},{"id":12,"translation":"තවද අපි මහපොළොවෙහි උල්පත්හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමඟ) එකතු විය."},{"id":13,"translation":"තවද ලෑලි හා ඇන සහිත දෑ (නැව) මත අපි ඔහු ඉසිලුවෙමු."},{"id":14,"translation":"ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ අධීක්ෂණය යටතේ එය යාත්‍රා විය."},{"id":15,"translation":"තවද සැබැවින් ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?"},{"id":16,"translation":"එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?"},{"id":17,"translation":"තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?"},{"id":18,"translation":"ආද් සමූහයා බොරු කළෝ ය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?"},{"id":19,"translation":"අඛණ්ඩව පැවතුණු අභාග්‍යයමත් දිනක නියත වශයෙන් ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු."},{"id":20,"translation":"නියත වශයෙන් ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමී ය."},{"id":21,"translation":"එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?"},{"id":22,"translation":"තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?"},{"id":23,"translation":"සමූද් ජනයා එම අවවාදය බොරු කළෝ ය."},{"id":24,"translation":"අපගෙන් එක් මිනිසෙකු වූ ඔහුව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන් ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":25,"translation":"“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”"},{"id":26,"translation":"ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැ? යි මතු දින ඔවුන් දැන ගනු ඇත."},{"id":27,"translation":"නියත වශයෙන් ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු."},{"id":28,"translation":"තවද නියත වශයෙන් ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක් ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු."},{"id":29,"translation":"එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝ ය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේ ය."},{"id":30,"translation":"එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?"},{"id":31,"translation":"නියත වශයෙන් ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ."},{"id":32,"translation":"තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?"},{"id":33,"translation":"ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝ ය."},{"id":34,"translation":"නියත වශයෙන් ම අපි ඔවුන් වෙත ගල් වර්ෂාවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කර දැමී ය.) එහෙත් ලූත්ගේ (පාර්ශව) ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු."},{"id":35,"translation":"(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය."},{"id":36,"translation":"තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින් ම ඔහු (ලූත්) ඔවුනට අවවාද කළේ ය. එහෙත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝ ය."},{"id":37,"translation":"ඔහුගේ ආගන්තුකයින් සමඟ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුගෙන් පැතුවෝ ය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)"},{"id":38,"translation":"තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින් ම ඔවුනට උදා විය."},{"id":39,"translation":"එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු."},{"id":40,"translation":"තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?"},{"id":41,"translation":"තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින් ම පැමිණියේ ය."},{"id":42,"translation":"ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝ ය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු."},{"id":43,"translation":"(මක්කා වැසියනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන්හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේ ද?"},{"id":44,"translation":"එසේ නැතහොත් “අපි සියල්ලෝ ම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?"},{"id":45,"translation":"මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත."},{"id":46,"translation":"එහෙත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණු ය. තවද වඩාත් අමිහිරි ය."},{"id":47,"translation":"නියත වශයෙන් ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති."},{"id":48,"translation":"එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ. නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)"},{"id":49,"translation":"නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු."},{"id":50,"translation":"තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි."},{"id":51,"translation":"තවද සැබැවින් ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?"},{"id":52,"translation":"තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛනවල (ලියවී) ඇත."},{"id":53,"translation":"තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය."},{"id":54,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති."},{"id":55,"translation":"සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහි ය."}]},{"id":55,"verses":[{"id":1,"translation":"අපරිමිත දයාන්විතයාණෝ;"},{"id":2,"translation":"ඔහු අල් කුර්ආනය ඉගැන්වී ය."},{"id":3,"translation":"ඔහු මිනිසා මැව්වේය."},{"id":4,"translation":"ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය."},{"id":5,"translation":"හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී."},{"id":6,"translation":"තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති."},{"id":7,"translation":"තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය."},{"id":8,"translation":"(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස."},{"id":9,"translation":"තවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු."},{"id":10,"translation":"තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය."},{"id":11,"translation":"එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත."},{"id":12,"translation":"තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත."},{"id":13,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":14,"translation":"වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය."},{"id":15,"translation":"තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය."},{"id":16,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":17,"translation":"(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය."},{"id":18,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":19,"translation":"ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරී ය."},{"id":20,"translation":"ඒ දෙක ඉක්මවා නො යන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය."},{"id":21,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":22,"translation":"ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි."},{"id":23,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":24,"translation":"තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත."},{"id":25,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":26,"translation":"ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක් ය."},{"id":27,"translation":"තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී."},{"id":28,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":29,"translation":"අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ (තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරතව සිටියි."},{"id":30,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":31,"translation":"අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු."},{"id":32,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":33,"translation":"අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත."},{"id":34,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":35,"translation":"නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නො ලබනු ඇත."},{"id":36,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":37,"translation":"එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත."},{"id":38,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":39,"translation":"එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නො ලබයි."},{"id":40,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":41,"translation":"වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරනු ලබති."},{"id":42,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":43,"translation":"වැරදිකරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ."},{"id":44,"translation":"ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති."},{"id":45,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":46,"translation":"තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත."},{"id":47,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":48,"translation":"සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි."},{"id":49,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":50,"translation":"ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත."},{"id":51,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":52,"translation":"සෑම පලතුරකින් ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත."},{"id":53,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":54,"translation":"ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්ත ය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බර වී පවතී."},{"id":55,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":56,"translation":"ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත."},{"id":57,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":58,"translation":"නියත වශයෙන් ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති."},{"id":59,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":60,"translation":"යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?"},{"id":61,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?"},{"id":62,"translation":"තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි."},{"id":63,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":64,"translation":"(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්ත ය."},{"id":65,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":66,"translation":"ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත."},{"id":67,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":68,"translation":"ඒ දෙකෙහි පලතුරු ද, රටඉඳි ද, දෙළුම් ද ඇත."},{"id":69,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":70,"translation":"රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති."},{"id":71,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":72,"translation":"(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති."},{"id":73,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":74,"translation":"ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත."},{"id":75,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":76,"translation":"(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති."},{"id":77,"translation":"එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?"},{"id":78,"translation":"තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අතිඋත්කෘෂ්ට විය."}]},{"id":56,"verses":[{"id":1,"translation":"සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;"},{"id":2,"translation":"එම සිදු වීම බොරුවක් නො වෙයි."},{"id":3,"translation":"(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි."},{"id":4,"translation":"මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;"},{"id":5,"translation":"තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;"},{"id":6,"translation":"එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත."},{"id":7,"translation":"එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය."},{"id":8,"translation":"එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?"},{"id":9,"translation":"තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?"},{"id":10,"translation":"පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය."},{"id":11,"translation":"ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති."},{"id":12,"translation":"(ඔවුන්) සැපවත් උයන්හි සිටිති."},{"id":13,"translation":"මුල් අයගෙන් වූ පිරිසකි."},{"id":14,"translation":"තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි."},{"id":15,"translation":"(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති."},{"id":16,"translation":"ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති."},{"id":17,"translation":"ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති."},{"id":18,"translation":"දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)"},{"id":19,"translation":"එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති."},{"id":20,"translation":"ඔවුන් කැමති පලතුරු සමග ද;"},{"id":21,"translation":"ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)"},{"id":22,"translation":"තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති."},{"id":23,"translation":"(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය."},{"id":24,"translation":"(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි."},{"id":25,"translation":"ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති."},{"id":26,"translation":"සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස."},{"id":27,"translation":"දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?"},{"id":28,"translation":"(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය."},{"id":29,"translation":"තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය."},{"id":30,"translation":"තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය."},{"id":31,"translation":"තවද ගලා යවනු ලබන ජලය අතර ය."},{"id":32,"translation":"තවද බොහෝ පලතුරු අතර ය."},{"id":33,"translation":"කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත."},{"id":34,"translation":"තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය."},{"id":35,"translation":"නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු."},{"id":36,"translation":"අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු."},{"id":37,"translation":"පෙම්බර සම වයසැති,"},{"id":38,"translation":"දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)"},{"id":39,"translation":"(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි."},{"id":40,"translation":"තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි."},{"id":41,"translation":"තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?"},{"id":42,"translation":"(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය."},{"id":43,"translation":"තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය."},{"id":44,"translation":"(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත."},{"id":45,"translation":"නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ."},{"id":46,"translation":"තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ."},{"id":47,"translation":"තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ."},{"id":48,"translation":"“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”"},{"id":49,"translation":"“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු."},{"id":50,"translation":"ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති."},{"id":51,"translation":"ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!"},{"id":52,"translation":"නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති."},{"id":53,"translation":"එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති."},{"id":54,"translation":"ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති."},{"id":55,"translation":"පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති."},{"id":56,"translation":"මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ."},{"id":57,"translation":"අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද?"},{"id":58,"translation":"නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද?"},{"id":59,"translation":"එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?"},{"id":60,"translation":"නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු."},{"id":61,"translation":"නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.)"},{"id":62,"translation":"තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?"},{"id":63,"translation":"නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?"},{"id":64,"translation":"එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?"},{"id":65,"translation":"අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත."},{"id":66,"translation":"“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.”"},{"id":67,"translation":"“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)"},{"id":68,"translation":"නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?"},{"id":69,"translation":"එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද?"},{"id":70,"translation":"අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද?"},{"id":71,"translation":"නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?"},{"id":72,"translation":"(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?"},{"id":73,"translation":"අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු."},{"id":74,"translation":"එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු."},{"id":75,"translation":"එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි."},{"id":76,"translation":"තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි."},{"id":77,"translation":"නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි."},{"id":78,"translation":"ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ."},{"id":79,"translation":"එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති."},{"id":80,"translation":"ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි."},{"id":81,"translation":"නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?"},{"id":82,"translation":"තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?"},{"id":83,"translation":"(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;"},{"id":84,"translation":"නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය."},{"id":85,"translation":"තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත."},{"id":86,"translation":"එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;"},{"id":87,"translation":"නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු."},{"id":88,"translation":"ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;"},{"id":89,"translation":"සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත."},{"id":90,"translation":"තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;"},{"id":91,"translation":"දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි."},{"id":92,"translation":"ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;"},{"id":93,"translation":"එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත."},{"id":94,"translation":"තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත."},{"id":95,"translation":"ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය."},{"id":96,"translation":"එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු."}]},{"id":57,"verses":[{"id":1,"translation":"අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":2,"translation":"අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. ඔහු ප්‍රාණය දෙන්නේ ය. තවද මරණයට පත් කරන්නේ ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":3,"translation":"ඔහු ප්‍රාරම්භකයා ය. අවසානයා ය. දෘශ්‍යමානයා ය. (අදෘශ්‍යමාන) අභ්‍යන්තරයා ය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය."},{"id":4,"translation":"ඔහු වනාහි අහස් හා මහපොළොව දින හයක් තුළ මවා අර්ෂ් මත ස්ථාපිත විය. මහපොළොව තුළට පිවිසෙන දෑ ද, ඉන් බැහැර වන දෑ ද, අහසින් පහළ වන දෑ ද, එහි ඉහළට යන දෑ ද ඔහු දනී. තවද නුඹලා කොතැනක සිටිය ද ඔහු නුඹලා සමඟ ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":5,"translation":"අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය."},{"id":6,"translation":"ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරයි. තවද දහවල රාත්‍රියෙහි ඇතුළු කරයි. තවද ඔහු හදවත් තුළ පවතින දෑ පිළිබඳ සර්ව ඥානී ය."},{"id":7,"translation":"අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් පිළිබඳ නුඹලා විශ්වාස කරනු. තවද කවර විෂයක නුඹලාව (භාරකාර) නියෝජිතයින් බවට ඔහු පත් කළේ ද එවන් දැයින් නුඹලා වියදම් කරනු. එහෙයින් නුඹලා අතරින් දේවත්වය විශ්වාස කොට වියපැහැදම් කළවුන් වන ඔවුනට මහත් කුලියක් ඇත."},{"id":8,"translation":"තවද නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලාව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී නුඹලා අල්ලාහ්ව විශ්වාස නො කිරීමට නුඹලාට කුමක් වී ද? ඔහු නුඹලාගෙන් (මීට පෙර) ප්‍රතිඥා ගෙන ඇත. නුඹලා දේවත්වය විශ්වාස කරන්නවුන් නම් (එය අමතක නො කළ යුතුයි.)"},{"id":9,"translation":"ඔහු වනාහි නුඹලාව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරයි. තවද නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්ත ය. මහා කාරුණික ය."},{"id":10,"translation":"අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නො කර සිටීමට නුඹලාට කුමක් වී ද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමි ය. ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නො වේ. ඔවුහු ඔවුනට පසුව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අතිමහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේ ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්ත ය."},{"id":11,"translation":"කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් පිරිනමන්නේ ද එවිට ඔහු එය ඔහුට ගුණ කර දෙනු ඇත. තවද ගෞරවණීය කුලියක් ද ඔහුට ඇත."},{"id":12,"translation":"එදින ඔවුන්ගේ ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් නුඹ දකිනු ඇත. “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් එදින නුඹලා සතු ශුභාරංචියයි. එහි සදාතනිකයින් ය. අතිමහත් ජයග්‍රහණය එය ම ය.”"},{"id":13,"translation":"එදින කුහක පිරිමි හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අපි ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්‍යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි."},{"id":14,"translation":"“අපි නුඹලා සමඟ නො සිටියෙමු දැයි” (පිටත සිටින) ඔවුහු ඔවුන් අමතති. “එසේය නමුත් නුඹලා නුඹලාට ම අර්බුද ඇති කර ගත්තෙහු ය. නුඹලා (විනාශය) බලාපොරොත්තු වූහ. තවද නුඹලා සැක කළෙහු ය. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් එම ආශාවන් නුඹලාව රවටා දැමී ය. එමෙන් ම අල්ලාහ් සම්බන්ධයෙන් රවටාලන දෑ නුඹලාව රවටා දැමුවේ ය."},{"id":15,"translation":"එහෙයින් අද දින නුඹලාගෙන් හෝ ප්‍රතික්ෂේප කළවුන්ගෙන් හෝ කිසිදු වන්දියක් (නිදහස සඳහා) ගනු නො ලැබේ. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. එය මය නුඹලාගේ සහකරු. තවද යොමු වන ස්ථානය නපුරු විය."},{"id":16,"translation":"අල්ලාහ් මෙනෙහි කිරීම හේතුවෙන් ද සත්‍යයෙන් පහළ වූ දෑ (මෙනෙහි කිරීම) හේතුවෙන් ද ඔවුන්ගේ හදවත් බියට පත්ව තැති ගන්නා මොහොත දේවත්වය විශ්වාස කළවුන්හට නො පැමිණියේ ද? මීට පෙර ධර්ම ග්‍රන්ථ පිරිනමනු ලැබූ අය මෙන් ඔවුහු නො විය යුතු ය. ඔවුන් වෙත කාලය දිගුව පැවතිණි. එවිට ඔවුන්ගේ හදවත් දරුණු විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ ය."},{"id":17,"translation":"මහපොළොව මිය ගිය පසුව නියත වශයෙන් ම අල්ලාහ් එය ප්‍රාණවත් කරන බව නුඹලා දැන ගනු. නුඹලා වටහා ගත හැකි වනු පිණිස නුඹලාට එම සාධක සැබැවින් ම අපි පැහැදිලි කළෙමු."},{"id":18,"translation":"නියත වශයෙන් ම දානමය කටයුතු කරන්නන් ද දානමය කටයුතු කරන්නියන් ද අලංකාර ණයක් ලෙසින් අල්ලාහ්ට ණය දුන් අය ද වනාහි ඔවුනට එය ගුණ කර දෙනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්‍රතිඵල ඇත."},{"id":19,"translation":"තවද අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි ඔවුහු මය සත්‍යවාදීහු. එමෙන් ම ඔවුන්ගේ පරමාධිපති අබියස සාක්ෂිකරුවෝ. ඔවුන්ගේ කුලිය හා ඔවුන්ගේ ආලෝකය ඔවුනට ඇත. තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරුකළවුන් වනාහි ඔවුහු මය නිරා වාසීහු."},{"id":20,"translation":"නියත වශයෙන් ම මෙලොව ජීවිතය වනාහි කෙළියකි. තවද විනෝදයකි. තවද අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර පුරසාරම් දොඩන්නකි. තවද ධනය හා දරුවන් සම්බන්ධයෙන් (තරඟකාරී ලෙස) වැඩි කර ගන්නකි. (එය) වර්ෂාවක් මෙනි. එය පැළෑටිහට ගන්වා සාරවත් බවට පත් වීම (දෙවියන් ප්‍රතික්ෂේප කරන) ගොවියන් සතුටට පත් කළේ ය. පසුව එය වියළී කහ පැහැ ගැන්වී පසුව ඉපණැලි බවට පත් වනු නුඹ දකිනු ඇත. එහෙත් මතු ලොවෙහි දැඩි දඬුවමක් හා අල්ලාහ්ගෙන් වූ සමාව හා තෘප්තිය ඇත. මෙලොව ජීවිතය රවටාලන භුක්ති විඳීමක් මිස නැත."},{"id":21,"translation":"නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව වෙත හා ස්වර්ගය වෙත නුඹලා පෙරටුගාමී වනු. එහි ප්‍රමාණය අහසෙහි හා මහ පොළොවෙහි ප්‍රමාණය මෙනි. එය අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට සූදානම් කරනු ලැබ ඇත. එය අල්ලාහ්ගේ භාග්‍යය වේ. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය."},{"id":22,"translation":"මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා අපි ඇති කිරීමට පෙර ම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි."},{"id":23,"translation":"නුඹලාට අතපසු වූ දෑ ගැන නුඹලා දුක් නො වනු පිණිසත් ඔහු නුඹලාට පිරිනැමූ දෑ ගැන නුඹලා සතුටින් ඉහවහා නො යනු පිණිසත් ය. තවද පුරසාරම් දොඩන අහංකාර සෑම කෙනෙකුව ම අල්ලාහ් ප්‍රිය නො කරයි."},{"id":24,"translation":"ඔවුහු වනාහි මසුරුකම් පාමින්; ජනයාට ද මසුරකම නියම කරන්නන් වෙති. තවද කවරෙකු හෝ (දේව විශ්වාසයෙන්) හැරෙන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් අවශ්‍යතාවෙන් තොර ය; ප්‍රශංසාලාභී ය."},{"id":25,"translation":"සැබැවින් ම අපි අපගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමඟ ධර්ම ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තිය ද මිනිසුනට ප්‍රයෝජන ද ඇත. තවද අදෘශ්‍යමාන තත්ත්වයේ තමන් හා තම දූතවරුන්ට උදව් කරනුයේ කවුරුන් දැ? යි අල්ලාහ් පෙන්වා දෙනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් මහා බලවත් ය; සර්ව බලධාරී ය."},{"id":26,"translation":"තවද සැබැවින් ම අපි නූහ් හා ඉබ්රාහීම් (ධර්ම දූතයින් ලෙස) එව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුර තුළ දූත මෙහෙවර හා දේව ග්‍රන්ථය නියම කළෙමු. එවිට ඔවුන් අතරින් යහමග ලබන්නන් වූහ. එමෙන් ම ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ වූහ."},{"id":27,"translation":"පසුව අපි ඔවුන්ගේ පිය සටහන් මත අපගේ තවත් දූතවරුන් අනුපිළිවෙළින් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුපිළිවෙළින් එව්වෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහුව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු තපස් භාවය අලුතින් ඇති කර ගත්තෝ ය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නො කළෙමු. එහෙත් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් පිළිපැද්දේ නැත. එහෙයින් ඔවුන් අතරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ ය."},{"id":28,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහුගේ දූතයාණන් විශ්වාස කරනු. ඔහුගේ කරුණාවෙන් දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා එමඟින් ගමන් කරන ආලෝකයක් ද ඔහු නුඹලාට ඇති කරයි. තවද ඔහු නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":29,"translation":"අල්ලාහ්ගේ භාග්‍යයට වඩා කිසිවක් මත තමන් ශක්තිය නොදරන බවත් නියත වශයෙන් ම භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අයට එය පිරිනමන බවත් ආගම් ලත් ජනයා දැන ගනු පිණිස ය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යය සම්පන්න ය."}]},{"id":58,"verses":[{"id":1,"translation":"ඇගේ ස්වාමි පුරුෂයා විෂයයෙහි නුඹ සමඟ වාද කොට අල්ලාහ් වෙත පැමිණිලි කළ තැනැත්තියගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ කතාවට ද සවන් දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය."},{"id":2,"translation":"නුඹලා අතරින් තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසන්නන්හට ඔවුහු මොවුන්ගේ මව්වරුන් නො වෙති. මොවුන්ගේ මව්වරු වනුයේ මොවුන්ව ප්‍රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන් ම මොවුහු පිළිකුල් සහගත ප්‍රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන් ම අල්ලාහ් නො සලකා හරින්නා ය; අතික්ෂමාශීලී ය."},{"id":3,"translation":"තවද තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසා පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතුව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවා ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":4,"translation":"එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නො ලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුව ඇත. එයට ඔහු ශක්තිය නො දැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු පිණිස ය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත."},{"id":5,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය)ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන් ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝ ය. තවද සැබැවින් ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත."},{"id":6,"translation":"එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. එහෙත් ඔවුහු එය අමතක කළෝ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය."},{"id":7,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නො වනු ඇත. එමෙන් ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමඟ මිස නැත. පසුව ඔවුන් සිදු කළ දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":8,"translation":"රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නො දුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නො පැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නො කරනුයේ මන් දැ? යි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත් ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය."},{"id":9,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රහස් සාකච්ඡා කළ විට පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා සාකච්ඡා නො කරනු. එහෙත් යහපත හා බැතිමත් භාවය සඳහා සාකච්ඡා කරනු. තවද නුඹලා ඔහු වෙත රැස් කරනු ලබන අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු."},{"id":10,"translation":"නියත වශයෙන් ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙත ය."},{"id":11,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":12,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රසූල්වරයා සමඟ පෞද්ගලික කතාවක නිරත වන්නේ නම් නුඹලාගේ පෞද්ගලික කතාවට පෙර දානයක් ඉදිරිපත් කරනු. එය නුඹලාට යහපතකි. තවද වඩාත් පිවිතුරු ය. එසේ නුඹලා (හැකියාව) නො ලැබුවේ නම් (එය පවක් නො වේ.) එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":13,"translation":"(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නො කළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":14,"translation":"අල්ලාහ් ඔවුන් වෙත කෝප වූ පිරිසක් තම මිතුරන් ලෙස ගත් අය නුඹ නො දුටුවෙහි ද? ඔවුහු නුඹලාගෙන් නො වෙති. එමෙන් ම ඔවුන්ගෙන් ද නො වෙති. ඔවුහු දැන දැනම ව්‍යාජත්වය මත දිවුරා සිටිති."},{"id":15,"translation":"අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය."},{"id":16,"translation":"ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝ ය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත."},{"id":17,"translation":"ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නො වන්නේ ම ය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය."},{"id":18,"translation":"අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටු වන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන් ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ ය."},{"id":19,"translation":"ෂෙයිතාන් ඔවුන් පරදවා ඇත. එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔවුනට අමතක කර දැමී ය. ෂෙයිතාන්ගේ පිරිස ඔවුහු ම ය. දැන ගනු! නියත වශයෙන් ම ෂෙයිතාන්ගේ පිරිස වන ඔවුහු මය පරාජිතයෝ."},{"id":20,"translation":"නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් වනාහි ඔවුහු නින්දිතයින් අතර ය."},{"id":21,"translation":"සැබැවින් ම මම අබිබවා යමි. මාගේ දූතයාණන් ද (එලෙසය) යැයි අල්ලාහ් නියම කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් බලසම්පන්න ය; සර්ව බලධාරී ය."},{"id":22,"translation":"අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ."}]},{"id":59,"verses":[{"id":1,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":2,"translation":"ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස්වලින් පළමු පහරදීමේ දී පිටුවහල් කළේ ඔහු ය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නො සිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝ ය. එවිට අල්ලාහ්(ගේ ප්‍රකෝපය) ඔවුන් නො සිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේ ය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේ ය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝ ය. අහෝ ප්‍රබුද්ධ ජනයිනි! (මෙයින්) නුඹලා පාඩම් ලබනු."},{"id":3,"translation":"තවද එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නො තිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින් ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත."},{"id":4,"translation":"එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි ය."},{"id":5,"translation":"නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු දුෂ්ඨයින් නින්දාවට පත් කරනු පිණිස ය."},{"id":6,"translation":"ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර දෙයක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන් පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය."},{"id":7,"translation":"ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද, දුගියන්ට ද, මගියන්ට ද හිමි ය. එය නුඹලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නො වනු පිණිස ය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට යමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි ය."},{"id":8,"translation":"ඔවුන්ගේ (උපන්) නිවෙස්වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු (මුහාජිර්වරු)න්ට ද (කොටසක්) හිමි ය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහු මය සත්‍යවාදීහු."},{"id":9,"translation":"තවද (මදීනාව) වාසස්ථාන බවට පත් කර ගත් ඔවුනට පෙර විශ්වාසය ඇති කර ගත් අයට ද (අන්සාරිවරුන්ටද) කොටසක් හිමි ය. උපන් දේශයෙන් නික්ම වී ඔවුන් වෙත පැමිණි (මුහාජිර්) අයව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නො වීය. තමන්ට අවශ්යතාවක් තිබුණ ද තමන්ට වඩා ඔවුනට මුල්තැන දෙති. කවරෙකුගේ සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":10,"translation":"තවද ඔවුනට පසුව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත්ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නො කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ සෙනෙහෙවන්ත ය; මහා කරුණාන්විතය යැයි පවසති."},{"id":11,"translation":"“නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමඟ බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නො වන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි ධර්ම ග්‍රන්ථ ලැබූවන් අතරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නො දුටුවෙහි ද? තවද නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි."},{"id":12,"translation":"ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමඟ (කුහකයින් වන) මොවුහු බැහැර නො වෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නො කරති. සැබැවින් ම ඔවුහු මොවුනට උදව් කළේ නම්, ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසුව ඔවුහු උදව් කරනු නො ලබති."},{"id":13,"translation":"අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන් ම ඔවුන් වටහා නො ගන්නා පිරිසක් බැවිනි."},{"id":14,"translation":"ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමිවලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමඟ එක්ව ඔවුහු සටන් නො කරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබල ය. ඔවුන් එක්ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහි ය. එහෙත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නො වන බැවිනි."},{"id":15,"translation":"ඔවුහු ඔවුනට සුළු කලකට පෙර ඔවුන්ගේ විෂයයෙහි වූ දඬුවම භුක්ති විඳි අය මෙනි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත."},{"id":16,"translation":"(කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමාන ය. එනම් “නුඹ ප්‍රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන් ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන් ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි."},{"id":17,"translation":"ඔවුන් දෙදෙනාගේ අවසානය, නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා (නිරා) ගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින් ය. තවද එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි."},{"id":18,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද සෑම ආත්මයක් ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":19,"translation":"තවද නුඹලා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නො වනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුනට ම අමතක කෙරෙව්වේ ය. ඔවුහු මය දුෂ්ඨයෝ."},{"id":20,"translation":"(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නො වෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":21,"translation":"මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් ජනයා වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු."},{"id":22,"translation":"ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. ඔහු අපරමිත දයාන්විත ය; අසමසම කරුණාන්විත ය."},{"id":23,"translation":"ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජු ය. පාරිශුද්ධ ය. සාමය ඇති කරන්නා ය. අභයදායී ය. සංරක්ෂක ය. සර්ව බලධාරී ය. මහෝදරයාණන් ය. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය."},{"id":24,"translation":"ඔහු අල්ලාහ් ය. මැවුම්කරු ය. උත්පාදක ය. මූර්තිකරු ය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."}]},{"id":60,"verses":[{"id":1,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නො ගනු. තවද සත්‍යයෙන් යුතුව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලාව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහු ය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද මම මැනවින් දනිමි. තවද නුඹලා අතරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින් ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේ ය."},{"id":2,"translation":"ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන්වී නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරනු ඇත. තවද නුඹලා ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති."},{"id":3,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":4,"translation":"ඉබ්රාහීම් හා ඔහු සමඟ වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින් ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන් ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහුව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’ එහෙත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. (අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේ ය. තවද ඉබ්රාහීම්) “අපගේ පරමාධිපතියාණනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙත ම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙත ය."},{"id":5,"translation":"“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙස අප පත් නො කරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":6,"translation":"අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින් ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය."},{"id":7,"translation":"නුඹලා අතර හා නුඹලා සමඟ සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තා ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":8,"translation":"දහම සම්බන්ධව නුඹලා සමඟ සටන් නො වැදුනු, තවද නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව පිටුවහල් නො කළ අය සමඟ යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නො වැළැක් වීය. යුක්තිගරුකව කටුයුතු කරන්නන්ව නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරයි."},{"id":9,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමඟ සටන් වැද නුඹලාගේ නිවෙස්වලින් නුඹලා පිටුවහල් කොට නුඹලාව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑම ය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහු මය අපරාධකරුවෝ."},{"id":10,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය විශ්වාස කරන කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ් ය. ඔවුන් දේවත්වය විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත නුඹලා ඔවුන් හරවා නො යවනු. මොවුන් ඔවුනට අනුමත නො වේ. තවද ඔවුහු මොවුනට අනුමත නො වෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්‍යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සමඟ වූ විවාහ බන්ධනය පවත්වාගෙන නො යනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":11,"translation":"තවද, නුඹලාගේ බිරියන් අතරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගියේ නම් පසුව (යුද්ධයක දී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නනෝ ද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු."},{"id":12,"translation":"අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නො කරන බවටත්, ඔවුන් සොරකම් නො කරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නො වන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නො කරන බවටත්, ඔවුන් අතර ගෙතූ කිසිදු අවලාදයක් ඔවුන් නො ගෙනන බවටත්, යහපත් කටයුතුවලදී ඔවුන් නුඹට පිටු නො පාන බවටත් ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":13,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නො ගනු. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිනී වළවල් තුළ සිටින්නන් (නැවත නැගිටුවීම) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් (මතුලොව) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත."}]},{"id":61,"verses":[{"id":1,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":2,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සිදු නො කරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?"},{"id":3,"translation":"නුඹලා සිදු නො කරන දෙයක් ගැන පැවසීම අල්ලාහ් අබියස කෝපයෙන් ඉමහත් විය."},{"id":4,"translation":"ශක්තිමත් ලෙස ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් සේ පෙළ ගැසී ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරයි."},{"id":5,"translation":"තවද “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ?”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේ ය. තවද අල්ලාහ් දුෂ්ඨ ජනයාට මග නො පෙන්වයි."},{"id":6,"translation":"තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසුව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථාව සිහියට නගනු. එහෙත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":7,"translation":"තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත."},{"id":8,"translation":"අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම ආලෝකය පූර්ණවත් කරන්නා ය."},{"id":9,"translation":"දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමඟ එය සියලු දහම්වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහු ය."},{"id":10,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලාව ආරක්ෂා කරන ව්‍යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?"},{"id":11,"translation":"(එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කිරීම ය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැප කිරීම ය. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය."},{"id":12,"translation":"නුඹලාගේ පාපයන්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද ඔහු නුඹලා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරයි. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. (අද්න් නම්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය."},{"id":13,"translation":"තවද නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ද ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු."},{"id":14,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මර්යම්ගේ පුත් ඊසා (තම) ගෝලයින්ගෙන් “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි විමසූ කල්හි “අපි අල්ලාහ්ගේ උදව්කරුවෝ වෙමු” යැයි ගෝලයෝ පැවසූහ. එලෙස නුඹලා ද අල්ලාහ්ගේ උදව්කරුවන් වනු. ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. පසුව ඔවුහු ජයග්‍රාහකයින් බවට පත් වූවෝය."}]},{"id":62,"verses":[{"id":1,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජු ය. පාරිශුද්ධ ය. සර්ව බලධාරී ය. මහා ප්‍රඥාවන්ත ය."},{"id":2,"translation":"ඔහු වනාහි ලිවීමට හෝ කියවීමට නොහැකි අය අතරට ඔහුගේ වදන් ඔවුනට පාරායනය කර පෙන්වන, තවද ඔවුන් පිවිතුරු කරන, එමෙන් ම ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන ධර්ම දූතයකු එවීය. මීට පෙර ඔවුහු පැහැදිලි මුළාවක සිටියෝ ය."},{"id":3,"translation":"තවද ඔවුන් සමඟ මෙතෙක් එකතු නො වූ, ඔවුන් අතර වන පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":4,"translation":"එය අල්ලාහ්ගේ භාග්‍යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍යය සම්පන්න ය."},{"id":5,"translation":"තව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසුව එය නො ඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනි ය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමාව නපුරු විය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත."},{"id":6,"translation":"“අහෝ යුදෙව් වූවනි! සෙසු ජනයාට වඩා නියත වශයෙන් ම නුඹලා අල්ලාහ්ගේ සුමිතුරන් යැයි තරයේ විශ්වාස කළෙහු නම් එසේ ම නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා මරණයට ආශා කරනු” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":7,"translation":"ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුහු එය (මරණය) කිසිවිටෙක ආශා නො කරති. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්ව ඥානී ය."},{"id":8,"translation":"“නියත වශයෙන් ම නුඹලා එයින් පලා යන මරණය වනාහි සැබැවින් ම එය නුඹලාව හමුවනු ඇත. පසුව අදෘශ්‍ය දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥයාණන් වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහු ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වනු ඇත."},{"id":9,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලුව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය."},{"id":10,"translation":"සලාතය ඉටු කිරීම අවසන් කරනු ලැබූ විට නුඹලා මහපොළොවේ විසිර ගොස් අල්ලාහ්ගේ භාග්‍යය සොයනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරනු."},{"id":11,"translation":"එහෙත්, ඔවුහු යම් වෙළඳාමක් හෝ යම් විනෝදයක් දුටු විට, නුඹව සිටගත් තත්ත්වයේම අත හැර දමා ඒ වෙත ඔවුහු යති. අල්ලාහ් අබියස ඇති දෑ විනෝදයට හා වෙළඳාමට වඩා ශ්‍රේෂ්ඨ ය. තවද අල්ලාහ් පෝෂකයින්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ ය."}]},{"id":63,"verses":[{"id":1,"translation":"කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන් ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන් ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. තවද නියත වශයෙන් ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි."},{"id":2,"translation":"ඔවුන්ගේ දිවුරීම් ඔවුන් පලිහක් ලෙස ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය."},{"id":3,"translation":"එය නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබී ය. එහෙයින් ඔවුහු වටහා නො ගනු ඇත."},{"id":4,"translation":"තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹව විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන් ම ඔවුන් හේත්තු කර තැබු ලී කොටයක් මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහු මය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"},{"id":5,"translation":"තවද “නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිටිමින් (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් අවහිර කිරීම නුඹ දකිනු ඇත."},{"id":6,"translation":"නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නො ඇයද සිටිය ද ඔවුන් වෙත එක සමාන ය. අල්ලාහ් ඔවුනට සමාව නො දෙන්නේ ම ය. නියත වශයෙන් ම අල්ලාහ් පාපතර ජනයාට මග නො පෙන්වයි."},{"id":7,"translation":"ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන්ව යන තුරු නුඹලා වියදම් නො කරනු’ යැයි (අන් අයට) පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතු ය. එනමුත් කුහකයින් වටහා නො ගනිති."},{"id":8,"translation":"“අප මදීනාව වෙත හැරී ආවේ නම් උසස් අය පහත් අයව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. තවද ඔහුගේ දූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් සතු ය. එහෙත් කුහකයින් අවබෝධ කර නො ගනිති."},{"id":9,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නො කරත්වා! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහු මය අලාභවන්තයෝ."},{"id":10,"translation":"තවද නුඹලා අතරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නො වේ ද? එවිට මම පරිත්‍යාග කරමි. තවද දැහැමියන් අතරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි."},{"id":11,"translation":"තවද අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්‍රමාද නො කරන්නේ ම ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."}]},{"id":64,"verses":[{"id":1,"translation":"අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතු ය. තවද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය."},{"id":2,"translation":"ඔහු වනාහි නුඹලා මැව්වේ ය. තවද නුඹලා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කරන අය ද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කරන අය ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂක ය."},{"id":3,"translation":"ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද ඔහු නුඹලා හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේ ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙත ය."},{"id":4,"translation":"අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳව සර්වඥානී ය."},{"id":5,"translation":"මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නො පැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝ ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත."},{"id":6,"translation":"එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රසංශාලාභී ය."},{"id":7,"translation":"තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නො ලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේ ම සිතුවෝ ය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන් ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසුව නුඹලා සිදු කළ දෑ පිළිබඳව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසු ය."},{"id":8,"translation":"එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳව ද අපි පහළ කළ ආලෝකය පිළිබඳව ද විශ්වාස කරනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය."},{"id":9,"translation":"එදින ඔහු එක් රැස් කරන දිනය සඳහා නුඹලාව එක් රැස් කරනු ඇත. එය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන් ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි."},{"id":10,"translation":"තවද අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහු ය. එහි ඔවුන් සදාතනිකයින් ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය."},{"id":11,"translation":"අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිදු ආපදාවක් සිදු නො වේ. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද ඔහුගේ හදවතට ඔහු(අල්ලාහ්) මග පෙන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය."},{"id":12,"translation":"තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද අවනත වනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලිව ප්‍රචාරය කිරීම පමණ ය."},{"id":13,"translation":"අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙත ම (සියල්ල) භාර කරත්වා."},{"id":14,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන් ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නො සලකා හැර ගණන් නො ගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":15,"translation":"නියත වශයෙන් ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත."},{"id":16,"translation":"එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ."},{"id":17,"translation":"නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් දුන්නෙහු නම් ඔහු එය නුඹලාට ගුණ කර දෙයි. තවද නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් ගුණ ගරුක ය; ඉවසිලිවන්ත ය."},{"id":18,"translation":"(ඔහු) අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳව සර්ව ඥානී ය. සර්ව බලධාරී ය. මහා ප්‍රඥාවන්ත ය."}]},{"id":65,"verses":[{"id":1,"translation":"අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමඟ ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා ඔවුන් පිටුවහල් නො කරනු. එමෙන් ම ඔවුන් ද පිටවිය නො යුතු ය. තවද එය අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුට ම අපරාධ කර ගත්තේ ය. මින් පසුව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවන යන වග නුඹ නො දන්නෙහි ය."},{"id":2,"translation":"(දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන්ව (භාර්යාවන් ලෙස) රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කර ගනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට මෙමඟින් උපදෙස් දෙනු ලබනුයේ එලෙසයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි."},{"id":3,"translation":"තවද ඔහු නො සිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත් ය. නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නා ය. සෑම දෙයකට ම නියමිත ප්‍රමාණයක් අල්ලාහ් ඇති කළේ ය."},{"id":4,"translation":"තවද නුඹලාගේ බිරියන් අතරින් ඔසප් වීමේ තත්ත්වය ගැන බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. තවද ඔසප් තත්ත්වයට පත් නො වූ කාන්තාවන්ට ද (එලෙස ම ය.) ගර්භණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත."},{"id":5,"translation":"එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේ ය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි."},{"id":6,"translation":"නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින් ම (ඉද්දා කාලය තුළ) ඔවුන්ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නො කරනු. ඔවුන් ගර්භණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් (ගෙන ඇති දරුවා) ප්‍රසූත කරන තෙක් ඔවුන් වෙත නුඹලා වියදම් කරනු. නුඹලා වෙනුවෙන් (නුඹලාගේ දරුවන්ට) ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනාකරණය කරනු. නුඹලා එකිනෙකා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් දරුවාට වෙනත් අයෙකු ලවා කිරි දෙත්වා."},{"id":7,"translation":"වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසුව අල්ලාහ් පහසුව ඇති කරයි."},{"id":8,"translation":"තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු."},{"id":9,"translation":"එවිට එය එහි විෂයෙහි විපාකය භුක්ති වින්දේ ය. තවද එහි විෂයෙහි අවසානය පරාජයක් විය."},{"id":10,"translation":"අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කර ඇත. එහෙයින් දේවත්වය විශ්වාස කළ ප්‍රබුද්ධිමත් ජනයිනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත මෙනෙහි කිරීමක් පහළ කර ඇත."},{"id":11,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත පාරායනය කරන රසූල්වරයකු ද (පහළ කළේ ය.) කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට යහකම් කරන්නේ ද ඔහුව ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා උයන්වලට ඔහු ඇතුළත් කරනු ඇත. (ඔවුන්) එහි සදහට ම සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔහුට පෝෂණ සම්පත් අලංකාරවත් කළේ ය."},{"id":12,"translation":"අහස් හතක් හා මහපොළොවෙන් ඒවාට සමාන දෑ ද මැව්වේ අල්ලාහ් ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා බවත් සියලු දෑ පිළිබඳව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත."}]},{"id":66,"verses":[{"id":1,"translation":"අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය."},{"id":2,"translation":"නුඹලාගේ දිවුරුම්වලින් මිදීමේ ක්‍රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේ ය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂක ය. තවද ඔහු සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":3,"translation":"නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ එක් බිරියකු (අන් අය වෙත) එය දන්වා සිටි කල්හි (මෙසේ රහස හෙළිදරව් වීම) අල්ලාහ් එය නබිවරයා වෙත හෙළි කළේ ය. ඉන් කොටසක් නබිවරයා ඇයට දන්වා සිට කොටසක් නො සලකා හැරියේ ය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවු දැ? යි” ඇය ඇසුවා ය. “අභිඥානවන්ත වූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේය”යැයි ඔහු පැවසී ය."},{"id":4,"translation":"(නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනා ම අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින් ම විතැන්වී ඇත. ඔහුට එරෙහිව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු!) නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරු ය. ඉන් පසුව ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද මලක්වරු ද උර දෙන්නන් ය."},{"id":5,"translation":"ඔහු නුඹලාව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, නැමදුම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්‍යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ."},{"id":6,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නො පාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙස ම) ඉටු කරති."},{"id":7,"translation":"අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නො දක්වනු. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ ය."},{"id":8,"translation":"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කොට ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට නුඹලාව ඇතුළත් කරන්නට පුළුවණ. එදින නබිවරයාට හා ඔහු සමඟ වූ විශ්වාස කළවුනට අල්ලාහ් අවමන් නො කරයි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණුපසින් ද දිව යයි. “අපගේ පරමාධිපතියාණනි! අපගේ ආලෝකය අපට පූර්ණවත් කර දෙනු මැනව! තවද අපහට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම නුඹ සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.” යැයි ඔවුන් පවසනු ඇත."},{"id":9,"translation":"අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහිව දැඩිව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය."},{"id":10,"translation":"නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේ ය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. එහෙත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනාට ද්‍රෝහි වූවෝ ය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු සෙතක් සැලසිය නොහැකි විය. තවද නුඹලා පිවිසෙන්නන් සමඟ නිරයට පිවිසෙනු යැයි කියනු ලැබී ය."},{"id":11,"translation":"තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේ ය. “මාගේ පරමාධිපතියාණනි! නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව!” යැයි ඇය පවසා සිටියා ය."},{"id":12,"translation":"තවද තම පතිවත සුරක්ෂා කර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම්(ගේ උපමාව ද ගෙන හැර දැක් වීය.) අපගේ ආත්මයෙන් ඒ වෙත අපි පිඹුවෙමු. තවද ඇයගේ පරමාධිපතිගේ වදන් හා ඔහුගේ ග්‍රන්ථ ඇය තහවුරු කළා ය. තවද ඇය අවනත වන්නන් අතරින් වූවා ය."}]},{"id":67,"verses":[{"id":1,"translation":"(සියලු) පාලන බලය කවරෙකුගේ අතෙහි ඇත්තේද ඔහු භාග්‍ය සම්පන්න විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය."},{"id":2,"translation":"ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. තවද ඔහු සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය."},{"id":3,"translation":"ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේ ය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නො දකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැ? යි නෙත් යොමු කර බලනු."},{"id":4,"translation":"පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතුව හැරෙනු ඇත."},{"id":5,"translation":"තවද සැබැවින් ම අපි මෙලොව අහස පහන් මඟින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු."},{"id":6,"translation":"එමෙන් ම තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය."},{"id":7,"translation":"ඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතුරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති."},{"id":8,"translation":"එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නො පැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති."},{"id":9,"translation":"“එසේ ය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින් ම පැමිණියේ ය. එවිට අපි බොරු කළෙමු. තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති."},{"id":10,"translation":"තවද අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නො වන්නෙමුයි ඔවුහු කියති."},{"id":11,"translation":"එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!"},{"id":12,"translation":"නියත වශයෙන් ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත."},{"id":13,"translation":"තවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගතව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන් ම ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය."},{"id":14,"translation":"(සියල්ල) මැවූ ඔහු නො දන්නේ ද? ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය."},{"id":15,"translation":"නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහු ය. එහෙයින් එහි පැතිකඩවල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ."},{"id":16,"translation":"අහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භියව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී."},{"id":17,"translation":"එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භියව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැ? යි නුඹලා මතු දැන ගනු ඇත."},{"id":18,"translation":"තවද සැබැවින් ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එවිට මාගේ උදහස කෙසේ වී ද?"},{"id":19,"translation":"ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් පියාසර කිරීම ඔවුහු නුදුටුවෝ ද? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නො වෙයි. නියත වශයෙන් ම ඔහු සෑම දෙයක් පිළිබඳව සර්ව නිරීක්ෂක ය."},{"id":20,"translation":"අපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන නුඹලා සතු සේනාව කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මුළාවෙහි මිස නැත."},{"id":21,"translation":"නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස්ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති."},{"id":22,"translation":"තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?"},{"id":23,"translation":"නුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහු ය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":24,"translation":"නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහු ය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":25,"translation":"තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ? යි ඔවුහු ප්‍රශ්න කරති."},{"id":26,"translation":"(එයට) නියත වශයෙන් ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙත ය. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු."},{"id":27,"translation":"එය කිට්ටුවෙන් ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ."},{"id":28,"translation":"(නබිවරය!) මා හා මා සමඟ සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (ඔවුන්ගෙන්) විමසනු."},{"id":29,"translation":"අපිරිමිත දයාන්විතයා ඔහු ය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙත ම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්‍රකට නොමගෙහි දැ? යි නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":30,"translation":"නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු."}]},{"id":68,"verses":[{"id":1,"translation":"නූන්,[1] පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,","footnotes":"[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න."},{"id":2,"translation":"නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ."},{"id":3,"translation":"තවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත."},{"id":4,"translation":"තවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය."},{"id":5,"translation":"නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහු ද මතු දකිනු ඇත."},{"id":6,"translation":"නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේ දැ? යි (මතු දකිනු ඇත)."},{"id":7,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නා ය. තවද යහමග ලද්දවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය."},{"id":8,"translation":"එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නො වනු."},{"id":9,"translation":"නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති."},{"id":10,"translation":"තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුට ම නුඹ අවනත නො වනු."},{"id":11,"translation":"ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි."},{"id":12,"translation":"යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි."},{"id":13,"translation":"හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි."},{"id":14,"translation":"ඔහු වස්තුව හා දරුවන් සතුව සිටි කෙනෙකු වූ බැවින්;"},{"id":15,"translation":"ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ වේ\" යැයි කියයි."},{"id":16,"translation":"නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු."},{"id":17,"translation":"උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් ම නියත වශයෙන් ම අපි (මක්කාවාසීන් වන) මොවුන්ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝ ය."},{"id":18,"translation":"තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත."},{"id":19,"translation":"ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේ ය."},{"id":20,"translation":"එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය."},{"id":21,"translation":"ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝ ය."},{"id":22,"translation":"නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝ ය.)"},{"id":23,"translation":"(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝ ය."},{"id":24,"translation":"එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නො විය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝ ය)."},{"id":25,"translation":"තවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝ ය."},{"id":26,"translation":"එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන් ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝ ය."},{"id":27,"translation":"එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු."},{"id":28,"translation":"නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නො වේ දැ? යි මම නුඹලාට නො කීවෙමි දැ? යි ඔවුන් අතරින් මධ්‍යස්ථ අයෙකු කීවේ ය."},{"id":29,"translation":"“අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. නියත වශයෙන් ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":30,"translation":"එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝ ය."},{"id":31,"translation":"“අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය."},{"id":32,"translation":"“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝ ය.)"},{"id":33,"translation":"එලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අතිබිහිසුණු ය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්."},{"id":34,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත."},{"id":35,"translation":"එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමු ද?"},{"id":36,"translation":"නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?"},{"id":37,"translation":"නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?"},{"id":38,"translation":"නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?)."},{"id":39,"translation":"එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන් ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේ ද?"},{"id":40,"translation":"මෙයට වගකිව යුත්තේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු."},{"id":41,"translation":"එසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!"},{"id":42,"translation":"එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නො දරති."},{"id":43,"translation":"ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝ ය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය.)"},{"id":44,"translation":"එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු."},{"id":45,"translation":"තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන් ම මාගේ උපාය තිරසාර ය."},{"id":46,"translation":"එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත් ද?"},{"id":47,"translation":"එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝ ද?"},{"id":48,"translation":"එහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නො වනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු."},{"id":49,"translation":"ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නො ලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි."},{"id":50,"translation":"එහෙත් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. තවද ඔහුව දැහැමියන් අතරට පත් කළේ ය."},{"id":51,"translation":"තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන් ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති."},{"id":52,"translation":"එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත."}]},{"id":69,"verses":[{"id":1,"translation":"තිරසාර සිදුවීම වනාහි,"},{"id":2,"translation":"එම තිරසාර සිදුවීම යනු කුමක් ද?"},{"id":3,"translation":"තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?"},{"id":4,"translation":"(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය."},{"id":5,"translation":"සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය."},{"id":6,"translation":"තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය."},{"id":7,"translation":"එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි."},{"id":8,"translation":"ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?"},{"id":9,"translation":"තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය."},{"id":10,"translation":"ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය."},{"id":11,"translation":"ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු."},{"id":12,"translation":"එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය."},{"id":13,"translation":"හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;"},{"id":14,"translation":"තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;"},{"id":15,"translation":"එදින සිදු වන දෑ සිදු වනු ඇත."},{"id":16,"translation":"තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී."},{"id":17,"translation":"තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති."},{"id":18,"translation":"එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත."},{"id":19,"translation":"තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු."},{"id":20,"translation":"නියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි."},{"id":21,"translation":"එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි."},{"id":22,"translation":"උසස් (ස්වර්ග) උයනෙහි වෙයි."},{"id":23,"translation":"එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි."},{"id":24,"translation":"“පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)"},{"id":25,"translation":"තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි."},{"id":26,"translation":"“තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?)"},{"id":27,"translation":"“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි."},{"id":28,"translation":"“මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.”"},{"id":29,"translation":"“මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)"},{"id":30,"translation":"“නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”"},{"id":31,"translation":"“පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.”"},{"id":32,"translation":"ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු."},{"id":33,"translation":"නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය."},{"id":34,"translation":"තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත."},{"id":35,"translation":"එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත."},{"id":36,"translation":"(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත."},{"id":37,"translation":"වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නො කරයි."},{"id":38,"translation":"නුඹලා දකින දෑ මත ද මම දිවුරමි."},{"id":39,"translation":"නුඹලා නො දකින දෑ මත ද මම දිවුරමි."},{"id":40,"translation":"නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි."},{"id":41,"translation":"තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි."},{"id":42,"translation":"එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි."},{"id":43,"translation":"(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි."},{"id":44,"translation":"ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,"},{"id":45,"translation":"අපි ඔහුව දකුණතින් හසුකර ගන්නෙමු."},{"id":46,"translation":"පසුව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු."},{"id":47,"translation":"එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නො සිටියි."},{"id":48,"translation":"තවද නියත වශයෙන් ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි."},{"id":49,"translation":"තවද නියත වශයෙන් ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින් ම අපි දනිමු."},{"id":50,"translation":"තවද නියත වශයෙන් ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි."},{"id":51,"translation":"තවද නියත වශයෙන් ම එය ස්ථීර සත්‍යයකි."},{"id":52,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු."}]},{"id":70,"verses":[{"id":1,"translation":"සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය."},{"id":2,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත."},{"id":3,"translation":"(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි)."},{"id":4,"translation":"එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති."},{"id":5,"translation":"එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු."},{"id":6,"translation":"නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති."},{"id":7,"translation":"එහෙත් අපි එය සමීපයෙන් දකිමු."},{"id":8,"translation":"එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත."},{"id":9,"translation":"තවද කඳු ලොම් මෙන් වනු ඇත."},{"id":10,"translation":"තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි."},{"id":11,"translation":"ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;"},{"id":12,"translation":"තම බිරිය, තම සොහොයුරන්;"},{"id":13,"translation":"ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;"},{"id":14,"translation":"තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි."},{"id":15,"translation":"එසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය."},{"id":16,"translation":"(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි."},{"id":17,"translation":"එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි."},{"id":18,"translation":"ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය."},{"id":19,"translation":"නියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත."},{"id":20,"translation":"ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ."},{"id":21,"translation":"තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ."},{"id":22,"translation":"එහෙත් සලාතය ඉටු කරන්නන් හැර;"},{"id":23,"translation":"ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති."},{"id":24,"translation":"තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;"},{"id":25,"translation":"අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත."},{"id":26,"translation":"තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති."},{"id":27,"translation":"තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති."},{"id":28,"translation":"නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි."},{"id":29,"translation":"තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති."},{"id":30,"translation":"එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති."},{"id":31,"translation":"එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ."},{"id":32,"translation":"තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති."},{"id":33,"translation":"තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති."},{"id":34,"translation":"තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති."},{"id":35,"translation":"ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය."},{"id":36,"translation":"මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති."},{"id":37,"translation":"දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති)."},{"id":38,"translation":"ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?"},{"id":39,"translation":"එසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු."},{"id":40,"translation":"පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු."},{"id":41,"translation":"(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු."},{"id":42,"translation":"ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු."},{"id":43,"translation":"පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත."},{"id":44,"translation":"ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ."}]},{"id":71,"verses":[{"id":1,"translation":"වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින් ම එව්වෙමු."},{"id":2,"translation":"“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේ ය."},{"id":3,"translation":"“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”"},{"id":4,"translation":"“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලාව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නො ලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”"},{"id":5,"translation":"“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන් ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසී ය."},{"id":6,"translation":"“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නො කළේ ය.”"},{"id":7,"translation":"“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන් ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝ ය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝ ය. තවද පාපකම්හි නිරත වූවෝ ය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”"},{"id":8,"translation":"“පසුව නියත වශයෙන් ම මම ඔවුනට විවෘතව ඇරයුම් කළෙමි.”"},{"id":9,"translation":"“පසුව නියත වශයෙන් ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහසිගතවද ඔවුනට දැනුම් දුනිමි.”"},{"id":10,"translation":"“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.”"},{"id":11,"translation":"“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරුව එවනු ඇත.”"},{"id":12,"translation":"“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”."},{"id":13,"translation":"“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නො කරන්නෙහු ය.”"},{"id":14,"translation":"“තවද සැබැවින් ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේ ය.”"},{"id":15,"translation":"“ස්ථර වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ? යි නුඹලා නො දුටුවෙහු ද?”"},{"id":16,"translation":"“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේ ය. තවද හිරු පහනක් බවට පත් කළේ ය.”"},{"id":17,"translation":"“තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය.”"},{"id":18,"translation":"“පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.”"},{"id":19,"translation":"තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේ ය."},{"id":20,"translation":"නුඹලා එහි විවෘත මංමාවත්වල ගමන් කිරීම පිණිස."},{"id":21,"translation":"“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඔවුන් මට පිටුපෑවෝ ය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නො කළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසී ය."},{"id":22,"translation":"“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝ ය.”"},{"id":23,"translation":"“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නො හරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නො හරිනු යැයි ඔවුහු පැවසුවෝ ය.”"},{"id":24,"translation":"“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝ ය. අපරාධකරුවන්ට මුළාව මිස වෙනත් කිසිවක් ඔබ අධික නො කරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ."},{"id":25,"translation":"ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝ ය. පසුව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝ ය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නො ලැබුවෝ ය."},{"id":26,"translation":"“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නො හරිනු මැනව!” යැයි නූහ් පැවසී ය."},{"id":27,"translation":"“නියත වශයෙන් ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන්ව ඔවුන් නොමග යවනු ඇත. තවද ඔවුන් ගුණමකු පාපතරයකු හැර බිහි නො කරනු ඇත.”"},{"id":28,"translation":"“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නො කරනු මැනව!”"}]},{"id":72,"verses":[{"id":1,"translation":"නියත වශයෙන් ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී \"සැබැවින් ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මඟින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":2,"translation":"එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නො කරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබී ය.)"},{"id":3,"translation":"“තවද නියත වශයෙන් ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නො ගත්තේ ය.”"},{"id":4,"translation":"තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහිව ප්‍රබන්ධ කතා පවසා සිටියේ ය."},{"id":5,"translation":"“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහිව බොරුවක් කිසිවිටෙක නො පවසනු ඇතැයි නියත වශයෙන් ම අපි සිතමින් සිටියෙමු.”"},{"id":6,"translation":"තවද නියත වශයෙන් ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝ ය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝ ය."},{"id":7,"translation":"අල්ලාහ් කිසිවකුත් නැවත (පණ දී) නැගිටුවන්නේ ම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින් ම ඔවුහු ද සිතුවෝ ය."},{"id":8,"translation":"තවද නියත වශයෙන් ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාතවලින් පිරී තිබෙනු අපි දුටුවෙමු."},{"id":9,"translation":"තවද (අහසේ සිදු වන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු ලබනු ඇත."},{"id":10,"translation":"තවද මහපොළොවේ වෙසෙන්නන්හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැ? යි නියත වශයෙන් ම අපි නො දනිමු."},{"id":11,"translation":"තවද නියත වශයෙන් ම අප අතරින් දැහැමියෝ ද වෙති. එමෙන් ම අප අතරින් එසේ නො වන්නන් ද වෙති. අපි විවිධ මාර්ගවල වෙන්ව සිටියෙමු."},{"id":12,"translation":"තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින් ම අපි සිතුවෙමු."},{"id":13,"translation":"තවද නියත වශයෙන් ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නො වනු ඇත."},{"id":14,"translation":"තවද නියත වශයෙන් ම අප වනාහි අප අතරින් අවනත වන්නෝ ද වෙති. එමෙන් ම අප අතරින් (සත්‍යයෙන්) බැහැර වන්නෝ ද වෙති. එහෙයින් කවුරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝ ය."},{"id":15,"translation":"තවද (සත්‍යයෙන්) බැහැර වන්නෝ වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූවෝ ය."},{"id":16,"translation":"එසේ ම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවරව සිටියේ නම් අපි ඔවුනට බහුල වශයෙන් ජලය සපයන්නෙමු යන වගත් (මට දන්වනු ලැබී ය.)"},{"id":17,"translation":"එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිස ය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීම පිටු දකින්නේ ද ඔහු ඔහුව දරුණු දඬුවමට යොමු කරනු ඇත."},{"id":18,"translation":"තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු."},{"id":19,"translation":"තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූවෝ ය."},{"id":20,"translation":"“නියත වශයෙන් ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිව ය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නො කරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":21,"translation":"“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන් ම මා බලය නො දරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":22,"translation":"“(මා අවනත නො වුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නො හැක්කේ ම ය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නො ලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":23,"translation":"අල්ලාහ් හා ඔහුගේ දූත පණිවිඩය ගැන දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නො වේ.) තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති."},{"id":24,"translation":"අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැ? යි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැ? යි ද ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":25,"translation":"“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේ දැ? යි ද මම නො දනිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු."},{"id":26,"translation":"ඔහු ගුප්ත දෑ දන්නා ය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නො කරයි."},{"id":27,"translation":"එහෙත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන් ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත."},{"id":28,"translation":"ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන්ට දැනුම් දී ඇත්තේ දැ? යි ඔහු දැන ගනු පිණිස ය. ඔවුන් සමඟ ඇති දෑ පිළිබඳව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත."}]},{"id":73,"verses":[{"id":1,"translation":"අහෝ පොරවා ගෙන සිටින්නාණනි!"},{"id":2,"translation":"සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු."},{"id":3,"translation":"එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු."},{"id":4,"translation":"නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු."},{"id":5,"translation":"නියත වශයෙන් ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු."},{"id":6,"translation":"නියත වශයෙන් ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතු ය. තවද කියවීමට වඩාත් උචිත ය."},{"id":7,"translation":"දහවල් කාලයේ නියත වශයෙන් ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත."},{"id":8,"translation":"තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු."},{"id":9,"translation":"ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන් ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු."},{"id":10,"translation":"තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු."},{"id":11,"translation":"තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු."},{"id":12,"translation":"නියත වශයෙන් ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත."},{"id":13,"translation":"උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත)."},{"id":14,"translation":"එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත."},{"id":15,"translation":"ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින් ම අපි එව්වෙමු."},{"id":16,"translation":"එහෙත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේ ය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු."},{"id":17,"translation":"නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?"},{"id":18,"translation":"එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය."},{"id":19,"translation":"නියත වශයෙන් ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා!"},{"id":20,"translation":"නියත වශයෙන් ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමඟ සිටින අය අතරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දන්නේ ය. අල්ලාහ් රාත්‍රිය හා දහවල නිර්ණය කරන්නේ ය. නුඹලා එය (නිවැරදිව) ගණන් නො කරන බව ඔහු දන්නේ ය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේ ය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන වෙනත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අයද සිටින බව ඔහු දන්නේ ය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨ ය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත් ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. මහා කරුණාන්විත ය."}]},{"id":74,"verses":[{"id":1,"translation":"අහෝ පොරවා ගෙන සිටින්නාණනි!"},{"id":2,"translation":"නුඹ නැගී සිට, අවවාද කරනු."},{"id":3,"translation":"තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු."},{"id":4,"translation":"තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු."},{"id":5,"translation":"තවද කිලිට්ටෙන් වළකිනු."},{"id":6,"translation":"නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු."},{"id":7,"translation":"තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු."},{"id":8,"translation":"හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;"},{"id":9,"translation":"එය දුෂ්කර දිනයක් වනු ඇත."},{"id":10,"translation":"දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත."},{"id":11,"translation":"මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු."},{"id":12,"translation":"තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි."},{"id":13,"translation":"ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)"},{"id":14,"translation":"තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි."},{"id":15,"translation":"පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය."},{"id":16,"translation":"එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය."},{"id":17,"translation":"ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි."},{"id":18,"translation":"නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය."},{"id":19,"translation":"ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?"},{"id":20,"translation":"පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?"},{"id":21,"translation":"පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය."},{"id":22,"translation":"පසුව ඔහු රවා කිපුණේ ය."},{"id":23,"translation":"පසුව ඔහු පිටු පා උඩඟු විය."},{"id":24,"translation":"එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය."},{"id":25,"translation":"මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)"},{"id":26,"translation":"මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි."},{"id":27,"translation":"සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?"},{"id":28,"translation":"එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි."},{"id":29,"translation":"සම දැඩි ලෙස දවාලන්නකි."},{"id":30,"translation":"ඒ මත දහනව දෙනෙකි."},{"id":31,"translation":"නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම \"මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?\"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත."},{"id":32,"translation":"එසේ නොව, සඳු මත දිවුරමින්."},{"id":33,"translation":"රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්."},{"id":34,"translation":"අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්."},{"id":35,"translation":"නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි."},{"id":36,"translation":"මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි."},{"id":37,"translation":"එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි."},{"id":38,"translation":"සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය."},{"id":39,"translation":"එහෙත් දකුණුපස ජනයා හැර."},{"id":40,"translation":"ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති."},{"id":41,"translation":"වැරදි කරුවන්ගෙන්;"},{"id":42,"translation":"\"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?\""},{"id":43,"translation":"\"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු\" යැයි ඔවුහු පැවසූහ."},{"id":44,"translation":"තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු."},{"id":45,"translation":"\"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු\"."},{"id":46,"translation":"තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු."},{"id":47,"translation":"ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්."},{"id":48,"translation":"එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය."},{"id":49,"translation":"එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය."},{"id":50,"translation":"ඔවුන් තැති ගත් බූරුවන් මෙනි."},{"id":51,"translation":"සිංහ ගොදුරින් පලා යන."},{"id":52,"translation":"එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත."},{"id":53,"translation":"එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති."},{"id":54,"translation":"එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි."},{"id":55,"translation":"එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!"},{"id":56,"translation":"අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය."}]},{"id":75,"verses":[{"id":1,"translation":"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි."},{"id":2,"translation":"තවද දොස් නගන ආත්මය මත දිවුරමි."},{"id":3,"translation":"ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?"},{"id":4,"translation":"එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු."},{"id":5,"translation":"එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි."},{"id":6,"translation":"“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි."},{"id":7,"translation":"දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,"},{"id":8,"translation":"තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,"},{"id":9,"translation":"තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,"},{"id":10,"translation":"පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත."},{"id":11,"translation":"එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත."},{"id":12,"translation":"එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි."},{"id":13,"translation":"ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ."},{"id":14,"translation":"එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය."},{"id":15,"translation":"ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද."},{"id":16,"translation":"එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු."},{"id":17,"translation":"එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි."},{"id":18,"translation":"එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු."},{"id":19,"translation":"පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි."},{"id":20,"translation":"එහෙත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහු ය."},{"id":21,"translation":"තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහු ය."},{"id":22,"translation":"එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී."},{"id":23,"translation":"තම පරමාධිපති දෙස බලමින් සිටිති."},{"id":24,"translation":"තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූපව පවතී."},{"id":25,"translation":"(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති."},{"id":26,"translation":"එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;"},{"id":27,"translation":"තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැ? යි විමසනු ලැබු විට;"},{"id":28,"translation":"නියත වශයෙන් ම තමන් වෙන්ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;"},{"id":29,"translation":"කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;"},{"id":30,"translation":"එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙත ය."},{"id":31,"translation":"තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත."},{"id":32,"translation":"එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය."},{"id":33,"translation":"පසුව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේ ය."},{"id":34,"translation":"නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය."},{"id":35,"translation":"පසු ව ද සමීප විය. වඩාත් සමීප විය."},{"id":36,"translation":"නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?"},{"id":37,"translation":"විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?"},{"id":38,"translation":"පසුව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසුව ඔහුව මවා සැකසුවේ ය."},{"id":39,"translation":"පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේ ය."},{"id":40,"translation":"(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?"}]},{"id":76,"verses":[{"id":1,"translation":"(මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නො සිටි කාලයක් මිනිසාට නො පැමිණියේ ද?"},{"id":2,"translation":"නියත වශයෙන් ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු."},{"id":3,"translation":"එම මාර්ගය වෙත නියත වශයෙන් ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැකි ය."},{"id":4,"translation":"නියත වශයෙන් ම අපි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු."},{"id":5,"translation":"නියත වශයෙන් ම දැහැමියෝ එහි කපුරු මිශ්‍රැති (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරති."},{"id":6,"translation":"(එය) උල්පතකි. එමඟින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට) පීරා ගලා යන්නට සලස්වති."},{"id":7,"translation":"ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති."},{"id":8,"translation":"තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති."},{"id":9,"translation":"“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නො කරමු” (යැයි පවසති.)"},{"id":10,"translation":"අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන් ම අපි බියවෙමු."},{"id":11,"translation":"එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගනු ඇත. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසනු ඇත."},{"id":12,"translation":"ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමනු ඇත."},{"id":13,"translation":"ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නො දකිනු ඇත."},{"id":14,"translation":"තවද එහි හෙවණ ඔවුන් මත පහත්ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී."},{"id":15,"translation":"රිදියෙන් වූ භාජන හා පළිඟුවලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති."},{"id":16,"translation":"එය රිදියෙන් වූ පළිඟු ය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝ ය."},{"id":17,"translation":"සන්ජබීල් (ඉඟුරු) මිශ්‍රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති."},{"id":18,"translation":"එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි."},{"id":19,"translation":"සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත."},{"id":20,"translation":"තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත."},{"id":21,"translation":"කොළ පැහැති ඝන හා සිනිඳු සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත."},{"id":22,"translation":"නියත වශයෙන් ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය."},{"id":23,"translation":"නියත වශයෙන් ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු."},{"id":24,"translation":"එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතරින් කිසිදු පාපියෙකුට හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන කිසිදු අයකුට හෝ නුඹ අවනත නො වනු."},{"id":25,"translation":"තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු."},{"id":26,"translation":"තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු."},{"id":27,"translation":"නියත වශයෙන් ම ඔවුහු මෙලොවට ප්‍රිය කරති. එහෙත් ඔවුනට පසුව ඇති බැරෑරුම් දිනය අත හැර දමති."},{"id":28,"translation":"අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ ව්‍යූහය අපි ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු."},{"id":29,"translation":"නියත වශයෙන් ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ගනිත්වා!"},{"id":30,"translation":"අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නො කරන්නෙහු ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය."},{"id":31,"translation":"ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත."}]},{"id":77,"verses":[{"id":1,"translation":"අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,"},{"id":2,"translation":"දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,"},{"id":3,"translation":"(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්"},{"id":4,"translation":"වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්,"},{"id":5,"translation":"මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,"},{"id":6,"translation":"(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී."},{"id":7,"translation":"නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි."},{"id":8,"translation":"තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,"},{"id":9,"translation":"තවද අහස පුපුරා හරිනු ලබන විට,"},{"id":10,"translation":"කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,"},{"id":11,"translation":"තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,"},{"id":12,"translation":"කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?"},{"id":13,"translation":"(එය) විනිශ්චය දිනය සඳහා ය."},{"id":14,"translation":"විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?"},{"id":15,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":16,"translation":"මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද?"},{"id":17,"translation":"පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු."},{"id":18,"translation":"අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය."},{"id":19,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":20,"translation":"ඉතා පහත් වූ ද්රාවණයකින් අප නුඹලා නො මැව්වෙමු ද?"},{"id":21,"translation":"එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු."},{"id":22,"translation":"නියමිත කාල පරිච්ඡේදයක් දක්වා."},{"id":23,"translation":"එසේ ම අපි ම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු."},{"id":24,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":25,"translation":"මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නො කළෙමු ද?"},{"id":26,"translation":"ජීවත් වන්නන් හා මළවුන්."},{"id":27,"translation":"තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු"},{"id":28,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":29,"translation":"නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු."},{"id":30,"translation":"ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු."},{"id":31,"translation":"එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන් ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නො කරයි."},{"id":32,"translation":"නියත වශයෙන් ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි."},{"id":33,"translation":"එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී."},{"id":34,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":35,"translation":"එය ඔවුන් කතා නො කරන දිනයකි."},{"id":36,"translation":"තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නො ලැබේ."},{"id":37,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":38,"translation":"මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු."},{"id":39,"translation":"එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු."},{"id":40,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":41,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති."},{"id":42,"translation":"තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති)."},{"id":43,"translation":"නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)"},{"id":44,"translation":"නියත වශයෙන් ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ."},{"id":45,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":46,"translation":"නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා අපරාධකරුවන් ය."},{"id":47,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":48,"translation":"(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නො කරති."},{"id":49,"translation":"බොරු කළවුනට එදින විනාශයයි."},{"id":50,"translation":"එහෙයින් මින් පසුව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?"}]},{"id":78,"verses":[{"id":1,"translation":"(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ."},{"id":2,"translation":"මහඟු වූ ආරංචිය පිළිබඳව ය."},{"id":3,"translation":"එය ඔවුන් භේද බින්න වී සිටි දෑ ය."},{"id":4,"translation":"නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":5,"translation":"යළි නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත."},{"id":6,"translation":"අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නො කළෙමු ද?"},{"id":7,"translation":"තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)"},{"id":8,"translation":"තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු."},{"id":9,"translation":"තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු."},{"id":10,"translation":"තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු."},{"id":11,"translation":"තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු."},{"id":12,"translation":"තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු."},{"id":13,"translation":"තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු."},{"id":14,"translation":"තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු."},{"id":15,"translation":"එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස."},{"id":16,"translation":"තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)"},{"id":17,"translation":"නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත."},{"id":18,"translation":"සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත."},{"id":19,"translation":"තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත."},{"id":20,"translation":"කඳු (තිබූ තැන්වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත."},{"id":21,"translation":"නියත වශයෙන් ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය."},{"id":22,"translation":"(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි."},{"id":23,"translation":"එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති."},{"id":24,"translation":"ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නො විඳිති."},{"id":25,"translation":"එහෙත් නටන උණු දිය සහ සැරව මිස."},{"id":26,"translation":"එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි."},{"id":27,"translation":"නියත වශයෙන් ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නො කරමින් සිටියෝ ය."},{"id":28,"translation":"තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝ ය."},{"id":29,"translation":"තවද අපි සෑම දෙයක් ම ලිඛිතව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු."},{"id":30,"translation":"“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නො කරන්නෙමු.”"},{"id":31,"translation":"නියත වශයෙන් ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත."},{"id":32,"translation":"වතු හා මිදි ද (ඇත.)"},{"id":33,"translation":"තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති)."},{"id":34,"translation":"(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)"},{"id":35,"translation":"නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නො කරති."},{"id":36,"translation":"(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි."},{"id":37,"translation":"(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත."},{"id":38,"translation":"එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නො කරයි."},{"id":39,"translation":"මෙය මය සත්‍යය වූ දින ය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!"},{"id":40,"translation":"නියත වශයෙන් ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නො වෙමි දැ”යි පවසයි."}]},{"id":79,"verses":[{"id":1,"translation":"සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්."},{"id":2,"translation":"මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්."},{"id":3,"translation":"පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්."},{"id":4,"translation":"තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)"},{"id":5,"translation":"කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)"},{"id":6,"translation":"එදින කම්පනය වන දෑ කම්පනය වේ."},{"id":7,"translation":"එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත."},{"id":8,"translation":"එදින හදවත් (බියෙන්) තැති ගනියි."},{"id":9,"translation":"ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී."},{"id":10,"translation":"“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති."},{"id":11,"translation":"“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”"},{"id":12,"translation":"“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති."},{"id":13,"translation":"එහෙත් එය එක් භයානක හඬක් පමණි."},{"id":14,"translation":"එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති."},{"id":15,"translation":"මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?"},{"id":16,"translation":"ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,"},{"id":17,"translation":"ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත."},{"id":18,"translation":"එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු."},{"id":19,"translation":"තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත."},{"id":20,"translation":"එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වී ය."},{"id":21,"translation":"එහෙත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි පවසා පිටුපෑවේ ය."},{"id":22,"translation":"පසුව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේ ය."},{"id":23,"translation":"එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේ ය."},{"id":24,"translation":"එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය."},{"id":25,"translation":"එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේ ය."},{"id":26,"translation":"නියත වශයෙන් ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත."},{"id":27,"translation":"මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේ ය."},{"id":28,"translation":"ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේ ය."},{"id":29,"translation":"තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේ ය."},{"id":30,"translation":"තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේ ය."},{"id":31,"translation":"ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වී ය."},{"id":32,"translation":"තවද කඳු එය ඔහු ස්ථාපිත කළේ ය."},{"id":33,"translation":"(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි."},{"id":34,"translation":"එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,"},{"id":35,"translation":"එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේ ය."},{"id":36,"translation":"තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි."},{"id":37,"translation":"\"එහෙයින් සීමාව උල්ලංඝනය කර\""},{"id":38,"translation":"\"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී\""},{"id":39,"translation":"සැබැවින් ම නිරය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ."},{"id":40,"translation":"\"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී\""},{"id":41,"translation":"සැබැවින් ම ස්වර්ගය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ."},{"id":42,"translation":"එම හෝරාව එය කවදා සිදු වන්නේ දැ? යි ඔවුහු ඔබගෙන් විමසති."},{"id":43,"translation":"ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේ ද?"},{"id":44,"translation":"එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය."},{"id":45,"translation":"ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින් ම නුඹ අවවාද කරන්නෙක් පමණි."},{"id":46,"translation":"සැබැවින් ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නො සිටියාක් මෙන් සිතනු ඇත."}]},{"id":80,"verses":[{"id":1,"translation":"ඔහු මුහුණ හකුළා හැරුනේ ය."},{"id":2,"translation":"(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)"},{"id":3,"translation":"ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?"},{"id":4,"translation":"එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)"},{"id":5,"translation":"(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,"},{"id":6,"translation":"නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය."},{"id":7,"translation":"තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත."},{"id":8,"translation":"\"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී\""},{"id":9,"translation":"\"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස\""},{"id":10,"translation":"නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය."},{"id":11,"translation":"එසේ නොව සැබැවින් ම එය උපදෙසකි."},{"id":12,"translation":"එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!"},{"id":13,"translation":"(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය."},{"id":14,"translation":"පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)"},{"id":15,"translation":"(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)"},{"id":16,"translation":"ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)"},{"id":17,"translation":"මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?"},{"id":18,"translation":"කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?"},{"id":19,"translation":"ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය."},{"id":20,"translation":"අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය."},{"id":21,"translation":"පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය."},{"id":22,"translation":"පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය."},{"id":23,"translation":"එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය."},{"id":24,"translation":"එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!"},{"id":25,"translation":"සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු."},{"id":26,"translation":"පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු."},{"id":27,"translation":"එහි බීජ ද අපි හට ගැන්වූයෙමු."},{"id":28,"translation":"මිදි හා එළවළු ද"},{"id":29,"translation":"ඔලිව් හා රටඉඳි ද"},{"id":30,"translation":"ඝණ උයන් ද"},{"id":31,"translation":"පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)"},{"id":32,"translation":"(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි."},{"id":33,"translation":"එබැවින් මහා හඬ පැමිණි විට,"},{"id":34,"translation":"එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත."},{"id":35,"translation":"තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;"},{"id":36,"translation":"තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)"},{"id":37,"translation":"එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත."},{"id":38,"translation":"එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී."},{"id":39,"translation":"සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)"},{"id":40,"translation":"තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී."},{"id":41,"translation":"අඳුර ඒවා වසා ගනු ඇත."},{"id":42,"translation":"ඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ."}]},{"id":81,"verses":[{"id":1,"translation":"හිරු හකුළනු ලබන විට;"},{"id":2,"translation":"තවද තරු කඩා හැලෙන විට;"},{"id":3,"translation":"තවද කඳු විතැන් කරනු ලබන විට;"},{"id":4,"translation":"තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට;"},{"id":5,"translation":"තවද වන සතුන් රැස් කරනු ලබන විට;"},{"id":6,"translation":"තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට;"},{"id":7,"translation":"තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට;"},{"id":8,"translation":"තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට;"},{"id":9,"translation":"තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;)"},{"id":10,"translation":"තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට;"},{"id":11,"translation":"තවද අහස නිරාවරණය කරනු ලබන විට;"},{"id":12,"translation":"තවද නිරය මොලවනු ලබන විට;"},{"id":13,"translation":"තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට;"},{"id":14,"translation":"ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත."},{"id":15,"translation":"එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි."},{"id":16,"translation":"(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි."},{"id":17,"translation":"රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,"},{"id":18,"translation":"පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්."},{"id":19,"translation":"නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ."},{"id":20,"translation":"(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි."},{"id":21,"translation":"තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි."},{"id":22,"translation":"තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ."},{"id":23,"translation":"තවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේ ය."},{"id":24,"translation":"තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ."},{"id":25,"translation":"තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ."},{"id":26,"translation":"එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?"},{"id":27,"translation":"එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත."},{"id":28,"translation":"නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය."},{"id":29,"translation":"තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය."}]},{"id":82,"verses":[{"id":1,"translation":"අහස පිපිරී වෙන්ව ගිය විට,"},{"id":2,"translation":"තවද තාරුකා වැටී විසිරී ගිය විට,"},{"id":3,"translation":"තවද සමුද්‍රයන් පුපුරා යන විට,"},{"id":4,"translation":"තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,"},{"id":5,"translation":"සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත."},{"id":6,"translation":"අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳව නුඹව මුළා කළේ කුමක් ද?"},{"id":7,"translation":"ඔහු නුඹව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේ ය."},{"id":8,"translation":"කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේ ය.)"},{"id":9,"translation":"නොඑසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහු ය."},{"id":10,"translation":"නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති."},{"id":11,"translation":"(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති."},{"id":12,"translation":"ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝ ය."},{"id":13,"translation":"නියත වශයෙන් ම දැහැමියන් සුව සැපයෙහි ය."},{"id":14,"translation":"තවද නියත වශයෙන් ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය."},{"id":15,"translation":"විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත."},{"id":16,"translation":"තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟ වී සිටින්නන් නො වෙති."},{"id":17,"translation":"විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":18,"translation":"පසුව ද විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":19,"translation":"එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නො දරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය."}]},{"id":83,"verses":[{"id":1,"translation":"කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය."},{"id":2,"translation":"ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති."},{"id":3,"translation":"කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති."},{"id":4,"translation":"නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?"},{"id":5,"translation":"මහත් වූ දිනයක් සඳහා."},{"id":6,"translation":"එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත."},{"id":7,"translation":"නොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය."},{"id":8,"translation":"(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":9,"translation":"(එය) ලියන ලද වාර්තා පොතකි."},{"id":10,"translation":"බොරු කරන්නන්හට එදින විනාශය ය."},{"id":11,"translation":"මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති."},{"id":12,"translation":"සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත."},{"id":13,"translation":"අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි."},{"id":14,"translation":"නොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත."},{"id":15,"translation":"නොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය."},{"id":16,"translation":"තවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති."},{"id":17,"translation":"ඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ."},{"id":18,"translation":"නොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය."},{"id":19,"translation":"තවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":20,"translation":"(එය) ලියන ලද වාර්තා පොතකි."},{"id":21,"translation":"(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති."},{"id":22,"translation":"නියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති."},{"id":23,"translation":"කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති."},{"id":24,"translation":"(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත."},{"id":25,"translation":"මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති."},{"id":26,"translation":"එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා."},{"id":27,"translation":"තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි."},{"id":28,"translation":"එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි."},{"id":29,"translation":"නියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය."},{"id":30,"translation":"තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය."},{"id":31,"translation":"තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය."},{"id":32,"translation":"තවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති."},{"id":33,"translation":"තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය."},{"id":34,"translation":"එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති."},{"id":35,"translation":"සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති."},{"id":36,"translation":"ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?"}]},{"id":84,"verses":[{"id":1,"translation":"අහස පැළී යන විට,"},{"id":2,"translation":"තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී."},{"id":3,"translation":"මහපොළොව සමතලා කරනු ලැබ,"},{"id":4,"translation":"එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,"},{"id":5,"translation":"එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී."},{"id":6,"translation":"අහෝ මිනිස! නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහුව මුණගැසෙන්නෙහි ය."},{"id":7,"translation":"තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,"},{"id":8,"translation":"ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත."},{"id":9,"translation":"තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත්ව හැරී යනු ඇත."},{"id":10,"translation":"තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,"},{"id":11,"translation":"ඔහු විනාශය පතනු ඇත."},{"id":12,"translation":"තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත."},{"id":13,"translation":"නියත වශයෙන් ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේ ය."},{"id":14,"translation":"නියත වශයෙන් ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නො පැමිණෙන්නේ මය යැයි සිතුවේ ය."},{"id":15,"translation":"එසේ නො ව, සැබැවින් ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේ ය."},{"id":16,"translation":"තවද ගොම්මන මත ද මම දිවුරමි."},{"id":17,"translation":"රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,"},{"id":18,"translation":"චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)"},{"id":19,"translation":"සැබැවින් ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහු ම ය."},{"id":20,"translation":"එහෙයින් ඔවුහු විශ්වාස නො කර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?"},{"id":21,"translation":"තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නො කරති."},{"id":22,"translation":"එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝ ය."},{"id":23,"translation":"තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය."},{"id":24,"translation":"එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු."},{"id":25,"translation":"එහෙත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත."}]},{"id":85,"verses":[{"id":1,"translation":"ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,"},{"id":2,"translation":"ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්."},{"id":3,"translation":"සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්."},{"id":4,"translation":"අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝ ය."},{"id":5,"translation":"(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි."},{"id":6,"translation":"ඔවුහු ඒ මත වාඩි වී සිටියෝ ය."},{"id":7,"translation":"දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝ ය."},{"id":8,"translation":"ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ්ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නො ගත්තෝ ය."},{"id":9,"translation":"ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය."},{"id":10,"translation":"නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට හිංසා කර, පසුව පශ්චාත්තාප නො වූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත."},{"id":11,"translation":"සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය."},{"id":12,"translation":"නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය."},{"id":13,"translation":"(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහු ම ය."},{"id":14,"translation":"තවද ඔහු අතික්ෂමාශීලී ය. මහත් දයාලු ය."},{"id":15,"translation":"කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය."},{"id":16,"translation":"ඔහු සිතන දේ මැනවින් කරන්නා ය."},{"id":17,"translation":"(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?"},{"id":18,"translation":"ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)"},{"id":19,"translation":"එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය."},{"id":20,"translation":"තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය."},{"id":21,"translation":"එහෙත් එය කීර්තිමත් කුර්ආනය වේ."},{"id":22,"translation":"ආරක්ෂිත ඵලකයෙහි."}]},{"id":86,"verses":[{"id":1,"translation":"අහස මත ද තාරික් මත ද දිවුරමින්,"},{"id":2,"translation":"තාරික් යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?"},{"id":3,"translation":"(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි."},{"id":4,"translation":"නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත."},{"id":5,"translation":"මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැ? යි සිතා බලත්වා!"},{"id":6,"translation":"විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේ ය."},{"id":7,"translation":"කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ."},{"id":8,"translation":"සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය."},{"id":9,"translation":"එදින රහස්‍ය දෑ හෙළි කරනු ලැබේ."},{"id":10,"translation":"එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත."},{"id":11,"translation":"තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,"},{"id":12,"translation":"පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,"},{"id":13,"translation":"සැබැවින් ම එය තීරණාත්මක වදනකි."},{"id":14,"translation":"තවද එය සරදමක් නො වේ."},{"id":15,"translation":"සැබැවින්ම ඔවුහු කුමන්ත්‍රණයක් සැලසුම් කරති."},{"id":16,"translation":"මම ද සැලසුමක් සැලසුම් කරමි."},{"id":17,"translation":"එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු."}]},{"id":87,"verses":[{"id":1,"translation":"නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු."},{"id":2,"translation":"ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය."},{"id":3,"translation":"තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය."},{"id":4,"translation":"තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය."},{"id":5,"translation":"පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය."},{"id":6,"translation":"අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත."},{"id":7,"translation":"අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී."},{"id":8,"translation":"තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු."},{"id":9,"translation":"එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු."},{"id":10,"translation":"කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත."},{"id":11,"translation":"තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත."},{"id":12,"translation":"ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි."},{"id":13,"translation":"පසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි."},{"id":14,"translation":"සැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය."},{"id":15,"translation":"තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය."},{"id":16,"translation":"නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය."},{"id":17,"translation":"(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි."},{"id":18,"translation":"සත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත."},{"id":19,"translation":"ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි."}]},{"id":88,"verses":[{"id":1,"translation":"(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?"},{"id":2,"translation":"එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී."},{"id":3,"translation":"වෙහෙසව හා විඩාවට පත්ව පවතී."},{"id":4,"translation":"ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත."},{"id":5,"translation":"(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත."},{"id":6,"translation":"ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත."},{"id":7,"translation":"එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි."},{"id":8,"translation":"(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී."},{"id":9,"translation":"ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,"},{"id":10,"translation":"උසස් ස්වර්ග උයන්හි (පවතී.)"},{"id":11,"translation":"එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි."},{"id":12,"translation":"එහි ගලා යන උල්පත් ඇත."},{"id":13,"translation":"එහි උස් නිදියහන් ද ඇත."},{"id":14,"translation":"(බීමට) තබන ලද ගුරුලේත්තු ද,"},{"id":15,"translation":"වියන ලද කොට්ට ද,"},{"id":16,"translation":"දිග හරින ලද බුමුතුරුණු ද ඇත."},{"id":17,"translation":"ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?"},{"id":18,"translation":"අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;"},{"id":19,"translation":"කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;"},{"id":20,"translation":"මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)"},{"id":21,"translation":"එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි."},{"id":22,"translation":"නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය."},{"id":23,"translation":"කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස."},{"id":24,"translation":"සැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය."},{"id":25,"translation":"සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය."},{"id":26,"translation":"පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය."}]},{"id":89,"verses":[{"id":1,"translation":"අරුණෝදය මත ද දිවුරමින්."},{"id":2,"translation":"දස රාත්‍රියන් මත ද දිවුරමින්."},{"id":3,"translation":"ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්."},{"id":4,"translation":"රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්."},{"id":5,"translation":"නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?"},{"id":6,"translation":"ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?"},{"id":7,"translation":"(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය."},{"id":8,"translation":"ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය."},{"id":9,"translation":"නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;"},{"id":10,"translation":"රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)"},{"id":11,"translation":"ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය."},{"id":12,"translation":"ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය."},{"id":13,"translation":"එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය."},{"id":14,"translation":"සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය."},{"id":15,"translation":"එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි."},{"id":16,"translation":"තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි."},{"id":17,"translation":"නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය."},{"id":18,"translation":"තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය."},{"id":19,"translation":"තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය."},{"id":20,"translation":"එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය."},{"id":21,"translation":"එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,"},{"id":22,"translation":"තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය."},{"id":23,"translation":"තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?"},{"id":24,"translation":"“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි."},{"id":25,"translation":"එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි."},{"id":26,"translation":"තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි."},{"id":27,"translation":"“අහෝ සැනසුමට පත් ආත්මය!"},{"id":28,"translation":"නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු."},{"id":29,"translation":"එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු."},{"id":30,"translation":"තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු."}]},{"id":90,"verses":[{"id":1,"translation":"මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි."},{"id":2,"translation":"නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,"},{"id":3,"translation":"පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)"},{"id":4,"translation":"සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු."},{"id":5,"translation":"ඔහු කෙරෙහි කිසිවෙකු බලය නො දරන්නේ ම යැයි ඔහු සිතන්නේ ද?"},{"id":6,"translation":"මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි."},{"id":7,"translation":"ඔහුව කිසිවෙක් නො දුටුවේ යැයි ඔහු සිතන්නේ ද?"},{"id":8,"translation":"අපි ඔහුට දෑස් ඇති නො කළෙමු ද?"},{"id":9,"translation":"දිව ද දෙතොල් ද (ඇති නො කළෙමු ද?)"},{"id":10,"translation":"තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු."},{"id":11,"translation":"එනමුත් ඔහු අකබාව තරණය නො කළේ ය."},{"id":12,"translation":"අකබාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":13,"translation":"(එය) වහලෙකු නිදහස් කිරීම;"},{"id":14,"translation":"එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය."},{"id":15,"translation":"සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;"},{"id":16,"translation":"එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)"},{"id":17,"translation":"පසුව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය."},{"id":18,"translation":"ඔවුහු මය දකුණත පාර්ශවයින් වන්නෝ."},{"id":19,"translation":"තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය වමත් පාර්ශවයින් වන්නෝ."},{"id":20,"translation":"ඔවුන්හට මොළ වන ලද (නිරයේ) ගින්න ඇත."}]},{"id":91,"verses":[{"id":1,"translation":"හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්."},{"id":2,"translation":"එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්."},{"id":3,"translation":"දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්."},{"id":4,"translation":"රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්."},{"id":5,"translation":"අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්."},{"id":6,"translation":"පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්."},{"id":7,"translation":"ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,"},{"id":8,"translation":"ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේ ය."},{"id":9,"translation":"සැබැවින් ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබී ය."},{"id":10,"translation":"තවද සැබැවින් ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය."},{"id":11,"translation":"සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝ ය."},{"id":12,"translation":"ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,"},{"id":13,"translation":"මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේ ය."},{"id":14,"translation":"එවිට ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව උගේ නහර කපා දැමුවෝ ය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේ ය. එමෙන් ම ඔවුන්ව සමතලා කර දැමුවේ ය."},{"id":15,"translation":"තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත."}]},{"id":92,"verses":[{"id":1,"translation":"රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,"},{"id":2,"translation":"දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,"},{"id":3,"translation":"පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,"},{"id":4,"translation":"නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධ ය."},{"id":5,"translation":"එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,"},{"id":6,"translation":"යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;"},{"id":7,"translation":"අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු."},{"id":8,"translation":"තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා,"},{"id":9,"translation":"යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;"},{"id":10,"translation":"අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු."},{"id":11,"translation":"තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත."},{"id":12,"translation":"නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙත ය."},{"id":13,"translation":"තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුව ය."},{"id":14,"translation":"එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි."},{"id":15,"translation":"අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත."},{"id":16,"translation":"ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේ ය."},{"id":17,"translation":"තවද බිය බැතිමත් අයව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු."},{"id":18,"translation":"ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි."},{"id":19,"translation":"කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත."},{"id":20,"translation":"උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස."},{"id":21,"translation":"තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත."}]},{"id":93,"verses":[{"id":1,"translation":"පෙරවරු ව මත දිවුරමින්,"},{"id":2,"translation":"තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,"},{"id":3,"translation":"නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත."},{"id":4,"translation":"සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය."},{"id":5,"translation":"තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත."},{"id":6,"translation":"ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?"},{"id":7,"translation":"තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය."},{"id":8,"translation":"තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය."},{"id":9,"translation":"එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු."},{"id":10,"translation":"තවද අයදින්නා ව පලවා නො හරිනු."},{"id":11,"translation":"තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු."}]},{"id":94,"verses":[{"id":1,"translation":"අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?"},{"id":2,"translation":"තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු."},{"id":3,"translation":"(එය) නුඹේ පිට තළමින් තිබුණි."},{"id":4,"translation":"තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු."},{"id":5,"translation":"එබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත."},{"id":6,"translation":"සැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත."},{"id":7,"translation":"එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු."},{"id":8,"translation":"තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු."}]},{"id":95,"verses":[{"id":1,"translation":"අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,"},{"id":2,"translation":"සිනායි කන්ද මත ද දිවුරමින්,"},{"id":3,"translation":"අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,"},{"id":4,"translation":"සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු."},{"id":5,"translation":"පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු."},{"id":6,"translation":"විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුනට අවසන් නො වන ප්‍රතිඵල ඇත."},{"id":7,"translation":"ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?"},{"id":8,"translation":"විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නො වේ ද?"}]},{"id":96,"verses":[{"id":1,"translation":"මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු."},{"id":2,"translation":"ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය."},{"id":3,"translation":"නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය."},{"id":4,"translation":"ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය."},{"id":5,"translation":"මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය."},{"id":6,"translation":"නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය."},{"id":7,"translation":"තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය."},{"id":8,"translation":"නියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය."},{"id":9,"translation":"වළක්වන අය ව නුඹ දුටුවෙහිද?"},{"id":10,"translation":"ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)"},{"id":11,"translation":"ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?"},{"id":12,"translation":"නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)"},{"id":13,"translation":"තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?"},{"id":14,"translation":"නියත වශයෙන් ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?"},{"id":15,"translation":"නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු."},{"id":16,"translation":"එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි."},{"id":17,"translation":"එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!"},{"id":18,"translation":"මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු."},{"id":19,"translation":"නොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු."}]},{"id":97,"verses":[{"id":1,"translation":"නියත වශයෙන් ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු."},{"id":2,"translation":"තවද බලගතු රාත්‍රිය කුමක් ද? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":3,"translation":"බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය."},{"id":4,"translation":"මලක්වරු හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වෙති."},{"id":5,"translation":"ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි."}]},{"id":98,"verses":[{"id":1,"translation":"ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නො වූහ."},{"id":2,"translation":"එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය."},{"id":3,"translation":"එහි ඍජු නීති රීති ඇත."},{"id":4,"translation":"තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසුව මිස ඔවුහු වෙන්ව නො ගියෝ ය."},{"id":5,"translation":"තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි."},{"id":6,"translation":"සැබැවින් ම පුස්තක ලත් ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ."},{"id":7,"translation":"සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්‍රේෂ්ඨම මැවීම වනුයේ."},{"id":8,"translation":"ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය."}]},{"id":99,"verses":[{"id":1,"translation":"මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,"},{"id":2,"translation":"මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,"},{"id":3,"translation":"තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි."},{"id":4,"translation":"එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි."},{"id":5,"translation":"සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,"},{"id":6,"translation":"එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි."},{"id":7,"translation":"එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී."},{"id":8,"translation":"කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී."}]},{"id":100,"verses":[{"id":1,"translation":"හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,"},{"id":2,"translation":"කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,"},{"id":3,"translation":"තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)"},{"id":4,"translation":"එවිට එමඟින් උන් දූවිලි නංවති."},{"id":5,"translation":"කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති."},{"id":6,"translation":"නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය."},{"id":7,"translation":"තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ."},{"id":8,"translation":"තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ."},{"id":9,"translation":"එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද?"},{"id":10,"translation":"තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද?"},{"id":11,"translation":"නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය."}]},{"id":101,"verses":[{"id":1,"translation":"කම්පනය ඇති කරන සිදු වීම."},{"id":2,"translation":"කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද?"},{"id":3,"translation":"කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?"},{"id":4,"translation":"එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත."},{"id":5,"translation":"තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත."},{"id":6,"translation":"තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,"},{"id":7,"translation":"ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි."},{"id":8,"translation":"තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,"},{"id":9,"translation":"ඔහුගේ වාසස්ථානය හාවියා වේ."},{"id":10,"translation":"තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?"},{"id":11,"translation":"(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි."}]},{"id":102,"verses":[{"id":1,"translation":"තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත."},{"id":2,"translation":"නුඹලා මිනීවළවල් හමු වන තුරු,"},{"id":3,"translation":"එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත."},{"id":4,"translation":"යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත."},{"id":5,"translation":"එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,"},{"id":6,"translation":"නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත."},{"id":7,"translation":"පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත."},{"id":8,"translation":"තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත."}]},{"id":103,"verses":[{"id":1,"translation":"කාලය මත දිවුරමින්."},{"id":2,"translation":"සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි."},{"id":3,"translation":"නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර."}]},{"id":104,"verses":[{"id":1,"translation":"දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා!"},{"id":2,"translation":"ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි."},{"id":3,"translation":"නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත."},{"id":4,"translation":"එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි."},{"id":5,"translation":"හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?"},{"id":6,"translation":"එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය."},{"id":7,"translation":"එය හදවත් වෙත ළඟා වෙයි."},{"id":8,"translation":"සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි."},{"id":9,"translation":"උස් කුලුනු තුළ (හිරකර)."}]},{"id":105,"verses":[{"id":1,"translation":"නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද?"},{"id":2,"translation":"ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද?"},{"id":3,"translation":"තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය."},{"id":4,"translation":"උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය."},{"id":5,"translation":"එවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය."}]},{"id":106,"verses":[{"id":1,"translation":"කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,"},{"id":2,"translation":"ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන්හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,"},{"id":3,"translation":"මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!"},{"id":4,"translation":"කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහු ය."}]},{"id":107,"verses":[{"id":1,"translation":"විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?"},{"id":2,"translation":"එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි."},{"id":3,"translation":"තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳව දිරි නො ගන්වයි."},{"id":4,"translation":"එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!"},{"id":5,"translation":"ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය."},{"id":6,"translation":"අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය."},{"id":7,"translation":"නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය."}]},{"id":108,"verses":[{"id":1,"translation":"නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු."},{"id":2,"translation":"එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු."},{"id":3,"translation":"නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා."}]},{"id":109,"verses":[{"id":1,"translation":"(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!"},{"id":2,"translation":"නුඹලා නමදින දෑ මම නො නමදිමි."},{"id":3,"translation":"තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය."},{"id":4,"translation":"තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි."},{"id":5,"translation":"තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ."},{"id":6,"translation":"නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය."}]},{"id":110,"verses":[{"id":1,"translation":"අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද,"},{"id":2,"translation":"තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,"},{"id":3,"translation":"නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහුව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය."}]},{"id":111,"verses":[{"id":1,"translation":"අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!"},{"id":2,"translation":"ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත."},{"id":3,"translation":"මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත."},{"id":4,"translation":"(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත)."},{"id":5,"translation":"ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි."}]},{"id":112,"verses":[{"id":1,"translation":"(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය."},{"id":2,"translation":"අල්ලාහ් ස්වාධීන ය."},{"id":3,"translation":"ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය."},{"id":4,"translation":"තවද ඔහුට සමාන කිසිවෙකු නැත."}]},{"id":113,"verses":[{"id":1,"translation":"(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි."},{"id":2,"translation":"ඔහු මැවූ දෑහි හානියෙන් ද,"},{"id":3,"translation":"තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,"},{"id":4,"translation":"තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,"},{"id":5,"translation":"ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)"}]},{"id":114,"verses":[{"id":1,"translation":"(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි."},{"id":2,"translation":"(ඔහු) මිනිසුන්ගේ රජු ය."},{"id":3,"translation":"(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය."},{"id":4,"translation":"කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)"},{"id":5,"translation":"ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි."},{"id":6,"translation":"(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති."}]}]
